New at Little Bit


from Path to Nirvana https://ift.tt/32fVn9t
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 27 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 10

ඉහතින් සුළු වශයෙන් සක්විති රජ කෙනෙකුගේ මහේශාක්‍යභාවය විස්තර කෙරුණා. ඒ සියලුම තේජාන්විත බල පරාක්‍රමයෙන් යුතු විජිතාවී සක්විති රජ නොහොත් අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තවත් බෝසත් උපතක් ලබා උතුම් රාජ රාජ මැති අමාත්‍යවරුන් පිරිවරා චන්ද්‍රවතී නුවර සිට අපමණ රුවන් දරන මේ මේ මහා සයුරද මුළු මහත් මහ පොළවද දැහැමෙන් සෙමෙන් කිසිම දඬුවමකින් තොරව අශසත්‍රයෙන් ( ආයුධවලින් තොරව ) පාලනය කරනු ලැබුවා.

ඒ කාලේ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ කෙළ ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරා ජනපද චාරිකාවේ යෙදෙන අතර චන්ද්‍රවතී නුවරටත් වැඩම කරනු ලැබුවා.

ඒ විජිතවී සක්විති රජු මේ බව අසා ඉතාමත් සතුටු සිතින් පෙර ගමන්කොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බැහැදැක ඒ කෙළ ලක්ෂයක් භික්ෂු සංඝයා හට අවාස ලැහැස්ති කරනු ලැබුවා විතරක් නෙවෙයි පසුදින කොණ්ඩඤ්ඤ බුදුපියාණන් වහන්සේ ඇතුළු ඒ මහා සඟරුවනට දනටද ආරාධනය කරනු ලැබුවා. එයින් නොනැවතුණු අප මහා බෝසතාණන් වහන්සේ සසරේ පුරුදු පුහුණු කල දාන පාරමිතාවේ අනුහසින් තවත් තුන්මසක් මෙහිම වැඩ සිටිනා ලෙස කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන් ඇතුලු පිරිසට ආරාධනය කරනු ලැබුවා. එය උන් වහන්සේ විසින් ඉවසා වදාරනු ලැබුවා. ඒ අසදෘශ දානය ට තුන්මසක් පිරූ අවසානයේ ඒ මහා කාරුණිකයන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට දෙවැනි නියත වරණය ලබා දී මතු ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවනු බව පවසමින් සත්ධර්මය දේශනා කරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවුන් ඹබුන් සාදු නාද දුන්නා. ප්‍රීති ඝෝසා පැවැත්වුවා. මෙය අසා ඉතාමත් පැහැදුණු ඒ විජිතාවී සක්විති රජ අවසානයේ සක්විති රජකම අතහැර මහණවී තුන්පිටකයම හදාරා අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් යුතුව ඹබලොව උපන්නා.

මිට පෙර ලියන්න අමතක වූ විශේෂ කරුණක් තිබ්බා. ඒ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට සෙවන දුන් බෝධි වෘක්ෂය වන සල්කලණ රුක්‍ෂය ගැන. ඒ සල්කලණ වෘක්‍ෂය හටගන්නේ බුදුවරයෙකු හෝ සක්විති රජ කෙනෙකු පහළ වූ කාලයක පමණයි කියලයි පෙළේ සඳහන් වන්නේ. වෙනත් කාලයක දකින්නට ලැබෙන්නේ නැහැ. එහි තවත් විශේෂත්වයක් වන්නේ එක් දිනකින්ම නැගී සිටීමයි.

කොණ්ඩඤ්ඤ බුදුරජණන්වහන්සේගේ කාලයේ පිරිනිවෙන භික්ෂුන් වහන්සේලා අහසට නැග නිල්වලා චිවරගත විදුලියක් මෙන් හාත්පස බුබුළුවා තේජෝ ධාතුවට සමවැද උපාදාන රහිතව ගිනිසිළු නිවී යන්නාක් මෙන් නිවී පිරිනිවන් පෑම සුලභ දසුනක් වුනා.

කොණ්ඩඤ්ඤ බුදුරජණන් වහන්සේත් සියලු බුදුකිස නිමවා, ලක්‍ෂයක් අවුරුදු ආයු වළදා චද්‍රාරාමයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේත් දීර්ඝායුෂ්ක බුදුවරයකු බැවින් ධාතු විසුරුනේ නැහැ. ඒකඝනවම රන් පිළිමයක් සේ පැවතුනා. මිනිසුන් සහ දෙවියන් එකතුව ඒ ධාතු නිධන් කෙරු චෛත්‍යය සත්යොදුනක් උසට කරවනු ලැබුවා.

🌹 කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශය 🌹

නගරය – රම්මවතී නුවර
ගෝත්‍රය – කොණ්ඩඤ්ඤ
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – සුනන්‍ද ක්‍ෂත්‍රීය රජතුමා
මව – සුජාතා දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සුචි 2. සුරුචි 3. සුභ
අග්‍රමහේෂී – රුචිදේවි දේවිය
පුත්‍රයා – විජිතසේන කුමරු
අගාරවාස – අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය – ආජඤ්ඤ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – යසෝධරා සිටුදූ
කුස තණ – සුනන්‍ද ආජීවක
බෝධිය – සල්කලණ
ධම්සක් දෙසීම – අමරවති නුවර දේව වනයෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – භද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – සුභද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – තිස්සා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – උපතිස්සා තෙරණිය
අග්‍ර උපස්ථායක – අනුරුද්ධ භික්‍ෂුව
උපස්ථායකයෝ – සෝන, උපසෝන
උපස්ථායිකාවෝ – නන්‍දා, සිරිමා
ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය – චද්‍රාමයෙහි
බෝසතාණෝ – විජිතාවි නම් සක්විති රජව විවරණ ලැබීය

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
24-06-2019