Monthly Archives: May 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dWA2Ii
පින්වත් ඔබ,

ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ක්‍රමානුකූලව ගැඹරටම ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති,

එහෙත් ථේරවාදී බුදු දහමේ මූලික කරුණු කිහිපයක්වත් සරලව නිවැරදිව ඉගෙන ගැනීමට කැමති අයෙක්ද ?

නැත්නම්

ත්‍රිපිටකය ,අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ඉගෙනීමට ගුරු ඇසුරක් සොයා ගැනීමට අපොහොසත් අයෙක්ද?

එසේනම්

ථේරවාදී ගුරු ප්‍රවේණියක් සහිත ගුරු ඇසුරකින්ම ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙනගත් සීලාදි ප්‍රතිපත්ති ධර්මයෙහි මනාව පිළිපන් රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ විසින් ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මයට අනුවම යමින් රචිත පහත ලින්ක් වල ඇති app එක සහ ග්‍රන්ථ ඔබට උපකාර වේවි.
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ ධර්මධර ස්වාමීන් වහන්සේලා විසින්ද අනුමත කර ඇත.

උදා ÷චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍ර‍න්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍ර‍න්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොවක් පැසසුමට බඳුන්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 පෙබරවාරි මස 10 වන දින, පිරිවෙන, බලංගොඩ.

https://ift.tt/39B2Zba ,
https://ift.tt/2ZhWVBT

තෙරුවන් ගුණ දැන ගැනීමට හා සරල දහම් කරුණු සඳහා
https://ift.tt/2WXcmfG
https://ift.tt/2zMInPE
https://ift.tt/367AW1G

අභිධර්මයේ මූලික කරුණු දැනගැනීමට
https://ift.tt/3cGlpIK
https://ift.tt/2X5nMhK
https://ift.tt/2ZnHqZd

චතුරාර්ය සත්‍යය
https://ift.tt/2X1NwLX

පටිච්ච සමුත්පාදය
https://ift.tt/3cEyS3D

නිවන
https://ift.tt/2zHfdSj

කෙලෙස්
https://ift.tt/2ZiyST0
https://ift.tt/3cEKynh

විදර්ශනා භාවනාව
https://ift.tt/3fYVJt1
https://ift.tt/3dWQ5FZ
https://ift.tt/3dMXG9Q

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
https://ift.tt/3bA2s97

ඉහත රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථවලින් කිහිපයක් පමණක් සඳහන් කර ඇති බව කිව යුතුය.

තවද තනිව හැදැරීමට හැකි ත්‍රිපිටකයේ සරල කොටස් කිහිපයක් තිබේ.

යමක් අසා සිත් ප්‍රසන්න වූ පමණින් එය ලෝකෝත්තර ධර්මය යැයි නොසිතිය යුතු බව
https://ift.tt/3fWygZc

කාමයන්ගේ ආදීනව සහ දුක්ඛාර්ය සත්‍යය
https://ift.tt/2Zen3gK
https://ift.tt/2ZiyTq2

ප්‍රේත ලෝකය සහ දිව්‍ය ලෝකය
https://ift.tt/2Au6u66
https://ift.tt/3fTepud

අපාය
https://ift.tt/2yavrml
https://ift.tt/2X8sJpS
https://ift.tt/3dSC2kx

කර්මය
https://ift.tt/2T9RMru

රහතන් වහන්සේලා පෙර භවයන්හි කල පින්කම්
https://ift.tt/2Lxzhcr
https://ift.tt/2WDXNij
https://ift.tt/2WDopQl

(පාලි භාෂාව ඉගෙන ගැනීමට
https://ift.tt/3fV08Nr
https://ift.tt/2ABZgx7
https://ift.tt/3e5pK8P
https://ift.tt/2X5nbMN)

තෙරුවන් සරණයි!!!

මෙම post එක ධර්මය දානය පිණිස (share මත click කර) බෙදා හැරීමෙන් ඔබට කුසල් රැස් කරගත හැකි අතර(කියවන) ඔබට මෙන්ම තවත් අයෙකුට ධර්මයේ රසය ලබාගත හැකි වෙනු ඇත.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dWA2Ii
පින්වත් ඔබ,

ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ක්‍රමානුකූලව ගැඹරටම ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති,

එහෙත් ථේරවාදී බුදු දහමේ මූලික කරුණු කිහිපයක්වත් සරලව නිවැරදිව ඉගෙන ගැනීමට කැමති අයෙක්ද ?

නැත්නම්

ත්‍රිපිටකය ,අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ඉගෙනීමට ගුරු ඇසුරක් සොයා ගැනීමට අපොහොසත් අයෙක්ද?

එසේනම්

ථේරවාදී ගුරු ප්‍රවේණියක් සහිත ගුරු ඇසුරකින්ම ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙනගත් සීලාදි ප්‍රතිපත්ති ධර්මයෙහි මනාව පිළිපන් රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ විසින් ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මයට අනුවම යමින් රචිත පහත ලින්ක් වල ඇති app එක සහ ග්‍රන්ථ ඔබට උපකාර වේවි.
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ ධර්මධර ස්වාමීන් වහන්සේලා විසින්ද අනුමත කර ඇත.

උදා ÷චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍ර‍න්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍ර‍න්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොවක් පැසසුමට බඳුන්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 පෙබරවාරි මස 10 වන දින, පිරිවෙන, බලංගොඩ.

https://ift.tt/39B2Zba ,
https://ift.tt/2ZhWVBT

තෙරුවන් ගුණ දැන ගැනීමට හා සරල දහම් කරුණු සඳහා
https://ift.tt/2WXcmfG
https://ift.tt/2zMInPE
https://ift.tt/367AW1G

අභිධර්මයේ මූලික කරුණු දැනගැනීමට
https://ift.tt/3cGlpIK
https://ift.tt/2X5nMhK
https://ift.tt/2ZnHqZd

චතුරාර්ය සත්‍යය
https://ift.tt/2X1NwLX

පටිච්ච සමුත්පාදය
https://ift.tt/3cEyS3D

නිවන
https://ift.tt/2zHfdSj

කෙලෙස්
https://ift.tt/2ZiyST0
https://ift.tt/3cEKynh

විදර්ශනා භාවනාව
https://ift.tt/3fYVJt1
https://ift.tt/3dWQ5FZ
https://ift.tt/3dMXG9Q

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
https://ift.tt/3bA2s97

ඉහත රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථවලින් කිහිපයක් පමණක් සඳහන් කර ඇති බව කිව යුතුය.

තවද තනිව හැදැරීමට හැකි ත්‍රිපිටකයේ සරල කොටස් කිහිපයක් තිබේ.

යමක් අසා සිත් ප්‍රසන්න වූ පමණින් එය ලෝකෝත්තර ධර්මය යැයි නොසිතිය යුතු බව
https://ift.tt/3fWygZc

කාමයන්ගේ ආදීනව සහ දුක්ඛාර්ය සත්‍යය
https://ift.tt/2Zen3gK
https://ift.tt/2ZiyTq2

ප්‍රේත ලෝකය සහ දිව්‍ය ලෝකය
https://ift.tt/2Au6u66
https://ift.tt/3fTepud

අපාය
https://ift.tt/2yavrml
https://ift.tt/2X8sJpS
https://ift.tt/3dSC2kx

කර්මය
https://ift.tt/2T9RMru

රහතන් වහන්සේලා පෙර භවයන්හි කල පින්කම්
https://ift.tt/2Lxzhcr
https://ift.tt/2WDXNij
https://ift.tt/2WDopQl

(පාලි භාෂාව ඉගෙන ගැනීමට
https://ift.tt/3fV08Nr
https://ift.tt/2ABZgx7
https://ift.tt/3e5pK8P
https://ift.tt/2X5nbMN)

තෙරුවන් සරණයි!!!

මෙම post එක ධර්මය දානය පිණිස (share මත click කර) බෙදා හැරීමෙන් ඔබට කුසල් රැස් කරගත හැකි අතර(කියවන) ඔබට මෙන්ම තවත් අයෙකුට ධර්මයේ රසය ලබාගත හැකි වෙනු ඇත.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2AyZk0A
🙏 ඇයි භික්ෂූන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ප්‍රීතියෙන් ඉන්නෙ? දවසක් බන්ධනාගාර නිළධාරියෙක් මාව දේශනාවකින් පස්සෙ ආරණ්‍යයට ආපසු ගෙනත් බැස්සුවා. ඔහු බුද්ධාගම ගැන කිසිවක් දැන හිටියේ නැහැ. එන ගමන් මගෙන් අහනවා,

“මෙහෙම අහනවට මට සමාවෙන්න. ආරණ්‍යයට වෙලා මොනවද මේ අය කරන්නෙ?එතන ගෑණු ඉන්නවද?”

මම කිව්වා “නැහැ. ගෑණු උදවිය එතන නැහැ”

“එහෙනම් බීම?, රෑට හොඳට බොනවා නේද”‘

මම කිව්වා “නෑ. අපි මත්පැන් මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ”

“ටෙලිවිෂන් තියනවාද?”

“නෑ අපි ටෙලිවිෂන් බලන්නෙ නෑ”

“ජීවිතයේ ඇති වැදගත්ම දේවල් තුන ඒවා. ඒවා නැතිව මොනවද ඔතනට වෙලා කොරන්නෙ?”

මම කිව්වා ” #අපි_භාවනා_කරනවා. #එයින්_ලැබෙන_සතුට_ඔය_කිව්ව_දේවල්_තුනටම_වඩා_බොහොම_ඉහළයි ” කියලා.

අන්න ඒ නිසයි අපි මහණ ජීවිතයේ රැඳී ඉන්නෙ. විවාහ වීමෙන් ලබාගන්නවාට වඩා, දරුවන් ලැබීමෙන් ලබාගන්නවාට වඩා ලොකු සතුටක් අපි විඳින්නෙ. මම කිව්වා ඔහුට මා දන්න යහළු ස්වාමීන් වහන්සේ නමකට දැනට අවුරුදු විසිපහකට විතර උඩදී උන්වහන්සේගේ දෙමාපියන් තායිලන්තයට ඇවිත් කිව්වා,

“ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දෙන්නම්, සිවුරු ඇරලා අපිත් එක්ක ආපහු යමු” කියලා.

ඔහු එය ප්‍රතික්ෂේප කළා. තවමත් උන්වහන්සේ භික්ෂුවක්. අන්න ඒ නිසයි අපි මහණදම් පුරන්නෙ. මේ අත්මිදීමෙන් ලබාගන්නා සතුට සාමය සඳහායි. එය යොමුකරන්නේ අති උතුම් ප්‍රීතිය වෙතටයි. ඒ නිවනයි. මම බලාපොරොත්තු වෙනවා යම් දිනක ඔබ සියළු දෙනාමත් ඒ ප්‍රීතිය අත්කරගනී කියලා. ඒ වගේම ඔබ දැනගනීවි ඇයි බුදුරජාණන්වහන්සේ සිනාමුසු කියලා.

(උපුටාගැනීම – භාවනාවට දැන් කාලයයි – අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ – පරිවර්තනය භික්ඛු අභය හිමි)

➖ සිත් නිවාලන අරණ ➖

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cIqbpi
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාසාභිධාන මහ නාහිමියන්ට ඉක්මන් සුව ලැබේවා …

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cFKdAM
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

පින්වතුනේ, අද ඔබට හරි ලස්සන දහම් කතාවක් කියලා දෙනවා. බුදු රජාණන් වහන්සේ අපට කියලා දෙනවනේ දක්ෂ මල් කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළාගෙන ඇවිත් ලස්සන ලස්සන මල් මාලා ගොතනවා වගේ අපටත් බොහෝ කුසල් කර ගන්න කියලා. අන්න ඒ නිසා නොයෙක් ආකාරයෙන් විවිධ ලස්සන ලස්සන පින්කම් ගොඩක් අපි කර ගන්න ඕන. ඉතින් ඒ සඳහා උපකාරී වන දේශනාවක් තමයි මේක. අපේ පින්වතුන් නොයෙක් දේවල් දන් දෙනවනේ. ඒ අතරින් ආහාර පාන විශේෂයි. ඒ ආහාර පාන අතර තියෙනවා බොහෝම රසවත් දෙයක්. ඒ තමයි කැඳ. ඉතින් කැඳ පූජා කළාට ඒකේ විශේෂත්වයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ විශේෂත්වයන් තමයි එය පිළිගන්න සියලුම භික්ෂූන් වහන්සේලාම වාගේ වළඳන්නට ප්‍රිය කරන දෙයක් තමයි කැඳ දානය. ඒ වගේම උන්වහන්සේලාගේ කයට බොහෝ සෙයින් ගුණදායක ආහාරයක්. ඒ නිසාම පූජා කරන දායක පින්වතුන්ටත් විශේෂ ආනිසංස ලැබෙනවා. දැන් ඒ පිළිබඳව තමයි කියලා දෙන්නේ.

ඔන්න මීට බොහෝම ඉස්සර කාලේ ඒ කියන්නේ කල්ප තිස්දාහකට පමණ පෙර එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ගමනට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ එහෙම අරගෙන දුර ගමනක් යන්න පිටත් වුණා. ඔහොම යනකොට ගඟකින් එතෙර වෙලා තමයි යන්නට තිබුණේ. මෙයා ගඟ ළඟට යනකොට ගඟ උතුරලා දෙගොඩතලා ගලා යනවා. එතෙර වෙනවා තියා හිතන්නවත් බෑ. ඉතින් මෙයා කල්පනා කළා දැන් මොකද කරන්නේ ගමන යන්නත් බෑ බොහෝ දුරක් ඇවිත් තිබුණ නිසා නැවත ගෙදර යන්නත් බෑ. දැන් මෙයා හිතුවා මග කොහේ හරි නැවතිලා ඉඳලා ගඟේ වතුර අඩු උනාම ගියානම් හොඳයි කියලා. ඉතින් මෙයා අහල පහල විපරම් කර බැලුවා නවතින්න තැනක් සුදුසු තැනක් තියෙනවද කියලා. එතකොට මෙයා දැක්කා භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා ඒ අසල තැනක. මේ තැනැත්තා ඒ ආරාමයට ගිහිල්ලා බලනකොට හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. ඒ ආරාමේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට ගඟ උතුරලා නිසා පිණ්ඩපාතයේ වඩින්න විදිහක් නැහැ. ගඟෙන් එගොඩ තමයි ගොදුරු ගම තියෙන්නේ අනේ මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම කුසගින්නේ. අනිත් එක උන්වහන්සේලා සාමාන්‍ය අය නොවේ. මහා ගුණවත්. ධ්‍යාන වඩන. ධුතාංගධාරී. ගොරෝසු සිවුරු පොරවන. විවේකීව භාවනාවේ ඇලිලා ඉන්න ප්‍රඥාවන්ත. කෙළෙස් නැති. අටලෝ දහමට කම්පා නොවී වැඩ ඉන්න උත්තමයන් වහන්සේලා. ඉතින් මෙයා තේරුම් ගත්තා මේ උතුමන් වහන්සේලා නම් එසේ මෙසේ අය වෙන්න බෑ. නිකෙලෙස් උත්තම ගුණ දරාගෙන වැඩ ඉන්න මේ ස්වාමීන් වහන්සේලා දවස් ගානක් කුසගින්නේ. අනේ මං ආවේ හොඳ වෙලාවට. මගේ ළඟ සහල් තියෙනවා අනෙකුත් දේවල් තියෙනවා මං ඉක්මනට උන්වහන්සේලාට දානය හදලා පිළිගන්වන්න ඕනෑ කියලා මෙයා බොහොම රසවත්ව ඉක්මනින් කැඳක් පිලියෙල කරලා උන්වහන්සේලාට තමන්ගේ අතින්ම පූජා කර ගත්තා. දැන් බලන්න පින්වතුනි මේක සාමාන්‍ය දානයක් නෙවෙයි. හේතුව තමයි කරදරයක් වුණ වෙලාවක භික්ෂූන් වහන්සේලා කුසගින්නේ ඉන්න වෙලාවක. ආහාරයම අවශ්‍ය වෙලාවක දීපු දානයක්. ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ ” කාලේන දානං දේති.” කියන විදිහට සුදුසු වෙලාවට දෙන කාලීන දාන වලටයි. අනිත් එක ඒ දුන්නෙත් සාමාන්‍ය අයට නෙවෙයි මහ රහතන් වහන්සේලාටයි. ඉතින් බලන්න මේ තැනැත්තාට කොයි තරම් පිනක් සිද්ධ වේවිද. දැන් මෙයාට ලොකු ලාභයක්නේ ලැබුණේ. ඉතින් ඒ ආරාමයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පස් නමට බොහොම ගෞරවයෙන් සඟ ගුණ මෙනෙහි කරලා ඒ කැඳ දානය පූජා කරලා ලබා ගත්ත ඒ පිනෙන් පස්සේ කාලෙක එයා මිය ගිහින් තව්තිසා දිව්‍යලෝකයේ ඉපදුණා.

දැන් මෙයා දෙවි කෙනෙක්. මෙයා බැලුවා වට පිට හාත්පස තනිකරම මැණික් වලින් සැදුම්ලත් ලස්සන දිව්‍ය විමානයක්. දිව්‍ය අප්සරාවන් වගේම දිව්‍ය ආහාර පාන සංගීතය ආදී සැප සම්පත් සියල්ලම තියෙනවා. ඒ ඔක්කොම අයිති මෙයාට තමයි. ඉතින් ඔය ආකාරයෙන් තිස් තුන් වාරයක් දෙව්ලොව රජ වුණා. ඒ වගේම තිස් වාරයක් මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. ප්‍රදේශ රාජ්‍ය වල රජකම් ලැබුණු වාර ගණන කියන්න බැරි තරම්. ඒ විදිහට දෙව් ලොවින් මනු ලොවට මනු ලොවින් දෙව් ලොවට ආදී වශයෙන් සුගතියේම ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මනුස්ස ලෝකයේ දඹදිව ඉපදුණා. පස්සේ බුදු බණ අහලා පැවිදි වුණා. පින්වතුනේ අර කැඳ පූජාවේ පින කොච්චරද කියන්නේ. මෙයා පැවිදි වෙනකොට හිස කෙස් ඉවත් කරනකොටම උතුම් අරහත්වයට පත් වුණා. සිකපද සමාදන් වෙන්නටත් කලින්. ඒ කියන්නේ මේ කය හට ගන්නා ආකාරය සහ නිරුද්ධ වෙන ආකාරයත් විදර්ශනා කරමින් ඉන්නකොට එකෙනෙහිම සිත කෙළෙසුන් ගෙන් නිදහස් වුණා. ඒ තමයි යාගුදායක මහරහතන් වහන්සේ.

ඉතින් ඊටපස්සෙ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ” මම එදා උතුම් දානයක් බොහොම හොඳට පූජා කර ගත්තා. හරියට සාර්ථකව වෙළඳාමක් කර ගත්තා වගේ. ඒ කැඳ දානය නිසාම මම නිවන් අවබෝධ කර ගත්තා. සංසාරෙන් එතෙර වුණා කියලා. ඒ වගේම පින්වතුනි උන්වහන්සේ හරි පුදුම දෙයක් ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව බලන්න කැඳ පූජාවේ පින කොච්චරද කියලා. උන්වහන්සේ වදාළා. මම ශෝකයෙන් හිටපු දවසක්. අසනීපයෙන් හිටපු දවසක්. හිතේ අමාරුවෙන් හිටපු දවසක්. දන්නේවත් නෑ කියලා. ඒ තමයි කැඳ පූජාවේ අනුසස්. අනුත්තර පින්කෙත වන සංඝරත්නය ට කැඳ දානයක් මනා කොට පූජා කර ගත්ත නිසා මම ආනිසංස පහක් විශේෂයෙන් ලැබුවා කියලා වදාළා. ඒ තමයි.

1🔴ලෙඩ නැති බව.
2🔴රූමත් බව.
3🔴වහාම ඉක්මනින් ම ධර්මය අවබෝධ වීම.
4🔴ආහාර පාන සුලභව ලැබීම.
5🔴දීර්ඝායුෂ ලැබීම. කියන ආනිසංස පහ. ඉතින් යම් කිසි කෙනෙක් සතුට උපදවන සංඝයා කෙරෙහි කැඳ දන් දෙනවා නම් ඔය ආනිසංස පහ එයාට ලබා ගන්න පුළුවන්.

ඒ වගේම උන්වහන්සේ වදාළා කල්ප තිස්දාහකට පමණ පෙර කරන ලද කැඳ දානය නිසා කවදාවත් අපායේ ගියේ නැහැ කියලා. ඒ වගේම ඒ පිනෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අවබෝධ කර ගෙන සසරින් එතෙර වන්නට වාසනාවත් ලැබුණා කියලා වදාළා. සිව් පිළිසිඹියා ධ්‍යාන අභිඥා සමග උතුම් අරහත්වයට පත් වන්නට උන්වහන්සේ ට හේතු වුණේ පින්වතුනි. කැඳ පූජාවක්. ඉතින් ඔය ඇත්තන්ට ක් මීට පස්සේ කැඳ පූජා කරනකොට මේ කතාව සිහිපත් කර ගෙන ගෞරවයෙන් යුතුව පූජා කර ගෙන සසරින් එතෙර වීමට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.