Monthly Archives: July 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LyvDAh
විරතනීය ථෙරාපදානය12

’’මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ, කෙලෙස්මල නැති බුදුරජුන් දිටිමි.

13

’’විපස්සී බුදුරජුන්හට මා විසින් මස් කැබැල්ලක් දෙන ලදී. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.

14

’’මෙම මස් දන කරණකොට ගෙන මට රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාරීවේ.

15

’’මස් දනෙහි ශක්තිය කරණකොට ගෙන මම ඒ සියල්ල අනුභව කරමි. මාගේ ශරීරයද මෘදුය. සියුම් දෙය අවබෝධ කර ගත හැකි ප්‍රඥාවද වේ.

16

’’මින් එක් අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මස් දනෙහි මේ විපාකයයි.

17

’’මින් සිව්වන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහා රෝහිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.

18

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරතනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

https://ift.tt/2xv37qK

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2J5kipx
අප සියලු දෙනාම ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනකට වැටුණු උදවියයි. අප කලින් කොහේ හරි ලෝකෙක ඉපදිලා ඒ ජීවිතයෙන් චුත වුණා. ඉන්පස්සේ අප මේ මනුෂ්‍ය ලෝකයට ආවා. කවදාහරි දවසක අප මරණයට පත්වෙලා තව කොහේ හරි ලෝකයක කර්මානුරූපව උපදීවි. මෙහි පටන් ගත් කෙළවරක් හෝ අවසානයෙක් හෝ නො පෙනෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එය සියලු සත්ත්වයන්ට පොදු දෙයක්. මේ සංසාර ගමනේදී අපට හැමදාම මේ මනුෂ්‍ය ලෝකෙම උපදින්න ලැබෙන්නේ නැහැ. එක ආත්මයක නිරයේ, තව ආත්මයක පේ‍්‍රත ලෝකයේ, තව ආත්මක තිරිසන් සතුන් අතර, තව ආත්මයක දෙවියන් වෙලා උපදින්නටත් සිදු වෙනවා. අපේ උපත තීරණය කරන්නේ අප රැස්කළ කර්මය විසින්.

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ගෙවාගෙන ආ දීර්ඝ සංසාර ගමනේදී මව, පියා මියගිය දුකට, සහෝදර, සහෝදරිය මියගිය දුකට, දරුවන් මියගිය දුකට, දේපල වස්තුව අහිමි වීමේ දුකට, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුකට, අපි‍්‍රයයන් හා එක්වීමේ දුකට හඬා වැළපෙද්දී අපගේ ඇස්වලින් ගලාගිය කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි කියා. ඒ වගේම මේ දීර්ඝ සසරේ ගවයන්, එළුවන්, කුකුලන් වෙලා කැපුම් පහර කද්දී අපේ සිරුරු වලින් ගලාගිය රුධිරය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. මේ වගේ දුක්ඛිත වූ ඝෝර වූ භයංකාර වූ සසර ගමනක යන්න සිදුවුණේ කරුණු සතරක් අවබෝධ කරගන්න බැරිවීම නිසායි. ඒ චතුරාර්ය සත්‍යය යි. යම් දවසක අප මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්දාට අප මේ සසරින් නිදහස් වෙනවා.

ගෞතමයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූවාට පසු උන්වහන්සේට සිතුනා මම අවබෝධ කළ මේ ධර්මය හරිම ගැඹුරුයි. දකින එක ලේසි නැහැ. අවබෝධ කරන එකත් ලේසි නැහැ. හරි ශාන්තයි. හරි ප්‍රණීතයි. තර්ක කර තේරුම් ගන්න අමාරුයි. හරිම සියුම්, බුද්ධිමතුන්ට අවබෝධ කරගන්නට පුළුවනි. නමුත් මේ ලෝක සත්ත්වයා ආශාව තුළයි ඉන්නේ. ආශාවට ඇලිලයි ඉන්නේ. ආශාවෙන් සතුටු වෙවි ඉන්නේ. ඔවුන්ට නම් හේතුඵල ධර්මය අවබෝධ කිරීම ලේසි දෙයක් නොවේ. ඒ වගේම මේ සියලු කෙලෙස් දුරු කරවන තණ්හාව ක්ෂය කරන ඒ අමා නිවන අවබෝධ කිරීමත් ලේසි දෙයක් නොවේ.

සහම්පතී බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ සිතිවිල්ල දැනගෙන උන්වහන්සේ ඉදිරියේ පෙනී සිට කියනවා ‘ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! මේ ලෝකයේ කෙලෙස් අඩු සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහිලා යාවි. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරාවි. මේ අමා නිවන් දොරටුව විවෘත කරන සේක්වා!

ශෛලමය පර්වතයක් මුදුනට නැඟගත් කෙනෙක් හාත්පස සිටින ජනතාව දෙස බලනවා වගේ මහා ප්‍රඥා වූ හාස්පස දකින නුවණැස ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ, සද්ධර්මයෙන් කරන ලද ප්‍රසාදයට නැගී ශෝක රහිත සිතින් ඉපදෙමින් ජරාවලින් පෙළෙන ශෝකයේ ගිලුණු ජනතාව දෙස බලන සේක්වා! මාර යුද්ධයෙන් දිනූ මහා වීර්යන් වහන්ස, නැගී සිටින සේක්වා! ලොව පුරා සැරිසරන සේක්වා! භාග්‍යවතුන් වහන්ස, සදහම් දෙසන සේක්වා, අවබෝධ කරන අය ඇතිවෙනවාමයි! මෙසේ පැවසූ විට බුදුරජාණන් වහන්සේට ඒ මහා බ්‍රහ්මයාගේ අදහස අවබෝධ වුණා. සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් බුදු ඇසින් ලෝකය දෙස බලද්දී එකිනෙකට වෙනස් ගතිගුණ ඇති ලෝක සත්ත්වයන් දුටුවා. සමහරුන්ට කෙලෙස් අඩුයි, සමහරුන්ට කෙලෙස් වැඩියි. සමහරුන්ගේ ඉන්ද්‍රියන් ධර්මය අවබෝධ කර ගැනීමට ඇති කුසලතා හරි තියුණුයි. සමහරුන් ගේ ඉන්ද්‍රියන් මෘදුයි. සමහරුන්ගේ ස්වභාවය යහපත්, සමහරුන් අයපත්. සමහරුන් ඉතා පහසුවෙන් අවබෝධ කරවන්නට පුළුවනි. සමහරුන්ට අවබෝධ කරවීම ලෙහෙසි නැහැ. සමහර අය පරලොවට වැරුදිවලටත් බය තිබෙනවා. සමහරු බයක් නැහැ.මේ ආකාරයට ලෝකය ලෙස බලද්දී බුදුරජාණන් වහන්සේට ඒ කෙලෙස් අඩු, තියුණු ඉන්ද්‍රියන් ඇති යහපත් ස්වභාවය ඇති ඉතා පහසුවෙන් අවබෝධ කළ හැකි පරලොවටත්, වැරදිවලටත් බය ඇති ලෝක සත්ත්වයා කෙරෙහි කරුණාවෙන් ධර්මය දේශනා කිරීමට සිත නැමුණා. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට සවන් දීමට වාසනාව ලද්දේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේලායි. ඒ “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” අසා කොණ්ඩඤ්ඤ තෙරුන් සෝවන් වුණා.

එතැන් පටන් පුරා අවුරුදු හතලිස් පහක් ගම් නියම්ගම් ජනපද සිසරා, අව්වැසි නොබලා, සා පිපාසාව, වෙහෙස නොබලා පා ගමනින් වැඩම කරමින් ශ්‍රී සද්ධර්මය දේශනා කොට ලොව සතුන් සුවපත් කළා. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ ධර්මය වදාළේ එක්තරා පිළිවෙලකට යි. එනම් දන්දීම ගැන කථාව, සීලය ගැන කථාව, ස්වර්ගය ගැන කථාව, කාමයන්ගේ ආදීනව, ලාමක බව, කිලුටුබව හා කාමයන්ගෙන් වෙන්වීමේ අනුසස් ගැන වදාළා . මෙයට කියන්නේ අනුපිළිවෙල කථාව කියායි. මේ අනුපිළිවෙල කථාවට සවන්දෙන කෙනාගේ සිත ධර්මය අවබෝධ කරන්න සුදුසු පරිදි සකස් වෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කරනවා. එවිට ඒ ශ්‍රාවකයන් ධර්මය අවබෝධ කරනවා. මාර්ගඵල ලබනවා.

දිනක් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් සමඟ ඇට්ටේරියා වනයට වැඩම කළා. එහිදී බුුදුරජාණන් වහන්සේ බිම වැටි තිබුණ ඇට්ටේරියා කොළ ස්වල්පයක් තම ශ්‍රී හස්තයට ගෙන වදාළා මහණෙනි, මගේ හස්තය මත තිබෙන ඇට්ටේරියා කොළද වැඩි නැත්නම් මේ මහා වනයේ තිබෙන ඇට්ටේරියා කොළද? ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තිබෙන්නේ ඇට්ටේරියා කොළ ඉතාම ස්වල්පය යි. මේ මහා වනයේ තිබෙන ඇට්ටේරියා කොළ බොහෝ වැඩියි. මහණෙනි, මේ වගේම තමා මා විසින් විශිෂ්ඨ වූ නුවණින් අවබෝධ කරගෙන දේශනා කරන ලද ධර්මය ඉතාම ස්වල්පය යි. දේශනා නො කළ දේවල් බොහෝ වැඩියි. මහණෙනි, මා ඒ දේ ඔබට දේශනා නො කළේ මන්ද? ඒ දේවල් අවබෝධයෙන් කලකිරීම පිණිස නො පවතියි. නො ඇල්ම පිණිස නො පවතියි. ඇල්ම නිරුද්ධ වීම පිණිස නො පවතියි, සංසිදීම පිණිස විශිෂ්ට ඤාණය පිණිස අවබෝධය පිණිස නිවන පිණිස නො පවතියි. මහණෙනි, මා විසින් ඔබට දේශනා කළ ධර්මය කුමක්ද? එනම් දුක නම් වූ ආර්ය සත්‍යයයි. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයි. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යි. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. මහණෙනි, මේ ධර්මය මා විසින් ඔබට දේශනා කරන ලද්දේ මක් නිසාද? මේ ධර්මය අනවබෝධයෙන් කළකිරීම පිණිස පවතියි. නො අල්ම පිණිස පවතියි. ඇල්ම නිරුද්ධවීම පිණිස පවතියි. කෙලෙස් සංසිදීම පිණිස විශිෂ්ට ඤාණය පිණිස අවබෝධ පිණිස නිවන පිණිස පවතියි. (සිංසපා සූත්‍රය ස. නි 5)

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම, හරියට වනාන්තරයේ නද දෙන සිංහරාජයෙකුගේ ‘සිංහනාදය’ වගෙයි. උන්වහන්සේ ගේ චතුරාර්ය සත්‍යය දේශනා කිරීම හඳුන්වන්නේ ධර්ම චක්‍ර ප්‍රවර්තනය (ධර්මය චක්‍රය කැරකැවීම) ලෙසයි. එය මේ ලෝකයේ කිසිම දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මාරයෙකුට හෝ කිසිවෙකුටත් නවත්වන්න පුළුවන් දෙයක් නොවේ. උන්වහන්සේ බුදුකෙනෙකු විසින් පෙන්වා දෙනතුරා මේ ලෝකයේ සත්ත්වයාට අවබෝධ කරගත නො හැකි මේ අභ්‍යන්තර ජීවිතයේ සහ බාහිර ලෝකයේ සැබෑ යථාර්ථය පිළිබඳවයි.

උන්වහන්සේ ඇතැම් අවස්ථාවලදී ධර්ම දේශනා කළේ මාතෘකා වශයෙන්. ඇතැම් අවස්ථාවලදී විස්තර වශයෙන්. ඇතැම්විට අසා සිටින්නන්ගේ ප්‍රශ්න විමසමින් හා තවත් විටකදී යම් සිදුවීමක් අරභයා කුඩා පද හතරක ගාථාවකින්. උන්වහන්සේ දේශනා කළේ මුලත්, මැදත්, අගත් සුන්දර වූ අර්ථ සහිත වූ පැහැදිලි වචන සහිත වූ හාත්පසින් පරිපූර්ණ වූ පිරිසුදු ධර්යක්. ඒ ධර්මය මේ ජීවිතයේදීම දකින්න පුළුවන්. ලෝකයේ සදාකාලිකවම දැකිය හැකි ධර්මයක්. එය ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න කියා පෙන්වා දිය හැකියි. නමුත් ඒ ධර්මය තමා තුළට පමුණුවාගත යුතු දෙයක්. බුද්ධිමතුන්ට තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට මේ ධර්මය අවබෝධ කරගත හැකියි.

බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාට හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපත සැපය පිණිස චාරිකාවේ වඩිමින් ධර්මය දේශනා කරන්න කියා තම ශ්‍රාවකයන් වහන්සේලට අනුදැන වදාළා. උන්වහන්ගේ ධර්ම දේශනාව ප්‍රතිඵල රහිත වුණේ නැහැ. මහන්සිය අපතේ ගියේ නැහැ. මහා කරුණාව නිසා සදහටම සසර දුකින් නිදහස් වූ රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කොට අරහත්වයට පත් වූ ශ්‍රාවකයන් ගණන අනන්තයි අප්‍රමාණයි. සතර අපායෙහි වැටෙන අනතුරින් සදහමට නිදහස් වූ ශ්‍රාවකයන් අනන්තයි. අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන උන්වහන්සේට දැන්පැන් පුදා මරණින් මතු සුගති රැකවරණය ලද මිනිසුන් අනන්තයි, අප්‍රමාණයි.

ලෝ සතුන් කෙරෙහි මහත් අනුකම්පා ඇති මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/302FBxx
මා ඔබ සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ

බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

1 ) සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.

2 ) සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.

3 ) සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.

4 ) සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.

5 ) සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.

6 ) සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.

7 ) සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.

8 ) සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.

9 ) සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.

10 ) සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.

11 ) සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.

12 ) සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.

13 )සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.

14 ) සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.

15 ) සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.

16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක.

17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක.

19. සෝ භගවා ඉතිපි අක්ඛෙය්‍යසම්පන්නෝ:- සදහම් පදයන් ගෙන් යුක්ත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛෙය්‍යසම්පන්න’ වන සේක.

20. සෝ භගවා ඉතිපි අක්ඛණවේදී:- සිව් සස් (චතුරාර්ය සත්‍යයන්) දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛණවේදී’ වන සේක.

21. සෝ භගවා ඉතිපි අක්ඛදස්සෝ:- සදහම් විනිශ්චයෙහි ප්‍රධානී වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛදස්ස’ වන සේක.

22. සෝ භගවා ඉතිපි අඛිල:- කෙළෙස් හුල් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛිල’ වන සේක.

23. සෝ භගවා ඉතිපි අප්පටිමෝ:- කිසිවෙකු හා සැසඳිය නො හැකි වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිම’ වන සේක.

24. සෝ භගවා ඉතිපි අප්පටිසමෝ:- ප්‍රතිසම පුද්ගලයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිසම’ වන සේක.

25. සෝ භගවා ඉතිපි අප්පටිභාගෝ:- කිසිවෙකු ගේ කොටස් කරුවෙක් නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිභාග’ වන සේක.

26. සෝ භගවා ඉතිපි අප්පටිපුග්ගලෝ:- ප්‍රති පුද්ගලයෙක් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

27. සෝ භගවා ඉතිපි අප්පිච්ඡෝ:- කැමැත්ත දුරු කොට අල්පේච්ඡ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පිච්ඡ’ වන සේක.

28. සෝ භගවා ඉතිපි අප්පතිට්ඨෝ:- සසරෙහි නො පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පතිට්ඨ’ වන සේක.

29. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨෝ:- දෝස රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨ’ වන සේක.

30. සෝ භගවා ඉතිපි අප්පමෙය්යෝ:- පමණ කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමෙය්‍ය’ වන සේක.

31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දකාම’ වන සේක.

32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:-නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.

33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පගබ්භ’ වන සේක.

34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.

35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.

36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.

37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’වන සේක.

38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.

39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.

40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පමාණවිහාරී’ වන සේක.

41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:-නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.

42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.

43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පාහාර’ වන සේක.

44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිකුජ්ඣත’ වන සේක.

45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.

47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.

48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපණ්ණක’ වන සේක.

49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.

50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිඩය්හමාන’ වන සේක.

51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.

52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිහානධම්ම’ වන සේක.

53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.

54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.

55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.

56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.

57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.

58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’වන සේක.

60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපළායි’ වන සේක.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹