Monthly Archives: June 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xjRDq7
යථාපි රුචිරං පුප්ඵං ආදිමේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි ඡත්තපාණී නම් උපාසකවරයා අරභයා දේශනාකළසේක. සැවැත්නුවර, ඡත්තපාණී නමින් ත්‍රිපිටකධාරී අනාගාමී උපාසකවරයෙක් විය. ඔහු උදෑසනම සිල්සමාදන් වී බුද්ධොපස්ථාන සඳහා ගියේය. අනාගාමී ආර්යශ්‍රාවකයන්ට සමාදන්වීම් වශයෙන් උපොසථ කර්මයක් නැත. ආර්යමාර්ගයෙන්ම ඔවුහු බ්‍ර‍හ්මචර්යාවද එක් වේලක් වැළඳීමද යන අංගවලට පැමිණෙති. එහෙයින්ම මෙසේ වදාරා තිබේ “මහරජ, ඝටීකාර කුම්භකාර තෙම එකභක්තිකය, බ්‍ර‍හ්මචාරීය, සිල්වත්ය, යහපත් දහම්හි පිහිටියේය.” මෙසේ අනාගාමීහු ප්‍ර‍කෘතියෙන්ම ඒකභක්තික බ්‍ර‍හ්මචාරීහු වෙත්. ඔහුද එසේ පෙහෙවස් සමාදන්ව බුදුන් වෙත පැමිණ වැඳ දහම්කථා අසමින් හුන්නේය.

ඒ වේලාවේ පසේනදි කොසොල් රජතුමාද බුද්ධඋපස්ථාන පිණිස එහි පැමිණියේය. උපාසකතෙම එහි එන්නාවූ රජුන් දැක නැගිටිය යුතුද නැද්දැයි සිතා මම අග්‍ර‍රාජයන්වූ බුදුන් ළඟ හිඳගෙන සිටිමි. එබඳු මා ප්‍රාදේශීය රජකු දැක හිටගැනීම අයුතුය. රජු නැගී නොසිටින මා දැක කිපෙන්නේය. ඔහු කිපුණත් නොනැගිටිමි. රජුන් දැක නැගී සිටීම ඔහුට ගරු කිරීමකි, එය බුදුන්ට ගෞරවයක් නොවන හෙයින් නොනැගිටිමියි නොනැගිට හුන්නේය. නුවණැත්තෝ ගරුකළයුත්තන් ළඟ ඉඳගෙන සිට නොනැගිටීම ගැන නොකිපෙත්. කොසොල් රජු මෙසේ නොනැගිට සිටින උපාසකවරයා දැක කිපුණු සිත් ඇතිව බුදුන්ට වැඳ එක්පසෙක හිඳගත්තේය.

බුදුරජාණන්වහන්සේ ඔහු කිපුණු බව දැන, මහරජ මේ ඡත්තපාණී උපාසකතෙම නුවණැත්තෙක. දහම් දුටුකෙනක, ත්‍රිපිටකධාරීය, අර්ථඅනර්ථයන් දැනීමේ දක්ෂයෙකියි උපාසකවරයාගේ ගුණ ප්‍ර‍කාශ කළහ. ඔහුගේ ගුණකථා ඇසීමෙන් රජුගේ සිත මෘදුබවට පත්විය. දිනක් රජු ප්‍රාසාදය මුදුනෙහි සිටින විට අහර ගෙන අවසන්වූ ඡත්තපාණී උපාසක තෙම පාවහන් යුවළ දමාගෙන කුඩය ඉසලාගෙන රාජාංගනයෙහි යනු දැක කැඳවීය. හෙතෙම කුඩය හකුළා පාවහන් ඉවත්කොට රජුන් වෙත පැමිණ වැඳ එක්පැත්තක සිටියේය. ඉන්පසු රජු, පින්වත් උපාසකය ඔබ කුඩය හකුළා පාවහන් ඉවත් කර දැම්මේ ඇයි? රජු කැඳවන බව දැන ඒවා ඉවත්කර ආවෙමි. මා රජ බව ඔබ දැනගත්තේ අදද? රජතුමනි, ඔබ රජ බව මම හැමදාම දැන සිටිමි. එසේ නම් පෙර දිනයකදී බුදුන් සමීපයෙහි හිඳගෙන සිට මා දැක නොනැගිට්ටේ ඇයිද? මහරජතුමනි, මම එදා අග්‍ර‍රාජයන්වහන්සේ ළඟ හිඳගෙන සිටියෙමි. ප්‍රාදේශීය රජකු දැක නැගී සිටියේනම් එය ශාස්තෘන්වහන්සේට අගෞරවයක් ප්‍ර‍කාශ කිරීමකි. එහෙයින් නොනැගිට්ටෙමි. කමක් නැහැ, එය එසේ වේවා, ඔබ මෙලොව පරලොව අර්ථයන් දැනීමෙහි දක්ෂයෙකි. ත්‍රිපිටක ධාරියෙකි. අපේ අන්තඃපුරයෙහි අයට ධර්මය උගන්වන්නැයි රජු කීවේය.

දේවයන්වහන්ස, එය කළ නොහැකියි. හේතුව කුමක්ද? මහරජතුමනි, රජගෙදරට කටයුතු මහා භාරධූරය. පෙර නුපුරුදු හෙයිනුත් මෙය බරපතලය. එසේ නොකියව. පෙර දවස මා දැක නොනැගිට්ටෙමියි කුකුසක් නොකරව. දේවයිනි, ගිහියන් හැසිරෙන තැන්වල වැරදි සිදුවිය හැකිය. එනිසා එක් පැවිද්දෙකු කැඳවා ධර්මය උගන්වනු මැනවි’ යි කීය. රජු එසේනම් යහපති ඔබ යන්නැයි ඔහු පිටත් කර බුදුන් හමුවට ගොස්, ‘ස්වාමීනි, මල්ලිකාත් වාසභඛත්තියාත් ධර්මය ඉගෙන ගන්නෙමුයයි කියති. පන්සීයක් භික්ෂූන්ද කැටුව නිබද්ධව එහි වැඩමවා ධර්මය උගන්වනු මැනවැයි ඉල්ලා සිටියේය.

මහරජ බුදුවරු නිබද්ධව එක් තැනකටම නොයති. එසේනම් ස්වාමීනි, එක් තෙරනමක් දෙනු මැනවි. ශාස්තෘන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. උන්වහන්සේ නිබද්ධව එහි ගොස් ඔවුන්ට පාඩම් ඉගැන්වූහ. ඔවුන් අතර මල්ලිකා සකස්ව ඉගෙන සජ්ඣායනාකොට ආචාර්යවරයාට පාඩම් දෙයි. වාසභඛත්තියා සකසා ඉගෙන නොගනී. සජ්ඣායනා නොකරයි. ගුරුවරයාට කටපාඩම් නොදෙයි. දිනක් බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ගෙන්, ආනන්ද, උපාසිකාවරු ධර්මය ප්‍ර‍ගුණ කෙරෙත්දැයි ඇසූහ. ස්වාමීනි, මල්ලිකා හොඳින් ඉගෙන ගනී. මැනවින් සජ්ඣායනා කරයි. උග්තදෙය මැනවින් කටපාඩම්දීමට දක්ෂයි. ඔබ වහන්සේගේ ඥාතිදුවණිය හොඳින් ඉගෙනීම නොකරයි. හොඳින් සජ්ඣායනා නොකරයි. හොඳින් පාඩම්දීමට අපොහොසත්යයි කීහ. බුදුහු තෙරුන්ගේ වචනය අසා ආනන්ද, මා කී දහම සකසා නොඅසන්නාට, ඉගෙන නොගන්නාට, සජ්ඣායනා නොකරන්නාට, දේශනා නොකරන්නාට වර්ණයෙන් යුත් සුවඳ නැති මල්ක මෙන් ඵලයක් නොලැබෙයි. සකසා අසාගැනීම් ආදියකරන පුද්ගලයාට මහත්ඵල මහානිසංස වේයයි පවසා මේ ගාථා වදාළහ:

මැනවින් දෙසු දහම් පිළිනොපැද වැඩ කළහොත්

එය නොලැබී යයි පාට මලමෙන් සුවඳ නැතිමුත්

මැනවින් දෙසු දහම් පිළිපදින එහි නියැලෙන

ඵලය ඔහු සතුවේ සුවඳැති පාට මලමෙන්

එහි රුචිරං යනු ශෝභනය. වණ්ණවන්තං යනු වර්ණ සටහන්වලින් සම්පූර්ණවීමයි. අගන්ධකං යනු සුවඳ රහිතය.

එවං සුභාසිතාවාචා නම් ත්‍රිපිටක බුද්ධ වචනය සකසා නොහැදැරීමෙන් ලබන ඵලය වර්ණසටහන් සහිත සුවඳනැති මලක් සමාන වේ. යම් ලෙසකින් සුවඳ රහිත මලක් යමෙක් පළඳියිද, එයින් ඔහුගේ සිරුර සුවඳවත් නොවන්නාසේය. එසේම යමෙක් ත්‍රිපිටක ධර්මය සකසා ශ්‍ර‍වණය කිරීම් ආදි වශයෙන් නොහැසිරෙයිද, එසේ සකස් කොට නොහැසිරෙන්නාට, එහි යෙදීම් වශයෙන් කළයුතු දේ නොකරන්නාට ඇසීම්සුවඳ, ත්‍යාගසුවඳ, ප්‍ර‍තිපත්තිසුවඳ වහනය නොවෙයි. අසඵලවෙයි. එහෙයිනි කියනලද්දේ එවං සුභාසිතා වාචා අඵලාහොති අකුබ්බතො කියා. සගන්ධකං යනු සපුනිලුපුල් ආදි ආකාර ඇති මල්ය. එවං යනු යම්සේ එබඳු මල් දරන්නාගේ සිරුරෙන් සුවඳ පැතිරෙයිද, ත්‍රිපිටක වචන සංඛ්‍යාත සුභාෂිත වචනයද එබඳුය. පකුබ්බතො යනු යමෙක් සකසා අසාගැනීම් ආදි එහිලා කළයුතු දේ කරයිද, ඒ ක්‍රියාව ඒ පුද්ගලයාට සාර්ථක ප්‍ර‍තිඵල ගෙන දෙයි. සුතගන්ධ, වාතගන්ධ, පටිපත්තිගන්ධ යන සුවඳ ඔහු කෙරෙන් නික්මෙන හෙයින් මහත්ඵල මහානිසංස වේ යනු අර්ථයි.

දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. මහාජනයාට එය සාර්ථක දේශනාවක් විය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/31YlvGx
තථාගත කාය බලය

තථාගතයන් වහන්සේට ඥානබල පමණක් නොව ලෝකයෙහි අන් කවරකුටවත් නැති පුදුම කායබලයක් ද ඇති බව අටුවාවල දක්වා තිබේ. ඒ මෙසේ ය:-

‘කාළාවකඤ්ච ගංගෙය්‍යං – පණ්ඩරං තබ්බ පිංගලං,
ගන්ධමංගල හෙමඤ්ච – උපොසථ ජද්දන්තිමෙ දස’

යනුවෙන් දැක්වෙන ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේය. පණ්ඩරයන් දසදෙනුකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේය. පිංගලයන් දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධයන් දෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත්තේය. හේමයන් දෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ජද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය. ජද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුඬකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහසක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කොටිදහසක බල ය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KEx2W7
තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක්‌ අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක්‌ දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක්‌ නේද?

අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක්‌ නම් දීර්ඝ කරයිද? අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් මොනතරම් පෞරුෂවත්, ගාම්භීර, ප්‍රසන්න බවකින් යුක්‌ත වන්නට ඇති ද? අතීතයේ ඔබ දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් කය මොනතරම් රිද්මයක්‌, ලාලිත්‍යයක්‌, මටසිළුටු බවක්‌. ප්‍රසන්න බවක්‌ තිබෙන්නට ඇතිද?

අතීතයේ ඔබ තිරිසන් සතෙක්‌ වෙලා ඉපදුණු අවස්‌ථාවේ ඔබේ ඉරියව් කය මොනතරම් වේගවත්ව ක්‍රියාත්මක වන්න ඇතිද? ඔබ ප්‍රේතයෙක්‌ව ඉපදුණු අවස්‌ථාවේ ඔබගේ ඉරියව් කය මොනතරම් අප්‍රසන්න, අපුල වෙන්න ඇතිද? අනිත්‍ය වූ ඉරියව් කයක්‌ නිසා ඔබත් අනුනුත් මොන තරම් ඇලීම් ගැටීම් ඇති කොටගන්න ඇතිද?

ඉරියව්වක්‌ නිත්‍යභාවයෙන් ගැනීම තුළ, දුකෙන් පිරි භවයක්‌ නිර්මාණය කොට ගැනීමේ ශක්‌තිය තිබෙන බව නුවණින් දකින්න. කෙනෙකු ඇඟිල්ලක්‌ දිගු කොට කථා කළා කියලා, කෙනෙක්‌ ඔරවා බැලුවා කියලා එම අනුනගේ ඉරියව්ව කෙරෙහි ගැටී, මීනීමරාගන්න, බන්ධනාගාරගත වෙන, එල්ලුම් ගස්‌ යන මනුෂ්‍යයෝ කොපමණක්‌ නම් සමාජයේ සිටිනවාද? පුංචි ඉරියව්වක්‌ විසින් දුක්‌ ගොඩාක්‌ අපට උරුමකොට දෙනවා.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, දස පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේ ශක්‌තියෙන්, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේගේ ඉරියව් කය මොන තරම් නම් සුන්දර, ශාන්ත නිවුණා වූ නික්‌ලේශී ඉරියව් කයක්‌ද. බුදුරජාණන්වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කොටගෙන සුද්ධෝදන රජතුමාගේ ආරාධනයෙන්, ප්‍රථම වතාවට කිඹුල්වත් නුවරට වඩින අවස්‌ථාවේදී, බුදුරජාණන්වහන්සේ නගරය දෙසට වඩිනවා දැකලා රාජපුරුෂයන් රජතුමාට සැළකරනවා ‘රජතුමනි, දෙවියෙක්‌ ද නොවන, බ්‍රහ්මයෙක්‌ ද නොවන, මනුෂ්‍යයෙක්‌ ද නොවන, ගාන්ධර්වයෙක්‌ ද නොවන, අමුතුම සත්ත්වයෙක්‌ කිඹුල්වතට පාගමනින් පැමිණෙනවා’ කියලා. දැක්‌කා, ඇසුණා, දැනුණා කියන නැවතී නිවුණුq සිතින්, නිවුණුq ඉරියව් පැවැත්වූ බුදුරජාණන් වහන්සේගේ සංසිඳුණු ඉරියව් කය දෙස මොහොතක්‌ නුවණින් බලන්න. එලෙස සංසිඳුනා වූ ඉරියව් කයකුත් අනිත්‍ය වී ගියහැටි නුවණින් දකින්න. එලෙස අනිත්‍යභාවයට පත්වූ බුදුරජාණන්වහන්සේගේ ඉරියව් කය, නිත්‍යභාවයෙන් ගැනීම නිසා අපි තවමත් භවය උදෙසා කුසල් සංස්‌කාරයන් රැස්‌කරන හැටි නුවණින් දකින්න. බුදු රජාණන්වහන්සේගේ නික්‌ලේශී ඉරියව් කයට ගැටී තව කෙනෙක්‌ අකුසල් රැස්‌කරගන්නා ආකාරය නුවණින් දකින්න. දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් පෝෂණය වුණු ඉරියව් කය ඔහුටත්, අනුන්ටත් මොනතරම් අකුසල් රැස්‌කොට දුන්නාද? දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් තෙත්වුණු ඉරියව් කයට රැවටුණු අජාසත්ත රජතුමා, අවීචි මහා නිරයට වැටෙනවා. අනුන්ගේ ඉරියව් කයක්‌ මගේ කරගැනීම නිසා අජාසත්ත රජු විනාශයට පත්වුණා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම හේතුවෙන් සකස්‌ වෙන පංචඋපාදානස්‌කන්ධය වේගවත් වෙනකොට මනුෂ්‍යයාගේ ඉරියව් කයද වේගවත් වෙනවා.

දෑස්‌ පියාගෙන මොහොතක්‌ මෙනෙහි කරන්න. දවස පුරාවට ඔබ මොකක්‌ද කරමින් සිටින්නේ. තමන්ගේ අනිත්‍යභාවයට පත්වන ඉරියව් කයක්‌, අනුන්ගේ අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක්‌ නිසා ආශ්වාදයට බැඳීම නේද? ඒ බැඳීයන සෑම ආශ්වාදයකටම පසුපසින් ආදීනවයන් තිබෙනවා නේද? සංවර වූ, හික්‌මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්‌ම වෙනවා.

පිංවත් ඔබ, ඔබේ ඉරියව් පැවැත්වීම දෙස හොඳින් සිහියෙන් සිටින්න. ඇවිදිනකොට, හාන්සි වෙනකොට, නිදාගන්නකොට, ගෙදර වැඩකරනකොට, සිටගෙන සිටිනකොට, නිරතුරුවම ඉරියව් ගැන සිහියෙන් සිටින්න. එම ඉරියව් අනිත්‍ය වන බව නුවණින් දකින්න. උදේ සිට රාත්‍රිය වන විට ඔබ මොනතරම් ඉරියව් පවත්වන්නට ඇතිද? ඒ සෑම ඉරියව්වක්‌ම මොහොතකින් අනිත්‍යභාවයට පත්වුණා. අනිත්‍ය වී ගිය ඉරියව් කය දෙස නැවත නැවත නුවණින් දකින්න. පිංවත් ඔබගේ ඉරියව් වගේම, අන්‍යයන්ගේ ඉරියව් කයත් අනිත්‍ය වන හැටි නුවණින් දකින්න.

වටපිට බලනකොට, අතපය දිගහරිනකොට, ආහාර අනුභව කරනකොට, වැසිකිළිs කැසිකිළි කරනකොට, හොඳ සිsහියෙන් යුතුව, කරනදෙය දකිමින් සිදුකරන්න. ඉරියව්වල අනිත්‍යභාවය දකිමින් සිහියෙන් ජීවත්වෙනකොට, බාහිර අරමුණු සිතට පැමිණීමේ ඉඩකඩ ඇහිරී යනවා. ඒ නිසා කෙළෙස්‌ ඉපදීම අඩු වෙනවා. ඒ හේතුවෙන් සමාධිමත් සිතක්‌ ඇතිවෙනවා. ඒ සමාධිමත් සිත, මේ කය නිරතුරුවම වෙනස්‌වෙන ඉරියව් කයක්‌ය කියන කාරණය පිළිබඳ විදර්ශනා නුවණ ඇති කර දෙනවා.

සමහර පිංවතුන් ඉරියව් වෙනස්‌ කරනකොට ‘මම නැඟිටිනවා’ ‘මම හාන්සිවෙනවා’ ‘මම ආහාර ගන්නවා’ වශයෙන් දකිනවා. මෙතැනදි පිංවත් ඔබ මේ ‘මම’ කියන දැකීමෙන් බැහැරවෙන්න ඕනේ. ‘මම’ කියන සංඥාව වැඩුණොත්, ‘මම’ කියන ආත්මීය සංඥාව ඔබ තුළ වැඩෙනවා. ඒ නිසා සෑම මොහොතකම, අනිත්‍යවූ ඉරියව්වක්‌, ‘අනිත්‍යවූ ඉරියව් කයක්‌ය’ වශයෙන් දකින්න දක්‍ෂ වෙන්න. ‘මම’ කියලා සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතේම, එම සිත අනිත්‍ය වශයෙන් දකින්න.

කායානුපස්‌සනාවට අදාළව රූපය විදර්ශනාවට ලක්‌ කරන ආකාරයයි, භික්‍ෂුව සතර සතිපට්‌ඨාන ධර්මයට අදාළව ඉහතින් සටහන් කළේ. රූපය දෙතිස්‌ කුණපයක්‌, සතර මහා ධාතුවක්‌, ආයතන හයක්‌, මරණයක්‌, ඉරියව් කයක්‌ හැටියට විදර්ශනා නුවණින් දකින්න සෑම මොහොතකම උත්සාහ ගන්න. ඉහත භාවනාවන් සිදුකිරීමට එරමිණියා ගොතාගෙන ඉන්නම අවශ්‍ය නැහැ. එසේ පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඔබට සුදුසු ඉරියව්වක සිටිමින්, ඉහත කාරණාවන් ඔබේ රූපයට අදාළව නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ ලබන විවේකය විදර්ශනා සිතක්‌ උදෙසා ආයෝජනය කරන්න. කායානුපස්‌සනාවට අදාළව රූපය දකින කෙනා, රූපය ආත්මයක්‌ කොටගන්නේ නැහැ. රූපය තම වසඟයේ පවත්වාගත හැකි දෙයක්‌ කරගන්නේ නැහැ. මා තුළ රූපය හෝ රූපය තුළ මම, රූපය තුළ ආත්මයක්‌, ආත්මය තුළ මම, සිටිනවාය කියලා දකින්නේ නැහැ. රූපයක්‌ තිබුණොත් එතැන මාරයා සිටිනවා. පටිච්චසමුප්පන්නව මැරෙන කෙනෙක්‌ එහෙම නැතිනම් මරවන කෙනෙක්‌ සිටිනවා. එම නිසා රූපය, ලස්‌සන, රසයක්‌, සැපයක්‌ වශයෙන් නොව, රෝගයක්‌, සැරව ගෙඩියක්‌, හුලක්‌, පීඩාවක්‌, සර්පයෙක්‌, අසූචිකළයක්‌ ලෙසින් දකින්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ ආකාරයෙන් පිංවත් ඔබ රූපය දකීනම්, රූපය කෙරෙහි මැනවින් කලකිරීම ඇතිවෙනවා. කලකිරීම හේතුවෙන් අතහැරීම ඇතිවෙනවා. අවබෝධයෙන් අතහැරීම හේතුවෙන් රූපයෙන් නිදහස්‌ වීම සිද්ධ වෙනවා.

උපුටා ගැනිමකි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Ja7NI4
ඇත්තටම මේක සරල ප්‍රශ්නයක් උනත් අද කාලේ තියන මටත් ප්‍රශ්නයක් උන තැනක්. අද ගොඩාක් පන්සලට එන කාන්තාවන්ගේ ඇදුම ගැන නම් කතා කරනවා. ඒත් පිරිමි අයගේ ඇදුම ගැන කතා නෑ. ගෝඩාක් වෙලාවට shorts ඇදගෙන අද කාලේ අය පන්සල් එන්නේ. මේ ඇදුම් ප්‍රශ්නයට කාටවත් කෙලින් මුකුත් කියන්න බෑ. මොකද ඒක ශ්‍රද්ධාව හා බැදි පවතින දෙයක්. ශ්‍රද්ධාව නැතුව හොදට අදින අයත් ඉන්නවා.

මේක බේරගන්න පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්න අපිට උගන්වපු ගුරුවරයෙක් හම්බෙන්න යනවා කියලා,විභාගේ හොදට සමත් වෙලා ඒ ගුරුවරයා නිසා කියමුකෝ. මොනාද අපි ඇදන් යන්නේ?? Short එකක් ඇදන් අපි යනවද ඒ ගුරුවරයා ගාවට. තවත් ලේසි දෙයක් ගමු. Interview එකකට අපි ඒ වගේ short ගහලා යනවද?? නෑ නේද?? හොදට ඇදුම් ඇදලා ලස්සනට යනවා ඒ අය ගැන ගෞරවයෙන්. හැබැයි ඒ තැන් වල ඉන්නේ කව්ද? මේ ලෝකේ එක්කෝ උපාධි තුන හතරක් කරපු ලෝකයේ උගත් යැයි සම්මත් අය.

ඉතින් ඒ අය ඉස්සරහට යද්දී හොදට ඇදගෙන යනවා. ඒත් තුන්ලෝකාග්‍ර වූ දසබලධාරී සම්‍යයක් සම්මා සම්බුදුරජාණන්වහන්සේව වන්දනා කරන්න උන්වහන්සේ ලගට යද්දී නිකම් short ඇදන් කිසිම ගෞරවයක් නැතුව යනවා. මේක ඇත්තටම ශ්‍රද්ධාව නැතිකම. ඒ වගේ අය දැක්කම ඇත්තටම අනුකම්පා කරන්න ඕනී පව් මේ මිනිස්සු මේ සංසාර දුකින් නිදහස් වෙන මග කියපු උත්තමයට ගෞරව කරන්න තරම් ඒ මිනිස්සුන්ට ශ්‍රද්ධාව නෑ දන්නේ නෑ කියලා.

මේවා පොඩි කාලේ ඉදන් හදන්න ඕනී. තව පන්සල් අද හරියට ක්‍රිඩා පිට්ටනි වගේ පොඩි ලමයි හූ කියාගෙන චෛත්‍ය වටේ දුවනවා. ලමයගේ වරදක් නෑ. ඒ ලමයින්ගේ හැටි. ඒත් ගෝඩාක් වෙලාවට ඒ වෙලේට අම්මලා වත් කවුරුවත් කියා දෙන් නෑ පන්සලේ කෑගහන්න එපා. මෙතන ඉන්නේ බුදුරජාණන්වහන්සේ උන්වහන්සේ මේ වගේයි. පොඩි ලමයින්ට ආදරෙයි හොදයි කියලා පොඩි දරුවොන්ට ශ්‍රද්ධාව ඇති කරන් නෑ.ඒත් ඒ අම්මලාම තමන්ගේ යාලුවෙක්ගේ ගෙදරට ගියාම වත් ලමයට අර වගේ දුවන්න කෑගහන්න දෙන් නෑ. බනිනවා මෙහේ කෑගහන්න එපා. දුවන්න එපා කියලා. අච්චර බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න තැනදී මුකුත් කියන් නෑ. ඒත් මේ වගේ තැන්වලදී තමන්ගේ තත්වේ රැකගන්න ඒවා කියනවා. අද ගෝඩාක් ඔය වගේ අයයි ඉන්නේ.

ඉතින් ඒ වගේ අය ලොකු උනාම ශ්‍රද්ධාවක් නැතුව නිකම් නමට පන්සල් යන්න පුරුදු වෙනවා. ඊට පස්සේ short ගහගෙන එනවා.චෛත්‍යයට අපි පසඟ පිහිටවලා බුදුරජාණන්වහන්සේ අරමුණු කරන් වදිනකොට අහනවා ඇයි ගඩොල් වලට වදින්නේ. බුදුහාමුදරුවෝ කොහේද ඕවා කරන්න කියලා තියෙන්නේ.ඕවා ඕන් නෑ කියලා තමයි කියන්නේ.

මේකට ඒ නිසා හරියටම බුදුරජාණන්වහන්සේ කොහේවත් අදින්න ඕනී ඇදුමක් කියලා නෑ. ඒත් හරියට ශ්‍රද්ධාවන්ත කෙනා ඒක තෝරාගනී. මේ කිව්වේ short අදින්න එපා කියලා නෙවෙයි ඒකෙන් තමාගේ ශ්‍රද්ධාවෙ තරම පේනවා. තියෙන්නේ එකම short එක නම් ඒක ඇදන් හරි පන්සල් ඒම වටිනවා තේරුම් අරන්. ඒත් ගෝඩාක් අයට එහෙම අවුලක් නෑ. ශ්‍රද්ධාවේ අඩුවක් තමයි තියෙන්නේ.

තෙරුවන් සරණයි…

Yohan Sewwandika