Monthly Archives: March 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pGyNW6
බෝධීන් වහන්සේට කිරිපිඬු දානයක් නිවැරදිව හදාගන්නේ මෙන්න මෙහෙමයි..!!

කිරිබත සැකසීමේදී සැලකිලිමත් වියයුතු ඉතාම වදාගත් කරුණු කියවන්න.

.1 අලුත්ම මුට්ටියක් ,පත්‍රයක් ,පොල් කටු හැන්දක් පාවිචිචි කරන්න …
2. දණහිසට පහලින් ලිප් බදින්න එපා..
3. කිරිබත පිසීමේදී මුකවාඩම් බදින්න
4. කුරුදු දර පාවිචිචි කරන්න ….
5. කිරිපිඩු සමග පැන් පිළිගන්වන්න අමතක කරන්න එපා…
6.උදැසන 5 ත් 7.30 අතර කිරිපිඩු පිළිගන්වන්න අමතක කරන්න එපා….

සුදු කැකුළු හාල් 1 kg
මුන් අට 50 g
හකුරු 50 g
කජු මද 100 g
මුද්දරස්පලම් 50 g
රට ඉදි 100 g
එනසල්,කරාබු නැටි ,කුරුදු පොතු
තැඹිලි ගෙඩි එකක්
උකු පොල් කිරි

හාල් සෝදා…සාමන්‍ය කිරිබතක් පිස ගන්නා ආකාරයෙන් තැබිලි වතුර සහා පොල් කිරි එක් කර කිරිබත සද ගන්න …
අවසානයේ උකු පොල් කිරි එක්කර කිරිබත පත්තරයට සකසන්න.

නමට බෞද්ධයකු නොවී ශ්‍රද්ධාවෙන් බුදු දහමට අනුව හැසිරෙන්න…
එදාට ආගම ජාතිය නිතැතින්ම රැකේවි…

ඔබත් මෙය share කර ඔබේ මිතුරු බෞද්ධයන් දැනුවත් කරන්න …

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2HXdKWC
කල්‍යාණ මිත්‍රත්වය – කල්‍යාණමිත්‌ත සූත්‍රය

http://ift.tt/2pxxnhs

77. සැවැත්නුවර:

මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්‌මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2GOS7bG
සඳකඩපහණ විග්‍රහය මෙසේය
.
පළා පෙති මෝස්තරය, නොනැවතී ගමන් කරන සිවුපා රූප පේලිය, විශාල ලියවැල, හංසා වලිය, කුඩා ලියවැල, අර්ධ පද්මය යනාදී වශයෙන් ප්‍රධාන කැටයම් ඔස්සේ සෙනරත් පරණ විතාන මහතා අදහස් ඉදිරිපත් කරයි.
.
1.ගිනිසිළුවන් පිටතට විහිදෙන පළා පෙති මෝස්තරයෙන් දැක්වෙන්නේ, රාග, ද්වේශ, මෝහ ගින්නෙන් සත්වයා දැවෙන බවයි.
2.නොනැවතී ගමන් කරන ඇත්, අශ්ව, සිංහ හා ගව සත්ව රූප පේළියෙන්, ජාති, ජරා, වියාධි, මරණ, යනාදී ඉපිද ඉපදී මැරි මැරී යන භව චක්‍රය නිරූපණය කරයි.
3.විශාල ලියවැල තන්හා ලතාවයි මෙලොව උපදින සියළු සත්වයෝ එකී තෘෂ්ණා ලතාවෙන් වෙලී බැදී පැටලී සිටින බව දක්වයි.
4.හංසාවලිය මගින් පෙර කී තෘෂ්ණා ලතාවෙන් මිදීම සඳහා ආර්ය මාර්ගයට පිළිපන් අර්ය ශ්‍රාවකයන් නිරුපනය කරයි.
5.කුඩා ප්‍රමාණයේ ලියවැල ආර්ය මාර්ගයේ හැසිරීම නිසා තුනී කරගෙන ඇති තෘෂ්ණාව නිරූපණය කරයි.
6.විකසිත අර්ධ පද්මය නිර්වාණය නිරූපණය කරයි.

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2puQGHd
මහණ සර්පයෙකු දිරාගිය පැරණි සැව අතහරින්නාක් මෙන් සසර දුරු කරන්නේ ය. – උරග සූත්‍රය

http://ift.tt/2IFXcUl

1. යම් මහණෙක් උපන් ක්‍රෝධය පැතිරැගිය සර්පවිෂ ඖෂධයෙන් නසාලන්නාක් සෙයින් දුරු කෙරේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චොරම්භාගිය සංයොජන සඞ්ඛ්‍යාත) ඔරපාරය ඔරිමතීරය හැරැපියයි.

2. යම් මහණෙක් විලට බැස නෙලුම්මල් නෙළන්නාක් සෙයින් පඤ්චකාමගුණරාගය නිරවශේෂ කොට සිඳලන්නේ වේ ද, ඒ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චොරම්භාගිය සංයොජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.

3. යම් මහණෙක් වෙළෙවි ව ගලාබස්නා හොයක් බඳු තෘෂ්ණාව නිඃශේෂ කොට වියළවා සිඳලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් (පඤ්චොරම්භාගිය සංයොජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.

4. යම් මහණෙක් මහවතුරෙක් ඉතාදුබල නළමුවා හෙයක් බිඳලන්නාක් සෙයින් (නවවිධ) මානය නිඃශේෂ කොට (රහත් මඟින්) නසාලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

5. යම් මහණෙක් මල් නෙළන්නකු දිඹුල්රුක්හි මල් නොලබන්නාක් මෙන් සෙයින් (කාමාදී) භවයෙහි සාරයක් නොලබන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

6. යම් මහණක්හුගේ සිත්හි කෝප නැත් ද (ශාශ්වතාදී) ඉතිභවාභවතාව ඉක්මසිටියේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

7. යම් මහණහුක් විසින් (කාමාදි) විතර්කයෝ නසන ලද්දාහු වෙත් ද, සිය සතන්හි එ හැම විතර්කයෝ මොනොවට සිඳින ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

8. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්ය වශයෙන්) අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද (තෘෂ්ණාදී) මෙ හැම ප්‍ර‍පඤ්චය සමතික්‍ර‍මණ කෙළේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

9. යම් මහණෙක් අවකාශලෝකයෙහි ලා මෙ හැම විතථ යයි දැන අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

10. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය රාග ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

11. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය ලෝභ ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

12. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්ය වශයෙන්) අතිධාවන නො කරන්නේ (කුසීතභාවයෙහි වැටෙමින්) නො පසුබස්නේ මෙ හැම ධර්මසමූහය විතථ යැයි දැනැ පැහූ ද්වේශ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

13. යම් මහණෙක් අතිධාවන නො කරන්නේ නො පසු බස්නේ මෙ හැම ධර්මසමූහය විතථ යැයි දැනැ පහකළ මොහ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

14. යම් මහණක්හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, මූල නම් ලත් අකුශලයෝ ද නසන ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

15. යම් මහණක්හට (සත්කායසඞ්කාත) අවරයට ඊමට හේතුවන පළමු පළමු උපන් කෙලෙස් නැමැති දරථයෙන් උපන් කිසිදු ක්ලේස කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

16. යම් මහණක්හට (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) වනථයෙන් උපන් භවබන්ධනයට හේතු වන කිසිදු කෙලෙස් කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

17. යම් මහණෙක් පඤ්චනීවරණයන් ප්‍ර‍හාණ කොට නිදුක් වූයේ වේ ද, (මාර්ගඥානයෙන්) තරණය කළ සැක ඇතියේ වේ ද, පැහූ රාගාදී හුල් ඇතියේ වේද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2G09e96
“භාජනෙ පරිභොගෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ
තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

සොණ්ණමයෙ මණිමයෙ අථො පි ඵලිකාමයෙ
ලොහිතංකමයෙ චෙව ලභාමි භාජනෙ අහං

භරියාදාසදාසී ච හත්ථස්සරථ පත්තිකා
ඉත්ථි පතිබ්බතා චෙව පරිභොගානි සබ්බදා

විජ්ජා මන්තපදෙ චෙව විවිධෙ ආගමෙ බහු
සබ්බං සිප්පං නිසාමෙමි පරිභොගානි සබ්බදා”

බුදුනට ද සඟනට ද පරිභෝග භාජන පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රනින් කරන ලද්දා වූ ද, මිණියෙන් කරන ලද්දා වූ ද, පළිඟුවෙන් කරන ලද්දා වූ ද, පියුම්රාමිණියෙන් කරන ලද්දා වූ ද භාජන මම ලබමි. භාර්‍ය්‍යාවෝ ද දාසදාසීහු ද, ඇත්, අස්, රිය, පාබල, සේනා ද පතිවත් ඇත්තා වූ ස්ත්‍රීහු ද හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති. විද්‍යා ද, මන්ත්‍රයන් ද නා නා ආගමයන් ද, සියලු ශිල්ප ද උගනිමි. ඒවා හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2ICwBYj
පින්වතුනේ අද ඔබට කියලා දෙන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ තමයි අපේ බෞද්ධ පින්වතුන් දන් දෙනවනෙ. එහි ආනිසංස පැත්තක් දන්නවා.හැබයි ඒ ආනිසංස ඒ වෙලාවට ම දකින්න නැති නිසා වැඩිය හිතට යන්නේ නැහැ. ඉතින් බුදු රජාණන් වහන්සේ ඒ ගැන දේශනා කොට වදාළ දහම් කරුණු ටිකක් තමයි කියලා දෙන්නේ. හොඳින් කියවලා හිතට ගන්න හරි වටිනවා.

ඔන්න දවසක් දා බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර කූටාගාර ශාලාවෙහි වැඩ ඉන්නවා. එතැනට ආවා සීහ සේනාපති කියන පුද්ගලයා එයා ඒ නුවර ප්‍රසිද්ධ වැදගත් කෙනෙක්. මෙයා බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එහෙම ප්‍රශ්නයක් ඇහුවා මෙන්න මෙහෙම.

සක්කා නු ඛෝ භන්තේ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපේතුංතී.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ජීවිතයේදීම තමන්ට දැන ගන්නට ලැබෙන (සන්දිට්ඨික) දානයෙහි ආනිශංස තිබෙනවාද?

ඉතින් ඒ වෙලාවේ දී බුදු රජාණන් වහන්සේ හරි ලස්සන දහම් කරුණු ටිකක් කියලා දෙනවා.

සීහය” එවැනි ආනිශංස පෙන්වා දෙන්න පුළුවන්.

1. දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙනවා. ඒක තමයි පළවෙනි එක. පින්වතුනේ මෙහිදි බුදු රජාණන් වහන්සේ” දානපති” කියලා වචනයක් දේශනා කරනවා. අපි මුලින්ම ඒක ගැන තේරුම් ගන්න ඕන. එය අටුවාවන් වල විස්තර වෙන්නේ මෙහෙමයි.

දාන දාස
දාන සහය
දානපති,

කියලා තුන් ආකාරයකින්. දාන දාස කියන්නේ තමන් බොහොම වටිනා දේවල් පරිභෝජනය කරමින් පරිහරණය කරනවා නමුත් බාල නොවටිනා දේවල් තමයි පූජා කරන්නේ. අන්න එයාට කියනවා දාන දාස කියලා.

ඊළඟ කෙනා තමයි දාන සහය. එයා තමන් පාවිච්චි කරන දේවල් වගේම දේවල් දන් දෙනවා. දැන් අපි හිතමුකො තමන්ට සරමක් ගන්නවා කියලා. ගෙදර වැඩ කරන කෙනාටත් ඒ ජාතියෙන් ම එකක් ගෙනවා. අන්න ඒ වගේ.

අනිත් කෙනා තමයි දානපති. එයා තමන් පාවිච්චි කරන පරිහරණය කරන දේවල් වලට වඩා උතුම් වටිනා දේවල් තමයි පූජා කරන්නේ.දන්දෙන්නේ . දැන් කව්ද ඔතනින් හොඳම. තුන්වැනි කෙනා තමයි ගොඩක් හොඳ.

එතකොට බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ප්‍රතිපල හොඳින් ම දකින්න ලැබෙන්නේ මේ දානපති කියන කෙනාට. ඔන්න දැන් බුදු රජාණන් වහන්සේ විස්තර කරනවා
මුල්ම කරුණ දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙනවා. ඒ කියන්නේ මොකක්ද. ප්‍රිය මනාප.කියල කියන්නේ කැමති යි කියන එකනේ එතකොට දානපති දායකයා ඇසුරු කරන්න. එයාට ඇහුන්කන් දෙන්න.එයාව අනුකරණය කරන්න. එයාව තමුන්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ කර ගන්ට. එයාව මිතුරෙක් කරගන්න එයාව පව්ලට සම්බන්ධ කර ගන්ට හැමෝම කැමතියි. බලන්න එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද. හැබැයි එහෙම වෙන්න නිකන් බැහැ. ප්‍රාර්ථනා කළ පමණිනුත් බැහැ . ඒකට එයා දානපතියෙක් වෙන්න ඕන.

2. දෙවැනි කාරණය දානපති දායකයා ට සාන්ත සත්පුරුෂයන් ගේ ඇසුර ලැබෙනවා. මේක තමයි මේ ජීවිතයේදීම තමන්ට දක්නට ලැබෙන දෙවැනි දානානිසංසය. දැන් මෙතැනදී බුදු රජාණන් වහන්සේ” සන්තෝ සප්පුරිසා” කියලා වචන භාවිතා කරනවා. අපි මුලින්ම එවා පැහැදිලි ව විස්තර වශයෙන් දැන ගන්න ඕන. සන්තෝ කියන්නේ සාන්ත නිවුණු කියන එකයි. පින්වතුනේ අපිට නිවුණු උතුමන් ගැන දැන ගන්න පහසුයි දැන් කාලේ ගිනිගත් උදවිය දිහා බලනකොට. ඒ ගින්න කොහෙද තියෙන්නේ. හිතේ තියෙන්නේ ගින්න හිතයි ගිනිගන්නේ. මොකෙන්ද ගිනි ගන්නේ. රාගයෙන් ගිනි ගනි ද්වේශයෙන් ගිනි ගනි මෝහයෙන් ගිනි ගනි. ඒ ගිනි ගන්න හිත් වලින් තමයි මෙච්චර මේ ලෝකේ පව් කරන්නේ අපරාධ කරන්නේ. එහෙනම් ගින්න නිවුණා නම් ඔක්කොම හරිනේ. එහෙනම් පින්වතුනි ආන්න ඒ ගින්න නිවා ගත් උතුමන් ට තමයි සාන්ත කියන්නේ. ඒ අය ලඟ සත්පුරුෂ ගුණ. ඒ කියන්නේ උතුම් මිනිස් කම්. උතුම් මිනිස්කම​ කියන්නේ මොකක්ද. ඒ අය තමන්ගේ ජීවිතය දෙවෙනි කොට බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිපදිනව. ඒ අයට කියනවා සාන්ත සත්පුරුෂයන් කියලා. කා ගැන ද එතකොට මේ කියන්නේ මාර්ග ඵල ලාභී උතුමන් ගැන. එතකොට දානපති දායකයා ට ඒ උතුමන්ලා ආශ්‍රය කරන්න ලැබෙනවා. හරියට අනාථ පිණ්ඩික සිටු තුමාට වගේ. පින්වතුනේ මුලු නිවන් මග ම රැඳිලා තියෙන්නේ මේ සත්පුරුෂ ඇසුර මත. ඉතින් වාසිදායක නැද්ද. හැබැයි ලැබෙන්නේ දානපති දායකයාට.

3. දානපති දායකයාගේ කල්‍යාණ කීර්ති රාවය උස්ව නැගෙනවා. ඒ කියන්නේ යහපත් උසස් උතුම් වැදගත් කෙනෙක් කියලා ඉහළින්ම ප්‍රසිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අනාථපිණ්ඩික සිටුතුමා ගැන විශාකාව ගැන මුලු දඹදිවම දැනගෙන හිටියා මුලු රටම ගරු කළා.

4. ඊළඟ කාරණය දානපති දායකයා කොයි ආකාරයේ පිරිසක් අතරට ගියත් ඒ කියන්නේ
ක්ෂත්‍රිය පිරිස
බ්‍රාහ්මණ පිරිස
ගෘහපති පිරිස
ශ්‍රමණ පිරිස ඒ කොයි යම් පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ. විශාරද කියන්නේ මොකක්ද. විශාරද කියන්නේ බය නෑ කියන එක. දැන් බලන්න සංගීත විශාරද ල ඉන්නවා නේද. ඒ අය සංගීතය පිළිබඳව ගොඩක් දැනුම තියෙනවානේ. ඉතින් එයාල සංගීතය පිළිබඳ වැඩක් නම් බය නැතුවනේ යන්නේ. අන්න ඒ වගේ මේ දානපති දායකයා කොතැනක කොයි යම් පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ හැකිලෙන්නේ නැහැ.

5. ඊළඟ කාරණය දානපති දායකයා මරණින් මතු සුගතියේ උපදිනවා. ඒ කියන්නේ එයා දෙව්ලොව තමයි යන්නේ. හැබැයි බුදු රජාණන් වහන්සේ වදාළා මේක නම් ලැබෙන්නේ මරණින් පස්සේ ඒ කියන්නේ සාම්පරායික.

ඉතින් පින්වත්නි බුදු රජාණන් වහන්සේ මේ ආකාරයෙන් දහම් කරුණු පහක් වදාළා.සීහ සේනාපති හොඳට අහගෙන හිටියා. ඉඳලා ඊළඟ ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ ඔය වදාළ කරුණු වලින් සන්දිට්ඨික කරුණු හතර ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා කියලා විස්වාස කරනවාම නොවෙයි. ස්වාමීනි එය මට දැනෙනවා මම ඒ අත්දැකීම ලබමින් ඉන්න කෙනෙක්. ස්වාමීනි මම දානපති දායකයෙක්.බොහෝ දෙනෙකුට මම ප්‍රිය මනාපයි. මම දානපති දායකයෙක් සාන්ත සත්පුරුෂයන් ගේ ඇසුර මට ලැබෙනවා. මම දානපති දායකයෙක්. මගේ කීර්ති රාවය පැතිරිලා තියෙනවා. මම දානපති දායකයෙක්.මම කොයි ආකාරයේ පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ.ඉතින් ස්වාමීනි ඒ සන්දිට්ඨික කරුණු හතර මටම දැනෙනවා. දැන් පින්වතුනි මෙතැනදී සීහ සේනාපති කියනවා ඒ කරුණු හතර බුදු රජාණන් වහන්සේ දේශනා කළාටම නෙවෙයි ඒක මටම දැනෙනවා කියලා.ආන්න ඒකට​තමයි කියන්නේ සන්දිට්ඨික යි කියලා. ඊළඟ කියනවා ස්වාමිනි ඔබ වහන්සේ වදාළ පස්වෙනි කරුණ නම් මට දැන් පේන්නේ නැහැ. ඔබ වහන්සේ වදාළ නිසා මම දන්නවා කියලා. මොකක්ද පින්වතුනි ඒ කියන්නේ. ඒ කියන්නේ දෙව්ලොව යන එක දැන් බලන්න බෑනේ අන්න ඒකයි. ඉතින් පින්වත් ඔබ මේ සූත්‍රයේ අඩංගු කරුණු තමන්ගේ ජීවිතයෙන් අත්දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දානපතියෙක් තුල ඇති ගුණ ඇති කර ගන්ට ඕනැ. ඔබට තෙරුවන් සරණයි.

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2G4WwcG
අදත් පින්වත් ඔබට හරිම ලස්සන පුංචි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්නටයි යන්නේ. පින්වතුනේ අපේ බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට කියන දෙයක් තමයි ” නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ හැර වෙන සරණක් නැත කියලනේ නමුත් ඒ සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඒ අයට බුදු රජාණන් වහන්සේ හැර ඕන තරම් සරණවල් තියනවා. ඒ අයට බුදු රජාණන් වහන්සේ මතක් වෙන්නේ අමාරුවේ වැටුණු වෙලාවට විතරයි. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැබෑම ගෞරවයක් ඇති වුණොත් අපිට නිරන්තරයෙන් ම සෑම කටයුක්තකදීම බුදු රජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඉතින් ඒක අපිට පින් රැස් කර ගැනීමට කවදා හරි සසරින් එතෙර වීමට හේතු වෙනවා. මේ සිද්ධිය ඒ පිළිබඳවයි.

පින්වතුනි මීට කල්ප අනූ හතරකට ඉහතදී ඒ කියන්නේ බොහෝ කාලයක් දැන් පින්වතුන් දන්නවා එක කල්පයක් ගත්තත් අවුරුදු වලින් කියන්න බෑ කොච්චරද කියලා කල්පය එතරම් දීර්ඝයි. බුදු රජාණන් වහන්සේ කල්පය ගැන වදාළේ උපමා වලින්. මම දැන් එකක් කියන්නම් සරලව. ඔන්න යොදුනක් උස යොදුනක් පළල ප්‍රදේශයක්. හිතන්නකෝ භාජනයක් කියලා. ඒක අබ ඇට වලින් පුරවනවා. ඉතින් යම් කිසි කෙනෙක් අවුරුදු සීයකට වරක් එක අබ ඇටයක් ඉවත් කරනවා. ඔය විදියට ඉවත් කරනකොට කවදා හරි ඒ භාජනය හිස් වෙනවා ඒත් කල්පය ඉවර නෑ.ඉතින් කල්පය එච්චර දිගයි. මේ සිද්ධිය සිද්ධ වුණේ එතකොට එවැනි කල්ප අනූ හතරකට ඉහතදී. ඒ කාලේ ලෝකයට හරිම පින්බර කාලයක් උදාවෙලා තිබුණා. හේතුව බුද්ධ ශාසනයක් පැවැතුණු කාලයක්. ඒ කාලේ සිද්ධාර්ථ කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා පිං ඇති දෙව් මිනිසුන් ව සසර දුකෙන් එතෙර කරවමින් වැඩ සිටියා.

ඉතින් ඒ කාලේ වනයේ හැසිරෙන බොහොම ජවසම්පන්න වඳුරෙක් හිටියා. මේ වඳුරා ගහෙන් ගහට පනිමින් වනයේ හැසිරෙනකොට හොඳින් ඵල දරා ඇති තිඹිරි ගසක් දැක්කා. ඉතින් අර තිඹිරි ගෙඩි දකිනකොට මේ වඳුරට එක පාරටම බුදු රජාණන් වහන්සේ මතක් උනා. පින්වතුනි මෙතනදී අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ වඳුරා මීට කලින් වරක් හෝ බුදු රජාණන් වහන්සේ දැකලා තියෙන්නට ඇති. ඒකනේ මතක් වුනේ. දැකල විතරක් නෙවෙයි බුදු රජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි පැහැදීමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ ලෝකයේ අනෙක් මිනිසුන් වගේ නොවේ. ඊට වඩා වෙනස් කෙනෙක්. හොඳ කෙනෙක්. කාටවත් හිරිහැර නැති කරුණාවන්ත කෙනෙක්. හැමෝටම පිහිට වෙන කෙනෙක්. කියලා.

ඉතින් මේ වඳුරා දවස් ගානක් බුදු රජාණන් වහන්සේ හෙව්වා තිඹිරි ගෙඩි ටිකක් පූජා කරන්න. දැන් බලන්න පින්වතුනි නියම දවස උදා උනා. සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ සතුන් ගැන බලන කොට තිඹිරි ගෙඩි පූජා කරන්න බුදු රජාණන් වහන්සේ හොයන මේ වඳුරාව දැක වදාළා. පින්වතුනි එදා බුදු රජාණන් වහන්සේ වෙන කාගෙන්වත් දානය ගත්තේ නෑ. මහ රහතන්වහන්සේලා දාහක් පිරිවරාගෙන අර වඳුරා ඉන්න ප්‍රදේශයට වැඩියා. බලන්න පින්වතුනි වාසනාවක මහත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්නට වඳුරෙකුට අවස්ථාව ලැබිලා. උන් වහන්සේ සියලු දෙනාම නිකෙලෙස්.අති පාරිශුද්ධයි. ඉතින් ඒ වඳුරාට හරීම සතුටුයි කියන්න බැරි සතුටක්. ඇයි තමන් සොයමින් සිටි උතුමන් වහන්සේ දැන් තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා.

දැන් මේ වඳුරා තිඹිරි ගහට නැගලා ගෙඩි කඩාගෙන තමන්ගේ දෑතින් ම පූජා කර ගත්තා. බුදු රජාණන් වහන්සේ වඳුරා කෙරෙහි මහා කරුණාවෙන් එම තිඹිරි ගෙඩි පිළිගත්තා. බලන්න පින්වතුනි එදා ඒ වඳුරාට තරම් වාසනාවක් අද සමහර මිනිසුන් ට නෑනෙ. ඇයි දැන් බලන්න සමහරු උදේ ඉඳන් රෑ වෙනකල් කරන්නේ තෙරුවන් ට ගරහන එක නින්දා අපහාස කරන එක. එයට හේතුව තමයි ඒ අයට ත්‍රිවිධ රත්නයේ ගුණ තේරුම් ගැනීමට බුද්ධියක් නැති වීම. අනේ පව් තුණුරුවන් ට අගෞරව කර කර ඉඳලා ඒ අය මරණින් පසු අපායේ යයි. ඔය නිරයේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ දුක් විඳින්නේ ඒ අය තමයි. දැන් ප්‍රේත ලෝකය නිරය සාමාන්‍ය අයට පේන්නෙ නෑනෙ. නමුත් තිරිසන් ලෝකය පේනවනේ. හැබැයි පින්වතුනි අපිට සතුටු වෙන්න පුළුවන් හේතුව තමයි අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගෙන එයට ගරු සත්කාර කරමින් පිං කරමින් කුසල් වඩමින් සසරින් මිදෙන්න උත්සාහ කිරීම ගැන.

ඊටපස්සේ පින්වතුනි අර වඳුරා මරණින් පසු දෙව්ලොව ඉපදුනා. ඒ විදියට දෙව් ලොව සැප සම්පත් විඳිමින් සසරේ එනකොට මීට කල්ප පනස් හතකට කලින් මනුස්ස ලෝකෙට ආවා හැබැයි නිකං නෙවෙයි සක්විති රජ කෙනෙක් ලෙස. ඊටපස්සේ ආයෙත් දෙව් ලොව ඉපදුනා මේ ගෞතම බුදධසාසනේ ට එනකම් අපායේ ගියේ නෑ. අපේ බුදු රජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි ” තින්දුකදායක” මහ රහතන්වහන්සේ. පින්වතුනි දවසක් දා උන්වහන්සේ සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ හතරකට ඉහතදී වඳුරෙක් වෙලා කරපු මේ පින්කම. බලන්න පින්වතුනි බුදු කෙනෙක් ලෝකයට පහළ වීම සැපක්මයි (සුඛෝ බුද්ධානං උප්පාදෝ) ඔබටත් මේ අනිත්‍ය වූ සසරින් වහ වහා නිදහස් වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.