Monthly Archives: January 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2G56BVu
බුදුරජාණන් වහන්සේලා මහා කාරුණික යි. මේ ලෝකයට බුද්ධ අංකුර නොසාදා, මේ ලෝකය සම්පූර්ණයෙන්ම මාර ග්‍රහණයට දීලා උන්වහන්සලා පිරිනිවන් පාන්නෙනෑ.

අභිධර්ම දේශනාවට තව්තිසා දෙව්ලොව වැඩලා නැවත රන් ඉනිමගක් මවා , මනුලොවට පැමිණීම සියලුම බුදුරජාණන් වහන්සේලා අත්නොහැර කරන දෙයක්. ඒකට හේතුව; එය බලා ඉන්න සියලුම දෙනා පාහේ අධිෂ්ඨාන කර ගන්නවා, අනේ මමත් සම්මා සම්බුදු කෙනෙක් වෙනවා කියලා. එහෙමයි ” බුද්ධ පරම්පරාව” ඉදිරියට ගෙනයන්නේ.

එය පමනක් නෙමේ. අනිත් තනතුරුත් එසේමයි. *යශෝධරා මහා රහත් තෙරනින් වහන්සේ පිරිනිවන්පාන්න අවසර බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලද්දි, නිකම්ම පිරිනිවන් පාන්න එපා, ඍධි පාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ඍධි දැකපූ කාන්තාවත් අධිෂ්ඨාන කරනව මමත් බුදු වෙන මහා සත්පුරුෂ බෝධිසත්වයෙකුට පාදපරිචාරිකාවවී සසර පුරාවට උදව් කරනවා කියලා. *ඒ යශෝධරා පරපුර ” එන හැටි.

අනිත් තනතුරුත් එහෙමයි. ඒ ඒ තනතුරුවල වැඩසිටින රහතන්වහන්සේලාව දැකලා, කෙනෙක් හිත පැහැදී , බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කරලා ඒ තනතුර මට මතු බුද්ධ සාසනයක ලැබේවා කියලා පතනවා.

ඒ නිසා එක බුද්ධ සාසනයකදී, තවත් බුද්ධ සාසන බොහෝමයකට අවශ්‍ය දේවල් සකසලයි, ඒ උතුම් බුද්ධ ප්‍රමුඛ මහා රහතන්වහන්සේලා පිරිනිවනපාන්නේ.

ඒකයි මහා කරුණාව කියන්නෙ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30w4vY9
අාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම.

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්වං,අයමෙව අරියෝ අට්ඨඞ්ගිකො මග්ගෝ,සෙය්‍යථීදං? සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.”

යනාදීන් නොයෙක් සූත්‍රයන්හි සම්මාදිට්ඨි අාදී ධර්ම අට දුක්ඛ නිරෝධ සඞ්ඛ්‍යාත නිවනට පැමිණීමේ මාර්ගයයි දේශනා කර අැත්තේ ය. සෝවාන් මාර්ගය,සකෘදාගාමී මාර්ගය,අනාගාමී මාර්ගය,අර්හත් මාර්ගය කියා නම් සතරක් ව්‍යවහාර කරන්නේ දියුණු වී ලෝකෝත්තර භාවයට පැමිණියා වූ අට්ඨඞ්ගික මාර්ගය ම ය.

ධර්මය පිළිබඳ නියම දැනීමක් තමන්ට නැතත් දනුම්හයි සිතා ගෙන ලොවටත් අනුශාසනය කිරීමට ඉදිරිපත් වන අැතැමුන් මේ අාර්ය අට්ඨඞ්ගික මාර්ගය අවුල් කර තේරුම් කරන බැවින් විදර්ශනා වඩන යෝගාවචරයෝ ද තමන් කරන්නේ කුමක් ද කියා නොදනිති. යෝගාවචරයන් විසින් විදර්ශනා වැඩීම ය කියා කරන්නේ අනිකක් නොව, අාර්ය අට්ඨඞ්ගික මාර්ගය වැඩීම ය.

සම්මාදිට්ඨි යනු නිවැරදි දැකීම හෙවත් දැනීමය.යෝගාවචරයන් විදර්ශනා කිරීමය යි කරන්නේ සාමාන්‍ය ජනයා සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් වරදවා සිතා ගෙන සිටින නාමරූප ධර්ම සමූහයන් රූප වේදනාදී වශයෙන් විභාග කර ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීම හා සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය දේ සැප දේ හොඳ දේ සැටියටත් අාත්මය ලෙසත් වරදවා තේරුම් ගෙන සිටින ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අශුභ අනාත්ම ස්වභාවයන් බැලීමෙන් හරි දැනීම අැති කර ගැනීම ය.හරි දැනීම දියුණු කිරීම ය.ඒ හරි දැනීම දියුණු කිරීම අාර්ය්‍යඅට්ඨඞ්ගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්මා දිට්ඨිය වැඩීම ය.

ඔහු විසින් රූපාදී සංස්කාරයන් පිළිබඳවත්, ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ පිළිබඳවත්,සසර දුකින් මිදී නිවන් දැකීම පිළිබඳවත් යම් යහපත් කල්පනාවක් කෙරේ නම් එ් සම්මාසඞ්කප්ප නමැති දෙවන මාර්ගාඞ්ගය වැඩීමය.

යෝගාවචරයන් භාවනා කරන්නේ කායවාග්දුශ්චරිතටන්ගෙන් හා මිථ්‍යාජීවිකාවෙන් වැළකී සිට ගෙන ය.එය සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා අාජීව යන මාර්ගාඞ්ග තුන වැඩීම ය.

අනලසව භාවනාවෙහි යෙදීම සම්මා වායාම නමැති සවන මාර්ගාඞ්ගය වැඩීම ය.

නානාරම්මණයන් කරා සිතට යන්නට නො දී භාවනාව සම්බන්ධ අරමුණු ම නැවත නැවත සිතට නඟා ගැනීම – මතු කර ගැනීම සම්මා සති නමැති සත්වන මාර්ගාඞ්ගය වැඩීම ය.

අනා පදම් කළ නො වියළුණු මැටි ගුලියක් ගලක් උඩට හෙළූ කල්හි පෙරළීමක් උඩ පැනීමක් පිපිරීමක් නො වී වැටුණු තැන ම ගලබදා නිශ්චලව සිටින්නාක් මෙන්,පැමිණෙන පැමිණෙන අාරම්මණයෙහි නො සැලී සිත පිහිටුවන්නා වූ ස්වභාවය සමාධි නම් වේ.සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් දක්නා කල්හි යෝගාවචරයාහට කාමයන්ගේ නිසරු බව හා භයානක බව ද විදර්ශනාව අනුව ම වැටහීමෙන් ක්‍රමයෙන් කාමච්ඡන්දය තුනී වේ.දුරු වේ.කුශලචිත්ත සමාධියට අැති ප්‍රධාන බාධකය කාමච්ඡන්ද නීවරණ ය.කාමච්ඡන්දය බලවත්ව පවත්නා කල්හි සිතෙහි කාමයන් අතට අැදීමක් අැති බැවින් විදර්ශනා කරන අාරම්මණයන්හි සිත නිශ්චලව නො පිහිටයි.කාමච්ඡන්දය දුරු වත් වත් ම සිත භාවනාරම්මණයෙහි නිශ්චල වේ.එය සමාධිය දියුණු වීම ය.විදර්ශනා කිරීම් වශයෙන් සමාධිය දියුණු කිරීම සම්මාසමාධි නමැති අටවන මාර්ගාඞ්ගය වැඩීම ය.

විදර්ශනාඥානයට අරමුණු හොඳින් ගත හැකි වන්නේ එයට අරමුණෙහි නිසලව පිහිටිය හැකි වුවහොත් ය.එබැවින් බලවත් සමාධිය හා අැතිවන විදර්ශනාඥානය අාරම්මණයේ තත්වය පැහැදිලි ලෙස ගන්නා උසස් ඥානයක් වෙයි.සමාධිය දුබල කල්හි දියුණු තියුණු විදර්ශනා ඥානයක් අැති නොවේ.සමාධිය අනුව විදර්ශනා ඥානය දියුණු වේ.විදර්ශනා ඥානය අනුව සමාධිය දියුණු වේ.ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන්ගේ උපකාරයෙන් දියුණු වන්නෝ ය.

අාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම අනුව විදර්ශනා කරන යෝගාවචරයන්ගේ සන්තානයන්හි ඉතිරි බෝධිපාක්ෂික ධර්මයන් වන සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ඣංග යන මාර්ගාඞ්ගයන්ද වැඩෙන බව මග්ග සංයුත්තයේ වදාරා අැත්තේ ය.

ස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාෙගේ සන්තානයෙහි ලෞකික මාර්ගාඞ්ග වශයෙන් ක්‍රමයෙන් වැඩෙන මාර්ගාඞ්ග ධර්මයන් දියුණු වූ පසු යෝගාවචරයා භාවනාවෙහි යෙදී සිටින යම්කිසි හොඳ අවස්ථාවකදී එ් මාර්ගාඞ්ග ධර්මයෝ නිවන අරමුණු කෙරෙමින් ක්ලේශ ප්‍රහාණ ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයෙන් එක්වර සියල්ල එකට බැඳී ඒ යෝගාවචරයාගේ සන්තානයෙහි පහළ වේ.ඒ සෝවාන් මාර්ගය ය. ….

(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියූ “චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව”නම් ග්‍රන්ථයෙනි.)

ධර්ම දානය පිණිස (share මත click කර) බෙදාහරින්න.

තෙරුවන් සරණයි !!!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/38d3nLB
https://ift.tt/38iPuLE

යතුරුලියනය කර සකසන ලද පොත්, ස්කෑන් කර සකසන ලද පොත්, බෞද්ධ ත්‍රිපිටක මෘදුකාංග ආදී බෞද්ධ පොතපත 600කට වඩා දැන් එකම තැනකින් ලෝකයේ ඕනෑම කෙනෙකුට කිසිදු අවහිරයකින් තොරව නොමිලයේම භාගත කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

“ධර්මය බබළන්නේ විවෘත වූ තරමටයි. වැසුණු විට නො වේ.”
ඉපැරණි පොත් පත් සංරක්ෂණය වන්නේ ඒවා භාවිතා කරන තරමටයි.

හැකිතාක් share කර ධර්ම දානයට දායක වන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/38d3nLB
https://ift.tt/38iPuLE

යතුරුලියනය කර සකසන ලද පොත්, ස්කෑන් කර සකසන ලද පොත්, බෞද්ධ ත්‍රිපිටක මෘදුකාංග ආදී බෞද්ධ පොතපත 600කට වඩා දැන් එකම තැනකින් ලෝකයේ ඕනෑම කෙනෙකුට කිසිදු අවහිරයකින් තොරව නොමිලයේම භාගත කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

“ධර්මය බබළන්නේ විවෘත වූ තරමටයි. වැසුණු විට නො වේ.”
ඉපැරණි පොත් පත් සංරක්ෂණය වන්නේ ඒවා භාවිතා කරන තරමටයි.

හැකිතාක් share කර ධර්ම දානයට දායක වන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/38gDudG
නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?”

(1) ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(2) ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(3) මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(4) සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(5) කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධූ කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

තේරුම:

මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?

(1) මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(2) මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.

(3) මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(4) ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(5) මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3aiEikd
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 121🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 16

🌷 බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ සහ මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි කල දෙවිවරු.🌷

මග දෙපස හමුවන මිනිසුන් දුක්වී හඬා වැටීම.
මිට ඉහත ලිපියේ කී පරිදිම කුමරා සහ කුමරිය විසින් දරුවන් දෙදෙනා උකුලමත තබාගෙන තෙරක් නැති මහා වනය තුලින් ඉදිරියටම ගමන්කලා.
ඔවුන් ඉදිරි මාර්ගයෙහි හමුවන මිනිසුන් දැක වංකගිරිය කොහේදැයි අසනා සෑම විටකම තව දුරයි තව දුරයි යනුවෙන් මිනිසුන් පවසන්නට වුනා. අනුමග ද පෙරමග ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නේනම් වංකගිරිය කොහිදැයි ඔවුන් වෙතින්ද මාර්ගය විමසනු ලැබුවා. ඒ මිනිසුන්ද ඔවුන් යන දුර දැක වංකගිරිය දුරයි කියා ශෝකයෙන් හඬන්නට වුනා.

🌷 බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ. 🌷
ඒ යන මහා අතර තවත් පුදුමයක් වුනා. මග දෙපස සියලු ගස් බෝධිසත්වයන් වහන්සේගේ ආනුභාවට පලබරවෙලා. ඒ පලබරින් යුත් ගස් දැක දරුවෝ කෑ ගසමින් හඬන්නට වුනේ වෙහෙසත් බඩගින්නත් නිසා. හරිම පුදුමයි. බෝධිසත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් පලබර වූ ගස් නැමී ඔවුන් අත් ලගට එන්නට වුනා. රජයුවල එයින් මනාව පැසුනු ගෙඩි කඩාගෙන ඔවුන්ට දුන්නා. මෙම අසිරිය දැක මද්‍රි දේවිය පුදුමයෙන් පුදුමයට පත්වුණා. එය බුදුරජුන් මෙලෙස දේශණා කළා.

“ඉදින් දරුවෝ මහවනයෙහි පලගත් ගස් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස හඩයි. වැළපෙන දරුවන් දැක කම්පා වූ මියුරු පලයෙන් යුතු මහා වෘක්‍ෂයෝ තුමු නැමී දරුවන් ට සමීප වෙති.”

සියළු අගපසගින් හොබිනා මද්‍රි දේවිය නොවූවිරූ ලොමුදහගන්වන මේ පුදුමය දැක “වෙසතුරු රජුගේ තෙදින් වෘක්‍ෂයෝ තමන්ම නැමුනාහ. මේ වූ කලී ලෝකයේ අපුර්ව වූ ලොමුදහ ගන්වන අසිරියක්ම විය” යනුවෙන් උදම්අන්නට වුනා.

🌷 මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි කල දෙවිවරු. 🌷
ජයතුරා නගරයෙන් රුවන්ගිරිතල පර්වතයට දුර යොදුන් පහක්. එතැන සිට කොන්නිමාර නම් වූ නදියට තව යොදුන් පහක්. එතැන් සිට ආරඤඡරගිරි පර්වතයට යොදුන් පහක්. එයින් දුනනිවිටඨ බ්‍රහ්මණ ගමට පස්යොදුනක්. මෙලෙස ඒ මාර්ගය කි නොකී නගර සමග ජයතුරා නගරයේ සිට තිස්යොදුනකි. ඒ කියන්නේ අවම වශයෙන් මසක විතර ගමනක්. තවත් පුදුමයක්. දෙවියන් විසින් ඒ දීර්ග ගමන කෙටි කරනු ලැබුවා. දෙවියන් විසින් මාර්ගය හකුලනු ලැබුවා. එබැවින් ඒ දීර්ඝ වූ ගමන එක් දිනකින් නිමා කොට ඔවුන් මා තුල නගරය වෙත පැමිණිය. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මග හැකිලු නිසා නික්මුණු දවසේම චේතිය රටට පැමිණියා. ඒ කියන්නේ ජයතුරා නගරයෙන් උදේ ආහාර වෙලාවේ නික්ම සවස්භාගයේ චේතිය රටේ මා තුල නගරයට පැමිණියා. හැම සිදුවීමක්ම හරිම පුදුමයි ආශ්චර්යයි.

🌷 රජවරු සහ කුමාරවරු හැට දහසක් බෝධිසත්වයන් වහන්සේ වෙතට හඬාවැටෙමින් පැමිණීම. 🌷
ඔවුන් ඒ දීර්ඝ ගමන නිමාකොට සමෘද්ධ වූ විපුල වූ බොහෝ වූ මස් රස සහිත ආහාර ඇති ජනපදවලින් යුත් චේතිය රටට පැමිණියහ. චේතිය රටේ කාන්තාවෝ ස්ත්‍රී ලක්‍ෂණයෙන් පරිපුර්ණ මද්‍රි දේවිය දැක මහතා පුදුමයෙන් පිරිවරා ගත්තා.

“මේ බිසෝ ඉතා සියුමැලිය. එසේ නමුත් පා ගමනින් යයි. මේ බිසෝ පෙර දවස හිදොඵවෙන්ද රන්සිවි ගෙයින්ද ඇවිද ගිය ඒ මද්‍රි දේවිය අද වනයේ පා ගමනින්ම යයි.”

මහජනයා ඒ මද්‍රි දේවියද වෙස්සන්තර රජ ද දරුවන්ද අනාථයන් ලෙස පැමිණ ඇති බව දැක ගොස් රජුට සැලකළහ.හැටදහසක් රජවරු හඩා වැළපෙමින් මහාබෝධිසත්වයන් වහන්සේ ලගට පැමිණියා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
16-01-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/362KE3G
ප්‍රශ්නය :-

ස්වාමීන් වහන්ස, ශල්‍ය කර්ම වලදී භාවිතා කරන උපකරණ නිසා ඇතැම් ජීවින් විනාශ වෙනවා. මේක පාපයක්ද.?

පිළිතුර :-

ජීවීන් විනාශ වෙනව නම් ඒක පාපයක්. “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙ. නමුත් ඒ සතා මැරීම පිළිබඳ චේතනාවක් අපිට නැහැ. නමුත් තව කෙනෙක්ගේ සුවපත් භාවය උදෙසායි අපි ඒක කරන්නේ. සුවපත් භාවය උදෙසා හරි සතෙක් මැරෙනවා නම් ඒ අකුසලය අපිට එනවා. නමුත් තමා තුළ සකස් වන අනුන් සුවපත් වේවා කියන මෛත්‍රි චිත්තය තුළින් අර වෙන්නා වූ අකුසලය යටපත් වෙන්න පුළුවන්.

එක වෛද්‍ය ශිෂ්‍යාවක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්ස අපි සිහි නැති කරලා ගෙම්බො කපනවා. ඉතින් මේ ගෙම්බො කැපීම නිසා මට අකුසලයක් ද නැද්ද..? කියලා. මම කිව්වා ප්‍රාණඝාත අකුසලයක් තියෙනවා. කිසි කතාවක් නැහැ. නමුත් ඔබට දැන් ඕකෙන් මිදෙන්නත් බැහැ. ඒ නිසා ඔබ චිත්තයක් සකස් කර ගන්න, මම මේ සතාට මෙහෙම කරන්නේ අනාගතයේ දී තවත් මනුෂ්‍යයෝ දහස් ගාණකට ජීවිතය දෙන්න කියලා. නමුත්, අකුසලය අකුසලයමයි. ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා. නමුත්, චේතනාවෙන් අපිට ඒකෙ බලය දුර්වල කර ගන්න පුළුවන්. අපි ඒක දැනගන්න ඕනෙ.

හැම වෙලාවෙම තමන් කළා වූ ඕනෑම අකුසලයක් ඊට වඩා ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කර ගන්න පුළුවන්. ඒකට අපි දක්‍ෂ වෙන්න ඕනෙ. එක වැඩිවියට පත් වෙච්ච දෙපළක් ඇවිල්ලා මට කිව්වා “හාමුදුරුවනේ අපි තරුණ කාලයේ ධර්මය තුළ හිටියෙ නැහැ. නමුත්, දැන් අපි ධර්මය තුළ ඉන්නෙ. නමුත්, දැන් ධර්මය තුළ ඉන්න කොට තරුණ කාලයේ අපි අතින් වෙච්ච වරදක් අපිට මතක් වෙනවා. මම ඇහුවා මොකක්ද කියලා. “අපි බැඳපු අලුත අපිට දරුවෙක් අවශ්‍ය නැති නිසා අපි දරුවෙක් ගබ්සා කළා. නමුත්, එදා අපි මේකෙ වරදක් දැක්කේ නැහැ. නමුත්, ධර්මය තුළ ඉන්නකොට නිරතුරුවම දැන් අපිට ඒක මතක් වෙවී පීඩා දෙනවා ” හාමුදුරුවනේ.

මම ඇහුවා ඇත්තටම ඒක නිරතුරුවම මතක් වෙනවද කියලා, “ඔව්” කිව්වා. මම කිව්වා එහෙමනම් ඒක හරිම දරුණුයි. මොකද මැරෙන වෙලාවට ගබ්සාව මතක් වුණොත් ඔබ ඒ ප්‍රාණඝාත අකුසලයට අදාළ ප්‍රතිසංධියට යනවා. ඒ නිසා දැන් ඔබට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔබ ඒ කළා වූ අකුසලය ඊට වඩා ශක්තිමත් කුසලයකින් යටපත් කරන්න. ඔබ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒ අයගේ අම්මා තාත්තා දුප්පත්. බෙහෙතක් හේතක් අරන් දෙන්න බැහැ. මෙවැනි දරුවො දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒ ගොල්ලො ජීවත් වෙනකන් අවශ්‍ය සියලු දේ සපයන්න. ඒ ගොල්ලො ජීවත් වෙනවා දැකලා ඔබ චේතනාවක් සකස් කර ගන්න මගෙන් නැති වුණා වූ දරුවා වෙනුවට මම දරුවො තුන් දෙනෙකුට ජීවිතය ලබා දුන්නා. දැන් පරණ අකුසලය යටපත් කළා.

හැබැයි ඔය සිද්ධිය කරලා ආයෙමත් හිතන්න ගියොත් තේරුමක් නැහැ. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ. ඔබ ශක්තිමත් කුසලය තුළින් අර අකුසලය යටපත් කරලා දැන් ඒක අහවරයි කියලා අයින් කර ගන්න…!!!

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න – https://ift.tt/3ahPDBa

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2suTYjb
යම් කාරණයකින් කටයුතුවූ අර්ථය (ඡන්දාගති ආදියෙහි පිහිටා මුසාවාදයෙන්) වහා විනිශ්චයකෙරේද ඒ කාරණයෙන් (විනිශ්චය) ධර්මයෙහි පිහිටියා නම් නොවෙයි. නුවණැත්තාවූ යමෙක් වනාහි සත්‍යවූ කාරණයද අසත්‍යවූ කාරණයද යන දෙක නිශ්චය කෙරේද.

“න තෙන හොතී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විනිශ්වය මහ ඇමති නිමිති කරගෙන දේශනා කළහ.

එක් දිනක් භික්ෂූන් වහන්සේලා සැවත උත්තර ද්වාර ගමේ පිඬු පිණිස චාරිකාවේ යෙදී පිණ්ඩපාතයෙන් වැළකුනේ නගරය මැදින් විහාරයට යති. එම අවස්ථාවේදී වැස්සක් පැනනැගුනි. ඔහු ළගම ඇති විනිශ්චය සාලාවට පිවිස සිටියදී) විනිශ්චය මහ ඇමති අල්ලස් ගෙන ස්වාමීන් අස්වාමීන් කරණු දැක, අහෝ මේ අධාර්මික අය අපි “ධාර්මික විනිශ්චය කරන්නෙමු”යි සනිටුහන් ඇතිව අධාර්මික විනිශ්චය කරතැයි, වැස්ස පහව ගියවිට විහාරයට ගොස් බුදුන් වැඳ එකත් පසෙක හිඳ මේ කරුණු දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මහණෙනි, ඡන්ද දෝෂ භය මෝහ යන්ගෙන් මුලාවී සැහැසිව අර්ථ විනිශ්චය කිරීම අධර්ම නම් වේ. ධාර්මික නොවේ, අපරාධ විනිශ්චය කිරීම විද්‍යාමාන කරණු අනුව අපරාධයට අනුරූපව දරුණ නොවන අන්දමින් විනිශ්චය කිරීම ධාර්මික විනිශ්චය වන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.

දැහැමෙන් සෙමෙන් විමසා සියලු තොරතුරු

නඩුවක තීන්දුව දිය යුතුය නිරතුරු

අල්ලස, බිය, තරහ, තමබවම සුමිතුරු

තීන්දුව දෙතොත්, ඔහු අදැමි විනිසුරු

යම් හෙයකින් නඩුව බොරුවෙන් විසදයිද එපමණින් නීති ධර්මයෙහි පිහිටියෙක් නො වන්නේය. නුවණැති පුද්ගලයා දහමින් ද සමයෙන් ද වරද වු ලෙසත්ම සළකා විසදයි ද? විනිශ්චය ධර්ම අනුව රකින්නා ඔහුම වේ. ධාර්මික ලෙස විනිශ්චය දහම් හි පිහිටියේමය.

එහි තෙන යනු මේ කරුණින් රජවරු ධාර්මික රජවරුන් වශයෙන් තමන් විසින් කළයුතු විනිශ්චය ධර්මයේ මනාව සිටියේද ධම්මට්ඨ වේ. එසේ නොවන්නේ ධර්මිෂ්ඨ නොවේ. යනු යම් කරුණකින් අත්ථං යනු විනිසකරු වෙත විසඳීමට පැමිණි නඩු විනිශ්චය කළයුතුයි යන අර්ථයි. සහසානයේ යනු ජන්දය ආදි අගතීන්හි පිහිටා සැහැසික මුසාවාදයෙන් විනිශ්චය දෙයි ද යමෙක් ඡන්දයේ පිහිටා තමන්ගේ ඥාතීන් කෙරෙහි – යමෙක් ඡන්දයේ පිහිටා වෛරීව බොරුකියා ස්වාමීයා – අහිමියා කරයිද, මෝහයේ පිහිටා අල්ලස් ගෙන විනිශ්චය කාලයේ අවධානය වෙනස් වුයේ ඔබ මොබ බලමින් බොරුකියා මොහු විසින් දිනන ලදි. මොහු පරාජය වියයි, අනුන් බැහැරකරයිද? බියෙන් පිහිටා කෙසේ හෝ අයිතිකරුට පරාජය හිමිවී අස්වාමිකයාම ජය ලබාදෙයි ද මෙය නපුරු ලෙස අර්ථය පමුණුවයි ද ඔහු ධම්මට්ඨ නම් නොවේ. අත්ථං – අත්ථං වාති – යනු සිදු වු හෝ සිදුනොවු කරුණු උහොවිනි චෙඡයාති යම් නුවණැතෙක් නුවණ ඇතිව අර්ථ අනර්ථ දෙකේ විනිශ්චය කර කියයි අසාහසෙන මුසාවාදයෙන් බොරුවෙන් නොවේ. ධම්මෙන යනු විනිශ්චය ධර්මයෙන් ඡන්දාදි වශයෙන් නොවේ. සමෙන යනු අපරාධයට අනුරූප වශයෙනි. ඡන්දදොශ වශයෙන් නොවේ. සමෙන්ති අපරාධයන්ට අනුරූපවම අන් අයට ජය හෝ පරාජය වෙනස් නොකරයි. ධම්මස්ස ගුත්තෙ – යනු ඔහු ධර්මය රකින්නේ ධර්මානුකුල ප්‍රඥාවෙන් යුතු වුයේ, නුවණැත්තේ විනිශ්චය ධර්මයේ සිටියේය නමැයි කියයි.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වුහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!