New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WyouDv
සෝණගිරි පාදයෙහි අචෙලක විහාරයෙහි සෝණ නම් එක් තෙරුන් වහන්සේ නමක් වූයේය. තෙරුන් වහන්සේගේ පියා සුනඛ වැද්දෙක් විය.

තෙරුන් වහන්සේ තම පියාණන් සංවරයෙහි පිහිටුවීමට අසමත් වූයේය. තම පියාණන් මහලු වූ කළ ඔහු පැවිදි කළේය. ගිලන් ව සයන ගත වූ මහලු හිමි නමට නිරය එළඹ සිටියේය. සෝණගිරි පාදයෙන් මහත් වූ සුනඛයින් පැමිණ පිරිවරා ගෙන තමන් ව අනුභව කරන්නාක් මෙන් සුනඛයෝ මරණාසන්න මොහොතේ වැටහුණි.

හෙතෙම මහත් සේ බිය වී “ දරුව සෝණ! දරුව සෝණ! වලක්වන්න” යැයි කෑ ගැසීය. සෝණ තෙරුන් වහන්සේ මා වැන්නකුගේ පියා කෙසේ නම් නිරයේ උපදින්නේ දැයි සිතුවේය.

සාමණේරයන් ලවා නොයෙක් පුෂ්පයන් ගෙන්වා චෛත්‍ය බෝධි අංගනවල, මල් ආසනයන්හි ද භූමියෙහි ද ඒවා අලංකාර අයුරින් තැන්පත් කළේය.

තම පිය තෙරුන් වහන්සේ සයනයෙහි තබා එම ස්ථානයට වැඩමවා ගෙන මෙම පූජාව නුඹවහන්සේට පිහිට වීම උදෙසා යැයි පැවසූ සේක.

මහලු හිමිනම භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට මේ දුප්පත් පඬුර පිළිගනී වා යැයි වැඳ සිත පහදවා ගත්තේය. උන්වහන්සේට එකෙණෙහි ම දෙව්ලොව නන්දන වනය, චිත්තලතා වනය, මිස්සක වනය, පාරුසක වනය ද විමාන ආදිය ද දිව්‍යාංගනාවන් පිරිවරා ගෙන සිටින්නාක්මෙ න් දැනෙන්නට වූයේ ය.

උන්වහන්සේ “ සෝණ ඉවත් වන්න, සෝණ ඉවත් වන්න ” යැයි පැවසූ සේක. නුඹ වහන්සේගේ මව් තොමෝ පැමිණියාය යැයි දැන්වූයේ ය. සෝණ තෙරුන් වහන්සේට පියාණන්ට ස්වර්ගය එළඹ සිටින්නේ යැයි ප්‍රකට වූයේය.

මෙලෙස සෝවාන් නොවූ පුද්ගලයා හට අරහත් භාවයට පැමිණෙන තෙක්ම ස්වර්ගයට හෝ දුගතිය ට එළඹීමට සිදු වන්නේ ය.

ලොහොකුඹු ආදී නිරයන් හි ඉපිදෙන කල්හි ගිනිදැල් ද මව් කුසක ඉපදෙන කල්හි ගැබ ද දේව ලෝකයෙහි ඉපදෙන කල්හි කල්ප වෘක්ෂය ආදිය උප්පත්ති නිමිත්ත වශයෙන් එළඹේ. මෙසේ එළඹීම උපට්ඨාන සමඞ්ගීතාවය නම් වේ. අවසාන මොහොතේදී හෝ සිදු කරන කුසලාකුසල කර්ම මත වෙනස් කිරීමට හැක. මෙම අවස්ථාවේදී කළ්‍යාණ මිත්‍රයෙකු ලෙස තම පුත්‍රයා වූ සෝණ තෙරුන් වහන්සේ උපකාර කළ බැවින් සුගතිගාමී වීමට හැකිවිය

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි.