New at Little Bit


from Path to Nirvana https://ift.tt/2En5hwk
බුදුසමයේ ගැඹුරු පැතිකඩ අලලා හාවර්ඩ් සරසවියෙන් නොමිලේ පාඨමාලාවක්

ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් සරසවිය (www.harvard.edu), සිය ශාස්ත්‍රීය මෙහෙවර තවත් පුළුල් කරමින් බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වෙන ශුන්‍යතා ප්‍රතිපදාව පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සඳහා වන පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

හාවර්ඩ් සරසවිය බෞද්ධ දර්ශනය පිළිබඳ බොහෝ කාලයක පටන් පාඨමාලා ඉදිරිපත් කළ අතර, ඉන් ඔබ්බට යමින් මෙතෙක් කලක් ඉදිරිපත් නොකළ බෞද්ධ දර්ශනයේ ගැඹුරු ඉසව් කෙරෙහි සිසුන්ගේ අවධානය යොමුකිරීමටයි මෙමඟින් පියවර ගෙන ඇත්තේ.

එම පාඨමාලාව නම්කර ඇත්තේ “Buddhism Through Its Scriptures” ලෙසින්.

මනුෂ්‍ය සන්තානගත ආශාවන් තෘප්තිමත් කිරීම උදෙසා ඔහු ගන්නා වෙහෙසෙහි නිස්සාරත්වය සහ එහි අවසන් ඵලය වන දුක පිළිබඳ ඉගැන්වෙන බුදු දහමෙහි හරය හෙවත් දුකෙන් මිදීම සහ ඒ සඳහා ඇති ඒකායන මාර්ගය වන මැදුම් පිළිවෙත පිළිබඳ මෙම නව පාඨමාලාවෙන් ඉගැන්වීමට අපේක්ෂිතයි.

තාක්ෂණික මෙවලම්වල වහල් බවෙන් මිදිය නොහැකිව අන්ත අසරණවී සිටින වත්මන් මිනිසාට, කිසි විටෙක ඉන් සිය ආධ්‍යාමය තෘප්ත කළ නොහැකි බව අද වන විට වැටහෙමින් තිබේ.

ඒ ආධ්‍යාත්මික හිඩැස යම් තරමකට හෝ පූර්ණ කරගැන්මට අපේක්ෂා කරන ලොව පුරා විසිරී සිටින සත්‍ය ගවේෂණයට කැමැති සිසු සිසුවියන් වෙත හාවර්ඩ් සරසවිය මේ හරහා ඇරයුම් කර සිටී.

මෙය හුදෙක් බෞද්ධාගම පිළිබඳ ඉගැන්වෙන්නක් නොව, ප්‍රායෝගිකව මනුෂ්‍ය සන්තානයට නිවහල් බව ලබාදීම පිණිස නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම යෝග්‍යය.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ හාවර්ඩ් සරසවියෙහි මහාචාර්ය චාල්ස් හැලිසේ (Charles Hallisey) විසින්.