New at Little Bit


from Path to Nirvana https://ift.tt/30VKf3H
…..ගලිගමුවේ ඤාණදීප හිමි. …….. අවුරුදු දහයක් විතර මම බණ කිව්වෙ හරිම අමාරුවෙන් මට පෙනහලු වල දිගු හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ ඇදුම රෝගය. බණට යන්න කලින් නෙබියුලයිස් කරනවා. ඉන්හේලර් දෙකතුනක් තියාගෙන බණ කිව්වෙ. බණ කියද්දී හුස්ම රදවගන්න අමාරුයි නවත්තගන්න බැරි කැස්සක් එනවා. සමහර දවස්වලට පැයක් බණ කියල ඉවරවෙද්දී පපුව හිරිවැටිල. ඉස්සර මම මාස තුන හතරකට සැරයක් රෝහල් ගතවෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. අමාරුවෙන් හුස්ම පාලනය කරමින් බණ කියල බණ ඉවරවෙලා සිහිනැතිව වැටිලත් තියනව.

ඒ කර්මයට මම අභියෝග කලේ “සීල සුව අරණ” හදල. ගිලන් භික්ෂූන්ට අද මම නොමිලේ ප්‍රථිකාර කරන අංගසම්පූර්ණ රෝහලක් බදු මධ්‍යස්ථානයක් ඉතාදුක් මහන්සි වෙලා ගොඩනැගුව. අද නේවාසිකව 35 නමක් විතර ගිලන් භික්ෂූන් ප්‍රථිකාර ලබනව. ගිලන්රථ සහ හතලිස් දෙනෙක් පමණ රෝහල් කාර්ය මණ්ඩලයක් මගේ යටතේ අද සේවය කරනවා. ආයුර්වේද පංචකර්ම ප්‍රථිකාර ක්‍රම බටහිර ප්‍රථිකාර දෙකම සිදුකරනව. ඊට අමතරව මම රෝහල් රැසකට වෛද්‍ය උපකරණ රෝහල් ඇදන් බෙහෙත් වාර්ෂිකව පරිත්‍යාග කරනවා.

නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත් බක්කුල මහරහතන්වහන්සේ නාමයෙන් දෙව් මිනිස් ලෝකයාට අඩි 130 උස චෛත්‍යයක් මම ඉදිකරගෙන යනව. ඒ කර්මයත් මම ජයගත්තා දැන් මට බණකියද්දි ඒ අපහසුතා කිසිවක් නැහැ. දිට්ඨධම්මවේදනීය පිනම තමයි.
අකුසල කර්ම විපාක බලවත් නම් කොච්චර බෙහෙත් බීවත් ලෙඩ හොදවෙන්නෙ නැහැ. හොඳ වෙද්‍යවරු වෙලාවට මුණගැසීමත් පිනක වෙස් වලාගත් ආශිර්වාදයක්.

හිටපු සේනාසන වලින් මාව එලියට දැමීම. ඉන්න ආයතනයක් නැතිව සිවුරු පාත්තර අරගෙන ආරණ්‍ය ගානෙ ඇවිද්ද. පංසල් වලින් ආරණ්‍ය වලින් මාව බාරගත්තේ නැහැ. කුලියට පුංචිගෙයක් අරගෙන තනියම බණකියමින් අවුරුදු තුනහතරක් ටික ටික ආයෙ උස්සහයෙන් නැගිට්ට. දානයක් නැතිව දවසම බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මට කියල ආයතනයක් හදාගන්නෙ නැතිව ඒ අමාරුම කාලෙ බණ කියද්දී ලැබුණු දහම් පරිශ්කාර මුදල් වලින් ගෙදර ගිනිඅරගෙන ඉන්නතැනක් නැතිව සොහොනක හිටපු පවුලකට ගෙයක් හදල දුන්න. අදවෙද්දි මම අසරණ පවුල් වලට ගෙවල් විස්සක් විතර හදල පරිත්‍යාග කරල තියනවා. ඒ පිං වල දිටඨධම්මවේදනීය විපාක අද මට ලැබෙනවා.
නිවන් දකිනකම් සිව්පසයෙන් මට ආයෙ අඩුවක් නම් වෙන්නෙ නැහැ කියල මට ලොකු විශ්වාසයක් තියනවා.

අද මාධ්‍යවල බණකියන ගොඩක් ප්‍රසිද්ධ තරැණ ස්වාමීන්වහන්සේලාට දක්ෂතා මතුකරගෙන ඉදිරියට යන්න මම උදව්කරල තියනවා. ඉගනගන්න පාසල් දරැවන් දසදහස් ගනනකට මම උදව්කරල තියනවා. Colombo Tv මෙත් සදහම් විකාශය තුළින් ගොඩක් දක්ෂ ධර්ම දේශකයන් වහන්සේලාට ඉදිරියට යන්න මම අවස්ථාව හදල දීල තියනවා. දක්ෂයන්ට ඊරිසියා කරල කුහකකම් කරල ඉදිරියට යන්න බැහැ. ඒ විපාක තමන් කරා එනවා. මේ වෙද්දී මම රටවල් තිහකට පමණ වැඩම කරල ධර්ම දේශනා කරල තියනව. අද මා තුල දහම් දැණුමක් තියනවනම් , ධර්ම දේශනා කිරීමේ කුසලතාවයක් තියනව නම් ඒ මම වපුරපු අස්වැන්න. මම කවදාවත් බණකියද්දි අනුන් විවේචනය කරන්නෙ නැහැ. කාවවත් පහත් කරන්නෙ නැහැ. මගේ බණක් නිසා කිසිවෙකුගේ සිතක් නොරිදේවා කියන අදහසින් මම බණ කියන්නේ.

ඔය කිව්වෙ මම කර්මවිපාක වලට පිනෙන් අභියෝග කල ටිකක් විතරයි.

කරැමෙ. කරැමෙ කිය කියා ඉන්නෙ නැතිව. හැදෙන කෙනෙකුට මේ ටික හොදටම ඇති. වැටිච්ච තැනින් නැගිටින්න. කර්මයට අභියෝග කරන්න. ගොඩක් අය අද අපේ බණ ඇහුවට අපි කල කැපකිරීම් දශමයක්වත් දන්නෙ නැහැ.

ගලිගමුවේ ඤාණදීප හිමි.උපුටා ගැනීමක්