Monthly Archives: March 2016

New photo from Facebook March 15, 2016 at 12:00PM

ලෝකයේ සිදුවන අනතුරු හා ලෙඩ රෝග දෙස බැලු විට මරණය කොයි මොහොතේ ඔබ සොයා එදයි විශ්වාසක් නැත. නොපමාව කුසල් රැස්කර සුදානමින් සිටින්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 15, 2016 at 09:17AM

සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො

කාරුණික පින්වත්නි,

අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.

එම ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමය විහාරස්ථානයේදියි. පන්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේ මුල් කරගෙනයි.

එදා සැවැත්නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස්වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ “ඇවැත්නි,මේ ලෝකයෙහි සැප කුමක්දැ”යි ඔවුනොවුන් සාකච්ඡා කළා.ඇතැමකු කීවේ රජ සැපත තරම් සැපතක් ලොව තවත් නැති බවයි. සමහරකු කම් සැපය තරම් තවත් සැපයක් ලොව නැතැයි කීවා. එතැනට බුදුරජාණන්වහන්සේ වැඩම කළා. භික්ෂූන් වහන්සේ සමඟ කථාකොට, “මහණෙනි,මේ ලෝකයෙහි උතුම්ම සැපය නම් වෙනකක් නොවෙයි. බුදුවරයකුගේ පහළවීම සැපයක්, සදහම් දෙසීම සැපයක්, සංඝ සාමගී‍්‍රය සැපයක්, සමඟි වූවන්ට තපස සැපයක් යැ”යි දේශනා කළා.

මෙම පාලි ගාථාවේ පදගත අර්ථය දෙස සිත යොමුකරන්න. බුද්ධානං – බුදුවරුන්ගේ, උප්පාදෝ- ඉපදීම, සුඛො – සැපයි, සද්ධම්ම දේසනා – දහම් දෙසීම, සුඛා – සැපයි, සංඝස්ස – සංඝයාගේ , සාමග්ගි – සමඟි බව, සුඛා – සැපයි, සමග්ගානං – සමඟි වූවන්ගේ, තපො – තපස, සුඛා – සැපයි.

සත්වයන්ට ලොවී ලොව්තුරා සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ පහළවීම සැපයක්. “සුඛො බුද්ධානං උප්පාදො” ධර්මය දුකින් මිදීමට හේතුවන බැවින් සදහම් දෙසීම සැපයක්. “සුඛා සද්ධම්ම දේසනා” සංඝයාගේ සමඟිය ද සැපයෙක්. “සුඛා සංඝස්ස සාමග්ගි” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක්. “සමග්ගානං තපො සුඛො” එම ගාථා ධර්මයේ සරල තේරුම එසේ පෙන්වාදිය හැකියි.

දැන් අපි “සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දැක්වූ පරිදි බුදුවරුන්ගේ පහළවීම සැපයක් වන්නේ කෙසේද යන්න විමසා බලමු. දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කළ හැකි ජීවිතයක් ගොඩනඟා ගැනීම අසීරුයි. කාලාන්තරයක් එයට පිළිවෙතින් පෙළ ගැසිය යුතුයි. දානයෙන්, ශීලයෙන්, නෛෂ්ක්‍රම්‍යයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, ක්ෂාන්තියෙන්, සත්‍යයෙන්, අධිෂ්ඨානයෙන්, මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් තම ජීවිතය පිරිපුන් කරගත යුතුයි. එම පිරිපුන් ජීවිත ඇත්නම් ඒ ඇත්තේ බෝසතුන්ටයි. පසුව මේ උත්තමයන් බුදුබවට පත්වනවා. උන්වහන්සේගේ උපත සැපතක්. ඒ බුදුවරයකුගේ පහළවීම නිසා දෙවියන් සහිත සත්ව ලෝකයා සසර දුකින් සැබැවින්ම අත්මිදෙන බැවින්. නිවන ලබා ගන්නට සසරින් මිදෙන එකම මග වූ අරිඅටඟි මඟ එළි පෙහෙළි කරන්නේ අන් කිසිවකු නොව සම්මා සම්බුදුවරයෙකුමයි. එනිසා උන්වහන්සේගේ උපත සැපයක්.එහෙත් එය අතිශයින්ම දුර්ලභ වූවක් බව කිව යුතුමයි. ‘ඉමස්ස ඛො භික්ඛවෙ එක පුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං’ යන පාලි පාඨයෙන් මැනැවින් ඒ බව පැහැදිලි වනවා.

“සුඛා සද්ධම්මදේසනා” එනම් සදහම් දෙසීම සැපයක් වන්නේ කෙසේද? ධර්ම ශ්‍රවණයට පැමිණ සසර කෙටි කර ගන්නා සත්වයන් එමටයි. ජාති, ජරා මරණාදියෙන් මිදෙන්නන් එමටයි. එනිසා ධර්ම දේශනය, සැපයට හේතුවක් බව පැහැදිලියි. “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං” ආදියෙහි දැක්වෙන පරිදි සීලය පැවසෙන ධර්ම දේශනය ආදි කල්‍යාණ වනවා. මධ්‍යයෙහි නිවන් මාර්ගය පැවැසෙන ධර්ම දේශනය, මධ්‍යකල්‍යාණ නම් වනවා. අවසානයෙහි නිවන පැවැසෙන දම්දෙසුම් පරියොසාන කල්‍යාණ නම් වනවා. ඒ ධර්ම දේශනය ලෝක සත්වයාට සැබැවින්ම සැපයක් උදා කරනවා.

“සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය ද සැපයක්. සංඝරත්නයේ සමඟි බව, එක් සිත් බව, දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කිරීමට මහෝපකාරි වනවා. ඒනිසා සංඝයාගේ සමගිය සැපයක් යැයි වදාළා. මහා සංඝරත්නය යනු සසුන් පිළිවෙතෙහි යෙදෙමින් කෙලෙස් නැසීමට උත්සාහ දරන, ප්‍රතිපත්ති පුරන පිරිසයි. සාමග්ගි නම් උතුම් සංඝරත්නයේ එක්වීමයි. සමඟිසම්පන්න බවයි. එසේ සමඟි වූවන් මැනැවින් දහම් හි පිහිටනවා. දහම්හි පිහිටි පුද්ගලයා විමුක්ති ලාභයෙන් සැනසෙනවා.

“සාමග්ගානං තපො සුඛො” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක් වනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ සමඟි බව ධර්මය ඉගෙනීමට ධූතාංග පරිපුර්ණයට,මහණ දම් පුරන්නට හේතු භූ®ත වන බැවින් සමඟි වූවන්ට තපස සැපයක් යැයි දේශනා කොට තිබෙනවා.

එදා සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස් වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ යථොක්ත ධර්ම දේශනාව අවසානයේ සියලු කෙලෙස් නසා පරම රමණීය වූ උතුම් නිර්වාණාවබෝධය ලබා ගත්තා. එපමණක් නොවෙයි එම අවස්ථාවට පැමිණි මහ ජනයාට ද එම දේශනාව අසා සෝවාන් ආදි මාර්ග ඵල පිළිවෙළින් නිවන ලබා ගැනීමට හැකි වූ බව සඳහන් වනවා.

මේ උතුම් සදහම් කාරණා කියවීමෙන්, ඔබ සැමටත් ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා’යි ප්‍රාර්ථනා කරගන්න.

උතුරාවල ධම්මරතන හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 14, 2016 at 12:00PM

මේ ඔක්කෝම දුක් පොදි..

ඔය පංචස්කන්දය කියන්නේ මහ දුකක් නේද?ඒ වුනාට මෙක අල්ලන් ඉන්නේ මහා සැපක් කියලා හිතන් නේද?බලන්න වෙලාවක,ඇහැට නිතර ආදරේ දෙයක් තියෙනවද?තමන්ගේ කියලා අපි ඔක්කෝම ඇහැට ආදරෙයි..නමුත් වෙලාවක ඇහැ දුක් දෙන්නේ නැද්ද?එක ඇහැ නෙමෙයි ඇස් දෙකක් තියෙනවනෙ..එක ඇහැකින් යමක් ලැබෙනවනම් ඇස් දෙකක් තියෙනකොට දුක් දෙගුනයයි..නේද?එතකොට එක ඇහැක් තියෙන එකද වටින්නේ ඇස් දෙකක් තියෙන එකද වටින්නේ?කොච්චර දුක් දුන්නත් ඇස් දෙකක් තියෙන එක වටිනවා නේද?ඉතින් බලන්න එතකොට එතන ඇතිවන දුක්?
ඊගාවට බලන්න ඔලුව කියන එක?සැපයිද?දුකයිද?ඔලුව හින්දා කොච්චර දුක් ලැබෙනවා ඇද්ද?ඒත් ඔලුව නැතුව හිටියොත් පුලුවන්ද?බෑ ඔලුව තියෙන්නම ඕනේ.ඒ වුණත් ඔලුව හින්දා කොච්චර නම් වේදනාද?හිසේ අමාරුව,පාන්දරට ඇතිවන පීනස,ඉරුවාරදය වගේ කොච්චර නම් දුක් දෙනවද?ඔලුව කියන එක අපිට නැතුවම බැරි වුනාට බලන්න එතන ඇතිවන දුක කොතරම්ද කියලා?ඊලගට දත් ටික කියන්නෙත් අපිට නැතිවම් බැරි දෙයක්.හැබැයි බලන්න කොතරම් දුක් පිඩා ඇති කරනවද කියලා?ඔහොම බලන් ගියාම නාසය,කන්,උගුර,පපුව,බඩ,අත්,පා ඔය අපෙ ඇගෙ කි නොකි සියල්ලම අපිට දෙන්නේ විශාල දුකක් නේද?අපිටම නැතිවම බැරි දේවල් වුනාට බලන්න කොයිතරම් නම් අපිට දුකක් දෙනවද කියලා?

ඒ වුනාට අපිට මෙක තේරුම් යනවද?නෑ නේද?බලන්න කොච්චර රුපයට අපි වහල් වෙනවද කියලා?ලස්සන රුපයක් දැක්කම අපි එක කෙරෙහි ඇලිලා එක පසු පස යනවා..ඊට පස්සේ තව ඊට වඩා ලස්සන රුපයක් දැක්කම අපි එකට ඇලෙනවා නේද?ඔය වගේ අපි මේ රුපයට ඇලෙන එකේ කෙලවරක් නේ නේද?
අපි අලුත් සින්දුවක් ආවාම මොකද කරන්නේ දවස් ගනන් එක අහනවා..එයට වඩා අලුත් එකක් අවාම මොකද කරන්නේ එක අහනවා අනිත් එවා අත හැරලා..ඔකට කෙලවරක් තියෙනවද නේ නේද?
ඔය වගේ අපි ගන්ධයට,රසයට,ස්පර්ශයට වහල් වෙනවා නේද?කෙලවරක් තියෙනවද?රසය,රුපය,ගන්ධය අලුත් වුනාම තව තවත් එකට ඇලෙනවා මිසක් ගැලවිමක් නෑ නෙද?
මෙක හරියට පිපාසිත පුද්ගලයෙකුට පිපාසයට ලුණු වතුර පානය කරන්න දුන්නා වගේ වැඩක් නේද?ලුණු වතුර බිව්වා කියලා ඒ වෙලාවට පිපාසය නිවෙනවා වගේ දැනුනට ඇත්තටම මොකද වෙන්නේ?පිපාසය වැඩි වෙනවා නේද?ඔක තමයි පින්වතුනි,දුක කියන්නේ නැතිවිමක්.නිවිමක් ඇති කර ගන්නකම් ඇතිවිමක් නෑ..කොච්චර දුක වුනත් ඇලෙන්නේම ඒ දෙමයි..එකයි බුදු රජාණන් වහන්සේ මේ නිවිමට මග පෙන්නුවේ..එක තෙරුම් අරන් නිවැරදි මග යන එක ඔය ඇත්තන්ට භාරයි..තෙරුවන් සරණයි.. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 13, 2016 at 09:07AM

කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න…

සියල්ලේම යථාර්තය වටහාගන්න…
එයයි මගේ පැතුම…
බුදු සරණයි…!

බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. “යෞවන” යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්‍රහ කෙරෙනුයේ “යොබ්බනස්‌සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි.

කෙසේ හෝ වේවා මනුස්‌ස ජීවිතයේ උසස්‌ තත්ත්වයක්‌ ළඟාකර ගැනීමෙහිලා සංධිස්‌ථානය ලෙස තරුණ කාලය නැතහොත් තරුණ අවධිය හඳුන්වාදිය හැකියි. යොවුන් ස්‌වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දූක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳව සඳහන් වෙනවා.

“යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා”

තරුණකම ඇති මහා කළු හිසකෙස්‌ ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස “පටමේන වයස” ලෙසයි උන්වහන්සේ පෙන්වා වදාළේ.

මිනිස්‌ ජීවිතය අවුරුදු 100 ක්‌ කියා ගතහොත් එහි පළමු අවුරුදු 33 “පඨමේන” වයසට අයත් වෙනවා. යොවුන් වියේදී කායික ශක්‌තිය දරා ගැනීමේ ශක්‌තිය ඉහළ මට්‌ටමක පවතිනවා. මෙම කාලයේදී ක්‍රියාශීලී බව උද්යෝගිමත්භාවය උපරිමයෙන් දැකිය හැකියි. තරුණ කාලය කයින් මෙන්ම මනසින් ශක්‌තිමත් කාලයක්‌. මෙම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවැසි පරිසරය ගොඩනගා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේදී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේදී දුක උරුම වන බව බුදුදහමේ මැනවින් පෙන්වා දී තිබෙනවා.

“අචරිත්වා බ්‍රහ්මචරියං

අලද්දා යෝබ්බනේ ධනං

ජින්නකොත්තාව ජායන්ති

න මච්චේව පල්ලලේ”

එය කෙසේද යත් තරුණ කාලයේ බඹසරව ජීවත් නොවී, ධනය රැස්‌ නොකොට, වයසට ගිය පසු දිය සිඳුණු මසුන්ද නැති විල්තෙරක තැවෙන මහලු කොස්‌වා ලිහිනියකු මෙන් එවැනි පුද්ගලයන්ට පසුතැවීමට සිදුවන බවයි මෙම ගාථාවේ තේරුම. එවැනි තත්ත්වයකට පත් නොවී තරුණ දූපුතුන් ධාර්මිකව තෘප්තිමත් ජීවිතයකට අඩිතාලම දමා ගැනීමට තරුණ කාලයේදී අදිටන් කරගත යුතුයි.

“සෙන්තිචාපා තිකීෙච්ව

පුරාණත්ති අනුත්තමං”

තරුණ කාලයේදී බඹසරව ජීවත් නොවී, ධනය රැස්‌ නොකොට මහලු කාලයේදී දුන්නෙන් විද බිම වැටුණු ඊතල මෙන් තමන් පෙර කී දේ සිහිකරමින් සුසුම් හෙළමින් ජීවත්වීම තරුණ ජීවිතය සැලසුම් නොකළ අයගේ ස්‌වභාවය බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කළහ.

ඊතලය දුන්නෙන් මුදාහල විගස හරිම වේගවත්. තරුණ ජීවිතයත් එහෙමයි. වේගවත්. ධෛර්ය සම්පන්නයි. දැඩි ජවයක්‌ තිබෙනවා. නමුත් ඊතලය බිමවැටුණු තැන එකී ජවසම්පන්නභාවය නැහැ. තරුණ කාලයේදී උසස්‌ ලෙස ජීවත් නොවී මහලු වූ පසු සුසුම් හෙළමින් ජීවත්වීම, තරුණ ජීවිතය නියම ආකාරයෙන් අවබෝධ කර නොගත් අයගේ ස්‌වභාවය බවයි බුදුදහමේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ ජරා වර්ගයේ මේ බව මනාව පැහැදිලි කර තිබෙනවා.

මේ කියන කාරණාව සමීපව, සරලව තේරුම් ගැනීම සඳහා බුදුරජාණන්වහන්සේ මීට අදාළව දේශනා කළ නිධාන කතාව කෙටියෙන් හෝ දැනගැනීම ඉතාම වැදගත්.

එදවස බරණැස්‌නුවර මහා ධන සිටුවරයෙක්‌ සිටියේය. ඔහු හැඳින්වූයේ සෙට්‌ඨි නමිනි. එදා ධන සිටුවරුන්ට ආමන්ත්‍රණය කළේ ඒ නමිනි. මේ කියන ධන සිටුවරයාට සිටියේ එකම පුතෙක්‌ පමණයි. ඔහු කිසිම ශිල්ප ශාස්‌ත්‍රයක්‌ ඉගෙන ගත්තේ නැහැ. ඇති තරම් මුදල් තිබූ නිසා කෙළිදෙළින් කාලය ගත කළා. කෙසේ හෝ ඔහුගේ විවාහයට සුදුසු කාලයත් පැමිණියා. නුවර සිටි සිටු කුමරියක ඔහුට සරණපාවාදීමත් සිදුකෙරුණා. ඇයත් එම සිටු පවුලට සිටි එකම දියණියයි. කාලය ගතවුණා. මෙම සිටු පවුලේ දෙපාර්ශ්වයේම දෙමාපියෝ මියගියා. ඒ නිසා රිසිසේ ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ජීවත් වුණා. දේපළ පරිහරණය කිරීමේදී කිසිම කළමනාකාරිත්වයක්‌ ඔවුන්ට තිබුණේ නැහැ. කිසිදු බරපතලකමක්‌ ඔවුන්ට දැනුණේ නැහැ. තරුණ කාලයේදී නටමින්, ගයමින්, සුරාසොඬින් ජීවත්වුණා. කාලයක්‌ යද්දී මේ දෙදෙනා සතුව තිබූ දේපළ විනාශ වුණා. අවසානයේදී දෙදෙනාම හිඟමනට වැටුණා. දිනක්‌ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි විහාරස්‌ථානයට මේ දෙදෙනා පැමිණියා. එම අවස්‌ථාවේදී අප ඉහත සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

යෞවනත්වයට හොඳ ආදර්ශ පාඨයක්‌ බුදුරජාණන් වහන්සේ ජාතක පාලියේ මුගපක්‌ඛ ජාතකයේ දේශනා කර තිබෙනවා. “යුවාචරේ බ්‍රහ්මචරියං” වශයෙන් එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තරුණ කාලයේදී ශ්‍රේෂ්ඨ විදිහට හැසිරිය යුතු බවයි. නැතහොත් උසස්‌ ලෙස හැසිරිය යුතු බවයි.

බ්‍රහ්මචරියාව පිළිබඳ නොයෙකුත් අර්ථකථන තියෙනවා. බ්‍රහ්මචරියාව වෛදික යුගය දක්‌වා ගමන් කරන්නක්‌. බුදුරජාණන්වහන්සේ මේ සඳහා බෞද්ධ අර්ථකථනයක්‌ ලබාදී තිබෙනවා. දානය, වතාවත, ශික්‍ෂා පද එහි සඳහන් වෙනවා. උපෝශත ශීලය ද ඊට ඇතුළත් වෙනවා. විශේෂයෙන් උන්වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාව, මග්ග බ්‍රහ්මචර්යාව යනුවෙන් කොටස්‌ දෙකක්‌ පෙන්වා දී තිබෙනවා.

බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ගතකරනවා යන්නෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනුයේ ආවාහ විවාහ වීමකින් තොරව ජීවත්වීමයි. එහෙත් බුදුදහමේ අර්ථ දැක්‌වෙන ආකාරයට ආවාහ විවාහ වී සැමියා බිරිඳ ඉක්‌මවා නොගොස්‌ බිරිඳ සැමියා ඉක්‌මවා නොගොස්‌ අෙන්‍යාන්‍ය සුහදතාවයෙන් ජීවත්වීම බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ලෙස සැලකෙනවා. එනිසා බුදුදහම අනුව විවාහය බ්‍රහ්මචර්යා ජීවිතයකට බාධාවක්‌ නොවේ.

නමුත් භික්‍ෂු ජීවිතයේදී මේ තත්ත්වය වෙනස්‌ ශාසන බ්‍රහ්මචර්යාව කියන්නේ ශාසනික කටයුතු කරමින් විවාහ නොවී ජීවිතය පවත්වාගෙන යැමයි.

පොදුවේ ගත්කල ශ්‍රේෂ්ඨ විදිහට හැසිරීම ඒ අනුව ජීවිතය හැඩගස්‌වා ගැනීම බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඕනෑම පුද්ගලයකුට, මිනිසකුට “අත්තාධිපතෙය” හෙවත් තමන් අධිපතීත්වයේ තබාගෙන ධර්මය ආරක්‍ෂා කිරීම ඉතා හොඳ දර්ශනයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. ඒ වගේම “ලෝකාධිපතෙය” යනුවෙන් දර්ශනයක්‌ තිබෙනවා. ඉන් කියවෙන්නේ ලෝකයේ යම් සම්මතයක්‌ තියෙනවා යම් දෙයක්‌ හොඳයි කියා. නැතහොත් වැරදියි කියා. නැතිනම් ඒ අනුව ක්‍රියාත්මක වන විනයක්‌, නීතියක්‌ තියෙනවා. එනිසා නීතිගරුකව ජීවත් වෙනවා. එක්‌කෝ තමන් අධිපතීත්වයේ තබාගෙන නැතහොත් ලෝක සම්මතය නීතිය අනුව ඊට ගරු කරමින් යම් පුද්ගලයකුට යහපත්ව ජීවත්විය හැකියි. නමුත් මෙම තත්ත්වයන් දෙකටම වඩා යහපත් වන්නේ “ධම්මාධිපතෙය” හෙවත් ධර්මය මුල්කරගෙන ජීවත්වීමයි. එය නිවැරදි මාර්ගය බවයි බුදුදහමේ ඉගැන්වෙන්නේ.

ධර්මය අධිපතීත්වයේ තබාගෙන ක්‍රියා කිරීම ගිහි පැවිදි දෙපක්‍ෂයටම පොදු දෙයක්‌. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක්‌ ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න කියා. ඒ අනුව අපි සතුන් නොමරා ජීවත්වෙනවා. අනුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. එය තමයි ධර්මය. ඒ අනුව ජීවත් වෙනවා. එම ක්‍රියාකාරිත්වයට මුල්වූයේ ධර්ම්මාධිපතෙය යි.

අප කලින් සඳහන් කළ “අත්තාධිපතෙය” ගතහොත් තමන්ගේ තත්ත්වය අනුව වෘත්තීය අනුව ඊට සරිලන ආකාරයෙන් සමාජයේ යහපත්ව ජීවත්වෙනවා. මම මවක්‌, පියෙක්‌, ගුරුවරයෙක්‌, උසස්‌ නිලධාරියෙක්‌, මන්ත්‍රී කෙනෙක්‌, ඇමැතිවරයෙක්‌ එනිසා මම මගේ භූමිකාවට සුදුසු පරිදි හැසිරිය යුතුයි. ඒ වගේම සමාජයේ සම්මත නීතියක්‌ තියෙනවා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනෑ. මෙය ගැඹුරු ධර්මයක්‌ නොවෙයි. ලෝක සම්මතයට අනුව වැඩ කිරීම තමයි වැදගත්. අනෙක්‌ අයටත් තමන්ගේ පරම්පරාවෙන්, අම්මාගෙන්, තාත්තාගෙන් උරුම වූ ගුණ ධර්මයන් තියෙනවා. ඒවා ආරක්‍ෂා කර ගත යුතුයි. මේ සියලු දේවල් ආරක්‍ෂා කරමින් ජීවත් වන විට අපට ශක්‌තිමත්ව ජීවත්විය හැකියි. මෙවැනි තත්ත්වයකදී අසතුටු ස්‌වභාවයක්‌ නැහැ. එනිසා බොහොම පැහැදිලියි බුදුදහමේ නිතරම උගන්වන්නේ තෘප්තිමත්ව ජීවත්වන්නේ කෙසේද කියායි. නමුත් සමහරු මෙම ධර්මය ගැඹුරුයි සතුටින් ජීවත්විය නොහැකියි යන පුහු මතයක සිටිනවා. එය වැරදියි. “සන්තුට්‌ඨි පරමං ධනං යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරින් සතුට තමයි පරම ධනය. එනිසා තරුණ දූ පුතුන් තේරුම් ගත යුතු දෙයක්‌ තියෙනවා. බුදුදහමට අනුව සතුටු වෙන්න පුළුවන්. එය සදාචාරාත්මකයි. විනයගරුකයි. එය මෙලොවදී ලෞකික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන්නක්‌. එය අපිට දහමින් උසස්‌ තත්ත්වයකට යැමට මාර්ගය වේවි.

තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒනිසා යෞවනත්වය පිළිබඳව කතා කිරීමේදී ඒ හා බැදුණු ප්‍රේමය ගැන කතා කිරීමද වැදගත්.

තරුණ කාලයේදී තරුණ තරුණියන් ඔවුනොවුන් දෙස බැලීමත්, ඒ සමග ප්‍රේමය පිළිබඳව අදහස්‌ ඇතිකර ගැනීමත් ස්‌වභාවික දෙයක්‌.

මෙය මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන් සතුන්ටද පොදු තත්ත්වයක්‌. සතුන් පවා ප්‍රේම සබඳතා බිද වැටීම නිසා කලකිරී සිටි බව රසවානියේ සඳහන් වෙනවා.

ප්‍රේමය පිළිබඳව සිතුවිලි ඇති වන්නේ කාමාග්නිය නිසයි. නැතහොත් කාමය නමැති ගින්න නිසායි. ඒනිසා තරුණ තරුණියන්ට තමන්ට ඇතිවන හැගීම් ඒ අයුරින්ම ප්‍රකාශ කළ හැකිද? එය එසේ විය නොහැකියි. ප්‍රේමය සමග ඇතිවන සියලු හැගීම් ප්‍රකාශ කිරීමට ගියහොත් එතැන සිදුවන්නේ බිදවැටීමක්‌. ඒනිසා ඇතිවන හැගීම් පාලනය කිරීම තමයි වඩා වැදගත් වන්නේ. තමන් තෘප්තිමත් වීමේදී, සතුටු වීමේදී වෙන කිසිම ජීවිතයකට හානි නොවීමට වග බලා ගත යුතුයි. ප්‍රේම සම්බන්ධතාවය මත ගොඩනගා ගන්නා ජීවිතයෙන් කාන්තාවට , පිරිමියාට පමණක්‌ නොව සමාජ සම්මතයන්ටද හානි සිදු නොවිය යුතුයි. නමුත් සමාජ සම්මූතීන් ආරක්‍ෂා කරමින් ප්‍රේම සම්බන්ධතා ගොඩ නගාගැනීම වරදක්‌ නොවේ.

මුල් අවධියේදී ප්‍රේම සම්බන්ධතාවයක්‌ ගොඩනැගෙන්නේ විවාහ ජීවිතයම පදනම් කරගෙන නොවේ. ඇතිවන හැම ප්‍රේම සම්බන්ධතාවයක්‌ම විවාහයෙන් කෙළවර වන්නේ නැහැ. ප්‍රේමය පිළිබඳව කතා කෙරෙන දේ බොහොම සංකීර්ණයි. කෙසේ හෝ වේවා පාළුව කාන්සිය මකා ගැනීමේ මාර්ගයක්‌ ලෙසයි ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නේ. නමුත් අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ මෙම ප්‍රේමය විකාශනය වන ආකාරය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවී තිබීමයි එක්‌කෝ මෙම ප්‍රේමය විකාශනය වන්නේ ටෙලි නාට්‍යයක ස්‌වරූපයෙන්. නැතහොත් සමාජයේ තිබෙන යම් දෙයක්‌ ස්‌මතුවීමෙන්

ප්‍රේමයේ මුලට ගිය විට තිබෙන්නේ ලෝභයයි. යම් තරුණයෙක්‌ තරුණියක්‌ කීපදෙනකු සමග සබඳකම් ඇතිකර ගැනීමත් ප්‍රේමයම තමයි. නමුත් එහි මුලට ගියහොත් තිබෙන්නේ ලොල් බව නැතහොත් ලෝභයයි. ඇලීමයි. ගැලීමයි. මෙය අනුමත කළ හැකි දෙයක්‌ නොවෙයි. එය සදාචාරය නොවෙයි. අපට පැවතිය හැකි සීමාවක්‌ තිබෙනවා. එක්‌කෙනෙක්‌ කීපදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනුයේ ඔහුට තෘප්තිමත්වීමේ සීමාවක්‌ නොමැති වීම නිසයි.

එනිසයි බුදු දහමේ මෙය කාමාග්නියක්‌ ලෙස හැඳින්වූයේ. මෙවුන්දන් සේවනය කිරීම මිනිසාට මෙන්ම සත්වයාටද උරුම වෙච්ච දෙයක්‌.

මෙම ක්‍රියාවලියේදී තිරිසන් සතාට සීමාවක්‌ නැහැ. තිරිසනාව තැනක්‌ නොතැනක්‌, මවු පියා ඥති සබඳතා කිසිවක්‌ ගැන තැකීමක්‌ නැහැ. නමුත් මෙවුන්දන් සේවනය කිරීමේදී මනුෂ්‍යාට සීමාවක්‌ තිබෙනවා. එය තමයි සමාජ සම්මුතිය. ලෝකය පවතින්නේ සමාජ සම්මුතිය මතයි. සම්මුතිය බිඳවැටුණු තැන සමාජ ආරවුල් ඇති වෙනවා. මිනිසාගේ තිරිසන් ගතිගුණ ස්‌මතු වෙනවා.

එනිසා තරුණ තරුණියන් තම ප්‍රේම සම්බන්ධතාවයන් ගෙන යන විට කල්පනාකාරී විය යුතුයි. මෙය පිළිබඳව පුළුල්ව පැහැදිලි කිරීමට හෝ සීමා පැනවීමට අපට බැහැ. ප්‍රේම සම්බන්ධතා අද ඊයේ ඇති වුවක්‌ නොවේ. එය මානව සත්වයා බිහිවූ දවසේ සිට ඇති වූවක්‌. කෙසේ හෝ වේවා ප්‍රේම සම්බන්ධතා සමාජ සම්මුතීන් බිඳ දමමින් සීමා ඉක්‌මවා ගිය ස්‌වභාවයක්‌ අද දකින්නට ලැබෙනවා. එය අපට පිළිගන්නට බැහැ. මීට දශක තුන හතරකට පමණ පෙර තරුණ තරුණියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගත්තත් එහි පාලනයක්‌ තිබුණා. ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් නිසි වයසක්‌ තිබුණා. එම ප්‍රේම සම්බන්ධතා සියල්ලම විවාහයෙන් කෙළවර වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් එදා තරුණ තරුණණියන්ට හැගීම් සම්ප්‍රේෂණය කර ගැනීමේ දී පාලනයක්‌ තිබුණා. හික්‌මීමක්‌ තිබුණා. එකිනෙකාට ගෞරව කළා.

නමුත් එම තත්ත්වය අද වෙනස්‌ වෙලා. අද බොහෝ ප්‍රේම සම්බන්ධතා ආක්‍රමණශීලී ස්‌වරූපයන් අරගෙන තිබෙනවා. ඊට වෛරී සහගත ස්‌වභාවයක්‌ එක්‌වෙලා තියෙනවා. සියලුම දේවල් ඩැහැගත යුතුයි කියන ආක්‍රමණකාරී ස්‌වරූපයන් ප්‍රේම සම්බන්ධතා සමග ඇතිවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ඒ අය දූෂණයට ලක්‌වීමට පුළුවන්. ඒ අයගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්.

මෙහිදී තරුණ පුතුන් තේරුම් ගත යුතු දෙයක්‌ තියෙනවා. ඔබට මේ කියන ආක්‍රමණශීලී සිතුවිලි ඇතිවී තම පෙම්වතිය දූෂණය කළහොත්, විනාශ කළහොත් ඔබ අන්ත දූෂිත තත්ත්වයට පත්වෙනවා. ඔබේ සිත තුළ ඇති වන්නේ අධික වෛරය, ලෝභය මිස අන් කිසිවක්‌ නොවේ.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවන්නේ තරුණ පෙම්වතුන් තුළ ඇතිවෙන දැඩි වේගය නිසයි. එය පාලනය කරගත යුතුයි. එය පාලනය කරගත නොහැකි නම් එය ලොකු දුර්වලතාවයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යොවුන් මදය නැතහොත් යොබ්බන මදය පාලනය කරගත යුතු බවයි. මත්පැන්වලින් මත්වනවාටත් වඩා හැගීම්වලින් මත්වීම භයානකයි. තරුණ තරුණයිනට ශ්‍රේෂ්ඨ ලෙස (යුවාචරේ බ්‍රහ්මචරියං) හැසිරෙන ලෙසයි උන්වහන්සේ දේශනා කළේ.

“මම තිරසනෙක්‌ ලෙස නොහැසිරිය යුතුයි” යන කල්පනාව දැඩිව හිතට ගෙන තමන්ගේ තරුණකම උපයෝගී කරගෙන හැගීම් පාලනය කිරීම තමයි තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විය යුත්තේ. ප්‍රේමය සෞන්දර්යාත්ම රසවින්දනයකට ගෙනයා යුතුයි.

අපි හැම විටම සමාජයෙන් තමයි අද්දැකීම් ලබා ගැනීමට වෙහෙසෙන්නේ සමාජයෙන් හොඳ දෙයක්‌ වෙතොත් ගන්න. නමුත් සමාජය අදහන්න එපා ෘ ධර්මය අදහන්න, ධර්මය විශ්වාස කරන්න. ඒ මත ජීවිතය ගොඩනගා ගන්න.

බුදුරජාණන් වහන්සේ වරක්‌ දේශනා කළා නුවණැතියා දිලිසෙන අඟුරු වළක්‌සේ සිතා ස්‌ත්‍රී කාම සම්භෝගයෙන් ඈත් වෙනව කියලා. ඉන් අදහස්‌ කරන්නේ නැහැ. ගිහි උදවියට කාමසම්භෝගයට ඉඩක්‌ නැහැ කියලා අඹුසැමි සබඳතාවයෙන් පමණක්‌ තෘප්තිමත් වීම බුදු දහමේ අනුමත කළ දෙයක්‌. සෑම ප්‍රේම සම්බන්ධතාවයක්‌ම ලිංගිකත්වයෙන් අවසන් වන්නේ නැහැ. එය එසේ වෙයි කියා සිතුවොත් යම්තාක්‌ දුරට අසාධාරණ විය හැකියි.

බුදුදහමේ දැක්‌වෙන ආකාරයට තෘප්තිය විවිධාකාරයෙන් විදිය හැකියි. මෙම සමාජයෙත් නොයෙකුත් විකෘති තත්ත්වයට පත්වූ කාමයන් දැකිය හැකියි. කොහොම නමුත් මේ එකම කාමය තමයි විවිධාකාරයෙන් විග්‍රහ කරනුයේ. එනිසා මෙම තත්ත්වය විද දරා ගැනීම අපට සාහිත්‍යාත්මක පසුබිමකින් අවසන් කරගත හැකිනම් ඉතා හොඳයි.

කෙසේ හෝ මේ කාමාග්නියෙන් සිදුවන්නේ රාගික සිතුවිලි නමැති ගින්නක්‌ ඇතිවීමයි. ගින්නෙන් සිදුවනුයේ හානියක්‌. දැඩි ගින්නකදී සිදුවන විනාශය බරපතලයි. ඒනිසා එය පාලනය කර ගැනීමට අපට හැකියාවක්‌ තිබිය යුතුයි.

ප්‍රේමය කියන මනෝභාවය විග්‍රහ කරනුයේ ලෝභය කියන දෙයින්. ලෝභය කියන්නේ අකුසල මූලයක්‌. හුදෙක්‌ මෙයින් අදහස්‌ වන්නේ නැහැ. විවාහය කියන්නේ අකුසලයක්‌ කියා නමුත් අපි හැමදේකම ආදීනව නිසි ලෙස හඳුනා ගැනීමෙන් එය පාලනය කරගන්න පුළුවන්. ඒ අනුව සදාචාරත්මක ලෙස හැසිරෙනවා. චර්යාවාදීන් ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අප ප්‍රේමය ආශාව, ආදරය, ඇලීම, ලෙන්ගතුකම, ආලය අනුරාගය, ස්‌නේහය ලෙස හඳුන්වනු ලබන මේ සියලු දේවල මූලය ලෝභයයි. එය නිසිලෙස වටහාගෙන ක්‍රියා කිරීමෙන් යෞවනත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්කළ හැකියි. එවන් තත්ත්වයකදී පෙම්වතිය හැරගියාට, පෙම්වතා හැරගියාට වස බොන, සියදිවි හානි කරගන්නා සමාජයක්‌ ගොඩනැගෙන්නේ නැහැ. තම පෙම්වතිය තමන් අතහැර තවත් අයකු සමග හාදවූ පමණින් ඇයට පිහියෙන් ඇන පරපණ නසන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. විලාසිතාවක්‌ මෙන් තරුණ ගැහැණු දරුවන් ඇසුරු කරන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. කාමගින්නෙන් දැවී තම මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය දුගතියට පත්කර ගන්නා සමාජයක්‌ බිහිවන්නේ නැහැ. ප්‍රේම කරන්න. නමුත් කාමාග්නියෙන් දැවෙන අයකු වන්න එපා.මේ සියලු බැදීම් මරණයෙන් කෙලවර කොට පවතී.. එම නිසා රාග කාම සිතුවිලි වලින් තොර වූ පින්වත් දුවෙක් පුතෙක් වීමට සිහි තබාගන්න.. තෙරුවන් සරණයි..!!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 12, 2016 at 12:00PM

කණ්ණාඩියෙන් මුහුණ බලන විට හෝ සෙල්ෆියක් ගන්නා විට අපේ සිතේ අධිමානයක් හෝ හීනමානයක් සකස් වන්නේ ඇයි.
මුහුණ ආත්ම වශයෙන් ගෙන ඇති නිසාය.
කැල්සියම් තට්ටුවක් මත තැම්පත් වූ මස් ගොඩකි. මෙහි කුමන ආත්ම ස්වභාවයක්ද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 11, 2016 at 12:00PM

කාමාස්වාදය සිහිනයක් බඳුය, බොහෝ පීඩා සහිතය, ඇතිවීමක් නැත.
කාමයන්ගෙන් මිදුණු සැනසුම්දායක නිවීම අත්දකින්න. එන්න අප්‍රමාදීව දහමට via Facebook Pages http://ift.tt/1GMS4Lf