Monthly Archives: May 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3fMEue8
භාග්යතවතුන් වහන්සේ ජීවමාන අවදියේ පටන් ම තෙරුවන් සරණ ගිය ශ්රමද්ධාවන්ත ශ්රාසවක ශ්රා විකාවන් විසින් පිරිත් ධර්මයන්ගෙන් ජීවිතයට ආශිර්වාදය රැකවරණය සලසා ගැනීමට පුරුදුව සිටියා.

භාග්ය්වතුන් වහන්සේ ජීවමාන අවදියේ දී විශාලා මහනුවර රෝග බිය, අමනුෂ්ය් බිය, දුර්භික්ෂ බිය කියන තුන් බිය හටගත් අවස්ථාවේ දී ලිච්ඡවි රජ දරුවන් භාග්යටවතුන් වහන්සේ ප්රනමුඛ ශ්රා වක සංඝරත්නය විශාලා මහනුවරට බොහෝ ම ගෞරවයෙන් වැඩමවා ගත්තා. ඒ අවස්ථාවේ දී භාග්යවවතුන් වහන්සේ තුනුරුවනේ ගුණ කැටි කොට කෝටි ලක්ෂයක් සක්වළෙහි ආනුභාවය පතුරවමින් මේ කල්පය පුරාවට ආනුභාවය පවතින ආකාරයට රතන සූත්ර්ය දේශනාකොට වදාළා. එහිදී විශාලා මහනුවර තිබූ තුන් බිය දුරුවෙලා ගොස් නැවතත් සෞභාග්යේ උදා වුණා.

පිරිත කියන වචනයට පාලියෙන් පරිත්ත කියාත් සංස්කෘත භාෂාවෙන් පරිත්රා්ණ කියාත් කියනවා. බිය, කරදර, දුක්පීඩා දුරුකර ආරක්ෂාව සලසා ජීවිතයට සෞභාග්යේ සෙත ශාන්තිය උදාකරන ධර්ම කොටස් සජ්ඣායනය තමයි පිරිත් සජ්ඣායනය කියා කියන්නේ.

ඉතිහාසය දෙස බලන විට රහතන්වහන්සේලා පවා අසනීපයෙන් පසුවන අවස්ථාවල බොජ්ඣංග සූත්රක ධර්ම සජ්ඣායනා කිරීමෙන් ඒ අසනීප තත්ත්වයන් සුවපත් වී තිබෙනවා. ඒ වගේ ම ගැබිනි මවක් දරුවා බිහිකර ගැනීමට නො හැකිව වේදනාවෙන් සිටිද්දී අංගුලිමාල පිරිතෙන් අංගුලිමාල මහරහතන් වහන්සේ කළ සත්යමක්රිොයාවෙන් පසුව බොහෝ ම සුවසේ දරුවා බිහිවූවා. අද දක්වා ම අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ගැබිනි මව්වරුන් විසින් සලසා ගන්නවා. ඒ වගේ ම අපගේ ශාස්තෘන් වහන්සේ වැඩසිටි කාලයේ දී සසරේ බැඳි වෛරයක් නිසා දින හතකින් මරණයට පත්වීමට සිටි පුංචි දරුවෙක් භාග්යකවතුන් වහන්සේ විසින් පිරිත් ධර්මයන් දෙසූ පසු අවුරුදු 120 ක් ආයු ලබා දීඝායු කුමාරයා නමින් ප්රවසිද්ධියට පත්ව පිරිතෙන් ආශිර්වාදය රැකවරණය සලසා ගත්තා.

මේ කාරණා දෙස බලද්දී අපට පෙනෙනවා භාග්යීවතුන් වහන්සේ ජීවමාන අවදියේ දී ම මේ පිරිත් ධර්මයන්ගේ ආශිර්වාදය සලසා ගන්න ශ්රානවක ශ්රෙවිකාවන් කටයුතු කර තිබෙන බව. පිරිත් දේශනා පවත්වන අවස්ථාවේ දී ඒ පිරිතට ආරාධනා කරන ගාථාවේ විපත්ති පටිභාහාය – සියලු විපත් දුරුවීම පිණිසත්, සබ්බ දුක්ඛ විනාසාය – සියලු දුක් අතුරු ආන්තරාවන් දුරු වී සෞභාග්යය උදාකිරීම පිණිසත් පිරිත් ධර්මයන් සජ්ඣායනා කරන්න කියලයි කියවෙන්නේ.

පිරිත් සජ්ඣායනාවේ දී කෝටි ලක්ෂයක් සක්වළ ආනුභාවය පතුරවමින් කල්පයක් පුරාවට ආනුභාවය පැතිරේවා යනුවෙන් අධිෂ්ඨාන කරමින් සජ්ඣායනා කළ විශේෂ පිරිත් ධර්මයන් තිබෙනවා. ඒ රතන සූත්රරය, කරණීය මෙත්ත සූත්රනය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත සහ අංගුලිමාල පිරිත. මේ පිරිත් ධර්මයන් බොහෝ ම සුවිශේෂි කෝටි ලක්ෂයක් පුරාවට ආනුභාවය පතුරවමිනුයි භාග්යිවතුන් වහන්සේ විසින් එම පිරිත් ධර්මයන් දේශනා කර වදාළේ.

මේ පිරිත් ධර්මයන් දේශනා කරද්දී විශේෂයෙන් ඒ පිරිත් දේශනා කරන පිරිසට සහ ශ්රඣවණය කරන පිරිසට භාග්ය්වතුන් වහන්සේ ගැන, ශ්රීා සද්ධර්මය ගැන, ශ්රා වක සංඝ රත්නය ගැන ශ්රයද්ධාව තිබීම බොහෝම වැදගත්. තෙරුවන්ගේ ගුණ දැනගෙන අවබෝධයෙන් විශ්වාසයෙන් සජ්ඣායනා කිරීමත් ශ්රනවණය කිරීමත් සිදු කළ යුතුයි. ඒ වගේම ඒ පිරිත අසන්නාත්, සජ්ඣායනා කරන්නාත් මනාකොට සිල්වත් පිරිසක් වීමත් ඒ පිරිතේ ආශිර්වාදය ලබන්න බොහෝ හේතු උපකාර වෙනවා .යම් කෙනෙක් සසරේ යම් ප්රනබල පව් විපාක සිදුකොට තිබෙනවානම් ඔහුටත් පිරිතේ ආශිර්වාදයක් ලබාගත නො හැකියි.

විශේෂයෙන් මේ පිරිත ගැන සඳහන් වන තැනක් මුණ ගැසෙනවා මිලින්ද ප්රීශ්නයේ දී. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජතුමා අසනවා “ස්වාමීනි, පිරිත් ධර්මයන්ගෙන් ආශිර්වාද සලසා ගනිද්දී ඒ පිරිත් ධර්මයන්ගෙන් ආරක්ෂාව ලැබෙන්නේ කොහොම කෙනෙකුට ද? ආරක්ෂාව නො ලැබෙන්නේ කොහොම කෙනෙකුට ද කියලා. ඒ අවස්ථාවේ දී නාගසේන මහරහතන් වහන්සේ වදාළා මහරජතුමනි, භාග්යීවතුන් වහන්සේ විසින් මේ පිරිත් ධර්මයන්ගේ ආරක්ෂාව, ආශිර්වාදය සලසා ගත හැකි බව වදාළේ තමන්ගේ ආයුෂ ඉතිරි අකුසල කර්මයන්ගෙන් නො වැසී ඇති තැනැත්තාට පමණයි කියලා. ඒ ආකාරයට ආයුෂ, වයස අකුසලවලට යට නො වූ තැනැත්තාටයි මේ පිරිත් ධර්මයන්ගේ ආශිර්වාදය සැලසෙන්නේ.

ඒ සඳහා නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් ද වදාළා. වියළී, මැරීගොස් ඇති යම් ගසකට කො තරම් ජලය, පොහොර දැම්මත් ඒ ගස ලියලා වැඩෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුගේ ආයුෂ අවසන් නම්, ජීවත්වීමට කර්මානුකූරූප ව හැකියාවක් නැත්නම්, අකුසල කර්මයන්ගෙන් වැහිලානම් තිබෙන්නේ, පිරිතේ ආශිර්වාදය ඔහුට ලැබෙන්නේ නැහැ කියා.

ඒ වගේ ම පිරිත ශ්රේවණය කරන්නාගේ සිත පිරිත ශ්රගවණය කරන අවස්ථාවේ දී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්යාපවෙන් මසුරුකමින් ආදී අකුසලයෙන් වැසී නො ගොස් තිබෙන්නත් ඕන. ඒ වගේ ම තුනුරුවන් කෙරෙහි මෙන් ම සජ්ඣායනා කරන පිරිත කෙරෙහිත් බලවත් විශ්වාසයක්, ශ්රෂද්ධාවක් තිබෙන්නත් ඕනේ. මේ කරුණු සම්පූර්ණ නම් පිරිත ශ්රිවණය කරන පිරිසත්, සජ්ඣායනා කරන පිරිසත් ඒ දේ කරනවානම් ඒ පිරිතෙන් බොහෝ ආශිර්වාද ලබන්නට පුළුවන් බව නාගසේන මහරහතන් වහන්සේ වදාළා.

එනිසා පිරිත් සජ්ඣායනාව කියන්නේ භාග්යනවතුන් වහන්සේ ජීවමාන කාලයේ පටන් අද වනතුරු තෙරුවන් සරණ ගිය ශ්රපද්ධාවන්ත ශ්රා වක ශ්රාශවිකාවන් විසින් තමන්ගේ ජීවිතයට ඇතිවන දුක් කරදර පීඩා දුරු කර ගන්න, රෝග පීඩාවන්ගෙන් වළකින්න ඒ වගේම ජීවිතේ මංගල සම්මත අවස්ථාවල දී ආශිර්වාදය ලබන්න භාවිත කළ උතුම් පිළිවෙතක්.

පිරිත් සජ්ඣායනයේ දී ආධ්යානත්මික වශයෙන් ගොඩනැඟෙන චිත්ත පාරිශුද්ධිය පදනම් කරගෙන තුණුරුවනේ ගුණ සමුදාය ඉස්මතු කර සත්යමක්රිශයා කර විපතට පත්වූවන්ට ආරක්ෂාව, සෙත සලසා දීමයි පිරිතෙන් මූලික වශයෙන් සිදුවන්නේ. අපේ රටේ පැරැණි රජ දරුවන් රටට විපත්ති කාලයක් උදා වූ විට තෙරුවන් කෙරෙහි බොහෝම ශ්රුද්ධාවෙන් උපෝසථය ආරක්ෂා කරමින් රතන සූත්රවය, ධජග්ග සූත්රදය ආදී පිරිත් සජ්ඣායනා කර තිබෙනවා.

අද ද අප ඉහත කී කරුණු සම්පූර්ණ කරගෙන එසේ කරන්නේ නම්, ඒකාන්තයෙන් ම සෑම කෙනෙකුගේ ම ජීවිතයට රැකවරණය උදා වෙනවා.

පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Z49QY1
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී වැඩ සිටින සමයේ අච්ඡරිය අබ්භූත සූත්රම දේශනාව වදාළ සේක.

එක් දිනක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයට ගොස් නැවත විහාරස්ථානයට පැමිණ උපස්ථාන ශාලාවෙහි රැස් ව සිටියදී අතීතයේ වැඩ සිටි සහ වර්තමානයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේලාගේ බුදු අසිරිය ගැන කතාවක් හට ගත්තේ ය. භාග්යිවතුන් වහන්සේ සතු ආශ්චර්ය අද්භූත කාරණා ගැන කතා කරමින් සිටිය දී බුදුරජාණන් වහන්සේ ද එම ශාලාවට පැමිණියහ. තමන් වහන්සේ පැමිණෙන්ට පෙර ඇති වූ කතාබහ කුමක්දැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ආශ්චර්ය කරුණු යැයි දැන බොහෝ දෙනාගේ සතුට පිණිස තමන් වහන්සේ සතු ආශ්චර්ය අද්භූත කාරණා ගැන විස්තර කර දුන් සේක.

1. බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මිනිස් මවුකුස පිළිසිඳ ගත්තේ මනා සිහි නුවණින් යුතුව ම ය. එය බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයක්.

2. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවේදී දී දස දහසක් ලෝක ධාතුව පුරා මහත් වූ ආලෝකයක් පැතිරී යයි. ඝන අන්ධකාරයෙන් පවතින ලෝකාන්තර ය පවා ආලෝකමත් වූයේ ය. එය ද බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

3. බෝසතාණන් වහන්සේ නමක් මිනිස් මවු කුසක වැඩෙන කාලය තුළ එම මවුකුස කිසිදු මනුෂ්ය්යෙකුගෙන් හෝ අමනුෂ්ය්යෙකුගෙන් අනතුරක් නො වන පරිදි සතර වරම් දෙවිවරුන් පැමිණ ආරක්ෂා කරති. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

4. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් මිනිස් මවු කුසක පිළිසිඳ ගැනීමත් සමඟ බෝසත් මව නිරායාසයෙන් ම උතුම් පංචසීලය තුළ පිහිටා සිල්වත් තැනැත්තියක් බවට පත්වූයේ ය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

5. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් මවුකුස පිළිසිඳ මොහොත් පටන් බෝසත් මව විරාගි සිතිවිලි ඇති තැනැත්තියක් බවට නිරායාසයෙන් ම පත් වන්නේ ය. කිසිදු පුරුෂයෙකු හට ඒ කාලය තුළ ඇයට රාග සිතකින් ඇසුරු කළ නොහැකි වුූයේ ය. එයද බුදුරජාණන්වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

6. බෝධිසත්ත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් දින සිට බෝධිසත්ත්ව මවගේ ඇසට පිරි ියමනාප රූප, දකින්නට ලැබෙන්නේ ය, කනට පිර් තයමනාව ශබ්ද ඇසෙන්නේ ලැබෙන්නේ ය. නාසයට පිරා්ායමනාප සුවඳ, දිවට පිරන්නයමනාප රස, කයට පිරි්ියමනාප දේ පමණක් ලැබීම සිදුවෙයි. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

7. බෝධිසත්ත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් දිනයේ පටන් බෝධිසත්ත්ව මවට කිසිදු රෝග පීඩාවක් නො වැළඳී බෝසත් මවට තම කුස තුළ සිටිති. පින්වන්ත දරුවා රන් පළසක තිබූ මැණිකක් ලෙස දැක ගත හැක්කේ වෙයි. එයද බුදුරජාණන් වහ්නසේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

8. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුසින් ලෝකයට බිහි වී හරියටම දින හතකින් බෝසත් මව කලුරිය කොට තුසිත දෙව් ලෝකයේ උපත ලබයි. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

9. බෝසත් මව විසින් බෝසත් දරුවා බිහි කරන්නේ හරියට ම මාස දහයක් මවු කුසේ පෝෂණය කිරීමෙන් පසුවය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

10. බෝසත් මව බෝසත් කුමරා ලෝකයට බිහි කරනු ලබන්නේ සිටගෙන සිටින ඉරියව්වෙන් ය. එයද බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

11. බෝධිසත්ත්වයන් වහන්සේ මවු කුසින් බිහිවන විට පළමුව බෝසත් කුමරුන් පිළිගනු ලබන්නේ දෙවියන් විසිනි. මිනිසුන් අතට පත්වන්නේ ඉන් පසුව යි. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ ධර්මතාවයකි.

12. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුසින් ලෝකයට බිහිවන විට සතරවරම් දෙවියන් බෝසත් දරුවා අතට ගෙන ඉතා සතුටු වන්නේ ය. ලස්සන මහේශාක්ය පුත් රුවනක් උපන්නාය යයි පවසති. එයද බුදුරජාණන් වහ්නසේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

13. බෝධිසත්ත්වයන් වහන්සේ මවු කුසින් ලෝකයට බිහිවන්නේ ඉතාමත් පිරිසුදු ලෙසට ය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

14. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවු කුසින් උපදින විට අහසින් ඇල් දිය හා උණුදිය දහරා දෙකක් මතු වී බෝධිසත්ත්වයන් වහන්සේ සහ බෝසත් මව ඒ දියෙන් පිරිසුදු වූයේ ය. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ ධර්මතාවයකි.

15. බෝධිසත්ත්වයන් වහන්සේ ඉපදුනු පසුව උතුරු දිශාවට පියවර හතක් ගමන්කොට ගාථාවක් පවසති.

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමාජාති නත්ථිදානි
පුනබ්භවතෝ ති

මම ලෝකයටම අග්ර වෙමි. මම ලෝකයට ම ජ්යෙපෂ්ඨ වෙමි. මම ලෝකයටම ශ්රේ ෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපත යි. මින්මතු නැවත භවයක් නැත. යන මේ ප්රවකාශය සියලු බෝධිසත්ත්වයන් වහන්සේලා විසින් පවසනු ලබන උන්වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

16. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවු කුසින් බිහිවීමත් සමග දස දහසක් ලෝක ධාතුන් පුරා මහත් වූ ආලෝකයක් පැතිරී යයි. ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තර නිරය පවා එයින් ආලෝකමත් වී යයි. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.

මෙසේ කරුණු විස්තර කළ අප බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මේ කාරණා තථාගතයන් වහන්සේ සම්බන්ධ ආශ්චර්ය අද්භූත කාරණා වශයෙන් මතකයේ තබා ගන්නා ලෙසට වදාළ සේක. ආනන්ද හිමියන් එය එසේම පිළිගත්හ.

එම දේශනාව කෙළවර සියලුම ස්වාමින් වහන්සේලා අතිශ්යකයින්ම සතුටට පත්වූහ.

කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්රණපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cxjQgk
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 175 💙💚💜

🌹 මහාභිනිෂ්ක්‍රමණය

බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ ප්‍රසාදයෙන් එළියට පිය මැන්නේත් සසර පුරාවට පුරුදු කල මහා උපේක්ෂාවෙන්. ඒ එනවිටත් කන්ථක අසු අජාන් අස්වයෙකු මෙන් සරසා පිළියල කොට තිබ්බේ. සිදුහත් කුමරු උපත ලත් දිනයේම “සත සහජාත” නමින් තවත් උපත් සතක් සිදුවුන බව අප 156 වෙනි කොටසේ ලීවා. එයින් දෙදෙනෙක් තමයි ඡන්න ඇමතියා සහ කන්ථක අශ්ව රාජයා. ඒ බුද්ධත්වය සඳහාම අනුග්‍රහ දැක්වීමට. මෙතන මම දකින තවත් අසිරිමත් කරුණක් තිබෙනවා. එනම් මෙම තුන්දෙනාගේ නික්ම යාම කෙළවර වන්නේ එකිනෙකට වෙනස් අන්ත තුනකින්. ඡන්න ඇමතියා නැවත ආපසු රජමාළිගාවටම හැරී එනවා. ඒ ලව්කික දිවියට. කන්ථක අශ්වරාජයා ගේ ගමන අවසන් වන්නේ මෙලොවින් සමුගෙන දිව්‍ය කුමාරයෙකු ලෙස දිව්‍ය අප්සරාවන් පිරිවරමින් පූර්ව පක්ෂයෙහි නැකැත් තරු පිරිවරකොට ඇති චන්ද්‍රයා යම්සේද, තාරකාවන්ට අධිපති චන්ද්‍රයා හාත්පස හැසිරෙද්ද? අහසෙහිද රැස් ඇති සූර්යයා පහළවන්නාක් මෙන් එවැනි දිව්‍ය විමානකය. ඉදිරියේදී ඔබට ඒ කතාවද මෙම ලිපි පෙලින් කියවන්නට ලැබේවි. එහෙත් අප මහා බෝසතාණන් ගේ ගමන කෙලවර වුයේ සියලු සත්‍වයන් දුකෙන් එතෙර කරවූ එතෙර කරවීමට මග සැදුවා වූ ලොව්තුරා බුද්ධත්වයෙනි.

හක්ගෙඩියක පැහැයගත් කන්ථක අසු රාජකීය ඇඳුමින් සැරසී සමන් මල් විසුරුණු යායක් මැද ගාම්භීරව සිටියේ තවත් බුදුවරයෙකුගේ මහා අභිණික්මනක් සඳහා මවනු ලැබූ දිව්‍යමය අජාන් අශ්වයකු ලෙසයි. මෙසේ බෝසතාණන් වහන්සේ මාලිගයෙන් බැස කන්ඨක අසු ළඟට ගොස් ඔහුගේ කණට කොඳුරා මෙලෙස රහසක් කියන්නට වුණා.

“කන්ඨක ඔබ මා මේ රැය එතෙර කරවන්න. ඔබ නිසා මම බුදු වී දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි.”

අනතුරුව බෝසතාණන් වහන්සේ උඩ පැන අසු පිටට නැග්ගා. කන්ථක අශ්වරාජයා වනාහි බෙල්ලෙහි පටන් අටළොස් රියනක්. ඊට අනුරූප උසින් ද යුක්ත වුණා. ශක්තියෙන් හා ජවයෙන්ද අන් අශ්වයෙකුට සම නොකලහැකි වුණා. ඔහුගේ මුලු සිරුරම සුදු වන්ය. ඔප කළ හකක් හා සමානය. ඔහුගේ හේෂාරාවය සහ පිය ගැටෙන ශබ්දය මුළු නගරයේ පුරාම පැතිරෙනවා. ඒ නිසාම දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ඔහුගේ පියසටහන් කිසිවකුට නො ඇසෙන සේ වළකා අසු තබන තබන පියවර අත්හළ පිරිනැමුවා. බෝසතාණන් වහන්සේ අසු පිට සිටියදී චන්න ඇමති අසු වලිගය අල්ලා ගෙන මැදියම් රැයෙහිම නගර දොරටුව ළඟට පැමිණියා. ඒ වනවිට පිය රජතුමා සිදුහත් කුමරුට යම්කිසි වේලාවක් නගර දොරටුව හැර නික්මීමට නොහැකි වන පරිදි දොර පවුරු දෙකෙහි එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ තනවා තිබුණා. බෝසතාණන් වහන්සේ ඉතා ශක්තිමත් ඇතුන් ගණනින් කෙළ දහසක් ඇතුන්ගේ බල දරයි.

පුරුෂ ගණනින් දශ කෙළ දහසක් බල දරයි. දොරටුව අසළට එන විටත් එහි ආරකෂාව සඳහා යොදවා තිබූ සියලුම දෙනා පසුගිය දින හතෙහිම අක දිගටම නිදිවැරීමෙන්ද, දෙවිවරුන්ගේ අනුහසින්ද තද නින්දට වැටි සිටියා. එවිට බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුණා. “ඉදින් දොර නො හැරුණේ නම් තමා අසුපිට සිටියදීම ඡන්න වලිගය ගෙන සිටිය දීම අසූ දෙකලව යෙන් තද කොටගෙන අටළොස් රියන් උස පවුරු උඩින් පැන යන්නෙමි.” මේ අතර චන්න ඇමතිත් මෙලෙස සිතන්නට වුණා. ‘ඉතින් මේ දොර නො හැරුණේ නම් බෝසතාණන් වහන්සේ උරහිසෙහි තබාගෙන කන්තක ගේ කුස දකුණු අතින් වෙළාගෙන කිසිලි අතරෙහි තබාගෙන පවුරු පැන යමි.’ කන්ථක ද මෙසේ සිතන්නට වුණා. “දොර නො හැරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදීම වලිගය ගෙන සිටින ඡන්ද සමඟම උඩට පැන පවුරු ඉක්මවමි.”

වසා තිබු ඒ මහා දොරටුව අභියසට පැමිණි ඔවුන් තිදෙනා එලෙස වෙන් වෙන්ව සිතන්නට වුණා. මේ දොරටුවට අධිගෘහිත දෙවිකෙනෙක් හිටියා. මේ අය මෙලෙස සිතනකොට දොරටුවට අධිගෘහිතදෙවියාට මෙහෙම හිතුණා. යම් විදිහකින් මේ දොර නො හැරුණේ නම් තුන් දෙනාගෙන් එක් අයකු සිතූ පරිදි එම කාර්යය සිදු වන්නේය. ඒ නිසා දොරටුව විවුර්ත කල යුතුයි. මෙලෙස සිතූ දොරටුවට අධිගෘහිත දෙවියා දොර විවෘත කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි. මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුණා.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
12-05-2020

🌺 උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙම ලිපි පෙළ බොහෝ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර පින්වත් ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Wr2Hzf
මහණෙනි, මම පෙර විසූ සම්මා සම්බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පැරණි මග, පැරණි මාවත දැක්කෙමි.
පෙර විසූ සම්මා සම්බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පැරණි මග, පැරණි මාවත කුමක් ද යත්:
මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමයි.

නගර සූත්‍රය
සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » මහා වර්ගය

https://ift.tt/3dFuf9U

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yLNCiA
පෙර එක් ජීවිතයක අප මහා බෝසතාණන් වහන්සේ රජකුව ඉපිද සිටිය දී මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඒ රජුගේ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත්ගොව්වා විය. දිනක් රජු ඇතෙකු පිට යද්දී ඒ ඇතාට ඇතින්නියන් ගේ ගඳ දැනී මඳ කිපී කැලෑවට දුවන්නට විය. රජු ඇතුගේ ගමන වළකාගත නො හැකිව ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේ ය. පසුව නගරයට විත් ඇත්ගොව්වා ගෙන්වා නො හික්මුණු ඇතෙකු සරසා දීම පිළිබඳ දොස් නැගී ය. ඇත්ගොව්වා කරුණු කීව ද රජු නො පිළිගත්තේ ය.

ඇතු කිහිප දිනක් ඇතින්නන් සමඟ සිට රාග හැඟීම් සපුරාගෙන නැවත ඇත් හලට ආවේ ය. පසුව ඇත්ගොව්වා රජුට මේ ඇතා ගේ හික්මවීම පෙන්වන ලදි. ඇත්ගොව්වා කියන හැම දෙයක්ම ඇතා කරන්නේ ය. අවසානයේදී රත් වූ ගිනියම් වූ යකඩයක් ඇතා වෙත එළවා, මෙය අල්ලව යැයි ඇතාට කීවේ ය. ඇතා කඳුළු පිරි දෙනෙතින් ඇත්ගොව්වා ගේ මුහුණ දෙස බලා සෙනෙහසින් පිරි කීකරු සිතින් ඒ ගිනියම් වූ යකඩය ද අල්ලන ලදි. එහිදී සොඬය චිටි චිටි ගා දැවී ගියේ ය. පසුව වහා එය මුදාහරින්න යැ යි කී විට මුදාහරින්න ලදි.

මේ කීකරු ඇතා ද අකීකරු ඇතෙකු මෙන් රාගයෙන් මත්ව ගිය බව සැමට ප්‍රකට විය. එදා ඒ කීකරු ඇතුනම් කාශ්‍යප මහ රහතන් වහන්සේ විය. අනාගතයේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදුවී වේහාර පර්වත පාමුලට වැඩි විට, මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය (බුද්ධ කාලයේ සිට උන් වහන්සේ ගේ අධිෂ්ඨාන බලයෙන් පර්වත අතර සැඟවී තිබූ), ශ්‍රි හස්තයට ගෙන පෙන්වන සේක. පසුව දේහය බුදු හිමිගේ ශ්‍රී හස්තයේ ආදාහනය වන්නේ ය. මෛත්‍රී බුදු රජුන් ගේ ශ්‍රී හස්තය එයින් දැවී අල්ල පුරා ගෙඩියක් හට ගන්නේ ය. එහිදී පෙර තමා ඇත්ගොව්වෙකුව ඉපිද සිටිය දී කල කර්මය මෙකල පල දුන් බව වදාරන සේක. එබැවින් පාප කර්මයට බිය වෙත්වා.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/35VF30U
== මෙත් බෝසත්තුමා විවරණ ලැබීම ==

දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ ගේත් සැරියුත් මාහිමියන් ගේත් අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසීමෙන් වප් පුනු පොහෝ දා මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ දහසක් පමණ වූ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ මෙයින‍් සෙ‍ාළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට මතු බුදු වනු පිනිස නියත විවරණ සිරි ලබා පෙරුම්දම් පුරමින් එන්නා හ. අප ගේ ගෞතම බුදුපියාණන් ගේ කාලයෙහි දෙව්ලොවින් චුත ව සැවැත් නුවරින් තුන් යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලයෙක සිරිවඩ්ඪ නම් මහ කෙළඹියාට පුත් ව උපන්හ. දිසාපාමොක් ඇදුරුහුගෙන් සියලු සිප් සතර උගත් බෝසත් කුමරුවාණෝ මාපියන් ගේ ඇවෑමෙන් සියලු ධනයට අයිතිකාරයා වූ හ. මහපිරිවර ඇති ව සැප සම්පත් විඳින්නාහු දේවාව‍රෝහණ සමාගමයෙහි දී ඒ අසිරිමත් බුදු පෙළහරින් ඉමහත් සොම්නසට පත් ව සියලු ගිහි සම්පත් අතහැර දමා පිරිවර ජනයා සමග බුදු සසුන් හි පැවිදි බවට පත් වූ හ. පැවිද්ද හා උපසම්පදාව ලැබූ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ බුදු දහම මැනැවින් ඉගෙන එය භික්ෂූ සමූහයාට ඉගැන්වූහ.

පසු කලෙක චීවර මාසයේ අන්තයේ දී වස්සග්ගයෙහි මාහැඟි වස්ත්‍ර යුගලයක් තමන්වහන්සේට ලැබිණ. චීවර දානයේ අනුසස් දත් බෝසතාණන් වහන්සේ ඒ වස්ත්‍ර යුගලයෙන් එකක් තථාගතයන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියෙහි වියන් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා වියන් කෙළවර එල්ලා බැඳ භාග්‍යවතුන් වහන්සේට පුදා මහා සඟ මැද එකත් පස් ව වැඩ සිටියහ. මෛත්‍රෙය බෝධිසත්ත්වයන්ගේ මේ උදාර පුණ්‍ය ක්‍රියාව සර්වඥතාඥනයෙන් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂුව අමතා ඔබ වනාහි මේ භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය සමින් බුදු වන්නෙහි යැයි විවරණ සිරි දී වදාළ හ. මේ මහා පූජාවකින් තිලෝගුරු සම්බුදු රදුන් පුදා එකත් පසෙක සිටිනා මහා පුරුෂයාණන්ගේ අධ්‍යාශය මහා සංඝයා හට මෙසේ වදාළ හ. “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධාන‍ියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහු ගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන් ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ භාර්‍ය්‍යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා ‍රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහු ගේ ‍බෝරදුන් වෙයි” යනුවෙන් විවරණ සිරි දී වදාළ හ. තමන් ගේ අධ්‍යාශයන් අනාගතයෙහි මස්තකප්‍රාප්ත වන බව දැන පුරන ලද පාරමිතාවන් ඇති බුද්ධාංකුරයාණන් වහන්සේ මේ විවරණ සිරි ඥානය දොහොත් මුදුන් තබා ඉවසා සිටිය හ. මහා සංඝයා සාධුනාද පැවැත්වී ය. දෙවියෝ ප්‍රීතියෙන් උද්දාමවත් ව දිව මලින් පිදූ හ. මිනිස්සු සැණකෙළි පැවැත්වූ හ. මේ ආගමික මහා පුණ්‍ය ක්‍රියාව සිදු වූයේ ඉල් පුනු පොහෝ දිනයක ය.