New at Little Bit


from Path to Nirvana https://ift.tt/2L9jVeN
සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ

1. බුදුන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

2. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

3. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තයි.

4. නොකැඩුණාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, නිදහස් වූ, නුවණ ඇත්තන් විසින් ප්‍ර‍ශංසා කරන ලද්දා වූ, තෘෂ්ණා දෘෂ්ඨීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දා වූ සමාධිය පිණිස පවතින්නා වූ ආර්යන් වහන්සේලා කැමති ආර්‍ය කාන්ත ශීලයෙන් යුක්තයි.

5. නිරයේ/අපායේ නොවැටේ. තිරිසන් යෝනියෙන් මිදුනේ වෙයි. ප්රේත යෝනියෙන් මිදුනේ වෙයි.

6. රහත් බව නියත කොටත්, රහත් බව පිහිට කොටත්, නිවන පිහිට කොටත් ඇත.

7. සෝතාපත්ති අංග 4 න් යුක්තයි.

• සත් පුරුෂයන් ඇසුරු කිරීම
• සද්ධර්මය ශ‍්‍වණය කිරීම
• නුවණින් මෙනෙහි කිරීම
• එම ධර්මය පිළිපැදීම

මහත්ව වඩන ලද මෙම ධර්ම 4 , ප්‍රඥාවගේ ලැබීම පිණිස පවතී. ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතී.

8. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්තයි.

9. පහවූ මසුරු මල ඇත. (ත‍‍්‍යාගශීලි බව)

10. කායික පැවැත්ම තුන් ආකාරයකට පිරිසිදු කර ගනී.

• තමා ප්රාණඝාතයෙන් වෙන් වේ.
• අනුන් ප්රාණඝාතයෙන් වෙන් වීමේ සමාදන් කරවයි
• ප්රාණඝාතයෙන් වෙන් වීමේ ගුණ කියයි

• තමා සොරකමින් වෙන් වේ.
• අනුන් සොරකමින් වෙන් වීමේ සමාදන් කරවයි
• සොරකමින් වෙන් වීමේ ගුණ කියයි

• තමා කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වේ.
• අනුන් කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වීමේ සමාදන් කරවයි
• කාමයේ වරදවා හැසිරීමේ වෙන් වීමේ ගුණ කියයි

11. වචනයේ පැවැත්ම තුන් ආකාරයකට පිරිසිදු කර ගනී

• තමා බොරු කීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන් වේ.
• අනුන් ද වෙන් වීමේ සමාදන් කරවයි
• වෙන් වීමේ ගුණ කියයි

12. ත්‍රිවිධ සංයෝජන දුරු කර ඇත. (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස)

13. ධම්මාදාස ධර්ම ක‍්‍රමයෙන් යුක්තයි

14. උදය ගාමිණී පටිපදාවෙන් යුක්තයි.

15. භය 5 ක් හා වෛර 5 ක් සංසිඳී ඇත. (පංච ශීලය කඩ නොකරන නිසා)

16. පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය (ආර්‍ය න්‍යාය ප‍්‍රඥාවෙන් මනා කොට දකියි/ මනා කොට අවබෝධ කරන ලද්දේ වෙයි)

17. ආයුෂ, වර්ණය, සැපය, බලය, අධිපතිභාවයෙන් යුක්තයි.

18. නුවණැති වෙයි. උතුම් වූ තියුණු අවබෝධයෙන් යුක්තව මනා කොට සියළු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇති වීම නැති වීම දක්නා නුවණින් යුක්ත වේ. (උදය වැය)

19. අප්‍රමාදීව වාසය කරයි

• ප්‍රමාදය නිසා සතුට නැත.
• සතුට නැති නිසා ප්‍රීතිය නැත.
• ප්‍රීතිය නැති නිසා සංසිඳීම නැත.
• සංසිඳීම නැති නිසා දුක ඇත.
• දුක ඇති නිසා සිත එකඟ නැත.
• සිත එකඟ නැති නිසා සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙති.

එවිට ප්‍රමාදයෙන් විසීමට සිදු වේ.

20. පංචඋපාදානස්කන්ධයේ (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ),

• හට ගැනීම
• විනාශ වීම
• ආශ්වාදය
• ආදීනවය
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

21. පංචේන්ද්‍රියේ (සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය)

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

22. ෂඩ් ඉන්ද්‍රියයන්ගේ (චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන),

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

23. පංචේන්ද්‍රියේ (සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය)

• ඉපදීම,
• බිඳීම,
• ආශ්වාදය,
• ආදීනවය,
• නිස්සරණය

තත්වූ පරිදි දනී.

24. ශීලයේ පරිපූරකයි.

25. හිරිධනය (පව්කිරීමට ලජ්ජාවීම) හා ඔත්තප්ප ධනය (පව් කිරීමට භය වීම) ඇත.

(මූලාශ්‍ර – සෝතාපත්ති සංයුත්තය, රාධ සංයුත්තය, ඉන්ද්රි්ය සංයුත්තය, සුප්පබුද්ධ කුට්ඨි සූත්ර ය, Pitaka.lk)