Monthly Archives: January 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QY5o8M
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 120🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 15

🌸 දෙවියන් විසින් අදිනු ලැබූ අශ්රිය.

🌸 නෑයන්ගෙන් අවසර ගැනීම.

යුවරජ යුවළගෙන් අවසරගත් වෙසතුරු කුමරු තම අලුත් ජීවිතය කරා යාමට සැරසුණා. උන්වහන්සේ ඒ වනවිටත් මාළිගය අවට රැස්වී සිටි නෑයන් සහ මහජනයා වෙතට ගොස් මේ බව ඔවුන්ට දන්වා සිටියා පමණක් නෙවෙයි ආශීර්වාදද කරනු ලැබුවා. අපගේ නෑයෝ නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා! මෙසේ අප මහා බෝධිසත්වයන් වහන්සේ මහජනයාට සහ නෑදෑයිනට කථාකර අප්‍රමදිව දානාදී පින්කම් කාරව් යැයි අවවාද දී යනවිට බෝධිසත්තවයන් වහන්සේගේ මව, “දානය ධනය කොට ඇති මාගේ පුත්‍රයා දන් දෙනු ලැබේවායි” තමන්ගේ ආභරණ සමග සප්ත රත්ත්නයෙන් පිරුණු ගැල දෙපැත්තටම යැව්වා. ඔහු ද තමාගේ ඇගෙහි පැළදගෙන සිටින ආභරණ ගලවා පැමිණි යදියන්ට අටළොස් වාරයක් දන්දී ඉතිරි සියල්ල ද දන් දුන්න. ඒ සියල්ල අවසානයේ රාජකීය අශ්වරථය වෙත පැමිණියේ තනියෙන්ම ඒ ගමන යන්නටයි. මහත් පුදුමයක්. ඒ වනවිටත් මද්‍රී දේවිය දරුවන් දෙදෙනා හා සමගින් රථයෙහි අසුන්ගෙන අවසන්. වෙසතුරු රජ ඇතුළු සියලුම දෙනා කොතරම් මෙම ගමනේ අවදානම ගැන ඇය හට පැවසුවත් ඇයගේ සිත වෙනස් කිරීමට සියල්ලෝම අපොහොසත් වුනා. මට දැන් හිතෙනවා අප මහා බෝධිසත්වයන් වහන්සේ අභිනික්මන් කරන අවස්ථාවේ යසොදරාදේවිය අවදියෙන් සිටියානම් දරුවා සමග පසුපසින් එන එක වළක්වන්නට කාටවත් නොහැකිවේවි කියලා.

🌸 සතරවෙනි වතාවටත් මහපොළව කම්පාවීම.

අවසානයේ කුමරියත් දරු දෙදෙනාත් සමගින් මාළිගයෙන් නික්මෙන්නට වුනා. නගරයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත්වෙන කුමරුන් හට අවසන්වරට මාළිගය දෙස හැරී බලන්නට ආසාවක් ඇතිවුනා. ඒ සමගින්ම වුනේ තවත් මහා ආශ්චර්යයක්. ඔහුගේ සිතැගි පරිදි රථය තිබෙන තැන පමණක් මහපොළොව බිදී පෙරළී රථය නගරය දෙසට යොමුවී සිටියා. උන්වහන්සේ අවසන් වරට මව්පියන් සිටින තැන දෙස බලන්නට වුනා. ඒ කාරුණිකත්වයෙන් මහා පොළොව කම්පාවන්නට වුනා. නගරයෙන් නික්ම නතරවී බලනකල්හි මහමෙර නැමති මුදුන්මල්කඩ සහිත මහපොළොව නැවත නැවතත් කම්පා වන්නට වුනා.

උන්වහන්සේ මාළිගාව දෙස අවසන් වරට බලා මද්‍රි දේවිය ලවා ද බලවන්නට මෙලෙස ගාථාවක් කියන්නට වුනා. “මද්‍රි දේවිය බලන්න. සිවිරජුන්ගේ නිවාසය. රමණීයව පෙනෙයි. ඒ මාගේ පියා පරම්පරාවෙන් පැමිණි මාලිගයයි. එම නිසා මෙහි බලන්න.” ඉන්පසු අප මහා බෝධිසත්වයන් වහන්සේ සහජාත හැටදහසක් අමාත්‍යන්වද සෙසු ජනයා දෙසද බලා රථය යලි පදවමින් මද්‍රි දේවියට මෙලෙස කිවා. “සොදුර ඉදින් පසුපස්සේ යාචකයෝ එත්දැයි විමසිලිමත් වන්න.” ඇයද ඒ වචනයට කීකරුව පසුපස බලමින්ම පැමිණෙන්නට වුනා.

🌸 අශ්වයන්ද දන්දීමෙන් පසු දෙවියන් විසින් අශ්වකරත්තය ඇදගෙනයාම.

ඇය එලෙස බලමින් සිටි අතර තුරදී ඔහුගේ සත්තසතික දානයට පැමිණීමට නොහැකි වූ බ්‍රාහ්මණයෝ සතරදෙනෙක් නගරයට අවුත් රජතුමා කොහේදැයි විමසන්නට වුනා. එවිට උන්වහන්සේ දන් දී මාළිගයෙන් පිටව ගිය බව ඔවුනට දැනගන්නට ලැබුනා. ලොව කොහෙත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදවිය සිටිනවා. එවිට ඔවුන් ජනයාගෙන් ඇසුවේ ඔහු රැගෙන ගියේ මොනවද යන්නයි. ඉතා අලංකාර අශ්වරථයකින් ගිය බව අසා ඔහුගෙන් අශ්වයන් ඉල්ලන්නෙමුයි ලුහුබැද යන්නට වුනා. වෙසතුරු කුමරු කී පරිදී පසු පස බලමින් පැමිණි දේවිය ඔවුන් එන දසුන දුටුවා. මද්‍රි දේවිය එන්නා වූ ඔවුන් දැක “ස්වාමීනි, යාචකයෝ යැයි දන්වනු ලැබුවා. මහාසත්වයෝ ඒ සැණින්ම වහාම රථය නතර කළා. ඔවුහු අවුත් එකවරම අශ්වයන් මහාබෝධිසත්ත්වයන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේ සියල්ලම දන් දී දරුපවුලත් සමග යන ගමන ගැනවත් නොසිතමින්. මහාබෝධිසත්ත්වයන් වහන්සේ එක මොහොතක් යලි සිතුවේ නැහැ. අශ්වයෝ සතරදෙනා ද ඔවුන්හට දන් දුන්නා.

අශ්වයන් දුන්විටම තවත් මහා ආශ්චර්යයක් සිදුවණා. ඒ අශ්වයන් නැති රථයේ වියගහ අහසෙහි පිහිටීමයි. ඉන්අනතුරුව ඒ බමුණන් නික්ම යනවත් සමගම දෙවපුත්‍රයෝ සතරදෙනෙක් තිත්මුව වෙසින් අවුත් රථයේ වියගහ භාරගෙන රථය ඉදිරියට ගෙනයන්නට වුනා. මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන් දේවපුත්‍රයන් බව දැන මෙසේ තම දේවියට පවසන්නට වුනේ මහත් ප්‍රීතියෙන්.

” මද්‍රිය බලන්න, ඒ ඉදිරියෙන් විසිතුරු රූපයක් මෙන් පෙනෙන්නේ දෙවිවරුන්. ඔවුන් තිත්මුව වෙසින් අවුත් මනාව පුහුණු අසුන් මෙන් අපව උසුලති”.

🌸 අශ්ව කරත්තයද දන්දී පාගමනින් පිටත්වීම.

එහෙත් එලෙස සතුටින් වැඩිදුරක් යන්නට වුනේ නැහැ. මෙසේ යන්නාවූ ඔහුගෙන් වෙනත් බ්‍රහ්මණයන් පිරිසක් අවුත් රථය ඉල්ලන්නට වුනා. හරිම පුදුමයි ඒ අත්හැරීම වගේම දානය. මහා බෝධිසත්ත්වයන් වහන්සේ දරුවන් හා බිසව රථයෙන් බස්සවා ධනය සොයනා බමුණන් හට රථයද දන් දුන්නේ තව යන්නට ඇති දුර ගැනවත් නොසිතමින්. රථය දුන්සැණින් රථය පදවාගෙන පැමිණි දේවපුත්‍රයෝ අතුරුදහන් වුණා. මේ සියලු දේ නැතිව යද්දීත් අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාරය පුරා වඩමින් පැමිණි ඒ විර්යය හීන වුනේ නැහැ. ඒ හැමදෙයක් දෙසම උපේක්‍ෂාවෙන් බලමින් මද්‍රී දේවියද නිහඬව පසුපසින්ම හිටියා.

එතැන් පටන් ඔවුන් පාගමනින් ඉදිරියටම යන්නට වුනා. ඒ අතරතුරදී මහා බෝධිසත්ත්වයන් වහන්සේ මද්‍රිදේවියට මෙහෙම කීවා.

” මද්‍රිදේවියනි ඔබ ක්‍රිෂ්ණජිනාව ගන්න. මේ ළදැරිය නොබරය, මම ජලියකුමරු ගන්නම්. ඒ මොකද වැඩිමලා ගොඩක් බර නිසා. මෙසේ කියා දෙදෙනාම දරුවන් දෙදෙනාව ඇකයෙන් ගෙන පිටත්ව යන්නට වුනා. වෙසතුරු රජතුමා කුමරු ද දේවිය දියණියව ද ගෙන ඔවුනොවුන් ප්‍රියතෙපුල් බලමින් සතුටුවෙමින් ගියා.

සාදු සාදු සාදු

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-01-2020

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 දාන කාණ්ඩය නිමි. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30kwlXh
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 119🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14

🌺 පින්වත් කුලවත් ක්‍ෂත්‍රිය වාංශික කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්.

අප දන්නා තරමින් හා අපගේ අත්දැකීම්ද අනුව මෙවැනි විශාල පින්කම් සංවිධානය කරනාවිට දෙවියන්ගේ ආශීර්වාදය අනුග්‍රහය පමණක් නොව මගපෙන්විම්ද ආරක්ෂාවද ලැබෙනවා. මෙම කතාව පුරාම ඇත්තේ එවැනි සිද්ධීන් බොහෝසේ ලියා තිබුනා. මෙයද එවැනිම කතාවක්.

සත්තසතික දානයේ එක දාන අංගයක් වුයේ කුලවත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් සත්සියයක් දන් දීමය. මෙය දැනගත් රාජවංශිකයින් වගේම දෙවිවරුත් කලබලයට පත්වුන්නා. ඒ පින්වත් කුල කන්‍යාවියන් පාපතර මිනිසුන්ගේ අතට පත්විය හැකියයි සිතුණු බිය නිසා ඒ නිසා දෙවියන් විසින්ම මෙම පණිවිඩය සියළු දඹදිව රජුන්හට, වෙස්සන්තර රජු විසින් ක්‍ෂත්‍රිය කන්‍යා ආදීන් මහදන් දෙන්නේයැයි දැන්වුවා. ඒ ඇසූ ක්‍ෂත්‍රියෝ දේවානුභාවයෙන් රථවලින් අවුත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් ආදී දානය ලබාගෙන පිටත්ව ගියා. මෙසේ බ්‍රහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර ආදීහු දනය ගෙන ගියා.

🌺 වෙස්සන්තර කුමරු නික්මයාමට පෙර දෙමාපියන්ගෙන් අවසර පැතීම.

මේ මහා දානය දෙන්නාවූ වෙසතුරු කුමරු හට සවස් වන බව සිහියට නැගුනේ නැහැ. දානය අවසානයේ හෙතෙම තමන්ගේ වාසස්ථානයට ම ගොස් “මව්පියන් වැද හෙට යන්නෙමියි” සිතා සරසන ලද රථයෙන් තම මව්පියන් වන පියරජතුමා සහ දේවිය සිටි තැනට පැමිණියා. මද්‍රි දේවිය “මම ද මොහු සමග ගොස් මව්පියන්ට දන්වන්නෙම්යි කුමරු සමග එකතුවුණා. මහාසත්වයෝ පියාට වැද තමන් යන ගමන දන්වාසිටියා. දැහැමි රජුන් අතරෙහි උතුම් වූ සංජය රජ ඇමතු වෙස්සන්තර කුමරු “රජතුමනි, හෙට මම රටින් පිටවී යන්නෙමි. මම වංකගිරියට යමි. මහරජතුමනි යම්කෙනෙක් අතීතයෙහි වූවාහුද අනාගතයේ වන්නාහුද වර්තමානයේ වෙත්ද ඔවුහු හැමදෙන කාමයෙන් තෘප්ත නොවුවාහුම මරණයට පත්වෙති. ඒ මම සිය නුවර දන් දෙන්නෙමි. තමාගේ නුවරවැසියන් පෙළිමි. ඒ මම සිවි රටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නමි. කගවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු ඒ දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාම නමැති මඩෙහි ගැලෙව.

මෙසේ මහසත්ත්වයෝ ගාථා සතරකින් පියා සමග කියා මව සමීපයට ගොස් වැද පැවිද්ද අනුමත කරවා ගැනීම සඳහා මෙසේ කියනු ලැබුවා.

” මෑණියනි මට පැවිද්දට කැමැත්ත දෙන්න. මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සිය නුවර දැන් දෙන්නෙමි, සිය නුවර වැසියන් පෙළෙමි. ඒ මම සිවිරට වැසියන්ගේ වචන හේතුවෙන් සියරටින් නික්මෙන්නෙමි. කගවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාමයෙහි ගැලෙව.”

🌺 මවු තුමිය විසින් වෙසතුරු කුමරුගේ දේවිය සහ දරුවන් රැගෙන නොයන ලෙස වෙසතුරු කුමරුහට ලෙස අවවාද කිරීම.

එය අසා පුසති දේවිය මෙසේ පවසනු ලැබුවා. පුත, පැවිද්ද අනුදනිමි. තොපගේ පැවිද්ද සමෘද්ධ වේවා. වැලිත් මනා උකුළු ඇති සිහිනිග ඇති යහපත් වූ මේ මද්‍රි දේවි දරුවන් හා සමග මෙහිම සිටීවා. ඔවුන් වනයෙහි කුමක් කරන්නද? ධාන්‍ය යෙන් සමෘද්ධ වේවා. මෙහිම සිටීවා. එය අසා සිටි වෙස්සන්තර රජු මෙසේ කියන්නට වුනා.

“මම නොකැමැත්තෙන් දාසියක වුව ද වනයට ගෙන යන්නට උත්සාහ නොකරමි. ඉදින් ඕ කැමති වූ නම් මා අනුව ඒවා. ඉදින් නොකැමැති නම් සිටීවා. මම අකමැත්තෙන් එක් දාසියකද ගෙන යන්නට උත්සහ නොකරමි. ”

🌺 පියරජුගේ ආයාචනය

කොතරම් නීති දැම්මත් දණ්ඩනයට යටත් කලත් පියවරුන්ගේ සිතෙහි දරුවන් කෙරෙහි ඇතිවන ආදරය කරුණාව මවගේ ආදරයට දෙවන නොවන බව දන්නේ මමත් එවැනිම පියෙකු නිසාය. පුත්‍රයාගේ කථාව අසා සිටි රජු ඔහුගෙන් මෙලෙස ඉල්ලා සිටින්නට වුනා. එලෙසම පිය මහරජ ලේලියගෙනුත් මෙලෙස යදින්නට පටන් ගත්තේ ඇයවත් ඔහුට ඇහුම්කන් දේවි යන සිතුවිල්ලෙන්.

“රත්සදුන් ආලේප කළ සිරුරෙහි රජස්දැල් නොදරව , කසීසළු දරා කුස වැහැරී නොදරව වනයේ වාසය දුකකි. සුන්දර ලක්‍ෂණ ඇත්තීය තොපි නොයව.” එවිට මද්‍රි දේවිය මෙසේ කීවා. වෙස්සන්තර රජුගෙන් වෙන්ව මට යම් සුවයක් ලැබෙන්නේනම් මම ඒ සුවයට නොකැමෙත්තෙමි.

එවිය මහරජ ඇයට මෙසේ කියයි. එම්බා මද්‍රි දෙවියනි වනයෙහි නොඉවසිය හැකි යම්බදු දුකක් වෙත්ද ඒ දුක අසව එහි කුඩා ප්‍රාණීහුය, පලගැටියෝ ය මදුරුවෝ ය මීමැස්සෝ ය යන මොවුහු බොහෝ වෙති. ඔවුන් තොපට හිංසා කරයි. එය ඔබට අතිශය දුකක් ම වන්නේය. ගන්ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන් අනෙක් සත්ත්ව කෙනෙකුන් බලව විෂ නැති පිඹුරු නැමති සර්ප කෙනෙක් ඇත. ඔවුහු මහත් බල ඇත්තාහ.ඔවුන් තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැලින් වෙළා තම වසයට ගනී. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නා ලද පුරුෂයා ගසට නැග නොමිදෙයි. මෙහි සෝතුම්බර ගන්තෙරෙහි තියුණු අන් ඇති අන් ගටමින් පහරදෙන කුලුමීමෝ හෙසිරෙති. වනයෙහි හැසිරෙන මුවරැල ගවරැල දැක වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් මද්‍රි කුමක් කරනනිද? මද්‍රි දේවිනි රුක්මත පනින විරූප වූ වදුරන් දැක වනමග නොදන්නා තොපට මහත් භයක් වන්නේය. යම්බදු තොපි පෙර සිවල්දෙනකෙගේ හඩ අසා පුන පුනා තැති ගත්තේය.ඒ තොපි වංකගිරියට ගොස් කුමක් කරන්නද? මධ්‍යහේන වේලෙහි පක්‍ෂීන් නිහඩව සිටිකල්හි මහවනය නාද කරන්නාක් වැනිය. එහි කුමට කැමැත්තෙන් යන්නේද?

🌺 මද්‍රී දේවිය ද වෙසතුරු කුමරු හා සමග වනගත වන බවට ප්‍රතිඥා දීම.

පියරජතුමා විසින් ඉතාමත් සංවේදී ජනකව ඇගෙහි ලොමුදහැගන්පැවන කරුණු සහ ඔවදන් අසා සිටි සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය රජුහට මෙසේ කියන්නට වුනා.

“වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහිද ඒ හැම ඉවසන්නෙමි. උතුමාණෙනි යන්නෙමි. කෘෂ තණය පෝටකීල තෘනය සැවන්දරා මෘදු තෘනය බබුස් තෘනය යන මේවා උරයෙන් දෙපසට කර බැහැර කරන්නෙමි. මේ වෙසතුරු රජු විසින් දුකසේ ගෙනයන්නක් නොවන්නෙමි. කුමාරි තොමෝ බොහෝ වෘත චර්යාවන්ගෙන් පසු ස්වාමියකු ලබා ගනී. ඒ ගව හනුයෙන් උකළුතලය තැලීමෙන්ද උදරය වෙලීමෙන්ද ගිණි පිදීමෙන්ද දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. ලොව වැන්දඹු බව අමිහිරිය. හිමියා සමග යන්නෙමි.

පියරජු සහ මවුතුමිය විසින් මෙලෙස වෙසතුරු රජ සමග යන ගමන කොපමණ අවදානම්ද යන කාරණය මද්‍රී බිසවට අවබෝධ කරවන්නට හැදුවත් ඒ බෝසත් බිරිඳ ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් ගණන් ගත්තේ නැත්තේ සංසාරයේ කල්ප ගණනක්ම මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ලබා ඇති අත්දැකීම් නිසාම වෙන්න ඇති. තවත් එක් අත්මභාවයක වර්තමාන යසෝදරාව මද්‍රි දේවිය වී බුද්ධත්වය සඳහා පාරමීදම් පිරිම සඳහා උදවු වීමට ඇයද අනේක වූ රජසැප අතහැරියා. අවසානයේ පියරජතුමා සහ දේවියට නිහඬ වී සුසුම් හෙලීම හැරෙන්නට වෙන කළහැකි විකල්පයක් තිබුනෙම නැහැ. ඒ දෙදෙන බුදු වූ අත්මභාවයේ දෙමාපියන් වූ ශුද්ධෝදන රජු සහ මහමායා දේවියමයි.

සාදු සාදු සාදු

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
12-01-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2uHAQPD
පාලි බැඳි අකුරු පරිවර්තකය වෙත පිවිසෙන්න
https://ift.tt/3725G45

බැඳි අකුරුවලට සහය දක්වන sinhala fonts භාගත කරගන්න
https://ift.tt/37We7hg
https://ift.tt/2QOiVPX
පාලි type කරන, පාලි පොත් සකස් කරන හෝ පාලි භාෂාව ගැන උනන්දුවක් දක්වන අයගේ දැනගැනීම පිණිස හැකිතාක් share කරන්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2uHAQPD
පාලි බැඳි අකුරු පරිවර්තකය වෙත පිවිසෙන්න
https://ift.tt/3725G45

බැඳි අකුරුවලට සහය දක්වන sinhala fonts භාගත කරගන්න
https://ift.tt/37We7hg
https://ift.tt/2QOiVPX
පාලි type කරන, පාලි පොත් සකස් කරන හෝ පාලි භාෂාව ගැන උනන්දුවක් දක්වන අයගේ දැනගැනීම පිණිස හැකිතාක් share කරන්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2uHAQPD
පාලි බැඳි අකුරු පරිවර්තකය වෙත පිවිසෙන්න
https://ift.tt/3725G45

බැඳි අකුරුවලට සහය දක්වන sinhala fonts භාගත කරගන්න
https://ift.tt/37We7hg
https://ift.tt/2QOiVPX
පාලි type කරන, පාලි පොත් සකස් කරන හෝ පාලි භාෂාව ගැන උනන්දුවක් දක්වන අයගේ දැනගැනීම පිණිස හැකිතාක් share කරන්න