Monthly Archives: January 2017

New photo from Facebook January 07, 2017 at 06:00PM

බර උසුලා ගෙන සිටීම දුකකි (භාර සූත්‍රය) -> http://ift.tt/2jmUZUs

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි තොපට බරද, බර ගෙනයන්නාද, බර ඉසිලීමද, බර බහා තැබීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, බර නම් කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය. කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ.
“මහණෙනි, බර ගෙන යන්නා නම් කවරෙක්ද? ඔහුට පුද්ගලයායයි කිය යුතුය. මෙබඳු නමක් ඇත්තාවූ හෝ මෙබඳු ගොත්‍ර ඇත්තාවූ හෝ යම් ඒ ආයුෂ්මතෙක් වෙයිද, මහණෙනි, මේ තැනැත්තා බර ගෙනයන්නායයි කියනු ලැබේ.
“මහණෙනි, බර ඉසිලීම නම් කවරේද? නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ, යම් ඒ තෘෂ්ණාවක් වේද? එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ බර ඉසිලීමයයි කියනු ලැබේ.
“මහණෙනි, බර බහා තැබීම කවරේද? ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය මෙසේ වදාරා, සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවත මෙසේ වදාළ සේක.
“ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ.
“මහත්වූ බර බහා තබා, අන් බරක් නොගෙන, මුල් සහිතවූ, තෘෂ්ණාව උදුරා, තෘෂ්ණා රහිතවූයේ පිරිනිවියේය.”
(පළමුවෙනි භාර සූත්‍රය නිමි.) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 06, 2017 at 03:00PM

ඔබ සැබෑවටම බෞද්ධ සැමියෙක් හෝ බිරිදක් නම් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් ඔබේ ආදරය කරුණාව සීමා කර යුත්තේ ඔහු හෝ ඇය සමග ජීවත් වෙන මේ අවුරුදු තිහ හතලිහ ගැන හිතලා කටයුතු කරන එක විතරක් නම් නෙමෙයි. මේ ජීවිතේ කොච්චර කාම වස්තුන් ගෙනත් දීලා සතුටු කරත් ඒ වගේම මේ ජීවිතේ ඒ ඇස් වල කදුළු පිසදැම්මට විතරක් මදි. මතුවට කෑගහලා පපුවේ අත් ගගහා අඬන්න තියෙන හේතුව නැති කරන්න උත්සාහ කලේ නැත්නම්, අකුසල ධර්ම සිදු වුනොත් ඒවාට විපාක විඳින්න වෙන සතර ආපා දුකට පිළියම් හොයල දෙන්න උත්සාහ කලේ නැත්නම්, සසරකම විදින්න තියෙන ජරාමරණ වලට හේතුව නැති කරන්න උත්සාහ කලේ නැත්නම් ඔබ සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි. එහෙම නැතිනම් ඔහු ආත්මාර්ථකාමී කෙනෙක්. ඇයි ඒ? තමන් එක්ක ඉන්නකන් විතරයි ඒ ජීවිතේ ගැන හොයල බලල තියෙන නිසා. නියම ආදරවන්තයා නියම බෞද්ධයා එච්චර දුරක් හිතලයි කටයුතු කරන්නේ.

ඉතින් මේ සසර දුක් ගිනි නිවෙන සද්ධර්මයේ පණිවුඩය ඔබ ආදරය කරන අම්මා, තාත්තා, අයියා, අක්කා ආදී සියලුම දෙනාට ලබා දෙන්න. ඒ සදහා අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ මේ දේශනාව ඔබද ශ්‍රවණයකරලා ඔවුන්ටද ශ්‍රවණය කිරීමට සලස්වලා දුකෙන් එතෙර කරවන්නට උත්සාහ කරන්න.ඒකයි නියම සත්පුරුෂකම කියන්නේ.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් දෙසැම්බර් 17 කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත් වූ දේශනාවේ වීඩියෝ පටය

දේශනාවේ හඬ පටය
http://ift.tt/2jb0xgw via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 06, 2017 at 09:12AM

කරණිය මෙත්ත සූත්‍රය සඳහන් පරිදි මෙත් සිත වැඩිය යුතු ආකාරය

1. මාතා යථා – මවක් සේ
2. නියං පුත්තං – තමන්ගේ ජනිත වූ
3. ආයූසා – ජීවිතය පුදා
4. ඒක පුත්ත මනුරක්ඛේ – එකම පුතු රකීද
5. ඒවම්පි – එලෙසම
6. සබ්බභූතේසු – සියලු සත්ත්වයන් කෙරෙහි
7. මානසං – මෙත් සිත
8. භාවයේ – වඩන්නේය
9. අපරිමාණං – අප්‍රමාදව, සීමා රහිතව

යම් සේ මවක් තම එකම පුතු ජීවිතය පුදා රකීද එලෙසම සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණව මෙත් සිත වඩන්නේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 05, 2017 at 12:00PM

සීසාන ප්‍රේතයාගේ කථාව

(මෙසේ අසන්නට ලැබේ) තාම්‍රපර්ණි දිවයිනෙහි බොහෝ භික්ෂූහු මහබෝ වැදීම සදහා නික්මුනාහු මහාකොණ්ඩ නම් තැනදී නව් නැගී කාවේරිපටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් රාජධානින් පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. මංමුළාවූ ඔවුහු සත් දිනක් ඇවිදිමින් ඇත්රැළක් ගිය මගක් දැක එහි යන්නාහු මගත් නගුලක් ගෙන ගොණුන් යොදා සීසාන ප්‍රේතයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත ගොස් මහ තෙරනම මෙසේ කීය: “අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවී ඇවිදිමු. ගොවිය, ඉදින් තෝ දන්නෙහි නම් අපට මාර්ගය කියව.” (2) “ඔබ සත්දිනක් මංමුළා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුළා වී සිටිමි” යි ප්‍රේතයා කීය. (3) මෙතරම් දීර්ඝ කාලයක් තෝ කුමක් හෙයින් මංමුළාවූයෙහිද? තෝ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කෙළෙහිදැ” යි තෙරනම විචාළේය. (4) කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක්ව ඉපද සිටි මම මුවින් පව්කම් කොට මේ කෘෂිප්‍රේතභාවයට පැමිණියෙමි. (5) මට ආහාරපානයක් නැත. හිදීමක් නිදීමක් නැත. රෑ දාවල් දෙක සී සාමින්ම කල්ගත කරමි. (6) මෙසේ සී සාන මාගේ සිරුරද යුගල හා නගුල ද නගුල්තලය හා කෙවිට ද ගොනුන්ද ගින්නෙන් දැල්වෙති. (7) මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දැවෙන ශරීර ඇතිව වසන කල්හි මේ පොළොව සත්ගව්වක් වැඩුණි. (8) මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විදිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනවැ” යි ප්‍රේතයා කීය.

(9) තාවිසින් කෙබදු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මම අසනු කැමැත්තෙමි” යි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (10) එසේ නම සියළු දෙන රැස්ව මා කියන දෙය අසනු මැනවි. මා කළ ඒ පාප කර්මය විස්තර කරන්නෙමි. (11) අතීත කාලයෙහි කසීරට කිකී නමැති රජෙක් රාජ්‍යය කරවීය. (12) ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරජ කලක් විසී. (13) ඒ භාග්‍යවතුන් වහන්සේ වස් වැස අවසන්හි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට වැඩි සේක. (14) එගම වැසි සියලු දෙන අහර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරදුන්ට ආරාධනා කළහ. (15) එකල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. (16) මා දුටු මගේ එක්තරා නෑයෙක් මට අනුකම්පා කරමින් හිත වැඩ කැමතිව මේ වචන කීවේය: (17) “ලෝකනායක වූ කාශ්‍යප බුදුරදුන් මෙහි පැමිණියේය. මිනිස්සු ශක්ති තරමින් උන්වහන්සේ පුදත්. ඔබ කුමක් හෙයින් උන්වහන්සේට පූජා නොකරන්නෙහිද?” (18) ඔහුගේ කීම අසා නොසතුටට පත් මම නුවණින් නොකිය යුතු දෙයක් කීවෙමි. (19) ඉදින් ඒ බුදුරද අද මාගේ කුඹුර සී සාන්නේ නම්, මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේ ය. (20) මෙසේ කී මම එතැනින් ච්‍යුතව මේ ප්‍රේතාලෝකයට අවුත් මේ දුක් විදිමි. (21) මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩී ගියහ. (22) නුවණැත්තෙනි, වාග්ද්වාරය සංවර නොකළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකෙන් මිදෙනු මැනවි.

මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙත්දැයි විචාළේය. (23) බලදශයකින් හා විශාරදබැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුවරයෙක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීහ. (24) ඉදින් ගෞතම බුදුරජ ලොව පහළ වී නම් සත් දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (25) කාශ්‍යප-ගෞතම බුදුවරුන් දෙනම අතර කාලයෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනීය. (26) ප්‍රේතලෝකයට පැමිණ මේ දරුණු දුක් විදින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (27) මෙතැනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත්විය. (28) ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දොස් එළවන්නේ වේ. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. (29) එක් දුෂ්ඨ කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත්වීමි. ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුවගේ සියලු දුක් නැසීම සිදුවේ.

ඉතා පැරණි සිංහල බණකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී. මෙය මෙම කතාවේ ප්‍රථම අන්තර්ජාල පළකිරීම විය හැකියි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 04, 2017 at 12:02PM

රැකියාවක් සඳහා ශිල්පයක් ඉගනීම අයහපත් දෙයක් නොවේ.
නමුත් අද අධ්‍යාපන ක්‍රමයේ පවතින තරඟකාරීත්වය ඉගනීමේ මේ මුලික අරමුණ ඉක්මවා ගොස් නැතිද?
කුඩා කල සිටම දරුවන්ව භෞතික ලෝකයක අතරමං කරන මේ බටහිර අධ්‍යාපන ක්‍රමය සිමා කරමු via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 03, 2017 at 06:00PM

වයසට යාම ලෙඩ වීම ආදී කිසිවක් පාලනය කල නොහැකි ශරීරයක් සහිතව සිටින ඔබ බාහිර ද්‍රව්‍ය පුද්ගලයින් තුලින් ආරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු වීම කොතරම් මුලාවක් දැයි බලන්න.
ආරක්‍ෂිත භාවය ලැබෙන්නේ ධර්මයට පැමිණි පුද්ගලයාටයි. ධර්මයේ සරණට පැමිණෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 03, 2017 at 09:42AM

අසු නොවන පරිදි සොරකම් කිරීමට හැකියාව තිබියදී එසේ නොකර සිටීම සොරකමින් වැලකීම යනුවෙන් හැඳින්වේ (සිල්පදය ආරක්ෂා කිරීම වේ). දඬුවමට බියෙන් සොරකම් නොකිරීම හෝ සොරකම් කිරීමට යමක් නැති නිසා නොකිරීම මේ සිල්පදය ආරක්ෂා කිරීම නොවේ.

අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම via Facebook Pages http://ift.tt/1GMS4Lf