Monthly Archives: November 2014

නින්දා කළ විට කිපෙන, ප්‍රසංසා කළ විට මානයෙන් උදම් වන පුද්ගලයින් අසත් පුරුෂයින් බ…

නින්දා කළ විට කිපෙන, ප්‍රසංසා කළ විට මානයෙන් උදම් වන පුද්ගලයින් අසත් පුරුෂයින් බව හඳුනා ගත යුතුයි.
නුවණැති සත්පුරුෂයා නින්දාවේද ප්‍රසංසාවේද නොසෙල්වේ.
ඔබ සැමට සත්පුරුෂ අසුරම ලැබේවා.

ඒ අසහාය නායකයාගේ සරණට පැමිණෙමු. ඒ උන්වහන්සේගේ ධර්මයේ සරණට පැමිණෙමු. ඒ සියලු දුක…

ඒ අසහාය නායකයාගේ සරණට පැමිණෙමු. ඒ උන්වහන්සේගේ ධර්මයේ සරණට පැමිණෙමු. ඒ සියලු දුක නසන ධර්මය කුමක් දැයි සෙවීමට වෙහෙසෙමු.

————————————————————-
උන් වහන්සේ මහා ප්‍රඥාලෝකයෙන් යුක්තයි.
ශ්‍රාවක ජනයාට සැබෑම ආචාර්යවරයෙක්.තුන් ලොවටම අග්‍රයි.
තුන් ලෝකයට නායකයාණන් උන්වහන්සේ තමයි.
දෙව් මිනිසුන්ගේ මුනිවරයා.ඒ දර්ශනය පවා අසහාය දෙයක්…
————————————————————-
(පූජණීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ “ඒ අමා නිවන් දු‍ටු රහතන් වහන්සේලා” ග්‍රන්ථය ඇසුරිනි)

දෙමාපියන්ව මේ දිවියෙදීම නිවනට මග කියන පිරිසුදු ත්‍රිපිටක ධර්මයටම යොමු කරන්න. ඒ ස…

දෙමාපියන්ව මේ දිවියෙදීම නිවනට මග කියන පිරිසුදු ත්‍රිපිටක ධර්මයටම යොමු කරන්න. ඒ සඳහා මේ දේශනා ඔවුන් වෙත ලබා දෙන්න.

සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ල…

සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි

ආරම්භයක් නොපෙනෙන සංසාරයක ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනා අපට ඒ ගමන පුරාවට විඳින්නට වුණ දුක් දොම්නස් අප්‍රමාණයි. කාම භව, රූප භව, අරූප බව කියන භවත්‍රයෙහි ඉපදෙමින් ජරාවට යමින් මැරෙමින් සැරිසරන සත්ත්වයා ජීවත්වන කෙටි කාලය තුළ විඳින ඉතා කෙටි කාලීන සැපය නිසා දීර්ඝ කාලයක් තිස්සේ වින්ද අනාගතයෙහි විඳින්නට ඇති දුක් දොම්නස් අමතක කරනවා. ඒ නිසාම ඔවුන් නැවත නැවතත් දුකට පත්වීමයි සිදුවන්නේ.

සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි.

එසේනම් මේ අනියත වූ දුක් බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කළයුතු දෙයක් නැහැ නේද? එයින් මිදෙන්නට කුමක් කළ යුතු ද? පළමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි. එහි කළකිරීම ඇතිකර ගත යුතුයි. ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාවට අනුගත වී කටයුතු කළ යුතුයි. දුක නැති කිරීම නිවන නම් ඒ නිවන් ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි.

දීර්ඝ කාලයක් තිස්සේ අනන්ත සංසාරයේ විඳගෙන එන දුක, ස්ථාවර වශයෙන් කෙළවර කිරීමේ ආරම්භය සෝතාපත්ති ඵලයයි. ලෝකයේ ලෞකික සැප අතුරෙන් අග්‍රම සැප ලැබුණත් ඒ කිසිදු සැපයකට සෝතාපත්ති සුවය සම කළ නොහැකියි. සෝතාපත්ති සංයුක්තයේ රාජ සූත්‍රයේ දී ඒ බව මෙසේ සඳහන් වෙනවා.

මහණෙනි, සිවු මහ ද්වීපනයටම අධිපති සක්විති මහරජතුමා මහත් ආධිපත්‍යයෙන් රජ කරවා මරණින් මතු දෙව් ලොව උපදී. ඔහු නන්දන වනයෙහි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම ගුණයන් අනුභව කරයි. එහෙත් ඔහු සතර ධර්මයකින් සමන්විත නො වුණහොත් නිරයෙන් මිදුණේ නොවේ. තිරිසන් ලෝකයෙන් මිදුණේ නොවේ. පේ‍්‍රත ලෝකයෙන් මිදුණේ නොවේ. අපාය දුගතියෙන් මිදුණෝ නොවේ.

“මහණෙනි, එසේ වූයේ නමුදු යම් ආර්ය ශ්‍රාවකයෙක් පිඬුසිඟා යාමෙන් ජීවත්වේද, කඩමලු දරා ද ඔහු සිවු දහමින් සමන්විත වූයේ නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් ලෝකයෙන් මිදුණේ වෙයි. ප්‍රේත ලෝකයෙන් මිදුණේ වෙයි. අපාය දුගතියෙන් මිදුණේ වෙයි.

මේ සතර ධර්මයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම, සංඝරත්නය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම හා ආරියකාන්ත සීලයෙන් යුක්තවීමයි. මේ සෝවාන් කෙනෙකු සතු ගුණාංගයි. මිනිස් ලොව මිනිසෙකුට විඳිය හැකි ඉහළ ම ලෞකික වූත් පංචකාම ගුණ සහිත වූත් සුවයක් වනුයේ සක්විති රජකමයි. එසේ වූයේ නමුත් සක්විති රජතුමා හෝ සෝතාපත්ති ඵලයට පත් වී නැත්නම් අපායගාමී වීමේ බයෙන් නිදහස් වන්නේ නැහැ. සතර අපා බියෙන් නිදහස්වීමේ උත්තම සුවය සැළසෙන්නේ සෝතාපත්ති ඵලයේ පටන් ඉහලම මගඵල ලැබූ උතුමන්ට පමණයි. ඒ සඳහා ධම්මපද අට්ඨකථාවේ එන කාල සිටුපුත්‍රයාගේ කථාව හොඳ උදාහරණයක්.

කාල සිටු පුත්‍රයා අනේපිඬු මහ සිටුතුමාගේ පුතණුවනුයි. තමා කෙතරම් සැදැහැවත් උපාසකයෙකු වුණත් තමන්ගේ පුතා එසේ නොවීම පිළිබඳ ව සිටුතුමාට තිබුණේ මහා කණගාටුවක් ශ්‍රද්ධාවක් නැති සීල ගුණයක් නැති මේ අකීකරු පුත්‍රයා කෙසේ හෝ හදා ගැනීමේ වුවමනාව සිටුතුමාට තිබුණා. ඒ නිසා දිනක් සිටුතුමා තම පුතා කැඳවා අසවල් දින පෝය උදාවන බවත්, එදින පන්සලට ගොස් සිල් සමාදන් වුවහොත් කහවණු සියයක් දෙන බවත් පැවසුවා. සිටුපුත්‍රයා කහවුණු ලබා ගැනීමේ අදහසින් පන්සලට ගියා. සිල් සමාදන් වී ධර්ම ශාලාවේ මුල්ලකට වී නිදා ගත්තා. පසු දා උදෑසන පිබිදී ගෙදර ගිය පුතාට සිටුතුමා මුදල් ලබා දුන්නා. සිල් සමාදන් වී ආවාට මොහු තුළ කිසිදු ගුණ ධර්මයක් දියුණු වී නොමැති බව සිටුතුමාට අවබෝධ වුණා.

ඉන්පසු තවත් මාසයක පෝය දිනක තම පුතා කැඳ වූ සිටුතුමා පෝය දිනට පන්සල් ගොස් සිල් සමාදන් වී බණ පදයක් අසා මතක ලබාගෙන අවුත් තමාට පැවසුවහොත් කහවුණු දහසක් දෙන බව ප්‍රකාශ කළා. එයට එකඟ වූ සිටුපුත්‍රයා එදා පන්සලට ගොස් ධර්ම ශාලාවේ ඉදිරියෙන්ම වාඩි වී බණ අසන්නට වුණා.

මෙම සිටු පුත්‍රයාගේ මානසික ස්වභාවය ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් තේරුම් ගත් තථාගතයන් වහන්සේ මොහුට එකවර මතක ලබාගත නොහැකි වන සේ තැනින් තැනි ගෙන ධර්ම කාරණා විස්තර කළා. කෙසේ හෝ සතියෙන් සහ වීර්යයෙන් යුතුව බණ ඇසු කාල සිටුවරයා ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියා.

වෙනදා මෙන් රාත්‍රිය පන්සලෙහි ගතකළ සිටු පුත්‍රයා උදෑසන පිබිදී ‍ෙගදර ගියා. ඒ වන විට තථාගතයන් වහන්සේ ද උදේ දානයට සිටු මැදුරට වැඩම කර සිටියා. වෙනදා පළමුව මුදල් ඉල්ලා කරදර කළ සිටු පුත්‍රයා එදා නිහඬව සිටියා. මේ කිසිත් නොදත් සිටුතුමා පොරොන්දු වූ පරිදි කහවණු දහස ගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේදීම තම පුතාට දුන්නා. එනමුත් සිටු පුත්‍රයා එය පිළිගත්තේ නැහැ. පුතාගේ මේ වෙනස සිටුතුමාට තේරුම් ගන්නට නොහැකි වුණා. හෙතෙම මුදල් එපා කියන්නේ ඇයි දැයි විමසුවා. එවිට ඒ සඳහා තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දුන්නා.

පථව්‍යා ඒකා රජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

සමස්ත මහ පොළොවෙහි ම අධිපතිකම හෙවත් සක්විති රජකම ලැබුණත් දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව ලැබුණත්, මුළු ලොවටම අධිපති මහා බ‍්‍රහ්මකම ලැබුණත් ඒ හැම සම්පතකට ම වඩා සෝවාන්වීම උතුම් යන්න ඒ ගාථාවේ අදහස.

එහෙම වන්නේ ඇයි? සක්විති රජතුමා වුවත් අපාය බයෙන් නිදහස් වී නැහැ. දෙව්ලොව දෙවියෙකු වූ පමණින් හෝ සක්දෙව් රජ වූ පමණින් මහා බ්‍රහ්ම වූ පමණින් ඔවුන් අපාය බයෙන් නිදහස් වී නැහැ. ‘’මම කවදාවත් අපායේ උපදින්නේ නැතැයි” අභීතව කිව හැක්කේ අවම වශයෙන් සෝවන් ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි.

තෙරුවන් සරණයි!

තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

මේ තරම් වේගයෙන් වෙනස් වී අනිත්‍ය වන සිත 'මම මාගේ' යැයි ගැනීම කොතරම් උචිත ද? නමුත…

මේ තරම් වේගයෙන් වෙනස් වී අනිත්‍ය වන සිත ‘මම මාගේ’ යැයි ගැනීම කොතරම් උචිත ද?
නමුත් අපි මේ සංසාරයේ දීර්ඝ කාලයක් මේ සිතම මමායනය කර ඇති බැවින් එයින් මිදීම ඉතා අපහසු වී ඇත.

වඩාත් ශ්‍රේෂ්ට ඉවසීම කුමක්ද? 1) අනෙක් අය කිපුණු විට තමන් නොකිපි ඉවසීම 2) බලවත් ප…

වඩාත් ශ්‍රේෂ්ට ඉවසීම කුමක්ද?
1) අනෙක් අය කිපුණු විට තමන් නොකිපි ඉවසීම
2) බලවත් පුද්ගලයෙකුව සිටිමින් දුබල පුද්ගලයෙකුගේ නින්දා අපහාස ඉවසීම

මෙවැනි අවස්ථාවල ඉවසීමෙන් බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිදුවේ.

බෙහෙත් ද්‍රව්‍යය පිදීමේ ආනිශංස භේසජ්ජං සුගතේ දත්වා සංඝේ ගණවරුත්තමේ දනානිසංසේ අන…

බෙහෙත් ද්‍රව්‍යය පිදීමේ ආනිශංස

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්‍ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් ලැබිය හැක.

01. දීර්ඝායු සම්පත් ලැබීම.
02. ශරීර ශක්තිය ලැබීම.
03. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
04. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
05. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
06. ශරීර සැපය ලැබීම.
07. කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
08. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
09. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

ද්වේශයෙන් හා ලෝභයෙන් යටවී ගිය සිත් ඇති බොහෝ අය ශාසනය ආරක්ෂා කිරීමට යැයි කියා සිද…

ද්වේශයෙන් හා ලෝභයෙන් යටවී ගිය සිත් ඇති බොහෝ අය ශාසනය ආරක්ෂා කිරීමට යැයි කියා සිදු කරන සමහර දේ ශාසනය තවත් පරිහානියටම හේතු වේ.

අනාගත පරපුරට නිර්මල ත්‍රිපිටක බුදු දහම රැක දෙමු.