Monthly Archives: September 2016

New photo from Facebook September 16, 2016 at 09:00AM

මේ කැල්සියම් වලින් සෑදුනු ඇටකටු ගොඩ ‘මම’ යැයි සිතීම කොතරම් මෝඩකමක්ද?
ඒක මට ඕනේ පරිදි තියන එකක් නොවේ. පොළවට දිරන මේ ඇටකටු මගේ ආත්මය වෙන්නේ කොහොමද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 15, 2016 at 05:46PM

මරණින් පසු වකුගඩු දන්දිය හැකි බව ඔබත් දැන සිටියාද?

ලංකාවේ අළුතින් වසරකට 5,000 ක් පමණ වකුගඩු රෝගයට ගොදුරු වේ. මෙම රෝගය අසාධ්‍ය වූ විට ජීවිතය පවත්වා ගත හැකි ක්‍ර‍ම තුනකි.

01. ජීවත් වන පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම
02. ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරනය කිරීම (Dialysis)
03. මරණයට පත්වූවෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම

වර්තමානය වනවිට වකුගඩුවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර, ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරණය කිරීම (Dialysis) ඉතා මිළ අධික දුෂ්කර කාර්යයකි. මෙම හේතූන් නිසා අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වේ.

එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම් හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය සමඟ එක්ව මරණින් පසු වකුගඩු දන්දීම සඳහා වකුගඩු පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩසටහන (National Deceased Donor Card for Kidney Donation) හඳුන්වා දී ඇත.

ඔබ ඒ සඳහා පරිත්‍යාග සාමාජික කාඩ්පතක් ලබාගෙන දායක වුවහොත් ඔබගේ මරණින් පසු ඔබගේ වකුගඩු අසරණ රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර ඔවුන් එම රෝගී තත්ත්වයෙන් ගලවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය ක්‍රියා කරනු ඇත.

එමනිසා ඔබත් මරණින් පසු වකුගඩු දන්දීම සඳහා පූර්ව කැමැත්ත ප්‍ර‍කාශකර ලියාපදිංචි වී පරිත්‍යාග සාමාජික කාඩ්පතක් ලබා ගෙන ඒ මහා පුණ්‍යකර්මයට දායක වීමට කැමති නම් පහතින් ආකෘති පත්‍ර‍යක් ලබාගෙන එය සම්පූර්ණයෙන් පුරවා පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.

ආකෘති පත්‍රය (pdf) -> http://ift.tt/2cgEGUx

==යැවිය යුතු ලිපිනය==

අධ්‍යක්ෂ
වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය,
නො. 349, ජයන්ත වීරසේකර මාවත,
කොළඹ 10.

දුරකථන අංකය: 0112422335/0112422336/0112445067
Fax: 0112422334
විද්‍යුත් තැපෑල: nindtmaligawattee@gmail.com via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 15, 2016 at 02:13PM

මේ උතුම් ගෙෳතම බුදුසසුන බබලන සුන්දර යුගයයි… තවත් වැඩි වැඩියෙන් ලාංකිකයන්ට පැවිදි වීමේ උවමනාව ඇති වේවා.

අප ලක්දෙරනින් ජීවිතයේ සම්පත් සො‌යා Australia ව වැනි සම්පත් ඇ‌ති රටක තම ජීවිතය ගෙවන්නට පැමිනි එකම පවුලේ වැඩිමල් පුතනුවන්ද මද්දුම පුතනුවන්ද බාලම දියනියද සමගින් උතුම් කසාවත නැමති අරහත් ධජයට හිමිකම උරැම කරගත් පැවිදි මෑණියන් සමගින් ගිහිකල එකම පවුලේ පුතුන් සහ දියනියත් සමගින් අද දින මේ සම්බුදු සසුනේ ලො‌ව්තුරැ සැපය සො‌යා යන පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනම සහ පින්වත් මෑණිවරැ දෙනම දිවා දානය ප්‍රත්‍යවේක්ෂා කරන අයුරැ දැක ගැනීමට ලැබීම මාගේ නෙත ලැබූ පිනක මහිමකි.

එමෙන්ම අපටද කියනුයේ හිස් කාමයන් තුල ඇ‌ති වෙහෙසකර පිපාසයට වඩා අත්හැරීම ලග ඇ‌ති සුවබර සතුට නො‌වේද?

සාදු.! සාදු..!! සාදු…!!!!
ස්වාමීන් වහන්ස, පින්වත් මෑණිවරැනි, ඔබට ඒ‌ අමා නිවන්සුව බො‌හෝ‌ දුර නො‌වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 15, 2016 at 12:00PM

‘සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති’

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කාලයේ තව්තිසා දෙව්ලොව දෙවියෝ ‘දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද, රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද, අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද ? යනුවෙන් ප්‍රශ්න සතරක් ඉපද වූහ. දොළොස් අවුරුද්දක් මේ ප්‍රශ්න සතර විසඳාගත නොහැකි විය.

අන්තිමේදී සක්දෙව් රජුගෙන් විචාරණ ලදුව සක්දෙව් තෙමේ දෙවියන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ‘සබබ දානං ධමම දානං ජිනාති’ යනාදී වශයෙන් ඉහත සඳහන් ගාථාවෙන් ඒ ප්‍රශ්න සතර විසඳූ සේක. ‘සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී. සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී, සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී. තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී’ යනු එහි අදහසයි.

ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨකථාවෙහි මෙසේ සඳහන් වේ.

යම් සේ සක්වල ගැබ පුරා බ්‍රහ්ම ලෝකය දක්වා අතර නැතිව වැඩ සිටි බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා කෙසෙල් ගොබ සමාන සිනිඳු සිවුරු දෙන්නේ වේද, එය වඩා ඒ සමාගමයෙහි සිව් පදයකින් යුක්ත ගාථාවකි. කරන අනුමෝදනාව උතුම්ය. එසේම එම විවර දානය එය ධර්ම දානයෙන් සොළොස් වන කලාවෙන් කලාවටවන (දෙසිය පණස් හයෙන් පංගුවක් වත්) නො අගණේය.

එපරිද්දෙන්ම ධර්ම දේශනා කිරීමද, ධර්මය අනුන්ට කියවීමද, බණ ඇසීමද මහත් ඵල වේ. යම් පුද්ගලයකු විසින් ධර්ම ශ්‍රවණය අනුන් ලවා කරවන ලද්දේ ද ඔහුට ලැබෙන ආනිශංසය ද එසේම මහත්ය.

එබඳු වූ විශාල ආර්ය පිරිසට පාත්‍ර පුරවා දුන් ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ගිතෙල්, තල තෙල් ආදියෙන් පාත්‍ර පුරවා දුන් බෙහෙත් දානයට ද වඩා මහා විහාරය සමාන වූ ද ලෝවා මහා ප්‍රාසාදය සමාන වූ ද නොයෙක් සිය දහස් ගණන් ප්‍රාසාද කරවා දුන් සේනාසන දානයට වඩා අනාථ පිණ්ඩිකාදීන් විසින් විහාර උදෙසා කළ පරිත්‍යාගයනට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් අනුමෝදනා වශයෙන් පැවැත්වුණු ධර්ම දානයම උතුම්ය. කුමක් හෙයින් ද යත් එවැනි පින්කම් කරන්නාහු ද බණ අසාම කෙරෙත්. බණ නොඅසා නොකෙරෙත්. ඉදින් මේ සත්වයෝ ධර්මය නොඅසන්නාහු නම් ඔවුහු කිණිස්සක් පමණ කැඳවත් හැන්දක් පමණ බත් වත් අනුන්ට නොදෙන්නාහුය. මේ කාරණයෙනුත් සියලු දානයන්ට වඩා ධර්ම දානයම උතුම්ය.

යලිත් බුදු පසේ බුදුවරයන්වහන්සේ හැර කල්පයක් මුළුල්ලේ වසින්නා වූ වැස්සෙහි දිය බිංදු මෙපමණෙකැයි ගණන් ගන්නට සමර්ථ වූ මහත් ප්‍රඥාවෙන් යුත් ශාරිපුත්‍රාදී ස්ථවිරයන් වහන්සේලා ද ස්වශක්තියෙන් සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණෙන්ට අපොහොසත් වූහ.

අස්සජි ආදි ස්ථවිරයන් වහන්සේලා විසින් දේශනා කළ ධර්මය අසාම සෝවාන් ආදි මාර්ග ඵලයන් අවබෝධ කළාහුය. එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය කරණකොට ගෙනම ශ්‍රාවක පාරමී ඥානය අවබෝධ කළාහුය. මේ කාරණයෙනුත් මහ රජාණෙනි, ධර්ම දානයම උතුම්ය. එහෙයින් ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ යනාදිය වදාරණ ලදී.

ඒ ධර්ම දේශනාවෙන් අසූ සාර දහසක් සත්වයන්ට ධර්මාවබෝධය විය. එවිට සක් දෙව් තෙමේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කොට ‘ස්වාමිනී, මෙසේ උත්තම වූ ධර්ම දානයෙහි ආනිශංසය අපට නොදෙන්නේ මක්නිසාද ? ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේ ලවාත් කුමක් හෙයින් අපට ධර්ම දානමය පින් අනුමෝදන් නොකර වන සේක්ද ? විචාළේය. බුදුරජාණන් වහන්සේ ද භික්ෂූන්ට අනුදැන වදාරණසේක් මහා ධර්ම දේශනාවන්හිදී ද ප්‍රකෘති ධර්ම දේශනාවන්හිදී ද උපනිසින්නක කතාවන්හි දීද යටත් පිරිසෙයින් අනුමෝදනා ධර්ම දේශනාවන්හි දී වුවද සිය සත්වයන්ට පින්දෙව යි වදාළ සේක. එතැන් පටන් දෙවියන්ට පින්දීම ආරම්භ විය.

තවද බඹලොව තරම් උසට බුදුන් උදෙසා චෛත්‍යය කරනවාට වඩා සතර පද ගාථාවකින් කෙරෙන ධර්ම දේශනය ආනිශංසයෙන් අධිකයයි කියනු ලැබේ.

දානයන් අතුරෙන් ධර්ම දානය දිනීමට හේතු

ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් හෝ ආත්මභාව සිය දහස් ගණන් හෝ සතර අපාය ස්වකීය ගෘහය කොට ගෙන වාසය කරයි. එහෙයින් එකල්හි දූ ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හිදු, පිට සක්වල උපන් කල්හිදු, ගොළු – බිහිරි – මෝඩ – උම්මත්තකව උපන් කල්හිදු, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි දු අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. කය නැතිව සිත පමණක් ඇති දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි ද සිත නැතිව කය පමණක් ඇති අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි වුවද ධර්ම දානය නොකළ හැකිය.

▬▬▬▬▬▬▬▬▬ 2. ධර්ම දානයේ ආනිශංස ▬▬▬▬▬▬▬▬▬

ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.

දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.

එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්‍රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්‍යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්‍යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි.

පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්‍ය අප්‍රමෙය්‍යවූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්‍ය උපසම්පන්නය, ව්‍රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්‍රත්‍යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්‍රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි.

බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්‍රීය වැඩුවේ නම් එයට සත සහශ්‍ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්‍ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්‍රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය.

ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.

ධර්ම දානය නිර්වාණ දානයකි

බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්‍යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්‍රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත.

යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.
නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො

ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.
සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ

ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්‍රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර නොකිව හැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය.

අනුශාසනා ප්‍රාතිහාර්යය

සෘද්ධිප්‍රාතිහාර්යය, ආදේශන ප්‍රාතිහාර්යය (අනුන්ගෙ සිත් දැන කීම) අනුශාසනා ප්‍රාතිහාර්යය යනුවෙන් ප්‍රාතිහාර්ය තුන්වර්ගයක් බුද්ධ දේශනාවෙහි දැක්වේ. එයින් අනුශාසනා ප්‍රාතිහාර්යයම ශ්‍රේෂ්ඨ යයි ද උතුම් කුසල යයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරු පිරිවර සම්පත්තියෙන් ආඪ්‍ය වන්නාක් මෙන්ම ඒවා සැපසේ අනුභව කරන මහා ප්‍රඥාවන්තයෙක් ද වන්නේය. ලෞකික ලෝකෝත්තර සියලු සම්පත දෙන්නාට සියලු සම්පත් නිතැතින්ම ලැබේමය. එහෙයින් එබඳු උතුම් ධර්ම දානය දෙන්නට වටී. බාහිර වස්තුව දීම ගැන කවර කථාද ? අසංඛ්‍ය ගණන් ජීවිත සැපවත් කරවා සදාකාලික සැපත වූ නිර්වාණයටත් පමුණුවන ඒ ධර්මය උදෙසා එක ජීවිතයක් දීම ඉතා සුළු දෙයක් දීමකැයි දත යුතුයි.

පිරිස් වලට ධර්ම දේශනා කිරීම කාටත් කළ නොහැකි බව සැබෑය. එහෙත් ධර්ම දානය කාටත් සිදු කළ හැකි වෙනත් විධි බොහෝ තිබේ.

▬▬▬▬▬▬▬▬▬ 3. ධර්ම දානය කළ හැකි විධි ▬▬▬▬▬▬▬▬▬

රුවන්වැලිසෑය ආදී බොහෝ වෙහෙර විහාර කරවූ ද ආර්ය සංඝරත්නයට නොකඩවා දන් දුන්නාවු ද දුටු ගැමුණු රජතුමා ධර්ම දානයෙහි ආනිශංස ඒ සියලු පින්කම් වලට වැඩි යයි අසා මමත් ධර්ම දානයක් කරමියි මංගල සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට ලෝවාමහාපායේ ධර්මාසනයට නැගී හිඳ ගත්තේය.

එහෙත් කිසිවක් කියා ගත නොහැකිව ධර්ම දේශනය නම් ඉතා දුෂ්කර දෙයකැයි කියා ධර්මාසනයෙන් බැස්සේය. එවිට භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දානය කළ හැකි වෙනත් විධි රජ්ජුරුවන්ට කියා දෙන ලදී.

ඒ අනුව රජ්ජුරුවෝ ගමක් පාසා ධර්ම දේශකයන් වහන්සේ නමක් බැගින් නවත්වා සිවුපස පහසුකම් සියල්ලක් මැනවින් සලසා බණ පොතක්ද, පොත් වස්නක්ද, දණ්ඩාසනයක්ද අනෙකුත් අවශ්‍ය සියලු දෑ ද ඒ ඒ තැන තැබවූහ. බුද්ධදාස රජ්ජුරුවන්ගේ කාලයේදී ගම් දහසකට එක් ධර්ම දේශකයකු හා වෙනත් අවශ්‍ය දේ ද යොදවා ධර්ම දානය කරන ලදී.

ඪම වැනි දෙටුතිස් රජුගේ දේවිය ශාසනයෙහි පැවිදි වී ලංකාවේ හැම පළාතකටම ගොස් අභිධර්මය දේශනා කර තිබේ. මහා සාසන පරිහානියකින් පසුව රජවූ iii වෙනි විජයබාහු රජතුමා දඹදිවින් ත්‍රිපිටක පොත් ගෙන්වා සංඝරක්ඛිත හාමුදුරුවන්ට බාරදී තමන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු වූ බුවනෙකබාහු කුමාරයාට උන් වහන්සේ ලවා ධර්මය උගන්වා නැවතත් ශාසනය නගා සිටුවීය.

iv වැනි මිහිඳු රජුගේ කාලයේදී එක් එක් පිටකය උගත් භික්ෂූන්ට ද ඉගෙන ගන්නා භික්ෂූන්ට ද වෙන වෙනම පසයෙන් සංග්‍රහ කිරීමට නියම කර තිබුණු බව මිහින්ත ශිලා ලිපියේ සඳහන් වේ.

එසේම අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ ඉගෙන ගන්නා භික්ෂූන්ට විශේෂයෙන් දන් දී තිබේ. අනුරාධ දේවගිරි විහාරය, දිඹුලාගල, තෝනිගල හා තිස්ස අසල භික්ෂු ප්‍රතිපත්ති විස්තර වන ආය¸ වංශ ධර්ම දේශනා නම් ධර්ම දානයක් සමසකට වරක් වර්ෂයකට වරක් බැගින් පවත්වා තිබේ. ඒ සඳහා ආර්ය වැටුප යයි ධාන්‍ය, බෙහෙත් තෙල්, වැල්මී, මීපැණි, ගිතෙල්, හා තවත් බෙහෙත් වර්ග තෙල් පහන් ආදී වෙනත් අවශ්‍ය දේ ද දී තිබේ.

ඒ කාලවල සද්ධර්ම හාණක නමින් ගිහි ධර්ම දේශකද, දේශිකාවෝ ද වූහ. ඔවුහු බ්‍රහ්මචාරිහූය. මෙසේ පුරා සිංහල බෞද්ධයෝ මහත් භක්තියෙන් මහත් උත්සාහයෙන් මහත් උනන්දුවෙන් කාලයත් ධනයත් ජීවිතයත් යොදා ධර්ම දානය සිදු කළහ. අද එයට වඩා සිය දහස් වාරය පහසුවෙන් ධර්ම දානය සිදු කළ හැකි ව තිබේ. අද ඒ පුද්ගලයකුට ලෝකයටම ඇසෙන්නට වුවත් බණ කියන්න පුළුවන. එසේම ගමන් පහසුද ඇත. පොත් පත් ද ඇත. මුද්‍රණ යන්ත්‍ර ද ඇත.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

ධර්ම දානය මහත් ඵල වීමට

ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ් ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම ධර්මය අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි.

ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්‍රත්‍යාදී ලාබ ප්‍රයෝජන හා නම්බු, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින, පහර ගසන චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ.

ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ – මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට ‘අනේ් මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි’ යයි කියා හෝ මේ ධර්ම දේශනයට මට වටිනා පිරිකරක් ලැබේවි යයි කියා හෝ ලෝභය ඇති විය හැකිය. මේ නරක මිනිසුන්ට මොන බණදැයි ද්වේෂය ඇතිවිය හැකිය. මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි මෝහය ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි. සමහර විටක කුසලය විපාක දීමට අසමර්ථ වීමට හෝ බලවත් අකුසල විපාකයකින් එහි විපාකය නැසී යාමට හෝ ඉඩ ඇතිවේ.

ධර්ම දානයට හතුරුකම් කිරීම

නොමිලයේ දෙන බණ පොත පත ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්‍ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට නොදී ආරක්‍ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අයද නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අයද ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි.

සද්ධම්මා පරම දුල්ලභො

සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි බුදු ඇසින් ද බුදු මුවින් දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන් දිනපතා මෙසේ අනුශාසනා කළ සේක.
අප්පමාදෙන භික්ඛවෙ, සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදෝ ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභා සද්ධා සම්පත්ති,
දුල්ලභං සද්ධම්ම සවණං

”මහණෙනි” අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය යනු එහි අදහසය.

මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ;ගවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු – දරු, ගව මහීෂ හා දාසි – දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද?

කුසල් කරන්නේ කවදා ද?

බොහෝ දෙනෙක් කුසල් කිරීමට ජීවිතයේ අන්තිම මොහොත එනතුරු බලා සිටිති. ජීවිතය කොයි මොහොතේ කොතැනකදී කෙසේ නම් අවසන් වේ දැයි කාට කිව හැකිද? යම් කිසි විදියකින් අවසාන මොහොතේ කුසලයක් කර ගන්නට නොලැබුණොත් ඇතිවනුයේ බලවත් පසුතැවිල්ලකි. පසුතැවිල්ල අකුසල් සිතකි. එයින් මැරී සුගතියක ඉපදීමට අපහසු වෙයි. කුසල් නම් අද අදම කර ගත යුතු වෙයි. අබල දුබල නොවූ කල්හිම කර ගත යුතු වෙයි. කය වචන සිත යොදා තමන්ම කර ගත යුතු වෙයි. තමා ජීවත්ව සිටියදීම කර ගත යුතු වෙයි. බලවත් කුසල් වනුයේ එසේ කර ගන්නා කුසල්මය.

සමහරෙක් මරණින් පසු දූ දරුවන් පින් කර තමාටත් දේවියයි බලාපොරොත්තු වෙති. මළ පසු කරන පින් කළවුන්ටය. “පරදත්තුප ජීවී” “වෙමානික” යන ප්‍රේත නිකායක උපනුන්ටත් “විනිපාතික” අසුර නිකායෙහි උපනූන්ටත් දෙවියන් හමුවෙහි උපන්නවුන්ටත් ඒ පින් අනුමෝදන් විය හැකිය. සෙසු ප්‍රේත නිකායක හෝ තිරිසන් යෝනියක හෝ නිරයෙහි නිරිසත්ව යෝනියක හෝ මිනිස් ලොව උපන්නවුන්ට ඒ පින් නොලැබේ. හරියටම ඒ පින් ලැබිය හැකි තැනකම උපදීවි දැයි කවුරු දනිත්ද? එසේ උපන්නේවි නමුදු දරුවෝ පින් දෙතැයි කෙසේ විශ්වාස තබමුද? දූ දරුවන් දුසිලුන් කෙරෙහි කරන ලද දානාදී කුසල කර්මයක් දුන්නේ වී නමුදු එහි ශක්තිය ඉතා දුර්වල හෙයිනුත් පරදත්තුප ජීවියා උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තිය එයට වඩා බලවත් හෙයිනුත් දුන් පිනෙන් වැඩක් නොවේ. එහෙයින් මිය ගිය වුන්ට දෙන පින් බලවත් ඒවා විය යුතුය. මියගිය තැනැත්තා දුගතියෙහි උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තියත් ඔහුට ප්‍රවෘත්ති විපාක ලැබෙන අකුසල කර්ම ශක්තියත් මැඬලීමට සමත් අති බලවත් කුසලයක්ම දිය යුතුය.

දුර්ගතියෙහි අහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට ඒ භවය තුළ අහේතුක භවංග සිත්ම පහළ වේ. ඒ හේතුවෙන් ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසු කරුණක් නොවේ. සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට නිරන්තරයෙන් ත්‍රිහේතුක භවංග සිත්ම පහළ වේ. ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසුය.

එහෙයින් මිනිස් ලොව ජීවත්ව සිටියදී සිහි නුවණ ඇති කල්හිම කුසල් කර ගත යුතුය. ජීවත්ව සිටියදී ඉන්ද්‍රියන් බලවත් කල්හි කරන කුසල කර්ම ද බලවත් විය හැකිය.

ඒවා නිධානයක් මෙන් නැති නොවී තමා සන්තකවම පවතී. අපායෙහි උපන්නවුන්ට ද පෙර කළ බලවත් කුසල කර්ම වේ නම් දින ගණනකින් වුව නැවත සුගතියට යාමට ඉඩ තිබේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 14, 2016 at 12:00PM

ගෞතම බුදු සසුන තුළ ප්‍රඥාවෙන් අග්‍රව වැඩසිටි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපති වූ ගුණධර්මයන්ට ආකාරයක් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !
උපුටා ගැනීම -> http://ift.tt/2cvIFd6

981. එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනව නම්, අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි ”භික්ෂුව” කියල කියන්නෙ.

982. වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුලූවනි. වේලිච්ච දෙයක් වෙන්ට පුලූවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදිහටයි. ප‍්‍රමාණයකට දානෙ අරගෙන, නුවණින් යුක්තවයි.

983. සතර පස් පිඩක් නොවළඳා, ඒ වෙනුවට පැන් වළඳන්න ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්.

984. සිරුරේ වසාගත යුතු තැන් තියෙනවා. එය වසා ගැනීම පිණිස කැප විදිහට ලැබෙන සිවුරක් තිබීම නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.

985. භාවනාවට වාඩිවුණාට පස්සෙ, දණහිස් දෙක වැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදිහෙ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.

986. යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවා නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක් රහිත වින්දනයට මුලාවෙන්නෙ නැත්නම්, මේ ලෝකෙට එයා කෙසේ නම් බැඳෙන්ටද?

987. පාපී ආශාවන් තියෙන, හීන වීරිය තියෙන, සද්ධර්මය දන්නෙ නැති, ආදර ගෞරවය නැති කිසි කෙනෙක් සමග මා කවරදා වත් එක් නොවෙම්වා! ඒ උදවියත් සමග එකතු වීමෙන් ලෝකයට සිදුවන යහපත කුමක්ද?

988. ඒත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මය දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සන්සිඳුවීමෙහි යෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා!

989. (කාම විතර්ක-ව්‍යාපාද විතර්ක-විහිංසා විතර්ක ආදී) මිත්‍යා සංකල්පනාවේම යෙදෙමින්, මිත්‍යා සංකල්පනාවටම ඇලිල කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සසර දුක් නැතිකරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා.

990. එහෙත් යම් කෙනෙක්, මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන (එක එක දේවල් කල්පනා කර කර ඉන්නෙ නැතිව) ප‍්‍රපංච රහිත වූ සමථයත්, විදර්ශනාවත් තුළ ඇලී වසනවා නම්, එයාට සසර දුක් නැතිකරන, ඒ අමා නිවන හමු වෙනවා.

991. ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම් වැඩසිටින්නේ, ඒ භූමිය හරිම ලස්සනයි.

992. කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ අරණ්‍ය සේනාසනවලට කැමති නෑ. කාමය නොසොයන වීතරාගී මුනිවරුන්ට ඒ අරණ්‍ය සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.

993. නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්ත උත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන් ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.

994. අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප‍්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප‍්‍රිය නෑ.

995. එදා සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුටයි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටි ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්ට මාත් කණ් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන සිටියා. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් වුණේ නෑ. ආශ‍්‍රව රහිතව සියලූ දුකින් නිදහස් වුණා.

996. මං සොය සොයා සිටියේ, පුබ්බේනිවාස ඤාණය ලබාගන්න හැටි නොවේ. මං සොය සොයා හිටියෙ දිවැස් ලබන හැටි නොවේ. මං සොය සොයා සිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නොවේ. සෘද්ධි ප‍්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතූපපාත ඤාණය ලබන හැටි නොවේ. දිව්‍ය කණ උපදවාගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නෑ.

997. හිස මුඩු කරගෙන සඟළ සිවුරු පොරවගෙන, රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නෙ, ප‍්‍රඥාවෙන් උත්තම භාවයට පත් වූ, උපතිස්ස තෙරුන් වහන්සේ.

998. සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ‍්‍රාවක භික්ෂුව, ධ්‍යානයට සමවැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාව කියල. ඒ විතර්ක රහිත වූ ධ්‍යානයයි.

999. හොඳට පිහිටල තියෙන, ගල් පර්වතය සෙලවෙන්නෙ නෑ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලී ඉන්නෙ පර්වතයක් වගේ.

1000. කෙලෙස් රහිත පුරුෂයා නිතර ම සොයන්නෙ පිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමයේ අග ගැටුණු කුඩා වරදක් පවා, එයාට පෙනෙන්නේ වළාකුලක් වගේ.

1001. මරණය ගැනද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව හොඳ ප‍්‍රඥාවෙන් යුක්තව මං මේ ශරීරය අත්හැරල දානවා.

1002. මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මං මේ පිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නෙ.

1003. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්ට ඕන. වැනසී යන්න නම් ඒපා! මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා!

1004. ජීවිතේ ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන, ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගෙයි. මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා! මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩක් පිරිස නිරයේ ඉපදිලා දුක් විඳිනවා.

1005. උපශාන්ත වෙන්ට ඕන. වරදින් වැළකී සිටින්ට ඕන. කථා බස් කළ යුත්තේ නුවණින් විමසලාමයි. උඩ`ගු වෙන්ට හොඳ නෑ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානව වගේ පාපී දේවල් ඉවත් කරන්ට ඕන.

1006. උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසා කරන, උඩ`ගු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නෙ සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.

1007. උපශාන්ත වෙලා, කෙළෙස් පීඩා නැතිව, පහන් සිතින්, නොකැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ට පුළුවන්.

1008. සමහර ගිහිපැවිදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.

1009. කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත් තමා භික්ෂුවගේ සිත කෙලෙසලා දාන්නෙ.

1010. එහෙත් අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීත්, අසත්කාර නින්දා ඉදිරියේදීත් කම්පා වන්නෙ නැතිනම්,

1011. හැම තිස්සෙම ධ්‍යාන වඩන, ඉති සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලූණ, භික්ෂුවටයි ”සත්පුරුෂයා” කියල කියන්නෙ.

1012. මහ සාගරය, මහ පොළොව, මහමේරුව, මහ සුළං වගේ දේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.

1013. මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන්ගේ ධර්ම චක‍්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.

1014. ප‍්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.

1015. මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.

1016. අප‍්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්ට තියෙන්නෙ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නේ.

මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ථේර ගාථා (ඛුද්දක නිකාය)
සාදු! සාදු !! සාදු !!! via Facebook Pages http://ift.tt/1GMS4Lf