New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YSU67Z
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 105 🧡💛

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 02

මිට පෙර අපේ බුදුහාමුදුරුවෝ 15 වෙනි ලිපියෙහි පාරමිතා සම්බන්ධව විස්තර සහිතව ඵල කළා. එය කියවූ නැති කෙනෙකු ඇත්නම් කරුණාකර කියවන්න. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුව ත් පාරමිතාව ය, උප පාරමිතාව ය, පරමාර්ථ පාරමිතාව ය, යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වන්නේ ඒ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ දක්වන ආකාරය මත. මෙහිදී සම්මා සම්බුදුවරයකු වූ අපේ බුදුහාමුදුරුවෝ ඒ තිස්ආකාර පාරමී සම්පුර්ණ කළා වූ ආත්මභාව දස දහස් ගණනක් අතරෙන් කිහිපයක් ගැන සඳහන් වෙනවා.

🌷 දස පාරමී

1. දාන පාරමිතාව
2.ශීල පාරමිතාව
3.නෙක්ඛම්ම පාරමිතාව
4.පඤ්ඤා පාරමිතාව
5.විරිය පාරමිතාව
6.ඛන්ති පාරමිතාව
7.සච්ච පාරමිතාව
8.අධිෂ්ඨාන පාරමිතාව
9.මෙත්තා පාරමිතාව
10.උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාර වූ දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් පාරමී, උප පාරමී, පරමාර්ථ පාරමී යනුවෙන් තුන් ආකාරයකට වැඩිය යුතුය. එවිට එය පහත දැක්වෙන පරිදී තිස්ආකාර වේ.

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී
4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී
7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී
10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි
13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී
16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී
19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී
22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී
25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී
28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

🌸🌼🌻 බෝසත් පාරමිතා පුර්ණය සහ දස පාරමී, දස උප පාරමි, දස පරමාර්ථ පාරමි සම්පුර්ණ කිරීම. 🌸🌼🌻

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී

අප බෝසතාණෝ මිට ඉහත ලිපියේ ආනිශංස ලබමින් ම සසර සැරිසරන්නට වුනා. එසේම අකිත්හි බ්‍රහ්මන කල ,ධනංජය රජ කල,මහා සුදස්සන කල, මහා ගොවින්ද කල,නිමි මහා රජ කල, චන්ද කුමාර කල,වියස්හ සිටුකල,සිවි රජ කල, වෙස්සන්තර කල,අදී දාන පාරමිතාව පිරූ අත්බැව් ප්‍රමාණයක් නැත. බෝසතානන් සසපන්ඩ්ත ජාතකයෙහි සස හෙවත් හා යෝනියෙහි ඉපිද දාන පාරම්ය පිරූ අයුරු,

🌹 “ආහාර සොයා තමා වෙත බමුණු වෙසින් පැමිණි සක් දෙවිදුට සිය සිරුර පිරිනැමීය. දානයෙන් මා හා සමාන කෙනෙකු නැත.මේ මාගේ දාන පාරමිතාවයි.”🌹

සිය ජිඉවිතය පරිත්‍යග කැරෙන බෝසතුන්ගේ මේ දාන පාරමිතාව දාන පරමත්ථ පාරමිතා නම් විය.

4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී

එසේ ම සීලව නා රජ කල, චම්පෙයිය නා රජ කල, භුරිදත්ත නා රජ කල, ජද්දන්ත නා රජ කල,ජයද්දිස රජ කල, අලීනසත්තු කුමාර කල අදී ශීල පාරමිතාව පිරූ අයුරු,

🌹 “හුල්වලින් සිරුර විදින කල්හි ද අඩයටිවලින් කොටන කල්හි ද වැදී පුත්‍රයන් කෙරෙහි මම නො කිපෙමි. මේ මාගේ ශීල පාරමිතාවයි.” 🌹

මෙසේ ජීවිතය පරිත්‍යාග කිරීම ශිල පරමත්ථ පාරමිතා නම් විය.

7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී

එසේම සෝමනස්ස කුමාර කල, හත්තිපාල කුමර කල,අයෝඝර පණ්ඩිත කල මහා රාජ්‍යන් අත්හැර නෙක්ඛම්ම පාරමිතාව පිරූ අත්බැව් ගණන් නැත. විශේෂයෙන් චුලසෝතම ජාතකයෙහි නෙක්ඛම්ම පරමත්ථ පිරූ අයුරු,

🌹 “අතට පත් මහා රාජ්‍යන් මම කෙළ පිඩක් මෙන් ඉවත දැමීමි.එසේ ඉවත දමන මට ඒ පිළිබද ඇලීමක් ඇති නො විය.මේ මගේ නෙක්ඛම්ම පාරමිතාවයි.”🌹

ඇලීමක් නැති බැවින් රාජ්‍යන් අත්හැර නික්මෙන බෝසතුන්ගේ නෙක්ඛම්ම පරමත්ථ පාරමිතා නම් විය.

10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි

එසේම විධුර පණ්ඩිත කල, මහා ගෝවින්ද පණ්ඩිත කල,කුද්දාල පණ්ඩිත කල,අරක පණ්ඩිත කල,බෝධි පරිබ්බාජක කල,මහෝෂධ පණ්ඩිත කල,ආදී පිරූ ආත්ම භව ප්‍රමාණ නැත.විශේෂයෙන් සත්තුභස්ත ජාතකයෙහි ප්‍රඤ්ඤා පාරමිතාව පිරූ අයුරු,

🌹 “මම මගේ නුවණින් විමසා දුකට පත් බමුණා එම දුකින් මිදවිමි. නුවණින් මා හා සමාන කෙනෙකු නැත. මේ මාගේ ප්‍රඤ්ඤා පාරමිතාවයි. 🌹
පසුම්බිය ඇතුලත සිටි නාගය ගෙන හැර දැක්වූ පාරමිතාව, ප්‍රඤ්ඤා පරමත්ථ පාරමිතාව නම් විය.

13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී

එසේම විරිය පාරමිතා ආදී අනෙක් පාරමිතාවන් පිරූ ආත්ම භව ප්‍රමාණ කල නොහැක.විශේෂයෙන් මහා ජනක ජාතකයෙහි වීර්ය පරමත්ථ පාරමිතාව පිරූ අයුරු,

🌹 “පරතෙර නො පෙනෙන මහ මුහුද මැද මා සමග සිටි සියලු මිනිසුන් මළහ.පරතෙරට යා නො හැකි යැයි දෙගිඩියාවක් මා සිත නොවීය. මේ මාගේ වීර්ය පාරමිතාවයි.” 🌹

මෙසේ මහා මුහුද තරණය කිරීමේ වීර්ය පාරමිතාව,වීර්ය පරමත්ථ පාරමිතාවයි.

16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී

ඛන්තිවද ජාතකයෙහි,

🌹 “කසී රජ මා සිත් නැති මළ සිරුරක් මෙන් තියුණු මුවහත් පොරවෙන් කොටන කල්හි ඔහු කෙරෙහි නො කිපියෙමි.මේ මාගේ ඛන්ති පාරමිතාවයි.”🌹
මෙසේ අචේතනයෙකු මෙන් මහා දුකක් විදි බෝසතුන්ගේ පාරමිතාව,ඛන්ති පරමත්ථ පාරමිතාවයි.

19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී

මහ සුතසෝම ජාතකයෙහි,

🌹”මාගේ ජීවිතය පරිත්‍යාග කොට සත්‍ය වචනය ආරක්ෂා කරමින් එකසිය එකක් රජුන් මරණයෙන් මුදාලීය. මේ මාගේ පරමත්ථ සත්‍ය පාරමිතාවයි.🌹
මෙසේ ජීවිතය අත්හැර සත්‍ය වචනය ආරක්ෂා කිරීම සච්ච පරමත්ත පාරමිත විය.

22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී

මුගපක්ඛ ජාතකයෙහි,

🌹”මව්පියෝ මට අප්‍රිය වුවෝ නොවෙති. මහා සම්පත් ද මට අප්‍රිය නොවේ. බුද්ධත්වය මට ප්‍රියයි.එම නිසා දැඩි අධිෂ්ථාන කර ගනිමි.” 🌹

මෙසේ ජිවිතයද අත්හැර බලවත් අධිෂ්ඨානයෙන් ව්‍රත ශිල ආරක්ෂා කිරීම අදිෂ්ඨාන පරමත්ථ පාරමී නම් විය.

25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී

එකරාජ ජාතකයෙහි,

🌹” මා දැක කිසිවෙක් බය නො වන්නෝය. මම ද කිසිවකු දැක බය නො වෙමි.මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි මහා වනයෙහි සතුටින් වෙසෙමි.” 🌹
මෙසේ ජීවිතය ද නො බලා මෛත්‍රී වඩන බෝසතුන්ගේ පාරමිතාව මෙත්තා පරමත්ථ පාරමී නම් විය.

28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

ලෝමහංස ජාතකයෙහි,

🌹 “මම මිණි ඇට පොදියක් හිස කොට්ටය කොට තබාගෙන සොහොනෙහි සැතපෙමි.ගොපළු දරුවෝ අවුත් විවිධ කෙළ ගැසීම්,උසුළු විසුළු ආදී විරූප දර්ශන කරත්,”🌹

මෙසේ ගම දරුවෝ සමහරු කෙළ ගැසීම් ආදිය කරත්දීත් සමහරු සුවද මල් ආදියෙන් උපහාර කරත්දීත් ඔවුන් කෙරෙහි මැදහත් බව නො ඉක්මවීම, බෝසතුන්ගේ උපේක්ෂා පරමත්ථ පාරමිතාව විය.

මේ දැක්වුයේ සංක්ෂේපයෙනි. මෙහි විස්තර චරියා පිටකයෙන් ගත යුතුයි.මෙසේ පෙරුම් පුරා වෙස්සන්තර භවයෙහි සිටි බෝසතාණෝ , සිත් පිත් නැති, සැප දුක් දැනීම් නැති, මහපොළොව පවා මාගේ දාන පාරමිත බලයෙන් සත් වරක් කම්පා විය.”මෙසේ පොළොව කම්පා කරන මහා පින් කොට බෝසතාණෝ ආයූ කෙළෙවර වෙසතුරු අත් බැවින් චුත ව තුසිත පුරයෙහි උපන්හ. මතෙක් දීපංකර පාද මුලයෙහි සිට තුසිත පුර ඉපදීම දක්වා පවතී කථා පුවත් දුරේ නිදාන නැමැයි දත යුතුයි.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව –

මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-12-2019