
සියලු දෙනාට තෙරුවන් සරණයි via Facebook Pages http://ift.tt/1GMS4Lf
සියලු ම මහාබෝධිසත්ත්වයන්ට සාධාරණ ධර්මතා ගණනක් ඇත්තේ ය. නිමිති සතර දැක දරුවකු ලැබූ පසු පැවිදිවීම ද එක් ධර්මතාවෙකි. එබැවින් සිද්ධාර්ථ කුමාරයන් විසින් භාර්‍ය්‍යාවක් පාවා ගැනීම නො වැරදී ම සිදුවිය යුත්තකි. බුද්ධත්වයට පැමිණිමෙන් පසු කරන වැඩවලට භාර්‍ය්‍යාවන් දූ දරුවන් ලබා තිබීම ප්‍රයෝජනවත් ය. දරුවකු ලැබීමෙන් පසුව පැවිදිවීම ධර්මතාවක් වී ඇත්තේ ඒ නිසා විය හැකි ය. බුදුවරයන් ලොව පහළ වන්නේ සත්ත්වයන් සංසාර දුඃඛයෙන් මිදවීම පිණිස ය. සත්ත්වයන් සංසාරයෙහි ගැලී සිටින්නේ තණ්හාව නිසා ය. තථාගතයන් වහන්සේ ඔවුන් නිවන් මඟට ගන්නේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය දේශනා කොට කාමයන් පිළිබඳව ඔවුනට ඇති තණ්හාව තුනී කිරීමෙනි.
“පුත්තභරියං භික්ඛවෙ! ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙලකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවලවං ජාතිධම්මං, ජාත රූප රජතං ජාති ධම්මං, ජරා ධම්මං, ව්‍යාධි ධම්මං, මරණ ධම්මං, සොක ධම්මං, සංකිලෙස ධම්මං.”
යනාදීන් තථාගතයන් වහන්සේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය නිසරු බව දේශනය කරන සේක. ඒ ධර්මය අසා බොහෝ පින්වත්හු කාමයන් ගැන කලකිරී භාර්‍ය්‍යාවන් හැර, දූ දරුවන් හැර, නෑමිතුරන් හැර, මහාධනස්කන්ධයන් හැර, පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නාහ. බුදුරජාණන් වහන්සේ පුත්‍ර භාර්‍ය්‍යාවන් හැර පැවිදි වූවකු නො වන සේක් නම්, ධර්මය අසන්නවුන්ට “මුන් වහන්සේටත් සුන්දර කාන්තාවක් සිටියා නම් දරුවකු සිටියා නම් මෙසේ අඹුදරුවන් හැර දැමීමට අනුශාසනය නො කරන්නාහ. කාමරසය ලබා නැති නිසා ම මුන් වහන්සේ කාමයන් ගේ දෝෂයන් දේශනය කරන්නාහ” යි සිතා ඇතමුන්ට ඒ ධර්මය නො පිළිගන්නට ද ඉඩ තිබේ. තථාගතයන් වහන්සේ අඹුදරුවන් හැර පැවිදි වූ කෙනකුන් වන කල්හි ධර්මය අසන්නවුන්ට සැක ඇති නො වේ. එය භාර්‍ය්‍යාවක් සරණ කර ගෙන දරුවකු ලැබීමෙන් පසු පැවිදි වීමේ විශේෂ ප්‍රයෝජනය සැටියට සැලකිය යුතු ය. ආදර්ශය දීමත් එහි එක්තරා විශේෂ ප්‍රයෝජනයෙකි. තමන් නො කළ දෙයක් අනුන්ට කරන්නට කීවාට එය ඒ තරමට අන්‍යයෝ ගණන් නො ගනිති.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/t9Yxtt via Facebook Pages http://ift.tt/1GMS4Lf
පින්වත් මහණෙනි,යම් සත්ව කෙනෙක් මධ්‍යහ්නයෙහි කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්,වචනයෙන් යහපතෙහි හැසිරෙනවානම්,මනසින් යහපතෙහි හැසිරෙනවානම්,
පින්වත් මහණෙනි,ඒ සත්වයන් හට එය සුභ දහවලකි.
පින්වත් මහණෙනි,යම් සත්ව කෙනෙක් සවස් වරුවේ කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්,වචනයෙන් යහපතෙහි හැසිරෙනවානම්,මනසින් යහපතෙහි හැසිරෙනවානම්,
පින්වත් මහණෙනි,ඒ සත්වයන් හට එය සුභ සන්ද්‍යාවකි.
උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනැවින් පුදන ලද දානයක් ඇද්ද,
ඒ දන්දෙන වෙලාව තමයි සුභ නැකත,සුභ මංගල්‍යය,සුභ උදෑසන,සුභ නැගී සිටීම,සුභ මොහොත,සුභ මුහුර්තිය.
ඇසුර අංගුත්තර නිකාය තික නිපාතය via Facebook Pages http://ift.tt/1GMS4Lf
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
’’බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.’’
’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf
පාංශු යන්නෙහි සිංහල තේරුම වන්නේ පාංශු යනු පස් යන්නයි. කුල යනු පිළිකුල් යන්නයි. එබැවින් පස්‌වලට දිරායන පිළිකුල් වූ රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස සලකන අතර සමහර තැනකදී මෙහි වෙනත් අර්ථයක්‌ද ලබාදී ඇත. පාංශු පස් – කුල – මුදුන සොහොන් බිම් ආදී තැන්වල මළමිනී ඔතා දමා මුඳුන් වී තිබෙන රෙදි කැබැල්ල යන අරුත ගෙනදෙයි. කෙසේ වෙතත් පිළිකුල්වී පසට දිරායන රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස හැඳින්වීම අර්ථාන්විතය. එමෙන්ම නිවැරදිය. මෙලෙස පිළිකුල් කොට අහකට දමා දිරායන පාංශුකූල වස්‌ත්‍ර 23 ක් චීවර හෙවත් සිවුරු මැසීමට සුදුසු බව විශුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුත් මෙම පාංශුකූල වස්‌ත්‍ර 23 න් එකකින්වත් මැසූ සිවුරු ලොවෙහි සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් අඳිනවාද යන්න අපි නොදනිමු. බුද්ධ දේශනාවට අනුව, බුදු දහමට අනුව විනයට අනුව සුදුසුම චීවර පූජාවට කැප එම පාංශුකූලික වස්‌ත්‍ර මොනවාදැයි අප විශුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරෙන් දැන ගනිමු. එම පාංශුකූලික වස්‌ත්‍ර 23 මෙසේය.
1. සොහොනෙහි දැමූ වස්‌ත්‍රය(- මළමිනී ඔතා දැමීමට යොදාගත් හෝ මළමිනියට පෙරවූ රෙද්ද.
2. වෙළෙඳ සල් කඩපිල් ආදියෙහි දැමූ රෙද්ද(- බඩු බාහිරාදිය වැසීමට හෝ ඒවා වෙළෙ¹ම් කිරීමට බිම අතුරා දමන ලද රෙද්ද.
3. නගර වීදිවල විසිකරන ලද රෙද්ද(- සමහරවිට අමතකව දමාගිය හෝ අපවිත්‍ර බවට පත්වූ නිසා නගරයේ විසිකර දමා ඇති රෙද්ද.
4. කුණු ගොඩෙහි දමන ලද රෙද්ද(- ප්‍රයෝජනයට නොගෙන යම් යම් අඩුපාඩු නිසා ඉවත දමා ඇති වස්‌ත්‍රය.
5. වැදූ ස්‌ත්‍රීන්ගේ ගැබ්මල පිස දැමූ වස්‌ත්‍රය(- දරුවන් ප්‍රසූත කිරීමේදී රුධිරය ආදී අපවිත්‍ර දෑ ගෑවුණු හෙයින් අහකට දමා ඇති වස්‌ත්‍රය.
6. යකදුරන් විසින් ඉවතට දමන ලද වස්‌ත්‍රය(- යකදුරන් තොවිල් ආදිය සිදු කිරීමෙන් පසු ආතුරයන් නහවා පිස දමා විසික්‌කරන ලද රෙදිකඩ.
7. ස්‌නානය කරන විට ඇඳ සිට ඉවත දැමූ වස්‌ත්‍රය(- යමෙකු ස්‌නානය සඳහා යොදාගෙන ඉවත දමන ලද රෙදිකඩ.
8. සොහොනට ගිය අයවලුන් විසින් ඉවත දමන ලද වස්‌ත්‍රය(- සොහොනට ගිය අය කිළි කුණු යැම සඳහා ස්‌නානය කොට ඇඟපත පිසදමා ඉවත දැමූ රෙදිකඩ.
9. ගින්නෙන් දැවුන රෙදිකඩ(- යම්කිසි හේතුවක් නිසා ගින්නකට හසුවී දැවී පිළිස්‌සීම නිසා ඉවත දමා ඇති රෙදිකඩ.
10. ගව – මුව ආදීන් විසින් කා දමන ලද රෙදිකඩ(- ගවයන්, මුවන් ආදී සතුන්ට හසුව උන් විසින් හපා දැමූ නිසා ඉවත දැමූ වස්‌ත්‍රය.
11. වේයන් කෑ රෙදිකඩ(- වේයන් විසින් කා දමා ඉවතට විසිකරන ලද වස්‌ත්‍රය.
12. පලුදු වූ වස්‌ත්‍රය(- රෙද්දේ කොන් ආදිය පලුදුවී කැඩී යැමෙන් ඉවතට දමන ලද රෙදිකඩ.
13. මීයන් කෑ වස්‌ත්‍රය(- මීයන් විසින් සපා කෑ නිසා අසුභ ලෙස සලකා ඉවත දැමූ රෙදිකඩ.
14. දහවල් කාලයේ කැඩී ඉරී ගිය වස්‌ත්‍රය(- යම් කටයුත්තකට ගෙන දහවල් කාලයේදී එම වස්‌ත්‍රය ඉරීගොස් අහකට දැමූ රෙදිකඩ.
15. නැව් ආදී ජලයාත්‍ර වලින් හැර ගිය ධජ වැනි රෙදි(- නැව් ආදී යාත්‍රා වලින් විවිධ දේශයනට ගොස් වෙළහෙළ¹ම් කරන අය විසින් නැව්තොට වල ධජ කොඩි ආදිය ලෙස එල්ලා තබා අහක දමා යන වස්‌ත්‍ර.
16. තුඹස් වටකොට එල්ලා තැබූ රෙදි(- විවිධ උත්සව ආදී අවස්‌ථාවලදී එම ස්‌ථානවල තිබෙන තුඹස් ආදිය කඩා බිඳ නොදමා ඒවා නොපෙනෙන්නට රෙදි වලින් ආවරණය කළ පසු අප්‍රයෝජනවත්ව අහක දැමූ වස්‌ත්‍ර.
17. පැවිද්දන් දුන් වස්‌ත්‍ර(- තවුස්, පැවිදි ආදී පිරිස් තමාට ලැබී වෙනත් අයට පිරිනමන ලද රෙදි.
18. රජුන් අභිෂේක කළ තැන දැමූ රෙදි(- රජකෙනෙකු ඔටුනු පළඳවා අභිෂේක කළ තැන එම කටයුතු කර අවසානයේ ඉවත දැමූ රෙදි.
19. ඒහි භික්‌ඛු පැවිද්දෙන් ලබන චීවරය(- බුදුරජාණන් වහන්සේ නමක් විසින් ඒහි භික්‍ෂු පැවිද්දෙන් ලබාදෙන චීවරය.
20. මාර්ගයෙහි වැටී තිබෙන වස්‌ත්‍රය(- මහ මාර්ග අතුරු මාර්ග ආදියෙහි වැටී තිබෙන්නාවූ රෙදි.
21. සුළඟේ ගසාගෙන ආ වස්‌ත්‍රය(- කොයි තැනක හෝ තිබී සුළඟට ගසාගෙන අවුත් අහුලාගත් වස්‌ත්‍රය.
22. දෙවියන් දෙන ලද වස්‌ත්‍රය(- දෙවියන් විසින් යමෙකුට පිරිනමන ලද රෙදිකඩ.
23. මුහුදෙන් ගොඩ දැමූ වස්‌ත්‍රය(- නැව් ආදියෙන් වැටීමෙන් එහි සිටින අය විසිකර දමා මුහුදේ ගසාගෙන අවුත් වෙරළට ගොඩ ගසාගෙන අවුත් ඇති රෙදි කඩ.
මේ ආදී වස්‌ත්‍ර භික්‍ෂුන් වහන්සේලා සිවුරු මසා ගැනීමට සුදුසු පාංශුකූලික වස්‌ත්‍රය එහි භික්‍ෂු භාවයෙන් සහ දෙවියන් ගෙන් ලැබුණ වස්‌ත්‍ර දෙක හැර අනෙක් වස්‌ත්‍ර සොයා ගැනීම අපහසු නැත. එවැනි රෙදිවල කොටස්
රැගෙන සකසා ගන්නා සිවුරු පාංශුකූලික සිවුරු ලෙස බුදුරජාණන් වහන්සේ මහා සංඝයාගෙන් ප්‍රයෝජනය සඳහා සුදුසු බව වදාළ සේක.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට සිවුරු පරිහරණය කිරීමට පෙන්වා දුන්නේ තම තමන්ගේ වටිනාකම තත්ත්වය, බලය, ධනය පෙන්වීම සඳහා නොවන අතර උන්වහන්සේලාට සීත, ඌෂ්ණය, මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වීම, වාතය, සර්ප කොටස් වලින් සිදුවෙන අතුරු ආන්තරාවලින් මිදී අඟපසඟ නිසි සේ වසාගෙන සියලු කල්හි ලැඡ්ජාබිය සහිතව සුවසේ ප්‍රිය මනාපම හැසිරෙන්නටය. මේ පිළිබඳවද විසුද්ධි මාර්ගයේ මනාව පැහැදිලි කර ඇත.
.
අහුන්ගල්ලේ
දේ.සූ.ද සොයිසා
උපුටා ගැනීම මුදුන පිටුවෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf