Monthly Archives: May 2015

දුතීය චේතනා සූත‍්‍රය : 11 කොටස ඔන්න දැන් අපි නිවන් දකින්න තියෙන කටයුතු ටික කර…

දුතීය චේතනා සූත‍්‍රය : 11 කොටස

ඔන්න දැන් අපි නිවන් දකින්න තියෙන කටයුතු ටික කරන්නයි යන්නෙ. නිවන කියන එක ගැන ප‍්‍රශ්න තියෙන්න බෑ. නිවන කිවුවෙ මොකක්ද? හිස් බවක් හෝ ශුන්‍යතාවය හෝ අනිමිත්ත බව හෝ නෙවෙයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ඣන්ති. එබඳු වූ ජීවිතයකින්ම මිදෙන එක තමයි නිවන. මේ ජීවිතයේම. මරණෙන් පස්සෙ දර්ශනයක් ගැන නෙමෙයි මම කියන්නෙ.

බුදු රජාණන් වහන්සේ ඕක හොඳට දේශනා කරනවා, සංයුක්ත නිකායෙ අත්තවාදුපමා සූත‍්‍රයෙ. ‘මහණෙනි, ඇස තියෙන හින්දයි, ඇස ඇති කල්හියි, තමා තුළ සෝ දුක් උපදින්නෙ. කන තියෙන හින්දයි තමා තුළ සෝ දුක් උපදින්නෙ. නාසය, දිව, ශරීරය තියෙන හින්දයි තමා තුළ සෝ දුක් උපදින්නෙ. මහණෙනි, අත තියෙන හින්දයි, යමක් ගන්නත් තියන්නත් පුළුවන්. කකුල් තියෙන හින්දයි යන්නෙ එන්නෙ, හන්දි තියෙන හින්දයි නමන්නෙ දිගහරින්නෙ, බඩ තියෙන හින්දයි සා පිපාසාව දැනෙන්නෙ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය නැත්නම් ඒවයින් එන දුක නැහැ. අත පය නැත්නම් ගැනීම තැබීම පැනෙන්නෙ නැහැ. හන්දි කූරු නැත්නම් නැමීම දිගහැරීම පෙනෙන්නෙ නැහැ. කකුල් නැත්නම් යාම් ඒම් පෙනෙන්නෙ නැහැ. බඩ නැත්නම් සා පිපාසාව දැනෙන්නෙ නැහැ කියනවා.

මේ මරණෙන් පස්සෙ දර්ශනයක් ද කිවුවෙ. නැහැ මේ ජීවිතයේම. ඇහැට පේන වර්ණ සටහන තුළ නමන්න දිගහරින්න හන්දි අත පය, ඔළුවෙ කැක්කුම්, බඬේ කැක්කුම් එන ඒවා තියෙයිද? එහෙම නෑ. ඔය පින්වතුන්ට හිතාගන්නත් බැරි දර්ශනයක් මම මේ කියන්නෙ. කය කෙළවර කොට ඇති, දිවි කෙළවර කොට ඇති වේදනාවක් වි`දිනවා. මේක පුදුම දර්ශනයක්. අන්න ඒ මට්ටමට ආවහම තමයි සීති භූතෝස්මි නිබ්බුතො. මම නිවුනේ වෙමි. සිසිල් වූයේ වෙමි කියලා කියන්නෙ. ගහන එකෙන් වගේම ගුටිකන එකෙනුත් මිදිලා.

ඔය ටික දැනගන්න. ඕක නොතේරුනාට ප‍්‍රශ්නයක් නැහැ. අනුමානෙට දැනගන්න නිවුනා කියලා කිවුවේ මේ වගේ තැනක්. ජීවිතය මෙන්න මේ වගේ තැනකට ගත්තා. ඔතනට කිවුවා සළායතන නිරෝධය කියලා.

දකින අහන අරමුණුවල සම්මා දිට්ඨි මට්ටම පිහිටියාම ඉබේම ඔය ටික වෙනවා. දැන් අපි දන්නවා නිවන කියන්නෙ මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයෙන් මිදීම බව. පංච උපාදානක්ඛන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදීමයි නිරෝධය කියලා කිවුවෙ. දුක් සහගත තමන්ගෙ ආත්මභාවයෙන් ම මිදිලා. එබඳු වූ මම කෙනෙක් ඔය පින්වතුන්ට දකින්න බැරි වෙන්න ඕන. ඒ ටිකෙන් මිදුන ජීවිතයක් වෙලා තියෙන්න ඕන. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, ස්කන්ධ පරිහරණයක් කරනවා. ඒකට තියෙන ආයු සන්තතිය නැතිවෙනකොට ඒ ටිකත් නිරුද්ධ වෙනවා. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිවාණය කියලා. මේ නිවන දෙ ආකාරයකින් පැනවූවෙ ජීවත්ව ඉද්දි පංච උපාදාන ස්කන්ධ දුකෙන්, ජරා මරණ දුකෙන් මිදෙනවා.

නමුත් කයට දැනෙන දුක් වේදනාව දැනෙනවා. එච්චරයි ඉතුරු. ඒ මට්ටමේ දුකෙන් ද මිදෙනවා අනුපදිශේෂ පරිනිවාණයෙන්. මුලින් පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. ස්කන්ධ පරිහරණ දුකෙන් ද මිදෙනවා දෙවනුව. මේ ධර්මතා සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා කියනවා. ඒ නිවන කෙළවර කරගෙනයි, මේ සම්මා දිට්ඨිය තියෙන්නෙ. ඒ මට්ටමට මනස ගත්තහම මෙබඳු අර්ථයක් සම්පාදනය වෙලා ඇති.

ඒ සම්මා දිට්ඨිය අපිට ගන්න බෑ. ඒ අහගත්ත දේ හිතාගන්න පුළුවන් මට්ටමට ගන්න තියෙන ක‍්‍රමය පූව භාග ප‍්‍රතිපදාව. මේ ටිකේ දි හිතලා සිල්වත් වෙන්න වෙනවා. හිතලා සමාධිය ගන්න වෙනවා. හිතලා විදර්ශනාව කරන්න වෙනවා.

ලෝකෝත්තර සම්මා දිට්ඨියෙදි නම් සම්මා දිට්ඨියට අනුව ශීලයක් පිහිටනවා. සමාධියක් එනවා. ඒ දර්ශනයට හිත තබනකොටම කය වචනයත් සංවර වෙලා. හිතත් සංවර වෙලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙර පසු නැතිවම එක්ක්‍ෂණිකව පිහිටනවා. නමුත් පූව භාග ප‍්‍රතිපදාවෙදි හිතලා පන්සිල් සමාදන් වෙන්න වෙනවා. සාමණේර ශීලයක්, උපසම්පදා ශීලයක් සමාදන් වෙන්න වෙනවා. ඒ ශීලය සමාදන් වෙන්නෙ හිත හදාගන්න උපකාර පිණිස. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස.

සතර සංවර ශීලය කොටස් හතරකින් තියෙනවා. ප‍්‍රාතිමෝක්ෂ සංවර ශිලය, ඉන්ද්‍රිය සංවර ශිලය, ආජීව පරිශුද්ධ ශීලය, ප‍්‍රත්‍යය සන්නිශි‍්‍රත ශීලය කියලා. අපි සමාදන් වෙන පන්සිල්, අටසිල් අයිති වෙන්නෙ ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීලයට. එහෙනම් මේ ශිලයේ පිහිටලා ඉන්ද්‍රිය සංවර ශීලය ඇති කරගන්නත් ඕන. ඇහැ දෙකට බෙදාගන්න ඕන. කන දෙකට බෙදාගන්න ඕන. නාසය , දිව, ශරීරය දෙකට බෙදාගන්න ඕන. සේවනය කටයුතු සහ නොකටයුතු කියලා.

ඇහෙන් යම් රූපයක් බලනකොට නූපන් අකුසල ධර්මයෝ උපදියි නම්, උපන් අකුසල ධර්මයෝ වැඩෙයි නම් එබඳු රූප නොබැලිය යුතුයි. ඇහෙන් රූපයක් බලනවිට නූපන් අකුසල ධර්මයෝ නූපදියි නම් උපන් අකුසල ධර්මයෝ ප‍්‍රහීන වෙයි නම් එබඳු රූප බැලීම වරදක් නෑ. මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය කියන්නෙ ඇස් වසාගෙන සිටීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වුනොත් ඇහැ නොපෙනෙන කෙනාත් හො`දින් වැඩුනු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. ඒ කියන්නෙ මේ ඇහැ හොඳ දේට උදවු කරගන්න. නරක දේට අතහරින්න. එහෙමයි ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නෙ. සංවරය කියන එකෙන් එපා කියන එකක් කියන්නෙ නෑ. බලන්න කියනවා අවශ්‍ය දේ විතරක්. ඒක හොඳට තේරුම් ගන්න.

කන සංවර කරගන්න කියන එකෙන් ශබ්ද අහන්න එපා කියන්නෙ නෑ. යම් ශබ්දයක් අහනකොට නූපන් අකුසල ධර්ම උපදී නම්, උපන් අකුසල ධර්ම වැඩෙයි නම් එබඳු ශබ්ද අහන්න එපා. යම් ශබ්දයක් අහනකොට උපන් අකුසලය දුරුවෙයි නම්, නූපන් අකුසලය නූපදී නම් එබඳු ශබ්ද අහන්න. ඒ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය දෙකට බෙදාගන්න. යම්කිසි ගන්ධයක් ආඝ‍්‍රාණය කරන කොට නූපන් අකුසලය උපදියි නම්, උපන් අකුසලය වැඩෙයි නම්, එබඳු ගන්ධ ආඝ‍්‍රාණය කරන්න එපා. යම් ගන්ධයක් ඇසුරු කරන කොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් එබඳු ගන්ධ ඇසුරු කරන්න.

යම් රසයක් වළඳන කොට නූපන් අකුසලය උපදී නම් උපන් අකුසලය වැඬේ නම් එබඳු රසය අතහරින්න. යම් රසයක් වළඳනකොට නූපන් කුසල ධර්ම උපදී නම් උපන් කුසල ධර්ම වැඬේ නම් එබඳු රසය ඇසුරු කරන්න. කයටත් එහෙමයි, බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නෙ නෑ. ආරණ්‍යගත වෙන්න, පාංශූකූලික වෙන්න, කැලේකට යන්න, මහා දුක් වි`දින්න කියලා කියන්නෙ නෑ. සුඛෝපභෝගී වෙන්න කියලා කියන්නෙත් නෑ.

මෙහෙම දේශනා කරනවා ‘‘යම් සැප වේදනාවක් ඇසුරු කරනකොට නූපන් අකුසල ධර්ම උපදී නම් උපන් අකුසල ධර්ම වැඬේ නම් ඒ සැප වේදනාව අතහරින්න. යම් සැපයක් වි`දිනකොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් ඒ සැපය බය නැතුව ඇසුරු කරන්න. කෙනෙකුට රූක්ෂ ප‍්‍රතිපත්තියෙ හිත රැුඳෙන්නෙ නෑ. හැබැයි පහසුව තියෙන තැනක හිටියොත්, කෙලේසයකට නොගිහින් ඒ සැපය වි`දිමින් තමන්ට හිත හදාගන්න පුළුවන්නම් ඒ සැපය වි`දීම වරදක් නෑ.

යම් දුක් වේදනාවක් වි`දිනකොට නූපන් අකුසලය උපදී නම් උපන් අකුසලය වැඬේ නම් ඒ දුක් වේදනාවෙන් ඉවත් වෙන්න. යම් දුක් වේදනාවක් වි`දිනකොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් ඒ දුක් වේදනාව වින්දට කමක් නෑ. කැලේට ගිහින්, මදුරුවො කකා, අව්වේ පිච්චෙමින් පිණ්ඩපාතෙ ගිහින් ජීවත් වෙනවා. බොහෝ කටුක දුක් වි`දිනවා. නමුත් ඒ නිසා නූපන් කුසලය උපදිනවා නම් උපන් කුසලය වැඩෙනවා නම් ඒ දුක් වේදනාව දරන්න කියනවා. ඔය විදියට කයත් දෙකට බෙදාගන්නවා. සැප, දුක දෙකත් දෙකට බෙදා ගන්නවා.

හිතත් දෙකට බෙදාගන්නවා, යම් අරමුණක් සිහිකරනකොට උපන් අකුසල ධර්ම වැඩෙයි නම්, නූපන් අකුසල ධර්ම උපදී නම් එබඳු විතර්ක අතහරිනවා. උපදින, උපදින හැම සිතුවිල්ලකම අනිත්‍යය බලන්න එපා. හැම සිතුවිල්ලක්ම වාරණය කරන්න එපා. යම් ධර්මයක් හිතනකොට නූපන් කුසල ධර්මයෝ උපදී නම්, උපන් කුසල ධර්මයෝ වැඬේ නම්, එබඳු වූ මනසක් ඇසුරු කරන්න. එබඳු වූ විතර්කයක් ඇසුරු කරන්න කියලා ආයතන දෙකට බෙදාගෙන, වැරැද්ද අතහැරලා නිවැරදිව පරිහරණය කරන එකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා.

ආජීව පාරිශුද්ධ ශීලයෙදි, තමන්ගෙ හිත තමන්ට චෝදනා කරන්න පුළුවන්, අනුන් චෝදනා කරන්න පුළුවන් විදියේ දිවි පැවැත්මෙන් තොරව ජීවත් වෙන්න ක‍්‍රමයක් හදාගන්න. ගිහි කෙනෙකුට පෙන්වනවා නොකටයුතු වෙළඳාම් හතරක්. නමුත් එයින් පරිබාහිරවත් තමන්ගෙ හිත තමන්ට චෝදනා නොකරන විදියටත්, තවත් කෙනෙක් චෝදනා නොකරන විදියටත් දිවි පැවැත්ම හදාගන්න.

ප‍්‍රත්‍යය සන්නිශි‍්‍රත ශීලය ගිහි කෙනාටත්, පැවිදි කෙනාටත් දෙන්නටම එකයි. භවබෝග සම්පත් මොනවා හෝ ලැබුනොත් නිස්සරණ ආධ්‍යාශයෙන්, නික්මීමේ අදහසින්, භෝගයන්ගේ පමණ දැනගෙන, ඒකෙ යථාර්ථය දැනගෙන, කරන්න ඕන කෘත්‍යය දැනගෙන පරිහරණය කරන්න කියනවා. එතකොට අනවශ්‍ය විදියට ඒකට බැඳෙන ගතිය නැතිවෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

දුතීය චේතනා සූත‍්‍රය

ඉසිදාසි රහත් තෙරණිය . මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මව…

ඉසිදාසි රහත් තෙරණිය
.
මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්න මේ කථාව ………………………………………………………………………………………………………………………………..

කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්‌. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්‌ෂුණින් දෙනමක්‌ ඒ නගරයේ සිටින්නීය. එක්‌ භික්‌ෂුණියකගේ නම ඉසිදාසී. අනෙක්‌ භික්‌ෂුණිය බෝධි නම් වූවාය. ඉසිදාසි තෙරණිය සහ බෝධි තෙරණිය සිල්වත් මෙන්ම ගුණවත්ද වූවෝය. ඒ තෙරණියෝ දෙදෙනාම නිතරම ධ්‍යාන සැපයෙන් වාසය කරති. මෙම නිකලෙස්‌ තෙරණියෝ දෙනම, බුදුසමිඳුගේ සද්ධර්මය බොහෝ අසා ඒ ඇසූ ධර්මය දරාගෙන සිටින්නෝය.

දවසක්‌ ඒ භික්‌ෂුණි දෙනම පිණ්‌ඩපාතයේ වැඩම කර දන් වළ¹, ඉන්පසුව දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ සිsටියදී මෙසේ කතාබහක්‌ ඇතිවිය.

‘ආර්ය වූ ඉසිදාසී, ඔයා හරිම ලස්‌සන තරුණ වයසේ ඉන්න කෙනෙක්‌. ඉතින් ඔබතුමිය මහණ වෙන්න කල්පනා කළේ ගිහි ගෙදරදී කොයි ආකාරයේ දොaෂයක්‌ දැකද?’

බෝධි තෙරණිය විසින් විවේක සුවයෙන් ඉන්න අතර මෙසේ ඉසිදාසි තෙරණියගෙන් විමසා සිටිය අවස්‌ථාවේ දහම් දෙසීමේ දක්‌ෂ වූ ඉසිදාසි තෙරණිය මේ ලෙසින් පිළිතුරු දෙන ලදී.

‘එහෙම නම් බෝධි තෙරණියනි. මම මහණ වුණු ආකාරය අහන්න. මගේ පියා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක්‌ ඒ වගේම සිල්වත් කෙනෙක්‌. මම ඒ අයගේ එකම දුවයි ඒ නිසා ඒ අයගේ හැම ආදරයක්‌ම මට ලැබුණා. මේ අතර සාකේත නගරයේ උසස්‌ කුලයකින් මට මංගල යෝජනාවක්‌ ඉදිරිපත් කර එවා තිබුණා. ඒ සිටුවරයාත් බොහොම වස්‌තුව තිබුණ කෙනෙක්‌. එම නිසාම එම සිටුතුමාගේ ලේලිය වශයෙන් මාව මගේ තාත්තා විවාහ කර දුන්නා. ඉතින් මම නැන්දයි, මාමයි ළඟට උදේ සවස ගිහින් ඒ අයගේ දෙපා වැන්¹. ඒ වගේම මම කෙරුවේ ඔවුන් කියන දෙයක්‌ විතරමයි.

මම මගේ ස්‌වාමියාට හරි එයාගේ සහෝදර සහෝදරියන්ට හරි ඒ කවුරුන් හෝ දැක්‌කොත් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට ඒ අයට වාඩිවෙන්න දෙනවා. කෑමෙන්, බීමෙන් වුණත් කැවිලි පෙවිලිවලින් වුණත් ඒ අය කැමැති දේවල් හදල දීල මම ඒ අයව සතුටු කළා. ඒ විදියට ඒ අයට හොඳට සැලකුවා. අවශ්‍ය දේ වෙලාවට හොයා බලා උපස්‌ථාන කළා. මම මගේ අතින්ම සැමියාගේ දෙපා සෝදලයි ගෙට ගන්නේ. ස්‌වාමියා ළඟට මම යන්නේත් වැඳගෙනයි.මම පනාව, සුවඳ විලවුනුත් වර්ගත් වෙනත් දේවලුත් කණ්‌නාඩියත්a අරගෙන සැමිය ළඟට යනවා මගේ අතින්ම මගේ සැමියාව මා සැරසුවේ. මම මගේ අතින්ම බත් ඉව්වා, හැලි වළං හේදුවා. හරියට අම්ම කෙනකු තමන්ගේ එකම දරුවකුට සලකනවා වගේමයි මම සැමියාට කටයුතු කළේ. නමුත් මම එයාට කොයි තරම් ආදරයෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක්‌ ගෙවන මටමයි සැමියා බනින්නේ. අන්තිමේදී එයා ඒගොල්ලන්ගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. ‘මම යනවා මේ ගෙදර අතහැරලා. මට මේ ඉසිදාසිත් එක්‌ක පවුල් කන්න ඕනකමක්‌ නෑ’.

එවිට සැමියාගේ දෙමාපියන් මෙහෙම පවසා සටියා.

‘පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්‌. වාසනාවන්ත කෙනෙක්‌. වීර්යවන්ත කෙනෙක්‌. කම්මැලි නැහැ. ඉතින් පුතේ ඔයා මොකද ඉසිදාසිට මේතරම් අකමැති?’

එවිට සැමියා, ‘ඔව්ෘ ඇය මට වරදක්‌ කළේ නැහැ. නමුත් මට ඉසිදාසිත් සමග ඉන්න ඕනකමක්‌ නැහැ. මට ඇයව අප්පිරියයි. මට ඇගෙන් වැඩක්‌ නැහැ. එහෙම නම් මම ඔයගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනවා.’

එවිට නැන්දයි, මාමයි එයාගේ වචනය පිළිගත්තා. ඉන්පසුව ඒ අය ‘දරුවෝ ඔයා මොකක්‌ද අපේ පුතාට කළ වැරැද්ද. සැක කරන්නේ නැතිව අපට කියන්න’ යෑයි මගෙන් ඇසුවා.

‘මම එයාට වරදක්‌ කළේ නැහැ. හිංසාවක්‌ කළේ නැහැ. වැරැදි වචනයක්‌ කියලත් නැහැ. ආර්යාවෙනි, ඉතින් එයා මේ තරම් මාත් එක්‌ක තරහ වුණාට මම මොකද කරන්නේ’ කියා මම පැවැසුවා.

‘අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්‌සන ලක්‌ෂ්මීව අපේ පවුලට නැතිවුණා’ කියලා ඒ දෙමව්පියෝ මාව ආයෙමත් අපේ තාත්තා ළඟට යෑව්වා.

ඒ වතාවේ මගේ තාත්තා අපට වඩා බදු ආදායම් භාගයක්‌ ලැබෙන ධනවත් පවුලකට මාව බන්දලා දුන්නා. මාසයයි මම ඒ ගෙදර හිටියේ. මම කීකරු දාසියක්‌ වගේ උපස්‌ථාන කරද්දී ෙද්‍රdaහිකම් නොකරද්දී සිල්වත්ව සිටියදී, එගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක්‌ එක්‌කගෙන ආවා.

‘ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසි කරපන්. මගේ දියණියගේ ස්‌වාමියා බවට පත්වෙයන්’ කියලා කිව්වා.

ඒ මනුස්‌සයා මමත් එක්‌ක ටික කලක්‌ සිටියා. එයත් මාව අත්හැරලා ගියා. එයා යන දවසේ තාත්තාට මෙහෙම කිව්වා. ‘මගේ රෙදි කඩමල්ලයි, මගේ තැටියයි මට ආපසු ඕන. මම ආපසු සිඟාකන්න පටන් ගන්නවා’. එවිට අම්මයි, තාත්තයි එයාට මෙහෙම කිව්වා. ‘මේ ගෙදරින් ඔයාට මොනවාද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක්‌ කියන්න හරිගස්‌සලා දෙන්නම්’.

එහෙම කියද්දිත් එයා මෙන්න මෙහෙම කිව්වා. ‘නෑ මට ජීවත්වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිගෙන් වැඩක්‌ නැහැ. මට ඉසිදාසිත් එක්‌ක පවුල් කන්නට ඕනකමක්‌ නැහැ.’ ඒ ඉඳුල් කන මනුස්‌සයත් මාව දාලා ගියා. ඉතින් මම තනියම හිතන්න පටන් ගත්තා. එක්‌කෝ මම කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එහෙම නැත්නම් මම මහණ වෙනවා.

දවසක්‌ ආර්යවූ ජිනදත්තා භික්‌ෂුණිය පිණ්‌ඩපාත වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා. ඒ භික්‌ෂුණිය විනයධර, බහුශ්‍රෑත බොහොත සිල්වත් කෙනෙක්‌. ඒ භික්‌ෂුණියට අපි සිටිය ආසනේ වාඩිවෙන්න පිළියෙළ කළා. එතන ඉඳගත්ත ඒ භික්‌ෂුණියගේ දෙපා වැඳ දානය පූජාකරගත්තා. දන්පැන්වලිනුත් කැවිලි-පෙවිලිවලිනුත් එයාට සැලකුවා. ‘ආර්යාවෙනි, මමත් කැමතියි මහණ වෙන්න’ කියලා මම කිව්වා. ඒ වෙලාවේ තාත්තා මට මෙසේ කිව්වා.

‘දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.’

ඒ වෙලාවේ මම තාත්තා ළඟ වැඳගෙන හඬා වැටුණා. ‘නෑ මම කරගත් පව් තමයි මේ. මමම ඒ පව් ගෙවල අවසන් කර දමනවා.’ ඉන්පසුව මගේ තාත්තා මෙහෙම කිව්වා ‘නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක්‌ අවබෝධ කළා නම් දුවේ ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණ අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න.

මම දෙමාපියන්ටත්, නෑදෑ පිරිසටත් වන්දනා මාන කළා. ඔන්න ඉතින් මමත් මහණ වුණා. මහණවෙලා හත්දවසින් මමත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. පෙර විසූ ජීවිත දැක ගැනීමේ ඤාණය (පුබ්බේ නිවාසනුස්‌සති ඤාණය), අනෙක්‌ අයගේ චුතියත් උප්පත්තියක්‌ දැක ගැනීමේ හැකියාව (චුතුපපාත ඤාණය), සියලුම කෙලෙස්‌ ප්‍රහානය කිරීමේ ඤාණය (ආශ්‍රවක්‌ෂය ඤාණය). මට පුළුවන් වුණා මේ ජීවිතයේ විපාක වින්දේ ඒ කාලයේ කළ පවකටයි. මම ඔබතුමියට ඒ ගැන කියන්නම් හොඳට අහගෙන ඉන්න.

මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩක්‌ ධනය තියෙන රන්කරුවෙක්‌ වෙලා මම හිටියේ. මම තරුණකමින් මත්වෙලා හිටියේ. මම නොයෙක්‌ කාන්තාවන් පස්‌සේ ගියා. මම ගතකළේ සල්ලාල ජීවිතයක්‌. ඒ ජීවිතය අවසානයේදී මම (මැරිලා) මනුස්‌ස ලෝකයෙන් චුතවෙලා ඉපදුනේ නිරයේ. නිරයේ ඉපදුන මම නිරයේ ගොඩක්‌ දුක්‌ වින්¹. එම නිරයෙන් චුතවුණාට පසුව මම උපන්නේ වැඳිරියකගේ කුසේ. ඒ වැඳිරියගේ කුසෙන් ඉපදිලා දවස්‌ හතයි ඒ වඳුරු රැළේ හිටපු නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. ‘පර ස්‌ත්‍රීන් සේවනය කළ කර්ම විපාකය තමයි මා ඒ වින්ඳේ. මම බොහොම බයාදු වඳුරකු හැටියට බොහෝ කල් හිරිහැර වින්¹.

මම එතැනින් මැරී සින්ධව වනයේ හිටිය එක ඇහැක්‌ අන්ධ වුණු කුදු ගැහිච්ච බූරු දෙනකගේ කුසේ ඉපදුණා. මම ඉපදුණාට පසුව කුඩා කාලයේදීම මිනිසුන් මාව අල්ලාගෙන ගිහින් මගේ කර අඹල මගේ රහසඟේ ඇට තැලුවා. ඉන්පසුව මම දොළොස්‌ අවුරුද්දක්‌ දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත අර ඇට තලපු තැන තුවාලවෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහලා මම ලෙඩ වුණා. මම ඒ වින්ඳේ පරස්‌ත්‍රීන් සේවනය කළ එකේ විපාකයි.

මම එතනින් මැරී ඉපදුණේ හරක්‌ වෙළෙන්ඳෙක්‌ ළඟ හිටපු ගවදෙනකගේ කුසේ. මම රතුපාට වුණු වහු පැටියෙක්‌ හැටියට මේ ලෝකයේ එළිය දුටුවා. බොහොම සතුටින් ඉන්න විට දෙළොස්‌වැනි මාසයේදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැලුවා. ඉන්පසුව මම නගුල් උස්‌සාගෙන ගියා දවස පුරාම හෑවා. ගැල්බර කර තියාගෙන ගියා ඇති තරම් බර ඇද්දා. අන්ධයෙක්‌ වගේ මම පරස්‌ත්‍රීන් සේවනය කළ නිසා මම අන්ධවී ලෙඩවී ගියා.

මම එතනින් මියගොස්‌ නගරයේ වීදියේ දාසිකයගේ කුසේ තමයි ඒ අවස්‌ථාවේ මම උපන්නේ. පරස්‌ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ අවස්‌ථාවේ මම ඉපදුණේ ගැහැණියකුත් නොවේ. පිරිමියකුත් නොවේ. නපුංසකයෙක්‌ හැටියටයි. එහෙම ජීවත්වෙලා හාස්‍යයට උපහාසයට ලක්‌වෙවී සිට අවුරුදු තිහේදී මම මැරුණා. එතනින් මියගිහින් මම ඉපදුණේ ස්‌ත්‍රියක්‌ හැටියට ණය බරින් මිරිකී ගිය ගැල්බර ගෙනගිය පවුලකයි. මම ගොඩක්‌ දුක්‌ වින්¹ .අපි ගත්ත ණය ගෙවාගන්න අම්මට, තාත්තට බැරිවුණා. ගැල්නායකයා අපේ ගෙදරට ඇවිදින් ණය හිලව් වෙන්න කියලා මම අඬද්දී මාව බලහත්කාරයෙන්ම අරගෙන ගියා. එවිට මට වයස අවුරුදු දහසයයි. මම තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක්‌ හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවාගත්තා. ඒ ගැල් නායකයාගේ පුතාට (ගිරිදාසට) හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්‌වාමි භක්‌තිය තිබෙන බිරිඳක්‌. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මම කළේ ඒ බිරිඳ ගැන ගිරිදාස කිපෙන විදිහට නිතර කටයුතු කිරීමයි.

‘මම දාසියක්‌ වගේ ස්‌වාමියාට උපස්‌ථාන කරද්දී, ස්‌වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙනුයි. ඉතින් මම දැන් ඒ කර්මයත් අවසන් කළා.

ඉසිදාසි රහත් තෙරණියගේ කතාව – ථේර ථෙරී ගාථා (චත්තාලිස නිපාතෝ)

උතුම් යහපත නම් තමා තුළ උසස් ගුණ ධර්ම ඇති කර ගැනීමයි. කුමන කරුණක් නිසා හෝ කිපුනොත…

උතුම් යහපත නම් තමා තුළ උසස් ගුණ ධර්ම ඇති කර ගැනීමයි. කුමන කරුණක් නිසා හෝ කිපුනොත් එයින් අයහපත සිදුවන්නේ තමාටමයි.

බෝධි පූජාවෙන් සෙතක් ලැබෙන්නේ කෙසේ ද? . ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහී…

බෝධි පූජාවෙන් සෙතක් ලැබෙන්නේ කෙසේ ද?
.

ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී ‘බුදු වී මිස නොනැගිටිමි’යි අදිටන් කොට, වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.

‘බෝධිය’ යන්නෙන් අදහස් කැරෙන්නේ ‘අවබෝධය ලැබීම’ යන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධ” වෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ‘ලෝකය’ යනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. ‘බෝධිය’ යන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.

එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.

බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය ‘බුද්ධානුස්සති’ භාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින් කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.

බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.

සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.

බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ‘ආනන්ද බෝධිය’ නමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.

මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.
.

විශ්‍රාම ලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
ධර්ම සෙන්දනායක

දුතීය චේතනා සූත‍්‍රය : 10 කොටස අපි තේරුම් ගන්න ඕනෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු න…

දුතීය චේතනා සූත‍්‍රය : 10 කොටස

අපි තේරුම් ගන්න ඕනෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා කිවුවෙ, අවස්ථාවට ආයතනයන්ගෙන් උපද්දලා නම් පෙන්නන්නෙ, ආයතනයන්ට ගෝචර වෙන්න ඉස්සෙල්ලා, ඇස් ඉදිරියට ඒ වස්තුව මහා භූතය පැමිණෙන්න ඉස්සෙල්ලා එබඳු රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් තිබුනා නෙමෙයි. හම්බවෙන වෙලාවට ද, – මජ්ෙඣ මන්තා න ලිප්පති – මැද ද තියෙන දෙයක් හම්බවෙන්න බැහැ. වතමානයෙ ද මෝහය තියෙන්න බැහැ. අතීත අනාගත දෙක අතහැරලා වතමානයක ජීවත්වෙන්න පුළුවන්. අතීතය සිහිකරන්නෙත් නෑ. අනාගතය සිහි කරන්නෙත් නෑ. මිරිඟුව තියෙන තැනක වතුර වළක් තියෙන්නෙ කියලා වතමානයක රැුවටුනොත් හරිද? හරියන්නෙ නෑනෙ.

අතීතය සිහි නොකළත්, අනාගතය සිහි නොකළත් මැද ද තැවරෙන්න බැහැ. වරතමානය ද ‘අහුත්වා සම්භූතං’ පෙර නොතිබීමයි හටගන්නෙ. මේ ඇහෙන් බැලූව නිසාම උපද්දපු රූපෙකුයි පේන්නෙ කියන මට්ටම තියෙන්න ඕන. මේ ආයතනයන්ගෙන් හදලා පෙන්නන රූපයක් කියන එක තියෙන්න ඕන. එහෙම වුනාම ඉබේමයි ඇහැ ඉවතට යනකොට ම දැකපු එක නැතිවෙනවා කියන එක තේරෙන්නෙ.

සම්මා දිට්ඨිය කියනකොට මේ ආරම්මණ හය බාහිරයි කියලා තියෙන්න ඕනෙ. මහා භූත හෝ මහා භූතයන්ගෙ උපාදාය රූපයි කියලා ඒ රූපයන්ගේ ගති ටික තේරෙන්න ඕන.

උපාදාය රූපය කියනකොට ‘දිට්ඨෙ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං’ කියලා. මේ රූපායතනයෙන් දැකීම් කෘත්‍යය විතරමමයි කරන්න පුළුවන්. වෙන කිසිම වැඩක් කරන්න බෑ කියන මට්ටම තියෙන්න ඕන. ජලයට වැටුන ඡුායාරූපය ඇහැට පේනවා විතරමයි වෙන කිසිම දෙයක් කරන්න බැහැ.

කනට ඇහෙන ශබ්දය ඇහීම් කෘත්‍යය විතරමයි, වෙන කිසිම දෙයක් කරන්න බැහැ. නාසයට දැනෙන ගන්ධය, ගඳ සුවඳ දැනීම විතරමයි කරන්න පුළුවන්. දිවට රස දැනීම් කෘත්‍යය විතරමයි. කයට ස්පර්ශ කෘත්‍යය විතරමමයි. සිතට සිතීම් සිතීමක් විතරමමයි වෙන්න ඕන.

අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන හේතු නිසා රූපය හැදෙන බව දකින්න ඕන. බාහිර රූප හැදෙන හේතුව ආධ්‍යාත්මික පැත්තෙන් දකින්න. ඔය පින්වතුන් විශාල ගොඩනැගිල්ලක් උඩට නැගලා ඉන්නකොට ඈත තියෙන දේවල් පේනවා නම් හිතන්නෙ ඈත ඒ දේවල් තියෙන නිසා පේනවා කියලයි. නමුත් හොඳට බැලූවොත් ඒ දේවල් දකින්න හේතුව ගොඩනැගිල්ල උඩට නැගපු එක. හේතු දකින්න ආධ්‍යාත්මික පැත්තෙන්. දැන් ඔය පේන දේවල් නැති කරන්න නම් බාහිර තියෙන ගහකොළ නැති කරන්න ඕන නෑ. තමන් ගොඩනැගිල්ලෙන් බැස්සම පේන දේවල් ඉබේම නැතිවෙයි. ඒ වගේ පෙනිම්, ඇහීම් ඇතිවෙන්න හේතු තියෙන්නෙ ආධ්‍යාත්මික පැත්තෙ. ඒක බාහිරෙන් දකින්න එපා.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියලා දකින්න. ඔන්න ඔය ටික පෙනෙන මට්ටමට ආවොත්, – හිතනවා නෙවෙයි, පෙනෙන මට්ටම – ජරා මරණ දුක එන්න හේතු නෑ. අ`ඩන්න, වැළපෙන්න, ශෝක කරන්න හේතු නෑ. කෙනෙක්ගෙන් නින්දා අපහාස අහන්න, ඔළුවෙ කැක්කුම්, බඬේ කැක්කුම් වි`දින්න ජීවිතයක් හම්බවෙන්නෙ නෑ. එතකොට කියනවා අහසෙ පාවෙන කොඩියක් වගේ ඒ ජීවිතේ. මුළු ආත්ම භාවයම ඒ පේන අරමුණ විතරයි. සළායතන ටිකෙන් ජීවත්වෙන්නෙ එයා. හටගන්න යම් ආයතනයක් තියෙනවද ඒ ආයතනයේ ගතිය, යථාභූත ස්වභාවය යම්සේද, නුවණ එසේයි. නුවණ යම්සේ ද, ඒ ගතිය එසේයි. පෙර පසු මනස අසීමිත ශුන්‍යතාවයක පවතිනවා.

අපි වගේ ඇහෙන් බලන එකට කනින් අහන ඒවා, කනින් අහන එකට ඇහෙන් බලන ඒවා ආයතන ගැට ගහලා නෑ. එක ජීවිතයක එක ස්කන්ධයකින් හැම වෙලේම ජීවිතේ පවතිනවා. එක ස්පර්ශයයි එතන තියෙන්නෙ. ඒකෙ ද ඇත්ත ඇති හැටියෙ පෙනෙනවා.

ඔය මට්ටමට ගියාමයි විඤ්ඤාණය පිහිටනවා කියන එක නොවෙන්නෙ. මත්තේ කටයුත්තක් නෑ. කළයුත්ත කළා කියන ඥාන දර්ශනය එළඹ සිටිනවා. ඔතෙන්ට කියනවා අවිජ්ජායත්වෙව අසේස විරාග නිරොධො සංඛාර නිරොධා කියලා. අවිද්‍යාව ශේෂයක්වත් නැතිවුනොත් සංඛාර නෑ. නිමිති නෑ. දැකපු දේ ඇතිබවට හිටින්නෙ නෑ. අහපු දේ ඇතිබවට හිටින්නෙ නෑ. ගඳ සුවඳ දැනුන දේ ඇති බවට හිටින්නෙ නෑ. සංඛාර නිරොධො විඤ්ඤාණ නිරොධා, විඤ්ඤාණ නිරොධො නාම රූප නිරොධා. හටගන්න ධර්මයෝ නිරුද්ධයි කියන නුවණ නිසා මේ ඔක්කොම නිරොධයට යනවා.

හැබැයි හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් කර්ම රැුස්වෙන්නෙ නෑ. හිතුවොත් හිතපු එක නිරුද්ධයි කියන නුවණ හිටිනවා මිසක, හිතන්න බැරි නෑ. වචන කතා කරන්න බැරි නෑ. කියන්න පුළුවන්. කියපු දේ කීමෙන් පසු නිරුද්ධයි වෙනවා. යමක් කරන්න පුළුවන්. කරන දේ කිරීමෙන් පස්සෙ නිරුද්ධයි වෙනවා. කර්ම රැුස්වෙන්නෙ කොහොමද? දැන් ඔය පින්වතුන් මොනවා හරි හිතන්නකො. හිතපු එක හිතීමෙන් පස්සෙ ඉවර වෙනවද නැද්ද? ඉවරවෙනවා. නමුත් ඇයි ඒකට කර්ම රැුස්වෙනවා කියන්නෙ. ඇයි ඉවරවුනේ නැතිවෙන්නෙ?

අපි කාට හරි බැන්නා හෝ හොඳ කිවුවා හෝ ඒක ඉවර කරනවනෙ. නමුත් ඇයි වචී සංඛාරය ඉවර වෙන්නෙ නෑ, ඒක රැුස්වෙනවා කියලා කියන්නෙ?

කයින් යම් කි‍්‍රයාවක් කරලා ඒක ඉවර කරනවනෙ. නමුත් ඇයි ඒක නිරුද්ධයි කියන ගණයට යන්නෙ නැත්තෙ? ඔන්න ඔතන හොඳට බලන්න. ඇස් ඉදිරිපිටට එන වස්තුවෙ නිමිත්තට නම් කෝප්පෙ කියලා හිතුවෙ, හිතන සිතිවිල්ල නැතිවුනාට හිතපු නිමිත්ත ඇති තාක් කෝප්පෙ තියෙනවා වගේ තේරෙන්නෙ. කෝප්පෙ ගන්න, කෝප්පෙ දෙන්න කියලා වචන ටිකක් කියලා ඒ වචන අතහැරුනට වචී සංඛාරය අතහැරුනා කියන්නෙ නෑ. ඒ වස්තුව සිහිවෙනකොට අර විස්තර ටික ඒත් එක්ක තියෙයි. කෝප්පෙ පූජා කිරීම හෝ කෝප්පෙ හොරකම් කිරීම කයින් කළොත්, ඒ කි‍්‍රයාව ඉවරවුනාට මේ වස්තුව ඕනෙත් නෑ ඒ හදාගත්ත කර්ම නිමිත්ත තියෙනවා. මරණාසන්න මොහොතෙ ඔය නිමිත්ත සිහිවෙනකොට ඔක්කොම විස්තර ටික ඒකෙ තියෙයි. ඒ හින්දයි කර්ම රැුස්වෙනවා කියලා කියන්නෙ. හිතපු, කියපු, කරපු දේවල් නැතිවෙන්නෙ නෑ අර නිමිත්තට බැඳෙනවා. මරණාසන්න මොහොතෙ සිතීම්, කීම්, කිරීම් රැුස්වෙලා තිබුන දැකපු අහපු රූප ශබ්ද නිමිති ටික ඇස් ඉදිරිපිටට එන එකයි වෙන්නෙ. හිතීම් කිීම් කිරීම් කරන්න උපකාරී වුන ඒ නිමිත්තම හටගෙන නිරුද්ධ වුනොත් කමක්ෂයයි. කර්ම නිරෝධයට යනවා කියලා කියනවා.

එහෙම වෙන්න නම් අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න ඕන. යථාභූත දශනයට ආවොත් විතරමයි දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියලා කියන්නෙ. මෙන්න මේ මට්ටමට අපේ මනස හදාගන්න ඕනෙ. දැන් මම ඔය කිවුව ටික ඔය පින්වතුන්ට ජීවිතේට යොදාගන්න පුළුවන් ද? අමාරුයි නේ. එහෙම බෑ කියන එකෙන් කියනවා තවම අර්හත් මාර්ග ඥානයක් නෑ කියලා. රහත් වෙලා නෑ කියලා. නොපිහිටා ඉන්න නිසා. නමුත් ඒක තවම පෙනෙන්නෙත් ඒ මට්ටමේ ගතිය හිත තිබ්බටවත් හිතාගන්නවත් බෑ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කිවුවටවත් ඒක හිතාගන්න බෑ. ඒ කියන්නෙ තාම දිට්ඨි සම්පන්න බව යෙදිලත් නෑ. මම මේ කියන්නෙ දහම. ඔය පින්වතුන් කාටවත් එහෙම නෑ කියන්න හදනවා නෙමෙයි. තේරෙන්නෙ නැතිනම් අපිට තාම එහෙම නුවණක් නෑ. තේරෙනවානම් එහෙම නුවණක් තියෙනවා. තේරෙනවා කියන්නෙ සංකල්පයකින් හිතන එක එහෙම නෙවෙයි.

තමන්ට පුළුවන් වෙන්න ඕන අත පය හතරම නැතිවෙන විදියට මේ දර්ශනයට හිත තබාගන්න. හිත තබන විදියට ම මේ ශරීරය අතුරුදහන් වෙන්න ඕන. කෙලින්ම රූපාරම්මණය විතරයි තියෙන්නෙ. හැබැයි ඒකෙත් මේ ගති ටිකක් තියෙනවා. හොඳට සිහි කරන්න කියන තැනකින් යෙදෙන්න ඕන. එතකොට තමයි තේරෙනවා කියන්නේ. නමුත් එහෙම තැනක් නැත්නම් දැන් තමන් දන්නවා ආරම්මණය අරබයා හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුනත්, නොහිතුවත්, කල්පනා නොකළත් අනුසය වශයෙන් පවතිනවා නම් ඒකාන්තයෙන් සසර ඉවර නෑ කියලා දන්නවා. අනුසය වශයෙන් නොපවතිනවා කියන්න නම්, ඇහැට රූපයක් පෙනෙන කොට ඒ රූපායතනයෙ ඇත්තම ඇත්ත පෙනෙන ගති ටික අපේ මනසෙ තියෙන්න ඕන.

රුපායතනයෙ ඇත්තම ඇත්ත කියන්නෙ, රූපය බාහිරයි , මහා භූතයන්ගෙ උපාදාය රූපයක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හැදිලා තියෙන්නෙ, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන දැක්ම තමන් ගාව තිබුනොත් මේ රූපායතනය අරබයා, අ`ඩන්න වැළපෙන්න සත්වයො පුද්ගලයො, ජරා, මරණ කිසිවක්ම නැහැ. ධර්මතාවයක් විතරයි. ඔය මට්ටමට තමයි, සම්මා දිට්ඨිය කියන්නෙ. ඒකට මම අර්ථයත් පෙන්නුවා.

රූපය බාහිරයි කිවුවම මේ මට්ටම දැනෙන්න ඕන. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කිවුවෙ ආධ්‍යාත්මික පැත්තෙ හේතු ටික නිසයි, මේ පේන්නෙ කියන එක. බාහිර තියෙන දෙයක් කියලා, පෙනෙන එකට හේතුව හැටියට බාහිරට නැඹුරු වෙන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ කියන කාරණාව පෙන්නුවා. උපාදාය රූපයක් කිවුවම රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් වාසනාව අවාසනාව ගෙනත් දෙන වස්තු නැහැ. වර්ණ සටහන් මාත‍්‍රයක්, චිත‍්‍ර මාත‍්‍රයක් විතරයි තියෙන්නේ කියන එක පෙන්නුවා.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එකෙන් තමන්ගෙ ආධ්‍යාත්මයෙන් හදාගත්ත දෙයක් පේන්නේ කියන එක පෙන්නනවා. ඔය ටික අහගත්තත් මනස තවම එතෙන්ට ගන්න බැහැ.

අපිට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියලා දැන් පැත්තකට වෙලා ඉන්නද තියෙන්නෙ. නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පූවභාග ප‍්‍රතිපදාව කියලා කොටසක් පැනෙව්වෙ. සතර සතිපට්ඨානය පැනෙව්වෙ. යථාභූත ස්වභාවය නොපෙනෙන්න හේතුව ආවරණීය ධර්මයෝ මනසේ පිරිලා තිබීම. දැන් ආවරණීය ධර්ම දුරුකර ගන්න ඕන. ඔය දකින මට්ටමට ගන්න අපිට ප‍්‍රතිපදාවක් තියෙනවා. ඒකත් ශිල සමාධි ප‍්‍රඥාම තමයි. ඒක තමයි පූව භාග ප‍්‍රතිපදාව. ඔතෙන්ට තමයි සම්බන්ධ වෙන්නෙ නව මහා විදර්ශනා ඥාන. සප්ත විශුද්ධි, මාර්ග ඥානය පහළ වෙන තැනට ගන්න තියෙන ධර්මතා ටික තමයි මේ.

දිය බුබුලක් ලෙස, මිරිගුවක් ලෙස ලෝකය දකින්නේ කෙසේද? එය ඉගෙන ගන්නට අති පූජ්‍ය මාන්…

දිය බුබුලක් ලෙස, මිරිගුවක් ලෙස ලෝකය දකින්නේ කෙසේද? එය ඉගෙන ගන්නට අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න ->