New at Little Bit


from Path to Nirvana http://bit.ly/2V5hxfz
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, මහාසාවජ්ජානී’’ති.
මහණෙනි මම වැරදිව ගන්නා ලද දිට්ඨිය තරම් මහා සාවද වූ එකම ධර්මයක් ද නොදකිමි.
යම්කිසි පුද්ගලයෙකුගේ චිත්ත සන්තානයෙහි පහළ වන්නා වූ වැරදි සහගත සංකල්පනාව තමාට ද මුළු මහත් ලෝකයාටද දුකක් දොම්නසක් ඇති කරන බව පසුගියදා ඇතිවූ මුස්ලිම් අන්තවාදීන් ගේ ක්‍රියා කලාප තුළින් අපට පැහැදිලි වේ ඔවුන් ගත්තා වූ ඒ මිත්යා දිට්ඨිය නිසා තමාටද මුළු ලෝකයාටමද මහත් ව්යසනයක් අත්කර දීමට හේතු වූ බව අප ඔබ සැමටම පැහැදිලි වී ඇත.
ඕනෑම පුද්ගලයකු තුල ඇතිවන්නා වූ මෙවැනි වැරදි සංකල්පනා නිසා සහාසික පුද්ගලයෙකු වන බව බුද්ධ දේශනාවට අනුව අපට පැහැදිලි වේ අප වුවද මෙවැනි වූ මිත්යා දිට්ඨියක් සමාදන් වූයේ ද එවැනිම අන්තවාදීන් වනු ඇත.
යම් දිනයකදී මේ අන්තවාදීන් ගේ සිත් තුළින් මිත්යා දිට්ඨි සංකල්පනාව බැහැර වූයේ ද එදිනට මොවුන් තුළින් අන්තවාදය බැහැර වනු ඇත.අන්තවාදය බැහැර වූ කළ තමාටද ලෝකයාටද මහත් සැනසිල්ලක් උදා වනු අැත. හේතුව ඇතිවූ කළ ඵලය ඇතිවන්නා සේම හේතුව චිත්ත සන්තානයෙන් වෙන් වූ කළ ඵලය නැතිවී යයි. එයයි බුද්ධ වචනය.
— බුරුමයේ භාවනා කරන ලාංකික භික්ෂූන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි