New at Little Bit


from Path to Nirvana https://ift.tt/2K5f2QH
සැදැහැ සිතින් පින් අනුමෝදන් වෙමු

උදක දායක ථෙරාපදානය
51
’’පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තරවූ භික්‍ෂු සංඝයා කෙරෙහි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පැන් කළයක් පිදීමි.
52
’’පර්‍වත මුදුනෙහිදී හෝ, ගස මුදුනෙහිදීහෝ, අහසෙහිදී හෝ, පොළොවෙහිදී හෝ යම් කලෙක්හි පැන් කැමති වෙම් නම් වහා මට (පැන්) පහළ වේ.
53
’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි යම් (පැන්) දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාකයයි.
54
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
55
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
56
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදක දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.