Monthly Archives: September 2014

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් දහයක් ලැබුණු බව දක්වා…

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් දහයක් ලැබුණු බව දක්වා ඇත.

▶ සුවඳවත් සිරුරක් ඇත්තෙකු වේ.
▶ කීර්තිමත් ජීවිතයක් ලැබේ.
▶ යසස් ඇත්තෙකු වේ.
▶ වහා වැටහෙන නුවණක් ලැබේ.
▶ තීක්‍ෂණ නුවණ ලැබේ.
▶ භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.
▶ හාසු පඤ්ඤ නුවණ ලැබේ.
▶ ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.
▶ විපුල වූ නුවණ ඇත්තෙකු වේ.
▶ ජවන ප‍්‍රඥාව ලැබේ.

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර ඉපිද රජතුමා ගේ මාළිගයේ දොරටු පාලකයෙකු ලෙස සේවය කරන කාලයේ එම බුදුරජුන් ගේ පියා වූ ආනන්ද මහ රජතුමා, තම නුවර දී වෙන කිසිවෙකුට අවස්ථාවක් නොදී බුදුන් ප‍්‍රමුඛ මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. රජු හා කුඩා කල සිට මිතුරන්ව සිටි හෙයින් රජුගෙන් ලද වරයක් සඳහා බුදුන් ප‍්‍රමුඛ මහා සංඝයාට දන් දීම පිණිස අවස්ථාවක් ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින ලදි. මෙයට අකමැති වූ රජු පසුව අධිකරණ විනිශ්චයකින් ලබා දුන් තීන්දුව මත නො කඩවා මාස තුනක් බුදුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථානය සඳහා මොහුට ඉඩ සලසා දෙන ලදි. මේ ලද අවස්ථාවෙන් නො කඩවා තුන් මසක් මුළුල්ලේ බුදුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළ පිනින් මේ තරම් අනුහසක් ලැබ අවසානයේ ගෞතම බුදුසසුනේ දෙවියන්ට ප‍්‍රිය වූවන් අතර අග තනතුරද ලබන ලදි. එබැවින් සත් පුරුෂයෝ තැම්පත් සිතින් යුතුව ම කුසල කර්ම කරත්වා.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

(අපදාන පාලිය පිළින්‍දිවච්ජ අපදනය)

මතු සම්බන්ධයි!
——————————————————————-

මෙවැනි බොහෝ ධර්ම කරුණු අඩංගු “කර්ම විපාක” නමැති වටිනා පොතෙහි පිටපත් ඔබටත් ලබාගෙන නොමිලේ තරුණ පිරිස් අතර බෙදා දීමේ අවස්ථාව දැන් ඇත. ඒ සඳහා පිවිසෙන්න ->

ඔබ අනාගතයේ සැප පිණිස ආයෝජනය කිරීමට කැමතිනම් හැකිතාක් පින් රැස් කරන්න, පවින් වළකි…

ඔබ අනාගතයේ සැප පිණිස ආයෝජනය කිරීමට කැමතිනම් හැකිතාක් පින් රැස් කරන්න, පවින් වළකින්න, සිත පිරිසිදු කරගන්න.

ලෝකයේ පහළවන බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට…

ලෝකයේ පහළවන බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට කරන්න පුළුවන්කම තිබෙන්නේ් කල්‍යාණ මිත්‍රත්වයෙන් ඒ ධර්මය කියා දීම. ඒ ධර්මය අසා හිතේ රඳවා ගන්න එක ඒ අරුත් විමසන එක, අරුත් විමසමින් ධර්මය පිළිබඳව පහදින එක, පැහැදීමට අනුව හැසිරෙන එක තම තමාට පැවරෙන යුතුකමක්. වගකීමක් වෙනවා.

මෙලොව පහලවූ තුන්ලෝකාග්‍ර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මූලික අධිෂ්ඨානය, අපේක්ෂාව වන්නේ සියලු සම්පත් අත්හැර මේ සංසාර සාගරයෙන් එතෙර වීම. ඉන්පසු පරම අපේක්ෂාව බලාපොරොත්තු වූයේ දුක් විඳින සත්ත්වයා භයානක සංසාරයෙන් එතෙර කරවීම ම යි. බුදු පදවියට පත් වන උන්වහන්සේලා ලෝක සත්ත්වයා මේ සංසාර සාගරයෙන් එතෙරකරවීම සඳහා නිරන්තරයෙන්ම උත්සාහවත් වෙනවා. මහන්සි ගන්නවා.

නමුත් උන්වහන්සේට ඒ වුවමනාව අපේක්ෂාව තිබුණත් ඒ බලාපොරොත්තුව අදහස සඵල කර ගන්නට ලැබෙන්නේ නැහැ. නිවන් දකින මාර්ගය ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැක්වුවත් ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීම සඳහා උපකාරක ධර්මතා ඇති සෝතාපන්න අංග දේශනා කර තිබෙනවා. ඒ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, හා ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර. මේ අංග හතර තව තැනක අංග දෙකක් ලෙසද කෙටි කොට දක්වා තිබෙනවා. එසේ අංග දෙකක් ලෙස දැක්වුවත් එහි සැඟව තිබෙන්නේ ඒ අංග හතරම යි. මේ අංග හතර ගැන අප කථාකළේ ලොවුතුරු බුදුරජාණන් වහන්සේලාට බොහෝ දෙනා සතර සාගරයෙන් එතෙර කරවන්නට මේ අංග හතරෙන් කරන්නට පුළුවන් කොටසක් තිබෙනවා. ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් සමීප වෙන්න පුළුවන්. දැනගත යුතු, අසාගතයුතු ධර්මය දේශනා කරන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුගේ නුවණ මනස ධම්මානුධම්මපටිපදාව මෙහෙයවන්න බැහැ. එය තම තමා සතු කාර්යක්. එනිසයි උන්වහන්සේ දේශනා කළේ මා මාර්ගය පෙන්වන්නම්. ක්‍රියාව නුඹලා සතුයි කියා. යෝනිසෝමනසිකාරය හා ධම්මානුධම්මපටිපදාව වැඩපිළිවෙල තමන් සන්නකයි.

ලෝකයේ පහළ වන බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට කරන්න පුළුවන්කම තිබෙන්නේ් කල්‍යාණ මිත්‍රත්වයෙන් ඒ ධර්මය කියා දීම. ඒ ධර්මය අසා හිතේ රඳවා ගන්න එක ඒ අරුත් විමසන එක, අරුත් විමසමින් ධර්මය පිළිබඳ පහදින එක, පැහැදීමට අනුව හැසිරෙන එක තම තමාට පැවරෙන යුතුකමක්. වගකීමක් වෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේලාට මුළු ලෝකයාටම නිවන් අවබෝධ කරවීමට පුළුවන්කමක් නැහැ. අප සතුවත් යම් යම් හැකියාවන් තිබෙන්නට ඕන. අප ළඟත් අවම හෝ සුදුසුකම් ටික තිබුණොත් පමණයි ඒ හැකියාව බුදුරජාණන් වහන්සේට ඉෂ්ඨ කරන්න පුළුවන්කම තිබෙන්නේ. උදාහරණයක් ගත්තොත් කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේගේ හුඟාක් බණ ඇසුවා. කොසොල් රජතුමාට විශේෂ ධර්ම දේශනා කළා කෝසල සංයුක්තිය නමින්. නමුත් සත්පුරුෂ ඇසුර, සද්ධර්මය ශ්‍රවණය හොඳින් සිදුවුවත් ඉතිරි කාර්ය කොසොල් රජතුමාට මොනයම් හේතුවකින් හෝ කර ගන්නට බැරිවුණා. ඒ නිසා කොසොල් රජතුමාට සෝතාපත්තියේවත් පිහිටන්නට නොහැකි වූවා. එහෙමනම් පැහැදිලියි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අංග දෙක කෙනෙකුට ලැබුණොත් තමා ළඟ තිබිය යුතු සුදුසුකම් නො තිබුණොත් බුදුවරුන්ටත් පිහිටවිය නොහැකි බව. ඒ සුදුසුකම් ටික නොමැති අයට සුදුසුකම් සපුරාගන්නට සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයට අවශේෂව දාන, සීල, භාවනා නමින් ත්‍රිවිධ පුන්‍ය ක්‍රියාවක් දේශනා කරන්නේ.

ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනක් කිරීම නොව පිනක් කිරීමට සිතීම පවා වටිනා බව. දන් පැන් පිළිවෙල කරවා ප්‍රතිග්‍රාහකයින් වැඩමවා දීම පමණක් නොව යමෙකුට පුළුවන්නම් මනෝමයෙන් දන්සල් ඉදිකර බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැඩමවාගෙනවිත් උන්වහන්සේලාට සුදුසු ඒ ඒ අසුන්වල වඩා හිඳුවා ප්‍රනීත ආකාරයෙන් දම් පිළිගන්වලා ඒවා උන්වහන්සේලාගේ පාත්‍රවලට පූජා කරමින් නොයෙක් නොයෙක් පුද පූජාවන් මනෝමය වශයෙන් සිතන්න පුළුවන්නම් තථාගතයන් වහන්සේ වදාළා පිනක් කිරීම නොව මෙබඳු පිනක් කරන්න ඕනෑමය කියලා සිතන සිත පවා වටිනවා කියා. එක තැනක උන්වහන්සේ වදාළා මහණෙනි, පිනට බය වෙන්න එපා.’සුඛස්සේසං අධි වචනං’ පින කියන්නේ සැපයට කියන නමක් කියලා. පින කියන්නේ සැපයට යි. සැපය කියන්නේ පිනට යි. එනිසා වැස්ස නැවත නැවත වසිනා සේ, කිරිබීමට ගවදෙන වෙත පැටියා නැවැත නැවත දුවන්නා සේ, ගොවියා නැවැත නැවත කෙතට බසින්නා සේ උපන් මනුස්සයා විසින් නැවත නැවත පිනෙහි කුසලයෙහි යෙදිය යුතු බව.

තථාගතයන් වහන්සේ මහ චත්තාලිසාකාර සූත්‍රයේ දේශනා කොට තිබෙනවා මේ පුණ්‍ය ප්‍රතිපදාව ඇතුළත් ලෞකික මාර්ගයක් පිළිබඳව. ඒ ලෞකික මාර්ගය අවසන් වියයුත්තේ ලෝකෝත්තර මාර්ගය උපදවාගෙන. ඒ දිසාවට යන්න ඊට උපකාරක වැඩපිළිවෙළක් ඕන. ඒ අනුව ඒ පුන්‍ය ප්‍රතිපදාවේ මුල් අංගයට පත්කළේ සම්මා දිට්ඨිය යි. ඒ සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ලෞකික මඟ සම්මා සමාධිය යන තැනින් අවසන් වෙනවා. ඒ මාර්ගය තුළ තිබෙනවා සතර අපාය, ඉක්මවා මනුස්ස ලෝකය, මනුස්ස ලෝකය ඉක්්මවා සදෙව් ලෝකය, සදෙව් ලොව ඉක්්මවා රූපි බඹ ලොවද, රූපී බඹ ලොව ඉක්මවා අරූපී බඹ ලොව ද දක්වා ගමන් කිරීමේ හැකියාව පුද්ගල සංකල්පය දකින්නට ලැබෙනවා. උන්වහන්සේ පුණ්‍ය ප්‍රතිපදාවන් දේශනා කළේ පුද්ගල සංකල්පය මත. පුද්ගලයෙකු මිනිස් ලොව, දෙව්ලොව, බඹලොව රදවන්න නොවේ. මේ පුන්‍ය ප්‍රතිපදාව තුළත් මූලිකත්වය ලැබෙන්නේ මනසටම යි. ‘මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා’ මොනම ආකාරයකින්වත් බුද්ධ දේශනාව මනසට මූලිකත්වය නොදී සලකන්නට ඉඩක් නැහැ. ඒක මනස මූලික කරගෙන එන දේශනාවක්. එනිසා මේ පුන්‍ය ප්‍රතිපාදව ගැන සලකන විට ලෝකයේ හැමදාම සතර අපායෙන් මිදෙන සුගතිගාමී වෙන වැඩපිළිවෙලක් ලෝකයේ තිබුණා කියලා. බෝසත් අවධිය ගැන කල්පනා කරලා බැලුවත් බෝධි සත්ත්වයන් වහන්සේ මෙලොව පහලවන අවධිය ගැන කල්පනා කර බැලුවත් මෙලොව පිළිසිඳ ගන්න දවසේ මව් දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියා. ගුණ පුරන අය සමාජයේ එදා සිටියා. මැති ඇමැති සමාජයේත් පෙහෙවස් සමාදන් වන අය සිටියා. ඊට එහාට ගිය සාමාන්‍ය සමාජයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යෝගාවචර ජීවිත ගතකළ අය අපට දකින්නට ලැබෙනවා. රජ ගෙදර රාජශශ්‍රීයෙන් සිටිමින් ද රජුට රුසි වූ ආචාර වූ අසිත කාලදේව නමින් ප්‍රකට මේ ආචාරතුමා පවා සියලු සම්පතින් වෙන්වෙලා මනස හිත වඩන යෝගාවචර ජීවිත තුළ රැෙඳන බව පෙනෙනවා. ආලාරකාලාම, උද්දකාරාම වැනි තවුස්වරු සතර පෙරනිමිති ගැන කල්පනා කිරීම මේ කාමභෝගි ජීවියෙන් වෙන්ව මේ මානසික සුවය හොයාගෙන යන බවට සාක්ෂි ඕන තරම් තිබෙනවා.

එදා ඒ දාන, සීල, භාවනා පුණ්‍ය ප්‍රතිපදාව ලෝකයේ තිබුණා. ඒ තිබුණ නිසයි ආලාරකාලාම, උද්දකාරාමපුත්ත , අසිත කාලදේවල වැනි මෙහි සඳහන් වන ධන්‍යලාභී සෘර්ධිලාභී සමාපත්තිලාභි තවුස්වරු ගැන හමුවෙනවා. මේ ශාසනය තුළ දාන, සීල, භාවනා තිබෙනවා. හැබැයි මේ ශාසනය තුළ ඒ වැඩපිළිවෙල ඊට වඩා අර්ථයක් ඇතුව ඊට වඩා ගැඹුරු අරමුණක් ඇතුව කළයුතු ක්‍රියාවක් ප්‍රතිපදාවක් වෙනවා. නමුත් ඒවා අප සමාජයෙන් අතහැරි ගොස් තිබෙනවා.

තෙරුවන් සරණයි!

පිටිගල ගුණරතන හිමි

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සද්ධාතිස්ස මහරජුගේ කථාව මෙසේ අසන්නට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ බොහෝ සත්පුරුෂ…

සද්ධාතිස්ස මහරජුගේ කථාව

මෙසේ අසන්නට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ ඉතා සූභික්ෂ වූ සිංහල ද්වීපයෙහි සද්ධාතිස්ස නම් රජෙක් රාජ්‍යය කරවීය. සිංහාසනගතව විවේකයට පැමිණ නීවරණයෙන් දුරුවූ සිතැති ඒ රජුට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. බුදුරදුන් විසින් සංයුක්ත නිකායේ දේවතා ප්‍රශ්නයකදී පිරිසිදු දානය වර්ණනාකරමින් ඇතැම් කෙනෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති; දඬුවම් සහිත වූ හැඬූ කඳුලෙන් යුත් ඒ දානය සම පැවැත්මෙහි පිහිටා දුන් දානය හා සමබවට නොපැමිණේ”යයි දෙසන ලදී. මා උතුම් වූ පිරිසිදු වූ මහත් අනුහස් ඇති දානයක් දෙන්නෙමි නම්, විෂමදානය දුරු කොට සමාදානයක් දෙන්නෙමි නම්, බුදුන් විසින් පසස්නා ලද සිය කය වෙහෙසීමෙන් දානයක් දෙන්නෙම් නම් යෙහෙකැයි සිතා සිය මෙහෙසිය අමතා සොඳුර, දැන් ශස්‍යකාලයයි; ශස්‍ය පැහී ඇති බැවින් බොහෝ දෙන තුමූ ම ගොයම් කැපීම කරත් මමත් කසාවත් හැඳගෙන දෑකැත්ත ගෙන ඇල්කෙත්වල ට ගොස් ඇල්ගොයම් කපන්නෙමි.

ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යඤ්ජන සහිත කොට සංඝයාගෙන් ලබාගත් භික්ෂූ නමකට දන් දෙන්නෙමි. ඉදින් සංඝයාට දෙන්නෙම් නම් ඒ දානය බුදුරදුන් විසින් වර්ණනා කරන ලදී. මම එ දානය දීම සඳහා බැලමෙහෙකරන්නෙමි යි කීය. මෙසේ එම කාරණය දේවියට කියා රැයින්ම නැගිට පිටත ගොස් මහ මග සිටගෙන යන එන මිනිසුන්ගෙන් විචාළේය. මහ මග සිටි ඔහු දැක එක් ගෘහපතියෙක් සතුටු සිතින් ඔහු වෙත ගොස් මෙසේ විචාළේ ය. ඔබගේ අත් පා සිවු මැලි වෙත්, ශරීරයද සුවසේ වැඩුණකි. මිත්‍රය ඔබ තනිව කුමකට මෙහි සිටිනෙහි ද? “මිත්‍රය , මම කම්කරුවෙක්මි. දවස් කුලියට වැඩකරව. එසේ කොට යමක් ලබන්නෙමි නම් එය ගෙන යමි” යි රජ කීය. මා විසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්නා ලදී. මේ ශරීරය රජකම් කිරීමට සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යයි කී ගෘහපතියා කවරෙක් හෝ වේවා, කුඹුරක ගොයම් කපන්ට හැකිදැ’යි විචාළේ ය. එසේය, හැකියයි කී විට “එහෙනම් යමු” කියා ඔහු සමඟ ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයම් කපවයි කීය. එය පිළිගත් ශක්තිමත් රජ ශ්‍රද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ වැඩ කෙළේ ය. එයින් සතුටට පත් කුඹුරු හිමියා ඔබට යම් පමණ ගොයම් ගෙන යා හැකිනම් එපමණ ගත මැනවැයි කීය.

රජතෙම මහත් ගොයම් මිටියක් බැඳ තබා රාත්‍රී කාලයෙහි රජගෙට ගෙන ගොස් එහි තැබීය. රාජදේවිය ඔහු උණු වතුරෙන් නාවා අත් පා මැඩීම කළාය. ඉක්බිති රජ හා දේවිය එක්වී ගොයම් මැඩ පිදුරු ඉවත දමා රජ තෙම දේවියට මෙසේ කීය. “ මේ ධාන්‍යවලින් කළ යුතු දෙය කරනු මැනවි. රජගෙය තුළට කිසිවකුට පැමිණෙන්ට ඉඩ නොදෙව“.

ඕ තොමෝ යහපතැයි කියා රජුගේ කීම පිළිපදිමින් දහයියා හා කුඩු ආදිය ඉවත් කොට ඇතැම් සහල් විකුණා ඒ මුදලෙන් සතුරු ගිතෙල් කැවුම් ආදිය ගෙන එක් නමකට සෑහෙන දානයක් පිළියෙළ කොට රජුට දැන්වීය. රජතුමා දාසියක් අමතා “තී වහා සංඝයා සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂුනමක් ලබාගෙන එවයි” කීය.

පුවඟු දිවයින වැසි තිස්ස තෙර මේ කීම දිව කනින් අසා එක්තරා භික්ෂු නමක් අමතා ‘ඇවැත්නි’ තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහ රජ බැලමෙහෙ කොට එක් භික්ෂූ නමකට දානය පිළියෙළ කරයි. හෙතෙම එය සංඝයාට දෙනු කැමතිව දැන් දාසිය විහාරයට පිටත් කළේ ය. ඒ දානය පිළියෙළ කළ රජු විසින් දුෂ්කර දෙයක් කරන ලදී. එය පෘථග්ජනයෙක් අනුභව නොකෙරේවා. ඔබ තාම්‍රපර්ණියට ගොස් එහි අසුන්හලෙහි වැඩිමහලු පිළිවෙළින් සිටිනු මැනවි. ඔබට ඒ සීට්ටුව ලැබෙන්නේ ය’යි කීය. ඒ භික්ෂු නම “යහති ස්වාමිනි” යි කියා අහසට නැග තාම‍්‍රපර්ණියෙහි බැස පාත්‍ර සිවුරු රැගෙන අසුන්හලට ගොස් වැඩිමහලු පිළිවෙළින් සිටියේය. රජුගේ දාසිය ආරාමයට ගොස් ආරාධනා පිළිගන්නා තෙරුන් වෙත පැමිණ කාරණය දැනුම් දී භික්ෂුනමක් ලබාගෙන ආවේය. රජතුමාත් දේවියත් ඉදිරියට අවුත් වැද රජ තෙම පාත්‍රය ගෙන ඒ ආහාරයෙන් පාත්‍රය පුරවා පාත්‍රයට යටින් වස්ත්‍රයක තබා අතිශය ගෞරව දක්වා භික්ෂුනමට ඒ පාත්‍රය දුනි. භික්ෂුනම පිණ්ඩපාතය රැගෙන මෙසේ කීය. මේ දානය සම්පූර්ණයි. ආසනයක් නො ලබන්නා වූ මම කැමැති තැනකට යන්නෙමි. මහරජ, අධික පැහැදීම නොකළ මැනවි. මධ්‍යස්ථ වෙව. අධික පී‍්‍රතියෙන් යුත් සිත දරාගන්ට අපහසු වෙයි.”

මෙසේ කියා ඒ භික්ෂුනම අහසෙහි පක්ෂියෙකු මෙන් ගමන්කොට ඒ දානය සංඝයාට පිළිගැන්වීය. ඒ ආහාරය දහතුන් දහසක් භික්ෂූන්ට ප්‍රමාණවත් විය. දී ඉතිරි වූ දෙය ඒ භික්ෂුනම වැළදී. රජ තෙම දක්ෂිණාර්හයන් සේ ගුණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක මහත් පැහැදීමක් ඇති කොට මානසික සැපයට පත්විය.

ඉක්බිති ඒ රජුගේ මරණාසන්න කාලය පැමිණි විට ධර්මකථිකයෝ “මහ රජ තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවැ’යි කීහ. රජතෙම මෙසේ කීය. මා විසින් මිණිමුතු යෙදූ බොහෝ බුද්ධ රූපාදිය රනින් කරවන ලදී. ධර්මය කෙරෙහිත් සංඝයා කෙරෙහිත් මා කළ පින් විවිධාකාරය. තුදුස්වකදා ද පසළොස්වක් – අටවක් දිනයන්හිදී ද මා විසින් මනාසේ අටසිල් රකින ලදී. නමුත් මේ සියල්ල පරදවා එක් භික්ෂූනමකට දුන් දානය මට පෙනෙයි. මෙසේ නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ දෙව්මිනිසුන් විසින් උසස් තැන තැබූ ආර්ය සංඝයා අතරෙහි වූ ආර්ය පුද්ගලයකුට දන් දී තුසිත භවයට ගියේ ය. ඒ රජ අප්‍රමේය වූ අනන්ත වූ සැපයක් ලැබුවේය. මේ මහජනයාද ඒ රජු මෙන් ජරා මරණ නැති ක්ෂයවීම් නැති ශෝක නැති උතුම් සැපය ලබනවා.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

Janaka Design