New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FROS14
ඉන්ද්‍රිය සංවරය නැති කල්හි ශීලයට හේතු නැති වෙයි. – ඉන්‌ද්‍රියසංවර සූත්‍රය

https://ift.tt/2KJsB9y

[සැවැත්නිදාන යි]

50. මහණෙනි, ඉන්ද්‍රියසංවර නැති වත් ම ඉන්ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්‍වෙදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්ණත්වයට නො යෙයි. සිවි දූ පරිපූර්ණත්වයට නො යෙයි. බොරු දු පරිපූර්ණත්වයට නො යෙයි. හර දු පරිපූර්ණත්වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්ද්‍රියසංවර නැති වත් ම ඉන්ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

මහණෙනි, ඉන්ද්‍රියසංවරය ඇති වත් ම ඉන්ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල – ප්‍රත්‍යවෙක්ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

මහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්වයට යෙයි. හර දු පරිපූර්‍ණත්වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්ද්‍රියසංවරය ඇති වත් ම ඉන්ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.