Monthly Archives: February 2015

දිව්‍ය ලෝකෙ ඉපදීම සදහා මිනිහෙක් වෙලා අවුරුදු 60-70 ක් ජීවත් වෙන මේ කාලෙ හරියට පි…

දිව්‍ය ලෝකෙ ඉපදීම සදහා
මිනිහෙක් වෙලා අවුරුදු 60-70 ක් ජීවත් වෙන මේ කාලෙ හරියට පිනක් දහමක් කරගෙන හොඳින් පාරමිතා පුරන්න, භාවනාවක් කරන්න හිත නැමෙන්නේ කීයෙන් කී දෙනාටද?

හොඳයි මරණින් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා කියල තමන්ගේ කර්ම පඩිසන් දෙන එක නතර වෙන්නෙ නෑ..ඒකට රහත් වෙන්නම ඕනෙ… නිවන් දකින්න පාරමිතා පුරන එක තමා බෞද්ධයෙක්ගෙ ප්‍රධානම බලාපොරොත්තුව විය යුත්තේ..ඒත් කාර්ය බහුල බව හින්දා ගොඩක් අයට ඒ ටික කරන්න බෑ.

මේක ලියන්නෙ දහසකුත් එකක් කම්කටොලු මැද ජීවත් වෙන සිංහල බෞද්ධයන්ගේ ඊලඟ භවය සැපවත් කිරීමෙ අදහසින්..

1.පින් කරන නිවැරදි ක්‍රමය:

පිනක් කරන විට ” මට මේ පින් කමෙන් සියලු කෙළෙසුන් නසා නිවන් දැකීමට ලැබේවා” යි නිවනම ප්‍රාර්ථනා කරන්න..භව බෝග සම්පත් පැතීමෙන් පින තෘෂ්ණාවෙන් දුබල වෙයි.

යමෙකුට භව බෝග සම්පත් පැතීමට අවශ්‍ය නම්

” මේ පිනෙන් මට පාරමිතා ධර්ම පුරා නිවන් දැකීමට කිසිවකින් අඩුවක් නොවේවා” යයි පතන්න.

2. ඔබ කරන පින් කුඩා පොතක දින වකවානු,සහභාගි වූ මිතුරන්,දාන වස්තු ආදිය සමග සටහන් කරගන්න,නිතර මෙම පොත බලමින් ඔබ කළ පින් සිහි කරන්න..

මේ අතුරෙනුත් ඔබ වසරක් පාසා දෙන දානයක් හෝ එදිනෙදා හෝ(බුදුන් වැඳිම වැනි ) පින්කමක් හොඳින් හිතේ තබා ගන්න..ටික දිනක් නිතර සිහි කරමින් මතක් කරන විට ඔබේ හිතේ හොඳ පැහැදිමක් ඇති වේවි..

3. මේ ආත්මයේ මගේ ප්‍රමාදයක් නිසා නිවන් දැකීමට නොහැකි උනොත් දෙව්ලොව ගොස් නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න…තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.

මරණාසන්න මොහොත

කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ..ඉතින් මේ වෙලාවෙ කොහේ හිටියත් මොනව වෙලා මැරුනත් තමන්ට අර පින්කම සිහියට ගන්න පුලුවන් තරමට හිත පුරුදුවෙලා තියෙනවනම් ඒ වෙලාවෙ සිතේ පැහැදීමක් ඇති වෙලා සුගතියක ඉපදෙන්න තියෙන අවස්තාව වැඩියි..

තමන්ගේ ඥාතියෙක් මිය යනවිට…

තමන් හදල වඩල කවල පොවපු දෙමව්පියෝ හරි ආච්චි සීය හරි මැරෙන කොට දුගතියක ඉපදෙන්න නොදී සුගතියකට යවන්න පුලුවන්නම් ඊට වඩා යුතුකමක් දරුවෙකුට නෑ. ජීවත් වෙන කාලෙ තමා හොඳින්ම සලකන්න ඕනෙ,,ඒත් මේකත් කළාම යුතුකම සම්පූර්ණයි.

1.මරණ මංචකය ඒ කියන්නෙ ලෙඩ ඇඳ වටේට බුද්ධ රූප, රුවන්මැලි සෑයෙ ,ශ්‍රී මහා බෝධිය වගේ පින්තූර එල්ලන්න ලෙඩාට පේන විදියට.

2.ඇඳ ලඟ පුටුවක් තියලා බුදු පිළිමයක් තියල මල් පහන්,හඳුන්කූරු පත්තු කරන්න නිතරම.

3.සුමධුර බණ දේශනාවක් සද්දෙ ටිකක් වැඩි පිර දාල ඇහෙන්න සලස්වන්න. පිරිත් වලට වඩා හොඳයි සිංහලෙන් තෙරෙන විදියට බණක් දැම්මාම..

4.මේක තමා වැදගත්ම… ගමේ පන්සලේ හාමුදුරුවො ගෙන්නලා ලෙඩාට අත ගස්සලා අට පිරිකරක් පූජා කරවන්න..ජීවත් වෙලා ඉන්න කාලෙ කළ පින් කම් මතක් කරල දුන්නොත් තවත් හොඳයි. මේව එදාඉඳල එන සිංහල බෞද්ධ චාරිත්‍ර.

ඔන්න කට්ටියම සුගතියට යවන්න පුලුවන් උපරිම උත්සාහය දුන්නා..ඒත් තමා හිසට තම අතමය හෙවනැල්ල…කරන නොකරන එක තමන්ගේ වැඩක්…

ඔන්න පව් කාරයො එහෙම හිතයි දැන් අපි කොහේද බන් දිව්‍ය ලෝකෙ යන්නෙ කියල..බය වෙන්න කාරි නෑ.දෙවෙන ජාතියේ පඩිසන් දෙන බලගතු කර්ම හැමෝටම නෑ. තියෙන කර්ම තාවකාලිකව යටපත් කරල අවසාන මොහොතෙ සුගතියේ ඉපදෙන්න පුලුවන්..මේ තියෙන්නෙ ඒගැන ලස්සන බණ කතාවක්.

රතනගිරි පබ්බත කියල පුරාණ විහාරයක් තිබ්බා..ඒකෙ වැඩ සිටියා චුල්ල පිණ්ඩපාතික තිස්ස කියල රහතන් වහන්සේ නමක්..ඒ රහතන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින අසල ගම්වල කිසිවෙකුට අපායට යන්න දෙන්නෙ නෑ,,බණ දේශනා කරල ආසන්න කර්මය යහපත් කරල සුගතියට යවනවා.

ඉතින් මේ ආසන්න ගමක් තිබ්බා “දමිළ දෝවාර” කියල..මේ ගමේ හිටියා 55 අවුරුද්දක් බිලී බාපු බිලී වැද්දෙක්. ඉතින් මේ රහතන් වහන්සේගෙ දිවැසට පෙනුනා මෙයා අද මැරිලා අපායෙ ඉපදෙනව කියලා.
මේ වැද්දා කවදාවත් මලක් පහනක් තියා හීනෙන්වත් පිනක් කරපු කෙනෙක් නෙමේ.

ඉතින් හාමුදුරුවො වැද්දට අනුකම්පවෙන් වැද්දගෙ ගෙදරට වැඩිය. වැද්දගෙ පවුලට කිව්වා මම ලෙඩා බලන්න ආවෙ ආසනයක් පනවන්න කියල..ඉතින් මේ ගෑනි ගිහින් වැද්දට මේක කිව්වම මම දන්නෙ නෑ කවුද කියල,එන්න එපා කියන්න කිව්වා..

ඒ පාර හාමුදුරුවො තවත් අනුකම්පාවෙන් කිව්වා,ලෙඩාට නෙමේ.මටයි ලෙඩා එක්ක කතා කරන්න ඕනෙ කියල..ඉතින් ගෙට ගිහින් වැද්දට කිව්වා” දැන් අමාරුයි නේද? නරකද පන්සිල් ගත්තොත් කියල”..

මම නම් දන්නෙ නෑ,හාමුදුරුවො කිව්වොත් කියන්නම් කිව්වා
නමස්කාරය කිව්වා.තිසරණේ තතියම්පි සංඝං සරණං ගච්චාමි කියන කොට,,වැද්දගෙ පව් කාරකම මෙලොවම පඩිසන් දුන්න..මොකද උනේ? වැද්දගෙ දිව ගැලවිලා බිමට වැටුනා. ඉතින් කොහේද පන්සිල් ගන්නේ..

රහතන් වහන්සේ කිව්වා ” කිසි බයක් හිතන්න එපා, ගත්තු තිසරණ ටික මුල සිට අගට අග සිට මුලට හිතින් කියවන්න කිව්වා..ඔන්න ඉතින් ඔහොම හිතන කොට වැද්දා මළා.

ඔන්න ඉතින් එදා රෑ රහතන් වහන්සේගේ සක්මන කෙළවර ආවා දිව්‍ය පුත්‍රයෙක්..ඇවිල්ලා වැඳල මෙහෙම කිව්වා..

ස්වාමින් වහන්ස..අද උදේ ඔබ වහන්සේ තිසරණ දුන්නේ මටනෙ. මම ඒ පිණෙන් මම චාතුර්මහාරාජිකයෙ ඉපදුනා.ඔබ වහන්සේ පන්සිලුත් දුන්නා නම් මට මීට වඩා ඉහල දිව්‍ය ලෝකෙක ඉපදෙන්න තිබ්බා කියලා.. කොහොමද කතාව? ඉතින් ඇයි පසුබට වෙන්නෙ?

Article by Gstar form Elakiri Tread

෴….අප්‍රමාදී වන්න – අතිශය දුලබ බුදු උපත….෴ “මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්….

෴….අප්‍රමාදී වන්න – අතිශය දුලබ බුදු උපත….෴

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”
බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව – 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. පේ‍්‍රතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා…” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.
පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය – පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහා වෙහෙසිය යුතුයි.

මාස්පොත , ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

සත්වයාට ලෝකයේ පවතින යථා තත්වය අවබෝධ කරගැනීමට උපකාර වන්නේ ධර්මයයි. සැපවත් ජීවිතයක…

සත්වයාට ලෝකයේ පවතින යථා තත්වය අවබෝධ කරගැනීමට උපකාර වන්නේ ධර්මයයි. සැපවත් ජීවිතයක් ගතකිරීමට උපනිශ්‍රය වන්නේ ද ශ්‍රී සද්ධර්මය යි. එම නිසා “චතුසු අපායෙසු වට්ටදු‍ෙක්‍ඛසු අපතමානේ කත්වා ධාරෙතීති ධම්මො” යන්නෙන් නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යන සතර අපායෙහි වැටෙන්නට ඉඩ නොදී සත්වයන් ආරක්‍ෂා කරන බලවත් ශක්තිය ධර්මයයි.

යොචෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො

මේ ධර්මය එහිපස්සික, ඕපනයික, පච්චත්ත වේදිතබ්බ ආදී ගුණයන්ගෙන් යුක්තයි. දිව්‍ය, මනුස්ස, නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත් උදාකරන ශක්තිවන්තයා ධර්මයයි. මෙම ධර්මය අනුගමනය කිරීම සැපදායක ප්‍රතිඵල ලබා දෙනවා. බුද්ධ භාෂිතයේ අකුරක් ඉස්පිල්ලක් නොහැර හිතදායක සැපදායක වැඩදායක උතුම් අනුශාසනා මාර්ගයක්. එකී ධර්මය ශ්‍රවණය කිරීමත් මැනවින් ධාරණය කිරීමත් අපහසු කාරණයක්. එයටත් වඩා ඉතාම අපහසු කරුණ නම් ධර්මය අනුගමනය කරමින් ධර්මානුකූලව ජීවත්වීමයි. එම නිසාවෙන් ධර්මයේ මුල මැද අග මැනවින් අසා හිතේ තබාගෙන ඒ අනුව කටයුතු කිරීමට අධිෂ්ඨානය ඇතුව ධර්මය ශ්‍රවණය කළ යුතුය.

අප ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ යම් පුද්ගලයෙක් දුසිල්වත්ව අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව එක් දිනක් ජීවත්වීම උතුම්වන බවයි. සිල්වත්භාවය නම් කාය වාග් ද්වාරයන්හි සංවර භාවයයි. හික්මුණ ස්වභාවයයි. “කායවාචානං සමෝධානානං සීලං” යනුවෙන් දක්වන ආකාරයට කායික වශයෙනුත් වාචසික වශයෙනුත් සංසිඳීමට පත්වීම සීලය වශයෙන් හඳුන්වයි. සීලයෙහි පිහිටි පුද්ගලයාට සමාධියත් අනතුරුව ප්‍රඥාවත් සාක්‍ෂාත් කිරීම ඉතා පහසුවෙන් කළ හැකිය. සම්බුද්ධ ශාසනයේ සමාදන් වීමට හා ආරක්‍ෂා කිරීමට අපහසු ම කාරණාව කුමක් දැ’යි මිළිඳු රජතුමා ඇසු ප්‍රශ්නයේදී නාගසේන හිමියන් පිළිතුරු දෙන්නේ සමෝදානයටත් ආරක්‍ෂා කිරීමටත් අපහසුම කාරණය නම් සීලය වන බවයි. එබැවින් සීලය පූර්ණය කළ යුතු උතුම් කරුණක් වශයෙන් දේශනා කර තිබේ. සාසනයේ ඉගැන්වෙන ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් අතරට සීලය අන්තර්ගත කොට තිබෙන අතර දස පුණ්‍ය ක්‍රියා,දස පාරමිතා, දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදි විවිධ තන්හි සීලයට ප්‍රමුඛස්ථානයක් දී තිබීමෙන් සිල්වත්ව විසීමෙහි අගය ප්‍රකාශ වේ.

මිනිස් ආත්මභාවයක් ලබා ගැනීම අතිදුර්ලභ වාසනාවන්ත කරුණක් වන්නේ පුණ්‍ය ශක්තීන් හා කුසල ශක්තීන් වර්ධනය කරගැනීමෙහිලාත් නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහිලාත් බෙහෙවින් උපකාරිවන නිසාවෙනි. එලෙස අපහසුවෙන් ලබා ගන්නා ලද ජීවිතය දුසිරිතෙන් යුතුව අවුරුදු සිය ගණනක් ගත කරනවාට වඩා සිල්වත්ව එකම එක් දිනක් පමණක් ජීවත්වීම අති උතුම් වන්නේය. මෙම කාරණාව බුදුරදුන් දේශනා කරන ලද්දේ සංකිච්ච රහතන් වහන්සේ අරභයා ය.

පින්වතුනි, සැවැත්නුවර උසස් කුල තිහක කුමාරවරු තිස්දෙනෙක් පැවිදි වූහ. පිළිවෙත් පිරීමෙහි යුක්ත වු භික්‍ෂූන් වහන්සේලා විදර්ශනා ධූරය වැඩීමට සිතා බුදුරදුන්ගෙන් කමටහන් ලබාගෙන වනයකට යාමට සූදානම් විය. ඒ කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය අරමුණූ ඉගෙන ගෙන කැලයට ගොස් පුරුදු පුහුණු කිරීමට කටයුතු සකස්කර ගත්තා. බුදුරදුන් මේ භික්‍ෂූන් වහන්සේලා වැඩමවන ප්‍රදේශය උවදුරු සහිත ප්‍රදේශයක් බව වටහාගෙන එය වැළැක්වීම සඳහා සංකිච්ච මහ රහතන් වහන්සේ සමඟින් යාමට සැලැස්වූහ. සංකිච්ච මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු පිරිස හාරසිය අසූවක් පමණ ගවු ගෙවා එක්තරා පිටිසර ගමකට පැමිණියා. ඒ ගම්වැසියෝ උන්වහන්සේලාට බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළා. විදර්ශනා ධූරිව වාසය කරන මේ භික්‍ෂූන්හට ප්‍රණීත ආහාරපාන නිතරම ලැබුණි. ගම්වැසියොත් ගෞරවයෙන් යුක්තව දන් පින් කරගත්හ.

මේ විදිහට විදසුන් වඩමින් පහසු විහරණයෙන් වැඩ සිටින අතර එක් දිනක් සිඟන්නෙක් හෙවත් යාචකයෙක් එහි පැමිණියේය. ඔහු කුසපුරා ආහාර ගනිමින් මේ විදිහට කල්පනා කරන්නට වුණා. “අනේ! දිවා රාත්‍රි කර්මාන්ත කරමින් ජීවත් වන අයටවත් මෙවැනි ආහාරපාන ලැබෙන්නේ නැත. මේ හිමිවරුන් කිසිම අපහසුතාවයක් නැතිව රසවත් ආහාරපාන අනුභව කරති’ යි සිතුවේය. එහි ටික කාලයක් නැවතී සිට රසවත් ආහාරපාන අනුභවයෙන් වැඩුණු ශරීරය ඇත්තෙක් විය. පසුව එම ආරාමයෙන් නික්මි යන සිඟන්නා මහ කැලෑවේදී සොරු කණ්ඩායමකට අසුවිණි. ඔහු මරා වන දෙවියන්හට බිලිදීමට සැරසුණේය. එවිට මේ මිනිසා ප්‍රකාශ කරනුයේ “අනේ! සත්පුරුෂයනි, මා සිඟන්නෙකි. බිලි පූජාවට නුසුදුසුය.දෙවියන් සතුටු කළ නොහැකිය.අසවල් ස්ථානයේ භික්‍ෂූන් වාසය කරති. උන්වහන්සේලා බිලි පූජාවට ඉතාම සුදුසුයැ’ යි කීවේය. සොරුන්ද එම අදහස ඉතා වටිනා එකක් යැයි සිතා ආරාමයට ගොස් භික්‍ෂූන් වහන්සේ නමක් රැගෙන යාමට උත්සාහ කළේය. එවිට සංකිච්ච තෙරණුවෝ ඒ සඳහා මම පැමිණෙමි ‘ යි ප්‍රකාශ කොට බිලි පූජාව සඳහා වැඩියහ.

සොරුන් විසින් රහත් තෙරුණුන්ගේ දිවිතොර කිරීමට සුදානම් විය. උන්වහන්සේ සමවතට සමවැදුණේය. එක් සොරෙකු කඩුව ගෙන බෙල්ල දෙසට ගැසීය. එවිට කඩුව මිට දක්වා හැකිලී ගියේය. සොරු පන්සියයම පුදුමයට හා භීතියට පත්ව පින්වත් මුන් වහන්සේගේ සීලමය බලය නිසා සිත්පිත් නොමැති කඩුව පවා හැකිලුනේයැයි. “ප්‍රසාදයට පත්ව නමස්කාර කළේය. සංකිච්ච මහ රහත් තෙරණුවන්ගෙන් ධර්මය අසා බුදුරදුන් වෙතට පැමිණියේය. තිලෝගුරු බුදුපියාණෝ එය අරමුණු කොටගෙන අප මාතෘකා කළ ගාථාවෙන් ධර්මය දේශනා කරනුයේ “ දුසිල්වත්ව සියක් අවුරුද්දක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව එක් දිනක් වාසය කිරීම ඉතා උතුම් වන්නේයැ’ යි” වදාරා ශ්‍රවණය කළ සැම මාර්ගපලයෙහි පිහිටුවිය.

එම නිසා පින්වතුනි, සිල්වත්භාවයෙන් කටයුතු කිරීමට සෑම අවස්ථාවකදීම සිහියේ තබා ගත යුතුය. බලන්න, ගිහි පිංවතුන් වශයෙන් ඔබට ආරක්‍ෂා කිරීමට තිබෙන්නේ සිල්පද පහක් පමණයි. අපේ සමාජය නිති පන්සිල් පොහොය අටසිල් රකිමින් ජීවිකාව ගත කළබවට ඉතිහාසයෙන් ප්‍රකාශ වන කරුණක්, සිල්වත් වූ තැනැත්තාහට කවර ආකාරයටවත් උපද්‍රවයක් සිදුකිරීමට හැකියාවක් නොහැක. මොනයම්ම ලාභ අපේක්‍ෂාවකට සීලය විකෘති කරගන්නේ ද නැත. සමාජයේ බොහෝ ඇත්තන් සීලය ආරක්‍ෂා කිරීම හුදු දෛනික ජීවිතයෙන් පරිබාහිර ක්‍රියාවක් ලෙසින් හඳුනාගෙන තිබීම අතිශය ඛේදජනක ය. සැබැවින්ම එය මුලාවකි. සමාජ සත්වයෙකු වශයෙන් අනෙකෙකුට හිරිහැරයක් නොවී හදවතට එකඟව නිරවද්‍ය ලෙස ජීවත්වීම ශීලයකි.

නුවණැති මිනිසකු වශයෙන් ලාමක අරමුණු කඩ නොකොට නීති රීති චාරිත්‍ර වාරිත්‍ර ආරක්‍ෂා කිරීමට වගබලා ගත යුතුය. නොඑසේ නම් පිරිහීමට ලක් වන්නේය. සීලය කෙනෙකුගේ චර්යාමය ක්‍රියාවලියක් වන අතර පුණ්‍ය ක්‍රියාවක් දක්වන්නේය.වර්තමාන සමාජයේ පවතින ප්‍රශ්න රාශියක් දුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ සිල්වත්භාවය ආරක්‍ෂා කිරීමෙනි. සීලය පුද්ගලයකුට මැණිකක් මෙන් වටිනා දෙයකි. එය ආරක්‍ෂා කරන්නාට මෙලොව සම්පත් උදාකර දෙන අතර පරලොව සුගතිය ද අවසානයේ නිවන් සුව සාධනය කරයි.

විසුද්ධිමාර්ගයේ සිල්වත්භාවයෙහි ආනිශංස පහක් බව දක්වයි. මහත් සම්පත් ලැබීම, මහත් වූ කීර්තිමත් කෙනෙකු වීම, පරිස්කාර විශාරදව එළඹීම, සිහි නොමුලාව කලුරිය කිරීම, මරණින් මතු දෙව්ලොව ඉපදීම, සීලය නිර්වාණගාමී ප්‍රතිපදාවේ අත්තිවාරම වේ. සීලය ආරක්‍ෂා කිරීම චිත්ත සමාධිය උපදවා ගැනීමට අවශ්‍ය වන්නකි. සීලයෙන් යුක්ත වූ තැනැත්තාට නීවරණ ප්‍රහාණය කිරීමට පහසු වන අතර එයින් සිතේ සතුට ඇති වේ. සුඛ වේදනා විඳින පුද්ගලයාට නිර්වාණාධිගමය පහසු වේ. එනිසාවෙන් සීලය අත්‍යවශ්‍යම ප්‍රතිපදාවකි.

සෑම කෙනෙකුම සීලයෙන් ගුණයෙන් යුක්ත මනුෂ්‍යයෙකු වශයෙන් කටයුතු කිරීමට අදිටන් කරගනිත්වා. අවසන සීලමය ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමෙන් සදාකාලික වූ ශාන්තිය වන නිර්වාණ ධර්මයෙන් සැනසෙන්නට හේතුවාසනා වේවා!

තෙරුවන් සරණයි!

දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන නාහිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

කුන්ත රන්කරුවාගේ කතාව (1) රැහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්…

කුන්ත රන්කරුවාගේ කතාව

(1) රැහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්ධාතිස්ස රජ මෙලක්දිව රාජ්‍යය කළේය. (2) ඒ මාගම ආශ්‍රය කොට “ලෝකුරු කුන්ත” නමින් ප්‍රකට රන්කරුවෙක් විය. (3) රජතුමා ඔහු ගෙන්වා මේ රන් තළා මට තලියක් සාදව” යි කියා ඔහුට රන් ප්‍රමාණයක් දුණි. (4) රන්කරුවා යහපතැයි කියා එය බාරගෙන ඒ රන් විකුණා මත්පැන් බී සියල්ල විනාශ කෙළේය. (5) එක් දිනක් රජතුමා “කඹුරා වෙත ගොස් ඒ තලිය ගෙනෙව්” යයි කියා මිනිසුන් යැවීය. (6) ඔවුන් දැක බියපත් කඹුරා බිරිද අමතා “මට වහා බත් සම්පාදනය කරව; මම රන් සොයා ගෙනෙන්ට යන්නෙමි” යි කීය. (7) හෙතෙම කලින්ම නැගිට ඒ ආහාරය අතේ තබාගෙන සූවර්ණභූමියට (වර්තමාන තායිලන්තයට) යන අදහසින් බටහිර දොරටුවෙන් නික්ම ගියේය. (8) වේගයෙන් යන හෙතෙම මග අසළ ගසක් දැක ආහාර අනුභව කරනු කැමතිව ඒ ගස යටට ගොස් වාඩිවිය. (9) වනයෙහි නිරෝධය සමාපත්තියට සමවැදී විසූ තෙරනමක් එයින් නැගිට පිඩු සදහා ගමට ඇතුල්වීමට යන්නේ ඔහු ඉදිරියෙහි නැවතුණේය. (10) තෙරුන් දැක සතුටු වූ හෙතෙමේ ඇගිලි බැද වැද මහත් පැහැදීමක් ඇතිව මෙසේ සිතී: (11) “සුවර්ණභූමියට ගොස් රන් ලබාගැනීමේදී නොයෙක් අන්තරායෝ පැමිණෙති; මේ මහතෙරනම මා ඉදිරියට පැමිණ සිටියි. එබැවින් මා විසින් මේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීමට වටී” යයි සිතා සිත පහදාගෙන ඒ ආහාරය පිරිසිදු සිල් ඇති ඒ තෙරනමට දුණි. (13) තෙරනම භික්ෂාව පිළිගෙන එතැනදීම වලදා ඉතිරි අහර ඔහුට දෙනු කැමතිව (14) “උපාසක මේ විලට බැස විල මැද තිබෙන විශාල නෙළුම් කොළයක් කඩා ගෙනවුත් මේ ඉතිරි ආහාරය අනුභවකරව” යි කීය. (15) ඒ කීම ඇසූ රන් කරුවා විලට බැස මැදට ගොස් නෙළුම් කොළයක් දණ්ඩෙන් කඩා ගත්තේය. (16) එය කැඩූ කෙණෙහි පැහැ විහිදුවන මනහර රන්තලියක් විය. (17) ඒ තලිය ගෙන හෙතෙම තෙරුන් වෙත ආවේය. තෙරනම ඉතිරි අහර ඒ භාජනයෙහි දමා “තගේ පිනින් හටගත් මේ තලියෙන් පළමුව අනුභව කොට සෝදා එය බැදගෙන සියගෙට යව” යි කීය.

(19) හෙතෙම ගෙදර ගොස් අස්නක හිදගෙන සිදු වූ සියලු දෙය බිරිදට කීය. (20) ඕ තොමෝ තුටු පහටු වී ” මේ තලිය රජුට දෙව; එවිට දඩුවමින් මිදිය හැක” යි හිමියාට කීය. (21) රන්කරුවා එය වස්ත්‍රයක ඔතාගෙන ගොස් රජුට වැද තලිය දැක්විය. (22) දිලිසෙන ගින්න මෙන් රැස් විහිදුවන ජාම්බෝනද රන්වල පැහැති ඉතා වටිනා ඒ තලිය දැක රජතුමා (23) ” මෙය මා දුන් රන් නොවේ: තටත් මෙවැනි රන් නැත; මෙය කොතැනින් ලද්දේ දැයි මම විස්මයට පත්වීමි” යි රජතුමා කීය. (24) රජු විසින් එසේ විචාරන ලද හෙතෙම බිය සැක නැතිව සිදු වූ සියලු ප්‍රවෘත්තිය කීය. (25) “එය තට මෙලොව විපාක වශයෙන් ලැබුණකි. මම තට පැහැදුනෙමි. ඇත් අස් රථයන් ද ගමක් හා ජනපදයක් ද තවත් ධනය ද තට දෙමි” යි රජ කීය. (26) මෙසේ රජුන් දෙන ධනය ද හිමියන් නැති නිධාන ද මුහුදෙහි පාවෙන බඩු ද පින් කළහුගේ ගෙට පැමිණෙති. (27) ගුණවතුන්ට දන් දීම මෙසේ නොසිතිය හැකි විපාක ගෙන දෙයි. එය මෙලොව සැපත ගෙන දී පරලොවදීත් විපාක දෙයි. (28) බුද්ධිමත් ජනයා විසින් මෙය අසා දැක තමන් වෙත පැමිණි දක්ෂිණාර්හයන්ට පරිථ්‍යාග කිරීම යෙහෙකි.

හෙතෙම එතැන් පටන් මහාදානපතියෙක් විය. ඔහු විසින් මහා විහාරයක් කරවන ලදී; එහි දොළොස් දහසක් භික්ෂූහු විසූහ. හෙතෙම ඒ සියලු භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කළේය. තෙවරක් හැම සංඝයාට තුන් සියුරු දුණි. ඒ ලෝකුරු කෙළෙඹියගේ පූර්ව කර්මය මෙසේ දතයුතුය :- හෙතෙම පෙර ජාතියදී පැවිද්දෙක් වී මිදුල හමදින්නේ පිට වැටී තිබුණු වැලි ඇතුලට දමා හැමද කසළ ඉවත දැම්මේය. ඒ කුශලයෙන් හිමියන් නැති ධනය ලබන්නෙක් විය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

පසුවදන: නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උතුමන්ට දෙන දානය වරු හතක් තුල විපාක දෙන බව සඳහන් කර ඇත.

~ අවිද්‍යාවෙන් අන්ධ වූ ඇස් ප්‍රඥාවෙන් ආලෝකමත් කරගන්න ~ ඔබත් කියවා සියළු දෙනාට ද…

~ අවිද්‍යාවෙන් අන්ධ වූ ඇස් ප්‍රඥාවෙන් ආලෝකමත් කරගන්න ~

ඔබත් කියවා සියළු දෙනාට දැන ගැනීමට share කරන්න

මේ ලෝක ධාතුව තුළ ජීවත් වන සත්වයා කෙලෙස්වලින් අනූනය. රාගයෙන් රත් වී, ද්වේශයෙන් දූෂිත වී, මෝහයෙන් මුලා වී වාසය කරති. එහිදී නිවැරැදි දේ නිවැරැදි ආකාරයෙන් දැකීමට තරම් බුද්ධියක් නූපදී. බුදුරදුන් ධර්මය අවබෝධ කොටගෙන පළමුව කෘතගුණ දක්වනු වස් බරණැස් නුවර මිගදායේ ඉසිපතනාරාමයේ එවකට සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන අතර මග හමු වූ උපක නම් ආජිවකයාට මතක් කර දෙන්නේ,

“ධම්ම චක්කං පවත්තේතුං – ගච්ඡාමි කසිනං පුරං
අන්ධභූතස්මිං ලෝකස්මිං – ආභඤ්ජං අමත දුන්දුභිං”

මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි ආදී වශයෙනි. මේ අනුව බුද්ධ ඤාණයෙන්ම ලෝක සත්වයාගේ ස්වභාවය දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව (නොදැනීම) නිසා ය. එය පටිච්චසමුප්පාද දේශනාවෙන් මනාව දේශනා කොට ඇත.

බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධව වටිනා උපදෙසක් සේම අර්ථ විවරණයක් කර ඇත. එනම්,

අන්ධභුතො අයං ලෝකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තෝව
අප්පෝ සග්ගාය ගච්ඡති

මේ ලෝකයේ අනුවණ පුහුදුන් පුද්ගලයා අන්ධය. ඔවුන් අතුරෙන් ස්වල්ප දෙනෙක් හරි ආකාරයෙන් ලෝකය දකිත්. ඔවුහු දැලෙන් මිදුනු කුරුල්ලන් සේ සුගතියට පැමිණෙත්.

මෙම ගාථා ධර්මය සරලව සේ පෙනුණ ද ගැඹුරු අර්ථයක් අන්තර්ගතව ඇත. මෙහිදී “අන්ධ” යන වචනය භාවිතා කොට ඇත්තේ ප්‍රඥාව නොමැතිකමටය. යථාර්ථය දැකීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍ය වේ. බුදුහිමි බොහෝ සූත්‍ර අවසානයේ දී “චක්ඛුං උදපාදි පඤ්ඤා උදපාදි” යනුවෙන් නුවණැස නොහොත් ප්‍රඥාව පහළ විය. ආදී වශයෙන් දේශනා කොට ඇත. ලෝකයේ ටික දෙනෙකුට පමණක් නුවණ ඇත. එය ප්‍රඥාවයි.

එමනිසා ප්‍රඥාව ඇති ටික දෙනා යථාර්ථය දැක මෝහය නමැති අන්ධකාරයෙන් මිදීමට උත්සාහවත් වෙති. එය හරියට දැලකට හසු වූ වටකුරුලු රංචුවක් අතරින් වටුකුරුලු කිහිප දෙනෙක් උත්සාහයෙන් දැලෙන් මිදී මරණයට හසු නොවී පලා යන්නාක් බඳු ය. ඔවුනට සුගතියක්ම හිමි වේ.

නමුදු අන්ධ වූවන් අර දැලට හසු වූ වටු කුරුල්ලන් සේ එතනම මරණයට පත් වේ. අන්ධ බව යනු පස්කම් සැපයට හසු වී යථාර්ථය නොදැක මියගොස් නිරයට යෑමයි. අන්ධ බව නිරයට යන මාවතයි.

එනිසා බොහෝ පිරිස් පස්කම් වලටම ගිජුව එහිම ඇලී ගැටී මැරී ගොස් නිරයේ ඉපදෙති. “අප්පෝ සග්ගාය ගච්ඡති” ඒ අන්ධ සත්වයින් අතුරින් ටික දෙනෙක් සුගතියට යති. මරුගේ පස්කම් ගුණ නමැති දැලට වැසුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් සුගතියට සැපයට පැමිණෙති. සත්වයා නිතරම එකළොස් ගින්නකින් තැවෙති. දැවෙති.

රාගෝච දොසෝචමොහෝ චව්‍යාධි
ජරා ච මරණම්පි ච සෝක මෙව
පරිදේව දුක්ඛ මපී ච දෝමනස්සං
පායාස මෙකාදස මග්ගිමාහු

රාගය, ද්වේශය, මෝහය, ව්‍යාධිය, ජරාව, මරණය, දුක්ඛය, දෝමනස්සය, පායාසය යනාදී එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර දැවි දැවී, පිච්ච පිච්චී සිටියද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ පංචකාම නම් වූ දැලට හසු වී සිටින බැවින් එය නොපෙනේ. නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනි වලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද, යනුවෙනි.

පංචකාම දැලට හසු වූ බොහෝ දෙනෙක් නිරයට යන්නේ අවසන් මොහොතේ දී පවා උපාදානය නොහොත් මගේ, අපේ යන ආත්ම සංකල්පය ඉවත් කර ගැනීමට අපහසු බැවිනි. සෝවාන් වීමේ දී නැතිවෙන දස සංයෝජන වලට අයත් පළමු අංගය වන්නේ ද සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ඨියයි. එනම් මමය, මාගේය ආදී සංකල්පයන්ය. ඒවා නැති නොකර ගැනීම නිරයට නොහොත් අභෞව්‍යස්ථාන වල ඉපදීමට හේතු වන්නේ ය.

බුදු කෙනෙක් ලොව පහළ වන්නේ ද මෝහයෙන් මුලා වී අන්ධකාරයේ සිටින සත්වයාට ප්‍රඥාව නමැති ආලෝකය දල්වා ඉන් මුදා ගැනීමටය. හරියට ලිප ගිනි මොලවන තෙක් කකුළුවා සැපයක් සේ සිතා ක්‍රියා කරන්නා සේ සත්වයා ද පංච කාමයෙන් අන්ධව මරණයට හේතු වී ඒ ගැන නොසිතා කටයුතු කරති.

එතුළින් මියගොස් නිරයෙහි උපදී. මේ කරුණු සිහියට ගෙන බුදුන් දෙසූ දහම තම තම නැණ පමණින් හෝ වටහා ගැනීමට උත්සාහවත් විය යුතු ය. සංසාර චක්‍රය බොහෝ දීර්ඝ බැවින් නැවත නැවත ඉපදීමට ද හේතු වේ. එලෙස නැවත නැවත ඉපදීමට ප්‍රාර්ථනා නොකළත් ප්‍රඥා ඇස පහළ වනතුරු හෝ ඉපදීමට සිදුවේ. එම ඉපදෙන ආත්ම වල නිරයනට නොයා සුගතියක ඉපදීමට උත්සාහවත් වීම උසස් මනසක් ලැබූ සත්වයාගේ කාර්යය යුතුකම වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි -ගලගෙදර රතනවංශ හිමි

මේ ඔබේ අපේ සැබෑ උරුමයයි, සැබෑ ස්වභාවයයි. අද දිනයේ ඔබ ගෙවල් දොරවල් යානවාහන, රැකි…

මේ ඔබේ අපේ සැබෑ උරුමයයි, සැබෑ ස්වභාවයයි.

අද දිනයේ ඔබ ගෙවල් දොරවල් යානවාහන, රැකිරක්ෂා, ඉඩකඩම් ආදියට හෝ ලස්සන රූ සපුවකට හිමිකරුවෙක් වී මානයකින් හා ව්‍යාජ ආරක්‍ෂිත බවකින් කල්ගතකරනවා ඇත.

නමුත් හොඳින් බලන්න, සියල්ල ආරම්භ වූ ස්ථානය හා සියල්ල අවසන් වන ස්ථානය දෙස. මේ අතරමැද සියල්ල ණයට ගත් දේවල් නොවේද?

මේ පණුවන්ට වාසස්ථාන වූ කුණු ශරීරයෙන් මිදීමට හා සියලු රූපයන් ගෙන් මිදීමට අදම ධර්මයට එක්වන්න.

“කිසෙයින් මහණ මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම් සේ නම් ප…

“කිසෙයින් මහණ මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම් සේ නම් ප්‍රිය වු මනවඩන්නා වු එක් පුද්ගලයෙකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන්ම සියලු සත්වයන් මෛත්‍රියෙන් ස්පර්ශ කෙරෙයි. එහි ‘මෛත්‍රි’ කවර යත්: සත්වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රි සහගත විමුක්තියෙක් වේද, මේ ‘මෛත්‍රි’ යි කියනු ලැබේ”

අභිධර්මපිටකය – විභංග ප්‍රකරණ, 13 වන අප්‍රාමණ්‍ය විභංගය

ද්වේශ සහගත සිත් ඇතිවීම පාලනය කිරීමට සෑම විටම මෙත් සිත පුරුදු කරන්න.

සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නය අමතා මෙසේ දේශනා කළ සේක. මහණෙනි! පින් කිරීමට බියවෙන්න එපා. පින් කියන්නේ පි‍්‍රය වූ මනාප වූ සැපයට නමක් මහණෙනි, මා විසින් බොහෝ කාලයක් සම්පූර්ණ කරන ලද පින්වල විපාක මම දන්නවා. සත් අවුරුද්දක් මෛත්‍රී සිත වැඩීමෙන් මහාකල්ප හතක් කාම ලෝකයට මම පැමිණියේ නැහැ. එනම් බ්‍රහ්ම ලෝකයේමයි වාසය කළේ.

කල්පයක් විනාශ වෙනකොට ආභස්සර බ්‍රහ්ම ලෝකයට එනවා. කල්පය හටගන්න අවස්ථාවේ හිස වූ බ්‍රහ්ම විමානයක උපදිනවා. ඒ බඹ ලොව කිසිම කෙනෙකුට විනාශ කරන්න බැහැ. අභිඤ්ඤා ඥානයෙන් යුතු මහා බ්‍රහ්මයෙක් වෙලා හිටියා. සත් අවුරුද්දයි මෛත්‍රී භාවනාව පුරුදු කළේ. බොහෝම ආනිසංස මම ලැබුවා. ලැබූ සැප සම්පත් අතර තිස්හතර වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදුනා. නොයෙක් වතාවත්වල දැහැමින් රාජ්‍ය කරන සත්වරුනින් යුක්ත වූ සක්විති රජෙකු වශයෙන් කීප වාරයක් උපන්නා. ප්‍රදේශ රාජ්‍ය ලැබූ වාර ගණන අප්‍රමාණයි. මහණෙනි! මට මෙවැනි සිතක් ඇතිවුණා. මට මේ තරම් සෘද්ධිමත් මහත් වූ සැප සම්පත් විඳින්නට මොන විදිහේ කුසලයක් ද කරලා තිබෙන්නේ කියලා. වෙන කිසිවක් කිරීමෙන් නොව, දන්දීම, ඉන්ද්‍රිය දමනය කිරීම මේ කුසල කර්මයන්ගේ විපාක තමයි මට ලැබුණේ.

ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් පංච ඉන්ද්‍රියන්ට පංච අරමුණු ලබාදීමෙහිලා බොහෝ මම ප්‍රවේශම් වුණා. ඇසට පෙනෙන දේ එයම ලෙස මම භාරගත්තේ නැහැ. කනට ඇසුණු ශබ්දය ශබ්දයක් ලෙස මම භාරගත්තේ නැහැ. ඒ අයුරින් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු සියල්ල කෙරෙහිම සිහියෙන් යුක්තව ඉවසීම කළා. අවුරුදු හතක් මෛත්‍රී භාවනා කළා. අවුරුදු හතක්ම කළේ මෙත් වඩපු එක ‘’මෙත්තස්ස භවඞ මෛත්‍රී” මිතුරු බව වැඩීම තමයි මෛත්‍රිය කියන්නේ.

මෛත්‍රීය වැඩීමේදී මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මම වෛර නො කරමි. ක්‍රෝධය නොකරමි. ද්වේශ නොකරමි. තරහා නොවෙමි. මෙනෙහි කරමින් බුදුරදුන් ප්‍රායෝගිකව ඒවාට ප්‍රවිශ්ට වෙමින් සිත, කය, වචනය තිදොරින් මෛත්‍රිය ක්‍රියාත්මක කළා. මෛත්‍රිය කරන අයුරු ප්‍රාර්ථනා කරමින් සිටියට වැඩක් නැහැ. මනා ඉන්ද්‍රිය දමනයකින් සියල්ල පාලනය කරගෙන ශරීරය පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන යථාර්ථයෙන් බොහෝමයක් උපේක්ෂා සෞම්‍ය, සිතිවිලි ඇතිව ජීවිතය ගත කරන්න. බෝධිසත්වයෝ සත්මසක් මෛත්‍රිය වැඩීම නිසා මහා කල්ප හතක් සැපයෙන් ජීවත්වෙන්න ලැබුණා.

මේ ගතවෙන්නේ මහා භද්‍රකල්පයක්. සම්බුදු රජාණන් වහන්සේලා පස් නමක් පහළවන කාලයක්. මේ වනවිට බුදුවරු සිව්නමක් පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, බුදුවරුන්, මතු පහළවන්නේ මෛත්‍රිය බුදුරදුන්ය. බුදුවරු ලෝකයට පහළ වන කාලයේ මෛත්‍රීය පැතිරවීමේ ගුණ මහත් ආනිසංස ගෙනෙනවා. මෛත්‍රීය වඩන්න. හෘදයාංගමව මෛත්‍රීය ආශිර්වාදාත්මකව පතන්න. සිත, කය, වචනය තිදොරින්ම මෛත්‍රිය වඩන්න.

ගේ, දොර, වත්තපිටිය, වටපිටාව, පාරතොට මේ සැම තැනක්ම පිරිසුදු කරන්න. පන්සල, වෙහෙර මළුව සියල්ල පිවිතුරු කරගන්න. ශරීර කෘත්‍යයන් සඳහා පරිහරණය කරන ස්ථානය, කනබොන තැන මේ හැමතැනම පිරිසුදු කරන්න. අරයා, මෙයා කරන කල් බලානොසිට ඔබ විසින්ම ඒ ස්ථාන අලංකාර කරන්න. මෛත්‍රී සිතින් පරිසරයට හිතකාමී ලෙස සිදුකරන මේ කටයුතු තුළින් පුද්ගලයා තුළ මෛත්‍රීය වැඩෙනවා. පුද්ගල වශයෙන්, සංවිධාන වශයෙන් මානුෂීය ගුණ ඉස්මතු කරගෙන රෝහල්, පන්සල්, පොදු ස්ථාන පවිත්‍ර කිරීමෙන්, අලංකාර කිරීමෙන් මෛත්‍රී සහගත කාය කර්ම නිසැකයෙන් සිදුවෙනවා. එසේ පිරිසුදු කරන කෙනාට මෛත්‍රීයේ ආනිසංස ලැබෙනවා.

දඹදිවෙන් ලංකාදීපයට පැමිණි විශාඛ තෙරුණුවෝ සිංහල දීපයේ සිතුල්පව්වේ වැඩසිටිමින් මහරහතන් වහන්සේලා හමුවේ කමටහන් ලබා ක්ලේශ ප්‍රහීණ කොට සැනසීම ලබමින් කාලයක් ගතකොට ගමරට බලා පිටත්වන්නට පටන්ගත් අවස්ථාවේ දෙවි දේවතාවන් අඬන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේ ගම, රට නොගොස් පිරිනිවන් පාන තෙක් මෙරටේ වැඩසිටියා. උන්වහන්සේ හැමවිටම මෛත්‍රී සිතිවිලි, මෛත්‍රී වචන, මෛත්‍රී‍්‍ර ක්‍රියා සිදුකරමින් තිදොරින් සංවරව වැඩසිටි නිසා දෙවියන් පවා විශාඛ හිමියන්ට පි‍්‍රයතාවයක් දැක්වූවා. මෛත්‍රී බලයේ ආනිසංස බොහොමයි. දරුවට, බිරිඳට, සැමියට, හදා වඩාපු මව්පියන්ට ශිල්ප දුන් ගුරු මෑණි පියවරුන්ට අත හිත දෙන හිතමිතුරන්ට සත්පුරුෂ උත්තම සමාජයට මේ හැම කෙනෙකු කෙරෙහිම මෛත්‍රිය වඩන්න. ඔවුන් සුවපත් වේවා! යැයි සිතමින් ක්‍රියා කරන්න. පරිත්‍යාගශීලිත්ව පුරුදු කරගන්න. වටිනා ධර්මතා මනුෂ්‍ය ජීවිතය තුළට එකින් එක සම්බන්ධ කරගන්න. මුතු පොටකට මුතු අමුණනවා වගේ මෛත්‍රී සිතිවිලි පැතිරීම තුළින් තම තමන්ගේ යුතුකම් කොටස් සමාජයට ඉටුවෙනවා. පරිසරය සුරැකුවා වෙනවා. සමාජ ජීවිත සැපවත් කරගන්න පිහිට වූවා වෙනවා. වර්තමානයේ පුද්ගලයා බොහෝ ව්‍යසනවලට පත්වන්නේ තමා විසින්ම ඇතිකර ගන්නා කරදර නිසයි. පිරිසුදුකමට, අලංකාරකමට අවධානය යොමු නොකොට පැහැරහැරීම අප විසින්ම දුකට පත්වීමක්. තව කෙනෙකු කරනකල් ඉන්න එපා පිරිසුදුව වැඩකරමින් තමාගෙන් මිත්‍රත්වය ඇතිකරගන්න ආරම්භ කරන්න. ඔබට ඔබ මිතුරුනම් කාලය කා දමන්නෙ නැහැ. වැඩකටයුතු අතපසු කර නොගෙන පමා නොවී ක්‍රියා කරන්න. සියලු අඩුපාඩුකම්, අමතක කොට බැරිවීම් වැරැදීම් පසුගිය කාලයේ සිදුවුන දේ අමතක කොට ඉන් අත්දැකීම් ලබාගෙන ඉදිරිය නිවැරැදි කර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. මෛත්‍රී සිතිවිලි ඇතිව පහරදීම් පළිගැනීම් වලින් බැහැරව කටයුතු කරන්න. යම් ඉලක්කයකට එනවිට බාධාකළ පුද්ගලයන් කෙරෙහි වෛර සිතිවිලි ඇතිකර ගන්න එපා. වෙනත් අයෙකු තමන් පත් වූ අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගන්න එපා.