New at Little Bit


from Path to Nirvana https://ift.tt/2v7rFI9
කෙසේ විමසා බලා පණ්ඩිතයෙක් විය යුතුද? – බහුධාතුක සූත්‍රය

https://ift.tt/2qqREWn

මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවෙශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.

මෙසේ වදාළ කල්හි ආනන්දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.

ආනන්දය, මහණ යම් හෙයකින්
ධාතු කුශල වේ ද,
ආයතනකුශල වේ ද,
ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද,
ස්ථානාස්ථානකුශල වේ ද,
ආනන්දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.