New at Little Bit


from Path to Nirvana https://ift.tt/321gH1X
සාංඝික ආවාස දානය (කුටි / විහාර / සක්මන් මළු ආදී පූජාව )

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බධම්මේසු අප්පටිහතඤාණවාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාදරස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මාසම්බුද්ධස්ස!!! භාග්‍යවත් වූ අර්හත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දසබලධාරී වූ චතුර්වෛශාරදත්වවිශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධම්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි!!!

දශ ප්‍රභේද සහිත වූ උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමි!!!
උතුම් වූ ආර්ය මහා සංඝරත්නය මාගේ නමස්කාරය පිළිගන්නා සේක්වා!!!
කෝටි ලක්ෂයක් සක්වලයන් හි සියලු ආර්යයෝද සියලු සත්පුරුෂයෝද මාගේ නමස්කාරය පිළිගනිත්වා!!!
අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත, කය, වචනය යන තිදොරින් සිදු වූ සියලු වැරදි කර්ම දෝෂ වලට මම සමාව අයදිමි.!!! මට සමාව දෙන සේක්වා.!!!

උතුම් වූ ධම්ම සෙනාධිපති මහා සාරිපුත්ත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගේ නායකත්වයෙන් යුත්, උතුම් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ උතුම් වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද, උතුම් වූ මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ ද, උතුම් වූ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ මහා කච්චායන මහරහතන් වහන්සේ ද, උතුම් වූ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ මහා කප්පින මහරහතන් වහන්සේ ද, උතුම් වූ ආනන්ද මහරහතන් වහන්සේ ද, උතුම් වූ උපාලි මහරහතන් වහන්සේ ද, උතුම් වූ මහා චුන්ද මහරහතන් වහන්සේ ද, උතුම් වූ මන්තානිපුත්තපුණ්ණ මහරහතන් වහන්සේ ද, ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධාන කොට ඇති මහා සංඝරත්නය පරම්පරා අනුපිළිවෙලින් උපාලි මහරහතන් වහන්සේ ද, උපාලි මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික දාසක මහරහතන් වහන්සේ ද, දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික සෝණක මහරහතන් වහන්සේ ද, සෝණක මහරහතන් වහන්සේ ගේ සද්ධි විහාරික සිග්ගව සහ චණ්ඩවජ්ජි මහරහතන් වහන්සේලාද, සිග්ගව සහ චණ්ඩවජ්ජි මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික දීපප්‍රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ ද, සහිත වූ සංඝ පීතෲ පරම්පරාව නිසා ලක්දිව ප්‍රථමයෙන් අරිට්ඨ මහරහතන් වහන්සේ ගේ පහළවීම සිදුවිය. අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ ලක්දිව මහා සංඝ පරපුර තිස්සදත්ත මහරහතන් වහන්සේ ද කාළසුමන මහරහතන් වහන්සේ ද දීඝනාමක මහරහතන් වහන්සේ ද දීඝසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් පරම්පරානුගතව අද දක්වාම පැවත එන සේක.
මෙම විහාරයෙහි (ආරණ්‍යයෙහි / කුටියෙහි ) වැඩ වාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලාද එම මහා සංඝ පරපුරෙන් පැවත එන සේක. එම නිසා අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමීන් වහන්සේලා අතීත සංඝ පරපුර නියෝජනය කරන සේක්ම ය. වර්ථමානයෙහි වැඩවසන්නා වූ ස්වාමීන් වහන්සේලා නිසා අනාගත සංඝ පරපුර පවත්නා සේක්ම ය. එහෙයින් අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමීන් වහන්සේලා අනාගත සංඝ පරපුරද නියෝජනය කරන සේක්ම ය.

මෙම කරුණු නුවණින් සළකා අතීතයෙහි වැඩවිසුවා වූ ද අනාගතයෙහි පහළවන්නා වූ ද වර්ථමානයෙහි වැඩවසන්නා වූ ද සතර දිසාවෙන් පැමිණි නොපැමිණි උතුම් වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සාසනයෙහි උතුම් වූ මහා සංඝරත්නය වෙනුවෙන් මෙම විහාරය (සංඝාවාසය / ආරණ්‍යය / කුටිය / සක්මන් මළුව ) අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමීන් වහන්සේලා සාක්ෂ්‍ය කොට සද්ධා ගෞරව පෙරදැරිව පූජා කරමි! පූජා කරමි! පූජා කරමි!

මේ උතුම් වූ ආවාස දානය ත්‍රෛකාලික වූ මහා සංඝරත්නයට අධික සීතලෙන් මිදීම පිණිස ද අධික උෂ්ණයෙන් මිදීම පිණිස ද මැසි මදුරු ගෝනුසු පත්තෑ සර්ප ආදී සතුන් ගේ ස්පර්ශයෙන් සහ දෂ්ට කිරීම් වලින් මිදීම පිණිස ද අව් වැසි සුළං ආදියෙන් මිදීම පිණිස ද පහසුවෙන් සිල් රැකීම පිණිස ද පහසුවෙන් සමාධිය වැඩීම පිණිස ද පහසුවෙන් ප්‍රඥාව වැඩීම පිණිස ද කැමති තාක් සමථය වැඩීම පිණිස ද කැමති තාක් විදර්ශනා වැඩීම පිණිස ද සියලු අභිඥාවන් වැඩීම පිණිස ද උතුම් වූ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද උතුම් වූ අනුපාදිසේස නිර්වාණයට ප්‍රාප්ත වන තෙක් පහසුවෙන් වැඩ වාසය කිරීම පිණිස ද සියලු සත්වයන්ට අනුකම්පා පිණිස පහසුවෙන් ම සාසනික සේවයන් ඉටු කිරීම පිණිස ද හේතු වේවා! වාසනා වේවා! චිරාත් කාලයක් සම්බුද්ධ සාසනය පවතීවා! සියලු සත්වයන්ට යහපතක් ම වේවා! චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං!!!
සාධු! සාධු!! සාධු!!!

( උපෝසථෝපදේශය පොතෙණි )

අවභෝධයෙන් ම පූජා කිරීමට උපකාර පිණිස ලියා පලකරන ලද යම් කෙනෙක් වෙත්නම් ඔහුටද කුටි /ආවාස / සක්මන් මළු පිදීමේ පින් අනුමෝදන් වේවා…