New at Little Bit


from Path to Nirvana https://ift.tt/35zBUFI
ඒ පහන් සිල අද නිවීගියේ ය. සැබවින්ම තෙලුත් වැටිත් අවසන්ව නිවීයන්නට ඇත. වසර තිහකට අධික කාලයක් මහා වනාන්තර තුළ ධර්මාවබෝධය පිණිස උන්වහන්සේ කල අදහාගත නොහැකි කැපකිරීම් දන්නේ මිනිසුන් අතර ඉතා සුළු පිරිසක් බව අප දනිමි. උන්වහන්සේ ගැන තරමක් හෝ දන්නේ මහා වනාන්තර වල දිවිදෙවනි කොට වීර්යය වැඩූ මහා සඟරැවන පමණි ..
රාජ්‍ය ගෞරව නැතිවේවි…
ශෝක දින නැති වේවි ….
මාධ්‍ය ආවරණ නැතිවේවි..
දින ගනනක් මහා ජනගංගා නැතිවේවි …
නමුත් දසදහසක් ලෝකධාතූවෙහි දෙව්බබුන් සාදුකාර දෙමින් අහස්කුස පිරී වන්දනා කරාවි….
ජීවිතයේ දෙවතාවක් මාහට ද උන්වහන්සේව සියසින් දැකබලා වන්දනාකර ගැනීමට ද. පැයක පමණ කාලයක් ධර්ම කරැණු සාකච්ඡා කිරීමට ද භාගය උදාවිය. ඒ ලග්ගල මහ වනයේ ද්‍රි ය..
ලක්මව මත වැඩසිටි උතුම්ම සඟ රැවන අද නිවීගියේ ය…
සියලු සංස්කාරයෝ අනිත්‍ය ය ම ය…
සාදු…සාදු…සාදු…
දුරු රටක අද වැඩසිටිය ද ඒ දෙසට හැරී වන්දනා කරමි..
බුදු සසුන සෝභමාන කල මෙකල නිවීගිය මහා යථිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා….