Monthly Archives: September 2016

New photo from Facebook September 09, 2016 at 12:00PM

බුදුන් වහන්සේගේ වෙදැදුරු
ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වුණු අද්විතීය දක්‍ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්‍රතිකාර ලබාදීමේදී පොදු ජනතාව පමණක්‌ නොව රාජ රාජ මහාමාත්‍ය – සිටුවරු ඇතුළු ප්‍රභූ පංතිය පමණක්‌ නොව තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ද වෛද්‍යවරයා බවට පත්වී සිටියහ.

ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත් වීම සඳහා ප්‍රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙරය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබු ඔහු එදවස ශාස්‌තෘන් වහන්සේගේ ප්‍රසාදය ලැබූ උපාසකයකුව ජීවත් වුණු බව (මනෝරථ පුරනියෙහි) සඳහන් වන්නේය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව “මම ඒකාන්ත වශයෙන්ම අනාගත බුද්දොත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවට ප්‍රාර්ථනා කළ බව අපහට ප්‍රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්‍රියමනාප වුනු එකක්‌, සිද්ධියක්‌ නොවන්නේමය.

එදවස භාරත දේශයෙහි අතිශය රූබර ළලනාවක්‌ ඉපදුනේ නම් රජ බිසවක්‌ ලෙස රජෙකුට පරිහරණය කිරීමේ දුෂ්කරතා ඇති වී තිබුණු බව ප්‍රකටව පෙනේ. එවන් අභිරූපිකාවියන් එක රජෙකුට පරිහරණය කිරීමට නොහැකි වූ විට, අදාළ පාලකයන් විසින් ම සුව පහසු මැදුරු, සේවක සේවිකාවන් හා වස්‌තුව ද සපයා දී රජවරුන්, ඇමැතිවරුන්, ක්‍ෂත්‍රියයින්, ප්‍රමුඛයන් කහවනු දහස්‌ ගණන් අය කොට පිනවීමට සුදුසු පරිදි නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්‌ථාව සලසා දී තිබිණ. බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි වේසාලි නම් වූ ධනවත් නගරයෙහි විසූ අම්බපාලි නමැති රූබර ගණිකාව එයට නිදසුනකි. බිම්බිසාර රජු පවා ඇතැම් විට තම ආශාවන් සනහාලන්නට ඇයගේ මැදුර කරා ගොස්‌ ඇය සමඟ දින ගණන් රිසි සේ සතුටින් කල් ගෙවා ඇත.

මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කු=මරියක්‌ වූ සාලවතී ද රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක්‌ ලෙස හැඳින්විණ. වරක්‌ ඈ දෙස බැලූ පිරිමියෙකු රජකුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්‍රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්‍ය අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මැදුරක්‌ සේවකාදීන් හා වස්‌තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක්‌ බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන්ම නැණ නුවණින් ද යුක්‌ත වූවාය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙලියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කණිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශය ද, දෙවනුව ඇසුර ද ප්‍රිය කළේය. වැඩිකල් නොගොසද් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක්‌ අඳුරු කුටියෙහි ප්‍රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්‍රියෙහි පුත්‍රයෙකු ප්‍රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතැමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක්‌ වැළඳෙන්නට ඇතැයි කියාය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්‍රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින්ම තම සේවිකාවකට කියා මදක්‌ ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවාය. මද වේලාවක්‌ ගත වෙත්ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසිරා පැතිර යමින් තිබිණ.

ඒ උදැසන තරුණ අභය රාජ කුමරුන් ව්‍යායාමයක්‌ ලෙසින්දෝ තම ආරක්‍ෂක රාජ්‍ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේය, කුමරුනි යයි සවනෙහි

රැඳෙත්ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යෑයි රාජ්‍ය සේවකයන් දැනුවත් කළේය. ළදරුවා නිරුපද්‍රිතව ජීවතුන් අතර පසුවුණු බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස්‌ කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් ‘ජීවක’ යයි නම් තබණු ලැබුවේය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් ස්‌නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්‍ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර ‘ජීවක කෝමාර භච්ච’ යන නාමයෙන් ඔහු හැඳින්විණ. ළදරුවා කුඩා කල සිටම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්‍ෂණ පෙන්නුම් කරනු ලැබුවේය. නිමිති ලක්‍ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්‌ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතුව සිටින බවය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කු=මරෙකුට මෙන් පූර්ව අධ්‍යාපනය ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්‍ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්‍යාපනයන් ප්‍රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන්ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේය. දිනක්‌ ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මහාර්ග අධිෂ්ඨානයක්‌ පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක්‌ කිසිවෙකුට හෝ නොදන්වා තක්‍ෂිලා නුවර විශ්වවිද්‍යාලයේ දිසාපාමොක්‌ මහැදුරු අභියසට පැමිණියේය. තමා පැමිණියේ ‘වෛද්‍ය විද්‍යාව’ හැදැරීමට යෑයි හෙතෙම පැවැසීය. එසේ නම් චාරිත්‍රානුකූලව ගුරු පඬුරු ගෙනැවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවනු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවැසීය. දිසාපාමොක්‌ ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්‍ෂණ දෙස නිරීක්‍ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහුව වසර හතක වෛද්‍ය ශාස්‌ත්‍රය හැදැරීම පිළිබඳ වූ අධ්‍යයනය සඳහා බඳවා ගනු ලැබුවේය.

‘වෛද්‍ය පීඨයේ’ තක්‍ෂිලා නුවර සරසවියේ වෛද්‍ය විෂය ධාරාව හදාරා ඉතා දක්‍ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක්‌ මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක්‌ ඔහුට ඉදිරිපත් කළේය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක්‌ නොවන කිසියම් පැළෑටියක්‌ වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙසය. දිසාපාමොක්‌ ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස්‌ ගව්වක ප්‍රමාණයක්‌ ආවරණය වුනු භූමි තලයක්‌ සිසාරා විවිධ වෘක්‍ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේය. මේ මිහිතලය මත එවන් ඖෂධයක්‌ නොවන කිසිදු පැළෑටියක්‌ නොතිබෙන බවය. දිසාපාමොක්‌ ඇදුරුතුමන් ජීවක මහා ප්‍රාඥ වෛද්‍යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර ‘ජීවක කෝමාර භච්ච’ යන නාමයෙන්ද, (කුමාරෙන පොසාපිතො කොමාරපචෙචා) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදී.

වෛද්‍ය ජීවක කෝමාර භච්ච තක්‍ෂිලා නුවරින් ආපසු තම උපන් ප්‍රදේශයට ඒමට පිටත්ව සිටියදී, සාකේත නුවර අසූකෙළක්‌ ධනය ඇති සිටුවරයකුගේ ඇඹෙණිය සත්වසරක්‌ දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබුවාය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවනු දහසයදහසක්‌ ඔහුට තිළිණ කළේය. මේසා විශාල ධනයක්‌ පිරිනැමුවේ කුමටද, මා ජීවත් වන්නේ වෛද්‍ය කර්ම කිරීමට විනා ධනය ඉපැයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේය.

ජීවක වෛද්‍යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතනුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්‌බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීපව තවත් මැදුරක්‌ ද තනවා වාසය සඳහා පිළිගැන්වීය.

දෙවනුව ජීවක වෛද්‍ය – බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේය.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට ‘වෛද්‍ය ශිරෝමණී’ නාමය සහිත තනතුරු ද ලක්‍ෂයක්‌ අගනා නියම් ගමක්‌ ද අඹ උයනක්‌ ද සිය ගණනක්‌ පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදී.

මේ අතර උදේනි නුවර චන්ඩප්පජෝති රජුගේ ආරාධනයෙන් වෛද්‍ය මෙහෙවරක්‌ කිරීමේ අවස්‌ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්‍රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමුකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්‍යාගයක්‌ ද මිල කළ නොහැකි අගනා සළුවක්‌ ද පරිත්‍යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක්‌ ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරින. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක්‌ ධනය වෛද්‍යතුමන් වෙත පවරමි යෑයි සැළකර සිටියේය. බරණැස්‌ නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්‍රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්‍යාග පිරිනැමිණ.

ජීවක වෛද්‍ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය.

“දික්‌ සඟියෙහි සාමඤ්ඤඵල සූත්‍ර (http://ift.tt/2cpLlfC)”යෙහි සඳහන් පරිදි මේ සශ්‍රීක ‘ජීවකාම්බවනය’ සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය.

බුදුන් වහන්සේ සමීපව ඇසුරු කළ ජීවක වෛද්‍යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්‌වූයේ අප්‍රමාණ භක්‌තියකි. ගෞරවයකි. බුදු රදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වෙත “ජීවකාම්බ වනය” පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්‌ඩප, දාන ශාලා, සක්‌මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්‍යවශ්‍ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක්‌ හෙතෙම ඉදි කරවූයේය. ගොඩනැඟිලි හාත්පස අටලොස්‌ රියන් ප්‍රාකාරයක්‌ ද ඉදිකරවීය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්‌කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් ‘ජීවක සූත්‍රය්’ ්සාමඤ්ඤඵල සූත්‍රය්, චුල්ලසෙට්‌ටි ජාතකය ආදී සූත්‍ර රාශියක්‌ දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වුනු බව ත්‍රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්‍ය විසින් බුදුන් වහන්සේට විහාරයක්‌ තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්‌ණනා – පපCඳචසුදනි” යෙහි සඳහන් වේ.

ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බවද ප්‍රකට වන්නේය. ජීවක එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොස්‌ කිපී පීඩිතව පැවැති ශරීරය සැහැල්ලුවන ආකාරයට විරේක කරවා සිවෙය්‍යක වස්‌ත්‍ර යුගලය පූජා කොට වස්‌ත්‍ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යෑයි ද සඳහන් වේ

“ස්‌වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, භික්‍ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි.” ජීවක සුත්ත ඛණ්‌ණනා – පපCඳච සුදනිය” ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය – මඡ්ඤ්ධිම නිකායේ – ජීවක සූත්‍ර”යෙහි සඳහන් වන්නේය.

මහාවග්ගයේ විවරක්‌ඛන්ඩක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්‌ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේය.

ජීවක විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දොස්‌ කිපී සිටි අවධියක, භාග්‍යවතුන් වහන්සේට තිස්‌ වසරක විරේකය සඳහා බෙහෙත් ප්‍රතිකාර කර ඇත. එක්‌ එක්‌වර විරේක ප්‍රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්‌නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්‍රතිකාර මාලාව මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යෑයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇත.

(විවරක්‌ඛන්ධකය – මහාවග්ගය.)

බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක්‌ වූ “මද්දකුච්චි විහාරය” ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්‍ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්‍ෂාවරණය සලසන ලදී. එහෙත් මේ අවස්‌ථාවේදී කැඩී ගිය ගල් පතුරක්‌ වැදීමෙන් බුදු සිරුරට වේදනාවක්‌ ඇති වුණු අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහිදී භික්‍ෂුන් වහන්සේ මේ ස්‌ථානයට පැමිණ මCඳචසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා – මද්දකුච්ච විහාරයට ඔසවා වැඩම කරවා ගෙනආ අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහිදී බුදුන් වහන්සේට ප්‍රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්‍යවරයාණන්ටය. ජීවක වෛද්‍ය වරයාණන්ගේ ප්‍රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරැලුන අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය.

භික්‍ෂුන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව

රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්‍ය වරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිගත් බවත් ත්‍රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්‍යායාම් නොලැබ වාසය කිරීමෙන් භික්‍ෂු සංඝයා වහන්සේ ශරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්‍යතුමන්ය. ශාරීරික සෞඛ්‍ය රැකෙන ආකාරයෙන් සක්‌මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය – සංඝාවාස – නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්‍රියාවන්හි භික්‍ෂු – භික්‍ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත.

ජීවක, තුන්ලෝකාග්‍ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්‍යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක්‌ මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්‌ථාන කළ යුතු යෑයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්‍යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභීව පිsරිනැමූ අතර, අන්‍යාගමික බැතිමතුනට වෙනසක්‌ නැතිව ධන පරිත්‍යාග කර ඇත.

ජීවක වෛද්‍යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වුනු අතර මාර්ගඵල ලැබූ ප්‍රසන්න පුද්ගලයන් අතර ප්‍රධාන තැන ජීවකට හිමිවිය යුතුම යෑයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය)

භාර්හුට්‌ ස්‌ථූපයෙහි ඇති ‘භාර්හුට්‌ කැටයමක’ ජීවක අඹ වනයෙහි මණ්‌ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්‌වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්‍යාප්තව ඉදිවී තිබිණ. මේ සංකීර්ණයේ චතුරස්‍රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්‍ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක්‌ කම්කටොලුවලට වෙදකම් කළ මහා වෙදාණන් ‘භෙසඡ්ජගුරු’ ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.

ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 08, 2016 at 09:25PM

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරිය ධම්ම නා හිමි:

විශිෂ්ට ධර්ම කථික හිමිනමක වූ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වන විට 78 වන වියේ පසුවූහ.
උන්වහන්සේ වඩාත් ප්‍රචලිත වූයේ අභි ධර්මය සරල ලෙස ජනතාවට අවබෝධ කරදීමට විශාල මෙහෙයක් කළ මහ තෙර නමක් ලෙසිනි.
අනු නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 12 වන දා කොළඹදී සිදුකිරීමට නියමිත ය.
මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ අද සහ හෙට ශ්‍රී දේහය තැන්පත් කර තැබෙන අතර 9 සහ 10 දෙදින ගල්දූව ආරණ්‍ය සේනාසනයට දේහය වැඩම කරවනු ඇති.
පසුව ආදාහන පූජෝත්සවය පැවැවෙන දිනය තෙක් ශ්‍රී දේහය කොළඹ ජර්මානු ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිත ය.
ආදාහන පූජෝත්සවය 12 වන දා පස්වරු 3ට කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේදී සිදුකිරීමට සූදානම් කර තිබේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 07, 2016 at 01:00PM

ශබ්දකෝෂයට -> http://pitaka.lk/dict
(පළමු වර load කිරීමේදී slow විය හැකිය)

මාස අටකට අධික කාලය තිස්සේ බෙහෙවින් වෙහෙස මහන්සි වී ශබ්දකෝෂයේ අඩංගු සියලු වචන යුනිකේත ක්‍රමයට type කර සෝදුපත් බලා ඇත. මහන්සි වූ සියලු දෙනාට උපනුපන් ආත්මභාවයන්හිදී බහුශ්‍රැත භාවය පිණිසද උතුම් නිර්වාණාවබෝධය පිණිසද මේ පින හේතුවේවා.

භාවිතා කිරීමේ තවත් විස්තර -> http://ift.tt/2cc8WjE

මේ සඳහා android හෝ iOS apps සැදිය හැකි අයට ඒ සඳහා අවස්ථාව ඇත.
අදහස් යෝජනා හෝ දෝෂ දැන්වීම -> admin@pitaka.lk

ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 05, 2016 at 12:00PM

‘දේවදූත සූත‍්‍රය – 02 කොටස’

නිරයේ නිරි සත්වයො විඳින දුක දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, දිනක් යම රජුටත් මෙබඳු විතර්කයක් පහළ වුනා.’’

‘‘අනේ ලෝකෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනවා නම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා නම්, මටත් ඒ ධර්මය අවබෝධ වෙනවා නම් මොන තරම් හොඳද? මේ දුක් සහගත වටපිටාවෙන් මිදෙන්න පුළුවන් නේද?’’ කියලා හිතුනලූ.

අපායෙ විස්තර සඳහන් වෙනවා ඉතාම කෲර කටුක වූ තියුණු වූ දුකක් සතර අපායෙ තියෙන්නෙ. විශේෂයෙන් නිරයේ තියෙන්නෙ. එබඳු වූ ගති වලින් යුක්ත නිරය පින්වතුනි, ධර්මය අවබෝධ නොවුන කෙනාට ගෙදර වගෙයි
කියලයි ධර්මයෙ පෙන්නන්නෙ.

අපි ගෙදරින් පිටවෙලා වෙන ගමනක් ගියොත් අපිට හරි හදිසියි ඉක්මණට ගෙදර එන්න. බස් එක ටිකක් ප‍්‍රමාද වුනත් අපි හරි නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඉතින් පෙර කුසල ධර්මයකට මනුෂ්‍යයෙක් දෙවියෙක් වුනත්, මේ
ලෝකයාට හරි හදිසියිලූ ආපහු අපායට යන්න. පුළුවන් තරම් ඉක්මණට අපායට යන්න හේතු රැස්කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය හොඳට නුවණින් හිතන්න දේශනා කළා. දේව දූතයො හම්බවෙද්දි ඒ අරමුණු ගැන නුවණින් මෙනෙහි නොකළ නිසයි අපිට මේ ආර්ය ධර්මය ප‍්‍රමාද වෙන්නෙ.

ආර්ය ධර්මය කියන්නේ මොකක්ද?

ඒකෙන් පෙන්නන ධර්මතාවය මොකක් ද?

අපි කොහොමද ඒ ධර්මය තේරුම් ගන්නෙ?

අපි ජීවිතෙන් ඒක ඇති කරගන්නෙ කොහොම ද? කියලා ධර්මය විමසන පැත්තට අපි යොමු නොවෙන්නෙ ලෝකය ආශ්වාදයකින් දකින නිසා. අකුසල කර්ම කරන්නෙ, ප‍්‍රමාදීව ඉන්නෙ ආශ්වාදයකින් ලෝකෙ දකින නිසා.
ආශ්වාදයකින් ලෝකෙ දකින්නෙ මේ ලෝකයේ යථා ස්වභාවය පෙන්නන දහමක් නිහ`ඩව දේශනා කරන දේව දූතයො හම්බවෙද්දිත් ඒ ගැන විමසලා බලන්න අපි නුවණ හුරු කරලා නැති නිසා. නුවණින් විමසලා බලන්න හුරු කරන එක තමයි ධර්මය කරන්නෙ.

ධර්මය අහගත්තම ඔය පින්වතුන්ට හැම තැනකදීම මේ දේව දූතයො ටික හ`දුනාගන්න පුළුවන් නම්, හිතන්න පුළුවන් නම් මේ සිතේ තියෙන තද මසුරුකම, ඇලීම, බැ`දීම, ගැටීම මේ ලෝකෙ පවතින රළු කෙලෙස් ටික
අඩුවෙනවා. ආර්ය ධර්මයේ අවශ්‍යතාවය මතුවෙනවා. මේ දේව දූතයො විමුක්තියේ පණිවිඩය දෙනවා. දේව දූතයා කියන්නේ දෙවියන්ගෙ පණිවුඩකරුවා. කුමන දෙවියන්ගෙද?

දෙවියො තුන් දෙනෙක් ඉන්නවා. සම්මුති දේව, උත්පත්ති දේව,විශුද්ධි දේව කියලා. සම්මුති දේව කියනවා රටක රජ කෙනෙකුට හෝ රාජ රාජ මහාමාත්‍යයන්ට. දැන් රජවරුන්ට කතා කරන්නෙ ‘එහෙමයි දේවයන් වහන්ස’
කියලා. ඒ සම්මුති දේව. උත්පත්ති දේව කියනවා චාතුර්මහාරාජිකයෙ ඉඳලා බ‍්‍රහ්මලෝකෙ දක්වා උපන් සියලූ දෙනාට ම. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට කියනවා විශුද්ධි දේව කියලා. පිරිසිදු වීම නිසා දේවත්වයට පත්වෙලා. එතකොට මේ පණිවුඩ කරුවො, ‘විශුද්ධි දේවානං දූතා දේව දූතා’ විශුද්ධි දෙවියන්ගෙ පණිවිඩ කරුවො. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ පණිවිඩයයි මේ අපිට අරගෙන එන්නෙ. මේ ලෝකෙ දුකයි,
ලෝකෙ ස්වභාවය මෙබ`දුයි. ප‍්‍රමාදීව සතුටුවෙලා ඉන්න තැනක් නෙවෙයි මේ, අප‍්‍රමාදීව මේ ලෝකෙන් එතෙර වෙන්න කියන පණිවිඩය දෙනවා මේ දේව දූතයො. ධර්මයෙ පෙන්නන්නෙ,

‘චොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මානවා’
දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හිත් ඇස් නැත්තෝ, කන් නැත්නෝ වගේ ඒ ගැන මෙනෙහි කරන්නෙත් නැතුව, බලන්නෙත් නැතුව ඉන්නවා නම්,

‘යෙ පමජ්ජන්ති මානවා’
ධර්මයේ ප‍්‍රමාදීව වාසය කරයි නම්, ඒ අය

‘තෙ දීඝරත්තං සොචන්ති හීන කායුපගා නරා’
හීන වූ නිරයට ගොස් බොහෝ කාලයක් ශෝක කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

‘යෙ ච ඛො දේවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ’
මේ ශාසනයෙහි සත්පුරුෂ ස්වභාවය ඇති කෙනා දේවදූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි හොඳට ඒ ගැන හිතනවා. හිතලා ලෝකෙ නිසරු බව තමයි මෙයින් ලැබෙන පණිවිඩය කියලා දැනගෙන ටික ටික හෝ ආර්ය ධර්මයට යොමු වෙනවා.

‘තෙ ඛෙමප්පත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා’ දේව දූතයන් විසින් චෝදනා කරනකොට ඒ ගැන සංවේගය ඇතිකරගෙන ආර්ය ධර්මයේ අප‍්‍රමාදීව කටයුතු කළොත් ඒ අය ක්ෂේම භූමියකට පැමිණිලා දුක් නැති කරලා මේ ජීවිතයේම ක්ලේශ පරිනිර්වානයෙන් පිරිනිවෙනවා. යම්කිසි කෙනෙක් මේ ආර්ය ධර්මයේ ප‍්‍රමාදී වෙන්නෙ ලෝකයේ මේ දේව දූතයො විසින් තමන්ට නිහ`ඩව දේශනා කරන ඒ ධර්මය නොඇසුව නිසා. ඒ ධර්මය අහලා ඒ අහගත්ත ධර්මයට නැවත නැවත හිත නැඹුරුවෙන්නෙ නැත්නම්, ඒ තුළ යෙදෙන්නෙ නැත්නම්, තේරුම් ගන්න දේව දූතයො පෙන්වා දෙන පණිවිඩය හරියට ලබාගෙන නැති නිසා. ඒ පණිවිඩය හරියට ගත්තා නම් ලෝකය තුළ තියෙන ආශ්වාදය, ලෝකය සැපයි කියන ගතිය අතහැරෙනවා. එහෙම වුනොත් තමයි ආර්ය ධර්මයෙහි අප‍්‍රමාදී වෙන්නෙ. ආර්ය ධර්මයෙහි අප‍්‍රමාදී වුන කෙනාටයි, ක්ෂේම භූමියට පත් වෙලා, මෙලොවදීම සියළු දුක් නැති කරලා කෙලෙස් පරිනිර්වානයෙන් පිරිනිවිලා ශාන්ත වූ ප‍්‍රණීත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් හැමවිටම ලෝකයේ මේ යථා ස්වභාවය නුවණින් විමසමින් ඉන්න. මෙතනදී යථා ස්වභාවය කිව්වෙ, නොපෙනෙන යථාභූත ස්වභාවයක් නෙවෙයි. ඇස් ඉදිරියට අරමුණු ලැබුනම පිළිකුළින් අහක බලාගෙන යන්න එපා. ඒ නිමිත්ත හොඳට අරගන්න. ඒ ගැන හො ඳ ට හිතන්න හුරුවෙන්න. එහෙම හුරුවෙනකොට මුලින්ම ඔය පින්වතුන්ට මේ ලෝකයේ තියෙන වටිනාකම අඩුවෙනවා. වටිනාකම අඩුවුනාම ධර්මය අඛණ්ඩව යොදාගන්න හිතෙනවා.

දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි නුවණක් තියෙන සත්පුරුෂ කෙනා ඒ චෝදනාව ගැන නුවණින් බලලා ආර්ය ධර්මයේ කිසි කලෙකත් ප‍්‍රමාද වෙන්නෙ නෑ.

මේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාගර්ම කියන චතුරාය්‍යර්ම සත්‍යයට තමයි ආර්ය ධර්මය කියන්නෙ. මේ චතුරාය්‍යර්ම සත්‍යය අවබෝධ කරන්න තමයි අපි නොයෙක් නොයෙක් විදියෙන් උත්සාහවත් වෙන්නෙ. එක එක පරියායන්ගෙන් එක එක ක‍්‍රම වලින් ධර්මය තේරුම් ගන්න.

යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියට දකිනවා නව්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති තණ්හාව, ඡුන්ද රාගය දුක ඇති කරන හේතුව හැටියට දකිනවා නම්, ඒ තණ්හාව නැති කළොත් පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා නේද, දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා නේද කියලා දුක්ඛ නිරෝධය ගැනත් නුවණින් දනී නම් ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න තියෙන මාගය, සම්මා දිට්ඨිය මුල් කාරණාව
කරගත් ආර්ය අෂ්ටාංගික මාගයයි කියලා දන්නවා නම් මෙපමණකින් කියනවා ආර්ය සත්‍යය දන්නවා කියලා.

පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකලා දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, සමුදය නැති වීමෙන් එන නිරෝධය සාක්ෂාත් කළහම. මග වැඩෙනවා. මග වඩලා ඉවර වෙනකොට කියනවා ධර්මය දකිනවා කියලා. මෙන්න මේ ධර්මය දකින තැනට පත්වුන කෙනාටයි, මේ ජීවිතයේම දුක නැතිකරලා ක්ෂේම භූමියකට පත්වෙලා කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්නට හැකියාව ලැබෙන්නෙ.

මේ ධර්මයේ පරියාය සහ නිෂ්පරියාය කියලා ක‍්‍රම දෙකක් තියෙනවා. සියල්ලම එකට එකතු කරලා කියන ක‍්‍රමය නිෂ්පරියාය. එක එක ක‍්‍රමයකින් කියනකොට පරියාය. චතුරාය්‍යර්ම සත්‍යය නිෂ්පරියායකින් පෙන්නන ක‍්‍රමය තමයි
මං ඔය මතක් කළේ. ඔය තුළ ප‍්‍රභේද තියෙනවා. පංච උපාදානස්කන්ධයම බැරි නම් කෙනෙකුට එකක් ගන්න පුළුවන්.

රූපය, රූපය ඇතිවෙන හැටි, රූපය ඇතිවෙන හේතුව නැති කළාම රූපය නැතිවෙනවා. නොහටගන්නවා කියලා දැනගත්තොත් මෙන්න මේ ප‍්‍රතිපදාවෙන් ගිහිල්ලා රූපය නිරුද්ධ කරන්න පුළුවන් කියන දර්ශනය – සම්මා
දිට්ඨිය තියෙනවා නම් එපමණින්ම චතුරාය්‍යර්ම සත්‍යය කියලා කියනවා. ආර්ය ධර්මය කියනවා.

නිරන්තරයෙන්ම දේව දූතයන්ගෙන් චෝදනා ලබන මේ ලෝකය තුළ හැමදාම අපිට ඉන්න වුනේ ආර්ය ධර්මයේ ප‍්‍රමාදී වුන නිසා. ආර්ය ධර්මයේ අප‍්‍රමාදී වුනා නම් අපි මේ සසර දුක අවසන් කරලා බොහෝ කල්. නමුත් අපි
අප‍්‍රමාදීව සද්ධර්මය තුළ නොහැසිරුන නිසා තවමත් සසරෙ ඉන්නවා. අනවරාග‍්‍ර වූ සසර ස්වභාවය, සසර දුක සිහිපත් කරලා ඒ දුක් සහගත සසරින් එතෙර වෙන්න මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදහසින් හැම කෙනාම එක එක ක‍්‍රමයක් පරියායක් හදාගෙන ඒ ක‍්‍රමයට අනුව ටිකක් හිත හිතා ඉන්න. ඔය පින්වතුන්ට චතුරාය්‍යර්ම සත්‍යය අවබෝධ වෙයි වෙහෙසකින් තොරවම. එතන දී ගොඩක් දේ නෙවෙයි, ප‍්‍රධාන වශයෙන් මේ රූපය කියන එක ගන්න. වැඩි බරක් තියෙන්නෙ, වැඩි දුකක් තියෙන්නෙ, ගරු බරක් තියෙන්නෙ, ගරු දුකක් තියෙන්නෙ මේ ඕරම්භාගිය සංයෝජන වල. ඒ දුක් සහිත වටපිටාව හැදිලා තියෙන්නෙ, ගොනු වෙලා තියෙන්නෙ සියුම් නාම ධර්මර්ම එක්ක නෙවෙයි. සතර මහා ධාතුවෙන් හැදුන රූපයත් එක්ක. රූපය පිරිසිඳ නොදැකීමත් එක්ක.

ඒ නිසා මුලින්ම මේ රූපයෙන් ජීවත් වෙන, මේ රූපයට තමන් කියන මිම්මෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. ඒක කරන්න පුළුවන් තමන්ටමයි. පොළවෙ පය ගහලා ජීවත්වෙනවා වගේ අපි මේ කයේ පිහිටලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ඒ පිහිටලා ඉන්න කයේ ඇත්ත නොදකිනකොට ඉබේමයි කය වටා සංයෝජන ගොනු වෙන්නෙ. ඉතින් මේ රූපයේ ස්වභාවය තේරුම් ගන්න ටිකක් උත්සාහවත් වෙන්න.

මේ කය මොකක්ද? කයෙන් කරලා තියෙන වැඩ මොනවාද? එතන තියෙන ධර්මතාවය කුමක් ද? කියලා හොඳට පැහැදිලි කරගන්න. සතිපට්ඨාන සූත‍්‍රයේ කායානුපස්සනාවෙ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඔය ටිකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් රූපය දන්නවා නම්, රූපයේ ඇතිවීම දන්නවා නම්, රූපයේ නැතිවීම දන්නවා නම්, රූපය නැති කරන ම`ග දන්නවා නම් එපමණකින්ම හේ ලෝකයේ සුපටිපන්නයි. යමෙක් සුපටිපන්න නම් එයා මේ ධර්මර්ම විනයේ බැසගෙන සිටින කෙනෙක්. එයා සද්ධර්මයෙන් බැහැර වෙන්නෙ නෑ කියනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥාය පටිපන්න ගුණය ඇතිවෙන හැටි පෙන්වනවා බුදුරජාණන් වහන්සේ.

සුපටිපන්න – ධර්මයට මනාව පිළිපන්න කියන ගුණය ඇතිවෙනවා. ඒ සඳහා අපි බලමු රූපය කියන එක. මම හැමදාමත් මතක් කරලා තියෙනවා. මේ රූපය අරබයා ඕනෑවට වඩා මමයි, මමයි, මමයි කියලා අරමුණු ගන්න එපා. මේ ධර්මය අහගත්තම ලැබෙන්නෙ ශ‍්‍රැතමය ඥානය. අහගන්න එක හෝ නොකළොත් අපිට චින්තාමය ඥානයක් ලැබෙන්නෙ නෑ. ඒ දෙක නැවත නැවත නොකළොත් භාවනාමය ඥානය නැහැ. ඒ නිසා මේ අහගත්ත
දහම හොඳට හිතන්න ඕන, හුරු කරන්න ඕන.

මේ තමන් කියන කය දිහා බලන්න. මම අද මේ පෙන්නන විදියට ඔය පින්වතුන් හිතන්න පුරුදු වෙන්න. මේ රූපයෙ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් ආදී කුනප කොටස් තිස් දෙකක් තියෙන්නෙ. මේ කොටස් තිස් දෙක
තමන්ගෙ හෝ අනුන්ගේ හෝ නෙවෙයි.

‘මහණෙනි, මේ කය නුඹලගෙත් නෙවෙයි, වෙන කෙනෙකුගෙත් නෙවෙයි.’

කෙස් ගහක් බිම වැටිලා තිබුනොත් ඒක කෙස් ගහක් කියලා පේනවා මිසක, පුද්ගලයෙක් කියලා හිතෙනවද? ඒ වගේ ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට වෙන වෙනම අරගෙන බලන්න. සත්ව පුද්ගල නොවූ කොටස් ටිකක් තියෙන්නෙ. අද මම කියන හැ`ගීම අපිට දැනෙද්දිත්, හිතෙද්දිත් කයේ තියෙන්නෙ මම නොවෙන කොටස් ටිකක්මයි. මේ කොටස් ටික කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. බත් , පාන්, කව්පි, මුංඇට කියන කන බොන ආහාරයට කියනවා හේතු කියලා. ඒ හේතු නිසා හටගත්ත ඵලය තමයි මේකය. එතකොට මේ රූපය හේතු ප‍්‍රත්‍යයි.

කුනප කොටස් තිස් දෙකකින් යුත් මේ රූපය අනාත්මයි. මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කමර්ම තණ්හා ආහාර කියන හේතු නිසා ඵලයක් හැටියට පැමිණි චිත්ත චෛතසික. ඒකට කියනවා ප‍්‍රතිසන්ධි සිත
කියලා. සිත හා සිතිවිලි මම හෝ මගෙ හෝ තව කෙනෙක්ගෙ හෝ නෙවෙයි. කය සිතට උපකාරයි. සිත කයට උපකාරයි. ඔවුනොවුන්ට උපකාරීව තියෙනවා.

චිත්ත චෛතසික නිසා ආයුෂය හදලා, කුණුවෙලා. දිරලා යන්න නොදී කය පවත්වනවා. චිත්ත චෛතසික නිරුද්ධ වෙන්න නොදී පවත්වා ගන්න රූපය උපකාර වෙලා තියෙනවා. කෙස් ලොම් නිය දත් වලින් යුක්ත රූපය හැම වෙලාවෙම අචේතනිකයි. අවිඥානකයි, විඥානයක් නැහැ. හරියට දර කඩක් වගේ. මළමිනියක් වගේ. කිසිම හැ`ගීමක් දැනීමක් නැති අචේතනික වස්තුවක්.

මළමිනියට හිතෙනවද මළමිනිය තමන් කියලා. එහෙනම් මළමිනිය බ`දු මේ රූපයටත් තමන් කියලා හිතෙන්න බැහැ. එබ`දු කය උපකාර කරලා තියෙනවා තමන් කියලා හිතන්න පුළුවන්කම තියෙන චිත්ත චෛතසිකවලට.
තමන් කියන හැ`ගීම, තමන් කියන ගතිය, මම කියන හැ`ගීම, මම කියන මාන ස්වභාවය තියෙන්නෙ හිතේ. ඒ හිත බැ`දිලා තියෙන්නෙ මේ කයේ නිසා කය මම වගෙයි පෙනෙන්නෙ. නමුත් තේරුම් ගන්න අපි මම කියන තැන
තියෙන්නෙ කන බොන ආහාරය නිසා හැදෙන කුනප කොටස් තිස් දෙකකින් යුක්ත රූපයක්. ඒ රූපය පෙර අවිද්‍යා කමර්ම තණ්හා කියන හේතු නිසා පැමිණි මේ හිතට, සිතිවිලි ටිකට නවාතැනක් හදලයි තියෙන්නෙ. ගෙයක් හදලයි තියෙන්නෙ.

ගේ කියන්නෙ තමන්ද? දැන් අපි ධර්මර්ම ශාලාවෙ ඉන්නකොට ධර්මර්ම ශාලාවත් අපිද? ශාලාව අපේ ජීවිතේ ද? ශාලාව ඇතුළෙ අපි ඉන්නවා. විටෙක මේ ජනේලයකින් එබිලා අරමුණු ගන්නවා. ඒ වගේ ආහාරයෙන් හැදුන මේ රූපය ගෘහයක්, ගෙයක්, චිත්ත චෛතසික වලට නවාතැන් දීලයි තියෙන්නෙ. ගෙදර ඉන්න ගෙහිමියා තමයි විඤ්ඤාණය, චිත්ත චෛතසික ටික. ගෙදර තියෙන ජනෙල්, දොරවල් වගේ තමයි මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය. විටින් විට මේ කවුළුවලින් එළිය බලලා අරමුණු ගන්නවා. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ කියන නිමිති ගන්නවා. නමුත් ගෙහිමියා කියන්නෙ ගේ නෙවෙයි. ගේ කියන්නෙ ගෙහිමියා නෙවෙයි.

හේතු දෙකකින් හටගත්ත ඵල දෙකක් වූ නාම රූප ධර්මතාවය ඔවුනොවුනට උපකාරීව පවතින පැවැත්මක් තියෙනවා. ඒක ධර්මතාවයක්. ආයු සන්තතිය තියෙනකම් පවතිනවා. ඒ ස්වභාවය අපි කවදාවත් අහලා
නැති හින්දා, ඉගෙනගෙන නැති හින්දා, හේතු ඵල දහම දන්නෙ නැති හින්දා අපි මම කියන තැනක, පුද්ගලයා කියන තැනක පවතින ස්වභාවයත්, ඒවා හැදුන හැටි සහ ඒවායින් කෙරෙන කටයුතු ගැනත් නොදන්නා නිසා ඒ
නොදන්නා කමට කියනවා අවිද්‍යාව කියලා.

නාම රූප දෙකක් තියෙන තැනක ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා සත්වයෙක්, පුද්ගලයෙක්, මම කියලා හිතනවා. ඒක තමයි සංසාරයෙ අපේ කමර්ම නිමිත්ත. මම කියලා හිතුවහම මට කැමතියි ආදරෙයි. මගේ අම්මා
තාත්තා දුවා පුතා කියලා හිතනවා. දුවට පුතාට අම්මාට තාත්තාට මම ආදරෙයි කියලා තණ්හාව ඇතිවෙනවා.

අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් අවිද්‍යාව තිබුනොත් තමන් සහ අනුන් කියන මට්ටමේ චේතනා ටිකක් තමයි පහළ වෙන්නෙ. කමර්ම තමයි කෙරෙන්නෙ. සංසාර නිමිති ටිකක් තමයි හැදෙන්නෙ. තමන් සහ අනුන්
කියලා සත්ව පුද්ගල භාවයෙන් දකිනකොට වෙන්නෙ තණ්හාව කියන එක ඇතිවෙනවා. එහෙම වෙනකොට මේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නාම රූප දෙක නිසා හදාගත්ත පුද්ගල සංඥාවත්, පුද්ගල සංඥාව කෙරෙහි ඇතිවුන කැමැත්තත් මුල් කාරණාව කරගෙන විඤ්ඤාණය නැවත සතර මහා ධාතු රූපෙකට බැස ගන්නවා. ආයෙත් මේ වගේම කයක් සවිඥානක වෙලා දොරටු හය ඇතුළට වෙලා ඉඳගෙන අරමුණු ගනිමින් නාම රූප දෙකක පැවැත්මක් වෙනවා කියන සිද්ධිය වෙනවා. ආයෙත් ඒක නොදන්නකොට, නොදකිනකොට මමයි කියන සත්ව පුද්ගල සංඥාවක් ඇති කරගෙන ඒ තුළ ඇලිලා, ගැටිලා ඉන්නවා. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා.

අතීතයේ දී වුනෙත් එහෙමයි. අපි මීට පෙර කොතනක හරි ඉපදිලා හිටියා නම් එදා තිබුනෙත් කාම භූමියෙ නම් – මේ වගේ කුනප කොටස් තිස් දෙකකින් යුක්ත රූපයක් තියෙන්න ඇති, කන බොන ආහාරයෙන් හැදුන. ඒ කය ඇසුරු කරගෙන එදා අවිද්‍යා කමර්ම තණ්හාවෙන් හටගත් සිත පවතින්න ඇති. එසේ නාම රූප දෙකක පැවැත්මක් තියෙන්න ඇති. කය සිතට උපකාරව, සිත කයට උපකාරව පවතින්න ඇති. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කය නමැති ගෘහයෙ තියෙන කවුළුවලින් ඔළුව දාලා නොයෙක් අරමුණු ගනිමින් එදා ජීවත් වෙන්න ඇති.

නාම රූප දෙකක් පවතින තැනක නාමය මේකයි. එයින් කෙරෙන වැඬේ මේකයි. රූපය කියන්නෙ මේකයි එයින් කෙරෙන වැඬේ මේකයි. නාම ධර්මර්ම හැදිලා තියෙන්නෙ මෙහෙමයි. රූපය හැදිලා තියෙන්නෙ මෙහෙමයි කියලා හාත්පස නාම රූප දෙකත්, ඒකෙන් කෙරෙන වැඩෙත්, ඒකෙ ඇතිවීමත්, කරන වැඩ ටිකත් නොදන්නා නිසා නොදැක්ක නිසා, ඒ අවිද්‍යාව නිසා, මේ නාම රූප දෙක සත්වයෙක් පුද්ගලයෙක් කියන හැ`ගීම ඇති කරගත්තා. ඒ හැ`ගීම නිසා සත්වයන්ට,පුද්ගලයන්ට තණ්හාවක් ඇති කර ගත්තා. හේතු ප‍්‍රත්‍යයෙන් හටගත්ත ඒ නාම රූප දෙකම ඉතිරි නැතිවම නිරුද්ධ වුනා. නමුත් අවිද්‍යාවෙන් හදාගත්ත සත්ව පුද්ගල කමර්ම නිමිත්තත්, ඒකට තියෙන ඇලීම ගැටීමත් නැවත සතර මහා ධාතුවෙන් යුක්ත මේ කයට බැසගෙන අද මේ කය සවිඥානක කරලා තියෙනවා.

අද මම ජීවත් වෙනවා කියන තැන තියෙන මේ ඇත්ත නොදැක්කොත්, සත්ව පුද්ගල ආත්ම භාවයකින් දැක්කොත් තණ්හාව ඇතිවෙනවා. නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඒ නාම රූප දෙක හදන්න හේතුවෙන අවිද්‍යා කමර්ම තණ්හා කියන කෙලේසය නිසා නැවත මේ සිත රූපයකට බැසගෙන මේ වගේම කයක් සවිඥානක කරනවා. අද මේ රූපය, මේ ආයතන හැදිලා තියෙන්නෙ අවිද්‍යා කමර්ම තණ්හා ආහාර කියන මේ නාම ධර්මර්ම මේ කය ඇසුරු කරගෙන පවතින නිසයි. අද මේ රූපය මෙබ`දුයි මේ රූපය හැදුනෙ පෙර මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසයි. අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම තිබුනොත්, සත්ව පුද්ගල සංඥාවක් ඇතිකරගෙන, සත්ව පුද්ගල සංඥාව තුළ ඇලීම බැ`දීම ඇති කර ගන්නවා. කෙලෙස් ඇතිකර ගන්නවා. නාම රූප දෙක උදවුවෙන් අපි කරගෙන තියෙන්නෙ එකම දෙයයි. නාම රූප දෙක නිරුද්ධ වෙනකොට අළුතින් කමර්ම නිමිති ටිකක් හදාගෙන තියෙනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නැති වෙනවා. නාම රූප දෙක නැතිවෙනවා. නමුත් අර හදාගත්ත කමර්ම නිමිත්ත – අවිද්‍යාවෙන් හදාගත්ත සත්ව පුද්ගල නිමිත්තයි. කෙලේසයයි. නැතිවෙන්නෙ නෑ. ඒක ප‍්‍රතිසන්ධි වශයෙන් යනවා.

ඔය පින්වතුන්ගෙ කව්රු හරි මිය පරලොව ගිය කෙනෙක්ව දැන් සිහි කරන්න පුළුවන්නෙ. එතන කුනප කොටස් තිස් දෙකකින් යුක්ත සැබෑම රූපයක් තිබුනෙ, හේතු ප‍්‍රත්‍යයකින්. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කමර්ම තණ්හා හේතුවෙන් පැමිණි චිත්ත චෛතසික ටිකක් තිබුනා. ඒ කය හිතට උපකාර වෙලා. හිත කයට උපකාර වෙලා නාම රූපයක පැවැත්මක් තිබුනෙ. හේතු නිසා හටගත්ත ඵලයක් තිබුන තැනක නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් මේ මගෙ දුවය, පුතාය, ඥාතියාය කියලා අපි නිමිත්තක් ගත්තා. අපි නිමිත්ත ගත්තට එතන තියෙන්නෙ ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිරුද්ධ වෙනකොට ඒ හේතුඵල දහම නිරුද්ධ වෙලා නාම රූප ඉතුරු
නැතිවම නිරුද්ධ වෙනවා.

අපි හිතාගෙන ඉන්න විදියේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් බ`දු නිමිත්තක් කවදාවත් තිබුනා නෙමෙයි. තියෙනවත් නෙමෙයි. අපි මෙහෙම නිමිත්තක් ගන්නකොටත් එතන යථාභූත ස්වභාවය වෙන එකක්. ඉතිරි නැතුවම නිරුද්ධ වුන නාම රූප දෙකට තමයි අපිට මැරුණා කියලා හිතෙන්නෙ.

ඒ දිහා බලාගෙන අපි ඇති කරගත්ත නිමිත්ත සහ නිමිත්ත අරබයා අපි තබාගත්ත වැරදි සටහන සහ ඒ සටහන අරබයා අපේ හිතේ ඇති කැමැත්ත තවම නැතිවෙලා නැහැ. නමුත් ඒ කැමැත්ත අපේ මනසෙ ඇති කරන්න හේතු වුන සැබෑම ධර්මතා ටික නිරුද්ධ වෙලා. දැන් මේ අපි ගාව තියෙන නිමිත්ත හොඳටම ප‍්‍රමාණවත් මරණාසන්න මොහොතෙ මේ ධර්මතාවය සිහි කරලා සිතට නැවත රූපෙකට බැසගන්න.

ආපහු විඤ්ඤාණය බැසගත්තම ආධ්‍යාත්මික කය මුල් කරගෙනත්, බාහිර කය මුල් කරගෙනත් ආධ්‍යාත්මික බාහිර කියන දෙකම මුල් කරගෙනත් අපිටයි කමර්ම රැුස්වෙන්නෙ. මොකද ආධ්‍යාත්මික බාහිර කියන බෙදීම තියෙන්නෙ කෙලේසයකට නිසා.

මෙන්න මේ වගේ යම්කිසි කෙනෙක් මේ රූපය පිරිසිඳ දැකලා, නැත්නම් නාම රූප දෙක පිරිසිඳ දැකලා, අතීතයේදිත් මේ ඇත්ත නොදැක්ක කම මුල් වුනා අද මෙහෙම මෙතනට එන්න. අද මෙතන මේ භෞතික ස්වභාවය නොදැක්කොත් වැරදි දැකීමක් ඇති කරගනියි. වැරදි දැකීම තුල ඇලීමක් බැ`දීමක් ඇති කර ගනියි. එහෙම වුනොත් නැවත දුක ඇතිවෙනවා. මෙබ`දු දුක් වූ ස්කන්ධයෝ ඇතිවෙනවා කියලා දැක්කහම එයා රූපයත් රූප සමුදයත් දකිනවා. මේ රූප සමුදය දකින්න දිගටම යන්න වෙනවා.

පුබ්බන්තෙ ඥානං, අපරන්තෙ ඥානං, පුබ්බන්ත අපරන්තෙ ඥානං කියලා පෙර නිසා දැනුත්, දැන් නිසා මතුත්, අනාගතයේදිත් මෙහෙම වෙනවා කියලා දකින්න ඕන. ඊට පස්සෙ අතීතයේ දී නාම රූප දෙක දැකලා තිබුනා
නම්, සත්ව පුද්ගල සංඥාවක් ඇතිකරගෙන ඇලීම් බැ`දීම් නොවුනා නම්, ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට විඥානය නැවත භවයක පිහිටන්නෙ නෑ. අද මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා හේතු ප‍්‍රත්‍යයෙන් හටගත්
ස්කන්ධයෝ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැකලා සත්ව පුද්ගල භාවයෙන් නිමිති ගන්නෙ නැතුව අනාත්ම වූ නාම රූප දෙකක් තියෙන්නෙ. ඒ ද හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ නාම රූප දෙක නිමිත්තක් හැටියට ගන්නෙ නැතුව, නාම රූප දෙක පවතින තැනක, නාම රූප දෙක කියන්නෙ මෙබ`දු ධර්මතාවයක්, ඒක හටගත්තෙ මෙහෙමයි, නැතිවෙන්නෙ මෙහෙමයි කියලා ධර්මර්ම සංඥාවක්ම ගන්නවා නම් මනසට, නාම රූප දෙකක් තියෙන තැනක පවතින ඇත්ත මේකයි කියන සංඥාව තමයි හිතට හොඳට අහුවෙලා තියෙන්නෙ. එහෙම වුනොත් මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. නැවත
ප‍්‍රතිසන්ධි වශයෙන් යන්න කමර්ම නිමිත්තකුත් හිටින්නෙ නැති වුනොත් නැවත හිත මේ වගේ කයකට බැහැලා සවිඥානක වෙන්නෙ නැහැ. එහෙම වුනොත් ආයතන ටික හැදිලා ස්පර්ශ වෙලා ජරා මරණ දුක ලැබෙන්නෙ නෑ නේද කියලා රූප නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙන හැටිත් දැකලා මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න ඕන.

මේ රූපය, මේ රූපය ඇතිවෙන හේතුව
මේ නාමය, මේ නාමය ඇතිවෙන හේතුව
නාම ධර්මර්ම ටික රූපයට මෙහෙමයි උපකාර කරලා තියෙන්නෙ රූපය, නාම ධර්මර්ම ටිකට මෙහෙමයි උපකාර කරලා තියෙන්නෙ. රූපයෙන් කෙරෙන වැඩ ටික මෙන්න මේවයි, නාම ධර්මර්ම වලින් කෙරෙන්නෙ මේ ටිකයි කියලා හොඳට දකින්න පුළුවන්කම තියෙන්න ඕනෙ.

ඔන්න ඔය ටික දකිනකොට දන්නවා මේ කෙලෙස් නැති වුනොත් ජරා මරණ දුක නැතිවෙනවා කියලා මේ ටික දකින තැනට මනස ගන්න ඕන.
ඒ සඳහා ශිලයක පිහිටන්න ඕන.
ඒ සඳහා සමථ කමටහනක් වඩන්න ඕන.
ඒ සඳහා ඇත්ත ඇති හැටිය ටික ටික හිතන්න ඕන. කියලා මේ ශීල සමාධි ප‍්‍රඥා කියන ති‍්‍ර ශික්ෂාවම පූරණය කරනවා. එයා දුක් වූ රූපයත්, දුක් වූ රූපය හැදුන හැටිත්, දුක් වූ රූපයේ නිරෝධයත් දැකලා ඒ නිරෝධය ඇති කර ගැනීම සඳහා මෙන්න මේ විදියට කරනවා.

මේ විදියට බලන කෙනාට කියනවා ආර්ය ධර්මයේ අප‍්‍රමාදී වෙන කෙනා කියලා. එබ`දු කෙනා,
‘තෙ ඛෙමප්පත්තා සුඛිිනො දිට්ඨධම්මාභිනිබ්බුතා’
එයා ක්ෂෙම භූමියට පත්වෙලා, සැප ස්වභාවයට පත් වෙලා, මෙලොවදීම පිරිනිවෙනවා.

‘සබ්බවෙර භයාතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති’
සියලූ වෛරය, සියලූ භය අවසන් කරලා, සියලූ දුක උදුරලා දැමූ කෙනෙක්, මහා පුරුෂයෙක් කියන තැනකට පත්වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට අපිටත් පත්වෙන්න පුළුවන්. මේ ධර්මය හොඳට අහන්න. අහලා හොඳට හිතන්න ධර්මය අහලා ඒ ගැන හිතන එක ලොකු පිටිවහලක් වෙනවා. ගතවෙන ජීවිතය තුළ දේව දූතයො ගැන හොඳට විමසන්න. දේව දූතයො ගැන හොඳට විමසන, නුවණින් මෙනෙහි කරන කෙනා ආය්‍යර්ම ධර්මයේ ප‍්‍රමාද වෙන්නෙ නෑ. එබ`දු කෙනා මේ ජීවිතේ ම පිරිනිවෙනවා.

ඒ නිසා මේ දේව දූතයන්ගෙ පණිවිඩය අහලා ජීවිතේට එකතු කරගෙන දුවන්නන් වාලේ දුවන සමාජ රටාවට අහුවෙන්නෙ නැතුව එයින් වෙන්වෙලා ආය්‍යර්ම උත්තමයන් ප‍්‍රශංසා කොට වදාළ ආය්‍යර්ම ධර්මයේ අප‍්‍රමාදී වෙලා තමන්ගේ ජීවිතේට රැුකවරණයක් හදාගෙන, මේ ජීවිතයේ හැම දෙනාටම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්නට, සියලූ සසර දුකෙන් අත මිදෙන්නට මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා!

සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද දේවදූත සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 04, 2016 at 12:00PM

ඉවසීමෙහි ආනිසංස !
ප්‍රභල පුද්ගලයෙකු වී දුබල පුද්ගලයෙකු ගේ ක්‍රියා ඉවසීම ඉතාම උතුම් ඉවසීමයි. දුබල පුද්ගලයා කොහොමත් ඉවසනවානේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 03, 2016 at 06:00PM

මිල මුදල්, ඉඩකඩම්, දරු මුණුපුරන් කොපමණ රැස් කළත් ඔබට දුකින් (ජරා මරණ ව්‍යාධි) මිදීමට නොහැකිය.

මෙලොවදීම ජරා මරණයන්ගෙන් මිදෙන ක්‍රමයක් කියා දෙන්නේ බුද්ධ දර්ශනයෙන් පමණි. එය මෙලොවදීම දුකින් මුදවන සංදිට්ඨික අකාලික ධර්මයකි. මරණයෙන් පසු දුකින් මිදීමක් ගැන පවසන ධර්මයක් නොවේ. මේ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ඵල නෙලා ගනිමු via Facebook Pages http://ift.tt/1GMS4Lf