Monthly Archives: March 2016

New photo from Facebook March 10, 2016 at 09:04AM

~වේලාම බ්‍රාහ්මණයාගේ දානය~

රිදීයෙන් පිරවූ 84000ක් රන් පාත්‍ර
රනින් පිරවූ 84000ක් රිදී පාත්‍ර
අමුරනින් පිරවූ 8400ක් කස්ලෝ පාත්‍ර
ස්වර්ණාලංකාර ඇති රන්දද ඇති රන්රසු දැලින් ගැවසුණු 84000ක් ඇතුන්
සම් පඩු ඇඹුල් ඇතිරූ රනින් අලංකාර කළ රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු 84000ක් රිය
දුහුල් රෙදි ඇතිරූ කස්ලෝ කොසු ඇති 84000ක් දෙනුන්
මිණි කොඩොල් පැළදි 84000ක් කන්‍යාවන්
කො‍‍දුපලස් සුදුඇතිරි ඝන පුප් එඵලොම් ඇතිරි 84000ක් පලග
කම්බිලි කපුපිලි ඇදී කෝටි 84000ක් වස්ත්‍ර
නදී මෙන් ගලන අන්නපාන,ඛාද්‍ය,භෝජ්‍ය,ලෙය්‍ය පෙය

දක්ඛිණවිභංග සූත්‍රය -> http://ift.tt/1Ugt82s
376
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නීය. එකත්පසක හුන්නාවූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.
“ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව. තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමි, සංඝයාද (පුදනලද්දේ) වන්නේය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත් වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටිනලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේය” යනුයි. තුන්වෙනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි මමද පුදනලද්දේ වන්නෙමි, සංඝ තෙමේද පුදන ලද්දේ වන්නේයයි.”
377
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියගේ අළුත්වූ වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදූ මව කළුරිය කල කල්හි කිරි පෙව්වාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් සරණ කොට ගියාය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ සතුන් මැරීමෙන් වැළකුනීය, සොරකම් කිරීමෙන් වැළකුනීය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීය, බොරු කීමෙන් වැළකුනීය, රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. ධර්මය කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. සංඝයා කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැකනැති වූවාය. දුක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහා ප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇති සේකැයි,” (සැලකෙළේය.)
378
“ආනන්දය, එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනේ වේද, ආනන්දය, මේ ආර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියයි කියමි.
“එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකි යයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැත්තේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.
379
“ආනන්දය, පුද්ගලික දාන මේ දහතරක් වෙත්. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන් වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයෙකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතර වන පුද්ගලික දානයයි.
“ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දනෙහි අනුසස්) කියනුම කවරේද?
380
“ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත්? බුදුන් ප්‍රධාන (භික්ෂු භික්ෂුණී යන) උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි. භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂූහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවෙනි සංඝික දානයයි. මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වෙනි සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.
381
“ආනන්දය, මේ දාන විසුද්ධිහු සතරක් වෙත්. කවර සතරක්දයත්? ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු වේද, (මහත්ඵල වේද) ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද, එබඳු දානයක් ඇත්තේය.
“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ. දායකයා කෙරෙන් පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු නොවේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද? දුශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙහිද පිරිසිදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම්, දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
“ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතර වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළේය.
382
[1] “සිල්වත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ.
[2] “යම් දුශ්ශීලයෙක් අධර්මයෙක් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.
[3] “යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දුස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.
[4] “යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.
[5] “යම් පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිෂ දාන අතුරෙන් අග්‍රයයි” කියමි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 09, 2016 at 10:31PM

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන් මීට ටික වේලාවකට පෙර අපවත් විය.
අද පස්වරුවේ උන් වහන්සේ හදිසියේ ඇද වැටීම නිසා මහනුවර මහ රෝහලට ඇතුලත් කළ පසු මෙසේ අපවත් වී ඇත.
මහ නා හිමියනි, ඔබවහන්සේට නිවන් සුව අත් වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 08, 2016 at 09:09AM

සප්ත ආර්ය ධනය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

සද්ධා ධනං සීල ධනං
හිරිඔත්තප්පියං ධනං
සුත ධනං ච චාගො ච
පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස එතෙ ධනා අත්ථි – ඉත්ථියා පුරිසස්ස ච
අදලිද්දොති තං ආහු – අමොසං තස්ස ජීවිතං

ධනය යන වචනය ඇසූ සැණින්ම අප මතකයට නැගෙනුයේ මිල මුදල්, ගේ දොර වතුපිටි, යාන වාහන ආදී දේ පිළිබඳව යි. එහෙත් ඉහත සඳහන් සප්ත ආර්ය ධනයට එම කිසිවක් ඇතුළත් නො වේ. එය ලෝකෝත්තර ධනය යි. මිල මුදල් යනාදිය ලෞකික ධනය යි. මෙම ලෞකික ධනය ඉතා සුලු වේලාවක් තුළ විනාශ වී යා හැකිය. ගින්නෙන්, ජලයෙන් සොර සතුරන් අතට පත්වීමෙන් හෝ රාජසන්තක වීමෙන් යනාදී වශයෙන් එකී විනාශයට ඇති අවස්ථා බොහෝ ය. උදාහරණයක් ලෙස සුනාමි වැනි විපත්තින් හිදී විනාශයට පත් වී ගියේ මිනිසුන් ජීවිත කාලය පුරාවට ම රැස් කරගත් ලෞකික ධනයයි. එහෙත් ඉහත මාතෘකාවේ දැක්වූ ලෝකෝත්තර ධනය එවැනි ක්‍රම කිසිවකින් විනාශයට පත් කළ නොහැකිය

සැදැහැවත්නි,

මා මාතෘකා කරගත් ඉහත ගාථා දෙක සඳහන්ව තිබෙන්නේ සංඛිත්ත ධන සූත්‍රයෙහිය. එහි සරල අර්ථය නම් ‘සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ. මෙම ධන සම්පත්තීන් කිසියම් ස්ත්‍රියක් තුළ හෝ පුරුෂයෙක් තුළ පිහිටා තිබෙත් ද, ඔවුහු දිළින්දෝ නො වෙති. ඔවුන්ගේ ජීවිත හිස් ජීවිත නො වෙති. යනුයි.

ධනය යන වචනය ඇසූ සැණින්ම අප මතකයට නැගෙනුයේ මිල මුදල්, ගේ දොර වතුපිටි, යාන වාහන ආදී දේ පිළිබඳව යි. එහෙත් ඉහත සඳහන් සප්ත ආර්ය ධනයට එම කිසිවක් ඇතුළත් නො වේ. එය ලෝකෝත්තර ධනය යි. මිල මුදල් යනාදිය ලෞකික ධනය යි. මෙම ලෞකික ධනය ඉතා සුලු වේලාවක් තුළ විනාශ වී යා හැකිය. ගින්නෙන්, ජලයෙන් සොර සතුරන් අතට පත්වීමෙන් හෝ රාජසන්තක වීමෙන් යනාදී වශයෙන් එකී විනාශයට ඇති අවස්ථා බොහෝ ය. උදාහරණයක් ලෙස සුනාමි වැනි විපත්තින් හිදී විනාශයට පත් වී ගියේ මිනිසුන් ජීවිත කාලය පුරාවට ම රැස් කරගත් ලෞකික ධනයයි. එහෙත් ඉහත මාතෘකාවේ දැක්වූ ලෝකෝත්තර ධනය එවැනි ක්‍රම කිසිවකින් විනාශයට පත් කළ නොහැකිය. එසේ බැලූ කළ අප කෙතෙක් ආශාවෙන් රැස් කළ ද ලෞකික ධනය තාවකාලික දෙයක් බවත්, ලෝකෝත්තර ධනය තාවකාලික නොවන නිවන දක්වාම අඛණ්ඩව ගමන් කරන ස්ථිර ධනයක් බවත් අප වටහා ගත යුතු ය. දැන් ඒ එකින්එක පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

සද්ධාව –
මෙය බෞද්ධ ජීවිතයේ පදනමයි. පුහුදුන් අප සිත් තුළ පවත්නේ ලෞකික සද්ධාවයි. සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් තුළ පවත්නේ ලෝකෝත්තර සද්ධාවයි. ලෞකික වූ අපේ සද්ධාව ‘ඵල’ සද්ධාව ලෙසත් දැක්වේ. ඵල යනු සෙලවීමයි. එනම් අප පුහුදුන් පුද්ගලයන් ගේ සද්ධාව විටෙක ඉතා ඉහළ මට්ටමක ද විටෙක මධ්‍යස්ථව ද, විටෙක ඉතා අඩුවෙන් ද පිහිටා තිබීමට අවකාශය තිබීම යි. එහෙත් ලෝකෝත්තර සද්ධාව අචල සද්ධාවකි. එය කිසිදාක නොසෙල් වී පවතියි. තෙරුවන් කෙරෙහි සිතෙහි ඇති කරගනු ලබන පැහැදීම ශ්‍රද්ධාව ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකියි.

සීලය –
කය වචනය දෙක සංවර කර ගැනීම සීලය ලෙස හඳුන්වා දිය හැකියි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය යි. විශේෂ අවස්ථාවන් හිදී සමාදන් වන ඊට ඉහළ අධි සීලයන් පවතියි. පංච සීලයට වඩා අෂ්ටාංග සීලය ද ඊටත් වඩා දස සීලයද ක්‍රමයෙන් අධිසීල බවට පත්වේ. මෙම ක්‍රමයෙන් බැලූ කළ මේ සියල්ලටම වඩා අධිසීල බවට පත්වන්නේ භික්ෂු උපසම්පදා සීලය යි. එනම් චතුපාරිසුද්ධ සීලය යි. එහෙත් සප්ත ආර්ය ධනයෙහි දක්වා ඇත්තේ පංචසීලය ආදී ගිහි සැදැහවතුන් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් පිළිබඳවයි.

හිරි –
හිරි යනු ලජ්ජාවයි. මෙය දේව ධර්මයක් ලෙසද දැක්වෙයි. ලජ්ජාව යනුවෙන් මෙහි අදහස් කොට ඇත්තේ පවට ලජ්ජාවීම යි.

ඔත්තප්ප-
දේව ධර්මයක් වන මෙමගින් අදහස් කොට ඇත්තේ භය යි. එනම් පවට බිය වීමයි. එයට කරුණු සතරක් ද පදනම් කරගත හැකිය.

1. අත්තානුවාද භය – අකුසල් කළහොත් තම සිත තමාටම දොස් නගන්නේ ය. යන බියෙන් තුරන් වීම.
2. පරානුවාද භය – අන්‍යයන්ගෙන් තමාට චෝදනා ලැබෙන්නේ ය. යන බියෙන් ඉන් තුරන්වීම.
3. දණ්ඩ භය – දඬුවමට බියෙන් ඉන් තුරන්වීම
4. දුග්ගති භය – දුගතියට බියෙන් ඉන් තුරන්වීම

සුත ධනය –
‘ශ්‍රැතිය ශ්‍රවණය කිරීමයි’ සුස්සුතා ලභතෙ පඤ්ඤං’’ යන පාඨයට අනුව ප්‍රඥාව දියුණු වන්නේ වැඩිපුර දේ ශ්‍රවණය කළ විටයි. පුරාතන අපගේ අධ්‍යාපන මාධ්‍යය වූයේ ද ශ්‍රැතිය යි. එමගින් බිහිවූවෝ බහුශ්‍රැතයෝ නම් වූහ.

චාග ධනය –
තමා සන්තකව තිබෙන දෙයක් පරිත්‍යාග චේතනාවෙන් යුක්තව අන්‍යයන්ට දීමේ දී සිතේ ඇතිවන්නේ චාග චේතනාවයි. දන්දීම යනු එය යි.

ප්‍රඥා‍්‍ර
මෙමගින් අදහස් කරනුයේ විදර්ශනා ඤාණය දියුණු කරවා ගැනීමේ ක්‍රියා මාර්ගය යි. සසර දුක් ක්‍ෂය කිරීමෙන් නිවන් ලැබිය හැකිවන්නේ විදර්ශනා ඤාණය කෙමෙන් කෙමෙන් ප්‍රගුණ කර ගැනීමෙනි. එබැවින් නුවණ දියුණු කරවීම ද සප්ත ආර්ය ධනයෙහ් එක් කොටසකි. මෙසේ මෙම සප්ත ආර්ය ධනයෙහි යුක්ත වූ යමෙක් වෙත්නම් එම ජීවිත කිසිදා හිස් ජීවිත නොවෙයි. ලෝකෝත්තර වශයෙන් ඔවුහු දිළින්දෝ ද නොවෙති. එබැවින් මෙම සප්තාර්ය ධනය එදිනෙදා ජීවිතයට එක්කරගෙන මෙලොව – පරලොව උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම උත්සුක විය යුත්තාහුය.

තෙරුවන් සරණයි!
ඌරුගමුවේ අස්සජී හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 07, 2016 at 08:53AM

සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුන් වැඩිම කලක් වස් විසූ ඒ ගන්ධ කුටියට මල් දෝතක් පුජා කර මේ සතිය පින් සිතකින් අරඹමු – සාදු සාදු සාදු via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 05, 2016 at 12:00PM

සිත කුසලයෙහි නොවඩන්නා සැමදා ළදරුවෙකි. සිත නොවඩන නිසාවෙන් මෙසේ එන්නත් කරන අකුසල විෂබීජ කෙරහි තිබිය යුතු නිවැරදි ප්‍රතිශක්තිකරණය එයා තුල වැඩිලා නැහැ…
එයා බාලයෙක්(ළදරුවෙක්) සේ මයි මියයන්නේ. වැඩුණු කෙලෙස් නිසාම අපාගත වෙනවා.මතක් කරලා බලන්න ඔබේ පරම්පරාවේ එසේ සිදුවූ ‘ලමාමරණ’ කොතෙක්ද කියා. ඔබයි කියා ඒ රටාවේ වෙනසක් වෙයි කියා සිතනවද? බලවත් සේ උත්සාහ නොකලොත් වෙනසක් නම් සිදුවෙන එකක් නැහැ. අපි වෙනසක් කරමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf