New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DOs2Lg
==ජීවක කොමාරභච්ච==

නවවැන්නෙහි පුග්ගලප්පසන්නානං යන්නේන් පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකවරුන් අතුරින් ජීවක කොමාරකභවච්තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ‍උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් උවසුවකු පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූවන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒතනතුර පැතුවේය. හෙතෙම කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර අභයරාජ කුමරු නිසා සාලවතී නම් රූපයෙන් ජීවත්වන්නිය (වෙසඟන) කගේ කුසෙහි උපන්නේය. වෙසඟනෝ නම් (දරුවෙකු) වැදූ කල්හි ඉදින් පුතෙක් වේ නම් ඉවත දමත්, ඉදින් දියණියක් නම් පෝෂණය කරති. මෙසේ ඕතොමෝ ඒ දරුවා පොළන කුල්ලකින් (ගෙනගොස්) කසළගොඩෙහි දැම්මෙව්වාය. ඉක්බිති අභයරාජකුමාර තෙමේ රාජොපස්ථානය සඳහා යන්නේ ඒ දරුවා දැක ‘යහළුවනි, කවුඩන්විසින් වටකර ගන්නාලද මේ කිමෙක්දැයි මිනිසුන් යවා ‘දරුවෙක් දේවයිනි’ යහළුවනි, ජීවත්වේද? ‘දේවයිනි ජීවත්වේ’ යයි අසා තමන්ගේ අන්තඃපුරයට යැව්වේය. ජීවත්වේ (යන අරුතින්) ඔහුට ජීවකයයි නම් කළාහුය. කුමරුවිසින් පෝෂණය කරන ලද්දේයි කොමාරභවච්යිද නම් කළාහුය. හෙතෙම තමන්ගේ සොළොස්වියැති කාලයෙහි තක්සලාවට ගොස් වෛද්‍යශිල්පය උගෙන බිමිබිසාර රජු සමීපයෙන් සත්කාර ලබා චණ්ඩප්‍රද්‍යොත රජුගේ රෝගය සුව කළේය. ඒ රජතෙමේ ඔහුට සහල්ගැල් පන්සියයක්ද කහවණු සොළොස් දහසක්ද වස්ත්‍ර රූපදහසක් පිරිවර කොට ඇති අනගි සීවෙය්‍යක වස්ත්‍ර යුගලයක්ද යැව්වේය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ රජගහනුවර ඇසුරුකොට ගිජුකුළු පව්වෙහි වාසය කරනසේක. ජීවක තෙමේ ශාස්තෘන්වහන්සේගේ ශරීරය උත්සන්නධාතුකවූ කල්හි විරෙචනයක් දී බෙහෙත් කරන්නේ සිවුපසය මා අයත් වූවක්ම වේවායි ශාස්තෘන්වහන්සේ තම වාහාරයෙහි වැඩහිඳුවා උන්වහන්සේට බෙහෙත් කොට ඒ වස්ත්‍ර යුගලය එළවා ‘ස්වාමීනි, මෙය ඔබවහන්සේම පරිභොග කරනු මැනවැ’යි පවසා එය සමඟ ලද වස්ත්‍ර රූප දහස භික්‍ෂුසංඝයාට දුන්නේය. මේ මෙහි සංක්‍ෂේපයයි. ජීවක කථාවස්තුව විස්තර වශයෙන් බන්‍ධකයෙහි ආයේමය. හාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වාසය කරනසේක් ජීවකකොමාරභච්ච පෞද්ගලික ප්‍රසාදය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.