Monthly Archives: March 2015

මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි… පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාච…

මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි…

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ප්‍රභාමත් බෞද්ධ සංස්‌කෘතියක්‌ පිළිබඳ පුරාවිද්‍යා සාධක ඇසුරින් කථිකාවක්‌ ගොඩනගති.

කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා

රටේ ක`දුකර ජනාවාසවල විසු ජනතාව මිහි`දු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හ`දුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා.

ප්‍රශ්නය – බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්‌. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක්‌ පිළිගැනීමට තහවුරු කිරීමක්‌ අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද

පිළිතුර – ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක්‌ මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක්‌ බවයි. බෞද්ධ දර්ශනය යනු එක්‌ පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක්‌ නොව දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස්‌ මාලාවක සම්පිණ්‌ඩනයක්‌ ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස්‌ මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක්‌ තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක්‌ ලෙසයි ඔවුන් කල්පනා කළේ.

එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක්‌ වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක්‌ පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හ`දුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය ස`දහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක්‌ සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කර`ඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක්‌ කැණීමේදී සොයා ගන්නා ලද්දක්‌. එම ධාතුකර`ඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක්‌ කොටා තිබුණා. එම ධාතුකර`ඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි ස`දහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබ`ද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.

ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.

පිළිතුර – මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.

මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක්‌ තිබුණේ එකම අදහසයි. මිහි`දු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක්‌ කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.

අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක්‌ මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක්‌ කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක්‌ පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් ර`ඵ නිමාවක්‌ තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක්‌ දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය – මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ ලෙස ඔබ සලකනවාද?.

පිළිතුර – ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ නොවෙයි. මෙම කල්පිතය වඩාත් හො`දින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක්‌ කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ ස`දහා කටයුතු කිරීමට අදහස්‌ කරනවා. අනෙක්‌ කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.

අනෙක්‌ අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සු`ඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සු`ඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක්‌ කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

ප්‍රශ්නය- මිහි`දු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක්‌ කළ හැකි ද?

පිළිතුර – මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක්‌ මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක්‌ ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක්‌ නොමැති බවයි. ක`දුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක්‌ පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක්‌ නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.

ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක්‌ දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක්‌ අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබ`ද අදහස්‌ කිහිපයක්‌ මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම ස`දහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ ක`දුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබ`ද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පු`ඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක්‌ ගැන උනන්දු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. මේ ක`දුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට ක`දුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ ක`දුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ ස`දහන් කර තිබෙනවා.

ප්‍රශ්නය – අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද?. නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?

පිළිතුර- එය වැරදි අදහසක්‌. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ ඓතිහාසික සිද්ධියක්‌. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි “යෙ ඉමදිප පඨමය ඉදිය අගතන” යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්‌. මා මෙහිදී අදහස්‌ දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබ`දවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක්‌ අවශ්‍යයි.

භාග්‍යවතුන් වහන්සේගේ දහම මනුෂ්‍ය ප්‍රජාවද මූලික කර ගත් සියලු සත්වයන්ගේ නිවීම හෙව…

භාග්‍යවතුන් වහන්සේගේ දහම මනුෂ්‍ය ප්‍රජාවද මූලික කර ගත් සියලු සත්වයන්ගේ නිවීම හෙවත් අමා සැප පිණිසය. ධර්මාවබෝධය ලැබීමේදී මනුෂ්‍යයන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. එවැනි මනුෂ්‍ය ප්‍රජාව අතර සියලු දෙනාටම ධර්මාවබෝධය කර ගැනීමට නොහැකිය. ඒ එම එක් එක් පුද්ගලයාගේ පාරමි ගුණ සම්පූර්ණ නොවීමත් සමාධී ඵල මාර්ග සහ ප්‍රඥා ඵල සමාධි දියුණු නොකර ගැනීමත් නිසාය.

මෙම උතුම් ධර්මය අවබෝධය හෝ අනවබෝධය පිණිස හේතු වීමට පුද්ගල චරිත ලක්‍ෂණද බලපායි. එවැනි විවිධ ලක්ෂණ ඇති පුද්ගලයන් තුන්දෙනෙක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින්ම මෙසේ පෙන්වා දෙනු ලබයි.

“තයො”මෙ භික්ඛවෙ පුග්ගා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං කතමෙ තයො අවකුජ්ජ පඤ්ඤෝ පුග්ගලො, උච්ඡංග පඤ්ඤෝ පුග්ගලො පුථු පඤ්ඤෝ පුග්ගලො .”

“මහණෙනි, පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි දක්නට ලැබෙත්, ඒ කවර තුන් දෙනෙක් ද? අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයාය. උච්ඡංග පඤ්ඤ පුද්ගලයාය. පුථු පඤ්ඤ පුද්ගලයාය යනුවෙනි “

නැවතත්, භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන්ගෙන් එක් එක්කෙනා පිළිබඳව පැහැදිලි කර දේශනා කළ සේක.

පළමුව අවකුජ්ජ පුද්ගලයා කවර ආකාරයේ පුද්ගලයෙක්දැ’යි හඳුනා ගනිමු. “මහණෙනි, මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතොර ධර්මය ඇසීමට යන්නේ ද භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කර අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත, සම්පූර්ණ කළ ධර්මය දේශනා කරත්. පිරිසුදු කළ බඹසර මඟ පැහැදිලි කරති. හෙතෙම වාඩි වී සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. නැගිටී සිටින්නේ ද ධර්මයෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. මහණෙනි, යම් පරිදි යටිකුරු කළයෙක් වේද, වත් කරන ලද ජලය පෙරළේද, නතර නොවන් නේ ද, මහණෙනි, එපරිදිම මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක්, භික්‍ෂූන් වෙත ධර්මය ඇසීමට නිතොර යන්නේ ද භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ දහම් දෙසත් ද අර්ථ ව්‍යඤ්ජන සහිත දහම් දෙසත්, පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරත්. හෙතෙම ආසනයෙහි සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ආසනයෙන් නැගී සිටියේද මුල, මැද, අග මෙනෙහි නොකරයි. මහණෙනි, මේ අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ‘යි කියනු ලැබේ.”

මෙම අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ආරාමයට පැමිණෙයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරයි. ධර්මය දේශනා කරන කල්හි අසාගෙන සිටියි. නමුත් එම ධර්මය තේරුම් ගැනීමට උත්සාහ නොගනියි. අඩුම තරමේ පසුවුණත්, ඒ ස්වාමින් වහන්සේ හෝ ස්වාමින් වහන්සේ දේශනා කළේ කුමක්දැයි කියා බැලීමට ඔහුට ඕනෑ කමක් නැත. මෙවැනි පුද්ගලයන් කොපමණ ශාසනික පරිසරයෙහි හැසිරුණත් ධර්මය දකින්නේ නැත. ඒ පිරිසුදු ධර්මය දැක ගන්නට උත්සාහ ගන්නේ ද නැත. මේ නිසා එම පුද්ගලයෝ ලෝභ බහුල කොට ඇතිව ද, ද්වේෂය බහුලව ඇතිව ද මෝහය බහුලව ඇතිව ද වාසය කරති.

උතුම් වූ ධර්මය ඇසුරු කර ගනිමින් ‘තෘෂ්ණාව බැහැර කිරීම පිණිස හෙවත් “අත්හැරිම” පුරුදු කළ යුතු වුවත් මෙවැනි අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයෝ ‘මම’ ‘මම’ කියාම ‘අල්ලාගැනීම ‘ ම සිදු කරති. මේ නිසා තමා මෙන්ම අන් අයටද අසද්ධර්මයේ ආදීනව කැඳවා දෙති.

“අඥාන ජීවිතයේ කෙළවර දක්වාම නුවණ ඇති අයෙකු ඇසුරු කරන්නේ වී නමුත් හෙතෙම ධර්මය දැන නොගනී. ව්‍යඤ්ජණයන් හි රසය නොදන්නා හැන්ද මෙනි”යම් දිනෙක හැන්ද ගෙවී යනු ඇත. එනමුත් කිසිදා රසය හඳුනා ගන්නේ නම් නැත. ඔබගේ සිත් නොරිදාගෙන මෙම අදහස් පෙළ ගැන සිතා බලන්න. යම් කෙනෙක් කුඩා කල පටන් මහලු වයස දක්වාම සීල සමාදානයෙහි යෙදෙනු ඇත. එනමුත් සිතේ පවත්නා දැඩි ආශාව, තරහව, පලිගැනීම්, වෛරය, ගුණමකුකම්, අනුන්ගේ දොස් සෙවීම්, අන් අය පහත් කළ ගැරහීම් ආදි දුර්ගුණ අඩුවක් නැතිවම පවතී. එවැනි පුද්ගලයෝ අවකුජ්ජ පඤ්ඤ කොටසටම අයත් වෙති.

භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේශනා කළ සේක. “මහණෙනි, උච්ඡංග පඤ්ඤ පුද්ගලයා කවරේද යත්? මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත දහම් ශ්‍රවණය පිණිස නිතර ආරාමයට යන්නේ වෙයි. භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ අර්ථ සහ ව්‍යඤ්ජන සහිතව සියල්ලෙන් සම්පූර්ණ කළ ධර්මය දෙසත්ද පිරිසුදු කළ බ්‍රහ්මචාරි මඟ පවසත් ද හෙතෙම ආසනයෙහි හිඳ ඒ දේශනාවෙහි මුල, මැද , අග මෙනෙහි කරයි. ඒ ආසනයෙන් නැඟී සිටින්නේ ඒ දේශනාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි.මෙය යම් කෙනෙකුගේ ඉඟෙහි හෝ ඔඩොක්කුවෙහි තල, සහල්, අග්ගලා, ඩෙබර ආදි කෑ යුතුදේ පවතී. සිහිමුළාවෙන් නැඟිටින විට අර සියල්ලම බිමට වැටෙයි“ මෙවැනි පුද්ගලයා උච්ඡංග පඤ්ඤ පුද්ගල නම් වෙයි.

මෙම උච්ඡංග පඤ්ඤ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඉතාමත් මැනවින් ශ්‍රවණය කරයි. මෙම රාග, දෝස, මෝහ බැහැර කිරීමට හේතුවන දහමේ මුල, මැද, අග නම් වූ අවස්ථා තුනම මැනවින් තේරුම් ගනී. එනමුත් නැගිටින විට ඒ දහම් සියල්ලම අමතක කරයි. නැවතත් ඔහු හෝ ඇය හැසිරෙන්නේ පෙර පුරුදු පරිදිමය. ධර්මය ශ්‍රවණය කරන විට රාගයේ හෝ ලෝභයේ ඇති ආදීනව සහ එහි දුක් විපාක මැනවින් තේරුම් ගනී.

තරහව , වෛරය, ක්‍රෝධයේ ඇති ආදීනව සහ දුක් විපාක මැනවින් තේරුම් ගනී.මෝහය හෝ මුළාව ගැන කරුණු මැනවින් වැටහෙයි.සම්මුති ලෝකයේ “ මම, මගේ “ කියා පැවසුව ද පරමාර්ථ ධර්මයට මේ අනුව තමාවත් තමාට අයත් නැති බව වටහා ගනියි. මමවත් මම අයත් නැතිනම් “මගේ” කියා යමක් ලොවේ පවතින්නේ කෙසේද? මේ ලෙස දේශනාවේ මුල, මැද, අග අවස්ථාව තුනම අනිච්ච, දුක්ඛ,අනාත්ම නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කළ දැකීමට සමත් වේ. එනමුත් දේශනාව අසා නිවසට යන්නේ හෝ හැසිරෙන්නේ,පෙර තේරුම් ගත් ධර්මය මුළුමනින්ම අමතක කරමිනි. “ ධර්මය අසන විට නම් ඉතාම හොඳට වාඩිවෙලා අසාගෙන සිටියා. ඒ වුණාට දැන් නම් හැසිරෙන්නේ කිසිම ධර්මයක් දන්නේ නැති මනුස්සයෙක් විදියටයි” උච්ඡංග පඤ්ඤ පුද්ගලයන් ගැන එසේ අසන්නට ලැබේවි. සමාජයේ වැඩි පිරිසක් එවැනි පිරිස්දැයි ඔබම නුවණින් සිතා බලන්න.

භාග්‍යවතුන් වහන්සේ, පුථුපඤ්ඤ හෙවත් තුන්වන පුද්ගලයා පිළිබඳව මෙසේ දේශනා කරති. “මහණෙනි, මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත ධර්මය ඇසීමට නිතර යන්නේ වෙයි. භික්‍ෂූහු ඔහුට හෝ ඇයට මුල, මැද, අග යහපත් කළ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිතව සියල්ලෙන් සම්පූර්ණ කළ ධර්මය දෙසත්, පිරිසුදු බ්‍රහ්මචාරි මාර්ගය දේශනා කරත්. හෙතෙම ආසනයෙහි සිටින්නේ එම ධර්මයෙහි මුල, මැද, අග මැනවින් මෙනෙහි කරයි. ආසනයෙන් නැගී සිටියේත් ඒ දේශනාවෙහි මුලත්, මැදත්, අගත් මෙනෙහි කෙරෙයි. මහණෙනි යම් පරිදි උඩුකර කළ කළයෙක් වේද එහි වත්කරන ලද ජලය පවතීද පිටතද නොගළාද එපරිදිමය. මේ පුද්ගලයා වාඩිවී ධර්මය ශ්‍රවණය කරන විට මෙන්ම,දේශනාව කෙළවර නැඟී සිටියේත් මුල, මැද, අග මැනවින් මෙනෙහි කරයි. මේ පුථු පඤ්ඤ පුද්ගලය ය”

ගිහි හෝ පැවිදි හෝ වේවා සියලු බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වන්ගේ පරම අධිෂ්ඨානය විය යුත්තේ “ පුූථුපඤ්ඤ” නම් පුද්ගල ස්වභාවයට පත්වීමය.

තෙරුවන් සරණයි!

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද? මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛ…

මල් පුදන්නේ කුමට ද?
එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි.

මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.

උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය.

මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථූ පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස් කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.

***පහන් කීපයකින් ආලෝකවත් කළ හැකි චෛත්‍යමලු බෝමලු විහාරගෙවල සියගණන් පහන් දල්වා තෙල් නාස්ති කරන්නේ කුමට ද?

සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නා හට එක පහනක් පිදීමේ කුශලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුශලය ලැබේ. සැදැහැවත්හු බොහෝ පින් සිදුකර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති.

පින් පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත්හු මෙබඳු පින්කම් දැක සිත සතුටු කර ගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන් ද ප්‍රයෝජන ලබති. බාලයෝ ‘නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති’යි අනුන් කරන පින්කම්වලට සිත නරක් කර ගෙන මරණින් මතු අපා ගත වෙති. මල්ල රජුන් ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කර ගත්තා වූ අසූසය දහසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ඒ පවින් අපාගතවූ බව “ මිච්ඡාදිට්ඨිකා සමණස්ස ගොතමස්ස පරිනිබ්බුත කාලතො පට්ඨාස බලක්කාරෙන සාධු කිළිතාය උපද්දුතම්භ, සබ්බේ නො කම්මන්තා නට්ඨාති උජ්ඣායන්නා මනං පදොසෙත්වා ජලාසීති සහස්සමත්තා අපායෙ නිබ්බුත්තා” යනුවෙන් මහා පරිනිව¢ාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසොල් රජතුමා ගේ අසදෘශ දානය ගැන සිත දුෂණය කර ගත් කාල ඇමති එපවින් මෙලොවදී ම තනතුරෙන් පහවූ බව දම්පියාටුවාවෙහි දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධිරො ව දානං අනුමොදමානො
තෙතෙව සො හොති සුඛී පරත්ථ

අනුන් ගේ දීම්වලට ද කැමති නො වන තද මසුරෝ දෙව්ලොවට නො යන්නාහ. බාලයෝ දානයට ප්‍රශංසා නො කරන්නාහ. නුවණැත්තේ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ ය.

***බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිත කරන, ‘ බුද්ධං සරණං ගච්ජාමි’ යනාදි වාක්‍ය තුන ‘ මම බුදුවෙමි. මම ධර්‍මය වෙමි. මම සඟ වෙමි’යි තේරුම් කරති. එසේ තේරුම් කිරීම හරි ද?

‘ මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදු වී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින් නො වේ. ධර්මය යි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයට ය. කිසි කලෙක පුද්ගලයකුට ධර්මය විය නො හැකි ය. පුද්ගලයකුට ධර්මය නො විය හැකි බැවින් “ මම ධර්මය වෙමි” යි කීම කිසි තේරුමක් නැති උමතු කථාවකි. සංඝයාය කියනුයේ බුදුන් වහන්සේ ගේ පැවිදි පිරිසට ය. එක් එක් පුද්ගලයෙක් සංඝයා නො වේ. කවර ආකාරයකින්වත් එක් පුද්ගලයකුට පුද්ගල සමූහයක් නො විය හැකි ය. එබැවින් “ මම සඟ වෙමි” යි කීමත් කිසි ම තේරුමක් නැති උමතු කථාවෙකි. බුදුන් වහන්සේ අනුශාසකයාය, සංඝයා උන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ ය. “ බුදුවන්නේත් මම ය. සඟ වන්නේත් මම ය” යි කීම පියා වන්නේත් මම ය. මගේ පුතා වන්නේත් මම ය” යි කීම වැනි විහිළු කථාවෙකි.

මම බුදු වෙමි. මම ධර්මය වෙමි. මම සඟ වෙමි. මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කියයුත්තේ “ අහං බුද්ධෙධා හොමි, අහං ධම්මො හොමි, අහං සංඝො හොමි” කියාය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියා පාලියට නො පෙරළිය හැකි ය. මේ කාරණයෙන් ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහට වුවත් තේරුම් ගත හැකි ය.

මේවා මෙසේ වරදවා තේරුම් කරන්නවුන් විසින් එය කරන්නේ ඔවුන් ගේ නො දැනීමක් නිසා නොව කෛරාටිකකම නිසා ය. මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුළාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට, භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කොට තමන් ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමට ය.

***‘ බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේද?

එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනය යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නමැති අර්ථය දැක්වීමට ය. සරණ සමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නො ලැබේ.

බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ‘ ගච්ඡාමි’ යන වචනයෙන් කියැවෙන්නේ දැනගැනීමය. පිළිගැනීමය. සේවනය කිරීමය. භජනය කිරීමය යන අර්ථයෝ ය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක්ය කියා දැන ගනිමිය. සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙක්හි තේරුමත් එසේ ම සලකා ගත යුතු ය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතු ය. සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක්ය කියා දැන ගැනීම ය. පිහිටක්ය කියා සලකා ගැනීම ය. පිළිගැනීම ය.

බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදුවෙමිය කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යෙමිය කියා යන්නේ කොහි ද? ඉහළ යනවා ද? පහළ යනවා ද? හරහට යනවා ද? යනාදි ප්‍රශ්න අසා නූගතුන් මුළා කෙරෙහි “ නූගත් අසරණයෝ මූළාවී ඔවුන් ගේ ශ්‍රාවකයෝ වෙති.

බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීිලය ය. බුද්ධං සරණං ගච්ඡාමි යානාදි පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමට ය. සරණ ශිලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයා ය කියන්නේ ද ඔහුට ය. බුද්ධාදි රත්නත්‍රය තමා ගේ පිහිට ලෙස නො පිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔවුහු බෞද්ධයෝ නො වෙති.

බුදු නො වන ධර්‍මය නො වන සංඝයා නො වන තැනැත්තකු මම බුදු වෙමිය මම ධර්‍මය වෙමිය මම සඟ වෙමිය යි කීම නිකම් ම මෝඩ කථාවකි. මෙම බුදු වෙමිය ධර්මය වෙමිය සඟ වෙමිය යි කොතෙක් කීවත් එයින් ඒ තැනැත්තා බුදුවන්නේත් නැත. ධර්මය වන්නේත් නැත. සංඝයා වන්නේත් නැත. එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයකු වීම පමණෙකි. කෛරාටිකයන් ගේ කියුම්වලට රැවටී එබඳු මෝඩකම් නො කෙරෙත්වා!
.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල
මහ නාහිමි

ලද දෙයින් සතුටු වීමේ සරල චාම් දිවි පෙවෙත බෞද්ධ අන්‍යතාවය විදහා දක්වන සුවිශේෂි ගු…

ලද දෙයින් සතුටු වීමේ සරල චාම් දිවි පෙවෙත බෞද්ධ අන්‍යතාවය විදහා දක්වන සුවිශේෂි ගුණ ධර්මයක්. නමුත් නො සංසිඳෙන ආශාවන් පසුපස හඹා යන වත්මන් ලෝකයෙන් ලද දෙයින් සතුටු වෙමින් සැපසේ වාසය කිරීමේ වාසනාව වේගයෙන් තුරන් වී යන සෙයකි. මෙය බෞද්ධ අපගේ ජීවිතවල සිදු වූ විශාල පරිහානියක් බව අප කවුරුත් තේරුම් ගත යුතු කරුණකි. ඒ ලද දෙයින් සතුටුවීම යම් සමාජයක් තුළින් තුරන් වී ගිය කළ එහි නොයෙකුත් අර්බුද, ගැටලු සහගත දෑ සිදුවීම නො වැළැක්විය හැකියි. අපට හැඟෙන ලෙසට වත්මන් ලෝකය බොහෝ සෙයින් කතාකරන ශීඝ්‍ර ගුණ ධර්ම පරිහානියට ප්‍රබලතම හේතුවක් වෙන්නේ මෙය යි.

තමන් නො ලද අන් අය භුක්ති විඳින කාමයන් කෙරෙහි ලොබ බැඳගත් කළ බොහෝ දෙනා කටයුතු කරන්නේ යහපත, අයහපත පිළිබඳව වගක් නො මැතිව ය. අප හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලෝකයේ නොයෙකුත් හොරකම් සිදුවන්නේ තමන්ට නො මැති අනුන් සතු දේට ආශා කිරීම නිසා නේ ද? එමෙන්ම බොහෝ අවස්ථාවල දෙදරා ගිය පවුල් ජීවිත ගැන ගත්තොත් බොහෝ විට ඊට හේතු වී ඇත්තේ ස්වාමියා, බිරිඳ ඉක්මවා එහා ගිය සදාචාර විරෝධි අසම්මත සම්බන්ධකම් ය. ඒ විතරක්ද නොවෙයි. අනුන්ගේ දියුණුවට අකුල් හෙළන යම්තාක් අකටයුතුකම් පවතීද ඒ සෑම දෙයකට ම මුල තමා ලද දේ පිළිබඳව සතුටට පත්වීමට නො හැකියාව හා ඒ දේවල් අනුන් ලබා ගැනීම දරා ගැනීමට නො හැකිවීම යි. මේ අනුව ලද දෙයින් සතුටට පත්වීමට නොහැකි බව සමාජයට සිදුකර ඇත්තේ සුළුුපටු විනාශයක් නො වේ.

ඒ වගේම ලද දෙයින් සෑහීමට පත්වීමට නො හැකි තැනැන්තා විශාලතම හානිය කර ගන්නේ තමාට යි. එනම් කිසිදාක තෘප්තියකට පත්වීමට නො හැකිවීම තුළින් උපදිනා මානසික පීඩනය යි. එමෙන් ම නො ලද දේ තමන් සතු කර ගැනීම පිණිස දරණ වෑයමේ දී සිදුවෙන නො යෙකුත් අකුසල් හේතුවෙන් මෙ ලොවදී ත් පරලොව දී ත් විඳින්නට සිදුවන දුක් විපාක නො දැනයි. එ නිසාම ඒ බොහෝ දෙනාට මරණයට පත්වන්නට සිදු වන්නේ සන්තර්පණය කර ගැනීමට නො හැකි වූ බොහෝ ආශාවන් පොදි බැඳගෙන මිය යන්න යි.

”රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකයම ජය ගත්තත් ඔහුට තෘප්තියක් නැහැ. ඔහු කැමති යි සාගරයෙන් එතෙර තිබෙන රටත් රජ කරන්න. ඒ රජුත්, අනෙක් බොහෝ මනුස්සයනුත් මරණයට පත්වෙන්නේ තණ්හාව දුරු නො කරමයි. ජීවිතය අත්හරින්නේ ඌණත්වයට පත් වෙලාම යි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නෑ මයි” කියා රට්ඨපාල මහරහතන් වහන්සේ වදාළා.

එසේ නම් ලද දෙයින් සතුටුවීමට නො හැකි පුද්ගලයාට ලෞකික ජීවිතයේ පවා හිමිවන්නේ අතෘප්තිය පමණ යි. එසේ නම් අත්හැරීම කේන්ද්‍ර කරගත් බුදු සසුනක පිහිට පිළිසරණ ඔහු කෙසේ ලබන්න ද? එ නිසාමයි මේ බුද්ධ ශාසනය ලද දෙයින් සතුටු වන කෙනා උදෙසා පමණක් වෙන්නේ (සන්තුට්ඨිස්සායං භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස) මහණෙනි, මාගේ මේ ධර්මය තියෙන්නේ ලද දෙයින් සතුටු වන කෙනාට යි. ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට නම් නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු බුදු සසුනේ මහ පුරුෂයන් බිහිකරන මහා පුරුෂ විතර්කයක් බවයි. එ මෙන්ම නිවන පිණිස උපකාර වන්නා වූ දස කතාවේදී ද ‘’සන්තුටිඨි කතාවම” දක්වා ඇත්තේ එය නිවන් මගට එතරම් ම උපකාර වන බැවිනි.

එ නිසා බුදුරජාණන් වහන්සේ නිතර නිතර ස්වාමීන් වහන්සේලාට අවවාද කළේ ලැබුණු සිවුරකින්, ලද පිණ්ඩපාතකින්, ලද කුටියකින්, ලද ගිලන් පසකින්, ලද බෙහෙතකින් සතුටු වෙමින් හංසයන් මෙන් නිදහස් ජීවිතයක් ඇතිකර ගන්නා ලෙස යි.එයට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ලද දෙයින් සතුටු වුණේ නැත්නම් ඒ කෙනාට නොයෙක් කුහකකම් ඇතිවන බව යි. ඒ වගේම නො ලද දේ ලබා ගැනීම පිණිස නැති ගුණ පෙන්වීමට සිදුවන බවයි. කැමැති දේවල් නො ලැබෙන්නේි නම් මිථ්‍යා ආජීවයෙන් හෝ ඒ දේවල් ලබා ගැනීමට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. එතකොට බලන්න. ලද දෙයින් සතුටු නොවීම අපේ ධර්ම මාර්.යට කොතරම් නම් අනතුරක් සිදු කරනවා ද? ඒ වගේම නො සංසිඳුණු ආශාව අපේ සාමාන්‍ය ජීවිතයේ සතුට පවා නැති කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලද දෙයින් සතුටුවීමේ හැකියාව උපදවා ගැනීම පිණිස අප්‍රමාදීවන්න කියලා.

ඒ උතුම් ගුණධර්මය බුදුරජාණන් වහන්සේගේි ජීවිතය තුළ රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ උපරිමයෙන් පිහිටා තිබුණා. ඒ නිසයි උන්වහන්සේලා කටුක වූ ආහාර වළඳා නමුත්, ගස් සෙවනක වාසය කරමින් නමුත්, ඉවත ලන රෙදි කඩකින් කළ සිවුරක් පරිහරණය කළ නමුත් පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කළේ. බුද්ධ ශාසනය යනු ලද දෙයින් සතුටුවීමේ ගුණයේ ආශ්චර්යය ලෝකයාට කියා පාන්නක්. ඒ ගුණධර්ම අදට ද ලොව මවිත කරයි.

එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන ය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.

එහෙමනම් අද අප පතමින් යන්නේ ඔච්චම් කළ යුතු ආශාවන් පසුපස නේද?නමුත් කෙතරම් රස මසවුළු අනුභව කරමින් ගියත් දිවට දැනෙන රසය සම්බන්ධයෙන් අප අදටත් අතෘප්තිමත්. ඒව අතෘප්තිය මරණ මොහොත දක්වා ම දිවෙන්නකි. පංච කාමයන් සම්බන්ධයෙන් ම තත්ත්වය එසේම ය.එසේ නම් අපට පැහැදිලියි ජීවිතයේ සතුට සැනසුම රඳා පවතින්නේ නො ලද කාමයන් පසුපස හඹායාම තුළින් නොව, ලද දෙයින් සතුටු වෙමින් ගෙවන සරල දිවි පැවැත්මෙනි.

ඒ වගේම ගෞතම බුදුසසුන තුළ ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් සෝභමානව සුදිලුණු මහා කස්සප මහරහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක ගුණ වර්ණනා කළේ මෙසේයි. “පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබුණු සිවුරකින් සතුටු වෙනවා. ඒ වගේම ලැබුණු සිවුරකින් සතුටු වෙන්ට පුළුවන්කම ගැන ගුණ වර්ණනා කරනවා. සිවුරක් නිසා නො ගැළපෙන දේවල් කරන්න යන්නේ නැහැ. සිවුරක් නො ලැබුණා කියලා තැවි තැවී ඉන්නේ් නැහැ. සිවුරක් ලැබුණොත් එයට ගිජු වෙන්නෙත් නැහැ.එයින් මුසපත් වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ආශාවෙන් බැස ගන්නෙත් නැහැ. ඒ සිවුරේ අනිත්‍ය බව නම් වූ ආදීනවය දකිමින් එහි නො ඇලෙන නුවණින් යුක්තවමයි එය පරිහරණය කරන්නේ (කස්සප සංයුත්තය)

ඔබත් ඒ ආකාරයට කල්පනා කොට ලද දෙයින් සතුටු වන කෙනෙක් බවට පත්වුණොත් ඔබේ ජීවිතය දිනෙන් දින සුවපත් වන ආකාර ය ඔබ ට ම පසක් වේවි’ නො සංසිඳෙන ආශාව පසුපස හඹායෑමෙන් ඇතිවන අමිහිරි වූ විඩාව, අතෘප්තිමත්භාවය ඔබ කෙරෙන් පහව යනු ඇත. එවිට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ බුදු වදන ඔබ උදෙසා වනු ඇත. එය ඔබ බුදු සසුනේ මහා පුරුෂයෙක් බවට පත්වීමට සුදුසුකම් ලද්දෙකි.

තෙරුවන් සරණයි!

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!