New at Little Bit


from Path to Nirvana https://ift.tt/2AyZk0A
🙏 ඇයි භික්ෂූන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ප්‍රීතියෙන් ඉන්නෙ? දවසක් බන්ධනාගාර නිළධාරියෙක් මාව දේශනාවකින් පස්සෙ ආරණ්‍යයට ආපසු ගෙනත් බැස්සුවා. ඔහු බුද්ධාගම ගැන කිසිවක් දැන හිටියේ නැහැ. එන ගමන් මගෙන් අහනවා,

“මෙහෙම අහනවට මට සමාවෙන්න. ආරණ්‍යයට වෙලා මොනවද මේ අය කරන්නෙ?එතන ගෑණු ඉන්නවද?”

මම කිව්වා “නැහැ. ගෑණු උදවිය එතන නැහැ”

“එහෙනම් බීම?, රෑට හොඳට බොනවා නේද”‘

මම කිව්වා “නෑ. අපි මත්පැන් මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ”

“ටෙලිවිෂන් තියනවාද?”

“නෑ අපි ටෙලිවිෂන් බලන්නෙ නෑ”

“ජීවිතයේ ඇති වැදගත්ම දේවල් තුන ඒවා. ඒවා නැතිව මොනවද ඔතනට වෙලා කොරන්නෙ?”

මම කිව්වා ” #අපි_භාවනා_කරනවා. #එයින්_ලැබෙන_සතුට_ඔය_කිව්ව_දේවල්_තුනටම_වඩා_බොහොම_ඉහළයි ” කියලා.

අන්න ඒ නිසයි අපි මහණ ජීවිතයේ රැඳී ඉන්නෙ. විවාහ වීමෙන් ලබාගන්නවාට වඩා, දරුවන් ලැබීමෙන් ලබාගන්නවාට වඩා ලොකු සතුටක් අපි විඳින්නෙ. මම කිව්වා ඔහුට මා දන්න යහළු ස්වාමීන් වහන්සේ නමකට දැනට අවුරුදු විසිපහකට විතර උඩදී උන්වහන්සේගේ දෙමාපියන් තායිලන්තයට ඇවිත් කිව්වා,

“ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දෙන්නම්, සිවුරු ඇරලා අපිත් එක්ක ආපහු යමු” කියලා.

ඔහු එය ප්‍රතික්ෂේප කළා. තවමත් උන්වහන්සේ භික්ෂුවක්. අන්න ඒ නිසයි අපි මහණදම් පුරන්නෙ. මේ අත්මිදීමෙන් ලබාගන්නා සතුට සාමය සඳහායි. එය යොමුකරන්නේ අති උතුම් ප්‍රීතිය වෙතටයි. ඒ නිවනයි. මම බලාපොරොත්තු වෙනවා යම් දිනක ඔබ සියළු දෙනාමත් ඒ ප්‍රීතිය අත්කරගනී කියලා. ඒ වගේම ඔබ දැනගනීවි ඇයි බුදුරජාණන්වහන්සේ සිනාමුසු කියලා.

(උපුටාගැනීම – භාවනාවට දැන් කාලයයි – අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ – පරිවර්තනය භික්ඛු අභය හිමි)

➖ සිත් නිවාලන අරණ ➖