Monthly Archives: April 2015

'නාථකරණ සූත‍්‍රය – 5 කොටස' ප‍්‍රශ්නය : අවසරයි ස්වාමීන් වහන්ස, සංඥාව සහ සංඥා ස්ක…

‘නාථකරණ සූත‍්‍රය – 5 කොටස’

ප‍්‍රශ්නය : අවසරයි ස්වාමීන් වහන්ස, සංඥාව සහ සංඥා ස්කන්ධය පිළිබඳව පැහැදිලි කර දෙන්න.

සංඥාව කියන්නේ හැඳිනීම. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්බ සංඥා, අයිති සංඥා ස්කන්ධයට. ඇහැට රූපයක් පේනකොට ඒ රූපයේ නිල්පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ කියලා වර්ණයක් හෝ හතරැුස් බව හෝ දිග, රවුම්, මහත, උස හැඩයක් හෝ හඳුනාගන්න එකට කියනවා රූප සංඥාව කියලා ඒක සංඥා ස්කන්ධයට අයිතියි.

බෙර ශබ්දයක් හෝ රථ ශබ්දයක් හෝ මනුෂ්‍ය ශබ්දයක් හෝ කියලා ශබ්දය වෙන් කරලා හඳුනාගන්න කමට කියනවා ශබ්ද සංඥාව කියලා. එතෙන්දී සංඥාව කියන එක පෙන්නන්න ක‍්‍රමයක් නැති හින්දා සංඛාරයකින් තමයි සංඥාව ව්‍යවහාර කරන්න වෙන්නෙ.

ඒ නිසා බෙර ශබ්ද, රථ ශබ්ද කියලා හඳුනාගන්න එක සංඥාවයි කියනකොට බෙර, රථ, කියන විදියෙ විස්තර කිසිවක් නැතුව මුලින්ම එන ශබ්ද නානත්වය හඳුනාගැනීම කියන එක මතක තියා ගන්න. කිසිම දෙයක් නොදන්නා ළදරුවෙකුට ශබ්ද ඇහෙනකොට ශබ්ද නානත්වය තේරෙයි නමුත් ප‍්‍රඥප්ති නැහැනෙ. ඇහැට පෙනෙන රූපයත් එහෙමයි. නිල් පාට, රතු පාට කියලා අපි විස්තර කළාට ව්‍යවහාරය අයින් කරලා දත යුතුයි, ඒ හැඩ සටහන හඳුනා ගැනීමයි සංඥාව කියලා.

හැමවෙලාවෙම සංඥාව කියන එක කෙනා කෙනාගෙ චිත්ත මටටමේ උපදින එකක්. චිත්ත සංඛාරයක්. සංඥාව තව කෙනෙකුට පෙන්නන්න පුළුවන් විදියටයි ව්‍යවහාරය, සංඛාරය කියන එක තියෙන්නෙ. චේතනාව කියන එක තියෙන්නෙ. ඒකයි දැන් චේතනාවට කර්මයයි කියන්නේ. ඊට පස්සේ තමන්ට හිතින් හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ පුළුවන් චේතනාව මුල් කරගෙන.

සංඥාව අරබයා අපි හිතන කරන කිසිම දෙයක් සංඥාව කියන තැනට අයිති නැහැ. ඔය සංඥාව අරබයා සංඛාර කරන ආකාරය මතයි, භාෂාව කියන එකක් විද්‍යාමාන වෙන්නෙ. ඕකට කියනවා විඥප්ති ධර්ම කියලා. කාය විඥප්ති, වාග් විඥප්ති. කෙනෙකුගෙ මනසෙ උපදින සංඥාව තව කෙනෙකුට තේරුණාමයි භාෂාව දන්නවා කියලා කියන්නෙ. තමන්ගෙ මනසෙ උපදින සංඥාව තවත් කෙනෙකුගෙ මනසෙ උපද්දවා ගන්න මාධ්‍යයක් ඕන.

උදාහරණයක් හැටියට මං මොකක් දිහා ද බලාගෙන ඉන්නෙ කියලා මං ගාව තියෙන සංඥාව ඔය පින්වතුන් දන්නෙ නැහැ. මම ඒකට ව්‍යවහාරයක් ඇතිකරගෙන, ප‍්‍රඥප්තියක් ඇති කරගෙන, ඒ ප‍්‍රඥප්තිය උදවු කරගෙන ඔය
පින්වතුන් ඒ සංඥාවම උපදවා ගත්තම – මගෙ මනසෙ තියෙන සංඥාව ඔය පින්වතුන්ට තේරුණා වෙනවා.

මම කිව්වොත් මම ඔරලෝසුව දිහායි බලාගෙන ඉන්නෙ කියලා ඔය පින්වතුන්ගෙ මනසෙත් ඒ සංඥාව යෙදෙනවා. එතකොට මං කියපු වචනය තේරුණා කියනවා. භාෂාව අවශ්‍ය වෙන්නෙ ඒකට. හැම වෙලාවෙම තව
කෙනෙකුගෙ හිතේ තියෙන සංඥාව අනික් කෙනාගෙ මනසෙත් උපද්දන්නයි භාෂාව උපකාරී වෙන්නෙ.

විඥාපනය – විඥප්ති කියලා කියන්නේ තමන් දැනගත්තා වූ තමන් සතු ඒ සංඥාව අනිත් කෙනාගෙ මනසෙ ඇතිකරවන මාධ්‍යය. අපි භාෂාවක් දන්නෙ නැත්නම් කතාකරන කෙනාගෙ මනසෙ තියෙන සංඥාව අපේ මනසෙ උපදින්නෙ නෑ. ව්‍යවහාරය වෙනස් නිසා. අපිට ලෝකෙ ජීවත් වෙන්න නම් විඥප්ති ධර්ම අවශ්‍යමයි. නැත්නම් ලෝකයක් පනවන්න බෑ. සම්මුතියක් පනවන්න බෑ. ඒ විදියට හැම වෙලාවෙම භාෂාව කියන තැනට ඔබ්බෙන් තමයි සංඥාව ලැබෙන්නෙ.

ඒ වගේම හැම වෙලාවෙම සංඛාරයට මෙහා පැත්තෙන් තමයි කෙලෙස් ටික තියෙන්නෙ. ඇලීම, බැ`දීම, ගැටීම කියන කෙලෙස් ටික තියෙන්නෙ සංඥාවට මෙහා පැත්තෙන්. ක්ලේශ අනුසය කියන එක තියෙන්නෙ සංඥාවට එහා පැත්තෙන්. අනුසය කියන එක අපි දන්නෙ නැත්තෙ ඒ නිසයි. හැම වෙලේම ව්‍යවහාරයකින් ඔබ්බෙ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ ඇතිවුනහම අපි දන්නවා. නමුත් ඒක ඇතිවෙන්න තියෙන හේතුව තමයි අර
සංඥාව කියන තැන පවතින යථා ස්වභාවය නොදන්නාකම. එතන කෙලෙස් නැහැ. එතන තියෙන්නෙ කෙලෙස් ඇතිකරවන්න පුළුවන් හේතුව – ඇත්ත නොදකිනකම කියන සිද්ධිය – ඒක අමතර කාරණාවක්.

එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, කියන තැනදිත් අශ්ව ශබ්දය, රථ ශබ්දය, බෙර ශබ්දය මනුෂ්‍ය ශබ්දය කියලා කියනකොට අර වගේම, ඒ ශබ්දයේ නානත්වය හඳුනාගන්නාකමම දත යුතුයි, අපිට හිතට ඈඳෙන විදියෙ ඕදාරික අශ්වයො, බෙර, රථ කියලා ගන්න එපා. ඊට පස්සෙ ගන්ධ සංඥාව කියනකොට පිච්ච මල් සුවඳ, අරලියා මල් සුවඳ, හඳුන්කූරු සුවඳ වගේ නානත්වයෙන් දත යුතුයි ගන්ධ සංඥාව. ලූණු රස, පැණි රස, තිත්ත රස, කහට රස කියලා අපි නම් කළාට රස නානත්වයෙන් දත යුතුයි රස සංඥාව.

ඊට පස්සේ මට සීතලක් දැනුනා, උණුසුමක් දැනුනා, කටුවක් ඇනුනා ඔය විදියට කයට දැනෙන දේවල් අරබයා පොට්ඨබ්බ සංඥාව අපි දත යුතුයි ව්‍යවහාරයෙන් මෑත්ව. මට ගෙදර මතක් වුනා, දරුවා මතක් වුනා, යාළුවො මතක් වුනා, කියන තැනක ඒ ව්‍යවහාරයෙන් මෑත්ව ධම්ම සංඥාව දත යුතුයි. ඔය වගේ සංඥා හයම අයිති සංඥා ස්කන්ධයට. මේක සංඥාව ද වෙලා, සංඥා ස්කන්ධය ද වෙලා.

තව සංඥාවක් තියෙනවා දිට්ඨි සංඥාව කියලා. ඒක සංඥා ස්කන්ධයට අයිති නැහැ. ඒක කෙලේසයක්. කාම සංඥාව, ව්‍යාපාද සංඥාව, හිංසා සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, අනිත්‍ය සංඥාව වගේ සංඥා දිට්ඨි සංඥා, ඒවා සංඥා ස්කන්ධයට අයිති නැහැ.

ඒ කියන්නෙ දැන් අපිට මෙහෙම බලනකොට පුද්ගලයෙක්ව පේනවනෙ. මේක ස්කන්ධයට අයිති සිද්ධියක් නෙවෙයි. දිට්ඨියට අයිති සිද්ධියක්. සම්පූර්ණයෙන්ම මනසෙ තියෙන්නෙ. මොකද ඒකෙ ලක්ෂණය තමයි අපිට මේ ස්කන්ධර්ම ඕනෙ නෑ. මේ සංඥාව උපදින්න මනෝමයෙනුත් පුළුවන් මේ හැඬේ උපද්දාගන්න. පත්තරේක මේ හැඬේ තිබුනත් පුළුවන්. දිට්ඨි සංඥාවෙ ස්වභාවය තමයි ඒක ඕනම තැනක උපදවා ගන්න පුළුවන්.

කන බොන ආහාරයෙන් හැදුන, කුණප කොටස් තිස් දෙකක් තියෙන රූපයක් තියෙන තැනක – වර්ණ සටහනක්, උපාදාය රූපයක් තියෙන තැනක – අපිට පුද්ගලයෙක් කියන සංඥාවක් තියෙනවා. ඊට පස්සෙ අපිට මේ පුද්ගලයෙක් කියන සංඥාව එන්න කන බොන ආහාරයෙන් හැදුන හම්, මස්, ලේ, නහරම ඕන නෑ. පත්තරයක දැක්කත්, රූපවාහිනියක දැක්කත්, වතුරක දැක්කත්, කණ්ණාඩියක දැක්කත් මේ සංඥාව එනවා. හැබැයි ඒ හැම තැනකම ආත්ම සංඥාව එන්නෙ වර්ණ සටහන මුල් කරගෙන.

ඒ නිසාමයි වර්ණ සටහන කියන්නෙ මහා භූත නෙමෙයි කියන කාරණාව කියන්නෙ. වර්ණ සටහනක් තියෙන තැනක මහා භූත තියෙන්නෙ. කන බොන ආහාරයෙන් හැදුන කුණප කොටස් තිස් දෙකක් ආකාරයට හැදිලා තමයි මෙතන වර්ණ සටහන හම්බ වෙන තැනක රූපය තියෙන්නෙ.

කණ්ණාඩියක වර්ණ සටහන පේන තැනක තියෙන්නෙ සෘතු ප‍්‍රත්‍යයෙන් හටගත්ත පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ජලය කියන තැන වර්ණ සටහන ආපෝ ධාතුවෙන්. මේ විදියට වර්ණ රූපය පිරිසිඳ නොදන්නාකම නිසා අපට
සත්ව පුද්ගල හැ`ගීමක් දැනෙනවා නම් මේකත් සංඥාවක්. සත්වයෙක්, පුද්ගලයෙක් කියලා හඳුනගන්න පුළුවන්. හැබැයි ඒ හැඳිනීම දිට්ඨි සංඥාවක්.

මුලින් කියපු කාම සංඥා, ව්‍යාපාද සංඥා වගේ සංඥා සංඥා ස්කන්ධයට අයිති නැහැ. මොකද සංඥා ස්කන්ධය රහත් වුනත් තියෙනවා. මේ දිට්ඨි සංඥා ටික සංඥා විපල්ලාස. සංඥා විපල්ලාසත් කොටස් තුනකට බෙදෙනවා.

සංඥා විපල්ලාස,
චිත්ත විපල්ලාස,
දිට්ඨි විපල්ලාස කියලා

දිට්ඨි විපල්ලාස කියන එක සෝවාන් මට්ටමේ දී අතහැරෙනවා. චිත්ත විපල්ලාස අනාගාමී මට්ටමේ දී අතහැරෙනවා. සංඥා විපල්ලාස අර්හත් මාර්ගයෙන් අතහැරෙනවා. ඒකෙදි තව ක‍්‍රම තියෙනවා. හැම එකක්ම නෙවෙයි. අනිත්‍ය දේ නිත්‍යයි කියන, අනාත්ම දේ ආත්මයි කියන, දුක් දේ සැපයි කියන, අසුභ දේ සුභයි කියන දිට්ඨි විපල්ලාසය සෝවාන් මාර්ගයෙන් අතහැරෙනවා. දුක් දේ සැපයි කියන අසුභ දේ සුභයි කියන විපල්ලාස ටික චිත්ත විපල්ලාස, සංඥා විපල්ලාස කියන හතරක් ඉතුරු කරලා ඉතුරු ඔක්කොම ටික අතඇරෙනවා, සෝවාන් ඵලයෙදි. ඒ සංඥා, චිත්ත විපල්ලාස, දුක් දේ සැපයි අසුභ දේ සුභයි කියන විපල්ලාස ටිකෙන් තමයි ඉතුරු සංයෝජන ටික පවතින්නෙ. දිට්ඨි විපල්ලාසය නැත්නම් දිට්ඨි සංඥාව කියන එක අර්හත්වය දක්වාම තියෙනවා. දිට්ඨි සංඥාව කිව්ව අර සංඥා ස්කන්ධයට අයිති නොවූ කෙලෙස් සහගත සංඥාව අතහැරෙන්නෙ අර්හත්වයෙන්. ඕක තමයි මේ සංඥාවගේ වෙනස.

එතකොට අපි තේරුම් ගන්න ඕන එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ ලෝකයේ ඇත්ත ඇති හැටිය. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා. එහෙනම් තියෙන ස්කන්ධත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ,
අසුභ වූ ධර්මතා. නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියන හැ`ගීමක් අපිට ඇතිවෙනවා නම් හැම වෙලාවෙම දකින්න ඒ ටික මනෝ විඤ්ඤාණ සම්ඵස්සය මුල් කරගෙනයි තියෙන්නෙ. මනෝමයෙන්මයි ඇතිවෙලා තියෙන්නෙ.

තථාගතයන් වහන්සේ වදාළා නම් අනාත්මයි කියලා අනාත්මම තමයි. ආත්ම සංඥාවක්, පුද්ගල සංඥාවක් යෙදෙනවා නම් ඒක කෙනා කෙනාගෙ වැරැුද්ද මත තමන් තමන් තුළ උපදින එකක් මිසක පවතින ධර්මතාවයක්
නෙවෙයි.

ආත්මයි, සුභයි, නිත්‍යයි කියන මේ අනිත් සංඥාත් එහෙමයි. ඒවා ඇත්තම කෙනා කෙනා තුළ හටගත්ත ධර්මතා මිසක වෙනස් වෙන ස්වභාවය නෙවෙයි කියලා තමන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සත්ව පුද්ගල භාවයට පෙනෙන ස්වභාවය තියෙනකම් තමන් සසරින් මිදෙන්නෙ නෑ කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ මනසෙ තියෙන විපරිත සංඥාව මිසක භෞතිකය තුළ එහෙම එකක් නෑ කියන කාරණාව නුවණින් දන්නා නිසා.

බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා පැනෙව්වා නම් ඒකට ප‍්‍රතිපක්ෂව අපිගාව තියෙන ගති ටික දත යුතුයි කෙලෙස් කියලා. සංඥාව හඳුනාගත්තම අපිට කෙලෙස් ටික තේරුම් ගන්න පුළුවන්.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

අරහං සම්බුදු ගුණය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වැලිවිට සෝරත හිමි මල්වතු මහාවිහාරව…

අරහං සම්බුදු ගුණය

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වැලිවිට සෝරත හිමි
මල්වතු මහාවිහාරවාසී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය

මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්දනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ

ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්‍රකාශ කළවිට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධො’පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ.

ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි
හතසංසාරචක්කාරො – පච්චයාදීන චාරහෝ
න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති
(විසුද්ධි මග්ග)

1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා)

2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන)

3. සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ)

4. චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ)

5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි)

අරහං නම් වන සේක.

මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්‍යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්‍රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය.

මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස – ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ.

සංසාරය චක්‍රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්‍යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්‍රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්‍රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය.

සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ.

නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද තිබිය යුතුය.

ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක. කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’. යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්‍ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්‍රීති වේගයන් උපදී.

එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය.

මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්‍රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය.

▬▬▬▬ අරහං සම්බුදු ගුණ භාවනාව ▬▬▬▬

මෙම පාඩමේ ‘අරහං’ බුදුගුණය පිළිබඳව විස්තර ඇත. ඒ සියල්ල කියවා පාඩම් කර ගැනීමට උත්සාහ ගත යුතුයි. ඊළඟ පාඩම දක්වාම මෙම පාඩම අනුගමනය කරන්න. ‘සෝ භගවා ඉතිපි අරහං’ යනුවෙන් නිතරම මෙනෙහි කරන්න.

නිතර නිතර මෙසේ මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඤාණ දියුණු වේ. මහඟු ආරක්‍ෂාවක් ලැබේ. තමා ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය දැනේ. පාරමිතා ගුණ දියුණු වේ. නිවන් දකිනා තුරු සතර අපායෙන් නිදහස්ව සසර ගමන ගමන් කළ හැකිය. ඉතා සුළු මොහොතකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේ. එම නිසා සියලුම දෙනා මෙම බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන මෙසේ මෙනෙහි කරන්න.

සෝ භගවා ඉතිපි අරහං

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද ‘අරහං’ නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුවූ බැවින් ‘අර්හත් ‘ නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ලෝභ, ‘ක්ලේශ වස්තුවෙන් දුරුවූ’ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ද්වේශ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මෝහ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවන් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත දට්ඪි ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත විචිකිච්ඡා ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ටීන ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත උද්ධච්ච ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අනොත්තප්ප ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විචිකිච්ඡාව නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කාම රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් ව්‍යාපාදය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් රූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අරූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් උද්ධච්චය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් මාන්නය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව නැසු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංසාර චක්‍රයේ කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට, අර සිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්‍යාව අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සංඛාර අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විඤ්ඤාණ අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් නාම රූප අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සලායතන අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ස්පර්ශය අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් වේදනාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් කාම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විභව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රූප තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ශබ්ද තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ගන්ධ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රස තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් පොට්ටබ්බ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ධම්ම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් උපාදාන අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජාති අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජරා මරණ අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආමිස පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රහසින්වත් පවක් නැති අති පාරිශුද්ධ සන්තානයක් ඇති හෙයින් අර්හත් නම් වන සේක

කාය, වචී හා මනෝ සුචරිතයෙන් යුක්ත වන්න. භෞතිකවාදී මිත්‍යා දුෂ්ටි (western science…

කාය, වචී හා මනෝ සුචරිතයෙන් යුක්ත වන්න. භෞතිකවාදී මිත්‍යා දුෂ්ටි (western science ආදී) දුරලා සම්මා දිට්ටියට පැමිණීමට ධර්මය ඉගෙන ගන්න. නිරයේ ගොස් දුක් විඳින්නෙකු නොවන්න.

සාමඤ්ඤඵල සූත්‍රයෙන් කොටසක් පහත දැක්වේ.

—පින්වත් මහාරාජ, එය මෙවැනි දෙයකි. සිවු මංසලක මහල් සහිත ප්‍රසාදයක් තිබේ යැයි සිතමු. එම ප්‍රාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස් පෙනෙන පුද්ගලයෙක් පහළ බලයි. එවිට නිවසට ඇතුළුවන්නා වූ මිනිසුන්ද, නිවසෙන්
නික්මෙන්නා වූ මිනිසුන්ද දකී. එමෙන්ම මංමාවත්හි ඔබ මොබ ඇවිදයන්නා
වූ මිනිසුන්ද දකී. ඒ සිව්මංසල මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන්ද දකී.

එවිට ඔහුට මේ අදහස ඇති වේ.

‘මේ මිනිස්සු නිවසට පිවිසෙති. නිවසෙන් නික්මෙති. මේ මිනිස්සු මං මාවත්හි ඇවිද යති. මේ මිනිස්සු සිව්මංසල මැද වාඩි වී සිටිති’ යනුවෙනි.

පින්වත් මහාරාජ, මේ සසුනෙහි භික්ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූ විට, පිරිසිදු වූ විට, දීප්තිමත් වූ විට, බාධක කරුණු නැති වූ විට, උපක්ලේශ නැති වූ විට, මෘදු වූ විට, කි්‍රයාවට යෝග්‍ය වූ විට, නොවෙනස්ව පවතින විට සත්වයන්ගේ චුතියත් උපතත් පිළිබඳව අවබෝධ කරගැනීම පිණිස, සිත යොමු
කරයි. සිත නැඹුරු කරයි.

එවිට ඒ භික්ෂුව පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී.

‘අහෝ මේ භවත් සත්තවයෝ වනාහි කාය දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. වචී
දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය.
ආර්යයන් වහන්සේලාට උපවාද කළාහුය. මිසදිටු වූවාහුය. මිසදිටු මත සමාදන්ව
සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත
නම් වූ නිරයෙහි ඉපිද සිටිති.

එනමුදු මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය. වචී සුචරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද නොකළාහුය. සම්දිටු වූවාහුය. සම්දිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව
ඉපිද සිටිති’

යනුවෙන් පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී.

චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී.—
(සාමඤ්ඤඵල සූත්‍රය – දීඝ නිකාය)

පෙර කල සිදුවූ සුනාමියක් – සමුද්‍ර වාණිජ ජාතකය . කාගේත් හිත්පිත් කම්පා කරවමින් 20…

පෙර කල සිදුවූ සුනාමියක් – සමුද්‍ර වාණිජ ජාතකය
.
කාගේත් හිත්පිත් කම්පා කරවමින් 2004 වසරේ දෙසැම්බර් 26 වන දා සිදු වූ සුනාමිය නොහොත් මුහුද ගොඩගැලීමේ පුවත දෙසැම්බර් මාසය තුළ සිහිකළ යුතු ශෝචනීය පුවතකි. එම දිනය සිහිපත් කර අප ධර්මයේ ඇති සැබෑ තතු සිහි කරනු වස් ඒ සම්බන්ධව පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන සමුද්‍ර වානිජ ජාතක කතා පුවත පිළිබඳ අවධානය යොමු කිරීමට කැමැති වෙමි.
.
එම ජාතක කතා පුවතින් පැවැසෙන්නේ මුහුද ගොඩ ගැලීමක් සිදුවූ ආකාරය යි. එසේ වුවද එය සිදුවීමට මිනිසුන්ගේ නොහොබිනා ක්‍රියා කලාපය ද හේතු වූ බවද ප්‍රකට වේ.
.
යටගිය දවස බරණැස් රජු රාජ්‍ය කරන සමයෙහි එක් ගමක වඩුවෝ දාහක් ජීවත් වූහ. එම වඩුවෝ තම ගමේ මිනිසුන්ට ඇඳ පුටු, මේස හදලා දෙන බව පවසා මිල මුදල ඔවුන්ගෙන් ලබාගෙන ලී බඩු නොහදවා එම මුදල් තම ප්‍රයෝජනයට ගත්තේ ය. පසුව ගම්වැසියන් එම වඩුවන් සොයා නිතර තමන්ගේ මුදල් ආපසු ලබාගැනීමට උත්සාහ කළහ. මුදල් දීමට අකමැති වූ වඩුවො කැලේට ගොස් ගස් කපා ලී ඉරා බෝට්ටුවක් සාදා තම අඹුදරුවනුත් සමඟ එම බෝට්ටු වල නැගී ගඟක් දිගේ ගමන් කළහ. එවිට කෙළවර මුහුද හමු විය.
.
පසුව මුහුද දිගේ ගමන් කිරීමේදී දූපතක් හමුවිය. එම සයංජාත ඇල්හාල්, අඹ, කොස්, කෙසෙල්, උක්දඬු, වැල, වරකා ආදි ආහාරපාන තිබූ සශ්‍රීක දූපතක් විය. එසේ වුවද එම දූපතෙහි මිනිසුන්ට සිටීමට සුදුසු ද යක්ෂ රාක්ෂයින් ඉන්න තැනැක්ද යන්න පළමුව පරීක්ෂා කිරීම සඳහා හොඳ කාය ශක්තිය ඇති මිනිසුන් දහ දෙනෙක් පිටත් කර යැවූහ. එහි කලින් ගිය එක් මිනිසෙක් අර තිබූ ආහාරපාන භුක්තිවිඳ කල්පනා කරන්නේ දඹදිව බොහෝ මිනිස්සු බඩගින්නේ සිටිති. මට එවැනි ප්‍රශ්නයක් නොමැත. මේ ආකාරයෙන් සිතමින් උදම් අනා මා විඳින මේ සැප සම්පත් වෙනත් කිසිවෙකු නොවිඳිනු ඇතැයි සිතා සතුටු වූහ.
.
ඊට පසු අර මිනිසුන් දහදෙනා එන විටදී මොහු දැක යක්ෂයෙකු බව සිතා දුනු වලින් විදින්න සූදානම් වූ විට අර මිනිසා මට විඳින්න එපා මම යක්ෂයෙක් නොවේ. මිනිසකු බව කියා සිටියේය. ඊට පසු අන් පිරිස ප්‍රශ්න කර සිටින්නේ ඔබ මිනිසකු නම් නිර්වස්ත්‍රව සිටින්නේ ඇයි? දැළි රැවුල මේ විදියට ඇදිල තිබෙන්නේ ඇයි? ඊට පසු ඔහු සඳහන් කළේ ඔරුවක නැගී මුහුදේ ගමන් කරන කල මෙහි නැවතුණ බවයි. නැවතත් අර මිනිසුන් ප්‍රශ්න කරන්නේ් මොනවද මෙහි තිබෙන පහසුකම් යනුවෙනි. අර මිනිසා ඊට පසු එහි ඇති ස්වභාවය පැහැදිලි කළේය. ඊට පසු ඔවුන් තීරණය කරන්නේ, මීට වඩා යක්ෂ රාක්ෂයින් නැති සුදුසු තැනක් අපට විසීමට නැත්තේය. එනිසා මෙහි විසීම සිදු කිරීම සුදුසුය යනුවෙනි. එම වඩු පිරිස සියල්ල දාහක් විය. පසුව ඔවුනට උපදෙසක් හැටියට අර මිනිසා මතක් කර සිටියේ මෙම ස්ථානය රම්‍ය වූද සිත්කලු වූද ස්ථානයක් බැවින් දේවතාවන්ගේ ද ඇල්ම බැල්ම රැකවරණය පවතින බවයි. එබැවින්, මළ මුත්‍ර වෙරළේ කරමින්, කැහි සොටු අපවිත්‍ර දෑ වෙරළේ දමමින් අපවිත්‍ර නොකර, ඒවා සුදුසු පරිදි කරන ලෙසට ඔහු ඔවුනට උපදෙස් දුන්නේය.
.
දාහකින් යුත් වඩු පිරිස පන්සීය පන්සීය බැගින් කොටස් වී කණ්ඩායමට නායකයෙකු ද පත්කර ගනිමින් එම දෙපිරිස එහි සුවසේ විසූහ. වාසස්ථාන හැටියට නිවෙස් හදාගෙන වටා පිටාවේ ඇති ආහාර පානද අනුභව කරමින් නිරුපද්‍රිතව කාලය ගත කළහ. එම වඩු පිරිසෙන් එක නායකයෙකුගෙන් යුත් පන්සියක පිරිස හොඳ ප්‍රතිපත්ති ගරුකව සිල්වත්ව ගුණවත්ව එහි ජීවත් වූ අතර අනිත් නායකයාගෙන් යුත් පන්සියක පිරිස දැඩි ලෝභ සහගතව, ද්වේෂ සහගතව, කාමයෙහි අන්තගාමීව ජීවත් වූහ. ඒ අතර උක්වලින් රා අරක්කු වැනි මත්පැන් සකසා ගෙන ඒවා පානය කිරීමද එම රම්‍ය වූ දූපතේ වෙරළ අපවිත්‍ර කරමින් මළ මුත්‍ර කිරීමද සිදු කළහ.
.
මෙම හේතුව නිමිති කරගෙන එම මනරම් දූපතට අරක්ගෙන සිටි දේවතාවන් කෝප වී අව පසළොස්වක දෙපෝය දා සමුද්‍රයෙන් දිය උඩට නගාලන බවට කතා කර ගත්හ. ඒ අතර සිටි එක් සත්පුරුෂ දේවතාවෙක් මා වැනි සත්පුරුෂ දේවතාවෙක් සිටියදී මේ මිනිසුන්ට මැරෙන්නට ඉඩ නොදෙමියි කීහ. එසේ පවසා ස්වර්ණාභරණයෙන් සැරසී උතුරු දිසාවෙහි සිට විමානය ඒකාලෝක කොට ඒ ප්‍රදේශයම බුබුලුවා එම මිනිසුන් වසන තැනට පැමිණ ඔවුනට මතක් කර සිටින්නේ මෙම ස්ථානයේ මුහුද උඩට ගැලීමක් සිදුවන බැවින් වෙනත් තැනක් සොයා ගමන් ආරම්භ කරන ලෙසයි.
.
එසේ වුවද පාපිෂ්ට දේවතාවුන් එම දේවතාවා කී කතාව බොරුය කවදා නම් මේ සමුද්‍රයෙන් ජලය ගලා දිවයිනට පැමිණෙන්නේද යැයි ඛ්යා එනිසා මෙම දූපතේම වාසය කරන්නැයි උපදෙස් දුන්නේය. ඊට පසු අර දාහකින් යුත් වඩු පිරිසේ අසත්පුරුෂ නායකයන්ගෙන් යුත් 500 ක පිරිසට එම අසත්පුරුෂ නායකයා මතක් කර සිටින්නේ අපි මෙම දූපතේම සැප විඳිමින් ඉදිමු කියාය. සත්පුරුෂ නායකයා තම පන්සියයක පිරිසට සඳහන් කර සිටින්නේ කුමන දේවතාවගේ් සත්‍ය ප්‍රකාශ කළාද යන්න අපි නොදනිමු. අප ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නෙ මෙම දූපත හැරදා මෙහෙන් පලා යෑමය. අපට අකාලේ විනාශ වීමට අවශ්‍ය නැත. අපි වතුර ආවොත් ඔරු නැග පිටත් වෙමු කියා එම පන්සියකින් යුත් පිරිස මෙලෙස තීරණය කර ගත්හ.
.
දේවතාවුන් සාකච්ඡා කර ගත් ආකාරයට හරියටම පොහෝ දිනයේ චන්ද්‍රයා නැති කළ සමුද්‍රයෙන් ජලය පැමිණ දණ ළඟට දක්වා ගෑවී ජල පහර ආපසු ගියේය. අසත්පුරුෂ නායකයා එය දැක සඳහන් කළේ මේ රළ ඇවිත් කුණු හෝදගෙන ගියා කියාය. පසුව ක්‍රමානුකූ®ලව රැල්ල වැඩි වී එම නරක වඩුවන් ඇතුළු ඔවුන්ගේ් අඹුදරුවන්ද රැල්ලට ගසාගෙන ගොස් සියලු දෙනාම මරණයට පත්වූහ. සත්පුරුෂ වඩුවන් කලින්ම පිටත්වූ නිසා අනතුරට මුහුණ නොදී ජීවිත ආරක්ෂා කර ගත්හ.
.
මෙම ජාතක කතා පුවතට අනුව මුහුද ගොඩගැලීමේ පුවත් මීට පෙර ඈත අතීතයේ කීපයක්ම සිදු වී ඇති බවක් අවබෝධ වේ. කාවන්තිස්ස රජු දවස ද එවැනි පුවතක් අසන්නට ලැබේ. සයුර නොහොත් මුහුද යනු නිමක් කොනක් නැති විශාල ජල දාරාවකින් යුත් ජල ගෝලයකි. එහි අභ්‍යන්තරය තුළද විශ්මිත දේවල් සිදුවේ. පෘථිවියේ කම්පනය තුළින්ද, පොළොව විවර වී ලංවන කලද ජලය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ. එසේම උල්කාපාත වැනි විශාල වස්තූ®න් කඩා වැටීම තුළින් ද එම ජල ප්‍රමාණය ගොඩ බිම් වලට පැතිරේ.
.
මේ ආදී විද්‍යාත්මක හේතුන් සමඟම අපට නොපෙනෙන ශක්ති විශේෂයක්ද මේ සඳහා එකතු වන බව කීමට අවශ්‍යය. එය ස්වභාව ධර්මය කම්පාවීමට හේතු වේ. ස්වභාව ධර්මය නිරන්තරයෙන් අප කරා විපත් ගෙන ඒමේ ප්‍රවණතාව වැඩිය. එයට හේතුව අපි ස්වභාව ධර්මයේ ඇති ශක්තිය තේරුම් නොගෙන එය ඉක්මවා යෑමට උත්සාහ කිරීමයි. ස්වභාව ධර්මය කෙරෙහි අපේ බියවීමක්, නැමියාමක්, අවනත බවක් හා ආදරයක් ගෞරවයක් තිබිය යුතුය. එසේ නොමැතිව අපි ස්වභාව ධර්මයට පටහැනි දේවල් සිදු කරමින් ස්වභාව ධර්මයා විනාශ කරමින් ජීවත් වන්නේ නම් ස්වභාව ධර්මය විසින් ද පෙරළා විපත් ලබාදෙනු ඇත.
.
මෙහිදී වැදගත් දහම් පාඨයක් වන ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ යන්නද වැදගත් වේ. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය ෂසින්ම ආරක්ෂා කෙරේ. එක පැත්තකින් ස්වභාව ධර්මයා විසින් ආරක්ෂා කිරීමක් ම මෙහිදී සිදුවේ. මේ ලෝකය තුළ ස්වභාව ධර්මයා තේරුම් ගෙන ස්වභාව ධර්මයාට ආදරය කරමින් එය ආරක්ෂා කරමින් ධාර්මික ජීවිත ගත කරන මිනිසුන් ස්වභාව ධර්මයා විසින්ම ආරක්ෂා කරනවාට කිසි සැකයක් නැත. අධර්මිෂ්ටකම් වැඩි වී, මිනිසුන් තුළ ගුණ ධර්ම නැති වී මිනිසා තිරිසන් තත්ත්වයට පත්වීමේදී ස්වභාවධර්මයා කම්පා නොවී තිබේද? එබැවින් අපි නිරන්තරයෙන් ඒ පිළිබඳ හොඳ අවධානයකින් පසු විය යුතුය.
.
අපි කරන කියන අකටයුතුකම් ඉවසා ගත නොහැකි වූ විට දේවතාවුන්ද කම්පා වී විපත් ගෙනදීමට කටයුතු කරනවා ඇත. ලෝකයේ පවතින ධර්මතා ඉක්මවා යෑමට කිසිවෙකුටත් නුපුළුවන. අඩු බුද්ධිකින් යුත් මිනිසුන්ට එසේ හැකියැයි සිතුනද එයින් එහි නිමාව කෙසේ සිදුවේද යන්න සිතා ගැනීමටත් අපහසුය. ලොව උතුම් පදවි ලැබූ බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වහන්සේද ස්වභාව ධර්මය ඉක්මවා නොගියහ. ඔවුන්ද ස්වභාව ධර්මයට ගරු කරමින් එහි වටිනාකම ලෝක සත්ත්වයාට කියා දුන්හ.
.
අව්ව, වැස්ස, සුළඟ ජලය ආදී සම්පත් කවුරුන් හෝ මවන දේවල් නොවේ. ඒවා ස්වභාව ධර්මයා විසින් අපට දෙන දායාදයෝය. ඇළ දොළ ගංඟා ගස් කොලන්, වනාන්තර, කඳුහෙල් මහා සාගරය ආදී සම්පත් මිනිසාට යහපත පිණිස පවතින දායාදය. ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සිතීම පටු පරමාර්ථ ඇති දුර්ජනයින්ගේ ක්‍රියාවකි. මේ ලෝක ධාතුව තුළ අප සැම දෙනාම පොදුවේ ජීවත්විය යුතුය. එහිදී සතා සිව්පාවුන් පවා ඒ අයිතියට උරුමකම් කියනු ඇත. මිනිසා සිතනවා නම් මේ සියලු ස්වභාවික සම්පත් තමන්ම භුක්ති විඳීය යුතුයි කියා එය අසාධාරණ ආත්මාර්ථකාමී සිතිවිල්ලකි. එවැනි අයට නිසි දඬුවම් ස්වභාව ධර්මයා විසින් දෙනාටම කිසි සැකයක් නැත. එබැවින් ස්වභාව ධර්මයා සමඟ සෙල්ලම් කිරීමට යෑම එතරම් සුබදායක දෙයක් නොවන බව කවුරුත් මතක තබාගත යුතු කාරණයකි.
.
මෙතරම් ධර්මය පවතිනවා කියන මේ උතුම් ලක් දෙරණටත් එම විපත් වලට මුහුණ දෙන්නට සිදු වූයේ මිනිසුන් තුළ සියල්ල පිට ඔපයට සිදුවීම හේතුවෙනි. අභ්‍යන්තර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකත්වය වැනි අකුසල සිතිවිලි වලින් පුරවාගෙන ධර්මයේ ඇලීගැලී සිටියාට පලක් නැත. අපේ සිත්වල පවතින හොඳ හෝ නරක තරංග මෙන් මේ වායු ගෝලයට එකතු වී එයින් හොඳ නරක දෙඅංශයම ක්‍රියාත්මක කරනු ඇත. මීට වසර ගණනකට ඉහත සිදු වූ ජල ගැලීම්ද හේතුඵල සම්බන්ධතාවයකට අනුව සිදු වූවක් බව පැහැදිලි වේ. එබැවින් රටක ජාතියක ආගමක වසන අප සියල්ලෝම අපේ මනසත් අපේ ශරීරයත් හැකිතාක් දුරට පිරිසිදු කර ගනිමින් ස්වභාව ධර්මයාටද අවනත වෙමින් එය ආරක්ෂා කර ගනිමින් ගුණ ධර්ම ප්‍රගුණ කරමින් මේ දුර්ලභව ලද වටිනා මිනිසත් බව නිරුපද්‍රිතව ගත කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.
.
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි

'නාථකරණ සූත‍්‍රය – 4 කොටස' කන බොන ආහාරයෙන් රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා, සං…

‘නාථකරණ සූත‍්‍රය – 4 කොටස’

කන බොන ආහාරයෙන් රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා, සංඥා හැදෙනවා නාම රූප ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණය හැදෙනවා. ඒ හටගන්න ස්කන්ධයෝ ඒ ප‍්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙනවා මිසක ඒ එකක්වත් සසර ප‍්‍රතිසන්ධිය පිණිස පවතින්නෙ නෑ. නමුත් ඒ ආහාරය නිසා හටගන්න ස්කන්ධයන්ගේ යථා ස්වභාවයත්, ඒ ස්කන්ධ හටගත්තෙ මේ මේ ආහාර නිසයි, මේ මේ ආහාර නැතිවෙනකොට නැතිවෙනවා කියලා, සම්මා දිට්ඨි කියන්නෙ ඒ ඇත්ත ඇති හැටියෙම දකිනකම.

වූ දේ වූ විදියට නොදකිනකමට කියනවා අවිද්‍යාව. ඊළ`ග භවයේ රූප, වේදනා, සංඥා, සංඛාර පිණිස ආරම්භය ඒ. ඇත්ත නොදකිනකොට ඒ නොදැකීමත් එක්කම වර්තමාන කර්ම ආරම්භ වෙනවා. අවිද්‍යාව ඇති කල්හි අපිට මේ අරමුණු හම්බවෙන්නෙ සත්ව පුද්ගල ආත්ම භාවයෙන්මයි. ඊට පස්සේ ඒ අරබයා තණ්හාව ඇතිවෙනවා. අපි අරමුණක් අරමුණක් ගානෙ අවිද්‍යා, කම, තණ්හා කියන හේතු හදාගන්නවා. අපිට හේතු හදාගන්න උපකාරී වුන ස්කන්ධ තියෙන්නෙ ආහාර ප‍්‍රත්‍යයෙන්. අවිද්‍යා, කම, තණ්හා කියන හේතු තිබුනහම නැවත ප‍්‍රතිසන්ධි වශයෙන් ස්කන්ධයෝ උපද්දනවා.

ඉපදුන තැනක නැවත ආහාර ප‍්‍රත්‍යයෙන් ස්කන්ධ කි‍්‍රයාවලිය ආරම්භ වෙනවා. රූපය ඇතිවෙන්න අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන හේතු උදව්වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල නවත්තද්දි අපිට කොටස් දෙකකින්
තමයි නවත්තන්න වෙන්නෙ. වරතමානයෙ මේ සිදුවන දේ පැහැදිලි කරගෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන අවිද්‍යා, කම, තණ්හා නැති කරන්න පුළුවන්. පුරාණ කමයට හටගත්ත ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා ආහාර ප‍්‍රත්‍යයකින්. අනාගත ස්කන්ධ නූපදින ස්වභාවයට පත් කරලා වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙන එකට කියනවා සෝපදිශේෂ නිබ්බාන, රහත් ඵලය.

‘විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං’ නැවත භවයක නොඇලූන සිතින්වාසය කරනවා. ජීවිතේ අන්තිම මොහොත වන විට ‘ඛීණං පුරාණං’ පුරාණ කර්ම ක්ෂය කරලා. ආහාර නිරෝධයෙන් වර්තමාන රූපයේ නිරෝධය පෙන්නනවා. අවිද්‍යා, කම, තණ්හා කියන කෙලෙස් නැති කරලා අනාගතයේ රූපය නොහටගන්නා බවට පත්කළ එකට කිව්වා සෝපදිශේෂ නිබ්බාන. ඉපදීම නතර කළා.

වර්තමානයක ආහාර ප‍්‍රත්‍යයෙන් රූපය පවතිනවා. දැන් වැඩි දුක නතර කරලා තියෙන්නෙ. කය කෙළවර කොට ජීවිතය කෙළවර කොට ඇති දුක පමණක් ඉතිරියි. දුක් වූ ස්කන්ධයක් තියෙන්නෙ. පිරිනිවන් පානවා කියන දවසෙදි වෙන්නෙත් ආහාර ප‍්‍රත්‍යයෙන් පවතින දුක් වූ ස්කන්ධ ටික ආහාර නිරෝධයෙන් අතහැරෙනවා.

‘නිබ්බන්ති ධීරා යථායං පදීපො’

ඒ ධීරයන් වහන්සේ පහනක් නිවුනා වගේ නිවෙනවා. අපි මතක තියාගන්න ඕන ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියන සිද්ධිය වෙන්නේ අවිද්‍යා, කම, තණ්හා කියන ක්ලේශ ප‍්‍රහාණය කරලා තිබුන තැනටයි. එහෙම නැත්නම් ආහාරය නැතිවීමෙන් රූපය නැතිවෙද්දි කෙලෙස් නැති නොකළ කෙනාට නිරෝධයක් නෙවෙයි මරණයක් වෙන්නෙ.

හේතුව නැවත ඉපදෙන නිසා. ඉපදීමකට සාපේක්ෂව කියන කාරණාව තේරුම් ගන්න ඕන. ස්කන්ධයන්ගේ උදය වැය කියන කොට ස්කන්ධ කියන්නේ දුක්ඛ සත්‍යය. ඒ දුක ඇති කරන හේතුව තුළත් දුකේ කොටසකුත් තියෙනවා, සමුදය කොටසකුත් තියෙනවා කියන නුවණක් තියෙන්නට ඕන.

අවිද්‍යා, කම, තණ්හා, කිව්වෙ සමුදය සත්‍යය, කෙලෙස්. ආහාර අයිති දුක්ඛ සත්‍යයට. අවිද්‍යා, කම, තණ්හා රූපය හදනවා ජනක ප‍්‍රත්‍යයෙන්. ආහාර සමුදයා රූප සමුදයො කියන තැන රූපයට උපස්ථම්භක ප‍්‍රත්‍යයෙන්. පෙර
හේතුවට හැදුන රූපය අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන හතරෙන්ම යුක්ත වුනොත් අපිට බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා දකින්න හම්බ වෙන්නෙ නැහැ කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕන.

අවිද්‍යා, කම, තණ්හා රූපය හදන්න හේතු වුනාට හැදුන තැන තියෙන්නෙ ආහාර ප‍්‍රත්‍යය කියලා දකින්න. සතර ආහාරය පිරිසිඳ දැකලා අවිද්‍යා, කම, තණ්හා කියන හේතු නැති කළොත්, නැවත සතර ආහාරය ඇති කරවන බව නැති කරලා, නැවත ඉපදීම නැති කරලා – සෝපදිශේෂ නිබ්බාන – ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. ඉපදීම නැති කළ කෙනෙක්. පශ්චිම භාවිකයෙක් කියලා කියනවා. අන්තිම ආත්ම භාවය ගත කරන කෙනෙක්. සසර
ඉපදීම නැති කළ කෙනෙක් යන ගණයට යනවා.

ස්කන්ධ ටික ද අතහැරෙන, නිරුද්ධ වෙන දවසට එතනට කියනවා පිරිනිවන් පෑවා කියලා. අපි රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කොටත්, අපිට තේරෙන්න ඕන ආහාර ප‍්‍රත්‍යයෙන් හටගත් දුක් වූ ස්කන්ධ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා කියන සිද්ධිය තියෙන්නෙ. අපි කෙනෙක් පිරිනිවන් පෑවා කියලා කතා කරන තැනක තියෙන්නෙ මෙහෙම ධර්මතාවයක් කියලා දකින්න දක්ෂ වෙන්නට ඕන.

කතා කරන කොට ව්‍යවහාරයේ, සම්මුතියේ රහතන් වහන්සේ කියලා කතා කළාට පුද්ගල සංකල්පයක් ඇති කරගන්න එපා. පුද්ගලභාවය දුරු නොවුන අපි රහතන් වහන්සේ කියලා පුද්ගල භාවයකින් කතා කළාට එතන
තියෙන්නේ ආහාර ප‍්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ පමණයි. කෙලෙස් ඉවත් කරලා ස්කන්ධ පමණක් ආහාර ප‍්‍රත්‍යයෙන් පවතින සිද්ධියටයි රහතන් වහන්සේ කිව්වෙ. ධම්ම කියලා කිව්වෙ. ජීවිතයයි ධර්මයයි දෙකක් නෙවෙයි එකක්. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියනවා ඒ ස්කන්ධ ද නැතිවෙන තැනට.

උදයත්ථ ගාමිනී ප‍්‍රඥාව කියනකොට හාත්පස වටලලා ඔන්න ඔය ප‍්‍රභේද සහගත නුවණ අනිවාර්යයෙන් තියෙන්නට ඕන. නැත්නම් අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් රූපය හැදෙනවා. අවිද්‍යා, කම, තණ්හා ආහාර
නැතිවෙනකොට රූපය නැතිවෙනවා කියලා ගිරවු වගේ කිව්වට වැඩක් නැහැ. කොහොමද රූපය හැදුනෙ අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් කියන කොට අපි දැනගන්න ඕන පුරාණ හේතුන්ගෙන් මේ රූපය හැදුන හැටිත්, හැදුන රූපය ආහාරයෙන් පවතින හැටිත්, පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන අද ආහාරයෙන් පවතිනවා කියන මේ සිද්ධාන්තය නොදන්නා කමින් ආරම්භ වුන අවිද්‍යා, කම, තණ්හාවෙන් නැවත රූපය හදන
හැටිත් ඔය පින්වතුන් තේරුම් අරගෙන තියෙන්නට ඕන.

අවිද්‍යා, කම, තණ්හා, ආහාරයෙන් රූපය හැදෙනවා කියන කොට ක්ෂණිකවම දන්නවා ඉපදීම සහ පැවැත්ම කියලා. ඒ හේතු හතර නැතිවීමෙන් රූපය නැතිවෙනවා කියන කොට නොඉපදීම සහ නොපැවැත්ම දන්නවා.
හරියටම මේ නුවණ තියාගෙන ධර්මය ගවේෂණය කරන්න ඉගෙන ගන්න. මෙන්න මේ කාරණා දහය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා,නාථකරණ ධර්ම විදියට.

ජීවිතයට නෑදෑයෙක් ඉන්නවා වගේ, රක්ෂිත පුද්ගලයෙක් උපකාරී පුද්ගලයෙක් ඉන්නවා වගේ. මේ නාථකරණ ධර්ම තිබුනොත් තමන් දුකෙන් පීඩාවෙන් මුදවලා නිදුක් බව පහසු බව ලබා දීලා ජීවිතේට රැුකවරණයක්
දෙනවා. මේ උදයත්ථගාමිණී ප‍්‍රඥාව ජීවිතේ එක් නාථකරණ ධර්මයක් පමණයි. යම්කිසි කෙනෙක් මේ නාථකරණ ධර්මතා සියල්ලෙන්ම යුක්ත නම් එයාගෙ ජීවිතේට සැබවින්ම රැුකවරණයක් ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ කාරණා දහය විස්තර කරලා දේශනා කරනවා,

‘සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති’

‘මහණෙනි, සනාථව වාසය කරන්න. අනාථව වාසය කරන්න එපා, අනාථව වාසය කිරීම දුකක්.

සසර බොහෝ කාලයක් අනාථව වාසය කළ නිසයි අපි දුක් වින්දෙ. අනාථ වූ අපි නාථ කරන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුනේ. ඒ නිසා කියනවා අනාථ නාථ වූ, අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේ කියලා. අනාථ වුන ලෝකයට නාථ කරණ ධර්මයන් දේශනා කරලා ජීවිතය නාථ කරණ හැටි පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නොවුනා නම් අපේ ජීවිතයට පිහිටක් රැුකවරණයක් ඇති කරගන්න ධර්මතා ගැන අපි දන්නෙ නෑ.

ලෝකයේ අනාථ වුන කෙනෙකුට පුළුවන් කමක් නෑ තව කෙනෙකුට පිහිට වෙන්න. මඬේ එරුණ කෙනෙකුට බෑ තවත් මඬේ එරුණ කෙනෙක්ව ගොඩගන්න. මඩෙන් ගොඩ ආව කෙනෙකුට විතරයි පුළුවන් තවත් මඬේ ඉන්න කෙනෙක්ව ගොඩ ගන්න.

අඞගුත්තර නිකායෙ, දසක නිපාතයෙ, පඨම නාථකරණ සූත‍්‍රයයි මම අද දේශනා කළේ. ඒ කරුණු පිළිබඳව තව ටිකක් හොඳට හිතන්න. එහෙම හිතලා ඒ ධර්මය තමන් තුළ උපදවා ගන්න උත්සාහවත් වෙන්න. ඒක ජීවිතේකට පිහිටක් පිළිසරණක් ලැබෙන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමමයි. ඒකෙන් කවදාවත් අනාථ බවක්, අසරණ බවක් ලැබෙන්නෙ නෑ කියලා හොඳ දැක්මක් ඇති කරගන්න. ඇති කරගෙන ජීවිතේට පිහිටක් පිළිසරණක් ලබාගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා.

ඒ වගේම මේ උදයත්ථ ගාමිණී ප‍්‍රඥාව කියන්නේ ආර්ය වූ කළකිරීම පිණිස පවතින, මොනවට දුක් ගෙවීම පිණිස පවතින නුවණක්, ඒ නුවණත් ඇති කරගන්න උත්සාහවත් වෙන්න. මම ඔය මතක් කළ විදියට සමුදය සත්‍යය සහ දුක්ඛ සත්‍යය කියන කාරණාව තුළින් ස්කන්ධයෝ උපද්දන හැටි සහ පවතින හැටි අවබෝධ වෙන විදියට ස්කන්ධයන්ගේ උදයත්ථ ගාමිණී ප‍්‍රඥාවත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.

හැම දෙනාටම උතුම් නිවන් පිණිසම මේ දේශනාව හේතු වේවා!

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

හය හතර දන්න කෙනෙක්ද? හයක් හතරක් නොතේරෙන පොඩි එකා කියල කියන්නේ සාමාන්‍යයෙන් කිසිද…

හය හතර දන්න කෙනෙක්ද?
හයක් හතරක් නොතේරෙන පොඩි එකා කියල කියන්නේ සාමාන්‍යයෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ…
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..

‘හය’ – දිව්‍යලෝක හය
චතුම්මහාරාජිකය
තාවතිංසය
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරිනිම්මිත වසවත්තිය

‘හතර’ – සතර අපාය
නිරය භූමිය
තිරිසන් භූමිය
ප්‍රේත භූමිය
අසුර භූමිය

පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..

වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද …මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු බටහිර භෞතිකවාදීන් (western science) ඔප්පු කරනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත….

අග්‍ර වූ ස්ථානයෙහි පැහැදුණු තැනැත්තාට අග්‍රවූ විපාකය ලැබේ. අග්ගප්පසාද සුත්‍රය ->…

අග්‍ර වූ ස්ථානයෙහි පැහැදුණු තැනැත්තාට අග්‍රවූ විපාකය ලැබේ.
අග්ගප්පසාද සුත්‍රය ->