Monthly Archives: January 2015

අපි ආදරය රාගය නිසා යම් දුකක්, තැවීමක් විඳීනවා නම් ඒ අපගේ මෝඩකම නිසයි. මුලාවෙන්,…

අපි ආදරය රාගය නිසා යම් දුකක්, තැවීමක් විඳීනවා නම් ඒ අපගේ මෝඩකම නිසයි. මුලාවෙන්, මෝඩකමින් මිදීමට කායානුපස්සනාව වඩමු.

මැතිවරණයක සැඟවුණු මාරධර්ම ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ…

මැතිවරණයක සැඟවුණු මාරධර්ම

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක්‌ තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක්‌ වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක්‌ දක්‌වා අඩුවෙන්න අවුරුදු දස ලක්‍ෂයකට වැඩි කාලයක්‌ ගතවෙනවා. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක්‌ වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්‍ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්‌ද.

දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක්‌ දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්‌ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්‌වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා.

ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක්‌ ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්‌ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික සමාජීය යුතුකමක්‌ ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්‌ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක්‌ වන නිසා.

සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්‌කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්‌වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්‌ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්‌ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්‍ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්‍ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්‍ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න.

මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්‌ඨාශ දෙකක්‌ තිබෙනවා. සුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්‍රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්‍රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක්‌ පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්‌ඨියට පත් සුර පක්‍ෂයේ බලය ශක්‌තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්‍ෂික බලය ශක්‌තිමත් වෙනවා.

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක්‌ සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක්‌ නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් කෙරෙන යුද්ධයක්‌ වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්‍ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්‍ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැලැල් ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්‍රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා.

පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්‌තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්‌ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ඛේදවාචකය අර්ථයයි. මාරපාක්‍ෂික අසුර කොටස්‌ නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැඩෙන දිශාවට, පෝෂණය වන දිශාවට යානොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්‌ම, මේ මාරපාක්‍ෂික ධර්මයන්ගේ හැඩරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට බරපතල අනතුරක්‌ වෙන්න පුළුවන්. මේ මාරපාක්‍ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්‌තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්‌ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්‌තිය තුළින්ම නිසා.

දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්‌මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක්‌ වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්‌ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්‌ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලයේ, එක්‌ වස්‌ සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක්‌ ස්‌වාමීන්වහන්සේලාට පිණ්‌ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක්‌ මුගලන් මහරහතන් වහන්සේ , තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක්‌ කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්‌වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්‍ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්‌කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් පිණ්‌ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්‌ඩපාතය පිළිගන්න කියලා. ස්‌වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා.

අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක්‌ සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීඩාකරන්න, පිණ්‌ඩපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්‌වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක්‌ බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ ‘හපන්කමත්’ කළාට පස්‌සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීඩා කරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, උසසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසෙතෙක්‌ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා.

ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වඩමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක්‌ අප ඉදිරියේ ඇත.

උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්‌ථාවක්‌ හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක්‌ නිත්‍යානුකූලව රාජ්‍ය බලය භුක්‌තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජෝතිෂ්‍යයයි. ජෝතිෂ්‍යය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත් , තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්‌චීන ධර්මයක්‌ වන ජෝතිෂ්‍යය කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්‌වෙන්නේ මිථ්‍යාදෘෂ්ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණය පැවැති කාලයම මාරාවේශයෙන් පීඩාවට පත්වූ මාසයක්‌ බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්‌ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයෑම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා, මඩගසා ගත්තා. ස්‌වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්‌කරගත්තා. තමන් මාරාවේශයකට ලක්‌වූ අයෙක්‌ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්‌කොට, මේ සියළුකොටස්‌ මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්‌සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්‍ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක්‌ නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක්‌ පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක්‌ නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක්‌ නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක්‌ වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්‌කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මතාවයක්‌.

(මෙය පිංවත් ස්‌වාමින්වහන්සේ විසින් සපයන ලද විශේෂිත ලිපියකි. කාලයේ අවශ්‍යතාව මත මෙම ලිපිය මේ මොහෙතේම පළ කිරීම සුදුසු බවට අවවාදයක්‌ද ඒ සමගින්ම විය. එබැවින් එය මෙසේ පළකරමු. මෙම ලිපියේ අනෙක්‌ කොටස ලබන සතියේ පළවේ)

මැතිවරණයක සැඟවුණු මාරධර්ම ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ල…

තථාගතයන් වහන්සේ විසාලා මහනුවර කූඨාගාර ශාලාවේදී මේ දේශනය වදාළා. මජ්ක්‍ධිම නිකායේ…

තථාගතයන් වහන්සේ විසාලා මහනුවර කූඨාගාර ශාලාවේදී මේ දේශනය වදාළා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයත් සූත්‍ර දේශනාවක්.

සච්චක කියලා කියන්නේ නිගණ්ඨ පුත්‍රයෙක්. ඔහු විසාලා මහ නුවර වාසය කළා. බොහොම පණ්ඩිත දක්ෂ ලෙස තර්ක කරන්නට සමත් ජනතාව අගය කළ අයෙක්.

මෙහි වාද පන්සිය බැගින් උගත් නිගණ්ඨ යුවළක් සිටියා. මේ අය සෑම තැනම ගිහින් වාද කරමින් එම වාද ජයග්‍රහණය කරමින් සිටියා. ඒ වාද කිරීම එක්තරා විදිහක තර්ක ශාස්ත්‍ර ක්‍රමයක්. මෙහෙම වාද කරමින් ඇවිදගෙන යන අතරේ ඔවුන් විසාලා මහ නුවරටත් පැමිණියා. විසාලා මහ නුවර වැසියන් සමඟත් වාද කරමින් යන විට වාදයට බොහොම දක්ෂ අය කියන කීර්ති නාමය මේ අය ගැන පැතිරුණා. වාදයට බොහොම දක්ෂ මේ අය සමග තර්ක කරලා දිනන්න නම් බැහැ ආදී වශයෙන් මේ යුවල ගැන කතා පැතිරුණා.

ඒ කාලයේ විසාලා මහ නුවර රජකම් කළේ සුවිශේෂ රජ දරුවන් කට්ටියක්. ඒ ලිච්ඡවී රජ දරුවන්. ඉතින් මේ ලිච්ඡචීවන්ටත් ආරංචි වුණා මේ අය ගැන. ඒ අය මේ යුවල ගෙනවිත් නිවාසයක් දී මින් පස්සේ කොහේවත් ගිහින් වාද කරන්න එපා. මේ ශාස්ත්‍රය මේ ජනතාවට අපේ රජ දරුවන්ට කියා දෙන්න කියා ඒ අයට වරප්‍රසාද දුන්නා. මේ දෙපළට දරුවන් පස් දෙනෙක් ලැබුණා. එයින් හතර දෙනෙක්ම දියණියන්. එක් අයෙක් පුතෙක්. මේ බාලම පුතාගේ නම සච්චක. මේ දියණියන්ටත් හොඳින් වාද කරන්න මේ මාපියන් ඉගැන්වූවා. දවසක් මේ මව්පියන් අර දියණියන්ට කිව්වා අපිට මීට වඩා ඔයාලාව පෝෂණය කරන්න බැහැ. ඒ නිසා ඔයාලා තැනින් තැන ගිහින් වාද කරන්න. කෙඳිනක හෝ ඔබලා කාගේ හෝ වාදයකින් පැරදුණොත් ඒ අයගේ අනුගාමිකයෙක් වෙන්න. හාමුදුරුවන් සමග වාද කරලා පැරදුණොත් එහිම මහණ වෙන්න.

මේ දියණියන් තැනින් තැනට යනවා. දඹකොළ අත්තක් අරගෙන ගිහින් එය පොළොවෙහි කොතැනක හෝ සිටුවලා කියනවා මේ අත්ත යම් කෙනෙක් ගැළවුවොත් ඒ අය අපිත් සමග වාද කරන්න සූදානම් කියලා අපි හිතනවා. ඒ නිසා පුළුවන් කෙනෙක් සිටිනවානම් මේ අත්ත ගලවන්න කියලා. දිනක් සැරියුත් තෙරුන් පිණ්ඩපාතයේ වඩින විට මේ සිද්ධිය දුටුවා. උන්වහන්සේ අසල සිටි අයෙකුට වදාළා ඔය අත්ත ගලවලා අයින් කරන්න කියලා. එවිට අර සහෝදරියන් දැන ගත්තා තමන් සිට වූ අත්ත ගැලවූයේ සැරියුත් මහ රහතන් වහන්සේ බව. උන්වහන්සේ සමග වාද කිරීමට මේ පිරිස ආවා. මේ හතර දෙනාම ප්‍රශ්න ඇසුවා. හතර දෙනාටම උන්වහන්සේ පිළිතුරු දුන්නා. පසුව උන්වහන්සේ මේ අයගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවා. ඒ තමයි ‘’ඒක නාම කිං?” කුමක්ද ඒක නාම කියන්නේ. මේ හතරදනා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න දැනගෙන හිටියේ නැහැ. ඒ ප්‍රශ්නයට උත්තරය තමයි සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝය කියන එක. අර පිරිස වාදයෙන් පැරැදුනා.

ඉන් පස්සේ අර සච්චක කියන නිගණ්ඨ පුත්‍රයා මිනිසුන් මැදට ගිහිල්ලා කියනවා මාත් සමග වාදයට සමතෙක් මේ ලෝකයේ ඉන්නවානම් මේ අභියෝගය බාර ගන්න කියලා කිව්වා.

මේ අතර අස්සජි මහ රහතන් වහන්සේ පාන්දරින් අවදිවෙලා විසාලා මහ නුවර පිණ්ඩපාතයේ වැඩියා. උන්වහන්සේ දුටු සච්චක පසුපස්සේ ගමන් කළා. පිණ්ඩපාතෙන් පසුව සච්චක අසනවා ස්වාමිනි, කොහොමද ශ්‍රමණභවත් ගෞතමයාණන් තම ශ්‍රාවකයන් හික්මවන්නේ කියලා. එවිට අස්සජි හිමියන් වදාළා සච්චක අපට අපගේ ශාස්තෘන් වහන්සේ කියා දෙන්නේ මහණෙනි, රූපය, වේදනාව, සංඤ්ඤාාව, සංස්කාරය, විඤ්ඤාණය, අනිත්‍යයි. ඊළඟට රූපය, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාව අනාත්මයි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලුම දේවල් අනිත්‍යයි. ඒ වාගේම ඒ සියලු ධර්මතා අනාත්මයි කියලා තථාගතයන් වහන්සේ අපට කියා දී තිබෙන්නේ යැයි අස්සජි හිමියන් වදාළා. එවිට සච්චක කියනවා අය්යෝ මම නො ඇසිය යුතු දෙයක් නෙව ඇසුවේ. මේ ඇසු දෙයින් වැඩක් නැහැ. මම තථාගතයන් වහන්සේ හමු වූ විට මේ ගැන අසන්නම් කියා උදම් ඇනුවා.

ඔය අවස්ථාවේ පන්සියයක් ලිච්ඡවි රජදරුවන් පිරිස මේ කූඨාගාර ශාලාවට යම් කටයුත්තකට පැමිණියා. සච්චක මේ ලිච්ඡවින් හමුවෙලා කියනවා අන්න අපි ශ්‍රමණයන් වහන්සේ සමග වාදයක් පටන් ගනිමු. මම උන්වහන්සේ වාදයෙන් පීඩාවට පත් කරලා ලැජ්ජා කරනවා කීවා.

ඉතින් සච්චක සමඟ පිරිස තථාගතයන් වහන්සේ වැඩ සිටි ස්ථානයට ගියා. බොහෝ භික්ෂු පිරිස ඒ ස්ථානයේ රැස්ව සිටියා. උන්වහන්සේ සමග සතුටු සාමීචිය කථාකොට සච්චක අහනවා ස්වාමිනි, මට ප්‍රශ්නයක් තිබෙනවා දැන ගන්න. ඒ තමයි ඔබවහන්සේ ඔබේ ශ්‍රාවකයන් හික්මවන්නේ මොන ආකාරයට ද? ඔබ අනුශාසනා කරන්නේ කුමක්ද? විමසුවා.

තථාගතයන් වහන්සේ වදාළා සච්චක මම මගේ ශ්‍රාවකයන් හික්මවන්නේ රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය අනිත්‍යයි කියලා. අනාත්මයි සියලු සංස්කාර ධර්මයන් අතිනත්‍යයි අනාත්මය කියලා මම මගේ ශ්‍රාවකයන් හික්මවනවා යැයි වදාළා. එවිට සච්චක කියනවා සමහර බීජ නැත්නම් ඇට වර්ග ඒ වාගේම පොඩි පැල වැටෙන්නේ ඇති වන්නේ හොඳින් රෝපණය වන්නේ පොළාව නිසයි. ගස් වැල් විතරක් නොවෙයි. ගෙවල් දොරවල් පිහිටලා තියෙන්නේ මහ පොළොව නිසයි. අපි කය වචනය මෙහෙයවලා කරන සියලු ක්‍රියාකාරකම් පිහිටලා තියෙන්නේ මේ පොළොව හින්දානේ. අන්න ඒ වාගේ් ස්ථාවර කරගෙන තමයි සංඤ්ඤාවෙහි, සංස්කාරයෙහි විඤ්ඤාණයෙහි පිහිටලා තමයි මේ කරන්නා වූ සියලු දේ මිනිස්සු කරන්නේ කියලා සච්චක කිව්වා.

එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබ ඔය කියන ආකාරයට රූපය මෙන්න මේ විදියට ලස්සන වෙන්න ඕනෑ මේ විදියට අවලස්සන වෙන්න එපා මේ ආකාරයට පවතින්න ඕනෑ කියලා රූපයට නියෝග කරන්න ඔබට පුළුවන්ද? එහෙම කරන්න බැරි රූපය තමන්ගේ නොවන නිසයි. රූපය තමන්ගේ්නම් එය තමන්ට ඕනෑ ආකාරයට පවතින්න ඕනෑ නේද? මේ රූපය අපේ නොවන නිසා තමයි එයට අපි කොයිතරම් නියෝග දැම්මත් නීතිරීති පැනෙව්වත් මේ ආකාරයට ඉන්න යැයි කියා පෙන්නුවත් රූපය ඒ විදියට නො ඉන්නේ. මේ ආකාරයටම වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය ගැනත් වටහා ගන්න ඕන. යමක් වෙනස් වෙනවා නම් එතන ඇත්තේ් දුකයි. නිත්‍යය නොවන දේ ගෙන එන්නේ දුකක්මයි. ඒ දුක ඇති වන්නේ එය තමන්ට වුවමනා විදියට පාලනය කරගන්න බැරි නිසයි. එහෙනම් එය අනාත්මයි. මගෙයි කියා අල්ලා ගන්න අධිකාරි බලයක් පවත්වන්න දෙයක් මේ ගොඩවල් පහේ නැහැ කියලා වදාළා. එහෙම කිව්වාම සච්චකට සියලු කාරණා වැටහුණා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

ප්‍රියයන්ට ඕනෑවට වඩා ලංවෙමින් ප්‍රමාද වී මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය අපතේ යවන්න එ…

ප්‍රියයන්ට ඕනෑවට වඩා ලංවෙමින් ප්‍රමාද වී මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය අපතේ යවන්න එපා. මේ අවුරුදු 50-60 ක තාවකාලික බැඳීමක් මුළු ජීවිතයම කරගන්න එපා….

නොයෙක් ආකාරයෙන් පෞද්ගලික මත හුවා දැක්වෙන මේ කාලයේ ධර්ම මාර්ගය වරදවා නොගන්නට සෑම…

නොයෙක් ආකාරයෙන් පෞද්ගලික මත හුවා දැක්වෙන මේ කාලයේ ධර්ම මාර්ගය වරදවා නොගන්නට සෑම විටම පිරිසිදු ත්‍රිපිටක ධර්මයම පිළිපදින්න. යම් පැවිදි අයෙක් රහත් යැයි බාහිර කතාවෙන් හෝ හැසිරීමෙන් විනිශ්චයකට නොපැමිණ එය පරික්ෂා කරන ආකාරය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය….

2014-04-25 රහත් යැයි හඟවන භික්ෂුවකගේ රහත් බව පරික්ෂා කරන්නේ කෙසේද? චබ්බිසෝධන සුත්‍රය

රහත් යැයි පවසන හා හඟවන බොහෝ භික්ෂුන් වහන්සේලා සිටින මෙම කාලයේ, බුදුරජාණන් වහන්සේ එවැනි භික්ෂුන් පරික්ෂා කලයුත්තේ කෙසේදැයි වදාල සුත්‍රය දැනගෙන මුළාවට පත්වීමෙන…

තමාව උපමාවට ගෙන සත්ව ඝාතනයෙන්, සත්ව හිංසනයෙන් වැළකිය යුතුය. තමා යම් ක්‍රමයකින් ස…

තමාව උපමාවට ගෙන සත්ව ඝාතනයෙන්, සත්ව හිංසනයෙන් වැළකිය යුතුය.
තමා යම් ක්‍රමයකින් සතෙකු පිඩාවට පත් කරයි නම් එම පීඩාව නැවත තමා කරා කැරකී එන බව මතක තබා ගන්න.

ආශාවන් අඩු කරගන්න, ලද දෙයින් සතුටු වන්න, විවේකයෙන් කල්ගේවන්න, කුසීත නොවන්න – මේ…

ආශාවන් අඩු කරගන්න, ලද දෙයින් සතුටු වන්න, විවේකයෙන් කල්ගේවන්න, කුසීත නොවන්න – මේ ධර්මය ඔබගේ දුක නැතිකරගැනීම සඳහා බුදුහිමියන් විසින් දේශනා කරන ලදී.