Monthly Archives: May 2015

අප සරණ ගිය අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අස…

අප සරණ ගිය අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දින චර්යාව දැන ගැනීමට ඔබත් කැමැති ද?

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතාගන්නවත් බැරි තරම් සුන්දර වූ මේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම ගතකළ ආකාරය සැබැවින්ම විස්මය ජනක යි.

බුදුරජාණන් වහන්සේගේ් දින චරියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෙර බත්කිස. අනිත් එක තමා පසු බත්කිස.

පෙර බත්කිස කියන්නේ උන්වහන්සේ උදෑසන පිබිදී මොහොතේ පටන් දානය වළදින වේලාව දක්වා කාලය. උන්වහන්සේ දවස ආරම්භ කරන්නේ උදෑසනින්ම අවදිවෙලා. එක්ට හේතු කීපයක් තියෙනවා. උපස්ථාන කරන අයගේ පහසුව පිණිසත්, ශරීරය සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම පිණිසත් සඳහා.

උදෑසනම අවදි වී මුව සෝදා ගෙන පිණ්ඩපාතයට වඩින්න කාලය පැමිණෙන තෙක් භාවනානුයෝගීව කල්ගත කරනවා. පිණ්ඩපාතය පිණිස කල් පැමිණි විට පාත්‍ර සිවුරු රැගෙන ඇතැම් විට තනියම පිණ්ඩපාතයේ වඩිනවා. සමහර විට පිණ්ඩපාතයේ වඩින්නේ භික්ෂුන් වහන්සේලා සමඟයි.

සමහර දවස් වලට පිණ්ඩපාතයේ වඩිනවිට මෙන්න මේ වගේ මහා ආශ්චර්යමත් දේ සිදුවෙනවා.

ඒ වගේ දවස්වලට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද් දී හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින පෙරමඟට හමනවා. ඒ සිහිල් සුළං රැළිවලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසුදු කරලා දෙනවා. අහසේ වළාකුළු වලින් වැසි බිඳු එක දෙක ඇදැහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නැහැ. ශාන්තයි. පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහලින් ගමන් කරනවා.

ඒ වගේ සිහිල් සුළං රැල්ලේ පාවී ගෙන එන ලස්සනම ලස්සන මල් උන්වහස්සේ වඩින මාර්ගයේ විසිරෙනවා. අමුතුම සුවඳක් ඒ මුළු පළාත පුරාම පැතිරී යනවා. පොළොවේ තියෙනව විෂම තැන් ඒ කියන්නේ වළ ගොඩැලි ආදිය නැතිවෙලා පොළොව සම වෙනවා. උස් තැන් පහත් වෙනවා. පහත් තැන් උස් වෙනවා. මාර්ගය හරියටම සමතලා වෙනවා. එතකොට උන්වහන්සේ පා තබා වඩිද්දී මුළු පාදයම ඒ සමතලා පොළොවේ මනාව ස්පර්ශ වෙනවා.

සමහර දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමට වඩිද්දී ඒ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස්් වලිින් මාර්ගය දෙපස මැදුරු මාලිගා ආදිය රන්වන් පැහැයෙන් දීප්තියෙන් බබලනවා. ඇතුන්, අශ්වයන්, කුරුල්ලන් ඒ ඒ තැන්වලම සිටිමින් මිහිරි නාදයන් පවත්වනවා. ඒ වගේම බෙර, වීණා ආදි පංච තූ®ර්ය භාණ්ඩයන්ගෙන් මිහිරි නාදයන් නිකුත් වෙනවා.

ඔය ලකුණු මඟ දෙපස ඇතිවෙද්දී ඒ ප්‍රදේශයේ මිනිස්සු අද නම් ‘බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස මේ ප්‍රදේශයට වඩින සේක’ කියලා දැන ගන්නවා. ඔවුන් පිරිසුදු ඇඳුමින් සැරසිලා සුවඳ මල් ආදිය අරගෙන සැදැහැ සිත පෙරට අරගෙන පෙරමඟට එනවා. ඔවුන් රැගෙන ආ මල් සුවඳ විලවුන් ආදිය බුුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා අප්‍රමාණ විදිහට පින් රැස්කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දැකීමෙන් සිත් පහන් වෙන ඒ උපාසක උපාසිකාවෝ ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අද අපේ ගෙදරට දානයට ස්වාමින් වහන්සේලා දස නමක් , විසි නමක් , සියක් නමක් ආදි ලෙස වඩම්මලා දෙන්න’ කියා ඉල්ලා සිටිනවා. උන්වහන්සේලාට දානෙ හැන්දක් පූජා කරගන්න ලැබෙනවා නම් ඒක ජීවිතයට කොයිතරම් වාසනාවක් ද?

තථාගතයන් වහන්සේ කිසිම කලබලයක් නැතුව ඒ දානය පිළි අරගෙන වළඳනවා. දානය වැළඳුවායින් පස්සේ අනුමෝදනා බණ දේශනා කරනවා.ඒ ධර්ම දේශනය අසන පින්වත් උදවිය එක්කො තෙරුවන් සරණ යනවා. එහෙම නැත්නම් සෝවාන් වෙනවා. නැතිනම් සකදාගාමි, අනාගාමි වෙනවා. සමහර උදවිය මේ බුදු සසුන ගැන පැහැදිලි ගිහි ජීවිතය අත්හැර දමා උතුම් පැවිදි ජීවිතයට පත්වෙනවා. ඒ අයට මේ සසර දුකින් සදහටම නිදහස් වෙන්න පවා වාසනාව උදාවෙනවා.

මේ විදිහට තමන් වහන්සේට දන් පිළි ගැන් වූ පිරිසට අනුමෝදනා කරලා ආසනයෙන් නැගිටලා ආපසු විහාරයට වඩිනවා. ඉන්පසු අනෙක් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය අවසන් කර නැවත විහාරයට වඩින තුරු ශාලාවේ පනවා ඇති ආසනයේ වාඩි වී සිටිනවා. ස්වාමින් වහන්සේලා වළදා අවසන් කළ බව අවස්ථාවක ස්වාමීන් වහන්සේ උන්වහන්සේට දැනුම් දීමෙන් පසුව තමා උන්වහන්සේ ගන්ධ කුටියට පිවිසෙන්නේ.

මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පෙර බත්කිස අවසන් වෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත සළසමින්. පෙරබත් කිසෙන් අනතුරුව පා දෝවනය කරගෙන ගන්ධ කුටියේ පනවන ලද අසුනේ වාඩ වී සිටින ලෝකනාථ වූ ඒ බුදුජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිිහට අනුශාසනා කරනවා.

“පින්වත් මහණෙනි, බුදු කෙනෙකුගේ උපත අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. පැවිදි ජීවිතයක් ගත කරන්නට ලැබීමත් දුර්ලභයි. සද්ධර්මය අසන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. එනිසා පින්වත් මහණෙනි අප්‍රමාදී මේ ශාසනයේ යෙදෙන්න”

ඉතින් ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා තම තමන්ට විසඳා ගන්න තියෙන ධර්ම කාරණා භාවනා කරණ ආකාරය ගැන උන්වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක පුතුන්ට ධර්ම මාර්ග දියුණු කරගන්න ඕන විදිහට අනුශාසනා කරනවා.

බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් පසුව ඒ ස්වාමීන් වහන්සේලා තම තමන් කැමැති පරිදි කැලයට හෝ රුක් සෙවණකට හෝ ගල් ගෙයකට හෝ වඩිනවා. ඒ වගේම සමහර ස්වාමින් වහන්සේලා වඩින්නේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට. ඇතැම් ස්වාමින් වහන්සේලා භාවනා කරන්නෙ පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයටත් වඩිනවා.

මේ විදිහට පිණ්ඩපාතයෙන් පස්සේ දවසේ පළමු කොටස අවසන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාට උතුම් ධර්ම මාර්ගය තුළ හික්මවීමෙනු යි.

භික්ෂූන් වහන්සේලා වැඩමවීමෙන් පස්සේ උන්වහන්සේ කැමැති නම් මනා සිහියෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් මදක් වෙලා සැතපී විවේක ගන්නවා. ඉන්පසු නැවත වරක් සමාධි සුවයෙන් යුක්තව මහා කරුණාවෙන් මුළු ලෝකය දෙසම විමසා බලනවා.

හවස් කාලයේ ඒ ප්‍රදේශයේ සිටින සැදැහැවත් උපාසක උපාසිකාවන් සුවඳ මල් ආදිය රැගෙන විහාරයට පැමිණෙනවා. දම් සභා මණ්ඩපයට රැස්වෙනවා. ඒ පිරිසට සුදුසු වෙන ධර්ම දේශනයක් පවත්වනවා. කුසලයෙහි පිහිටුවනවා. පිනෙහි යොදවනවා. මේ විදිහට තමන්ගේ ශ්‍රාවක වූ ගිහි පිරිසටත් ධර්මය කියා දෙන්නට ඒ කාලය බුදුරජාණන් වහන්සේ යොදවනවා.

ඉන් අනතුරුව තමන් වහන්සේගේ ශ්‍රී දේහය සිසිල් කිරීමට කැමැති සේක්නම් එසේ කරනවා. ඉන්පසු මොහොතක් විවේකීව ගත කරනවා. ඉන්පස්සේ ස්වාමින් වහන්සේලාට තම තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය දහම් කාරණා වදාරණවා. ඒ වගේම භාවනා ආදියත් කියා දෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ දෛනික දින චරියාවේ රැයේ මුල් කොටසත් ලෝකයාටම හිත සුව පිණිසම යොදනවා.

ඉන්පසුව එළැඹෙන්නේ රාත්‍රියේ මධ්‍යම යාමයි. දස දහසක් සක්වලින් පැමිණෙන දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් කාරණා විමසන්නේ මේ වෙලාවටයි. උන්වහන්සේත් ඒ දෙවියන්හට දහම් දෙසනවා. අඩු ගණනේ සතර පද ගාථාවකින් හෝ දහම් දෙසනවා. ඒ ධර්මය ශ්‍රවණය කරන දෙවිවරු මගඵල, නිවන් අවබෝධ කරනවා. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙවියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් තමන් වහන්සේගේ කාලය කැප කරනවා.

රාත්‍රියේ අවසන් කාලය කොටස් හතරකට බෙදාගන්නා උන්වහන්සේ එක් කොටසක් සක්මනින් ගත කරනවා. දෙවෙනි කොටස ගන්ධ කුටියට පිවිස සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. තුන්වෙනි කොටසේ දී සමාධි සුවයෙන් ගත කරනවා. දවසේ අළුයම කාලය ගතකරන්නේ මහා කරුණා සමාපත්තියට සමවැදී පිහට විය යුතු ලෝක සත්ත්වයන් දෙස බලමිනුයි. මෙය ලෝකාවලෝකනය නමින් හැඳින්වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දින චරියාවේ පසු බත්කිස මේ විදිහට ගතවෙනවා.

සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පිරිනිවන් පානා තෙක් වසර හතළිස් පහක කාලයක් පුරාවට දෙවි මිනිසුන්ගේ යහපත උදෙසාම කැපකළ මහෝත්තම චරිතාපදානයක දින චරියාව සැබැවින්ම අසිරිමත් නොවේ ද?

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සටහන : නයනා නිල්මිණි

අපේ පිනටයි අපට (දැනට) ඔවුන්ව ලස්සනට පේන්නේ ! ඒ පින ගෙවෙන්නට පෙර…චතුරාර්‍ය සත්‍…

අපේ පිනටයි අපට (දැනට) ඔවුන්ව ලස්සනට පේන්නේ !
ඒ පින ගෙවෙන්නට පෙර…චතුරාර්‍ය සත්‍ය අවබෝධයට ව්ර්ය කටයුතු.

අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක එක්තරා දේව පුත්‍රයකු…

අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක එක්තරා දේව පුත්‍රයකු උන්වහන්සේ ඉදිරියට පැමිණ එක්තරා ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් භාග්‍යවතුන් වහන්ස කිසියම් දෙයකින් මේ ලෝකය බබළන්නේ ද එබඳු එළි ලෝකයෙහි කොතෙක් තිබේද? එම එළි අතුරෙන් කුමන එළියක් ප්‍රධාන වන්නේ ද? ස්වාමීනි! මෙම කරුණ පැහැදිළි කර දෙනු මැනව යනුවෙනි. එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ගාථා දෙක දේශනා කළ සේක.

“චත්තාරෝ ලෝකේ පජ්ජෝතා – පංචමෙත්ථන විජ්ජති
දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චංදිමා
අථ අග්ගි දිවාරත්තිං – තත්ථ තත්ථ පකාසතී
සම්බුද්ධෝ තපතං සෙට්ඨං – ඒසා ආභා අනුත්තරාතී”

දේවපුත්‍රය! මේ ලෝකය බබළවන එළි සතරක් ඇත. පස්වැනි එළියක් නැත. එම එළි අතරෙන් දවල් කාලයේ සූර්යාලෝකය ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයෙහි සඳුගේ ආලෝකය ප්‍රධාන වෙයි. ගින්න දවල් කාලයේ මෙන් මැ රාත්‍රී කාලයෙහි ද ඒ ඒ ස්ථානවල දී බබළයි. එහෙත් සර්වඥයන් වහන්සේ මෙම සියලු එළි අතරෙන් ප්‍රධාන වෙයි. ඒ හා සමාන වෙනත් එළියක් නොමැත යනු එම ගාථා දෙකෙහි ලිහිල් අර්ථය වේ.

මෙම කරුණම දිනක් ආනන්ද තෙරුන් අමතා ද බුදුරදුන් විසින් දේශනා කළ සේක. ආනන්දය සූර්යයා බබළන්නේ දවල් කාලයට පමණකි. චන්ද්‍රයා රාත්‍රී කාලයේ පමණක් බබළයි. දහවල බබළන්නේ නැත. රජ තුමා රජ ඇඳුමින් සැරසී සිටින විට බබළයි. රහතන් වහන්සේලා මහ පිරිසෙන් ඈත් වී සමාපත්තියට සම වැදී සිටින විට බබළයි. සර්වඥයන් වහන්සේ සියලු අඳුර දුරු කැර දිවා රැය දෙකෙහිදීම බබළති.

මෙම ගාථාවල සඳහන් ආකාරයට දවල් බබළන සූර්යයා පිළිබඳවත්, රාත්‍රියට බබළන චන්ද්‍රයා පිළිබඳවත් දිවා කාලයේ ඒ ‘ඒ’ ස්ථානවලදී බබළන ගින්න පිළිබඳවත් අපට තේරුම් ගැනීමේ අපහසුවක් නැත. මෙම සියලු බැබළීම් අතුරෙන් දිවා රැය දෙකෙහිදීමැ නිරන්තරයෙන් බබළන සර්වඥයන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීම මඟින් ඔබට බුද්ධානුස්සති භාවනාව සිදු කැර ගැනීමට ද හැකියාව ලැබෙයි. බුදු ගුණ මෙනෙහි කිරීම මඟින් ආනිසංස කිහිපයක්ම ලබා ගත හැකි ය. එනම් බුදුරදුන් කෙරෙහි ගෞරවය දියුණු කැර ගැනීමට හැකිවීම ශ්‍රද්ධාව දියුණු කැර ගැනීමට හැකිවීම. බුදු ගුණ අරමුණෙහිමැ සිහිය පිහිටුවා ගත හැකි වීම. භාවනා ඤාණය දියුණුවීම සිතෙහි සතුටක් ඇති කැර ගත හැකිවීම, දුක් පීඩා ඉවසා ගත හැකිවීම සර්වඥයන් වහන්සේ සමග වාසය කරමි යි කියන හැඟීම ඇති වීම සර්වඥයන් වහන්සේ අරමුණු කැර ගෙනම සිත පැවතීම, කෙළෙස් පීඩා සන්සිඳී සිතෙහි අප්‍රමාණ සැනසිල්ලක් උදා වීම ආදී ආනිසංස රැසක් ලබා ගත හැකි වේ.

බුදුරජාණන් වහන්සේ මෙලොව පවතින අන්ධකාරයන් දුරු කැරෙන උත්තමයන් වහන්සේ නමක් නිසා නිරන්තරයෙන් බැබළීමට පත් වෙති. සත්වයාගේ දසශීලය නමැති අන්ධකාරය සර්වඥයන් වහන්සේගේ සීලය නමැති තේජසින් දුරු කරයි. සත්වයාගේ දුර්ගුණ නමැති අන්ධකාරය බුදුරදුන්ගේ ගුණ නමැති තේජසින් දුරු කරයි. එසේම ප්‍රඥාව නමැති තේජසින් මෝහාන්ධකාරය දුරු කරයි. පුණ්‍ය නමැති තේජසින් පාපය නමැති අන්ධකාරය දුරු කරයි. ධර්මය නමැති තේජසින් සත්වයාගේ අධර්මය නමැති අන්ධකාරය දුරු කරයි. මෙලෙස බුදුගුණ පහක් මඟින් අන්ධකාරයන් පහක් දුරු කරයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොවෙහි අඳුර දුරු කැරෙමින් දිවා රාත්‍රී දෙකෙහිදීමැ බුද්ධාලෝකයෙන් බබළවති. එබැවින් බුදුරදුන්ගේ බැබළීම අන් සියලු බැබළීම් වලට වඩා ශ්‍රේෂ්ඨ වෙති. බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණ වලින් යුක්ත වෙති. එලෙස නව අරහාදී ගුණයන්ගෙන් යුක්ත වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. ඒ නිසාම දෙවියන් බඹුන් මිනිසුන් අතරෙන් සරණ යා යුතු එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. දෙවි මිනිසුනට ශාස්තෘ වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කැර ගත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේම ලෝකයෙහි නිරන්තරයෙන්ම බබළති.

උන්වහන්සේගේ චරිතය තුළින් බැබළීමට පත් වෙති. උන්වහන්සේට රහත් බව ලබාගෙන සසර දුකින් නිදහස් වීමේ අවස්ථාව දීපංකර බුදුරදුන්ගේ සමයෙහි උදා වුණත් ඒ සියල්ල පසෙකලා මෙම සංසාර සාගරයෙහි ඉමක් කොණක් නොමැතිවැ දුක් විඳින අපමණ සත්ව සමූහයා දුකින් මුදවා ගැනීමේ මහා කරුණාබර හැඟීමෙන් සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේම දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා කියන සමතිංසත් පාරමිතාවන් සපුරා බුද්ධත්වයට පත් වූයේ මෙයින් වසර දෙදහස් හයසියයකට පෙරය. එසේ බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.

වරක් සක්‍රදෙවියන් බුදුරදුන්ගේ ගුණ අටක් මෙලෙස ප්‍රකාශ කළේ ය. එනම් බුදුරදුන් තමන් වහන්සේගේ මුළු ජීවිත කාලයම දෙවියන්, මිනිසුන්, යකුන්, බඹුන් ආදී සියලු සත්වයන්ගේ යහපත වෙනුවෙන් කැප කළ සේක. උන්වහන්සේ හැරුණ විට වෙනත් කිසිම ශාස්තෘවරයකු එලෙස කර නැත. උන්වහන්සේ දේශනා කළ ධර්මය ස්වාක්ඛාත ආදී ගුණයෙන් යුක්තය. එනම් එන්න බලන්න ප්‍රත්‍යක්‍ෂ කැර ගන්න. ඒ අවස්ථාවේම ප්‍රතිඵල ලබා ගත හැකි මෙලොව මෙන්ම පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි ධර්මයක් දේශනා කළහ. එබඳු ධර්මයක් වෙනත් කිසිවකු විසින් දේශනා කැර නොමැත. බුදුරදුන් මේවා කුසල්ය. මේවා අකුසල්ය. කළ යුතු දෙය මෙයයි. නොකළ යුතු දෙය මෙයයි. අනුගමනය කළ යුතු දෙය මෙයයි. දුරු කළ යුතු මෙයයි. ආදී වශයෙන් පෙන්වා දුන්හ. වෙනත් ශාස්තෘවරයකු මෙලෙස කටයුතු කළේ නැත. උන්වහන්සේ පෙන්වා දුන් නිවනත් එය ලබා ගත යුතු ආකාරයත් ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ගංගා සහ යමුණා නදීවල ජලය එකට ගැළපෙන අයුරින් මැනවින් ගැළපෙයි. නිවන සහ එය ලබා ගත යුතු මාර්ගයත් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් පෙන්වා දුන් වෙනත් ශාස්තෘවරයකු නොමැත. බුදුරජාණන් වහන්සේට ලැබුණු ලාභ කීර්ති ප්‍රසංසා අප්‍රමාණය. එලෙස ලැබුණ ලාභ කීර්ති ප්‍රසංසා පිළිබඳ කිසිඳු ඇල්මක් නොතිබුණි. වෙනත් කිසිවකු තුළින් එවැනි ගුණයක් දැකීමට නොහැකි ය.

බුදුරදුන් ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ අනුගාමිකයන් පිරිසක් ලැබූහ. සතර මඟ සතර ඵල වලට පත් ශ්‍රාවකයන් කොපමණ හිටියත් උන්වහන්සේ හුදෙකලාවම පි‍්‍රය කළහ. එලෙස එකලාව වාසය කළ වෙනත් ශාස්තෘවරයකු පෙර සිටියේ ද නැත. මෙකල ද නැත. බුදුරදුන් යමක් කියයි නම් ඒ අයුරින්ම කරති. යමක් කරයි නම් ඒ අයුරින්ම කියති. යථාවාදී තථාකාරී ගුණය ඇත්තේ බුදුරදුන්ට පමණකි. බුදුන්වහන්සේ සියලු සැකයන් දුරු කළ සේක. අනෙකුත් මඟ පල ලාභීන් සියලු දෙනාටම තමන් ලැබූ ලෝකෝත්තර තත්ත්වයන් ගැන සැක හට ගනියි. එහෙත් බුදුරදුන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් බුද්ධත්වය ගැන කිසිදු සැකයක් නොමැත. මේවා සක්‍ර දෙවියන් දුටු බුදු ගුණ වෙති. මෙවැනි ගුණ නිසාම බුදුරදුන් දිවා රැය දෙකෙහිමැ නිරන්තරයෙන් බැබළීමට පත් වෙති.

බුදුරදුන්ගේ ශරීර ලක්‍ෂණ නිසාද බැබළීමට පත් වෙති. බුදුරජාණන් වහන්සේට තිබුණේ අසාමාන්‍ය ශරීර ලක්‍ෂණයකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් සහ අසූවක් අනු භ්‍යන්ජනයන්ගෙන් යුක්ත වන්නාහ. බොහෝ දෙනා උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකීමෙන්ම පැහැදීමට පත් විය. ඇතැම් සැඩ පරුෂ අය පවා උන්වහන්සේගේ අසාමාන්‍ය රූප සම්පත්තිය දැකීමෙන් පැහැදීමට පත්වී යහපත් පුද්ගලයන් බවට පත් වූහ. ඒ අනුව රූප සම්පත්තිය අනුව උන්වහන්සේ දිවා රැය බැබළීමට පත් වූහ.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ මෙලොව අන් සියලු දෙයටම වඩා බැබළෙන බවයි. උන්වහන්සේගේ බැබළීම පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන අතර එය ‘බුද්ධානුස්සති’ කමටහන වශයෙන් හඳුන්වයි. ඒ අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදියි නම් එය බුදුන්දැකීම හා සමාන වන බව උන්වහන්සේ පෙන්වා වදාළහ. යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්කා හා සමාන වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින් බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකි වන බව සිතන්න.

ඔබට උතුම් නිවන අවබෝධ වේවා!

දුතීය චේතනා සූත‍්‍රය : 09 කොටස මම උපමාවක් කියන්නෙ, වැලි කැට ටිකක් තියෙන තැනක…

දුතීය චේතනා සූත‍්‍රය : 09 කොටස

මම උපමාවක් කියන්නෙ, වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් හදලා පෙන්නන්නෙ ඇහෙන්. ඒ පෙනෙන වර්ණ සටහන ඇහැ නිසයි අපිට පේන්නෙ. එහෙනම් ඒ රූපයටත් කියන්න තියෙන්නෙ ඇහේ ගති ටිකර්මයි අවිද්‍යා ප‍්‍රත්‍යයෙන්, කර්ම ප‍්‍රත්‍යයෙන්, තණ්හා ප‍්‍රත්‍යයෙන්, ආහාර ප‍්‍රත්‍යයෙනුයි මේ වර්ණ රූපය කියන එකත් හැදෙන්නෙ කියලා. එහෙම නැතුව ඒ සටහන හදන වෙන කෙනෙක් නෑ. ඒකට වෙන අයිතිකාරයෙක් නෑ. ඔය නිසයි අපි අපේම කර්මය වි`දිනවා, අපි ලෝකය හදාගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ.

කනට ශබ්ද ඇහෙනකොටත් එහෙමයි. කන නිසා ශබ්දයක් උපද්දලා ඒ ශබ්දයයි අපිට අහන්න සලස්වලා තියෙන්නෙ. අපි අපේ ජීවිතෙන් එළියට ගිහිල්ලම නෑ කවදාවත්. යන්නෙත් නෑ. ඒකයි මේ බිත්තර කටුවක් ඇතුළෙ ඉන්නවා වගෙයි කියලා බුදු රජාණන් වහන්සේ උපමා කළේ. අපි අපේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බට කවදාවත් ගිහිල්ලා නෑ. ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ.

ලෝකය කියලා කිවුවෙ ඒකට. ඒ කනෙන් හදලා දෙන ශබ්ද රූපය තමයි, ආපහු හිතට වි`දින්න හදලා තියෙන්නෙ. ඒ ශබ්ද රූපයට හේතු ටික කියන්න වෙන්නෙ කන හැදෙන්න තිබුන හේතු ටිකෙන්මයි. අවිද්‍යා, කම, තණ්හා, ආහාර තමයි කන හැදෙන්න හේතු වුනේ. එබඳු කනෙන් හදලා පෙන්නන ශබ්දයටත් කියන්න වෙන්නෙ ඔය හේතු ටිකර්මයි.

හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔය රූපෙටයි ශබ්දෙටයි කියනවා අසම්පත්තගාහී කියලා. ඒ කියන්නෙ ඇහැ, කන කියන ධර්මතා දෙක මුල්වෙලා තමයි රූප, ශබ්ද හදලා තියෙන්නෙ. එතකුදු වුවත් මහා භූත තිබූ තැනම තිබිය දී රූ සටහන් හදලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා ඇහැට, මහා භූත තිබූ තැනම තිබිය දී ශබ්ද රූපයක් හදලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා කනට. ඒ හින්දා ඒ බාහිර මහාභූත මේ ප‍්‍රසාදවලට ඇවිල්ලා හැපෙන්නම ඕන නෑ. එහෙම තියෙන තැනම තියෙද්දි රූප, ශබ්ද හදන හින්දා කියනවා අසම්පත්තගාහී කියලා. පැමිණෙන්න ඕන නෑ.

ධර්මයෙ පෙන්නනවා ගිනි ගොඩක් පේනවා නම් ඕක ඇහේ වැදිලා නම් පේන්නේ ඇහැ පිච්චෙනවනෙ. නමුත් එතනම තියෙද්දි අපිට ඒ සටහන බලන්න පුළුවන්. අකුණක් ගහනකොට තිබූ තැනම තියෙද්දි අපිට හ`ඩ අහන්න පුළුවන්. කනට හෙණ හ`ඩ වැදුනොත් කන පුපුරලා යයි. නමුත් එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි රූපය, ශබ්දය කියන එක තාක්ෂණ ක‍්‍රම ඔස්සේ පවා යවන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අනික් ඒවා ගන්ධය, රසය, ස්පර්ශය එහෙම යවන්න බෑ. රූපය, ශබ්දය, ඒ ඒ තැනම තිබිය දී ඔසොවලා ගන්න පුළුවන්.

දිව හැදිලා තියෙන්නෙත් අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන ටිකෙන්. හැබැයි සම්පත්තගාහී. බාහිර තිබුනට රස දැනෙන්නෙ නෑ. මහාභූත ටික ප‍්‍රසාදයෙ වදින්නම ඕන. වැදුනහම මහාභූතයන්ගෙ තියෙන වණ, ගන්ධ, රස කියන කොටස්වලින් රස කොටස උදුරලා අරගෙන රසයක් හදලා හිතට වි`දින්න සලස්වනවා. මහා භූත වල තියෙන රස කලාප ටික නෙමෙයි. ඒක උදුරලා අරගෙන හදන රසයක්. ඒ නිසයි කෙනා කෙනාට දැනෙන රසයෙ වෙනසක් තියෙන්නෙ එකම කෑමක වුනත්.

චක‍්‍රවර්ති රජ කෙනෙකුට රස නහර සත්සියයක් පිහිටලා තියෙනවලූ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට දැනෙනවට වඩා සියගුණයක් වැඩිපුර රසය දැනෙනවා කියනවා, එයාගෙ කර්මයට. එබඳු රසයක් හදලා දෙන්න පුළුවන්කම තියෙන එකම අග්ගලාවක් අපිට ඒ රසය දෙන්නෙ නෑ. චක‍්‍රවර්ති රජතුමාට වැඩියෙන් රසය දෙනවා. හේතුව රස රූපය ඇති කිරීමේ හැකියාව දිවේ තියෙන නිසා. දිවෙන් උපද්දපු ඒ රස රූපෙටයි ඒ රජතුමා බැඳෙන්නෙ. අපේ මට්ටමට උපද්දපු රස රූපෙටයි අපි බැඳෙන්නෙ. මහා භූතය උපකාරක ධර්මයක්. නමුත් අවස්ථාවට තමන්ගෙ ආයතනය හරහා උපද්දපු දේ මිසක අපිට හම්බවෙලා තියෙන්නෙ අපේ ආයතනයට හමු නොවුන දෙයක් ගැන අපි දන්නෙ නෑ.

ඕකම තමයි මං ඔය ඇහැට පෙනෙන එකටත් කියන්නෙ. එකම වර්ණ සටහන දැනුත් ඇති අපි දන්නෙ නෑ. මට පේන හැඩතලම ද ඔය පින්වතුන්ටත් පේන්නෙ කියලා. ඔය පින්වතුන්ට පේන දේම ද මට පේන්නෙ කියලා කියන්න බෑ. ඔය කියන්නෙ වර්ණ අන්ධතාවය කියලා එකක් ගැන. අපි කොළ පාටයි කියන අරමුණම කෙනෙකුට රතු පාටට පේනවා. සමහරුන්ට රතු පාට පේන්නෙ නෑ. රූපය පෙනෙනවා වර්ණ පිළිබඳ අන්ධතාවක් තියෙනවා. මම කියන්නෙ බාහිර තියෙන පාට නම් පෙනෙන්නෙ, තියෙන දේ නම් පෙනෙන්නෙ, එකම වණය කෙනෙකුට දෙආකාරයකට පෙනෙන්නෙ කොහොමද? වර්ණ අන්ධතාවය කියන්නෙ ඇහේ ස්නායුවල දෝෂයක්. යථාර්ථ වශයෙන් බැලූවොත් කර්ම දෝෂයක්.

මේ ආයතන බාහිරයි කියලා අපිට හිතුනට ආධ්‍යාත්මික ආයතන ටිකෙන් උපද්දපු – අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇහැ නැතිනම් රූපයක් ගැන මිම්මක් තියෙයිද? බාහිරයි කියලා තර්ක කරන්න හරි රූපයක් ගැන දැනුමක් එන්නෙ ඇහැ හරහානෙ. ඇහැ නැත්නම් තිබුන එකක්මයි හම්බවෙන්නෙ කියලා තර්ක කරන්න මිම්මක් තියෙයිද අපිට. නෑ. තියෙන ශබ්දයක් ඇහෙන්නෙ කියලා හරි ශබ්දය ගැන තර්ක කරන්න මිම්මක් හම්බවුනේ කන නිසයි. ඒ වගේ දිව නැත්නම් රසයට මිමි නැහැ.

ගන්ධ රූපය කියන එක උපද්දන්නෙ නාසයෙන්. කයට දැනෙන පොට්ඨබ්බය මහා භූත වුනත් ඒ වෙලාවෙදී මහා භූතයන්ගේ තියෙන පඨවි ගතිය දැනෙන්නෙ කාය ප‍්‍රසාදය හරහායි අපිට. මහා භූතයන්ගෙ නෑ සීතල මහා භූත, උණුසුම් මහාභූත මේ කයට සාපේක්ෂවයි පඨවි ධාතුවෙ ගති වෙනස්කම් තේරෙන්නෙ.

හිත කියන එක කලම අවිද්‍යා, කම, තණ්හාවන්ගෙන් යුක්තයිනෙ. ඒ අවිද්‍යා කර්ම තණ්හාවෙනුත්, කන බොන ආහාරයන්ගෙනුත් උදවු ලබලා ගත්ත රූප නිමිති, ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති, තමයි මනෝ විඤ්ඤාණයෙන් අපිට ධම්මායතනය හරහා ලැබෙන්නෙ. ඒවට අනුබද්ධවමයි තව යමක් අපි හිතනවා කියලා හිතුවනම් මේ ස්පර්ශ ආයතන පහෙන් සම්බන්ධ කරගත්ත දේවල් අනුවමයි ගොනු කරලා අපි හිතන්නෙ. ඒ විදියට හිතට පහළ වෙන දේවලූත් අවිද්‍යා, කම, තණ්හා, ආහාර.

ඔය පින්වතුන්ට දකින්න පුළුවන් කමක් තියෙන්න ඕන මේ පෙනෙන රූපය හැදිලා තියෙන්නෙ බාහිර දේකින් කියලා හිතන්නෙ නැතුව – ඕකෙන් හොඳට පෙන්නනවා එක සිද්ධියක්, බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය දකින්න කියන සිද්ධිය – ආධ්‍යාත්මික හේතු නිසා ඇහැ හැදිලා ඒ ඇහෙන් උපද්දපු යමක් නම් අපිට පෙනෙන්නෙ, අපිට බාහිර දෙයක් හම්බවෙලා තියෙනවද? අපි හම්බකරගත්ත දෙයින් අපි ජීවත් වෙලා තියෙන්නෙ. ‘කම්මස්ස – කොම්හි කම්ම යොනි කම්මබන්ධු කම්ම පටිසරණා.’ කර්මය උත්පත්ති කොට නෑදෑකොට පිහිටකොට පිළිසරණ කොට පවතිනවා. යම් කර්මයක් හොඳට හෝ නරකට හෝ කළොත්, ඒකෙ විපාක තමන්ටම වි`දින්න වෙනවා.

සමහර පේ‍්‍රත ආත්ම තියෙනවා ඇහින් බලනකොට ජලය පේන්නෙ නෑ. පේන්නෙ ලේ සැරව වගේ. ඒ දිහාම වෙනත් කෙනෙක් බැලූවම එයාට පේනවා වතුර කියලා. කර්මයට ඔය ප‍්‍රසාද ටික වෙනස් වුනොත්, වතුර ටික ලේ
සැරව වගේ පෙනෙනවා වුනත්, ඒ වතුර ටිකම අපිට පෙනෙනවා වතුර කියලා. කර්මය වෙනස් වුන කෙනාට ඒක පෙනෙන්නෙ ලේ සැරව වගේ. දැන් වතුර ටිකක් පොවාගන්න පුළුවන් වෙයිද එයාට. තමන්ට පිහිට, තමන්ට පිළිසරණ තමන්ගෙ කර්මය. එයාගෙ කර්මයම වෙනස් වෙලා, වතුර පෙනෙන ඇහැක් හදලා දුන්නොත් විතරයි එයා ඒක බොන්නෙ. නැත්නම් පොවන්න බෑ. අපි හිතාගෙන ඉන්නෙ අම්මා, තාත්තා, නෑදෑයො තමයි අපිට පිහිට පිළිසරණ කියලා. නෑ කර්මයයි අපිට පිහිට පිළිසරණ.

ලෝකෝත්තර කියන්නෙ, ලෝකය කියන කාරණාව අතහැරලා බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය හටගෙන නිරුද්ධ වෙන බව දකින දර්ශනය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේ ආරම්මණ අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනා කියනකොට ඔන්න ඔය ටික දැනගෙන තියෙන්න ඕනෙ.

‘අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති’

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලත් දකින්න ඕන. ඇහෙන් බලන නිසා ඇහෙන්මයි මේ රූ සටහන උපද්දලා පෙන්නන්නෙ කියලා දැක්කොත්, දකින්න කලින් තිබුනා නෙමෙයි. දැක්කට පස්සෙ තියෙනවා නෙමෙයි, අවස්ථාවට උපද්දපු දේකුයි පේන්නේ කියන එකත් දකින්න ඕනෙ. මම ඕකට කියන්නෙ මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා නම් අපිට පෙනෙන ජලය වගේ රූපය ඇහෙන් හදපු එකක් මිසක ඒක අර නලියන මිරිඟුවේ තියෙන එකක් නෙවෙයි. ඒ නලියන මිරිඟුවත් ඕන, මේ ඇහැත් ඕන, හිතත් ඕන ජලය වගේ රූපෙ උපද්දන්න. ඒ නිසා අපිට හම්බවුන ඒ රූපෙට කියන්න වෙන්නෙ අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනෙ කියලා. ජලය වගේ පෙනෙන රූපෙ ස්වභාවය තමයි ඇහෙන් බලපු නිසාම පෙනෙන බව. එතකොට දකින්න පෙර තිබුනා නෙමෙයි. ඇහින් බලන නිසාමයි පෙනෙන්නෙ. දැකීමෙන් පස්සෙ තියෙනවා නෙමෙයි. ඉතුරු නැතුව නැතිවෙනවා.

ඒ වගේ මේ ඇහැට පෙනෙන රූපාරම්මණයෙ යථාභූත ඥාණය කියලා කියන්නෙ, දකින්න පෙර තිබුනා නෙමෙයි. මහාභූත තියෙන තැනක ඇහැ නිසයි මෙබඳු සටහනක් හදලා පෙන්නන්නේ, කියන එක එයා දන්නවා. අපි බත් උයාගෙන කනවා වගේ, තේ හදාගෙන බොනවා වගේ, රූප හදාගෙනයි පරිහරණය කරන්නෙ. ඇහැ අහකට ගන්නකොට දැකපු දේ තියෙනවා නෙමෙයි. නමුත් ඇහැට නැවත එබඳු ධාතුව ගැටුනොත්, එබඳු රූපයක් හදන්න පුළුවන් හේතුව තියෙනවා.

හැම වෙලාවෙම ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙනවා. සංඥා නානාත්වය නිසා ධාතු නානත්වයක් වෙන්නෙ නෑ. ඒ බව හොඳට දකින්න. අපි කියමු මිදි, අඹ, කෙසෙල් ගෙඩි කියන තුන එකට එකතු කරලා බීමක් හැදුවොත්, ඒ බීම බොනකොට අපිට යම් රසයක් දැනෙයි. ඒ පළතුරු වර්ග තුනම එකතු වුනාම ඒ දැනෙන රසය සිහිකරලා ඒ රසය මිදි වලින් ගන්න උත්සාහ කළොත් ලැබෙයිද? අඹ වලින් ? කෙසෙල්ගෙඩි වලින්? ලැබෙන්නෙ නෑ. ඒ තුනම එකතු වුනාම මේ පැත්තට ඵලයක් එනවා, ඒ වර්ග එකකටවත් අයිති නැති. එකක් එකකුත් නෙමෙයි, ඔක්කොමත් නෙමෙයි, ඒවා නැතුවත් නෙමෙයි. ඒවා නිසාම රසයක් ලැබිලා තියෙනවා. – හේතු නිසා හටගත්ත ඵලය දැන් හේතු ටිකේ නෑ – මේ රසය සිහිකරලා එයාට මිදි ගෙඩියට හෝ අඹ ගෙඩියට හෝ කෙසෙල් ගෙඩියට හෝ අත දාන්න බැරිවෙන්න ඕන.

රසය සිහිකරලා ආයෙත් මෙහාට අත දානව කියන්නෙ ආයෙත් හේතු ටික හදනවා. අපේ මේ රස තණ්හාව තිබුනොත් වෙන්නෙ මොකක්ද? එයා අඹයි, කෙසෙලූයි, මිදියි එකතු කරලා ආයෙත් මේ රසය හදනවා. හදලා ආයෙත් මේ රසය තියෙන්නෙ මෙහෙ කියලා ආයෙත් එකතු කරනවා. එකතු වුන නිසාමයි හැදෙන්නෙ මේ ඵලය හේතුවෙ නෑ කියලා එයාට තේරෙන්නෙ නෑ. ඒ වගේ ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ කියන තුන්දෙනා නිසා අපිට මෙබඳු සටහනක් පෙනෙනවා. ඒ පෙනෙන්නෙ ඇහැ උදවු කරලා රූපය හදලා, ඇහැයි රූපයයි දෙන්නා නිසා හිත ඉපදිලා, අවස්ථාවටත් හැදෙන්නෙ එහෙමයි. තුන්දෙනා ඔවුනොවුන්ට උපකාරීව උපස්ථම්භකව අවස්ථාවටයි හැදෙන්නෙ. හැදිලා මෙහෙම රූපයක් පේනවා. මේ පෙනෙන රූපය ඇහැට අයිතිත් නෑ. රූපෙට අයිතිත් නෑ. හිතට අයිතිත් නෑ. පෙනෙන රූපය හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් දැකපු එක තියෙනවා කියලා හොයන්න ගියාම ආයෙත් ඇහැයි, රූපය හැදෙන්න හේතුවුන ධාතුවයි, සිතයි එකතු කරන එක කරන්නෙ. ආයෙ මේ වගේ රූපයක් හැදෙනවා. ආයෙත් පේනවා. ඔහොම තමයි මේ චක‍්‍රය යන්නෙ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

දුතීය චේතනා සූත‍්‍රය

කිසිදා සිදුවීමට අවකාශ නැති කරුණු 1. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් නිත්‍ය යැය…

කිසිදා සිදුවීමට අවකාශ නැති කරුණු

1. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් නිත්‍ය යැයි ගැනීම.

2. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් සුඛ වශයෙන් ගැනීම.

3. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් ආත්ම වශයෙන් ගැනීම.

4. සෝවාන් පුද්ගලයා මවගේ ජීවිතය තොර කිරීම.

5. සෝවාන් පුද්ගලයා පියාගේ ජීවිතය තොර කිරීම.

6. සෝවාන් පුද්ගලයා රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම.

7. සෝවාන් පුද්ගලයා දුෂ්ට වූ සිතින් (දුට්ඨෙන චිත්තෙන) තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම.

8. සෝවාන් පුද්ගලයා සංඝයා භේද කිරීම.

9. සෝවාන් පුද්ගලයා වෙනත් සමයක්, වෙනත් ශාස්තෘවරයෙක් පිළිගැනීම.

මෙම කරුණු නවය දිට්ඨිසම්පන්නෝ පුග්ගලො යනුවෙන් මාර්ග දෘෂ්ටියෙන් යුතු සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයකු අතින් කිසිදා සිදු නොවේ. එනමුත් මෙම කරුණු ප්‍රථුජ්ජනො පුහුදුන් පුද්ගලයා වෙතින් සිදුවිය හැකි ය. (ඨානමෙතං විජ්ජති) මෙහි අංක 4 – 9 එන කරුණු 6 සෝවාන් පුද්ගලයා අතින් සිදුවීමට අභව්‍ය බව රතන සූත්‍රයේ ද කියැවේ. (ඡචාභිඨානානි අභබ්බො කාතුං)

10. එකම ලෝකධාතුවක පෙර පසු නොවී (අප්‍රබ්බං අචරිමං) එකවිටම සම්බුදුවරු දෙදෙනෙක් පහළ වීම කිසිදා සිදු නොවේ.

11. එක ලෝක ධාතුවක එකවිට සක්විති රජවරු දෙදෙනෙක් කිසිදිනක පහළ නොවේ.

12. ස්ත්‍රියක් අර්හත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම කිසිදා සිදුනොවේ.

13. ස්ත්‍රියක් සක්විති රජකමට පත්වීම කිසිදා සිදු නොවේ.

14. ස්ත්‍රියක් ශක්‍ර දේවේන්ද්‍ර බව කිරීම කිසිදා සිදු නොවේ. (සක්කත්තං)

15. ස්ත්‍රියක් මාර බව කිරීම කිසිදා සිදු නොවේ. (මාරත්තං)

16. ස්ත්‍රියක් බ්‍රහ්ම බව කිරීම කිසිදා සිදු නොවේ. (බ්‍රහ්මත්තං)

෴ සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය෴ එතකොට පින්වතුනි, තණ‍්හඤ‍්ච පජානාති කියන විට…

෴ සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය෴

එතකොට පින්වතුනි, තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දන්නවා නම් කොහොමද පින්වතුනි අපි තණ්හාව දැන ගන්නේ? එක මොනවාගේ එකක් ද?. පින්වතුනි අපට තණ්හාව කියන විට බොහෝ දුරට හිතෙන්නේ අපේ හිතේ යම් යම් දේවලට තියන කැමැත්ත කියලා. ඒ කැමැත්ත තමයි. නමුත් මෙතන දී අපි තණ්හාව කියන විට තණ්හාව දැන ගන්න‍ ඕන පළමු වෙන් ම ප්‍රභේද වශයෙන්. තණ්හාව කියන එක ඉස්සෙල්ලා ම දෙකට බෙදෙනවා පින්වතුනි, සමුදාචාර තණ්හාව සහ වට්ඨමූලික තණ්හාව කියල. සමුදාචාර තණ්හාව කියන්නේ, සමුදාචාර කියල කියන්නේ මේ ආයතන වල හැසිරීම් වශයෙන් පවතින තණ්හාවට. ඒ සමුදාචාර තණ්හාව තමයි පින්වතුනි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා නම් කලේ. මේ සමුදාචාර තණ්හාව පැවතුනාම, සමුදාචාර තණ්හාව නිසා පින්වතුනි වට්ඨමූලික තණ්හාව ඇතිවෙනවා. වට්ඨමූලික තණ්හාව කියලා කියන්නේ සංසාර වට්ඨය සඳහා, සසර ඉපදීම සඳහා මුල් වන තණ්හාවයි. ඒ තණ්හාවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියල. එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට මුලින් ම මේ තණ්හාවේ ප්‍රභේද දෙක දකින්න ඕන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන කාරණාව හා ඒ තණ්හාව අනුසාරයෙන් මේ සසර ප්‍රතිසන්‍ධි වශයෙන් පමුණු වන තණ්හාව හදනවා. ඒ තණ්හාව නිසායි පින්වතුනි උපාදානය කියන ධර්මතාව. උපාදානය නිසායි භවය, භවය නිසායි ජාතිය. එතකොට ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ඇතිවෙනවා. තණ්හාව කියල කියන්නේ ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් කියල දන්නවා නම්, තණ්හාව ගැන ඔන්න ටිකක් දන්නවා. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියල කියන්නේ දුකට යන්න තියන ක්‍රමයයි, දුක ඇති කරවන හේතුවයි කියල දකින්න.
ඒ වගේම තණ්හාවේ ලක්ෂණ ටිකත් අපි දැන ගන්න ඕන. හොඳට දකින්න මේ කෙලෙස් කියන ධර්මතාවය – අවිද්‍යා, කර්මය, තණ්හාව, උපාදානය කියන මේ නොයෙක් කෙලෙස් – පින්වතුනි, මේ කෙලෙස් විතරක් අපේ ජීවිතයට හම්බ වෙන්නේ නෑ. ඒ කෙලෙස් යෙදිල කෙරෙන වැඩකු යි අපේ ජීවිතයට හම්බ වෙන්නේ. ඒ ක්ලේශය හඳුන ගන්න වෙන්නේ ක්ලේශය කරන වැඩෙන්. තණ්හාවත් එහෙමයි පින්වතුනි. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියන එක, අපි හිතන විදියේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් විතරක් දකින්න බැහැ. ඊටත් වඩා මුළු ජීවිතය පුරාවට ම හරියට අතරක් නැතිව පැතිර තියන වතුර වලක් වගේ, ජීවිතය පුරාවට ම අතරක් නැතිව හැම අරමුණක ම පැතිර තියන ධර්මතාවයක් පින්වතුනි මේ තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් කෙරෙන වැඩේ දෙස බලල තමයි අපට තණ්හාව ගැන අනුමාන දැක්මක්, නුවණින් දැක්මක් ඇති කර ගන්න වෙන්නේ, අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. මොකද තණ්හාව කිසිම වෙලාවක තණ්හාවේ සාමාන්‍ය ස්වභාවයෙන් පවතින්නෙ නෑ. තණ්හාව හැම වෙලාවෙ ම යමක් අල්ලනවා කියන, උපාදාන කරවනවා කියන ගතියෙන් විද්‍යාමානයි. එතකොට ඒ අල්ලා ගන්නවා, උපාදාන කරනවා කියන ලක්ෂණයෙන් තමයි අපට තණ්හාව කියන කාරණාව දැන ගන්න වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන විට, මෙයා (තණ්හාව) ඉන්න නිසා නේද මේ ධර්මය යෙදෙන්නේ කියල තේරුම් කර ගන්න ඕන.
තණ්හාවට පොඩි උපමාවක් බලමු. යම්කිසි යුධ කඳවුරක් තියනවා කියල හිතමු. මේ යුධ කඳවුරට නොයෙක් දිශා වලින්, නොයෙක් ආකාරයෙන් සතුරු ආක්‍රමණ එන්න පුළුවන්. එතකොට නොයෙක් සතුරන්ගෙන් බලපෑම් මේ කඳවුරට ඇතිවෙන නිසා මේ කඳවුර රැක ගන්න ඕන. මේ කඳවුර රැක ගැනීමේ උවමනාව යම්කිසි කෙනෙකුට තියනවා නම් එයා මොකද කරන්නේ? මේකට ආරක්ෂාවක් යොදනවා. හොඳට බලන්න, කඳවුර ඇතුළේ සිට කඳවුර ආරක්ෂා කරන්න බෑ. ඒකට කඳවුරෙන් පිටට ගිහින් ‘සිකියුරිටි’ ගෙවල් හදා ගෙන ඒ ගෙවල් ඇතුළේ ඉඳ ගෙන තමයි කඳවුර රකින්නේ. කඳවුර රකිනවා කියලා කරන්න තියෙන්නේ කඳවුරේ කටයුත්තක් නොවේ, පිටත කටයුත්තක්. ඒ කියන්නේ ඈත බලා ගෙන තමයි ඉන්න වෙන්නේ. ඈත ඉඳල යන එන අය දෙස බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. කවුද එන්නේ කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. වටපිටේ වෙන්නේ මොනවා ද කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. මේ කරන හැම එකකින් ම මේ කඳවුර ආරක්ෂා කිරීමට යෙදිල ඉන්න කෙනාට පිටත තමයි රකින්න වෙලා තියෙන්නේ. පිටත තමයි සෝදිසි කරන්නේ. පිටත සෝදිසි කරන එකෙන් කරලා තියෙන්නේ කඳවුර ආරක්ෂා කරන එක මිසක්, පිටතට ගිහින්, යන එන පුද්ගලයෝ ගැන පරීක්ෂාකාරී වෙන්නේ, බාහිර අවට භූමිය ගැන පරීක්ෂාකාරී වෙන්නේ, අවට භූමියේ තියන ගහ කොළ ගැන පරීක්ෂාකාරී වෙන්නේ ඒවායින් යමක් හදන්න එහෙම නොවේ. ඒවායේ හරි වැරැද්ද හොයන්න, වැඩි දියුණු කරන්න නොවේ. ඒ බාහිර දෙස පරීක්ෂාකාරී ව ඉන්නේ අභ්‍යන්තරය ආරක්ෂා කර ගන්න ඕන නිසා.

එතකොට ඇතුළත කඳවුර ආරක්ෂා කරන්න පිටතට යන්න වෙනවා වගේ පින්වතුනි, අපි මේ තණ්හාව තමයි හැම වෙලාවෙ ම තමන් කැමති විදියට තබා ගන්න – අපි කියමු තණ්හාවට නිධාන කාරණාව පෙන්වනවා වේදනා පච්චයා තණ්හා කියල. හැම වෙලාවෙ ම දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන කැමැත්ත, සැප වේදනාව ලබාගන්න තියන කැමැත්තයි අපට දැන් තියෙන්නේ. මේ තමන් තුළ තියන කැමැත්තට ආහාර ලැබෙන්නේ නෑ තමන් තුළින්. එහෙනම් තමන් තුළ තියන තණ්හාවට තමන් කැමති විදියට පැවැත්ම ආරක්ෂා කර ගන්න නම්, අර කඳවුරෙන් එළියට ගිහින් කඳවුර රකින්න වෙනවා වගේ, බාහිර දේවල් ආරක්ෂා කරන්න වෙනවා. හොඳට බලන්න අපට ගෙවල් දොරවල් හදන්න වෙලා තියෙන්නේ, යාන වාහන, ඉඩකඩම් හදන්න වෙලා තියෙන්නේ, දූ දරුවෝ හදන්න වෙලා තියෙන්නේ කුමක් නිසා ද? දූ දරුවන්ට ආදරේකට කරනවා නොවේ, තව කෙනෙකුට යහපතට ගෙවල් දොරවල් හදනවා නොවේ. අපි හිතන්නේ තව කෙනෙකුට උපකාරය පිණිස ගෙවල් දොරවල් හදනවා, දූ දරුවන්ට උපකාරය පිණිස දූ දරුවන් හදනවා, මුනුබුරන්ට උපකාරය පිණිස මුනුබුරන් හදනවා, ලෝකයට උපකාරය පිණිස සේවයක් කරනවා කියල. නමුත් හොඳට දකින්න, තමන්ගේ ආධ්‍යාත්මයේ තියන කැමැත්ත ඉෂ්ට කර ගන්න යි අපි බාහිර දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කඳවුර රකින කෙනාට කඳවුරෙන් පිටත බලා ගෙන ඉන්න වෙනවා වගේ, අපි තුළ ඇති කැමැත්ත, ආශාව ඉෂ්ට කර ගන්න තමයි පින්වතුනි අපි බාහිරට ගිහිල්ලා තියෙන්නේ.

අපි උපමාවක් ගත්තොත්, අපට ප්‍රියමනාප රූපයක් බලන්න රූප තණ්හාව තියෙන්නේ. නමුත් මේ රූපය අපට ලැබෙන්නේ රූපවාහිනී නාලිකාවකින් නම් දැන් අපට මේ රූප පෙට්ටිය කැඩෙන්නේ නැතිව පරිස්සම් කර ගන්න වෙනවා. ඒක දුහුවිලි වැදෙන්නේ නැතිව පිහින වාරයක් පාසා, ආරක්ෂා කරල තියන වාරයක් පාසා, මේ බාහිර රූපවාහිනී යන්ත්‍රයක් වේවා, රේඩියෝ එකක් වේවා, ශීතකරණයක් වේවා ඇයි මේ කෑලි අපේ ගෙවල් වලට අවශ්‍ය? පින්වතුනි මේ තණ්හාව නිසායි. මේක තියනවා නම් මේ රූපය බලන්න පුළුවන්. රූප තණ්හාව ඉෂ්ට කර ගන්න පුළුවන් නිසා. ඇයි මේ ‘කැසෙට්’ එකකට, ගුවන් විදුලියකට වගේ දෙයකට කැමති? ඒ කෑලි ටික ඕන නෑ. නමුත් ඒ කෑලි ටික නිසා නම් අපට ශබ්දයක් අහල සැප විඳින්න පුළුවන් කම තියෙන්නේ, එහෙනම් ශබ්දය අහල සැප විඳින්න ඕන කමයි තියෙන්නේ. ඒ නිසා මේ ගුවන් විදුලි යන්ත්‍රය රකින්න ඕන. කයට මෘදු පහසක් ලබා දෙන්න නම්, සිසිල් යමක් ලබා දෙන්න නම්, ශීතකරණය තියෙන්නේ. ඒකට මේක රකින්න වෙලා. මේ වගේ අපට හිතට සතුටු වෙන යමක් ලැබෙන්න නම්, හිත සතුටු කරන්න නම් ඒ සඳහා තමයි මේ දරු මුනුබුරෝ, ගෙවල් දොරවල් තියෙන්නේ. එතකොට හොඳට බලන්න, තමන් තුළ තියන සැප වේදනාව බලා ගෙන, ඒ සැප වේදනාව ගන්න ඕන කමට කරන දේ දකින්න තණ්හාව කියල.

මේ මුළු ලෝකය ම තණ්හාවට දාසයෙක් කියලා පෙන්නනවා. මේ කාරණාව හොඳට සිහි කරන්න තණ්හාවට දාසයෙක් කියන්නේ ඇයි කියල. අපි අර උපමාව තව ටිකක් සම්මර්ෂණය කරල බලමු. මේ තණ්හාවට දාසයෙක් කියන කාරණාව තේරුම් ගත්තොත් තමයි පින්වතුනි අපේ චරිතය ගැන, අපේ ජීවිතය ගැන අපි හරියට කලකිරීමට පත් වෙන්නේ. අපි කියමු මෙහෙම කාරණාවක්. යම් කිසි ගෙදරක වැඩකාර කමට කෙනෙක් ගියා කියලා හිතමු. මෙයාට ගෙහිමි පුද්ගලයා කියනවා, ‘ළමයෝ, කඩේට ගිහින් එන්න’ කියල. කඩේට ගිහින් එනවා. ආපු ගමන් කියනවා, ‘මේ මිදුල අතුගාල දාන්න’ කියල. ඔන්න මිදුලත් අතුගානවා. ඒ ගමන් කියනවා, ‘ළමයෝ, මේ රෙදි ටික හෝදලා දාන්න’ කියල. ඒකත් කරනවා. ඒක ඉවර වෙනවාත් එක්ක කියනවා, ‘ළමයෝ මේ ටික උදලු ගාලා දාන්න’. ඒකත් කරන විට කිපෙන්නේ නැද්ද, තරහ එන්නේ නැද්ද? එතකොට සමහර විට ඒ වැඩ ගන්න ස්වාමියාට බණින්න පුළුවන්. එක්කෝ ගහන්න පුළුවන්. ‘මේ මනුස්සයා පමණ දන්නේ නෑ’ කියලා ඒ වැඩ ගන්න කෙනා ගැන කලකිරෙන්න පුළුවන්. සමහර විටක මට මේ වගේ රස්සාව ඕන නෑ කියල දමල ගහල යයි. සමහර විටක ඔය කියන කියන විදියට එක දවසක් කරයි. දවස් දෙකකුත් කරයි. තුනකුත් කරයි. හතරකුත් කරයි. ඊට පස්සෙ දී ඕක කරන්නෙ නෑ, ඇතිවෙනවා. මේ වැඩ ගන්න, මේ විදියට වැඩ කරන තැනක කිසිම කෙනෙක් ඉඳියි කියල හිතනවා ද? මේ පින්වතුන් බොහොම හොඳට කල්පනා කරල බලන්න, ‍එහෙම බාහිර ලෝකයේ වැඩකාරයෙක් ලවා වැඩ ගන්න හැදුවොත් එයා දවසක් දෙකක් මේ විදියට කියන කියන එක කරයි, ඊට එහා කරන්නේ නෑ. එයා ගැන අපැහැදීමට පත් වෙනවා, පිළිකුලට පත් වෙනවා, ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙනවා. ඒ රස්සාව එපා කියන තැනට පත්වෙනවා. කිසි විවේකයක් නෑ හරිම අපහසුයි කියල සමහර විට දොස් කියල, බැණල, සමහර විට පහර දීල එතැනින් පිට වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, මේ තණ්හාවට දාසයෙක් කියල කියන තැන මෙන්න‍ මේ අර්ථයෙන් දකින්න ඕන. බාහිර දාස කම් කරන කෙනා බාහිර දාස කම් නිසා කලකිරෙන්න වුනත් පුළුවන්. නමුත් පින්වතුනි, තණ්හාවත් ඔය වගේම යමක් කරනවා, ඒත් කිසි දිනක අපි කවුරුත් මෙයාගෙ දෝෂය දැකලා නෑ, මෙයාට කලකිරිල නෑ. මේ තණ්හාවෙ දෝෂය දැකල තණ්හාවට කලකිරුනොත් එදාට තමයි පින්වතුනි අපි දාස භාවයෙන් මිදෙන්නේ. එතෙක් මේ ස්වාමියාට අපි වැඳ‍ ගෙන ඉන්නවා. මේ ස්වාමියාට අපි හරි කීකරුයි. මෙයාගේ දෝෂයක් දකින්නේ නෑ.
අපි උදාහරණයක් ගත්තොත් පින්වතුනි ඔබේ ම සිත කියනවා ‘අනේ මෙතන ඉන්න බෑ, කම්මැළියි, යන්නට ඕන අහවල් නගරයට/රටට’ කියල, දැන් ඔබ යනවා. සමහර විට දින ගණනක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙස මහන්සියෙන් තමයි පින්වතුනි ඒ නගරයට යන්නේ. ගිහිල්ලා අනිත් අතට ම හිත කියනවා, ‘අයියෝ, මේකෙ නම් ඉන්න බැහැ, ආපසු යන්න ඕන’ කියලා. ඔන්න කියපු ගමන් ම ආපසු එනවා. ඒ ආපු ගමන් ම දැන් හිත කියනවා ‘අහවල් රූපය බැලුවොත් නම් හොඳයි’ කියලා. ඔන්න කියපු එක අරන් දෙනවා. ඊට පස්සෙ කියනවා සිංදුවක් ඇහුවොත් නම් හොඳයි. ඊට පස්සෙ ඒක කරන විටම හොඳ කෑමක් කෑවොත් හොඳයි. දැන් කෑම කනවා. ඊට පස්සෙ අහවල් ස්පර්ශය ලබන්න තිබුනොත් හොඳයි. ඔන්න ඒක ලබා දෙනවා. ඊට පස්සෙ අහවල් කෙනා එක්ක පොඩ්ඩක් කතා කරන්න ගියොත් හොඳයි. ඔන්න එතනට යනවා. මේ හිත කියන කියන එකට වැඳ ගෙන එහෙයි කියන මට්ටමේ අපි අහනවා, කරනවා මිසක් කිසිවෙක් මෙයා ගැන කලකිරෙන්නෙ නෑ. හොඳට බලන්න. මේ හිත ම විටක කියනවා අහවල් තැනට යන්න කියල, අහවල් දේ කරන්න කියල. එයා ම කියනවා දැන් ඔතන හිටිය ඇති, දැන් ඔය දේ කලා ඇති, ඕක නතර කරන්න අහවල් තැනට යන්න කියලා. ආපහු ඒ විදියට කරනවා. ආපහු කියනවා නෑ කමක් නෑ, ආපහු අතන ට යන්න කියලා. ආයෙත් එතන ට යනවා. අර බාහිර කෙනෙක් නම් එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන විටම ඒ හේතුවෙන් ස්වාමියා ගැන කලකිරෙනවා. එයා ගැන බොහොම අප්‍රසාදයට පත් වෙනවා. නමුත් තමන් ගාව ඉන්න තණ්හා කියන ස්වාමියා ගැන කවුරුත් කලකිරෙන්නේ නෑ. තණ්හාව නමැති ස්වාමියා දවස තිස්සේ ම තමන්ගෙන් දාසයෙකුගෙන් වගේ වැඩ ගන්නවා. ඒත් කවුරුත් මේක දන්නේ නෑ. හොඳට බලන්න දරුවන්ට දැන් මෙහෙම කරන්න කී විට ඒ විදියට කරනවා. දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා මෙහෙම කරන්න කී විට එහෙම කරනවා. දැන් දරුවන් පාසලට රැගෙන යන්න කී විට එහෙම රැගෙන යනවා. දැන් ගෙදර මේ මේ ටික හදන්න කී විට ඒ ටික හදනවා. වත්ත මේ විදියට ලස්සනට මල් වැට කපලා හදන්න කී විට ඒ විදියට හදනවා. ඉස්සරහ ටික පිරිසිදු කරලා තීන්ත ටිකක් ගාන්න කී විට ඒ විදියට කරනවා. දැන් ගෙදරට වතුර අඩුපාඩුයි. වතුර හදන්න කී විට ඒ ටික කරනවා. කියන කියන එක ඔබලා කලා මිසක් කිසි දිනක ඔබලා මේ ස්වාමියා ගැන කලකිරිල තියනවා ද කියල බලන්න. මේ වැඩ ගන්න ස්වාමියා දැකලා තියනවා ද බලන්න. නෑ. මේ තණ්හාව නමැති ස්වාමියායි පින්වතුනි මෙතන ඉඳ ගෙන අපි ව මේ මේ දේවල් වලට යොමු කරන්නේ. වේදනාව උපදවා ගන්න පුළුවන් හැම ක්ෂේත්‍රයක ම මෙයා ඇවිදිනවා. වේදනාවට තියන තණ්හාවෙන් අපි ව මිරිකලා අර ගෙන හැම තැන ම ජීවිතයට යොදවනවා. ඒත් අපේ තියන අවාසනාව කියන්නේ පින්වතුනි අපි මෙහෙම ස්වාමියෙකුට යටත් ව කීකරු ව සිටින ගෝලයෝ කියලා අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි දේශනා කලේ මුලු ලෝකය ම තණ්හාවට දාස යි කියලා.

තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට දකින්න, අද අපේ ස්වාමියා අපි නොවේ, තණ්හාවයි කියල. ඔබලාට ස්වාධීන පැවැත්මක් නෑ කියන එක ඔබලා දකින්න. ඔබලා ව මෙහෙයවන, ඔබලා ජීවත් කරවන, ඔබලා හැම දෙනාගේ ම ස්වාමියා තණ්හාවයි කියන තැනකින් දකින්න තරම් ඔබ දක්ෂ වෙන්න ඕන. මේ ගෙවල් දොරවල් හැදුව නම් හැදුවේ, දූ දරුවෝ හැදුව නම් හැදුවේ, යාන වාහන ගත්ත නම් ගත්තේ ඔබගේ උවමනාවට නොවේ, මේ ස්වාමියාගේ උවමනාවටයි කියන එකත් දකින්න. ඔබ ස්වාමියාට උපස්ථාන කර ගෙනයි ඉන්නේ කියන කාරණාවත් දකින්න ඕන. ස්වාමියාට උපස්ථාන කරමින් ඉන්නේ නිකං නම් නොවේ. වැඳ ගෙන ඉන්නේ. පොඩ්ඩක් වත් වෙනස් වෙන්න දෙන්නේ නෑ, එයාගෙ වචනය අකුරට ම ඉෂ්ට කරමින් සුවච කීකරු ගෝලයින් වෙලා හැම දෙනා ම ඉන්නවා කියන තැනින් දකින්න. “තණ‍්හඤ‍්ච පජානාති“ කියන විට මේ තණ්හාවේ ලක්ෂණය තමා අද අපි ව මේ විදියට හසුර වන එක කියලා දකින්න. එතකොට ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ‘තණ්හාවට දාස යි ලෝකය ම’. එතකොට දාසයෙක් වගේ මේ කටයුතු කරන්නේ ස්වාමියා කියන නිසායි කියල තේරුම් ගන්න ඕන. උදේ වැඩට යන්නේ, වැඩ ඇරිල ගෙදර එන්නේ එයා කියන විදියටයි. එයා කීවොත් වැඩිය වියදම් කරන්න බෑ, මෙහෙමයි වියදම් කරන්නෙ කියල, ඔබලා කරන්නේ එහෙමයි. එයා කීවොත් මේ ටික ඉතුරු කරන්න ඕන කියල, ඒ විදියට කරන්නේ. එයා කීවොත් මේ ටික වැය කරන්න කියලා ඒ විදියටයි කරන්නේ. ඒ නිසා තණ‍්හඤ‍්ච පජානාති කියන විට අන්න ඒ ටික දකින්න ඕන. ඒ ස්වාමියා කියන වැඩ ටික කරන අර්ථයකිනුත් මේ තණ්හාව දකින්න.

ඊළඟ කාරණාව තමයි මේ ස්වාමියා සෑම විටම අපි ව වැඩේ යොදවන්නෙ, අර කඳවුරෙන් පිටත වගේ, තමන්ගෙන් පිටත දූ දරුවෝ, ගෙවල්‍ දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්. දුක් ‍වේදනාව එන ඒව අයින් කරන්න, සැප වේදනාව එන ඒව ළං කරන්න තමයි ඔබලා ව යොදවලා තියෙන්නේ. එතකොට සෑම විටම මේ බාහිර ලෝකය රැස් කරන ගතියෙන් දුක්, අප්‍රිය, අමනාප දේවල් අයින් කරන ගතියෙන් දකින්න තණ්හාව. තණ්හාව ඇති තාක් පින්වතුනි තියන ලක්ෂණය තමයි මේ ලෝකෙ අනිත්‍ය වූ, දුක් වූ, විපරිණාම වූ, සංඛත වූ දේවල් රැස් කරන ගතිය නතර වෙන්නෙ නෑ. ඒවා එකතු කරන ක්‍රම නතර වෙන්නෙ නෑ. පින්වතුනි, එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට “දාසයා“ අර්ථයෙන් දකින්න. අපි මෙච්චර වැඩ කලත් මේ ස්වාමියාගේ ඇති වීමක් නෑ. එබඳු ස්වාමියා කෙරෙහි අපේ කලකිරීමකුත් නෑ. කලකිරීමක් නැති තමන් ගැනත්, ඇතිවීමක් නැති ස්වාමියා ගැනත් හොඳට ඔබලා තේරුම් ගන්න. එදාට කියනවා යම් මට්ටමකට තණ‍්හඤ‍්ච පජානාති කියලා.

ඊට පස්සෙ, මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන මේ තණ්හාවෙ කෘත්‍ය නිසා තමයි – මේ තණ්හාව නිසා තමයි, අපට ටීවී, කැසට්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් රැස් කරන්න වෙලා තියෙන්නේ කියල දකින්න. තණ්හාවේ චරිතය දකින්න. ගෙදර තියන බඩු මුට්ටු දෙස බලන විට ඔබගේ ජීවිතයේ තියන තණ්හාව දකින්න. මේ තණ්හාවට උපකාර ධර්මතා ටික. තණ්හාව පෙනෙන්නේ ඔය කාරණා ටිකෙන්. ඔබලා හිතනවා ද තණ්හාව නැති කරපු රහතන් වහන්සේ නමක් කැසට්, ඩෙක්, ටීවී, ශීතකරණ, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රැස් කරගෙන ඉඳියි කියල, නෑ. මේ කාරණා රැස් කර ගෙන ඉන්නේ ඇයි? වේදනා පච්චයා තණ්හා – වේදනාවටයි තණ්හාව ඇති කරලා තියෙන්නේ. යම් යම් ආකාරයට සැප වේදනාව ලැබෙනවා නම් ඒ දේවල් වලට තණ්හායි. ඒ දේවල් රැක ගන්නවා. එතකොට ඔබලාට තණ්හාව කියන විට යම් දෙයකට හිතේ තියන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. ගෙදර බඩු මුට්ටු ටික ඔක්කොම දකින්න තමන්ගෙ තණ්හාව හැටියට. තමන්ගෙ තණ්හාවේ ප්‍රභේදය දකින්න, තණ්හාවේ වැට දකින්න, තමන් වටේ තියන ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියන මේ දේවල් දෙස බලල තමන්ට වටිනා වස්තු ටිකක් තියනවා, තමන්ට මෙච්චර වටිනා දරු මුනුබුරෝ ඉන්නවා නොවේ, තමන්ට මෙපමණ තණ්හාවේ ප්‍රභේද තියනවා කියලා දකින්න. තමන් වටා තණ්හාව මේ මේ ආකාරයෙන් රැස් වෙලා කියලා දකින්න. තමන්ගේ ස්වාමියා, තණ්හාව නමැති ස්වාමියා, මේ දේවල් එකතු කරන්න කියලා, ඒ නිසා තමන් ඒ දේවල් එකතු කරලා කියලා දකින්න. එතකොට ඔය අරමුණු පාසා තමන්ගේ චරිතය තමන්ට පෙනෙන්න ඕන. ඇයි තණ්හාවෙන් යුක්ත සසරෙ ඉන්න තමන්ගේ චරිතයයි හෙලි වෙන්නෙ මේ දේවල් රැස් කර ගෙන වට කර ගෙන ඉන්නවා කියන එකෙන්.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට, තණ්හාව දන්නවා කියනවා නම්, තණ්හාව නිසා එකතු කරපු හැම දෙයක් ම පෙනෙන්න ඕන තණ්හාවේ කෘත්‍යයක් නේද, තණ්හාව කියන ධර්මතාවය නිසා ගන්න දෙයක් නේද කියලා. රූපවාහිනියක් ගන්නෙ කුමකට ද ප්‍රියමනාප රූප බලන්න. රූප බලන්න ගත්තේ රූප තණ්හාව නිසා නොවේ ද? එහෙනම් රූප තණ්හාව නමැති ස්වාමියා කියපු නිසා නොවේ ද ඔබලා රූපවාහිනියක් ගෙනාවේ. එහෙනම් ගෙදර රූපවාහිනියක් තියනවා කියන්නේ මේ තණ්හාව නියෝජනය කරන්න තියන සංකේතයක් නොවේ ද? ඒ වගේම ශබ්දය, ගන්ධය, රසය. ඔන්න ඔය ටික ඔය විදියට ම දකින්න ඕන. එතකොට තණ්හාව හඳුන ගන්න පුළුවන් තමන් වටා තියන බඩු මුට්ටු වලින්. ඒ වගේම තමන් යමක් කරනවා, ආපහු බෑ කියල හිතෙනවා, ආපහු ඒක ම කරනවා. ආපහු බෑ කියල හිතෙනවා. අහවල් තැනට යන්න කියල තමන්ගේ හිත බල කරනවා. ගිහිල්ලා ක්ෂණයකින් ම අනේ දැන් මෙතන ඉන්න බෑ කියලා ආපහු එනවා. ආපහු එතන ඇවිල්ලා තව ටිකකින් ආපහු යන්න කියනවා. මේ වගේ අතරක් නැතිව නිරන්තරයෙන් ඇවිද වනවා. මේ වැඩ ගන්න ස්වභාවයෙනුත් තමන්ගේ ස්වාමියා තමන් හඳුන ගන්න. මේ ටික තේරුණා ම තණ‍්හඤ‍්ච පජානාති. ඒ විතරක් නොවේ, මේ ස්වාමියා අන්තිමට ඔබලා යොදවලා තියෙන්නේ කොතැනට ද? හොඳට බලන්න, මෙයා මෙහෙම කරවලා අන්තිමට උපාදානීය ධර්මයන් උපාදාන කරවල යි තියෙන්නේ. බලන්න, ඔබලා එකතු කරල තියෙන්නේ රූපයක් නොවේ ද, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොවේ ද? මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම, උපාදානයි කියල දකින්න.

එක්තරා අවස්ථාවක මජ්ඣිම නිකායේ මහා පුණ්ණමා සූත්‍රයේ දී පුණ්ණමා කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. මේ උපාදානස්කන්‍ධයත්, උපාදානයත් දෙකක් ද, එකක් ද?” කියල. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුණ්ණමා, පංච උපාදානස්කන්‍ධයත් උපාදානයත් එකක් නොවේ දෙකක්. එතෙකුදු වුවත් පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි”. එතකොට හොඳට දකින්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි. එතකොට හොඳට දකින්න දුක එකතු කරන ගතියෙන්, දුක රැස් කරන ගතියෙන්. ඇයි, පංච උපාදානස්කන්‍ධය කියන්නේ සැප එහෙම නොවේ, දුක නේද?. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ධර්මයන්. මේවා එකතු කරවන රැස් කරවන තමන් වටා ජරා මරණ එකතු කරන ලක්ෂණයෙන් දකින්න තණ්හාව. තණ‍්හඤ‍්ච පජානාති කියන විට ඒ ටිකත් දකින්න. ඒ විතරක් නොවේ, මේ තණ්හාව කියන කාරණාව තිබුනොත් මේ තණ්හාව නිසා කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ යම් ධර්මතා ටිකක් තියනවා නම් ඒ කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ සියලු ධර්මතා තමන්ට හසු වෙන්නෙ, ඒවා අල්ලා ගෙන ඉන්නෙ තණ්හාව නිසායි. මේ තණ්හාවේ ලක්ෂණය තමයි ඇසට පෙනෙන රූප අල්ල ගන්න එක. කණට ඇහෙන ශබ්ද ඇසුරු කරන එක. නාසයට දැනෙන ගන්ධ ඇසුරු කරන එක. දිවට දැනෙන රස ඇසුරු කරන එක කියන එක ඒ තණ්හාවේ කෘත්‍ය හැටියට දකින්න. ඇසෙන් දැකපු රූපය සිහි කරල ආපහු රූපය සොයා ගෙන යන්නෙ, රූපය දකින විට සතුටු වන්නේ, දැකපු රූපය ආපහු ඇති බවට අපි මතක තබා ගන්නේ, තණ්හාවේ ඇති දාස බව නිසායි, තණ්හාව නමැති ස්වාමියාගේ හැකියාවක් බව දකින්න. එතකොට තණ්හාව තිබුනොත් ඇසෙන් දැකපු රූපය දැඩිව අල්ලා ගෙන ඉන්නවා, දැකපු රූපය තිබුණා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. යම් රූපයක් දැකලා දැකපු රූපය තියනවා කියන මට්ටමට එන විට එතන තියනවා පින්වතුනි, ‘රූප තණ්හාව නිසා රූපය උපාදාන වෙලා’ කියන එක. රූපය උපාදාන වූ නිසා භවය පිහිටලා තියනවා. ඒ කියන්නෙ දැකපු රූපය තියනවා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. භවය නිසා ජාතිය. දැකපු රූපය බලන්න යනවා. ඔය ‘යෑම’ මයි අද යන විදියට ප්‍රතිසන්‍ධි වශයෙනුත් යන්නේ. ඒ නිසා ජාතිය. ඉන්පසු ජරා මරණ.

මේ තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දකින්න, කුමන අර්ථයකින් ද?, සසර ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය හා ගෙතුණ ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, දුකට පමුණු වන ධර්මයක් තණ්හාව කියන්නේ, දුක ඇති කරවන හේතුවක් තණ්හාව කියන්නේ, කියන කාරණාව දකින්න. තණ්හාව යම් තැනක තිබුනොත් – තණ්හාව කියන විට වචන නොවේ ඔබලා දකින්න ඕන මේ දාස බව කර කර ඉන්න එකයි – තණ්හාව කිව්වේ දාස බව කර කර හිටියොත් ජරා මරණ වලින් මිදෙන්නෙ නෑ කියන එකයි. දැන් හිත කියන කියන දේ කර ගෙන බණක්, භාවනාවක් ඔබලාට කරන්න යන්න පුළුවන් වෙයි ද? ආරණ්‍යයකට ගිහිල්ල සිල් ගන්න කියල හිතන්න, ‘අනේ මේ දරුවගෙ වැඩ ටික තියනවා නේද? මේ රස්සාව මේ ටික කරන්නේ කවුද, මේ ටික කරන්න ඕන නේද, ඕකට ගියා ම මේ ගේ හදන්නේ කවුද, මේ ඉඩම බලන්නේ කවුද?’ ඒ ස්වාමියාට විරුද්ධව ඔබලාට යන්න පුළුවන් වෙයි ද?. හොඳට දකින්න. ඔබලා ස්වාමියාට කීකරු ව ඉන්නවා කිව්වේ තණ්හාව. තණ්හාව කුමකට හේතුවක් කියලා ද අහලා තියෙන්නේ, දුකට හේතුවක්, දුක්ඛ සමුදය. එහෙනම් මේ පින්වතුන් ඔය ස්වාමියාට කීකරු ව ඉන්න එක, ඒ කිව්වේ මේ හිත කියන කියන විදියට ඔය වැඩ කර කර ඉන්න එක දුකට හේතුවක්. ඔය දුක ඇති වන විදියට ඉන්නවා කියන එක. දුක නැති කර ගන්න කියලා හිතා ගෙන ඔබලා කරලා තියෙන්නේ දුක ඇති වන විදියට ජීවත් වෙලා නොවේ ද කියල හොඳට හිතල බලන්න. දුක නැති කරන්න කියලා ගෙවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩකඩම් ගන්න, මිල මුදල් ගන්න, දූ දරුවෝ ඇති කරන්න කියල කියන්නේ කවුද? දුක නැති කර ගන්න කියලා තණ්හාව නමැති ස්වාමියායි කියන්නේ. ඒක කරන්න කරන්න බලවත් වුනේ, අනතුරක් නැතිව ඉන්නේ, මහා ඉහල තත්වයක වැජඹෙන්නේ කවුද කියලා බලන්න, ස්වාමියා නොවේ ද? කියලා. එතකොට මේ ස්වාමියා නිසාම නම් දුක එන්නේ, ඒ ස්වාමියා කියපු දේ කරලා දුක නැති කර ගන්න පුළුවන් කියලා හිතනවා ද. මේ පින්වතුන් හොඳට දකින්න මේ පුද්ගලභාවය ඉක්මවා පවතින ධර්මතාවය දෙස. තණ්හාව නමැති ස්වාමියා ඉන්නවා කියන්නේ දුකට හේතුව තියනවා. ඒ කියන්නේ ගෙවල් ටීවී කැසට් ශීතකරණ ගන්න කියලා කියනවා නම්, ඔය නොයෙක් බඩු එකතු කරන්න කියලා කියනවා නම්, ඒ එකතු කරන්න කියලා කියන්නේ ස්වාමියා කියලා දකින්න. එහෙනම් මේ එකතු කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නැති බවත් දකින්න. අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න, අහවල් වැඩේ කරන්න එපා, කියලා ස්වාමියා කියන කියන විදියට කරනවා නම් දකින්න, මේ තණ්හාව, මේ ස්වාමියා. එහෙම කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නෑ කියලා දකින්න. දුකට හේතුව තණ්හාවයි කියන විට අපි මේ විදියට කර කර හිටියොත් දුකෙන් මිදෙන්නෙ නෑ කියන තැන දකින්න තරම් ඔබලා පොහොසත් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය ටික දන්නවා නම් තණ‍්හඤ‍්ච පජානාති කියලා කියන මේ ස්වාමියා දැන ගන්න පුළුවන්. ස්වාමියා දැන ගන්නවා කියන විට ස්වාමියා කියන්නේ දුක්ඛාර්ථයෙන් දකින්න, මෙයා ඉන්න තාක් දුකෙන් හිස් නෑ, දුකෙන් මිදෙන්නෙ නෑ, පපුවෙ අත් ගසමින් විලාප දෙමින් අඬමින් මේ සසර යන්න පුළුවන්, එක්ක ගෙන යන කෙනෙකු යි කියල දකින්න. අද අපේ චරිතය මේ දුකට හිමිකාරයෙක් වූ චරිතයයි කියලා දකින්න තරම් ඔබලා දක්ෂ වෙන්න ඕන.

ඔන්න ඔය මට්ටම දැක්කොත් ඔබලාට තණ‍්හඤ‍්ච පජානාති කියන කාරණාව කියනවා. තව මේකෙ ගොඩක් විස්තර ලැබෙන්න ඕන. දැනට තණ්හාව දන්නවා කියන කාරණාව කියනවා නම්, ඔය මට්ටමට වත් දකින්න. තණ්හාව කියන විට හිතේ ඇති වන යම් යම් වස්තූන්ට ඇති ව

Janaka Design