Monthly Archives: August 2016

New photo from Facebook August 21, 2016 at 05:36PM

== ඉතා පැරණි සිංහල බණ කථා (සීහළවත්‍ථු) ==
size අඩු වන පරිදි, share කිරීම පහසුවන පරිදි unicode වලින් type කරන ලද PDF එක මෙතැනින් ලබා ගන්න. 1.5 mb පමණයි.
http://ift.tt/2bDOx4l

රචක කණ්ටකසෝල පටුනේ විසූ ආචාර්‍ය්‍ය ධම්මනන්දි මහතෙර

අනුවාදක අම්බලම්ගොඩ, පොල්වත්තේ අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත කල්‍යාණිවංස නිකායේ මහානායක ස්ථවිර

== පෙරවදන ==

“සීහළවත්‍ථු” නමැති පාළිපොත වනාහි විනාශමුඛයෙන් යන්තම් බේරා ගන්නා ලද්දකි. මෙහි ලක්දිව පිළිබඳ කථා රාශියක් ඇතත් සිංහල අකුරෙන් ලියැවුණු පොතක් තවම දකින්ට නොලැබුණි. කුඩා කාලයේදී සීහළවත්ථු – සහස්සවත්ථු යන පොත්දෙකේ නම් වත් මට අසන්ට නොලැබුණි. නමුත් 1908 වර්ෂයේ මා රැන්ගුන් නුවර සිටියදී මේ නම් දෙකම මට දකින්ට ලැබුණි. ඒවා දකින්ට ලැබුණේ ඒ නුවර මහා විද්‍යාලය භූමියෙහි තිබුණු බර්නාඩ් නිදහස් පුස්තකාලයේ පොත් ලැයිස්තු වලිනි. ඒ කාලයේදී නිතර මා ඒ පුස්තකාලයට ගොස් දුර්ලභ පොත් කීපයක් පිටපත් කරගත් නමුත් මාගේ සැලකිල්ල වැඩිපුර යොමුවී තිබුණේ අභිධර්මය පිළිබඳ පොත් කෙරෙහිය. පරමත්‍ථවිනිච්ඡය හා එහි ටීකාව, අභිධම්මාවතාරයේ සංක්‍ෂිප්තටීකාව, නාමරූප පරිච්ඡේදටීකාව ආදි පොත් කීපයක් මම සියතින්ම පිටපත් කරගතිමි. කථා වස්තු පොත් ගැන වැඩි ඕනෑකමක් නොතිබුණු බැවින් සීහළ වත්‍ථුව පිටපත් කරන්ට අදහස් නොකෙළෙමි.
පසු කලකදී සීහළවත්‍ථු – සහස්සවත්‍ථු දෙකෙන් අපේ ඉතිහාසය හා සිරිත් විරිත් ආදිය දැනගැනීමට උපකාර ලැබිය හැකියයි වැටහී ඒවා සෙවීමට උනන්දුවක් ඇතිවිය. මෙසේ සිටිනාතර ස-හස්ස (= සහාස) වත්‍ථුව ශුද්ධකොට සකස් කිරීමට මහාචාර්ය මලලසේකර මහතා උනන්දුවක් දැක්වීය. ස-හස්ස වත්‍ථුවේ පිටපතක් බර්නාඩ් පුස්තකාලයේ ඇති බව ඒ මහතාට දන්වා එහි අංකය ද යවා පිටපතක් ලියවාගන්නා ලෙස දැනුම් දුනිමි. එසේ ගෙන්වාගත් පිටපතක් ලංකා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙහි ඇති බව පෙනේ. සීහළවත්‍ථු නාමය යෙදී ඇත්තේ ඒ ස-හස්සවත්‍ථුවටම ද යන සැකයක් ද ඇතිවූ බැවින් සීහළවත්‍ථුව ගැන ඒ මහතාගේත් උනන්දුවක් ඇති නොවීය.
මෙසේ පවත්නාතර දැන් විශ්ව විද්‍යාලය පුස්තකාලයේ උප ප්‍ර‍ධානතැනව සිටින කේ.ඩී. සෝමදාස (බී.ඒ.,ඇම්.ඇස්.) මහතා දකුණු පළාතේ පන්සල් පොත්ගුල්වල තිබෙන පුස්කොළපොත්වල නාමාවලියක් සම්පාදනය කළේය. එයින් මහත් ප්‍රයෝජන අත්විය. මෙරට නැතැයි අප සිතා සිටි පොත් කීපයක්ම, ඒ ඒ තැන තිබෙන බව එයින් දැනගන්ට ලැබුණි. විසුද්ධිමග්ගගණ්ඨි නැමැති පාලි පොතක් ඇති බව අපි නොදැන සිටියෙමු. නමුත් පාලි උගත් ඉන්දීය පණ්ඩිතයන් අතරෙහි අග්‍ර‍ගණ්‍ය වූ දැන් දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධාගමික අංශයේ ප්‍ර‍ධාන තැන්පත් පී.වී. බාපත් (ඇම්.ඒ, පී.එච්.ඩී.) මහතාට සියම් අකුරෙන් ලියූ ඒ පොතක් දකින්ට ලැබී ලක්දිවින්ද පිටපත් සෙවීම පිණිස 1950 දී මෙරටට පැමිණියේය. බොහෝ කලකට පෙරසිට මාගේ මිත්‍රයෙක්ව සිටි ඒ මහතාට විසුද්ධිමග්ගණ්ඨිය තිබෙන තැන් දෙකක් ගැන සෝමදාස මහතා දැනුම් දී තිබුණි. ඒවා ලබාගැනීමට පඬිතුමා මා වෙත පැමිණ මාගේ උපකාරය සෙවීය. මම ඒ පඬිවරයා සමග බූස්සේ සුදර්‍ශනාරාමයටද මාදම්පේ නිග්‍රොධාරාමයටද ගොස් ඉතා අමාරුවෙන් පොත් සපයා දුනිමි. ඉන්පසු පින්වත්තේ සඬර්‍මාකර පිරිවෙණාධිපති පණ්ඩිත දේවානන්ද ස්ථවිරතුමන් විසින් එය මුද්‍ර‍ණයට පමුණුවන ලදි.
සීහළවත්‍ථුවේ බුරුම අකුරෙන් ලියූ එකම පිටපතක් වැලිතර අම්බරුක්ඛාරාම පුස්තකාලයේ තිබී සෝමදාස මහතාට දකින්ට ලැබුණි. දිරාගිය බැවින් තැනින් තැනින් කැඩී යන ඒ පුස්කොළ පොත විශේෂයෙන් සෑදවූ පෙට්ටියක තැන්පත් කළ ඒ මහතා එය සිංහල අකුරෙන් පිටපත් කිරීම සඳහා මා වෙත එවීය. මම ද ඉතා කැමැත්තෙන් එය බාරගත් නමුත් පුස්කොළවල වාටිය කැඩී යාමෙන් ඇතැම් අකුරුද කැඩී ගොස් තිබුණ බැවින් ඇතැම් තැන්වල වචන තුනහතර නැතිව පිටපත් කරන්නට සිදුවිය. පසුකලක සෝමදාස මහතා ලක්දිව සැමතන තිබෙන පුස්කොළ පොත්වල නාමාවලියක් සපයා ගත් නමුත් සිහළවත්‍ථුවේ අන්‍ය පිටපතක් ඒ මහතාට සොයාගත නොහැකි විය. මා පිටපත් කළ පොතේ ප්‍ර‍වෘත්ති සිළුමිණ පත්‍රයේ පළවූ විට 1923 වර්‍ෂයේදී බුරුම රටට ගොස් සිටි හුණුමුල්ලේ සඬම්මඤාණ ස්ථවිරතුමන් විසින් එහිදී දිරාගිය පුස්කොළ පොතකින් පිටපත් කරගෙන තිබුනු පැන්සලෙන් ලියූ අත්කොපියක් මා වෙත එවන ලදී. එයින් ප්‍රීතියට පත් මම මා ලියාගත් පිටපත සමග සසඳා බලා පුස්කොළ කැඩීයාමෙන් අඩුවූ තැන් බොහොමයක් පුරවා ගත්තෙමි. අඹගහපිටියේ තිබෙන පොත ලක්දිවට ගෙනැවිත් අවුරුදු එක්සිය හැටක් පමණ ගතවෙන්ට ඇත. සඬම්මඤාණ ස්ථවිරතුමාට බුරුමේදී ලැබුණ පොතත් දිරා ගිය එකකැයි කියන බැවින් ඒ පොතත් අවුරුදු සියගණනක් පරණ වූවකි. නමුත් මේ බුරුම පිටපත් දෙකම ලියාගෙන තිබෙන්නේ එකම මුල්පිටපතකින් බව පෙනේ. අඹගහපිටියේ පොතේ අඩුතැන් ඒ පොතෙත් අඩුය. තේරුම් ගත නොහැකි සේ අවුල් වූ තැන් පොත් දෙකේම එකසේය.
මෙහි ප්‍ර‍ථම පරිච්ඡේදයේ කථා දශයක් ඇතැයි කියවෙන නමුත් මේ පොත් දෙකේම තිබෙන්නේ කථා අටකි. මහාචේතිය කථා – දීඝාවුචෙතිය කථා යන දෙක අඩුබව නිගමන ගාථාවලින් පෙනේ. මුල් පරිච්ඡේදයේ ඇතුළත් කථාවල පටුනක් නිගමන ගාථාවල ඇතත් ඉන් එහා තිබෙන කථා තිස් දෙකේ පටුනක් පොතේ නැත. ඒවා පසුව එක්කරන ලදැයි ද සිතිය හැක. මෙසේ මේ පිටපත් දෙකෙන් ශුද්ධ කළහැකි තරමක් ශුද්ධකොට විනාශවෙන්ට ගිය මේ පොත රටට දීම සුදුසු යයි සිතා සිටින විට සෝමදාස මහතාගේ ඉල්ලීමක් ලෙස ස-හස්සවත්ථුව සෙවීම සඳහා මම කොස්ගොඩ බෝගහපිටියේ විහාරයටද වැලිතර මහාකප්පිනමුදලින්දාරාමයට ද ගියෙමි. බෝගහපිටියේ විහාරස්ථානයෙහිත් අඹගහපිටියේ විහාරයෙහි මෙන් බුරුම අකුරෙන් ලියූ පුස්කොළපොත් රාශියක් තිබේ. ඒවා මින් අවුරුදු 150 කට පමණ උඩදී උඩරට අමරපුර නිකායේ ආදිපුරුෂෝත්තම වූ බෝගහපිටියේ ධම්මජෝති මහතෙරපාණන් විසින් ගෙනෙන ලද ඒවාය. ඒ විහාරස්ථානයට දෙගමනක් ගිය නමුත් ඕනෑකළ පොත සොයාගත නොහැකි විය. ඉන්පසු මහාකප්පින මුදලින්දාරාමයට ගියෙමි. දැනට එහි නේවාසික වූ මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමා ඉතා සතුටෙන් එහි තිබෙන පුස්කොළ පොත් පෙන්වීය. පොත් කීපයක් පරීක්ෂා කරන විට බුරුම අකුරෙන් ලියූ ස-හස්සවත්ථුව දකින්ට ලැබුණි. එය කම්බ නොදැමූ පොත් මිටියක් විය. ඒ මිටියෙහිම තවත් පොත් දෙකක් තිබෙන බව දැක ඒවාද පරීක්ෂණය කෙළෙමි. මට මහත් විස්මයක් ප්‍රීතියක් උපදවමින් එය සීහළවත්ථුවක් බව දකින්ට ලැබුණි. මෙය මෙතැන ඇති බවක් අයිතිකාරයෝත් නොදැන සිටියාහ. මමත් නොදැන සිටියෙමි. පොත් විමසා බැලූ සෝමදාස මහතාටත් අසු නොවීය. මේ පිටපත ඉතා හොඳ අලුත් තත්ත්වයකින් පැවැත්තේය. මෙය නොපසුබව උත්සාහයේ ප්‍ර‍තිඵලයක් වශයෙන් ලැබුණකැයි සිතමි.
මේ සීහළවත්ථු ස-හස්සවත්ථු පිටපත් දෙකම මම ඒ ස්ථවිරයන්ගෙන් ඉල්ලා ගෙනාවෙමි. මේ රටේ නැතැයි සිතා සිටි පොත් දෙකක්ම අම්බලම්ගොඩට නුදුරු තැනක අවුරුදු සියයකට වැඩි කලක් සැඟවී තිබුණි. හැම පොත්ම විමසා බලා නාමාවලියක් සෑදීමේ වැදගත්කම මෙයින් ඔප්පු වේ. (එවැනි නාමාවලියක් දැන් සෝමදාස මහතා විසින් මුද්‍ර‍ණය සඳහා සකස්කොට තිබේ.)
මේ පොතේ කර්‍තෘවරයා ධම්මනන්දි නම් තෙරනමකැයි පරිච්ඡේදාවසානයන්හි තිබෙන නිගමනවලින් පෙනේ. කර්තෘනාමය හැම තැනම පැහැදිලි නමුත් එතුමන් විසූ විහාරයේ නමත් ප්‍රදේශයේ නමක් එක් එක් පරිච්ඡේදයෙහි වෙනස්ව පෙනෙන බැවින් නිශ්චයකට පැමිණිය නොහැක. නමුත් ඒ නම්වලට කිට්ටු නම් ලක්දිව නැති බැවින් මෙය ලක්දිවදී සම්පාදිත වූවක් නොවන බව කිය හැක. විහාරයේ නම ඇතැම් තැනක පට්ටකොට්ටි යයි ද ඇතැම් තැනක සණ්ඩකොන්ති යයිද පෙනේ. උපන් ගමේ හෝ විසූ පෙදෙසේ නම කණ්ටකසෝලපට්ටන යයි පෙනේ. මේ නම් ඉන්දියාවේ නම් මිස ලක්දිව නම් යයි කිය නොහැක. මෙහි බැමිණිතියාසාය පිළිබඳ ප්‍ර‍වෘත්ති නොයෙක් තැන පෙනෙන බැවින් වළගම්බා රජුගේ කාලයෙන් පසු රචිතයයි කිය හැක. මෙහි ඇතුළත් කථා රාශියක්ම දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු සද්ධාතිස්ස රජුගේ කාලයේ දී සිදුවූ ඒවාය. ඒ දෙරජුන්ගේ නම් හැර අන් සිංහල රජකුගේ නමක් මෙහි ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. සුරට්ඨදේශය පිළිබඳ කථා හතක් ද මෙහි තිබේ.
මේ පොත හා පාළිපොත පළවූ පසු එයින් පිටපත් දෙකක් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට තෑගිකොට යැවීමි. ඒ මහතා පොත්දෙක පළකරවීම ගැන ස්තුතිය පුදන අතරම ඉතා වැදගත් කාරණයක් ද දන්වා එවීය. එය නම් “කණ්ටකසොලපට්ටන” යන නම දෙවෙනි ක්‍රිස්තුශතාබ්දය පමණේ දී නාගර්ජුන මහතෙරුන් විසූ මහා විද්‍යාලයක් හා මහාවිහාරයක් වූ බව ශ්‍රී පර්වතයෙහි තිබෙන ශිලා ලිපියක සඳහන් වෙන බවයි. “බෝධිසිරි” නම් උපාසිකාවක් තාම්‍ර‍පර්ණිද්වීපයෙන් යන ථේරීය භික්ෂූන්ට විසීම සඳහා නාගාර්ජුනකොණ්ඩයෙහි චේතියඝරයක් කරවීය. ඒ චේතියඝරයෙහි පිහිටෙව් ශිලාලිපියක ඒ උපාසිකාව අන්‍යස්ථානවල කෙරෙව් පින්කම් ද සඳහන් කොට තිබේ. ඒ පින්කම් අතරෙහි කණ්ටකසෝලයේ මහාචෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ ගල් මණ්ඩපයක් සෑදෙව් බව කියවේ. “ටොලමි” නම් ග්‍රීක් ජාතිකයා ලියූ දඹදිව භූමිශාස්ත්‍ර‍ය ඇතුළත් පොතේ මේ නම ‘Kantakassulos’(=කණ්ටකස්සුලෝ) යි ලියවී තිබේ. මෙය දැන් තෙලිඟුරටේ “ඝණ්ඩශාල” නමින් ප්‍ර‍කට ප්‍රදේශය විය හැකියි බොහෝ දෙනෙකුන් කියන බවත් පරණවිතාන මහතා කියයි. තවද ශ්‍රී පර්වත විහාරයේ සිංහලාරාමාදි ගොඩනැගිලි සාදවද්දී උපදෙස් දුන් ස්ථවිරතුන්නමෙන් එක් නමක් ධම්මනන්දි තෙර වී යයිද ඒ මහත්මා ශිලා ලිපි අනුව කියයි. මෙසේ අන්කිසි පොත පතකින් දකින්ට නොලැබුනු, මින් පෙර අපට අසන්ට නොලැබුනු නම් දෙකක් හෙළිකරදීම ගැන අප හැමගේ ස්තුතිය ආචාර්ය පරණවිතාන මහතා වෙත පිරිනැමිය යුතුය.
මේ කරුණු සලකා බලන විට ධම්මනන්දි තෙරනම ආන්ධ්‍රදේශයේ විසූවෙකැයි කිය යුතුය.
මෙහි තිබෙන ඇතැම් කථා රසවාහිනි – සහස්සවත්ථුවල දකින්ට ලැබෙතත් ඒවායේ වෙනස්කම් ද ඇත්තාහ. ඒ පොත් කිසිවක නැති කථාරාශියක් මෙහි විද්‍යාමාන වේ. කෙසේ වෙතත් මෙය අටුවාකාලයට පෙර ලියනලද්දකැ යි සිතීමට කරුණු පෙනෙත්. මෙහි එක් කථාවක පෙනෙන්නේ වැදගත් අවස්ථාවලදී සක්දෙව් රජුගේ ශෛලාසනය රත්වූවා නොව සෙලවෙන්ට පටන්ගත් බවයි. ධර්‍මාශෝක කාලයේ දී විසූ කුන්තිපුත්ත තෙරදෙනමගේ කථාව විස්තර ලෙස අන් කිසි පොතක මා විසින් නොදක්නා ලදි. මෙහි එය ඉතා විස්තර ලෙස දැක්වේ. කිඳුරියන් පක්ෂිවර්ගයක් නොවන හැම අඟපසඟින් යුත් මනුෂ්‍ය ස්ත්‍රී වර්ගයක් බව මේ කථාවෙන් පෙනේ. ඔවුන් අහසින් ගමන් කොට තිබෙන්නේ ඇඳුමක බලයෙනි. දඹදිව සාගවාහන රජුන් ගැන විස්තරයක් එක් කථාවක පෙනේ.
මේ පොතේ පෙනෙන සුරට්ඨදේශය පිළිබඳ කථාවන්හි ඇතුළත් නම් ගම් ගැන දිල්ලි විශ්වවිද්‍යාලයේ බාපත් පඬිතුමාගෙන් විචාරා යැවූ විට ඒ මහතා ඒ තොරතුරු හොඳින් දන්නා තමාගේ මිත්‍ර‍යකුගෙන් ඒ ගැන විමසා යවා තිබේ. එබැවින් පඬිතුමාගෙන් උත්තරයක් ලැබුණේ පාළිපොතේ සංඥාපනය ලියද්දීය. ඒ නම් සෙවීම දැන් අපහසු බව මේ උත්තරයෙන් පෙනේ. සුරට්ඨදේශය දැන් බටහිර ඉන්දියාවේ කතියාචාඩ් පෙදෙසේ ඇතුළත්ය.
මෙහි පාළිපොත පසුගිය අප්‍රේල් මස මුලදී මුද්‍ර‍ණයට පත්විය. මෙහිදී පළමුවෙන්ම මාගේ ස්තුතිය හිමිවන්නේ ශාස්ත්‍රාචාර්ය කේ.ඩී. සෝමදාස මහතාට හා ඒ මහතාට පොත බාරදුන් අම්බරුක්ඛාරාමාධිපති මහානායක ස්ථවිරතුමන්ටය. දෙවෙනිව තමාගේ අත්පිටපත එවූ සද්ධම්මඤාණ ස්ථවිරතුමාට හා ඉතා හොඳ තත්ත්වයේ තිබෙන පුස්කොළ පොතක් බාරදුන් මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමන්ටය. මුල්වාරයේ දී පොත් දාහක් පමණක් මුද්‍ර‍ණය කළ බැවින් මෙය නැවත වරක් ඉක්මනින් මුද්‍ර‍ණය කරවන්ට සිදුවිය.
මේ දෙවෙනි මුද්‍ර‍ණයේ දී ස-හස්ස (=සහාස) වත්ථුවෙන් උපුටා සිංහලට නැගූ කථා හයක් ද එක් කරන ලදි. ඒ කථා බොහොමයකින් සීහළවත්ථුවේ කියවුණු කථාවල අඩුපාඩු පිරෙන බව සැලකිය යුතුයි. සීහළවත්ථුවේ විස්තර නොවූ ද, ඉතා කොටින් කියවන්නා වූ ද කරුනු ඒ කථාවලින් විස්තර වෙති. ස-හස්සවත්ථුව කෙබඳු පොතක් ද යන්නත් එයින් වටහාගත හැක.
සීහළවත්ථු – සහස්සවත්ථු – රසවාහිනී යන පොත් තුන ක්‍ර‍මයෙන් එකිනෙකට පැරණිය. එයින් පළමුපොත ආන්ධ්‍රදේශයේ දී ද පසුව කියවුණු පොත් දෙක ලද්දිව දී ද සම්පාදිත වූහ. “සහස්සවත්ථු” යන්නේ තේරුම “කථාදහසක්” යන්න නොවේ. සහර්‍ෂ (=සතුට උපදවන) කථා යන්නයි. මහාචාර්ය මලලසේකර, මහාචාර්ය වල්පොල රාහුලස්ථවිර යන දෙදෙනා ද ඒ මතය ප්‍ර‍කාශ කරති. මේ පොතේ කථා දහසක් තබා සියයක්වත් නැත. මහාචාර්ය මලලසේකර මහතාගේ මෙහෙයීමෙන් මේ පොත ශුද්ධකොට පළකිරීමට අදහසක් රාහුල ස්ථවිරයන් වෙත තිබුණ නමුත් ඒ ස්ථවිරයන් පිටරට යාම නිසා එය නැවතුණි. නමුත් ඒ ස්ථවිරයන් පී.එච්.ඩී. උපාධිය සඳහා ලියූ නිබන්දනයෙහි සහස්සවත්ථුව ගැන කියයුතු කරුණු රාශියක් ඇතුළත් කොට තිබේ. ඒ පොත පමපූර්‍ණ ශුද්දියකට පමුණුවනතුරු පළ නොකළ යුතුය යන අදහසක් ද එහි දක්වා තිබේ. එය ලියා තිබෙන්නේ බොහෝ තැන්වලදී පාලි ව්‍යාකරණ රීතිවලට විරුද්ධ ලෙස බැවින් එය සම්පූර්ණ ශුද්ධියකට පැමිණවීම නොහැකිය. එහි පිටපත් සමාන කොට සලකා බලා තිබෙන සැටියෙන් වැරදි සහිතව පළකරවීම අපේ යුතුකමකි. රැන්ගන් විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්ය වූ ද මාගේ මිත්‍ර‍යකුවූ ද දේවප්‍ර‍සාද් ගුහා මහතා ද බොහෝ කලක සිට මෙය ශුද්ධ කරන්ට උත්සාහ ගනිමින් සිටී. කීපවරක් මා හමුවී ඒ ගැන කථා ද කෙළේය. මේ අතරේ දී මා මුලින් නම් සඳහන් කළ සෝමදාස මහතා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන පිටපත් දෙකකින් ලබාගත් ඡායාරූප කොපි ආශ්‍ර‍ය කොට මෙය සිංහල අකුරෙන් ලියා බර්නාඩ් නිදහස් පුස්තකාලයෙන් ලියවා ගෙන්වාගත් පිටපතට ද සමකොට බලා තවත් බුරුම පිටපත් සමග බලන්ට මා වෙත එවීය. ඉන්පසු එය පළකරවන්ට ඒ මහතා බලාපොරොත්තු වූ නමුත් මේ ජුනි මාසයේ දී ඒ මහතා යුරෝපයේ මාස කීපයක් නැවතීම පිණිස ගිය බැවින් ඒ අත්පිටපත් මා වෙත එවා එය ශුද්ධ කරන ලෙස මටම ආරාධනා කෙළේය. ඒ ආරාධනාව ලෙස දැන් මම එය සකස් කරමි. එය නොබෝ කලකින් පළකළ හැකි වෙනවා ඇතැයි සිතමි.
ස-හස්සවත්ථුවේ ව්‍යාකරණ දෝෂාදිය දුරුකොට තවත් විස්තර ඇතිව “රසවාහිනී” නමැති පාලිපොත සම්පාදිත විය. ඊටත් පසු කලක තවත් විස්තර සහිත කොට “සද්ධර්මාලංකාර” නමැති සිංහල ග්‍ර‍න්ථය සම්පාදිත විය. මේ නිසා මේ පොත් තුනේ කියවෙන නම් ගම් ආදිය නිශ්චය කර ගැනීමට අපට උපකාරයක් ලැබේ. ඒ නම් ගම් වෙනස් වී යෙදී තිබෙන සැටි මා විසින් එහි අධොලිපි වලින් දක්වනු ලැබේ.
ගොඨයිම්බර යෝධයා හා මහසෝණ යක්ෂයා අතර සිදුවූ ද්වන්දව යුද්ධය ගැන කියවෙන තැන “ස-හස්සවත්ථුවෙහි “ත්‍වංමයා සහ පොදං කිළිතුං සමත්‍ථො” යන්නක් පෙනේ. එහිම “ජයසෙනයක්ඛෙන සධිං පොදං කිළිතුං ආගතොමගි” යන්නද පෙනේ. තවත් දෙතැනක එය තිබෙන බැවින් මේ “පොදං” යන්න අවපාඨයකැයි කිය නොහැක. “පොරබැදීමට” හෙවත් “ගුස්ති ඇල්ලීමට” යන තේරුම සඳහා මෙය යොදා තිබේ. “පොදං” යි පාලිවචනයක් නැත. නමුත් වංගජාතිකයෙක් වූ ඩි. ගුහා මහතා රැන්ගුමේදී මා සමඟ කීවේ පොරබැදීම සඳහා දැනුත් වංගභාෂාවේ මෙවැනි ව්‍යවහාරයක් තිබෙන බවය. ඒ නිසා මේ වචන වැරදිය කියා ඉවත් කර දැමීම යුතු නොවේ. අන්‍යභාෂා ව්‍යවහාරවලින් ආ වචනදැයි විමසිය යුතුය.
පොල්වත්තේ බුද්ධදත්ත (නායක ස්ථවිර)
15.06.1959
අම්බලන්ගොඩ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 21, 2016 at 12:00PM

ඒ ඒ ධර්මතාවය ජයගත යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයෙනුයි.
ලෝකයේ සාමාන්‍ය හැසිරීම ඉක්මවා ධර්මනුකුලව ක්‍රියා කිරීමට බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනා පුරුදු වෙමු.
තරහ ගැනීම, ක්‍රෝධ කිරීම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ හැසිරීමයි. අපි බෞද්ධ නම් අපට ඊට වඩා යහපත් හැසිරීමක් තිබිය යුතුය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 20, 2016 at 12:00PM

සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි

ආරම්භයක් නොපෙනෙන සංසාරයක ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනා අපට ඒ ගමන පුරාවට විඳින්නට වුණ දුක් දොම්නස් අප්‍රමාණයි. කාම භව, රූප භව, අරූප බව කියන භවත්‍රයෙහි ඉපදෙමින් ජරාවට යමින් මැරෙමින් සැරිසරන සත්ත්වයා ජීවත්වන කෙටි කාලය තුළ විඳින ඉතා කෙටි කාලීන සැපය නිසා දීර්ඝ කාලයක් තිස්සේ වින්ද අනාගතයෙහි විඳින්නට ඇති දුක් දොම්නස් අමතක කරනවා. ඒ නිසාම ඔවුන් නැවත නැවතත් දුකට පත්වීමයි සිදුවන්නේ.

සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි.

එසේනම් මේ අනියත වූ දුක් බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කළයුතු දෙයක් නැහැ නේද? එයින් මිදෙන්නට කුමක් කළ යුතු ද? පළමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි. එහි කළකිරීම ඇතිකර ගත යුතුයි. ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාවට අනුගත වී කටයුතු කළ යුතුයි. දුක නැති කිරීම නිවන නම් ඒ නිවන් ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි.

දීර්ඝ කාලයක් තිස්සේ අනන්ත සංසාරයේ විඳගෙන එන දුක, ස්ථාවර වශයෙන් කෙළවර කිරීමේ ආරම්භය සෝතාපත්ති ඵලයයි. ලෝකයේ ලෞකික සැප අතුරෙන් අග්‍රම සැප ලැබුණත් ඒ කිසිදු සැපයකට සෝතාපත්ති සුවය සම කළ නොහැකියි. සෝතාපත්ති සංයුක්තයේ රාජ සූත්‍රයේ දී ඒ බව මෙසේ සඳහන් වෙනවා.

මහණෙනි, සිවු මහ ද්වීපනයටම අධිපති සක්විති මහරජතුමා මහත් ආධිපත්‍යයෙන් රජ කරවා මරණින් මතු දෙව් ලොව උපදී. ඔහු නන්දන වනයෙහි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම ගුණයන් අනුභව කරයි. එහෙත් ඔහු සතර ධර්මයකින් සමන්විත නො වුණහොත් නිරයෙන් මිදුණේ නොවේ. තිරිසන් ලෝකයෙන් මිදුණේ නොවේ. පේ‍්‍රත ලෝකයෙන් මිදුණේ නොවේ. අපාය දුගතියෙන් මිදුණෝ නොවේ.

“මහණෙනි, එසේ වූයේ නමුදු යම් ආර්ය ශ්‍රාවකයෙක් පිඬුසිඟා යාමෙන් ජීවත්වේද, කඩමලු දරා ද ඔහු සිවු දහමින් සමන්විත වූයේ නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් ලෝකයෙන් මිදුණේ වෙයි. ප්‍රේත ලෝකයෙන් මිදුණේ වෙයි. අපාය දුගතියෙන් මිදුණේ වෙයි.

මේ සතර ධර්මයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම, සංඝරත්නය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම හා ආරියකාන්ත සීලයෙන් යුක්තවීමයි. මේ සෝවාන් කෙනෙකු සතු ගුණාංගයි. මිනිස් ලොව මිනිසෙකුට විඳිය හැකි ඉහළ ම ලෞකික වූත් පංචකාම ගුණ සහිත වූත් සුවයක් වනුයේ සක්විති රජකමයි. එසේ වූයේ නමුත් සක්විති රජතුමා හෝ සෝතාපත්ති ඵලයට පත් වී නැත්නම් අපායගාමී වීමේ බයෙන් නිදහස් වන්නේ නැහැ. සතර අපා බියෙන් නිදහස්වීමේ උත්තම සුවය සැළසෙන්නේ සෝතාපත්ති ඵලයේ පටන් ඉහලම මගඵල ලැබූ උතුමන්ට පමණයි. ඒ සඳහා ධම්මපද අට්ඨකථාවේ එන කාල සිටුපුත්‍රයාගේ කථාව හොඳ උදාහරණයක්.

කාල සිටු පුත්‍රයා අනේපිඬු මහ සිටුතුමාගේ පුතණුවනුයි. තමා කෙතරම් සැදැහැවත් උපාසකයෙකු වුණත් තමන්ගේ පුතා එසේ නොවීම පිළිබඳ ව සිටුතුමාට තිබුණේ මහා කණගාටුවක් ශ්‍රද්ධාවක් නැති සීල ගුණයක් නැති මේ අකීකරු පුත්‍රයා කෙසේ හෝ හදා ගැනීමේ වුවමනාව සිටුතුමාට තිබුණා. ඒ නිසා දිනක් සිටුතුමා තම පුතා කැඳවා අසවල් දින පෝය උදාවන බවත්, එදින පන්සලට ගොස් සිල් සමාදන් වුවහොත් කහවණු සියයක් දෙන බවත් පැවසුවා. සිටුපුත්‍රයා කහවුණු ලබා ගැනීමේ අදහසින් පන්සලට ගියා. සිල් සමාදන් වී ධර්ම ශාලාවේ මුල්ලකට වී නිදා ගත්තා. පසු දා උදෑසන පිබිදී ගෙදර ගිය පුතාට සිටුතුමා මුදල් ලබා දුන්නා. සිල් සමාදන් වී ආවාට මොහු තුළ කිසිදු ගුණ ධර්මයක් දියුණු වී නොමැති බව සිටුතුමාට අවබෝධ වුණා.

ඉන්පසු තවත් මාසයක පෝය දිනක තම පුතා කැඳ වූ සිටුතුමා පෝය දිනට පන්සල් ගොස් සිල් සමාදන් වී බණ පදයක් අසා මතක ලබාගෙන අවුත් තමාට පැවසුවහොත් කහවුණු දහසක් දෙන බව ප්‍රකාශ කළා. එයට එකඟ වූ සිටුපුත්‍රයා එදා පන්සලට ගොස් ධර්ම ශාලාවේ ඉදිරියෙන්ම වාඩි වී බණ අසන්නට වුණා.

මෙම සිටු පුත්‍රයාගේ මානසික ස්වභාවය ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් තේරුම් ගත් තථාගතයන් වහන්සේ මොහුට එකවර මතක ලබාගත නොහැකි වන සේ තැනින් තැනි ගෙන ධර්ම කාරණා විස්තර කළා. කෙසේ හෝ සතියෙන් සහ වීර්යයෙන් යුතුව බණ ඇසු කාල සිටුවරයා ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියා.

වෙනදා මෙන් රාත්‍රිය පන්සලෙහි ගතකළ සිටු පුත්‍රයා උදෑසන පිබිදී ‍ෙගදර ගියා. ඒ වන විට තථාගතයන් වහන්සේ ද උදේ දානයට සිටු මැදුරට වැඩම කර සිටියා. වෙනදා පළමුව මුදල් ඉල්ලා කරදර කළ සිටු පුත්‍රයා එදා නිහඬව සිටියා. මේ කිසිත් නොදත් සිටුතුමා පොරොන්දු වූ පරිදි කහවණු දහස ගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේදීම තම පුතාට දුන්නා. එනමුත් සිටු පුත්‍රයා එය පිළිගත්තේ නැහැ. පුතාගේ මේ වෙනස සිටුතුමාට තේරුම් ගන්නට නොහැකි වුණා. හෙතෙම මුදල් එපා කියන්නේ ඇයි දැයි විමසුවා. එවිට ඒ සඳහා තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දුන්නා.

පථව්‍යා ඒකා රජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

සමස්ත මහ පොළොවෙහි ම අධිපතිකම හෙවත් සක්විති රජකම ලැබුණත් දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව ලැබුණත්, මුළු ලොවටම අධිපති මහා බ‍්‍රහ්මකම ලැබුණත් ඒ හැම සම්පතකට ම වඩා සෝවාන්වීම උතුම් යන්න ඒ ගාථාවේ අදහස.

එහෙම වන්නේ ඇයි? සක්විති රජතුමා වුවත් අපාය බයෙන් නිදහස් වී නැහැ. දෙව්ලොව දෙවියෙකු වූ පමණින් හෝ සක්දෙව් රජ වූ පමණින් මහා බ්‍රහ්ම වූ පමණින් ඔවුන් අපාය බයෙන් නිදහස් වී නැහැ. ‘’මම කවදාවත් අපායේ උපදින්නේ නැතැයි’’ අභීතව කිව හැක්කේ අවම වශයෙන් සෝවන් ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි.

තෙරුවන් සරණයි!

තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 19, 2016 at 12:00PM

සංසාරයේ කටුක යථාර්ථයත් නිරන්තරයෙන් මෙනෙහි කරන්න.
සතර අපායට වැටෙන්නට පුළුවන් මානසික මට්ටමක් තාමත් අපි ළඟ තිබෙන බව මෙනෙහි කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 18, 2016 at 12:00PM

මෙය උතුම් ධර්ම දානයක් ම වේවා!!!

මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව…

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම පිණ්ඩපාතෙ වැඩිය. දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.

ආර්ය වු ඉසිදාසී ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?

විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වු ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. එහෙම නම්,පින්වත් බෝධි,මං මහණ වෙච්ච විදිය අහගන්න.

මගේ තාත්තා සිල්වත් කෙනෙක්,එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මාගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න. ඉතින් මං නැන්ද යි මාම යි ලඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් ම කෙරුව. මං මගේ ස්වාමිය හරි,සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනව. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒ ගොල්ල කැමති දෙවල් හදල දීල සතුටු කරනව. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුව. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. මං පනාවත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කණ්ණාඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියට කටයුතු කළේ.

එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජිවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමපියන්ට මෙහෙම කිව්ව. “මං යනව මේ ගෙදර අත් හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ.” “පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. විරියවන්ත යි නෙ. කම්මැලි නෑනෙ. ඉතින් පුතේ. ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?” “ඔව්! ඇය මට වරදක් කළේ නෑ. මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනව.” නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්ව.”දරුවො. ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න” මං එයාට කිසි ම වරදක් කළෙ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නේ? “අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා.” කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.

ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න. මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, සිල්වත් ව සිටිද්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. “ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්.” කියල කිව්ව. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත් මාව අත් හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්ව. “මගේ රෙදි කඩමාල්ල යි මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව.” එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව. ” මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්.” එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. “නෑ මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ.” ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්න පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවි නසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.

විනයධර,බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වු ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩිය.එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පුජා කරගත්ත. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුව. “ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්න,” මං තාත්තා ළඟ වැඳ ගෙන හඬා වැටුණා. “නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානව.” ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. ” නර ශ්‍රේෂ්ඨ වු බුදු රජාණන් වහන්ස් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. නිවනට පත් වෙන්න.” මං දෙමාපියන්ට ත්, නෑදැ පිරිසට ත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.

මට අතීත ජිවිතේ ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජිවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට එක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ජ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ. මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හත යි. එ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හුරල දැම්ම. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බුරු දෙනෙක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. මං කුඩා කාලේ මගේ රහසඟේ ඇට තැලුව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ උණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.

මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මාගේ ලිංගයේ ඇට තැලුව. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගරේ වීදීයේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ, පිරිමියෙකු ත් නොවේ නපුංසකයෙක්! මං ගොඩාක් දුක් වින්දා, අවුරුදු තිහේ දී මැරුණා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්ත. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට කටයුතු කිරීම යි. මං දාසියක් වාගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත් හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.

http://ift.tt/2bDnvgH

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි.. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 17, 2016 at 12:00PM

ගිහි ගෙයත්, රජ සැපත් අත්හළ සිදුහත් කුමාරයා පැවිදි ව ඒ වනවිට භාරතයේ ප්‍රචලිතව පැවැති සියලු මතවාදයන් අධ්‍යයන කළේය. ප්‍රායෝගික අත්හදා බැලීම් කළේය. ඒ සියල්ලෙහි නිසරු බව අවබෝධ කරගෙන, ස්වාධීන ව විමුක්ති මාර්ගය සෙවීමේ වෑයමක නිරත වෙමින්, ස්වයංභූ ඤාණයෙන් සැබෑ විමුක්තිය සහ විමුක්ති මාර්ගය හෙළි කර ගත්තේය. බෞද්ධ දර්ශනය ඒ ව්‍යායාමයෙහි ප්‍රතිඵලය යි.

බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.

බුදු දහම ඉදිරිපත් කරන විමුක්තිය, තෘෂ්ණාව නැති කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීමයි. සත්වයා සසර සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව ඇතිවන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව මුල් වීමෙන් ඇතිවන තෘෂ්ණාව උපාදාන – සංස්කාර – විඤ්ඤාණ – නාම රූප – සළායතන – ස්පර්ශ – වේදනා – ආදී වශයෙන් එකිනෙක සම්බන්ධ වෙමින් සත්වයාගේ සසර ගමන දිගු කරයි. මෙය චක්‍රයක් මෙන් සිදුවන බව පෙන්නුම් කරන්නේ “ පටිච්ච සමුප්පදාය” මගිනි. එය විද්‍යානුකූල හේතු – ඵල වාදයකි.

විශ්වයත්, සත්වයාත් හටගන්නේත්, පවතින්නේත් නිරුද්ධ වන්නේත් හේතු – ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් බව බෞද්ධ ඉගැන්වීමයි. හේතුවක් නිසා හටගන්නා සියල්ල, ඒ හේතුව නැති කිරීමෙන් අවසන් වන බව බෞද්ධ න්‍යායයි. “ හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති”

විමුක්තිය ලබා ගැනීම සඳහා මේ අවබෝධය අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා ශ්‍රද්ධාවත්, සිත – කය – වචනය සංවර කර ගැනීමත් අවශ්‍යය. ඒ සඳහා ශීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් උපස්ථම්භක වන අතර, මෙත්තා – කරුණා – මුදිතා – උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණයත්, සති සම්පජඤ්ඤ හෙවත් මනා සිහි ඇතිව කටයුතු කිරීමත් මහෝපකාරී වෙයි. මේ සියල්ල විමුක්තිය ළඟා කර ගැනීමට අවශ්‍ය වන පූර්ව කෘත්‍යයන් ය.

බුද්ධ දේශනය අනුව, විමුක්තිය ළඟා කර ගත යුත්තේ තමා විසිනි. කිසිඳු දෙවියකුට, බ්‍රහ්මයකුට හෝ අදෘෂ්‍යමාන බලවේගයකට එය ලබා දිය නොහේ. යටත් පිරිසෙයින් සැබෑ විමුක්ති මාර්ගය හෙළි කර දුන් බුදුරජාණන් වහන්සේට පවා තවත් අයකුට විමුක්තිය ලබා දිය නොහැකිය. බුද්ධ භාෂිතයෙහි සඳහන් වන අන්දමට, තම තමන්ගේ විමුක්තිය තම තමන් විසින් ළඟා කර ගතයුතු අතර, බුදුවරයන් පහළ වන්නේ ඒ සඳහා මග කියා දීමට පමණි. “අජ්ජේව කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථා ගතා” යන්නෙන් ඒ බව තහවුරු කෙරේ. මේ වූ කලී ඉතාම තර්කානුකූල වූත්, යථාර්ථවාදීවූත් ප්‍රකාශයකි. කෙලෙස් රැස් කරන්නේ පුද්ගලයායි. ඒ කෙලෙස් දුරු කළ යුත්තේත්, දුරු කළ හැක්කේත් කෙලෙස් රැස් කළ පුද්ගලයාටම ය. අවිද්‍යාව නිසා පුද්ගලයාට යථාර්ථය නොවැටහෙන බැවින් තමන්ට එල්ල වී ඇති භයානක ව්‍යසනය ඔහුට නොපෙනේ. ඒ ව්‍යසනයේ ස්වභාවයත්, ඊට හේතු සහ ඉන් මිදෙන මගත් ඔහුට පෙන්වා දීම බුදුවරයන්ගේ කාර්යය වන්නේ ය. බුදුවරුන් ලොව පහළ වන්නේ ඒ අවශ්‍යතාව සඳහා ය.

බුදුවරුන් කලින් කල ලොව පහළ වන්නේ මෝහාන්ධකාරයෙන් වෙළී සත්‍යය වටහාගත නුහුණුව සසර දුකෙහි ගිලී දුක් විඳින අනන්ත වූ සත්වයාට නුවණැස පහළ කරවීමට ය. එසේ පහළ වන උන්වහන්සේලා ලෝක සත්වයාට කියා දෙන්නේ අලුත් දෙයක් නොව, කාලයෙන් වැසී මෝහයෙන් යටපත් වී ගිය පරම සත්‍යයයි. සත්‍යය ලොව සැමදාම පවතී. කලින් කලට සිදුවන්නේ සත්‍යය යටපත් වීමයි. බුදුවරුන් කරන්නේ එසේ යටපත් වූ සත්‍යය යළි ඉස්මතු කර දැක්වීම යි. නෛර්යාණික ශ්‍රී සද්ධර්මය යනුවෙන් අප හඳුන්වන්නේ ඒ අන්දමින් ලෝක සත්වයා වෙත බුදුවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ධර්මයයි. නෛර්යාණික යන්නෙහි තේරුම නිවනට පමුණුවන’ යන්නයි. බුදු දහම එක එල්ලේ ම යොමුවන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට ය. මුළු බුද්ධ ධර්මයම ගොඩ නැගී ඇත්තේ ඊට අනුරූපීව යි. බුදු දහමෙහි ඉගැන්වෙන “බෞද්ධ විමුක්ති මාර්ගය” කුමක්දැයි මීළඟට විමසා බලමු.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සසර පුරා සැරි සරමින් පාරමිතා පුරමින් ද, සිද්ධාර්ථ තාපස නමින් භාරතීය ආගමික පසුබිම හදාරමින් ද අවසානයේ දී ස්වයංභූ ඥානයෙන් සර්වඥතා ඥානය ලත් බුදු රජාණන් වහන්සේ තමන් සොයා අවබෝධ කරගත් විමුක්ති මාර්ගය ප්‍රථම වතාවට ලෝකයා හමුවෙහි තැබුයේ, උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රයෙනි. එම සූත්‍රය, සමස්ත බෞද්ධ දර්ශනයේ ම පටුනක් වැන්න. සාරාංශයක් වැන්න. දම්සක් පැවතුම් සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් බෞද්ධ විමුක්ති මාර්ගය කුමක්දැයි වටහා ගත හැකිය.

මෙම සූත්‍රය දේශනා කළේ පස්වග මහණුන් අරබයායි. ඒ නිසා ආමන්ත්‍රණයේ දීත්, කරුණු පැහැදිලි කිරීමේදී ත් “ භික්ඛවේ”, යන පදය යොදාගෙන ඇතත්, එය භික්‍ෂූන් සඳහා පමණක් දේශිත ධර්මයක් නොවන බව සිහි තබා ගත යුතුය.

බුදු දහමේ ඉගැන්වෙන විමුක්තිය ලබා ගැනීමට ගිහි – පැවිදි භේදයක් බල පාන්නේ නැත. එහෙත්, “ සම්බාධෝ යං ඝරාවාසෝ” යන බුදු වදන අනුව ගිහි ජීවිතය කරදර කම් කටොලින් පිරුණු කාර්ය බහුල එකක් වන නිසා, ගිහි ජීවිතය ගත කරමින් විමුක්ති මාර්ගය අනුගමනය කිරීම දුෂ්කරය. පැවිදි දිවිය ඉතා සරලවූත් සැහැල්ලුවූත් එකක් නිසා එය විමුක්තිය ළඟා කර ගැනීමට පහසු මගක් වෙයි. බුද්ධ භාෂිතය අනුව, පැවිදි දිවිය අභ්‍යවකාශය මෙන් සැහැල්ලු ය. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා විමුක්තිකාමී පුද්ගලයා අනුගමනය කළ යුතු මාර්ගය එකක් ම වෙයි. දම්සක් පැවතුම් සූත්‍රයෙන් විස්තර වන්නේ ඒ ඒකායන වූ විමුක්ති මාර්ගය යි.

බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ තම දිවි පෙවෙත සරල බවට පත් කර ගැනීමයි. ඒ සඳහා අත්හළ යුතු අන්ත දෙකක් තිබේ. එනම් ශරීරයට අසීමාන්තිකව දුක් දීම නම් වූ “ අත්තකිලමථානු යෝගය සහ ශරීරයට අසීමාන්තිකව සැප දීම නම් වූ කාම සුඛල්ලිකානු යෝගයයි. මේ දෙකම පුද්ගලයාට යථාවබෝධය ලැබීමේ අවස්ථාව අහිමි කරයි.

මේ අන්ත දෙක අත්හරින පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නකු විය යුතුය. මධ්‍යම ප්‍රතිපදාව යනු, අංග අටකින් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ කරුණු අට සම්මා දිට්ඨියෙන් ( යහපත් දැකීම, වැටහීම ) ආරම්භ වී අනුක්‍රමයෙන් චිත්ත ඒකාග්‍රතාව දක්වා ගොඩ නැගී ඇති බව පෙනේ. ඒ එක එකක් එකිනෙකට සාපේක්‍ෂ වන බැවින් විමුක්ති සංඛ්‍යාත වූ නිර්වාණාවබෝධය ඉලක්ක කර පවතී.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන විමුක්ති කාමියා ක්‍රමයෙන් සිත දියුණු කර ගැනීමෙන් හා සිත සමාධිගත කර ගැනීමෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනී. දුක්ඛ සත්‍යය යනු සසර දුකය. සමුදය සත්‍යය යනු ඒ දුක ඇති වීමට හේතුව වූ තෘෂ්ණාවයි. දුක්ඛ නිරෝධ සත්‍යය යනු තෘෂ්ණාව නැති කිරීමට අරමුණු වූ නිර්වාණයයි. දුක්ඛ නිරෝධයට මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යය නම් වෙයි. මේ චතුරාර්ය සත්‍යය සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් තත්වඥානයෙන් අවබෝධ කර ගැනීම නිර්වාණාධිගමය යි. නිර්වාණාධිගමය යනු බෞද්ධ දර්ශනයේ කූට ප්‍රාප්තිය වූ සංසාර විමුක්තිය යි.

නිර්වාණාධිගමය ලබන්නා ආසවක්ඛය ඤාණය ලැබීමෙන් චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් පිරිසිඳ දකියි. එහි දී ඔහුගේ සිත කාමාසව, භවාසව හා අවිජ්ජාසවයන්ගෙන් මිදේ. ඒ මිදීමත් සමග භවෝත්පත්තියෙන් හෙවත් පුනර්භවයෙන් ද මිදී සසර ගමන අවසන් කරයි. බුදුරජාණන් වහන්සේ “ නත්ථි ජාති පුනබ්භවෝ” යනුවෙන් උදාන වාක්‍ය පළ කළේ ද එබැවිනි.

දම්සක් පැවතුම් සූත්‍රයේ දී සිද්ධාන්තමය වශයෙන් ඉදිරිපත් කළ විමුක්ති මාර්ගය, බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා වූ පුරා වසර 45 ක් තිස්සේ විග්‍රහ – විවරණ – විස්තර වශයෙන් පැහැදිලි කර දුන් ආකාරය ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් සවිස්තරාත්මක ව දත හැකිය.

බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම් අනුව, විමුක්තිය යනු මේ ආත්ම භාවයේදී ම ලබාගත හැක්කකි. ඒ සඳහා අනාගතයේ දී මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වන තුරු බලා සිටිය යුතු නොවේ. ඒ සඳහා ආමිස පූජා පවත්වමින් හෝ තෙරුවන් ඇදහීමෙන් කල් යැවිය යුතු ද නොවේ. බුදු දහම “ ඒහි පස්සික” බව වදාළේ එබැවිනි. එය ප්‍රායෝගික ව අත්හදා බැලිය හැකි, ස්වාධීන චින්තනයට හා මිනිසාගේ ස්වාමිත්වයට ප්‍රමුඛත්වයක් දෙන යථාර්ථවාදී දර්ශනය කි. විමුක්තිය ලබා ගැනීම සඳහා මිනිසාට ඉහළින් කිසිදු දෙවියකු, බ්‍රහ්මයකු තබා බුදුවරයකු ද නැත. බුදුවරුන් පවා කරන්නේ මාර්ගය පෙන්වා දීම පමණි. බෞද්ධ විමුක්තියේත් විමුක්ති මාර්ගයේත් විශේෂත්වය ද එයයි. බුදුරජාණන් වහන්සේ විමුක්ති දායකයකු වන්නේ එසේ නිවැරදි මාර්ගය පෙන්වා දීමෙනි.

ලොව පහළ වූ ආගමික ශාස්තෘන් වහන්සේලා අතර බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතමයා වන්නේ මේ මග පෙන්වීම නිසා ම ය. ලොව පවත්නා අන් සියලු ආගම්වල විමුක්තිය නම් වූ තත්ත්වය ලබා ගත යුත්තේ ශාස්තෘවරයා කෙරෙහි භක්තියෙන් හා ඇදහීමෙන් පුද පූජා පැවැත්වීමෙනි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ධර්මය කෙරෙහි විශ්වාසය තබන ලෙස මිස තමන් අදහන ලෙස නොවේ.

ලෝක සත්වයා කෙරෙහි මේ තරම් මහා කරුණාවකින් කැප කිරීමක් කළ ;වනත් ශාස්තෘවරයකු මානව ඉතිහාසයේ මෙතෙක් පහළ වී නොමැතිය.

තෙරුවන් සරණයි!

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය : Path to Nirvana via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 16, 2016 at 08:21PM

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයයි. නොයෙක් පින්කම් වලින් දිනය වර්ණවත් කරගන්න.

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.

ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්‍ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළැඹෙන හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස යනුවෙන් මහණෙනි, වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ. යැයි මහා වග්ගයේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතුය. පසු වස් එළඹිය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූන් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හි, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදි ස්ථාන වල නො එළඹිය යුතුය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ‘මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතුය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැයි’දේශනා කොට ඇත. වහලක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතුය.

වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහැදිලි වෙයි.

==වස් විසීමේ ආරම්භය==

ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග මිගදායෙහි ඉසිපතනාරාමයෙහි ප්‍රථම වස් කාලය ගත කළහ. ඒ වැසි කාලය එසේ එක් තැනක ගත කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ සිරිතක් වශයෙන් ආවේණික ධර්මයක් වශයෙන් මිස බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් නො වීය. ක්‍රමයෙන් භික්ෂූ සමාජය විකාශනයට පත් වෙන විට භික්ෂූහු වස්සාන ඍතුවේත් චාරිකාචරණයෙහි යෙදෙමින් දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කරන්නට වූහ. මෙය සිදු වූයේ බුදුරාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ය. භික්ෂුන් වහන්සේලා ගේ මේ චාරිත්‍රධර්මයන් උල්ලංඝනය කරමින් කරනු ලබන චාරිකාචරණය දුටු මහ ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. තීර්ථකයන් පවා වස් එළඹී ඇති මේ කාලයෙහි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයයෝ හේමන්තයෙහි ද, ගිම්හානයෙහි ද, වස්සානයෙහි ද නිල් තණ මඩිමින් පා ගමනින් ඒකීන්ද්‍රිය ජීවිත පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙති. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාදීහු එක්තැන් ව වස් විසීමෙහි ඇලී වෙසෙති. කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූ®ඩු සාදාගෙන වැසි කාලයෙහි ඒ කූඩු වල ඇලී වෙසෙති. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැති ව නිතර එක්තැන් ව වසති. එහෙත් මේ ශ්‍රමණ ශාක්‍ය මුනි පුත්‍ර‍්‍රයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකීන්ද්‍රිය ජීවයන් පෙළඹින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කවර කරුණක් නිසා චාරිකාවෙහි හැසිරෙන්නා හුදැයි අවමන් කෙරෙති. නින්දා කෙරෙති. දොස් කියති. අවමන් කරන නින්දා කරන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූ භික්ෂූහු ඒ කාරණය බුදුන් හට දැන්වූහ.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්ට අනුදනිමි’යි භික්ෂූන් ඇමතූසේක. එකල් හි භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම් කෙතෙක් දැයි විමතියක් ඇති විය. එය භාග්‍යවතුන් හට දන්වා සිටියහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “දෙව මා භික්ඛවෙ වස්සුපනායිකා පුරිමිකා පච්ඡිමිකා ච අපරජ්ජුගතාය ආසාළ්භියා පූරිමිකා උපගන්තබ්බා මාසගතාය ආසාළ්භියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවෙ දෙව වස්සුපනායිකා යනුවෙන් මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දින, එනම් අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය.ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතුය. මහණෙනි, මේ වස් එළඹීම් දෙකයි’ වදාළහ.මෙතැන් සිට දඹදිව තීර්ථක පරිබ්‍රාජකාදීන් තුළ පැවැති එනම්, ප්‍රාග් බෞද්ධ යුගයේ සිට දඹදිව පැවැති ආවේණික චාරිත්‍ර ධර්මයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ ද ප්‍රධාන ප්‍රඥප්තියක් බවට පත් විය. මේ අනුව සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීමේ ශාසනික චාරිත්‍ර ධර්මයේ ආරම්භය මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය යුතුය.

==ව්‍යාප්තිය==

ආරම්භයේ දී ඇසළ පුනු පෝයට පසු අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම පැවැතුණි. එහෙත් එය වැඩි කලක් නො පැවැත්තේ ය. ඇසළ පුනු පොහෝ දිනයෙහි භික්ෂුන් වස් එළඹෙනු දකිනු කැමැති වූ බිම්බිසාර රජතුමා ඒ බව දූතයකු ගේ මාර්ගයෙන් භික්ෂූන්ට දැන්වි ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැල කළහ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා අනුජානාමී භික්ඛවෙ රාජුනං අනුවත්තිතුං යනුවෙන් මහණෙනි, රජුනට එකඟව පවතින්නට අනුදනිමි යි වදාළ සේක. එතැන් සිට ඇසළ පුනු පොහෝ දා වස් එළඹිය හ. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ප්‍රඥප්ති බොහොමයක් ම ඒ ඒ රටවල දේශගුණය හා පරිසරය අනුව සකස් වූවකි. එබැවින් මධ්‍ය මණ්ඩලයට පනවන ලද ප්‍රඥප්ති ප්‍රත්‍යන්ත දේශවල වෙනස් වෙයි. වස්සික සාටිකය හෙවත් වැසිසළුව වස් වසන භික්ෂූන් විසින් වස්වසන දිනයෙහිම අධිෂ්ඨාන කොට වස් සාර මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් වශයෙන් නියම කොට ඇත. නාන කඩය යන නමින් හඳුන්වන මේ චීවරය භික්ෂූන්ට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට පහසුව ප්‍රථමයෙන් ම ඇතිකර දෙන ලද්දේ විසාඛා උපාසිකාවගේ ඉල්ලීමක් අනුවය. වස් විසූ භික්ෂූන් චාරිකාචරණයෙහි නො යෙදුණත් පිණ්ඩපාත සෙවීමාදි කටයුතු වල දී වැස්සෙන් තෙමෙමින් පීඩා විඳින්නට සිදු විය . මෙය දුටු විසාඛා උපාසිකාව “ඉච්ඡා මයං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සකි සාටිකං දාතුං” යනුවෙන් ස්වාමීනි! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමියි ප්‍රකාශ කළාය.ඇය ගේ බසට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සිකසාටිකං වස්සානං – චාතු මාසං අධිට්ඨාතුං තතොපරං විකජ්පෙතුං යනුවෙන් “මහණෙනි, වස් සාරමාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත් එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි,යි වදාළහ. මේ වැසි සළු සැදැහැති දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවාත් සමඟ ම උතුම් ශාසනික චාරිත්‍ර ධර්මයක් ද ඉටුවන්නේය. ස්වාමීනි, මේ වස් සාර මාසය තුළ අපි නුඹ වහන්සේලාට සිවු පසයෙන් ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනැවැ’යි සදැහැවත් දායක කාරකාදීහු වැසි සළු හා දැහැත් ගොටු පිරිනමමින් සංඝයාට ආරාධනා කරති. එයින් භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමත් දායකයනගේ ආරාධනයත් දෙක ම ඉටුවෙයි.

වස් එළඹ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඒ ආරාමයෙන් පිටත යන විට සත්තාහකරණයෙන් යා යුතු වෙත්. අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහ කරණීයෙන පහීතෙ ගන්තුං “ යනුවෙන් මහණෙනි! පණිවුඩ එවූ කල්හි සත් දෙනෙකුන් වෙතට සත්තාහ කරණීයයෙන් යන්නට අනු දනිමි “ යි දේශනාකොට ඇත්තා හ. සත්තාහ කරණයෙන් යෑම නම් සත් දිනක් ඉක්ම වන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණ ඒ වස් එළඹී ආරාමයෙහි අරුණ නැගීම යි. ඒ සත්තාහ කරණයෙන් යන්නට හැක්කේ ද සත් දෙනෙකුන් වෙත පමණි. භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂමානාව, සාමණේර , සාමණේරිය , මවය, පියාය, යන මොවුන් සත්දෙනා උදෙසා ආරාධනාවක් ඇත ද නැති ද සත්තාහකරණයේ යන්නට පුළුවන. එහෙත් සතිය ඉක්මෙන්නට ප්‍රථමයෙන් වස් විසූ ආරාමයට පැමිණිය යුතුය. මේ බුද්ධ නියමයයි.

එසේම ගිලන් භික්ෂුවක රෝගි ව සිටින විට ඒ භික්ෂුවට පහසුවක් ඇති කරලීමටත් සස්නෙහි කලකිරී සිටින භික්ෂුවකට අවවාද කරනු පිණිසත්, උපන් යම් කුකුස් ඇත්නම් එය දුරු කරනු පිණිත්, උපන් මිථ්‍යා මතයන් දුරු කරනු පිණිසත් පරිවාස මූලාය පටිකස්සන , මානත්ත , අබ්භාන, තජ්ජනීය , නියස්ස, පබ්බාජනීය ,පටිසාරනීය උක්ඛෙපනීය යන මේ සංඝ කර්මයන් සඳහාත් මවු පිය සහෝදර ඥාතීන් රෝගීව සිටින විට ඔවුන් දැකීම පිණිසත් සත්තාහ කරණයෙන් යන්නට හැකිය.

==වස්සච්ඡේදය==

වස් විසූ භික්ෂූන්ට ඒ ඒ ආරාමයන් හි යම් යම් උවදුරුවලට මුහුණ පාන්නට සිදුවේ නම් සත්තාහ කරණයක් නැති ව සුදුසු ආරක්ෂක ස්ථානයකට යා හැකිය.

වස්සච්ඡේදයෙන් එනම්,වස් බිඳීමෙන් සිදුවෙන ඇවතින් නිදහස් ඒ භික්ෂූනට තිබේ. නයි, පොළොං ආදී විෂඝෝර සර්පයන්ගෙන් යක්ෂාදීන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අන්තරා ඇති කල්හි වස් විසූ ආරාමයෙන් සත්තාහ කරණය නැති ව ඉවත යා හැකිය. එසේම වස් විසූ ආරාමය පිහිටි ගම වෙනස් වුවොත් ගම්වැසියන් ගිය තැනට වස් විසූ භික්ෂූන්ට යන්නට ඉඩ ඇත. ගම දෙකකට වෙන් වූ විට සැදැහැති පිරිස සිටින ස්ථානයට යන්නට පුළුවන. වස් විසූ භික්ෂූනට යැපෙන පමණ පිණ්ඩපාත නො ලැබේ නම් පථ්‍ය බෙහෙත් ආදිය නොලැබේ නම්, සුදුසු කැපකරු ආදීන් නො ලැබේ නම් සංඝ භේදයකට හෝ සීලාන්තරායකට ඉඩ ලැබේ නම් වස් විසූ ආරාමය වෙනස් කරන්නට හැකිය. වස්සච්ඡේදයෙන් ඒ භික්ෂූන්ට ඇවැත් සිදු නොවේ.

මෙබඳු නොයෙක් කරුණු වලින් ශාසනික වැදගත් කමින් යුත් වස් විසීම ලංකාවට පැමිණියේ බුද්ධ ශාසනය පිහිටුවා ලීමෙන් පසුවය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසත් අරිටිඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන සපනසක් රහතන් ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹිය හ.

මෙය ලක්දිව සිදුවූ ප්‍රථම වස්සූප ගමනයයි. මෙතැන් පටන් මේ උතුම් ශාසනික චාරිත්‍ර ධර්මය අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි බෞද්ධ පින්වතුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවත්වා ගෙන එනු ලැබේ.

==ප්‍රථම සංගීතිය==

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දි සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

==ආනන්ද හිමියන් රහත් වීම==

ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් වන අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ.

වීය¸ සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම් සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මඳක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදිණ. හිස කොට්ටයට නො පැමිණියේය.

මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූහ. උන්වහන්සේගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.

මාපලගම සිරි සෝමිස්සර නා හිමි
පොහොය වර්ණනාව කෘතිය ඇසුරෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 16, 2016 at 12:00PM

රජයට ලැබෙන බදු මුදලට කෑදරකමින් ආරම්භ වී දිගටම පවත්වාගෙන යන මේ සුරා විකිණීමේ ජාවාරම නැවැත්විය හැකි ක්‍රම ගැන ඔබගේ අදහස් පහතින් comment කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf