Monthly Archives: September 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lJfNIC
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 55 🧡💛

පදුමුත්තර (පියුමතරා) බුදුරජාණන් වහන්සේ 06 –

🍂 ඒ පදුමුත්තර (පියුමතරා) භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.🍂

මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ උපන් නුවර ’’හංසවතී’’ නම්වී. පිය තෙම ’’ආනන්‍ද’’ නම් රජය. වැදූ මව ’’සුජාතා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි. බිරින්ද ’’වසුදත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’උත්තර’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුමුත්තර විනයැදුරු බුදුරද තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිථිලා’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේට ’’දෙවල’’ ද, ’’සුජාත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුමන’’ නම් විය.

’’අමිතා’’ ද, ’’අසමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ පදුමුත්තර භාග්‍යවත්හුගේ බෝරුක ’’සලල රුක’’ යයි කියනු ලැබේ.

’’විතින්නා’’ ද, ’’තිස්ස’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’හත්‍ථා’’ ද, ’’විචිත්තා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් ඇගෑවක් පහන් ගසක් බඳු, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් පදුමුත්තර මහමුනිඳු පණස් අට රියනක් උස්වූසේක.

ඒ බුදුරදුන්ට හාත්පස වටා දොළොස් යොදුනක් තැන කුඩා බිත්තිද, කවුලුද, මහබිත්තිද, ගස්ද, කඳු හා උස් පර්‍වතද ඇහිරීමක් නැත.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක.

බොහෝ ජනයා සසරින් එතරකොට සියලු සැක සිඳ, ගිනිකඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස්වී. බඳින ලදී.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
2308-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mIV0oE
🌼 අග්‍රප්‍රසාදය හා එහි විපාක 🌼

බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය යන මේ රත්නත්‍රය ලෝකයෙහි සියල්ලට අග්‍ර වන්නේ ය. අග්‍ර වූ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ වූ පැහැදීම අග්‍ර ප්‍රසාදයක් වන්නේ ය.

“අග්ගෙ ඛො පන පසන්නානං අග්ගෝ විපාකො හොති”

“අග්‍ර වූ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසන්න වූවන්ට අග්‍රවිපාක ලැබේය” යනුවෙන් වදාරා තිබේ.

අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි පැහැදීමේ විපාක වශයෙන් මනුෂ්‍යයකු වුවහොත් අන්‍යයන් ගරු බුහුමන් කරන උසස් මනුෂ්‍යයෙක් වේ. ඔහුට උසස් ආහාර පාන උසස් ඇඳුම් පැලඳුම් උසස් ගෙවල් උසස් පරිභෝග භාණ්ඩ උසස් තනතුරු ලැබේ. දෙවියකු වුව ද එසේ ම ය.

(රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ” පුණ්‍යෝපදේශය ” ග්‍රන්ථයෙන්)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lJSsX8
“යථා දණ්ඩෙනා ති” – මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර පූර්වාරාමයේ වැඩසිටිය දී විශාඛා ආදී උපාසිකාවන්ගේ පෙහෙවස් සමාදන්වීම නිමිති කරගෙන දේශනා කළහ.

සැවත් නුවර එක් මහා උපෝසථ දිනයෙක පන්සියයක් පමණ ස්ත්‍රීහු පෙහෙවස් සමාදන්ව විහාරයට ගියාහුය. විශාඛාව – ඔවුන් අතරින් මහළු ස්ත්‍රීන් වෙතගොස් මෑණිවරුනි. කුමක් නිසා පෙහෙවස් සමාදන් වුවේ දැයි විමසුවාය. ඔවුන් දිව්‍ය සැපය ප්‍රාර්ථනා කරගෙන යයි කීවිට, මධ්‍යම වයසේ අයගෙන් විමසුවාය. තම සැමියන්ගේ අන් බිරියන් කෙරෙහි පවත්නා සපත්නීරෝෂයෙන් මිඳීම සඳහා යයි පැවසූහ. තරුණ ස්ත්‍රීන්ගෙන් විමසුවාය. ඔවුන් විසින් පළමු ගැබ් ගැනීමේදීම පුතෙක් ලබා ගැනීම සඳහා යයි පැවසූහ. අනතුරුව කුඩා කුමාරිකාවන්ගෙන් විමසුවාය. ඔවුන් තරුණ වියේ දීම පතිකුලයට යාම සඳහා යයි පැවසූවිට

ඒ සියළුම කථා අසා ඔවුන් රැගෙන බුදුන් වෙත ගොස් පිළිවෙළින් දැනුම් දුන්නාය. ඒ අසා බුදුරජාණන් වහන්සේ විශාඛාවනි ! මේ සත්ත්වයින්ගේ ඉපදීම් ආදිය නම් දණ්ඩක් අතින් ගත් ගොපල්ලන් වැනිය. ජාති ජරා ආදියෙන් යුත් ජරා ව්‍යාධි ආදියෙන් යුත් ව්‍යාධි මරණ සමීපයට යවා කෙටේරියෙන් සිඳින්නා සේ ජීවිතය සිඳගනී. නිවණ පතන්නෝ නම් නැත. සසර පතන්නෝ නම් වෙතියි, පවසා අනුපිළිවෙළ වදාරා දහම් දෙසමින් මේ ගාථාව දෙසූහ.

ගොපල්ලා කෙවිටෙන

හරක් ගෙන යයි කෙත වෙත

ලෙඩ, දුක්, ජරාවෙන්

ඔබත් ගෙනයයි මරණෙ දොර වෙත,

යම් සේ ගොපල්ලා දණ්ඩ යොදාගෙන ගවයන් ගාලට යවයිද එසේම ජරාව හා මරණය සත්ත්වයින්ගේ ආයුෂ පාලනය කරයි.

එහි පාචෙතිතී – දක්ෂ ගොපල්ලා කුඹුරු අතරින් ඇතුළුවන ගවයින් දණ්ඩෙන් වළකා එයින් තලමින් – ජලය – තණකොළ සුළඟ ඇති තැන්වලට මෙහෙයවයි ද “ආයුං පාචෙන්ති ” ජීවිතින්ද්‍රිය ගෝචර භූමිය වැන්න එහි ජාති නම් සත්ත්වයින්ගේ ජීවිතින්ද්‍රිය ජරාව සමීපයට යවයි. ජරා- ව්‍යාධි සමීපයට යවයි. ව්‍යාධිය මරණ සමීපයට යවයි. එලෙසම මරණය නමැති කෙටේරියෙන් සිඳ යන්නේ යයි මෙසේ උපමා කරමින් – දේශනය නිමාකළ විට බොහෝ දෙන සෝවාන් ඵලයට පැමිණුනාහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2kVKrhg
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 54 🧡💛

🌷 පියුමතරා බුදුරජාණන් වහන්සේ 05 – මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේ .🌷

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගනයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි ගමන අති සුන්දර වූ කතා පුවතක් වූවත් මෙහි සඳහන් කිරීමට කාල වෙලාවක් නොමැත. ඒ සඳහා නාලක සුත්‍රය කියවන්න. (ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » මහාවග්ගො » නාලකසුත්තං )

එමපනක් නොව අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප තෙරුන්, නාලක තෙරුන්, උරුවෙල්කස්සප තෙරුන්, නදීකස්සප තෙරුන්, ගයාකස්සප තෙරුන්, මහාකස්සප තෙරුන්, මහාකච්චායන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන්, මහාකප්පින තෙරුන්, අනුරුද්ධ තෙරුන්, කංඛාරේවත තෙරුන්, ආනන්‍ද තෙරුන්, නන්‍දක තෙරුන්, භගු තෙරුන්, නන්‍ද තෙරුන්, කාළිගෝධාපුත්ත භද්දිය තෙරුන්, රාහුල තෙරුන්, සීවලි තෙරුන්, උපාලි තෙරුන්, දබ්බමල්ලපුත්ත තෙරුන්, උපසේන තෙරුන්, ඛදිරවනියරේවත තෙරුන්, පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන්, සෝණකූටිකණ්ණ තෙරුන්, සෝණකෝළිවිස තෙරුන්, රාධ තෙරුන්, සුභූති තෙරුන්, වක්කලී තෙරුන්, කාළුදායි තෙරුන්, පිලින්‍දවච්ඡ තෙරුන්, සෝභිත තෙරුන්, කුමාරකස්සප තෙරුන්, රට්ඨපාල තෙරුන්, වංගීස තෙරුන්, සේල තෙරුන්, උපවාන තෙරුන්, සාගත තෙරුන්, නාගිත තෙරුන්, ලකුණ්ඨකභද්දිය තෙරුන්, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන්, මහාපන්ථක තෙරුන්, චුල්ලපන්ථක තෙරුන්, බාහියදාරුචීරිය තෙරුන්, මෝඝරාජ තෙරුන්, නාගසමාල තෙරුන් ආදී තෙරවරුන් ද මහාපජාපතිගෝතමී තෙරණිය, ඛෙමා තෙරණිය, පටාචාරා තෙරණිය, කුණ්ඩලකේසා තෙරණිය, කිසාගෝතමී තෙරණිය, ධම්මදින්නා තෙරණිය, සකුලා තෙරණිය, නන්‍දා තෙරණිය, සෝණා තෙරණිය, භද්දකාපිලානී තෙරණිය, සිංගාලමාතා තෙරණිය, උබ්බිරි තෙරණිය, සුන්‍දරීනන්දා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය ආදී තෙරණිවරුන් ද පෙර කරන ලද පින් ඇතිව මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද නොයෙක් පිංකම් කොට නොයෙක් තනතුරු ප්‍රාර්‍ථනා කළ බව සඳහන් වෙනවා.

🌷 පදුමුත්තර බුදුන්ගේ කාලය තීර්ථකයන් ගෙන් ශුන්‍ය වීම.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් තීර්ථකයන් ගෙන් ශුන්‍ය වීමයි. එයට හේතුව අන්‍ය තීර්ථකයන් හට කිසිම කෙනෙක් සංග්‍රහ නොකිරීමයි. සික්ෂා නොදීමයි. සත්කාර නොකිරීමයි, ගරුකටයුතු නොකිරීමයි, අස්නෙන් නොනැගිටීම්යි, ඇඳිලි බැඳීම් නොකිරීමයි, නිවාස නොදීමයි, පිටමං කිරීමයි. මෙලෙස රටවැසි මිනිසුන් විසින් නෙරපන ලද බැහැර කරන ලද සියලූ අන්‍ය තීර්ථකයෝ රැස්ව පියුමතරා දසබලයන් වහන්සේම සරණ ගියා . එම නිසා ගම් දනව් ජනපද සියලු රාජ්‍යයන් අන්‍ය තීර්ථකයන් ගෙන් ශූන්‍ය වූ ප්‍රදේශ බවට පත් වුණා .

පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා

🌷 ප්‍රථම මහා සන්නිපාතය
එක් දිනක් ශාස්තෘන් වහන්සේ මිථිලා නුවර මිථිලා උයන්හි කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද නවම් පුන් පොහෝ දින පුන් සද වන් මුහුනින් පාමොක් දේශනා කරනු ලැබුවා එය ප්‍රථම මහා සන්නිපාතයද වුනා.

🌷 දෙවැනි මහා සන්නිපාතය
තව දිනක් භාග්‍යවතුන් වහන්සේ විහාර කඳුමුදුනෙහි වස් වැස කන්ද බැලීමට හා මහජනයාට දහම් දෙසා අනූකෙළක් ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කරවා උන් වහන්සේලා පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා . එය දෙවැනි සන්නිපාතය ද වුනා .

🌷 තුන්වෙනි මහා සන්නිපාතය
නැවත භාග්‍යවතුන් වහන්සේ ගුණවත් ලෝකනාථයන් වහන්සේ මහජනයා සසර බැම්මෙන් මුදුවමින් ජනපද චාරිකාවේ හැසිරෙන කල අසූකෙළක් භික්ෂූන්ගෙ සමාගමයක් වුණා . ඒ තුන්වෙනි සන්නිපාතයයි .

🌷 නියත විවිරණ ලැබීම
ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ නොයෙක් කෙළ ගණන් ධනය ඇති ජටික නම් මහරැටිව බුදු පාමොක් සඟනට සචීවර මහදන් පුදනු ලැබුවා . උන්වහන්සේ ද අප මහා බෝසතාණන් වහන්සේට මතු කල්ප ලක්ෂයකින් ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාළා.

ඒ මොහොතේදීත් දෙතිස් පෙළහර ද දෙවියන්ගේ සාධු නද ද මීට පෙර කී බුද්ධවංශ කථාවල මෙන්ම සිදුවුණා. පෙර සේම නැවතත් නියත විවරණයන් ලැබූ අප මහා බෝසතාණෝ සම්මා සම්බුදු වරයෙක් හමුවීත් සසරෙන් එතර උනේ නැහැ. මතුභව වලදී අත්විඳිය යුතු කල්ප ගණනක දුක් දැක දැකත් අප වෙනුවෙන්ම මේ දුක්ඛිත සසර තුළම රැදී සිටියා .

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

22-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mMuoTJ
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 53 🧡💛

අප මහා බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සත්ධර්මය අද දින දක්වා පිරිසිදුව අඛන්ඩව පැවත ඒමට මේ ආකාරයට පිළිවෙලට වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීමට පෙරමුණගත් මහ රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටියා. ඒ ප්‍රථම සංඝායනාව පවත්වා විසිරී තිබූ ධර්මය විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය නොවීමට ඉඩ සැලසූ ඔබ අප කවුරුත් හොඳින් දන්නා මහාකාශ්‍යප මහරහතන් වහන්සේයි. පදුමුත්තර බුද්ධවංශ කතාවේ තව විශේෂ සිදුවීමක් තියනවා. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් ගෞතම සසුනේ තෘතීය ශ්‍රාවක ලෙස මෙන්ම ධූතාංගදාරී භික්ෂුන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරනභික්ෂූන් අතර අග්‍රස්ථානය ) සඳහා විවරණ ලැබීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුනා වගේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන වුනා. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා ඒමට තිබුණා. ඒ නිසාම මෙම අතිවිශේෂ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රථම විවිරණය ගැනද මෙම ලිපි පෙලේ සඳහන් කිරීම අද දක්වා සත්ධර්මය පාරිශුද්ධව තබා ගැනීමට කල මග පෙන්වීමට කෘතගුණ දැක්වීමක් ලෙසද සිතුවා. මෙම කතාව ලිවීමට තවත් පහසුවක් වුනේ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ “සුවිසි මහ ගුණය” පොතේ පිටු අංක පනහේ මෙලෙස සංග්‍රහ වෙනවා. මෙය යතුරුලියනය කල ජනකට ද www.pitaka.lk කාර්ය මණ්ඩලයටද පුණ්‍යානුමෝදනා කරනවා.

🌷🌷 පදුමුත්තර බුදුන්ගෙන් ආශීර්වාද ලබාගත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ. 🌷🌷

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාරානන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසුකෝටීයක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.

දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.

එකෙනෙහි තථාගතයන් වහන්සේ ‘ එතදග්ගං හික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදනං යදිදං නිසභො’ යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.

උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්‍මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ ශික්ෂාව ඉවසා වදාරන සේක්වා’ යි සැළ කළේ ය.

‘උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙත’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමිනි, භික්ෂුන් වහන්සේලා කොපමණ වන්නාහූ ද? ‘උපාසකය, සැටඅටදහසක් ය’ යි වදාළසේක. ‘ස්වාමිනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ ශික්ෂාව පිළිගන්වා සේක්වා’ යි උපාසක කීය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමිපයෙහි හුන්නේ ය.

ඒ අතර මහානිසඟ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණිය හ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමිනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේ ද මේ ගෙට වඩිනු මැනව’ යි කීය. ‘උපාසක, නොවටනේ ය’ යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන්වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමිපයෙහි හිඳ ‘ස්වාමිනි, මහාසගභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිතියි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමිනි, කිමෙක් ද? ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ’ යි විචාළේ ය.

බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, ‘එසේය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අවකාශයෙහි ම වෙසෙන්නේය’ යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාල සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී ‘මට අන් සැපතක් කුමටද? මමද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි’ යි සිතා නැවතත් බුදුන් වහන්සේට අරාධනා කොට සත් දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශෘස්තෘන් වහන්සේගේ පාමුල වැදහෙව ‘ස්වාමිනි, සත්දිනක් දන්දුන් මම ඒ පිනේන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුන් ගේ ශාසනයෙහි මහානිසහ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වෙවා’ යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන් පත් වන්නේ දෝ’ යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛයකින් ගෞතම නමි බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය’ යි වඳාල සේක. එය අසා උපාසකතෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රිතියට පැමිණියේ ය. හෙතම ඉන් පසුව ද දානාදී බොහෝ පින්කම්කොට මරණින් පසු දෙව්ලොව උපන.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
20-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2kFi7j5
ප්‍රබල විජ්ජා

කඳුකරයේ ගෝත්‍රික මිනිසුන් ආචාර්ය මන් පිළිබඳ නොයෙක් ලෙස සිතූහ. වරෙක උන්වහන්සේ ළඟ අවතාර හොල්මන් දුරුකරන ප්‍රබල විජ්ජා ඇතැයි සිතූහ. ඉන්පසු උන් වහන්සේ හමු වී එවැනි විජ්ජාවක් ඇතොත් තමන්ට එය ලබා ගන්ට කතිකා කළහ.

පසුදා උදෑසන ආචාර්ය මන් මේ කතිකාව ගැන භික්ෂූන්ට සැළ කළහ. ඊයේ රාත්‍රියේ මා භාවනාවේ යෙදී සිටින විට මට ඇසුනා ගෝත්‍රික මිනිස්සු කතිකා කරනවා අප ළඟ හොලඟ අවතාර පලවාහැරීමට විජ්ජා ඇත කියා. එය ඉල්ලන්ට අද එනවා කියා කියනවා. ඒ අය ආවොත් බුද්ධ, ධම්ම, සංඝ, මන්ත්‍රය දෙන්න එය භාවනා කරන්න කියන්න. මෙය ඉතා බලවත්. හොල්මන් අවතාර මේ බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි මහා බයක් ඇත. එකම හොල්මනක් වත් ඉන්නේ නැහැ බය වී දුවති.

උන්වහන්සේ පැවසූ පරිදි පසුදා එම ගෝත්‍රික මිනිස්සු අවුත් හොල්මන් පලවා හරින මන්ත්‍රය ඉල්ලූහ. ආචාර්ය මන් මෙම මන්ත්‍රය කියා දුනි. එය භාවනා කරන අන්දම ද කීහ. තමන් නිතරම හිතින් බුද්ධො, ධම්මෝ, සංඝෝ මෙනෙහි කළ යුතුයි බුද්ධෝ… බුද්ධෝ… කීවත් කමක් නැහැ

මෙය අසා ඔවුන් මේ වටිනා මන්ත්‍ර සූත්‍රයක් යැයි නිතර භාවනා කළහ. ඇත්තෙන්ම එය භාවනා කමටහනක් විය. වැඩිකල් ගතවීමට පෙර ඔවුහු සමාධි ගත වූහ. ඔවුන් ඉක්මනින් දුව අවුත් මේ පිළිබඳ දැන්වූහ. ආචාර්ය මන් එම සූත්‍රය හොඳින් භාවනා කරන නිසා ඒ පළාතේ එකම හොල්මනක් වත් නැතැයි ප්‍රකාශ කළහ. මේ ධර්මයේ ආනුභාවයෙන් ඔවුන් තුළ හොල්මන් වලට තිබූ බිය පහවිය. ඇත්තෙන්ම හොල්මන් දුරුවිය. භාවනා නොකරන අය කෙරෙහි පවා අමනුෂ්‍යයන් බිය පත් වුණි.

ස්වභාවිකව ඉතා අවංක බැවින් ද ගුණවත් බැවින්ද ගෝත්‍රික මිනිසුන්ට ධර්මය ඉගැන්වීම පහසු විය. ආචාර්ය මන් කියාදෙන පරිදි ඒ අය පැය ගණන් භාවනා කළහ. එබැවින් ඉතා හොඳ ප්‍රතිඵල ලදහ. මොවුන්ගේ හදවත ආලෝකමත් විය. පරචිත්ත විජානන ඥානය පහළ විය. අසපුවේ සිටින භික්ෂූන්ගේ පවා සිත් දනිති.

තමාගේ අත්දැකීම් ගැන ඔවුහු විස්තර කළහ. භික්ෂූන් වහන්සේලා පුදුම වූහ. තමන් වහන්සේලාගේ සිත් දකිතියි බියපත් වූහ. මෙය සැබෑවක් දැයි ප්‍රශ්න කළහ. ගෝත්‍රිකයෝ සත්‍ය ප්‍රකාශ කළහ. නැවත නැවතත් හරස් ප්‍රශ්න අසමින් විස්තර ඇසූහ. හැම විටම එකම උත්තර දෙති. ඔවුන්ගේ ස්වභාවික අවංක ස්වරයෙන් කියති. භික්ෂූන් වහන්සේලා තමන්ගේ මෝහය දුරු කිරීමට මෙසේ ප්‍රශ්න ඇසූහ. අන්තිමේදී මේ අය කියන්නේ සැබෑවක්මය ඔවුන් අපේ සිත් දකිති තව තවත් බියපත් වූහ.

මේ ගෝත්‍රිකයෝ ආචාර්ය මන් ගේ සිත දන්නා බව පැවසූහ. “මාගේ සිත කෙසේද? අවතාර හොල්මන් වලට බය ද?”…. ඔබ වහන්සේගේ සිත මේ ලෞකික සිත නො වේ. මිනිස් සිරුරක නිවනකි. ඔබ වහන්සේගේ සිත් අති උත්තමයි. කිසි දෙයකට බය නැත. ඉන්පසු ඔවුන් තුළ හොල්මන් වලට තිබූ බය පහ වී ගියේය. භාවනා දියුණු අය අන් අයටත් තමන්ගේ වැටහීම ගැන කීහ. සියලු දෙනා තුළම ආචාර්ය මන් ගැන ශ්‍රද්ධාව ඇත. හැමදාම උදෑසන ගමේ මද්‍යස්ථානයකට රැස්වී දන් පිළිගන්වති. සියලුම භික්ෂූන් වහන්සේලාගේ පාත්‍රවල ආහාර දමා ආචාර්ය මන් ගෙන් ආශිර්වාද ලබති.සියලු දෙනාම එකවිට සාධුකාර දීමට උන්වහන්සේ පුරුදු කළහ. ශබ්දනගා දෙන සාධුකාර නාදය දේව ලෝකවල රැව් පිළිරැව් දුනි. දෙවිවරු අනුමෝදන් වෙති. හැමදාම ගෝත්‍රිකයෝ මෙසේ මහ හඬින් සාධුකාර දුන්හ. රාත්‍රී කාලයේ දෙවියන් සමග කතා කරන විට එම ශබ්දය ඈත දේව ලෝක වලට ඇසුන බව දෙවියෝ ආචාර්ය මන් හට කීහ. මේ ශබ්දය අසා දෙවිවරු ආචාර්ය මන් මේ පළාතේ වසන බව දනී.

දෙවිවරු සමූහ වශයෙන් අවුත් ආචාර්ය මන් සමඟ කතා කරත්. මෙම කණ්ඩායමේ නායකයෙක් ඇත. එක් එක් තරාතිරමේ දෙවිවරු ඇත. සමහරු භුම්මට්ඨ හෙවත් භූමිය ආශ්‍රිත ය. ඉතා දුර බැහැර හෝ ලගපාත අය වෙති. බෞද්ධ පොත්පත්වල සඳහන් පරිදි බොහෝ දිව්‍යලෝක ආකාශයේ ඇත. ඒ ආකාශස්ථ දෙවිවරු වෙති. දෙවිවරු තමන් වහන්සේ දැකීමට එන බව උන්වහන්සේ කලින් ම දනිති. රාත්‍රී දෙකට හෝ තුනට එන බව දත් විට කලින් නින්දට ගොස් විවේක ගනිති. නින්දෙන් පිබිද නියම වෙලාවට සමාධියට පත් වෙති. මධ්‍යම රාත්‍රියේ එන්නේ නම් දිගටම සමාධිගත වෙයි.මේ දෙආකාරයටම සිදු වේ. ප්‍රථමයෙන් තද සමාධියකට සම වැදී සුව විඳිමින් ශාරීරික පීඩා සංසිඳවති. නියම වේලාව පැමිණි විට සුදුසු සමාධියකින් අමුත්තන් පිළිගනිති. දෙවිවරු දැන් පැමිණ ඇතැයි දනිති. තාම ඈත දේව ලෝක වලින් ගමන් කරන බව හෝ දනිති. ඒ අය පිළිගෙන උන්වහන්සේ උචිත තේමාවකින් ධර්මය දේශනා කරති. ඉහළ ධ්‍යානවලට සම වැදුණු විට දෙවියන්ට හමුවීමට නොහැකි ය. සාමාන්‍ය මිනිස් මනසට ඉතා කලාතුරකින් දෙවියන් හමුවේ ඒත් සමාධිගත වූ විට අමනුෂ්‍යයන් ලෙහෙසියෙන් අරමුණු වේ. බොහෝවිට උපචාර සමාධියෙන් මෙය සිදු වේ.

අවුරුදු ගණනාවකට පෙර සාරිකා ගල්ගුහාවෙ ගත කරන කාලයේදී මෙසේ අමනුෂ්‍යයන් සමග ඇසුරු කිරීමට පුරුදු විය. දැන් එය ඉතා ලෙහෙසි දෙයකි. ඒ කාලයේ මහන උපසම්පදාවෙන් වස් 22කි. පිරිනිවන්පාන විට වස් හැටක් පමණි. ඒ වන විට මේ පිළිබඳ අති දක්ෂ විශේෂඥතා ඇතිවිය. අපි කාට වුවද මේ දක්ෂතා ඇති කරගත හැකි වේ. මෙතරම් දක්ෂ නොවූවත් සාමාන්‍ය මට්ටමේ හැකියාවක් හෝ ලබාගත හැකිය. ඒ ඊට අවශ්‍ය පිළිවෙත් සාධනය කිරීමෙනි. මෙහි වැදගත්කම වනුයේ අප බොහෝ අය මෙය විශ්වාස නොකරන බැවින් එවැන්නන්ගේ සැක දුරු කිරීමයි. වැනි දේ නැතැයි කියන අය මේ ප්‍රතිපත්ති අනුගමනය කර තමන්ට අත්දැකීම් ලබාගත යුතු වේ. ධර්මය පිළිබඳ දැනුම නැති අයට මේ කරුණු ඒත්තු ගැනීමට දුෂ්කරය. හදවතේ ඇති ගුණ යනු කුසලතාවයකි. සමාධි ගුණයකි. මේ කුසලතා දියුණු වූ විට තමන්ට දැකීම් ලැබේ. ලෝකයේ සියලු දෙනාම මෙය ප්‍රතික්ෂේප කළත් තමන්ගේ විශ්වාසය නැති නොවේ. එක් එක් අයගේ මතිමතාන්තර මත සත්‍ය නොපවතී. සත්‍ය යනු නොසෙල්විය හැකි ස්වාභාවික ස්ථාවරයකි.

අාචාර්ය මන් වැඩිම කාලයක් ගතකළේ චියාං මායි ප්‍රදේශයේය. මෙය ඉතා දුෂ්කර දුර බැහැර කඳුකරයකි. එය භාවනාවට සුදුසු පරිසරයකි. තවද කඳුකරයේ ගෝත්‍රික මිනිසුන් අතර බොහෝ දියුණු මනස් ඇති පුද්ගලයෝ බිහිවිය. ඒ අය කෙරෙහි උන්වහන්සේගේ උන්වහන්සේ ගේ අනුකම්පාව ඇති විය. ඒ අයට උපදෙස් දීම අවශ්‍ය විය. නැතහොත් තම කුසලතා නැතිවී නැවතත් පුරුදු පරිදි වනගත ගෝත්‍රිකයෝ වෙති. තවද බොහෝ දෙවිවරු සමග සම්බන්ධතා මෙහිදී ඇති වුනි.

මසකට දෙතුන් විටක් දේව හා නාග කණ්ඩායම් උන්වහන්සේ දැකීමට පැමිණ ප්‍රශ්න අසති. ධර්මය අසති. කණ්ඩායම් ප්‍රධානියා මුලින් අවුත් දේව ගණයා ගේ විස්තර හා සංඛ්‍යාව දැනුම් දෙයි. උදාහරණයක් වශයෙන් – දස දහසක්, සියක් දහසක් දේව ගණයා පැමිණ ඇත. නාග ගණයා පන්සියයකි… දහසකි… ආදී වශයෙනි. උන්වහන්සේ සක්මන් භාවනා කරන විට දී සවස් යාමයේ ද අවුත් නොයෙක් නිකායික දේව කණ්ඩායම් එන බව හා වේලාව මතක් කරති. සමහර විට හිඳිමින් සමාධිගත වූ විට ද විට ද පැමිණ යම් යම් දේ නිවේදනය කරති. එවිට උන්වහන්සේ මුණ ගැසීමට දිනයක් වේලාවක් පවරති. වෙනත් වෙනත් නිකායිකයින් එකට හමු නොවෙති. ඒ අය වෙන් වෙන්ව පැමිණෙති. ඒ අයගේ මානසික මට්ටම් අනුව ධර්මය දේශනා කරනු ලැබේ. සමහර විශේෂ මාතෘකා විෂය කරුණු විචාරති. මේ කරුණු උන්වහන්සේගේ විමසීමට බෙහෙවින් හේතු විය. මිනිස්, නාග, ගරුඬ, ආදී නිකායන් සියල්ලටම වඩා දේව නිකායික සංඛ්‍යාව වැඩි විය. දෙවියන්ගේ සිත් හඳුනාගැනීමේ ශක්තිය ඇත්තේ ස්වල්ප දෙනෙකුටය. පරචිත්ත විජානනය සහිත වූ අධිමානුෂික බලයකි.

දෙවියන් නිතරම කියන දෙයක් නම් මිනිසා දෙවියන් සිටින බවත්, දෙවියන් ගැන කිසිවක් නොදන්නා බවත් ය. කර්මානුරූපව දේව නිකාය වල ඉපදෙති. මිනිසාගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන නිසා නො අදහති. එහෙත් මිනිසා මෙන්ම දෙවියන්ටද සිතුම් පැතුම් ඇත. ආචාර්ය මන් වැනි අධිමානුෂික බල ඇත්තන් සිටින්නේ කලාතුරකිනි. මිනිසා මෙන්ම දෙවියන්, සතුන් සහ වෙනත් බොහෝ ජිවීහු සිටිති. ඒ අය සිටින බව සත්‍යයක් ලෙස බොහෝ දෙනා නො අදහති. ආචාර්ය මන් සමග දෙවිවරු ඉතාමත් සුහදව ඇසුරු කරත්. උන් වහන්සේට පූජා සත්කාර කරත්. ධර්මය ශ්‍රවණය කරත්. තම සිත් තුළ ධර්මය රඳවා රඳවා ගැනීමට කැමති වෙත්. එවිට ඒ අයගේ සතුට ප්‍රීතිය වර්ධනය වේ. දේව ආත්මය වඩා සුවදායක වේ. මේ නිසා අතින්ද්‍රිය ගුණ නුවණ ඇති අය දෙවියන්ට ප්‍රිය වෙති. පින් කිරීමේ කැමැත්ත ඇත.

අන් ජීවීන් මෙන් දෙවිවරු තම ජීවිතය සකස් කර ගැනීමට නිතර ආචාර්ය මන් හමුවෙති. ධර්මය අසති. ඒ ගැන මිනිසුන් කිසිවක් නො දනිත්. මේ අතීන්ද්‍රිය හැකියාව මිනිසාට ලබා ගත හැකිය. දෙවියන් සමග අදහස් හුවමාරුව සාමාන්‍ය දෙයකි. එය මිනිසුන් සමග කතා කරන කතාබහ හා සමානය. ආචාර්ය මන් දෙවියන් සමග කතා කළේ සාමාන්‍ය දෙයක් ලෙසිනි. උන්වහන්සේ කොහේ සිටියත් දෙවියන් සමඟ කතා බහ කරති. කැලෑබද ඈත කඳුකර ය දෙවියන්ට ප්‍රිය වේ. මිනිසා ගැවසෙන ප්‍රදේශ වලට දෙවියන් පැමිණෙන්නේ නැත. කැලෑ ප්‍රදේශවල සමාජ වගකීම් නැති නිසා වැඩි කාලයක් දෙවියන් ඇසුරු කරත්.

(ආචාර්ය මන් භූරිදත්ත මහා රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය නමැති පොතෙන් උපුටා ගැනුනි)

Path To Nirvana පේජය සඳහා සකස් කරන ලද මෙම ලිපිය මිතුරන් අතරේ share කර ඔබත් ධර්ම දානමය කුසලය ට සහභාගී වන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mb42dx
කර්මයේ ගුප්ත විපාක

ආචාර මන් චියාං මයි කඳුකරයේ වාසය කරන කල්හි මධ්‍යම රාත්‍රිය පසුවන විට එක්තරා සංඥාවක් දකී. එනම් කාන්තාවක් සහ කුඩා සාමණේර නමක්. මේ ගැන විපරම් කිරීමට සිතා කුමක් නිසා මෙසේ දිනපතා එහෙ මෙහෙ යන්නේ දැයි විමසුවේය. ඒ අය කනස්සල්ලෙන් ජීවත් වෙති. ඊට හේතුව ගිය ආත්මයේ දී එක්තරා ස්ථූපයක් ගොඩ නැංවීමට දෙදෙනා වෙර වැඩූහ. එහෙත් එය නිම කිරීමට ප්‍රථම මරණයට පත්වුණි කුඩා සාමණේර නම එම ස්ත්‍රිය ගේ බාල සහෝදරයා විය. මේ සිද්ධිය ගැන බලවත් කම්පාවක් හා පසුතැවිල්ලක් නිසා මෙසේ උපතක් ලදහ. එහෙත් ඒ දෙදෙනා දුක් විඳින්නේ නැත. නමුත් සැප ඇති භවයක ඉපදීමට කැමැත්තක් ද නැත.

ආචාර්ය මන් ඔවුන්ට ධර්මය දේශනා කළහ. පසුගිය දේ ගැන තැවෙන්නට එපා ඒ ගැන කිසි දෙයක් කරන්ට බැහැ. හිතුවට වැඩක් නැත. ඔරලෝසුව ආපසු කැරකීමක් වැනිය. එසේ සිතීම නිසා මහත් වූ දුක, බය, සැක හටගනී අසහනය ඇති වේ. කෙතරම් ප්‍රාර්ථනා කළත් නොලැබේ. අනාගතය ගැන සිතීමද වැරදියි අනාගතය තාම ඇවිත් නැත. එබැවින් අතීතය හා අනාගතය අත්හරින්න. වර්තමානයේ පමණක් යමක් කළ හැකි වේ.

ඔබට ස්තූපය නිමකරන්නට නොහැකි වීමට හේතු ඇත. ඒ හේතු නොතිබුනා නම් ඔබ මරණයට පත් වන්නේ නැත. මරණය සාමාන්‍ය දෙයකි. එය ඉක්මවීමට නොහැකිය. දැන් එය සෑදීමට කෙතරම් සිතුවත් එය කළ නොහැකිය. තව තව සිතීමෙන් තව තව වැරදි සිදුවේ. මේ නිසා ඔබට හොඳ උත්පත්තියක් නොලැබේ.

ස්තූපය ගොඩනැංවීමෙන් බලාපොරොත්තු වන්නේ පින් ලබා ලබා ගැනීමටයි. එහි ඇති වැලි සිමෙන්ති වලින් වැඩක් නැත. ඔබ ගත් මහන්සිය නිසා කුසල් චේතනා ඇති වී පින් රැස් වේ. මේ පින පමණයි ඔබට අත් වන්නේ. ගල් වැලි වලින් වැඩක් නැත හොඳ දේ කරන සියලු දෙනාම ගෙනියන්නේ පින් පමණයි. තමන් දුන් භෞතික දේ ගෙනියන්නේ නැත. පන්සලක්, භික්ෂු ආවාසයක්, භාවනා, ශාලාවක්, වතුර ටැංකියක්, පොදු ගොඩනැගිල්ලක් හෝ යම්කිසි ද්‍රව්‍යමය දෙයක් ආදිය බාහිර වස්තූන් ය. ඒවා දීමට ඇති චේතනාව නිසා තම මනසේ පින් සිත් ඇති වේ. එහි විපාක ඔබ ගෙනියති. ද්‍රව්‍යමය දේ කලක් යන විට විනාශ වී යයි. මේවා ද්‍රව්‍ය පමණි. එහි දේව ලෝකයක් හෝ අපායක් නැත. ඒවා දුන් චේතනාවේ කුසලකර්ම හටගනී එහි විපාක ගෙන යති.

දන් දීමට ඇති කැමැත්ත මහන්සිය නිසා තම සිතේ කුසල් ඇති වේ. එහි චේතනාව හොඳ බැවිනි. හදවත ගුණවත්ය. හදවතේ පින් රැස් වේ. හදවත් දේව ලෝකය වේ, නිවන වේ, මග පල වේ මේ සියල්ල ඇතිවන්නේ හදවතේ හෙවත් සිතේ.

ඔබ ස්තූපය සෑදීමේදී ඔබේ සිතේ තණ්හාවක් ඇති වී තිබේ. හොද දෙයක් ගැන වුණත් තණ්හාව පහළ වේ. එබැවින් එහි ඇල්ම බැල්ම ඇති වේ. ඒ නිසා ඔබ තවමත් එහි ඇලී ගැලී සිටිති. තමා කරගත් පින නිසා සතුටු වූවා නම් ඔබ හොඳ භවයක උපදිනවා. පින් කවදාවත් පව් වෙන්නේ නැහැ. පින් යනු අකාලික ගුණය කි.

අතීතය ගැන තැවෙන්න එපා. එසේ සිතමින් තම කාලය නාස්ති කරන්න එපා. හරි විදිහට හිතන්න බය සැක දුරු කරන්න. වර්තමානයේ වාසය කරන්න. එවිට මගඵල නිවන ලැබේ. අතීතය හා අනාගතය ඔබේ දියුණුව වළක්වයි.

ඔබ දෙදෙනා ගැන මට හරි සංවේගයි. ඔබ හොඳ කර්මයක් කර ඇත. එහෙත් ගල් වැලි වලට තණ්හාව උපදවාගෙන ආසා කර ඇත. ඒ ආසාව නැති කරගන්න. ඔබේ කුසල් විපාක එවිට පලදෙයි. ඉන්පසු ආචාර්ය මන් පන්සිල් විස්තර කළහ.

1. සෑම ජීවියෙක්ම තම ජීවිතයට ප්‍රිය කරති එබැවින් පර පණ නැසීමෙන් වලකින්න.

2. සෑම දෙනාම තම අයිති දේවලට ප්‍රිය කරති. ඒවා එතරම් වටිනා නොවූවත් අයිතිකාරයාට එය වටින්නේය. හොර සිතින් අනුන්ගේ දේ ගැනීම නිසා තමාගේ සිත දූෂිත වේ.

3. ස්වාමි-භාර්යා දූ දරු මා පිය ආදීන් එකිනෙකාට ආදරය කරති. තමාගේ ආදරවන්තයින් අන් අය පැහැර ගන්නවාට අකැමැති වෙති. ඒ අයගේ පුද්ගලික අයිතිය ගරු කළ යුතුය. ස්වාමි භාර්යාවන් අන් අය සමඟ අනාචාරයේ හැසිරීම මහත් දුක් දෙන්නකි. එය මහා පාපකර්මයකි.

4. බොරුව නිසා විශ්වාසය බිඳ හැලේ පෞරුෂත්වය නැතිවේ. සතුන් වත් බොරු රැවටිල්ල නොකරති. බොරුවෙන් වංචාවෙන් වලකින්න.

5. මත්පැන් මත්ද්‍රව්‍ය සිහි විකල් කෙරේ. හොඳ සිහිය ඇති පුද්ගලයා වුවද බීමත්කම නිසා ශාරීරික මානසික රෝගීන් වෙති. තමන් සහ තම ආදරවන්තයින්, අසල්වාසීන් විනාශ වෙයි.

මේ පන්සිල් රැකීම නිසා මහත් ඵල ප්‍රයෝජන ලබා ගත හැකිය. පළවෙනි ශික්ෂාවෙන් දීර්ඝායුෂ ලැබේ. දෙවැනි ශික්ෂාවෙන් තම අයිතිවාසිකම් රැකේ. තුන – තම පවුලේ ආදර භක්තිය තහවුරු වේ. හතර – තම වචන සත්‍ය වූ විට මිනිසුන් සහ දෙවිවරු ගරු කරත්, ආදර කරත් අවංක අයගෙන් කාටවත් හිරිහැරයක් නැත. පහ – මත්පැන් නොබොන අය දක්ෂ වේ. නුවණ ඇති වේ. නොරැවටේ. මොළය අවුල් නොවේ.

මේ පස් පවින් වැළකෙන අය මිනිසාගේ ජීවිතය සමගි සම්පන්න කරත්. විශ්වාසවන්ත කරත්. පස් පව් කරන්නා සතුන්ට මිනිසාට අසීමාන්තික දුක් පීඩාපීඩා දේ. තමන්ගේ ජීවිතයට ආදර මෙන්ම, අනුනුත් තම ජීවිත වලට ආදර කරත්. එබැවින් කිසිවෙකුට දුක් කරදර දෙන්ට එපා. සිල්වත් හොඳ ගතිගුණ නිසා ස්වර්ගයේ උපදී. මේ ධර්ම දේශනාව මතක තබා ගන්න. ඒ අනුව පිළිවෙත් පුරන්න.ඔබගේ අනාගතය ඒකාන්තයෙන් සඵල වේ.

එම කාන්තාව සහ කුඩා සාමණේරයන් මේ ධර්මය ඉතා සතුටින් අසා සිටියහ. උන් වහන්සේගෙන් පන්සිල් ඉල්ලූහ. උන්වහන්සේ පන්සිල් දුනි. ඉන්පසු ඉතා ගෞරවයෙන් අවසර ගෙන අතුරුදහන් විය. මේ දෙදෙනාගේ ඉහත කුසල කර්ම බලයෙන් ද බණ අසා පන්සිල් රැකීම නිසා ද මිය ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබූහ.

ඉන්පසු මේ දෙවිවරු දෙදෙනා නොකඩවාම ආචාර්ය මන් හමුවීමට අවුත් තම ප්‍රීතිය ගැන කියා ස්තුති කරති. මෙපමණ කලක් දෙව් ලොව සැප සම්පත් විඳීමට තිබූ ආශාව දැන් මුදුන්පත් විය. තණ්හාව ආශාව ඉතා භයංකර බව ඔවුන්ට වැටහෙන බව කීහ. ඒ නිසා හොඳ ආත්මයක් නොලැබේ. උන්වහන්සේගේ ධර්මාන්විත උපදෙස් ලබාගෙන දෙව්ලොව උපත ලදහ.

ආචාර්ය මන් ධර්ම දේශනා කරමින් බලවත් හැඟීම්, උද්වේග, ආවේග ඇති කර ගැනීම නුසුදුසු බවත් එය මරණාසන්න මොහොතේ දී බලපාන බවත් පහදා දුන්හ. යමෙක් සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතා හෝ වෛර, ක්‍රෝධ, පළිගැනීම් වැනි බලවත් උද්වේග සිත අල්ලා ගනිති. සිත තම කය අත් හරින විට මෙවැනි උද්වේගයෙන් සිහිපත් වුවහොත් ඊළඟ ආත්මය අපාය ලෝක යක්ෂ, ප්‍රේත හෝ තිරිසන් ආදී දුක්ඛිත තත්වයට පත්වේ.

එබැවින් අපි සිහි කල්පනා ඇති මනුෂ්‍ය ලෝකයේ වාසය කරන විට නිතරම තමා ගේ සිත ගැන විමසිලිමත් විය යුතුයි. මනුෂ්‍යයන් වශයෙන් අපි නිවැරදි අවබෝධය ඇති කර ගෙන ඒවායින් මිදීමට මහන්සි දැරිය යුතුයි. එවිට අවසාන මොහොතේ දී මරණාසන්න වූ විට හොඳාකාර සිතුවිලි පවත්වන්නට හැකි වේවි. එබැවින් නිතරම හොඳ සිතුවිලි ඇති කර ගන්න. ඇලීම් ගැටීම් වලින් ඈත් වෙන්න. සියලූ බන්ධනයන්ගෙන් මිදුණු තරමට අවසාන මොහොත සතුටින් තම කය දමා ගිය හැකි ය.

නුවණැත්තෝ හදවත යනු ඉතාම වටිනා අවයවය බව දනිති. හදවත පිරිසිදු නම් මානසික ශාරීරික සුවය ගෙන දේ. එබැවින් නුවණ ඇති බුදුන් රහතුන් වැනි උත්තමයෝ තමාගේ හදවත පිරිසිදු කර අනුන්ටත් තම හදවත පිරිසිදු කිරීමට උපදෙස් දෙති. අපේ ජීවිතය රඳා පවතින්නේ හදවතේය. අපේ සතුට, සැනසීම, දුක, තරහ, වෛර ඇතිවන්නේ හදවතේ ය. ඉන් කුසල් අකුසල් කර්ම සිදු වේ. එම කර්මය අනුව නැවත උප්පත්තිය සිදුවේ. මෙසේ හදවත ඉතා ප්‍රබල ඉන්ද්‍රියකි. අප අපායට දමන්නේත් ස්වර්ගයට දමන්නේත් හදවතයි. එබැවින් හදවත නිතරම හොඳ දේ සිතන්නට පුහුණු කළ යුතුයි.

ආචාර්ය මන් බණ කියා අවසන් වූ විට අලුත උපන් දෙවිවරු දෙදෙනා අධික ප්‍රීතියට පත් වූහ. ප්‍රශංසා කරමින් නොයෙක් විදියේ වර්ණනා කරමින් ඉන්පසු තුන්වරක් ප්‍රදක්ෂිණා කොට පසුපසට ගමන් කර පුලුන් රොදක් මෙන් අහසේ පාවී ගියහ.

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙන් උපුටා ගැනුනි)

Path to Nirvana පේජය සඳහා සකස් කළ මෙම දහම් ලිපිය මිතුරන් අතරේ share කර ධර්ම දානමය කුසලයට ඔබත් සහභාගී වන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2M7NcFP
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 52 🧡💛

🌷 තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුරජාණන් වහන්සේ 03 🌷

පදුමුත්තර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණි දින විශේෂ සිදුවීමක් වුනා කියලා මිට ඉහත සඳහන් කළා. ඒ දස දහසක් සක්වළ මත පියුම් වරුෂා පතිතවිමයි. ඒ දෙවැනි වරටයි. මිට පෙරත් උන්වහන්සේට නම් තබන දිනයේත් එවැනිම පියුම් වරුසාවකින් දඹදිව තලයම වැසි ගියා. ඊට පසුව තවත් විශේෂ සිදුවීමක් උනා. මේ කියන්නට යන්නේ ඒ ගැනයි.

🌷 තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගැනීම.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හින්දා ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි. එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ශාස්තෲන් වහන්සේ උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ දෙනේත්‍ර අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් විසිරී ගියා. ඒ හේතුවෙන් ශාස්තෲන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වූහ.’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

🌷 ප්‍රථම ධර්මාවබෝධය

ඉන් අනතුරුව පියුමතරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශණය සඳහා සුදුසු පුන්යමහිමය ඇති සංසාරය පුරා පතාගෙන පැමිණි පිරිස් ගැන පිරික්සන්න වුනා. ඒ වෙලාවේ මිථිලා නුවර දේවල , සුජාත නම් හේතුසම්පන්න රජකුමරුවන් දෙදෙන දැක ඔවුන් වෙතට යාමට විලෙන් නික්මුණු හංස රාජයෙක් මෙන් අහස් තලයට නගිනු ලැබුවා. ඒ මොහොතේ රජ කුමරුවරු සිටියේ මිථිලා රජ උයනේ. උන්වහන්සේ රජ උයනේ කුමාර වරු අසළින් අහසින් බැස්සේ නැහැ. අහසින් පැමිණියත් රජ උයනේ ප්‍රධාන දොරටුව අසළින් බිමට බස උයන්පල්ලන් කැඳවා දෙකුමරුන් කැඳවා එන ලෙස පණිවිඩ යවනු ලැබුවා. ඔවුන්ද අපගේ නැන්දණියගේ පුත් පදුමුත්තර කුමරා පැවිදිව සම්බෝධියට පැමිණ අපගේ නුවරට පැමිණ ඇත. එතුමන් වෙත යමු යනුවෙන් පවසා ලහි ලහියේ බුදුහිමියන් වෙත පිරිවර සමග පැමිණ උන්වහන්සේව පිරිවරා සිටියා.

ඔවුන් පිරිවැරූ දසබලයන් වහන්සේ තරුගණ පිරිවැරූ සඳ මෙන් බබළමින් එහිම දම්සක් පැවැත්වුවා. එදා කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වුනා. එය ප්‍රථම ධර්මාවබෝධයයි.

🌷 දෙවැනි ධර්මාවබෝධය
දෙවැන්න සරදතාපස සමාගමයේ මහජනයා නිරය සන්තාපයෙන් තවා ධර්මදේශනා කොට සතිස් ලක්ෂයක් ජනයාහට ධර්මාවබෝධය කරවනු ලැබුවා. ඒ දෙවැනි ධර්මාවබෝධයයි.

🌷 තෙවැනි ධර්මාවබෝධය

තවත් දිනක ආනන්ද මහරජ විසිදහසක් පුරුෂයන් සහ විස්සක් ඇමතියන්ද සමග විත් මිථිලා නුවරදී පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පෙනී සිටියා. පියුමතුරා බුදුන් ඔවුන්ව එක භික්ඛු පැවිද්දෙන් පැවිදිකරවා උන්වහන්සේලා පිරිවරා පියාණන් හට සංග්‍රහ කරනු සඳහා හංසවතී නුවර වාසය කරන්නට වුනා. එහිදී උන්වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ ප්‍රාතිහාර්ය පෑ පරිදී අහසෙහි සක්මන් කරමින් බුද්ධවංශය දේශණා කරන්නට වුනා. එකල පන්ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.එය තෙවැනි ධර්මාවබෝධයයි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
19-08-2019