Monthly Archives: February 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2P8pHPb
එක් දිනක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදී පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන දෙව්රම් වෙහෙරට පිවිසියහ. රජතුමා විහාරයට ගොස් බුදුන්ට ආරාධනාකර දෙවන දිනයේ ආගන්තුක දානය සාදා මගේ දානය ඇවිත් බලන්නැයි නගර වැසියන් කැඳවීය. නුවර වැස්සෝ අවුත් රජුගේ දානය දැක දෙවන දිනය සඳහා බුදුන්ට ආරාධනා කර දානය සකසා අප දෙන දානය රජතුමා දකීවායි රජුට පණිවිඩ යැවුහ. රජතුමා නාගරිකයන්ගේ දානය දැක බලා – මෙම දානය මගේ දානයට වඩා උතුම් යයි නැවත දානයක් දෙන්නෙමියි ඊළග දින දානයක් සුදානම් කළේය. එය බලා

නාගරිකයෝද නැවත දානයක් සුදානම් කළහ. මෙලෙසින් රජුට නුවරුන් පරාජය කිරීමට නොහැකිවිය. හයවැනි වාරයේදී නුවර වැස්සෝ සියදහස් ගුණයෙන් වැඩිකර වඩා උතුම් දාන පිරිනැමුහ. රජු මේ දාන දැක මොවුන්ට වඩා වැඩිදාන පිරිනැමීමට නොහැකිය මගේ ජිවිතයෙන් වැඩක් නැතැයි සිතුවේය. මෙලෙස කලකිරි උපායක් සිතමින් නිදාගත්තේය. මේ අතර මල්ලිකා දේවිය පැමිණ ඇය මහරජ මෙලෙස වැතිරී සිටින්නේ ඇයි ! ඔබ කලාන්ත වී මෙන් සිටින්නේ කුමක් නිසාදැයි විමසුවාය. රජතුමා දේවිය ඔබ නොදනීද මම දන්නේ නැත දේවයනි. ඔහු ඇයට සිදුවූ දෙය පැවසුවේය. අනතුරුව මල්ලිකා දේවිය මෙසේ පැවසුවාය.

දේවයනි නොසිතන්න. පෘථවිශ්වර වූ ඔබ නාගරිකයින්ට පරාජය වීමක් අසන්න දකින්න ලැබෙයිද? මම ඔබතුමන්ගේ දානය සංවිධානය කරන්නෙමි. අනතුරුව අසදෘෂ දානය සංවිධානය කරමින් සල් ලෑලිවලින් පන්සියයක් භික්ෂූන්ට වැඩසිටීම සඳහා රවුමට අසුන් පනවන්න. පන්සියයක් කුඩ තබන්නැයි පැවසුවාය. මේ කුඩ පන්සියයක් ඇතුන් විසින් දරණු ඇත. මැණික්මය වූ හෝ රන්මය වූ නැව් අටක් හෝ දහයක් කරවන්න. ඒවා මණ්ඩපය මැද තබනු ලැබේ. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර ක්‍ෂත්‍රිය කන්‍යාවක් වාඩිකරවා සුවඳ අඹරනු ඇත. එක් එක් ක්‍ෂත්‍රිය කන්‍යාවක් විජිනි පතක් ගෙන පවන් සලනු ඇත. අනෙක් ක්‍ෂත්‍රිය දුවණිවරු ඇඹරූ සුවඳ නැවට දමනු ලැබේ. ඔවුන් අතරින් එක් දුවක් නිල් උපුල් කළඹක් ගෙන රන් නෞකාවල දමන ලද. සුවඳ කුඩු කළඹ සුවඳ පතුරුවති. නගරවාසීන්ට ක්‍ෂත්‍රිය දුවණිවරු නැත. සුදු කුඩද නැත. ඇතුන්ද නැත. මෙම කරුණු නිසා නුවර වැසියෝ පරාජයට පත්වෙති. ඔබ විසින් යහපත් දෙයක්ම කියනලදී. ඔබ කිව් අයුරින්ම සියල්ල කරමි. මෙලෙස සුදානම් කරන අතර එක් භික්ෂුවකට ඇතෙක් මදිවිය. කුමක් කියන්නේද? ඇතුන් පන්සියයක් නැතිද? දේවිය ඇතුන් ඇත. එනමුත් අනෙක් ඇතුන් සැඩපරුෂය. ඔවුන් භික්ෂූන් වහන්සේලා දැක වේරම්භ වාතය සේ සැඩවන්නෝය. දේවයනි. මම එක් සැඩ පරුෂ ඇතෙක් සේසත දරමින් තැබියයුතු තැනක් දනිමි. ඒ කොහිද දේවිය. අංගුලිමාල ආර්යන් වහන්සේ ළඟයයි පැවසුවාය. රජතුමා එසේ තැබවීය. ඇත් පෝතකයා වලිගය කලවා අතර රුවාගෙන දෙකන් පොලාගෙන ඇස් වසා ගෙන සිටියේය. මහජනයා මෙබඳු සැඩ ඇතුන්ට නියම ආකාරයයි ඇතා දෙසම බලාසිටියහ. රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වළඳවා දමා බුදුන්ට වැඳ ස්වාමීනි! මේ දානයේ කැප භාණ්ඩ හෝ අකැප භාණ්ඩ හෝ සියල්ල ඔබවහන්සේට පුජා කරමියි පැවසුවේය.

මෙම දානයේදී එකදිනකට වැය කළ මුදල කෝටි දාහතරක් විය. බුදුරජාණන් වහන්සේට පැනවූ සේසත වාඩිවන පුටුව මේසය පා පීඨය යන මේ භාණ්ඩ හතර ඉතා අධික වටිනාකමක් විය. එනිසාම අසදිස දාන නමින්ම ප්‍රසිද්ධවිය. එබඳු දානයක් බුදුවරුන්ට එක්වරක් පමණක් පවතී. සියල්ලම ස්ත්‍රීන් විසින් ම සංවිධානය කෙරෙති.

මේ කොසොල් රජතුමාට කාල හා ප්‍රේහ යනුවෙන් ඇමතිවරු දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා අතරින් “කාල” මෙලෙස සිතුවේය. අහෝ රාජ කුලයේ පරිහානිය සිදුවේ. එක් දිනකට කෝටි දාහතරක් වැයවේ. මෙම භික්ෂූන් මේ දානය වළදා ගොස් වැතිරි නිදාගන්නාහුය. අහෝ රාජකුලය වැනසේ. යනුවෙනි. ජුණ්හ මෙසේ සිතුවේය. අහෝ රජුගේ දානය රජ නොවන කෙනෙකුට මෙබඳු දානයක් සියළු සත්ත්වයන්ට ප්‍රාප්ති දෙන්නේ නම් නැත එනිසා මම මේ දානයේ පිං අනුමෝදන් වෙමියි යනුවෙනි. බුදුරජාණන් වහන්සේ දන් වළදා අවසානයේ අනුමෝදනය කරමියි පාත්‍රය ගත්හ. බුදුරජාණන් වහන්සේ මෙලෙස සිතූහ. මහරජ මහා සැඩ පහරක් මෙන් මහා දානයක් දෙන ලදී. මහජනයාට සිත ප්‍රසාදයට පත්වීමට හේතු වීද නොවීදැයි විමසා බලමින් ඇමතිවරු දෙදෙනාගේ සිත් ස්වභාය දැන ඉදින් රජුන්ගේ දානයට සුදුසු අනුමෝදනයක් කරන්නේ නම් කාල ඇමතිගේ හිස සක්කඩකට පැලේ. ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්වන්නේ යයි දැන – කාල කෙරෙහි අනුකම්පාවෙන් මෙතරම් මහත් දානයක් පිරිනැමු රජුට සතර පද ගාථාවක් පමණක් පවසා අසුනින් නැගිට විහාරයට වැඩමකළේ භික්ෂූන් විසින් අංගුලිමාල තෙරුන් විමසුහ. ඇවැත්නි. දුෂ්ටවූ ඇතා ජත්‍රය දරා සිටියදී ඔබ වහන්සේට බියක් ඇති නොවුවේද? නැහැ ඇවැත්නි මට බියක් ඇති නොවීය. එම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අංගුලිමාල තෙරුන් අනෙක් කරුණක් පවසන්නේ යයි පැවසුහ. මහණෙනි ! අංගුලිමාල බිය නොවේ රහත් උතුමෙකි. උතුම් වෘෂභ රාජයන් අතර ජ්‍යෙෂ්ඨ වෘෂභයා සමානව මගේ පුත් අංගුලිමාල බිය නොවේයි පවසා බ්‍රාහ්මණ වර්ගයේ මේ ගාථාව පැවසුහ.

තැති ගැන්මක් නොමැති

උතුම් වෙර හා තෙද ඇති

දිනු සතුරන් ඇති

කෙළෙස් මල සෝදා හැරී

සිව්සස් දහම් දත්

රහතන් වහන්සේ

බමුණෙකු වේය අරුතින්

ආජානීය වෘෂභ රාජයකු වැනි උතුම්වූ වීරිය වක්වූ මහර්ෂි වු මරුන් දිනු තෘෂ්ණා රහිත කෙළෙස්මල ශෝධා හල චතුරාර්යයට මුණිවරයා පත් බ්‍රාහ්මණයෙකැයි මම පවසමි. රජුද දොම්නසට පත්ව මෙබඳු පිරිසකට දන්දී සිටි මට සුදුසු අනුමෝදනයක් නොකොට ගාථාවක් පමණක් පවසා නැගිට යන ලදී මවිසින් බුදුන්ට සුදුසු දානයක් නොකොට නුසුදුසු කථාවක් වන්නේය. කැප වු භාණ්ඩ නොදී අකැප භාණ්ඩ හෝ දෙන ලද්දේදැයි බුදුන් වහන්සේ මා කෙරෙහි කුපිතවුයේ වන්නේ යැයි ද සිව් කෙනෙකුන්ට දානයට අනුරූපව අනුමෝදනා කිරීම වටීයයි විහාරයට ගොස් බුදුන් වැඳ මෙලෙස පැවසීය.

ස්වාමීනි ඇයි මවිසින් යුතු දානයක් නොදෙන ලද්දේද නොඑසේනම් නොදිය යුතු අකැපවු දේ දෙන ලද්දේද ඇයි මහරජ මම ඔබට සුදුසු වු අනුමෝදනයක් කරන ලදී ඔබ විසින් සුදුසු ම දානයක් දෙනලදී මෙබඳු අසදිස දානයක් බුදු කෙනෙක්ට ලැබෙන්නේ එක් වරක් පමණි. නැවත මෙබඳු දානයක් පිරිනැමීම අපහසුය. එසේ නම් ස්වාමීනි දානයට සුදුසු අනුමෝදනයක් නොකරන ලද්දේ කුමක් හෙයින්ද?

මහරජ පිරිස අපිරිසිදු හෙයිනි. ස්වාමීනි පිරිසේ කවර වරදක්ද මෙසේ විමසුවිට බුදුහු ඇමතිවරු දෙදෙනාගේ අදහස් සිතුවිලි දන්වා කාල කෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදනා දේශනය නොකළ බව පැවසුහ. රජතුමා කාල ඇමතිගෙන් මෙලෙස සිතුවේදැයි විමසා සත්‍යය බව පැවසුවිට ඔබ අයත් දේ නොගෙන මගේ අඹුදරුවන් සමග මා සතු දේ දෙනවිට ඔබට කවර පීඩාවක්ද? ම විසින් දෙන ලද දෙය එලෙසම වේවා මගේ රටින් පිටව යන්නයි. ඔහු රටින් පිටුවහල්කර ජුණ්හ ඇමති කැඳවා ඔබ මෙලෙස සිතීම සත්‍යක් දැයි විමසා සැබෑ බව පැවසුවිට තොප කෙරෙහි මම පැහැදුනෙමි. ඔබ මගේ සේවකයින් පරිවාර ජනයා සමග මම දෙන ලද ක්‍රමයෙන්ම සත් දිනක් දන් දෙන්න යයි සත් දිනකට රාජ්‍යය පවරාදී බුදුන්ට මෙසේ පැවසුවේය.

ස්වාමීනි බලන්න අඥානයන්ගේ ස්වභාවය මා විසින් මෙලෙස දෙන ලද දානයට පහර ගැසීය. එසේය මහරජ අනුවණයෝ නම් අන් අයගේ දන්දීමට අසතුටුවී දුගති පරායන වෙති. උතුමෝ නම් අන් අයගේ දානයද අනුමෝදන් වී වර්ග පරායන වෙතියි පවසා මෙම ගාථාව දේශනා කළහ.

ලෝහී අය කිසි දින දෙලොව නොයති අනුවණයෝ කිසිදා දානය ප්‍රශංසා නොකරති.

පරලොව සුව ලබා

සැනසෙති නුවණ ඇත්තෝ

දන් නො දෙන ඉසුරෝ

දෙව් ලොව නොයති මසුරෝ

නුවණැත්තෝ දානය අනුමෝදන් වී අන් අයගේ පිනෙන් පරලොව දී සුවය ලබති. එහි කදරියානි – තද මසුරු අයයි. බාලාති මෙලොව පරලොව නොදන්නා අයයි. ධීරොති නුවණැති අයයි. සුඛී පරත්ථාති – දන් අනුමෝදන් වන පිනෙන් පරලොව දිව්‍ය සම්පත් අනුමෝදන්ව සුවයට පත්වෙති. දේශනය අවසන ඒ ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්විය. පැමිණි පිරිසද යහපතට පත්වූහ. ජුණ්හද සෝවාන් ඵලයට පත්ව සත්දිනක් රජතුමා දෙන ලද ආකාරයටම දන් දුන්නේය.

from Path to Nirvana https://ift.tt/38GhZUp
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 136🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 31

පසුගිය ලිපියේ අවසානය ..
හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගින්දර මෙවරද සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.

මෙසේ ඔවුනොවුන් සතුටුසාමීච කථා කරද්දී ශක්‍ර දෙවියන්හට මෙලෙස සිතිවිල්ලක් හටගත්තා.

🌼🌸 ශක්‍ර දේවරාජෝත්තමයන් වහන්සේ පැමිණ මද්‍රි බිසව ලබා ගැනීම.

” වෙස්සන්තර රජුන් ඊයේ මහපොළොව කම්පා කරමින් දරුවන් පුජකයාට දන් දුන්නා. දැන් කිසියම් හීන වූ ගති ඇති පුද්ගලයෙක් පැමිණ සියළු අගපසගින් හෙබි සිල්වත්වූ ගුණවත්වූ මද්‍රි දේවිය ඉල්වා රජ තනිකොට මද්‍රි දේවිය ගෙන යා හැකිය. එවිට ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. එමනිසා බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු වෙතට පැමිණ මද්‍රි දේවිය ඉල්ලා පාරමී මුදුන් පමුණුවා කිසිවකුට නැවත නොදෙන ලෙස පොරොන්දුකොට නැවත පින්වත් මද්‍රි දේවිය වෙස්සන්තර රජුටම දී එන්නෙමියි” සිතුවා. එහෙම හිතු දෙදෙව් ලොවට අදිපති ශක්‍ර දේව රාජෝත්තමයන් වහන්සේ හිරු උදාවෙන කල්හි බ්‍රාහ්මණ රූපයක් මාවාගෙන වෙස්සන්තර රජු සහ මද්‍රි දේවියට පෙනෙන පරිදි පෙනී සිටියා. පෙනී සිටි ශක්‍ර දෙවියන් මෙසේ ඇසුවා.

“කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමල් පලයන්ගෙන් යැපෙන්නේද? කීම අල හා පළවැල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙත්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද? එවිට බෝධිසත්වයන්වහන්සේ මෙසේ පැවසුවා. බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද අප වනයේ පලවලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ. මැසිමදුරුවෝද, සර්පයෝද, අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වනයෙහි අපට හිංසා නොපෙනෙයි. සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට සැරයටිය ගෙන අවා වූ අදුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු. බ්‍රාහ්මණය.තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. ඔබට යහපතක් වේවා.”ඔබගේ දෙපා දෝවනය කර පන්සල තුලට පිවිසෙන්න. තිඕරිපලය, පියල්පලය, මීපලය, කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොද හොද ඵල ගෙන වළදන්න. පර්වතය තුළින් ගලා ආ හෙයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි ඉදින් ඔබ පැන් බොනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න. මෙසේ ඔහු සමග පිළිසදර කථා කොට, තවද ඔබ කිනම් කරුණක් නිසා මේ මහා අරණට පැමිණියාහුද?” මෙසේ ආගන්තුක සත්කාරයෙන් අනතුරුව පැමිණි කාරණය විචාරන්නට වුනා. එවිට ශක්‍රයා මෙලෙස කිවා.

“මහරජ, මහළු මම මෙහි එන්නේ නුඔගේ බිරිද වූ මද්‍රි දේවිය ඉල්ලන්නටයි. ඇයව මට දෙන්න. මෙසේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිදේද, එබදු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසන් අයදනා ලද ඔබගේ බිරිද මට දෙන්න. මෙසේ කී කල්හි බෝධිසත්වයන්වහන්සේ බ්‍රාහ්මණය ඊයේ මම දරුවන් දෙන ලදී. දිගුකල අතෙහි දහසින් බැදි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැදී නොසැගවනු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් මෙසේ කිව්වා.

🌼🌸 මද්‍රී බිසව දන්දීම.
” බමුණානෙනි ඔබ යමක් මා අතින් ඉල්ලුවානම් එය දෙමි. දෙන්නට නොසැලෙමි.ඇති දෙය නොසගවමි. මා සිත දානයෙහි ඇලෙයි. මෙසේ කියා කෙන්ඩියෙන් පැන් ගෙන අතෙහි වත්කර භාර්යාව ඔබගේ දෙපා දෝවනය කරව.

බමුණාට දුන්නේය. එකෙණෙහිම දරුවන් දෙදෙනා දන්දුන් ආකාරයටම මහත්වූ ආශ්චර්යයන් සිදුවුණා. එදවස යම් බිහිසුණු බවක් වීද, එදවස් ලොමුදැහැ ගැන්මක් වීද එලෙසම මද්‍රි දේවිය දන් දෙත්ම මහපොළොව කම්පා විය. මද්‍රි දේවියගේ මුව නොහැකිලුනි. දුර්මුඛ නොවුනි. ඇය හැඩුවේද නැත. මියෙන් නොබැන වෙසතුරු රජු මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි. ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය.

” එම්බා බ්‍රාහ්මණය, මට මද්‍රි දේවියට වඩා සිය දහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිසම හේතුවේවායි” කියා මද්‍රි දේවිය මහළු බමුණාට දන් දුන්නේය. තවද මෙසේද කීවේය, මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද ප්‍රිය බිරිද වූ මද්‍රි දේවියද සංසාර සාගරයෙහි අතරමන්ව මහත් දුක් විදින්නාවූ සත්ව වර්ගයා සංසාර දුකින් එතෙරකරවිම පිණිස, සම්මා සම්බුදු බව පතා ත්‍යාග කරනුයෙමි. කිසිවක් නො සිතමි. දෙදරුවන් මට අප්‍රිය නොවෙති, මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි, ඔවුන්ට වඩා සර්වඥතා ඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි.

ඒ මොහොතෙහි, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. මකු වුයේ නැත.ඇස් පුරවාගෙන හැඩුයේ නැත.ඉක්බිත නිහඩව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි.මොහු යමක් උතුම්ද එය දනීයි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය. ඉක්බිත බෝධිසත්වයන්වහන්සේ මද්‍රි දේවිය කෙසේදැයි අසා මුහුණ බැලීය. එවිට ඇය. ඇයි ස්වාමීනි, මා දෙස කුමක් නිසා බලන්නේදැයි අසා මෙලෙස සිංහනාද පැවැත්වුවා.

“කුමාරි වූ මම යමෙක් හට භාර්යාව වීම්ද ස්වාමී වූ තෙපි මට ඉසුරු වව. යමෙක්හට දාසියක් දෙනු කැමතිනම් ඕ හට මා දෙන්න. නැතහොත් ධනයෙන් වැඩක් ඇත්තේ නම් මා විකුණන්න. මස්වලින් වැඩක් ඇත්තේ නම් මා මරා දමන්න. ඒ නිසා ඔබට යමක් කැමති වන්නේද එය කරන්න. මම නොකිපෙමි.

මේ සියල්ල අසා සිටි ශක්‍රදේවරාජෝත්තමයන් වහන්සේ ඔවුන්ගේ ඒ උතුම් වූ අදහස් දැනගෙන ස්තුතිය පලකළා. ඉන්පසු සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැන මේ වචන පැවසුවා.

“යම් දිව්‍යමය වුත් මානුෂික වුත් සතුරෙක් වූ නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ. සතුරෝ දේවත්වයට විරුද්ධය මනුෂ්‍යත්වයට විරුද්ධය. ඔවුන් වනාහි කවරහුද යත් මසුරුබව ස්වාභාවකොට ඇති සියල්ලන්වම දුදරුවන් දන් දුන්නාවූ බෝධිසත්වයන්වහන්සේ විසින් දිනන ලදී. තොප විසින් පෘතුවිය හඩවන ලදී. ඒ කීර්ති ඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත සිසාරා ගියේය. පර්වත්යන්ගේ ප්‍රතිරාවය නැගුනේය. තොපගේ ඒ දානය නාරදය, පර්වතය, යන නිකාය දෙකේම දෙවියෝ අනුමෝදන් වෙති.

ඉන්ද්‍රය, බ්‍රහ්මය, ප්‍රජාපතිය, සෝමය, යමය යන දෙවිවරු ද වෙසමුණි මහරජද අනුමෝදන් වෙති. අසත්පුරුෂයෝ වනාහි නොදිය හැකි දෙය දෙනුවන් නොකටහැකි දෙයක් කරනුවන් අනුකරණය නොකරති. සත්පුරුෂයන්ගේ අදහස් සිතාගත නොහැක. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව යන පරලෝගමන් වෙන් වෙන් ව වෙයි. අසත්පුරුෂයෝ නිරයට යත්. සත්පුරුෂයෝ ස්වර්ගයට යත්. යම්හෙයකින් වනයේ වාසය කරමින් දරුවන් දිනී ද අඹුව දිනී ද ඒ බ්‍රාහ්මණයා අපාය භූමියට නොබැස ස්වර්ගයේ තොපට විපාක වේ. වෙස්සන්තර රජුන් විසින් හුදෙකලාව වනයෙහි වසන්නේ බිරිදව බමුණාට දුන්නේ ඉතා දුෂ්කර වූ දෙයක් කරේය. ශ්‍රේෂ්ට වූ මාර්ගය, සුචරිත ධර්මය තුන්වැදෑරුම්ය. මෙබදු වූ මේ දාන ධර්මය ආර්ය මාර්ගය ලැබීමට හේතු වන්නේය. ඒ නිසා අද යම් මේ දානයක් දෙන්නහුට අපායභුමියේ බැස නොගෙන ස්වර්ගයෙහි මෙය පලදේවා. විපාක කෙළවර සර්වඥතා ඥාණය ලබාදෙන්නක් වේවා.

🌼🌸 සක්දෙවිඳු සැබෑ රුවෙන් පෙනීසිටීම.
මෙසේ කියා ඔහුට අනුමෝදන් කොට දැන් මා විසින් මෙහිදී ප්‍රමාද නොවී මැයව මොහුටම දී යන්නට වටනේ යයි සිතා මෙසේ පවසනු ලැබුවා.

සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය භවතාට භාර්යාකොට දෙමි. මද්‍රි දේවියට සුදුසු වන්නේ තොපමයි. මද්‍රි දේවියද ස්වාමියා සමග වාසයට සුදුසුය. යම්සේ කිරිත්, සේදු සංඛයන් යන දෙකම සමාන පැහැ ඇත්තාහුද එසේයින්ම ඔබද මද්‍රියද සම වූ සිත්න් යුක්ත වන්නේය. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ ඔබ දෙදෙන රටින් නෙරපන ලදව මේ වනයේ අසපුවක වාසය කරන්න. යළි යළිත් දන්දෙමින් හැකි පමණින් පින් කරන්න.
මෙසේ කියා සක්දෙව් රජ වරයක් දීමට තමාව හෙළිදරව් කරමින් මෙසේ කීය.

“මම දෙවියන්ට අධිපති වූ සක්දෙව්රජ වෙමි. තොප සමීපයට ආවෙමි. රජ තුමනි කැමති වරයක් අයදින්න, තොපට වර අටක් දෙමි. මෙසේ කියත්ම දිවය ආත්මභාවයෙන් දිළිසෙමින් පිරුණු හිරු මෙන් අහසෙහි සිටියේය. ඉක්බිත බෝධ්සත්වයන්වහන්සේ මෙසේ කිවා.

🌼🌸 අප මහා බෝසතාණන් වහන්සේ ඉල්ලු වර අට.

සියළු දෙවියන්ට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් මාගේ පියා මේ වනයෙන් සිය ගෙදරට පැමිණීම පිලිගනීවා. සිහසුනෙන් පවරාවා.මේ වරය පළමු කොට ඉල්ලමි.
පුරැෂයකු හට වධය රුචි නොකෙරෙම්වා. දරුණු ක්‍රියාකොට වධයට පැමිණිය යුතු කෙනාද වධයෙන්
මුදවන්නෙම්වා. ධර්මයෙන් දිනතවා. දැහැමින් රාජ්‍ය කරත්වා. මේ වරය දෙවැනි කොට ඉල්ලමි.

යම් මහළු මිනිස් කෙනෙක් ඇත්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනාම මා නිසාම ජීවත් වෙත්වා. මේ වරය තුන්වනුව ඉල්ලමි.
පරඹුවන් කරා නොයෙම්වා. තම අඹුවගෙන්ම සන්තෝෂයෙහි නියැලෙවා .මාගමුන් වශයට නොයෙම්වා. මේ වරය සතරවෙනිව ඉල්ලමි.
සක්දෙව් රජුනි, මට පුතෙක් උපදීවා.හේද දීර්ඝායු ඇතිවේවා.පෘතුවිය දැහැමෙන් දිනාවා.මේ වරය පස්වනු කොට ඉල්ලමි.
ජයතුරා නුවරට පැමිණි ඉක්බිත රාත්‍රී අවසානයේ හිරු උදාවෙත්ම දිවබෝජුන් පහළ වේවා. මේ වරය සවනුකොට ඉල්ලමි.
මා දන්දෙත්ම ක්‍ෂය නොවේවා. මම දන් දී පසුව නොතැවෙම්වා.දෙමින් සිත පහදම්වා.මේ වරය සත්වනු කොට ඉල්ලමි.
මම මේ ජාතියෙන් මිදුනුයෙම් වෙසස් ගමන් ඇතිව සුගති ගමන් ඇතිවෙම්වා. ඉක්බිත භවයෙහි පුනර්භව නැත්තෙක් වෙම්වා. සර්වඥතා ඥාණය ලබන්නේම්වා. මේ වරය අටවනුව ඉල්ලමි.

ඒ වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මේ වචන කීය.තොපගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය.
ශක්‍ර කාණ්ඩය නිමි.

අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-02-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3bO99G3
සුළුගුලු උපාසක යනු මලියමහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආධාරයෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොව සැරිසැරීමට අවස්‌ථාව ලැබුණු අයෙකි. දෙව් ලොවදී ඔහුට විවිධ සම්පත් ඇති බොහෝ දෙවිවරු දැසින්ම දැක ගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය අසල සිටින විට රක්‌ත වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසි රක්‌ත වර්ණ අශ්වයන් යෙදූ රථයකින් එක්‌ දෙවි කෙනෙක්‌ එහි පැමිණියේය. රක්‌ත වර්ණයෙන් සැරසුණු සුරංගනාවෝ රක්‌ත වර්ණ චාමර ගෙන පවන් සලති. මෙසේ නොයෙක්‌ ආකාරයේ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තැන හිමියනි, මෙබඳු සම්පත්තියක්‌ ඇත්තකු මින් පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය ලැබී ඇත්තේ කිනම් පිනකින් දැයි ඇසීය.

එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ ෙච්තිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන්

රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2HE7rZP
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 135🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 30

🌹 දරුවන් නොලද සොවින් සිහිසුන්වූ මද්‍රී දේවිය.🌹

🌼🌸 පසුගිය ලිපියේ අවසානය

ඉක්බිත බෝධිසත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුනා.

🌼🌸 දරුවන් සොයමින් වැළෙපෙමින් පටාචාරාව සේ වනය පුරා දිව ගිය වෙස්සන්තර දේවිය.
මම දඩමඩුළු දරන්නී බඔසර රකන්නි අතවැසි මානවකයෙක් ඇදුරහුට මෙන් හිමියන්ටද දරුවන්ටද දිවා රෑ අප්‍රමාදීව මෙහ කලෙමි. එහෙත් මම ලෝකයේ බඔසර පිහිටකොට ඇති බොහෝ ඇසුපිරූ තැන් ඇති සිල්වත් මහණුන්ටද බමුණන්ටද ශාප කර ඇත්තාක් සේය. එහෙයින් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නොදකිමි. දරුවනි, මම තොප කැමැත්තෙන් අදුන්දිවිසම් පෙරව වනමුල් පලවැල ගෙනයමින් දිවාරාත්‍රී ඇවිදිමි.

දරුවනි, මේ රන්වන් කසාය, කල්ක ගෙනෙන ලදී. ඔබලාට සෙල්ලම් කිරීමට රන්වන් බෙලිපල ගෙනෙන ලදය. ගස්වල ඉදුණු මිහිරිපලද ගෙන ආමි. ඔබලාට කෙළිබඩු රැගෙන ආමි. මේ නෙලූඔුදැලි වළලුය, ඕලුය, පිඤජර යුෂය යන මේවා තිබේ. රජතුමනි, දඩුයෙල්බෑ මීයෙන් හනන ලදුවැ දරුවන් හා එක්ව වලදන්න. මේ පියුම් ජලියට දෙන්න. ඇඹුලමල කුමරියට දෙන්න. මල් පැළවන් නටන දරුවන් බලන්න, සිවි රජතුමනි දරුවන් කැදවන්න. ,ඇය මෙසේ කිය කියා හඩයි.

රජතුමනි, මියුරු හඩ ඇති සිත්කළු සවභාව ඇති ක්‍රිෂ්ණජිනාවද අසපුව කරා යන්නීය. බලන්න. රටින් නෙරපන ලද අප දෙදෙනා සමාන සුවදුක් ඇත්තෝ වෙමු. සිවි මහරජුනි, ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දුටුවාද? සිවිරජතුමනි දරුවන් දකින්නෙහිද? දකීනම් මට පෙන්වන්න. ඇයි මා වෙහෙසට පත් කරන්නෙ. මෙසේ වැළපෙන්නාවූ ඇයට බෝධිසත්වයන්වහන්සේ කිසිවක් පැවසුවේ නැත.

ඇය ඔහු කිසිවක් නොකියන කල්හි කම්පාවෙමින් සදඑළියෙන් දරුවන් සොයන්නී ඒ ඒ දඹරුක් ආදී තැන්වල පෙර ඔවුන් ක්‍රීඩා කළේද ඒ ඒ තැන්වලට ගොස් වැලපෙමින් මෙලෙස කියන්නට වුනා. මේ දරුවන් සෙල්ලම් කළ තැන්වල දඹරුක්ය, එල්ලෙන අතු ඇති සිදුවරය. නන්වැදෑරුම් පලරුක්දෑය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර යම්තැනක හිද ක්‍රීඩා කලේද මේ ඒ අරම එලෙසම පවතී. මේ සිහිල් දිය ඇති හොයද තිබේ. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක මල්වර්ග පැළදියාහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පුෂ්පවර්ග ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක යම් ඵලාජාති වැළලුහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පලජති ඇත. එහෙත් දරුදෙදෙනා නැත. පෙර දිනක යම් පෙතැලිරුවින් ක්‍රීඩා කළාහුද මේ ඒ ඇත්රූපය අස්රූපය මේ ඒ ගොනුන්ගේ පෙතලි රූපද ඇත. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි පර්වතය මත්තේ දරුවන් නොදැක හඩන්නී ඉන් බැස නැවත අසපුවට අවුත් එහි ඔවුන් ගැන සිතන්නී ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩයන් දැක මෙසේ කීවාය.පෙර යම් කෙනෙකුන් හා සමග ක්‍රීඩා කළාහු නම් ඒ කුඩා සමවන් මුවෝය. සාවෝය. බකමූනෝය. බොහෝ වූ කෙහෙල්මුවෝය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙරයම් කෙනෙකු හා ක්‍රීඩා කළාහුද මේ ඒ හංසයෝය. කොස්ලිහිණියෝය. විසිතුරු පිල්කළඔ ඇති මොනරුය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි කුඩා මුවෝ, රන් මුවෝ, හාවෝ ද මහ මුහුණෝ ද ඇත දරුවන් දෙදෙනා නොමැත. ඇය අසපුවෙහි ප්‍රිය දරුවන් නොදැක ඉන් නික්ම මල් පිපුණු වනරොදට පිවිස ඒ ඒ තැන බලන්නී මෙසේ කීවාය.පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැමතැන්හි මල් පිපී ඇති වනලැහැබ්ය. ඒ දරුදෙදෙනා නොපෙනෙති.

පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් ඒ සක්වාලිහිණියන් ලග හිද කුල්නා හෙල්මැලිවලින් ද පියුම්වලින් ද උපුල්වලින් ද ගැවසීගත් රමණීය පොකුණු ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. මෙසේ කැලෑ රොදවල් වල හඩ හඩ දරුවන් සොයන්නාවූ ඇය කිසිතැනක දරුවන් නොදක නැවත බෝධිසත්වයන්වහන්සේ සමීපයට ගොස් දුර්මුඛව සිට මෙසේ පැවසුවා. රජතුමනි, ඔබ විසින් දර නොබිදින ලද තොප විසින් දිය නොගෙන ලද තොප විසින් ගිනිද නොදල්වන ලද කිම නොදන්නා බාලයකු මෙන් සිතිවිලි පරවශව සිටීද? තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක්ව විදිනා දුක් මා විසින් නසනු ලැබේ.අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදක්මි. ස්වාමිනි ඔබ පෙර දර කඩන්නෙහි, ජලය ගෙන තබන්නෙහි ගිනිකබලෙහි ගිනි මෙල්විය. අද එයින් එකක්වත් නොකොට සිටී. ඔබේ මේ ක්‍රියාවන් මට රුචි නොවේ. වෙස්සන්තර රජු මට ප්‍රියය. මීට වඩා මට ප්‍රියකෙනෙක් නම් නැත. මේ ප්‍රියයා සමග එක්වී පෙර දුක පහව යයි. අද වනාහි මොහු දකින්නා වූ මාගේ ශෝකය පහව නොයයි. කවර කරුණක් නිසාද? මා විසින් කරුණ දක්නා ලදී. අද ඒ අප ප්‍රිය දරුවන් නොදකිමි. රජු දකින්නාවූ නමුත් මා හට ශෝකය පහව නොයයි. ඈ විසින් මෙසේ කී කල්හි බෝධිසත්වයන්වහන්සේ නිහඩව හුන්නේය.

🌼🌸 දරුවන් නොලද සොවෙන් සිහිසන්වූ වෙසතුරු දේවිය.
ඇය ඔහු කථා නොකර සිටිනවිට ශෝකයෙන් මඩනා ලද්දේ පහරකෑ කිකිළියක් මෙන් නැවත කලින් සොයාබැලූ තැන්වලට ගොස් නැවත බලා ආපසු ඇවිත් මෙලෙස කියන්නට වුනා. දේවයිනි,අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුහු ගෙන යන ලදහුද? නොහොත් මළාහුද? වනකවූඩෝද නොහඩති. මාගේ දරුවෝ කිසිවක් විසින් ගෙනයන ලද්දෝ වත්ද? මෙසේ කී කල්හිද බෝධිසත්වයන්වහන්සේ කිසිවක්ම කිවේ නැහැ. ඇය දරුසොවින් දරුවන් ගැන සිතන්නී තුන්වන වරටත් ඒ ඒ තැන්වලට වාතවේගයෙන් ගියා. එක්රැයක් තුළ ඇවිද්ද තැන් ගණන් කරන්නේ නම් යොදුන් පසළොසක් පමණ කියලයි කියන්නේ. රාත්‍රිය ගතවිය. අරුණ නැගි කල්හි ඕතොමෝ නැවත ගොස් බෝධිසත්වයන්වහන්සේ සමීපයේ සිට හැඩුවා. දේවයෙනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුන් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? වනකවුඩෝද නො හඩති. මාගේ දරුවෝ කිසිවක් විසින් ගෙනයන ලද්දේ විය යුතුයි.දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක් විසින් ඔව්හු ගෙනයන ලදහුද? නොහොත් මළාහුද? පක්ෂීහු නොහඩති. මාගේ දරුවන් මළා විය යුතුය. දේවයිනි පර්වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්වල ඇවිදින්නී අපගේ දරුවන් නොදක්මි. ඔවුන් යම්කිසිවක් විසින් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? මෙසේ යසස් ඇති උතුම් ශරීර ඇති අභිරූපත්වූ මදුරජ දූ දොහොත් හිස බැද හඩා වෙස්සන්තර පාද මූලයේ කපා දැමූ රන්වන් කෙසෙල් ගසක් මෙන් සිහිසුන්ව බිම පතිත වුවා.

🌼🌸 සිහිසුන්ව වැටුන මද්‍රී බිසව මියගිය බව සිතා ශෝකයෙන් හැඬු අප මහා බෝධිසත්වයාණෝ.

මද්‍රි දේවිය දරුවන් නොදැක නිසැකවම මළා විය යුතුයැයි රජු සිතුවා. බෝධිසත්වයන්වහන්සේ ඇය මළායැයි සිත කම්පා වන්නේ මද්‍රි දේවිය අස්ථානයෙහි පිටරටකදී මළාය. ඉදින් ඇගේ මරණය ජයතුරා නුවරදී සිදුවූවානම් මහත් වූ පෙරහැර වන්නේය. රටවල් දෙකම කම්පා වන්නේය. මම වනාහි වනයෙහි හුදෙකලා වීමි. කුමක් කරන්නේම්දැයි හටගත් බලවත් ශෝක ඇත්තේ සිහිය පිහිටුවාගෙන පළමුව දැනගන්නෙමියි නැගිට ඇගේ හදවතට අත තබා සන්තාපයට පත්වූ බව දැනගෙන කෙණ්ඩියෙන් ජලය ගෙනවුත් සත්මසක් කාය සංසර්ගයක් නුවූ නමුත් හටගත් බලවත් ශෝකයෙන් පැවිදිබව සළකා ගන්නටද නොහැකිව කදුළු පිරි දෙනෙතින් යුතුව ඇගේ හිස ඔසවා උකුලෙහි තබාගෙන වතුර ඉස මුහුණද හදවතද පිරිමදිමින් සිටියා. මද්‍රි දේවිය ටිකවෙලාවකිනි සිහි එළවා නැගිට ලැජ්ජාභය පිහිටුවා ගෙන බෝධිසත්වයන්වහන්සේ හට වැද පසෙකට වුනා. ඒ එක්කම ඇයට යලිත් මතක් වුනේ දරුවන්ව. ස්වාමීනි, ඔබගේ දරුවෝ කොහි ගියාහුදැයි නැවතත් ඇසුවා. මෙතෙක් වෙලා නිහඬව සියලු දේ වසන් කරමින් සිටි වෙසතුරු රජු සියලු තතු පවසන්නට වුනා.

🌼🌸 දරුවන් දාස කමට දන්දුන් බව මද්‍රි බිසවට හෙළිකිරීම.
මද්‍රි දෙවියනි දරුවන් බමුණකුගේ දාස බවට දැන් දුන්නා. බිම වැටුනා වූ රජදුවගේ මුහුණ දියෙන් තෙමී ගිහින්. ඉක්බිත ඇය පියවි බවට පත්වූ සැටි දැන ඇයට මේ වචන ඔහු විසින් පවසනු ලැබුවා. හරිම පුදුමයි ඇයගේ පිළිතුර. දේවයන්වහන්ස දරුවන් බමුණාට දැන් දුන් බව මුළු රැයම හඩමින් ඇවිදින මට නොකීවේ ඇයිදැයි විමසන්නට වුනේ සන්සුන් වූ මනසින්. බෝධිසත්වයන්වහන්සේ මෙසේ ඇයට පවසනු ලැබුවා.

” මද්‍රි දෙවියනි, මුලදීම ඔබව දුකට පත්කරන්නට නොකැමැති විමි. ඉදින් මම නුඔට කලින්ම ඒ කාරණය කියුව්වේ නම් ශෝකය දරාගත නොහැකිව හදවත පැලෙන්නේය. ඒ නිසා මද්‍රි දෙවියනි ඔබට දුකක් ඇතිකරන්නට කැමති නොවූයෙමි. දිළිදු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආවේය. ඔහුට මා විසින් දරුවෝ දෙන ලදහ. මද්‍රි දෙවියනි බිය නොවන්න.සැනසෙන්න. මද්‍රි දේවියනි,මා බලව දරුවන් ගැන නොබලව. දැඩිකොට නොහඩන්න. ජිවත්වන්නමෝ නිරෝගීවන්නමෝ නම් දරුවන් ලබම්හ. සත්පුරුෂයා යදින්නා ආ කල්හි දැක දරුවනුත් සිව්පාවනුත් ගෙහි ඇති යම් ධනයක් ඇද්ද ඒ සියල්ල ද දන් දෙන්නේය. මද්‍රි දේවියනි දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දානය අනුමෝදන් වන්න. සත්පුරුෂයා වනාහි උතුම් කරුණක් ප්‍රර්ථනා කරමින් පපුව පළා හෘදයමාංශයද දෙන්නේය. එවිය මද්‍රි දේවයිනි, ඔබ දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙමි. දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.” දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.

දේවියනි, සිවිරට වඩනා යම්බදු ඔබ මසුරුමලින් මැඩුනු මිනිසුන් අතුරෙහි බමුණහුට පුත්‍රදානය දුන් දූන්නාහුය. දසමසක් කුසෙහි දරාගෙන දවසට දෙතුන්වතාවක් නවා පොවා කවා ළයෙහි හොවාගෙන පෝෂණය කළ දරුවන් බෝධිසත්වයන්වහන්සේ විසින් දන් දුන්කල්හි තමන්ගේ පින අනුමෝදන් වෙමින් මෙසේ කීවාය.(මේ කරුණෙන් පියාම ස්වාමියා ලෙස දතයුතුය.)

🌼🌸 දරුවන් දන්දුන් කුසලය අනුමෝදන් වූ මද්‍රි බිසව.
මහරජ, මත්තෙහිද නැවත නැවත දන් දෙන්නෙක් වව. යම් ඒ ඔබ මසුරුබවින් මඩින ලද සත්වයන් ඇති ලෝකයේ ප්‍රිය දරුවන් දන් දුන්නේද, මා විසින් මනාකොට දෙනලද දානයෙහි සිත පහදවා ගත්හ. මෙසේ කී කල්හි බෝධිසත්වයන්වහන්සේ මද්‍රි දෙවියනි, ඔබ මේ කුමක් කියන්නෙහිද? ඉදින් වනාහි මා විසින් දරුවන් දන් දී සිත ප්‍රසාදයට පත්නුවුයේ නම් මාගේ මේ විශ්මය වන සිද්ධීන් සිදුනොවන්නේ යැයි සියළු මහපොළොව කම්පාවීම ආදිය කීවේය. ඉක්බිත මද්‍රි දේවිය ඒ පුදුමයන් ගැන සිතා දානයේ පින අනුමෝදන් වෙමින් මෙසේ පැවසුවා.

ඔබ විසින් රජතුමනි මහපොළොව හඩවන ලදී. ඔබගේ කීර්තිඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත් පෙදෙසෙහි හාත්පස අවට හැසිරිණි. පර්වතවලින් ප්‍රතිරාවය මෙන් මහත් හඩක් නැගුණේය.
තොපගේ ඒ පුත්‍රදානය නාරදය, පර්වතය යන දෙකොටසෙහි දෙවිවරු අනුමෝදන් වෙති. ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී, සෝමදේව, යමදේව, වෙසමුණි රජ ද ඉන්ද්‍රයා ප්‍රමුඛ තව්තිසාවේ සියළු දෙවියෝද අනුමෝදන් වෙත්. ශක්‍රයා ප්‍රමුඛ තව්තිසා වැසි සියළු දෙවිවරු ඔබගේ දානය අනුමෝදන් වෙත්. හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය ,මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගින්දර තවත් වරක් සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.
මද්‍රි දෙවි කාණ්ඩය නිමි

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-02-2020