මෛත්‍රී භාවනාවේ අනුසස් ———————————————- 1.සුවසේ න…

මෛත්‍රී භාවනාවේ අනුසස්
———————————————-
1.සුවසේ නිදීම
2.සුවසේ පිබිදීම
3.නපුරු සිහින් නොදකිම
4.මිනිසුන්ට ප්‍රිය වීම
5.අමනුස්සයන්ට ප්‍රිය වීම
6.දෙවියන් විසින් රකිනු ලැබීම
7.ගින්නෙන්,වස විසින් හෝ ආයුධවලින් කරදර නොවීම
8.මුහුණ පැහැපත් වීම
9.සිත වහා සමධිගතවිම
10.සිහි මුළානොවී කලුරිය කිරීම
11.මරණයෙන් මතු භ්රක්මලෝකයේ ඉපදීම

“මහණෙනි, පෙර කල්පයක, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.

මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, තිස් හත් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.

නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.”

—————————————-
එක් මොහොතක් හෝ අනිත්‍ය භාවනාව වැඩීම මෛත්‍රී භාවනාවටද වඩා ඉතා උසස්ය. මොහොතක් පාසා සියලු රුප, ශබ්ද ආදිය අනිත්‍ය වී යන ආකාරය පිලිබඳ දල අදහසක් කර ගැනීමට ‘දහම් ඇස’ පොතෙහි අවසන් පරිච්චේදය කියවන්න ->