New at Little Bit


from Path to Nirvana https://ift.tt/39wOZS6
මෙතුමිය රජගහ නුවර අභිරූපමත් කාන්තාවක් වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූප සෝභාව නිසාම ඇය සියළු රජ දරුවන්ට පරිභෝගයට ගැනීමට ගණිකාවක් කොට තබන ලදි. ඇය මෙසේ බෙහෙවින් ම පරාදීන වූ ජීවිත වෘත්තියක නියළීමට හේතුව මෙසේ දත යුතු ය. මෙතුමිය පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදිව මනාව බඹසර ආරක්ෂා කල අතර එක් දිනක් රහත් භික්ෂුණියකට ”ගණිකාව” යැයි ආක්‍රෝෂ කළ පවින් නිරයෙහි පැසී පසුව මෙ කල, මෙසේ පරාදීන පහත් ජීවිතයක් ලැබුවා ය. කාශ්‍යප සසුනේ බඹසර රැුකි පිනෙන් විශිෂ්ඨ රුප සම්පත්තියක් ලැබුවා ය. පසුව දුතේන උපසම්පදාව ද ලබා සසුනේ පැවිදිව රහත් වූවා ය.

(අපදාන පාළියෙහි අඞ්ඪකාසි ථේරි අපදානය)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

#PathtoNirvana #Karma #Buddhism