New photo from Facebook July 14, 2016 at 12:00PM

“භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
මහණෙනි, ක්‍රොධයවූ එක් ධර්මය දුරුකරවු, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ක්‍රොධයකින් කිපියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රොධය මනාව දැන පහකෙරෙත්, පහකොට නැවත මේ (කාම) ලොකයට කිසි කලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙති”යි
http://ift.tt/29yqrXp via Facebook Pages http://ift.tt/1GMS4Lf