Monthly Archives: October 2016

New photo from Facebook October 05, 2016 at 12:00PM

කාලදාන සූත්‍රය -> http://ift.tt/2dqExRR

’’මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නාවූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්, ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්‍ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය’’ යි වදාළ සේක.
’’ප්‍රඥා ඇත්තාවූ, ප්‍රත්‍රිග්‍රාහකයන්ගේ වචන දන්නාවූ, පහවූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජුවූ, තාදී ගුණයෙන් යුක්තවූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ.
’’විශෙෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. යම් කෙණෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද?
’’එයින් දක්‍ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්. යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද,
’’එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්‍වයන්ට පිහිට වෙත්ය’’ යි වදාළ සේක.
————

‘‘පඤ්චිමානි, භික්ඛවෙ, කාලදානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති; ගමිකස්ස දානං දෙති; ගිලානස්ස දානං දෙති; දුබ්භික්ඛෙ දානං දෙති; යානි තානි නවසස්සානි නවඵලානි තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච කාලදානානී’’ති.

‘‘කාලෙ දදන්ති සප්පඤ්ඤා, වදඤ්ඤූ වීතමච්ඡරා;
කාලෙන දින්නං අරියෙසු, උජුභූතෙසු තාදිසු.

‘‘විප්පසන්නමනා තස්ස, විපුලා හොති දක්ඛිණා;
යෙ තත්ථ අනුමොදන්ති, වෙය්‍යාවච්චං කරොන්ති වා;
න තෙන දක්ඛිණා ඌනා, තෙපි පුඤ්ඤස්ස භාගිනො.

‘‘තස්මා දදෙ අප්පටිවානචිත්තො, යත්ථ දින්නං මහප්ඵලං;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති. ඡට්ඨං; via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 04, 2016 at 09:01PM

වරක් පන්සිල් සමාදන්වූවකු ගේ ශීලය සිකපදයක් කැඩෙන තුරු කොතෙක් කල් හෝ පවත්නේ ය. ඒ නිසා නැවත පන්සිල් සමාදන් වුවත් නුවූවත් සිකපද කැඩෙන තුරු ඔහු සිල්වතෙකි. ශීලය නො බිඳී ඇතත් සිල් රක්නා පුද්ගලයාහට ශීලමය කුශලය නිරන්තරයෙන් සිදුවන්නේ නො වේ. ශීලමය කුශලය සිදුවන අවස්ථා දෙකක් ඇත්තේ ය. එකක් නම් සිල් සමාදන් වන අවස්ථාව ය. සිකපද සමාදන් වන්නා වූ අවස්ථාවෙහි සිකපද සමාදන් වීම් වශයෙන් බොහෝ කුශල් සිත් ඇති වේ. අනික නම් ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වළක්නා අවස්ථාව ය. පාපයෙන් වැළකීමය කියන්නේ ප්‍රාණඝාත පාප ක්‍රියාවක් කරන්නට වුවමනා වී ඇතිවිට එය නො කර හැරීම ය.

පන්සිල් සමාදන්ව ඉන්නා තැනැත්තා ප්‍රාණඝාතාදි යම්කිසි පාපක්‍රියාවක් කරන්නට වුවමනා වූ විටෙක තමා සමාදන්ව ඉන්නා ශීලය ගැන සලකා එයින් වළකිනවා නම් ඒ අවස්ථාවල දී පාපයෙන් වැළකීම් වශයෙන් ඔහුට බොහෝ කුශල් සිත් ඇති වේ. ශීලය නො බිඳී ඇත ද අන් වැඩවල යෙදෙන්නා වූ අවස්ථාවල දී හා නිකම්ම ඉන්නා අවස්ථාවලදී ද ශීලමය කුශලය ඇති නො වේ. ශීලය නො බිඳී ඇතියකු විසින් වුව ද නැවත සිල් සමාදන් වෙනවා නම් ඒ අවස්ථාවේදී ද ඔහුට බොහෝ කුශල් සිත් ඇති වේ. නැවත නැවත ශීලමය කුශලයන් ඇතිවීම නැවත නැවත සිල් සමාදන් වීමේ ප්‍රයෝජනය ය. ඇතැම් අතිපණ්ඩිතයන් “වරක් සමාදන් වූ ශීලය ඇති නම් නැවත නැවත සමාදන් වන්නට වුවමනා නැත. එයින් ප්‍රයෝජනයක් නැතය” කියන්නේ ඔවුන් කුශලාකුශල විභාග නො දන්නා බැවිනි. දිනකට කීවරක් පන්සිල් සමාදන් වුවත් වැඩක් මිස එයින් කාටවත් වන අවැඩක් නැත.

යම්කිසි උසස් වැඩක් කරන්නට යාමේදී පන්සිල් සමාදන් වී එය කිරීම බෞද්ධ චාරිත්‍රයෙකි. ඒ බෞද්ධ චාරිත්‍ර‍ය අනුව යම්කිසි කටයුත්තකට රැස් වූ ජනයා පන්සිල් සමාදන් වන කල්හි අපට පන්සිල් ඇතය කියා කෙනකු දෙදෙනකු පන්සිල් සමාදන් නො වනවා නම් එය භේදයට කරුණකි. ඒ නිසා එබඳු තැන්වල දී සැම දෙනා කරන දෙය, නො කර, බලා සිටීම යහපත් ක්‍රියාවක් නො වන බව කිය යුතු ය. අත්තුක්කංසන වශයෙන් එසේ කරනවා නම් එය වඩාත් නරක බව කිය යුතු ය.

මනුෂ්‍යයා සැම කල්හි ම සිහියෙන් යුක්ත නො වන බැවින් වරක් පන්සිල් සමාදන් වූවහුට එය අමතක වන්නට ද බැරි නැත. නැවත නැවත සමාදන් වන කල්හි ශීලය අමතක නො වේ. එයත් නැවත නැවත පන්සිල් සමාදන් වීමේ එක් ප්‍රයෝජනයෙකි. ශීලමය කුශලය නැවත නැවත ඇතිවීමටත්, ශීලය අමතක නො වීමටත් දිනකට වරක් වත් පන්සිල් සමාදන් වීම සැම දෙනාට ම හොඳ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/t9Yxtt via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 04, 2016 at 12:00PM

“දුෂ්කර අවස්ථාවෙත් පින් කිරීම උතුම්”
මෙණ්ඩක සිටුතුමාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ භද්දිය නගරයෙහි ජාතියා වනයේ.භික්ෂු සංඝයා පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිමින් පිළිවෙලින් අංගුත්තරාප ජනපදය තෙක් වැඩියා.

ඒ ජනපදයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් සිටුවරයෙක් වාසය කළා.එතුමාගේ බිරිඳ චන්දපදුමා නමින් ප්‍රසිද්ධව සිටියා.ධනංජය සිටුතුමා යනු එතුමාගේ පුතයි.සුමනා දේවිය යනු ලේළියයි.විශාඛා නමින් මිණිබිරියක් සිටියා.පුණ්ණ නමින් දාසයෙක් සිටියා.

බුදුරජාණන් වහන්සේ මේ සියලුදෙනාම සෝවාන් වීමට පින් ඇති අය බව බුදු ඇසින් දැක්කා.ඒ නිසයි භද්දිය නගරයට වැඩම කළේ.

මේ සිටුවරයාට මෙණ්ඩක යන නම ලැබුණේ හරි පුදුම විදිහටයි.අමුණු තිස් දෙකක පමණ බිම් පෙදෙසක අලියෙකුගේ, අශ්වයෙකුගේ, ගොනෙකුගේ උස ප්‍රමාණයෙන් යුතු රන් බැටළුවෝ පොළොව පලාගෙන මතු වුණා.පිටෙන් පිට පහර දෙමින් මතු වුණා.ඒ රන් බැටළුවන්ගේ මුඛයෙහි පස් පැහැයෙන් යුතු නූලෙන් ගෙතූ පන්දු තිබුණා.ගිතෙල්, මී පැණි ආදිය වේවා, ඇඳුම් පැළඳුම් වේවා, රන් රිදී ආභරණ වේවා, ඕනෑම දෙයක් අවශ්‍ය වූ විට කරන්නට තියෙන්නේ ඒ බැටළුවන්ගේ මුවෙහි ඇති පන්දුව අයින් කරන එකයි.එතකොට දඹදිව වැසියන්ට ඇති තරම් වුවමනා දේවල් ඒ බැටළුවන්ගේ මුවින් ගලනවා.ඒ නිසයි සිටුතුමාට මෙණ්ඩක සිටු යන නම ලැබුණේ.මෙණ්ඩක කියන්නේ බැටළුවාටයි.

මේ සිටුතුමාට මෙතරම් වස්තුව පොළොවෙන් පහළ වුණේ පෙර සසරේ කරපු පිනක් නිසයි.විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මොහුගේ නම අවරෝජ.මොහුගේ බිරිඳගේ පියාගේ නමත් අවරෝජ.

දිනක් මොහුගේ මාමා විපස්සී බුදුරජුන්ට ගන්ධ කුටියක් කරන්නට පටන් ගත්තා.

“අනේ මාමේ….මමත් මේකේ හවුල්කාරයෙක් වෙන්නද…?”

“නෑ…නෑ…කවුරුවත් හවුල් වෙන්නට ඕනෑ නෑ…මං මේක කරන්නේ කාටවත් කරන්න බැරි විදිහටයි.ඒ නිසා තනියම කරන්නම්….”

‘මේ ගන්ධ කුටිය කළාට පස්සේ මෙතැනම කුඤ්ජර නමින් ශාලාවක් කරන්නට ඕන…’ කියලා වනයට ගියා.ලී දඬු සකසාගෙන ආවා.ඒ සෑම ලී කණුවක්ම කැටයම් කළා.ඇතැම් කණු රිදියෙන් කැටයම් කළා.ඇතැම් කණු මැණිකෙන් කැටයම් කළා.ඇතැම් කණු සප්ත රත්නයෙන් ඔබ්බවා කැටයම් කළා.මේ විදිහට දොරපලු, ජනේල, උළුවහු, වහල ආදිය හැමතැනම රන් කැටයම් ඔබ්බවා සැරසුවා.ගන්ධ කුටියට ඉදිරියෙන් තථාගතයන් වහන්සේ උදෙසා සප්ත රත්නයෙන් කුඤ්ජර ශාලාව කෙරෙව්වා.ඒ ශාලාව මැද රත්න මණ්ඩපයක් කෙරෙව්වා.ධර්මාසනයක් කෙරෙව්වා.ඒ ආසනයේ පාද ඝන රනින් කෙරෙව්වා.විට්ටම ඝණ රනින් කෙරෙව්වා.සතර පැත්තෙන් රන් බැටළුවෝ කෙරෙව්වා.ආසනයේ පාදවල යටින් තැබ්බෙව්වා.රන් බැටළුවෝ දෙන්නෙක් කරවලා පා පුටුවේ තැබ්බෙව්වා.රන් බැටළුවෝ කරවලා මණ්ඩපය වටේට තිබ්බා.ඒ ධර්මාසනය රන්මුතු වැල්වලින් සැරසුවා.හේත්තු වන ලෑල්ල සඳුන් වලින් කෙරෙව්වා.කුඤ්ජර ශාලාව කරවලා එක්ලක්ෂ හැට අට දහසක් ප්‍රමුඛ විපස්සී බුදුරජුන් වඩම්මවා හාර මාසයක් තුන් සිවුර සහිතව දන් දුන්නා.

විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි ඔය අයුරින් පින්කම් කළා.එයින් චුත වෙලා දෙව්ලොව – මිනිස් ලොව ඉපිද ඉපිද ආවා.මේ භද්‍ර කල්පයේ බරණැස් නුවර උපන්නා.බරණැස් සිටු යන නම ලැබුණා.ඔහු එක දවසක් රාජ උපස්ථානයට යමින් සිටියා.පුරෝහිතයා දැකලා මෙහෙම ඇහුවා.

“ඇදුරුතුමනි…නැකැත් මුහුර්තිවල විශේෂ යමක් තිබෙනවාද ?”

“එසේය…විශේෂ යමක් දකිමි.”

“ඇදුරුතුමනි…ඒ විශේෂ දෙය ජනපද චාරිත්‍රයක්ද ?”

“නෑ සිටුතුමනි…එක්තරා භයක්….!”

“ඇදුරුතුමනි…ඒ භය කුමක්ද ?”

“සිටුතුමනි…එය දුර්භීක්ෂ භයක්….!”

“ඇදුරුතුමනි….කොයි කාලෙද ඔය භය ඇතිවෙන්නේ…?”

“තව තුන් අවුරුද්දකින් දුර්භීක්ෂ බය එනවා…”

එතකොට සිටුතුමා බොහෝ කුඹුරු කෙරෙව්වා.ගෙදර තිබෙන සියලු ධනයෙන් ධාන්‍යම රැස් කළා.එක්දහස් දෙසිය පනහක් වී අටු කෙරෙව්වා.අටුකොටු පිරෙව්වා.හැලි වළං වලත් වී පුරවලා බිම සාරවා නිධන් කළා.ඉතුරු වී මැටි සමග මිශ්‍ර කොට අනා බිත්තිවල ආලේප කෙරෙව්වා.

තුන් අවුරුද්ද ගෙවෙද්දී දුර්භීක්ෂ භය ඇති වුණා.සිටුතුමා අටුකොටුවල තිබෙන ධාන්‍යයෙන් ජනයා පෝෂණය කළා.ධාන්‍ය අවසන් වුණා.

“දරුවෙනි…දැන් ඈත කඳුකරයට පලා යන්න….දුර්භීක්ෂය නැතිවන කලට කැමති නම් එන්න.අකමැති නම් එහිම ඉන්න.”

තම පරිවාර ජනයා හඬමින් සිටුතුමා වැඳ පිටත්ව ගියා.පුණ්ණ නම් දාසයා පමණක් නොගිහින් නැවතුණා.දැන් ඉතුරු වුණේ පස්දෙනයි.සිටුතුමයි, බිරිඳයි, පුතයි, ලේළියි, දාසයයි, බිම සඟවා තිබූ භාජනවලිනුත් වී ගත්තා.ඒවාත් ඉවර වුණා.බිත්තිවල ආලේප කරවපු මැටි පතුරු ගැලෙව්වා.වතුරෙන් තෙම තෙමා වී ටිකක් ගත්තා.එය කොටා හාල් නැලියක් ගත්තා.එයත් බිම සාරා සඟවා තිබ්බා.එදා සිටුතුමා රාජ උපස්ථානයට ගිහින් ආවා.

“සොඳුරියේ…ඉතාම බඩගිනියි.මොකවත් නැද්ද ?”

“හිමියනි….එක් සහල් නැලියක් තියෙනවා….”

“කොහෙද තියෙන්නේ….?”

“හිමියනි…සොරුන් ගනීවි යන බයෙන් මං එය බිම සාරවලා සඟවලා තියෙන්නේ….හිමියනි…එයින් කැඳක් හැදුවොත් අපට වාර දෙකක් අනුභව කරන්නට පුළුවනි….බතක් හැදුවොත් එක වාරයයි….”

“සොඳුරිය….අපට ජීවත් වෙන්නට වෙන දෙයක් නැහැ නොවැ….බත් කාලා මැරෙමු….බතක්ම හදන්න…”

සිටු බිරිඳ බතක් පිස කොටස් පහකට බෙදුවා.සිටුතුමාගේ කොටස තැටියෙහි වඩාත් ඉදිරියෙන් තැබුවා.

ඒ වෙලාවෙහි ගන්ධමාන පර්වතයෙහි පසේබුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් නැගිට්ටා.සත් දවසක්ම භාවනාවෙන් සිටිය නිසා නැගිට්ට විට බලවත් කුසගින්නක් එනවා.එතකොට උන්වහන්සේ දන් පැන් ලබා ගැනීමට සුදුසුකම් ඇති අය දෙස බලනවා.පසේබුදු කෙනෙකුට එබඳු අවස්ථාවක දෙන දානය මහත්ඵල මහානිශංස නිසා දුකට පත් වුණ අය දෙස විශේෂයෙන් බලනවා.එහෙම බලද්දී පසේ බුදුරජුන්ට මෙය පෙනුණා.

‘මුළු දඹදිවම දුර්භීක්ෂ භයක් හටගෙන තියෙනවා.සිටු ගෙදර පස් දෙනෙකුට බතක් පිස තිබෙනවා.මේ ඇත්තන්ට ශ්‍රද්ධාවත් තියෙනවා.මට සංග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා.’

මෙසේ කල්පනා කළ පසේබුදුරජුන් සෘද්ධියෙන් මහා සිටුවරයාගේ නිවස ඉදිරියට වැඩියා.සිටුවරයා ඉතා සතුටට පත් වුණා.මෙහෙම කල්පනා කළා.

‘මං ඉස්සර දන් නොදුන්න නිසයි මෙබඳු වූ දුර්භීක්ෂයකට මුහුණ දුන්නේ.මං මේ බත කෑවොත් එක දවසක් ජීවත් වේවි.ආර්යයන් වහන්සේට පූජා කරගත්තොත් නොයෙක් කල්ප කෝටි ගණන් පිහිට ලැබේවි.’ කියලා තමන්ගේ බත් තලිය ගෙන පසෙකින් තිබ්බා.පසේබුදුරජුන්ට වන්දනා කළා.ආසනයක් පැණෙව්වා.පසේබුදුරජුන්ගේ පා දෝවනය කළා.ආසනයෙහි වඩාහිඳෙව්වා.තම බත් තලිය පසේබුදුරජුන්ගේ පාත්‍රයට අඩක් දමද්දී පසේබුදුරජුන් අත වැසුවා.

“අනේ ස්වාමීනි…එක් සහල් නැලියක් පස් දෙනෙකුට පිසපු බතක් තියෙන්නේ…මේ එක් කොටසක්…මේක දෙකොටසක් කරන්නට බැහැ…මට මෙලොවින් සංග්‍රහ කරන්නට එපා…! මං සියල්ල දෙන්න කැමතියි…” කියලා සියලු බත් පූජා කළා.මෙහෙම පැතුමකුත් කළා.

“ස්වාමීනි….උපනූපන් ආත්මයෙහි මෙබඳු වූ දුර්භීක්ෂයක් දකින්නට නොලැබේවා ! මෙතැන් පටන් සියලු දඹදිව වාසීන්ට බිත්තර වී, බත් ආදිය දෙන්නට සමර්ථ වෙම්වා ! සිය අතින් වැඩකොට ජීවත් වෙන්නට නොලැබේවා ! එක් දහස් දෙසිය පනහක් අටුකොටු සෝදා, වතුර නා, ඒ අටුකොටු පෙරටුව සිට උඩ බැලූ විට රත් ඇල් සහල් අහසින් වැටී සියලු අටුකොටු පිරෙත්වා ! උපනූපන් තැන මැය මාගේ බිරිඳ වේවා ! මොහු මාගේ පුතා වේවා ! මැය මාගේ ලෙහෙලිය වේවා ! මොහු මාගේ දාසයා වේවා !” එතකොට සිටු බිරිඳත් මෙහෙම කල්පනා කළා.

‘මගේ ස්වාමිය බඩගින්නේ සිටිද්දී මං කොහොමද අනුභව කරන්නේ…? මමත් පසේබුදුරජුන්ට මගේ කොටස පූජා කරනවා…’ කියලා ඇයත් තම බත් කොටස පූජා කළා.මෙහෙම ප්‍රාර්ථනා කළා.

“ස්වාමීනි….උපනූපන ආත්මයක මෙවැනි දුර්භීක්ෂ භයක් නම් දකින්නට නොලැබේවා ! බත් හැළියක් ඉදිරියේ තබාගෙන සියලු දඹදිව වාසීන්ට බත් බෙදද්දී යම්තාක් මම එතැනින් නැගිටින්නේ නැද්ද, ඒ තාක් බත් ගත් තැනින් නැවත පිරේවා ! ඒ වගේම ස්වාමීනි…මොහුම මාගේ සැමියා වේවා ! මොහුම මාගේ පුතා වේවා ! මැයම ලෙහෙලිය වේවා ! මොහුම දාසයා වේවා !”

එතකොට පුතාත් තමන්ගේ බත් කොටස පසේ බුදුරජුන්ට පූජා කළා.මෙබඳු ප්‍රාර්ථනාවකුත් කළා.

“ස්වාමීනි…මෙතැන් පටන් කිසිදා මෙබඳු දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! කහවණු දහසක් ඇති පසුම්බියක් ගෙන මුළු දඹදිව වැසියන්ට කහවණු බෙදුවත් ඒ කහවණු පසුම්බිය හිස් නොවේවා ! මාගේ මා පියවරුන් මේ දෙදෙනාම වෙත්වා ! මැය මාගේ බිරිඳ වෙත්වා ! මොහු දාසයා වේවා !”

ලෙහෙලියත් තමන්ගේ බත් කොටස පසේබුදුරජුන්ට පූජා කළා.මෙබඳු පැතුමකුත් කළා.

“ස්වාමීනි…මෙතැන් පටන් කිසිදා මෙබඳු වූ දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! එකම කුල්ලකට පුරවාගත් බිත්තර වී සියළු දඹදිව වාසීන්ට දුන්නත් එය අවසන් නොවේවා ! උපනූපන් තැන මේ දෙදෙනාම මාගේ මාමණ්ඩියත්, නැන්දණියත් වෙත්වා ! මොහුම මාගේ සැමියා වේවා ! මොහුම දාසයා වේවා !”

දාසයාත් තමන්ගේ කොටස පසේබුදුරජුන්ට පූජා කළා.එදා සෙන්පතිබව පැතුවත් ලැබෙන බව දන්නවා.නමුත් ස්වාමිවරුන් කෙරෙහි ඇති ආදරය නිසා මේ විදිහට ප්‍රාර්ථනා කළා.

“ස්වාමීනි…මෙතැන් පටන් කිසිදාක දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! මේ සියලුදෙනා මාගේ ස්වාමිවරු වේත්වා ! මා නඟුලෙන් සී සාද්දී එක්වරම මැදින් පස් පිඬැල්ලකුත්, දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගිනුත් බිඳී යන ලෙසින් නඟුල් පහර සත බැගින් වැදී යත්වා !”

පසේ බුදුරජුන් සෙත් ගාථා ප්‍රාර්ථනා කළා.මොවුන්ගේ චිත්ත්ප්‍රසාදය පිණිස ගන්ධමාන පර්වතය තෙක් පෙනෙන්නටත් අධිෂ්ඨාන කළා.ඔවුන් බලා සිටියදීම අහසට පැන නැග ගන්ධමාන පර්වතයට වැඩියා.පන්සියයක් පසේබුදුවරුන්ට ඒ දානය බෙදුවා.ඒ සියල්ල ඉතා සතුටින් මේ උදවිය බලා සිටියා.

දහවල් කාලය ගෙවී ගියා.සිටු බිරිඳ හැළි වළං සෝදා නවා තිබ්බා.සිටුවරයා ඉවසිය නොහැකි බඩගින්න නිසා ඇඳේ වැටී නිදා ගත්තා.සවස් වරුවෙහි අවදි වුණා.

“සොඳුරියේ…බඩගින්න නම් ඉවසන්නට බැහැ….ඔය හැළියක දන්කුඩ ටිකක්වත් නැද්ද ?”

එතකොට සිටු බිරිඳ හැළිව්ළං සේදූ බව කිව්වේ නෑ.හැළියේ පියන ඇරලාම කියන්නට ඕන කියලා එතැනට ගියා.ගිහින් පියන ඇරියා.හරිම පුදුමයි…! අදහා ගන්නට බැහැ…ලොකු සමන් කැකුළු වගේ හැඩයෙන් යුතු ඇල් හාලේ අත් හැළිය පුරා පිරී තිබෙනවා….සිටු බිරිඳට ප්‍රීතිය වැඩිකමට කෑ ගැසුණා….

“හිමියනි…හිමියනි…නැගිටින්න…හරි පුදුම දෙයක් වෙලා…මං මේ හැළි වළං සෝදලා වසා තිබ්බා….හිමියනි….මෙහෙ එන්න…මේ බලන්න….ඇල් හාල් බත් සමන් කැකුළු වගේ ලස්සනට තියෙන අපූරුව….පින් නම් කළ යුතු දෙයක්මයි…දානය නම් දිය යුතු දෙයක්මයි…හිමියනි…මෙහි එන්න….හැකිතාක් වළඳන්න….”

හැමෝම ඉතා සතුටින් අනුභව කළා.ඒ පස් දෙනාටම සතුටුයි.හැන්දෙන් බත් ගත් තැනින් අඩු වුණේ නෑ.ආයෙමත් බත් පිරුණා ! අටුකොටු බලද්දී වී පිරී ඉතිරී ගිහින් ! සිටුතුමා හැම තැනම ප්‍රසිද්ධ කෙරෙව්වා.

“කවුරුත් භය වෙන්නට එපා ! ඕනෑ තරම් කෑම තියෙනවා…”

සිටු ගෙදරින් දිගටම ආහාර පාන බෙදුවා.ටිකෙන් ටික දුර්භීක්ෂය අවසන් වුණා.දඹදිව වාසීන්ට ජීවිතය රැක ගන්නට ඒ සිටුතුමා කළ උපකාරය හේතු වුණා.

ඔවුන් කාලානුරූපීව මිය ගියා.දෙව් මිනිස් ලොවෙහි සැරිසරා යද්දී අපේ බුදුරජුන් කල සිටුතුමා භද්දිය නගරයෙහි සිටු කුලයෙහි උපන්නා.සිටු දේවිය මහා සම්පත් ඇති කුලයක ඉපදී මේ සිටුතුමාගේම බිරිඳ වෙලා ආවා.ඒ පුතාමයි ඔවුන්ට පුතා වුණේ.ලේලියම ලේලිය වුණා.දාසයාම දාසයා වුණා.ඒ පෙර පින් නිසයි පොළොව පළාගෙන රන් බැටළුවෝ මතු වුණේ.දවසක් සිටුතුමා තමාගේ පින විමසන්නට හිතුවා.එක්දහස් දෙසිය පනහක් අටුකොට සේදුවා.වතුර නෑවා.ඒ අටුකොටු ඉදිරියට ගොස් අහස බැළුවා.හරි පුදුමයි ! රත් ඇල් සහල්වලින් අටුකොටු පිරී ගියා.

තමන්ගේ පින විමසන්න කියලා බිරිඳටත් කිව්වා.සිටු බිරිඳත් සියලු ආභරණවලින් සැරසිලා මහජනයා බලා සිටිද්දී සහල් මැනලා ගත්තා.බතක් පිසුවා.ගේ දොරකඩ ආසනයක් පනවාගෙන රන් හැන්දක් අතට ගෙන බත් අරගෙන යන්නට මිනිසුන් කැඳෙව්වා.දවස පුරාම දුන්නා.බත් අවසන් වුණේ නෑ ! ඒ සිටු බිරිඳ සසරේ පාත්‍ර පුරවා දන් දුන් බැවින් වම් අතේ නෙළුම් මලේ ලකුණ තිබුණා.දකුණු අතේ පුන් සඳේ ලකුණ තිබුණා.සසරේ භික්ෂු සංඝයාට දන් දෙද්දී පැන් කෙණ්ඬිය අරගෙන දාන ශාලාව පුරා ඇවිදපු නිසා දකුණු පාද තලයේ සඳ ලකුණ තිබ්බා.වම් පාද තලයේ පියුම් ලකුණ තිබ්බ.ඒ නිසයි ඇයට චන්දපදුමා යන නම ලැබුණේ.

පුත්‍රයාත් තමාගේ පින විමසුවා.හොඳට වතුර නෑවා.පසුම්බියට කහවණු දැම්මා.ඒ පසුම්බිය ගෙන ජනයාට කහවණු බෙදන්නට පටන් ගත්තා.කහවණු අවසන් වුණේ නෑ !

ලේලිය තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා වී පුරෝපු කුල්ල අතට ගත්තා.එළිමහනකට ආවා.බිත්තර වී බෙදන්නට පටන් ගත්තා.වී අවසන් වුණේ නෑ !

දාසයාත් තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා, සරසවපු ගොන්නු වියගසේ බැඳලා රැහැන් පට අතට ගෙන රන් නඟුල ගෙන කුඹුර සාන්නට පටන් ගත්තා.දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගින් පෙරළුණා.මැද්දෙන් පස් පිඬැල්ල බැගින් පෙරළුණා.නඟුල පහර සත බැගින් පෙරළී ගියා !

මෙසේ මේ පස් දෙනා මහා පිනකින් යුක්ත වුණා.

භද්දිය නගරයට බුදුරජුන් වැඩි වග සිටුතුමාට සැලවුණා.සිටුතුමාට හරි සතුටුයි.සිටුතුමා ‘අනේ අපගේ ශාස්තෘන් වහන්සේව පිළිගැනීමට පෙරගමන් යන්නට ඕන…’ කියලා පිටත් වුණා.සිටුතුමාගෙන් ලාභ ප්‍රයෝජන ගත් අන්‍ය තීර්ථකයන් කලබල වුණා.ඔවුන් වහ වහා රැස් වුණා.සිටුතුමා මුණගැසෙන්නට පාරට දිව්වා.

“හා…හා…සිටුතුමනි…ශ්‍රමණ ගෞතමයන් බැහැදකින්නට ඔතරම් හදිස්සියක් මොකද ? ඔබ කර්ම – කර්මඵල විශ්වාස කරන කෙනෙක් නොවැ…ශ්‍රමණ ගෞතමයන් එහෙම කෙනෙක්යැ…ආත්මයක් විශ්වාස කරන්නේ නැහැනේ…අකිරියවාදියෙක් නොවැ…”

සිටුතුමා හිනැහුණා මිස විරුද්ධව මොකුත් කිව්වේ නෑ.ඔවුන්ගේ වචන ගණන් ගත්තේ නෑ.භාග්‍යවතුන් වහන්සේව පිළිගැනීමට ගියා.භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.එකත්පස්ව හිඳගත්තා.බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළා.ඒ දේශනාව අවසාඅනෙයි ඔහු සෝවාන් ඵලයට පත් වුණා.සිටුතුමා අන්‍ය තීර්ථකයන් තමන්ව වැලැක්වූ අයුරු බුදුරජාණන් වහන්සේට පැවසුවා.

“සිටුතුමනි…මේ සත්වයන් තමන්ගේ විශාල දෝෂය දකින්නේ නෑ.අනුන්ගේ නොතිබෙන්නා වූ දෝෂය තිබෙන්නා වූ දෝෂය බවට පත් කරනවා.ඒ ඒ තැන බොල් පළනවා වගේ ගරහනවා.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් මේ ගාථා රත්නය වදාළා.

252.18.

සුදස්සං වජ්ජමඤ්ඤේසං – අත්තනෝ පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජානි – ඕපුණාති යථා භුසං
අත්තනෝ පන ඡාදේති – කාලිං’ච කිතවා සඨෝ

අනුන්ගේ වරද දැකුම නම් – බොහෝ අයට ඉතා පහසුය
තමන්ගේ වරද දැකුම නම් – ඔවුන් හට ඉතා අපහසුය
බොල් වී පෙළන ලෙස – අනුන්ගේ වැරදිම සොයයි
තම වැරදි සඟවා ගනියි – කුරුලු වැද්දා සැඟවෙමින්
කුරුල්ලන් මරනා ලෙසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තරම් අකුසලයත්, අකුසල විපාකත්, කුසලයත් කුසල විපාකත් පැහැදිළිව තෝරා දීපු කෙනෙක් වෙන කොයින්ද ? උන්වහන්සේ තරම් ක්‍රියාවේ වගකීම පෙන්වා දුන් වෙන කෙනෙක් කොයින්ද ? නමුත් අන්‍ය තීර්ථකයන් උන්වහන්සේට නිතර නින්දා කළේ ක්‍රියාව නොපිළිගන්නා කෙනෙක් ලෙසයි.උන්වහන්සේ නොතිබූ දෝෂයකින් තමයි ඒ කවුරුත් බැන්නේ.ඒ අයටමයි ඒකෙන් පාඩු වුණේ.මහා කාරුණික, මහා සත්පුරුෂ, මහා කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට නැති වුණා.නමුත් මෙණ්ඩක සිටුවරයා බඳු නුවණැතියන්ට ඒක බාධාවක් වුණේ නෑ.ඒ අය ධර්මය කරාම ගියා.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 18 ( මල වර්ගය )
අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා! වාසනා වේවා!

සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානයයි ඔබත් ධර්ම දානයට සහභාගිවි බොහෝ කල් යහපත පිනිස පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි….!!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 02, 2016 at 12:00PM

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

චෝදිනා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා
තේ දීඝරත්තං සෝචන්නි හීනකායුපගා නරා

දේවදූතයන් විසින් මෙහෙයවනු ලබන යම් කෙනෙක් කුසල් කිරීමෙහි ප්‍රමාද වෙත් ද ඔවුහු අපායා දී හීන ගතිවලට පැමිණ දීර්ඝ කාලයක් ශෝක කෙරෙති යනු ඉහත සඳහන් ගාථාවේ අදහසයි.

දේවදූත සූත්‍රය හැඳින්වීම

දේවදූත සූත්‍රයෙන් කුසාලකුශලකර්ම පිළිබඳවත්, ඒවායේ කර්ම විපාක පිළිබඳවත්, පවුකරන්නාට මතුවට සිදුවන නිරාදුක් පිළිබඳවත්, විග්‍රහ කෙරේ. මේ සූත්‍රය මගින් පවෙහි විපාක දක්වා, එහි බිය උපදවා, රටවැසියා පාපයෙන් වළක්වා ගැනීම අපේක්‍ෂිත අරමුණ වේ.

බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ භික්ෂූන් අමතා කළ ධර්ම දේශනාවකි. දොර සහිත වූ ගෙවල් දෙකක් යම්සේ පිහිටා තිබේද? ඇස් ඇති මිනිසෙක් එහි මැද සිටිනා විට ගෙට පිවිසෙන්නා වූද, ගෙයින් නික්මෙන්නා වූද ගෙහි ඇවිදිනා, ඔබමොබ හැසිරෙන මිනිසුන් දකියිද? එපරිදි බුදුරදුන්ද මිනිසැස ඉක්මවා සිටි, දිවැසින් මියයන, උපදින, හීන ප්‍රණීත සුවර්ණ දුර්වණ ඇති සත්වයන් දකින ශක්තිය ඇති බව දේවදූත සූත්‍රය ආරම්භ කරමින් බුදුරදුන් වදාළ බව සඳහන් වේ.

බුදුරදුන්ට දිවැස් ඇති නිසා චුතවන, උපදින, කම් වූ පරිදි මිය යන, සත්ත්වයන් දක්නා බවත්, කාය, වාග්, මනෝ, දුශ්චරිතයෙන් යුතු පුද්ගලයන් මරණින්මතු නරක, තිරිසන්, පේ‍්‍රත ලෝකවල උපදින බවත්,දේශනා කර නිරයට පැමිණෙන පුද්ගලයන් යමරජතුමා

1. උඩුකුරුව සයනය කරන ළදරුවා
2. මහලු වී දුක්විඳින පුද්ගලයා
3. රෝගාබාධ වැළඳී මළ මුත්‍රවැකී අප්‍රමාණ දුක් විඳින්නා.
4. රාජ අපරාධ සිදුකර දෙතිස් වධ විඳින්නා.
5. මිය ගොස් දින දෙකක්, තුන්ක ඉකුත් වු ඉදිමී නිල්ව සැරව වහනය වන මළ සිරුර

යන දේවදූතයන් පස්දෙනා දැක, ඒවායින් වැළකීම සඳහා තිදොරින් කුසල් නොකිරීමේ වරදට,පුද්ගලයාම වගකිව යුතු බව පවසා ඔහුට අපාදුක් පමුණුවන ආකාරය විස්තර වේ.
මේ අනුව දේවදූත සූත්‍රයෙන් යම රජු හා අපාය පිළිබඳ විස්තරයෙන් ජනතාව පිනට දහමට පොළඹවයි. පවෙහි ආදීනව පවසා ඒ කෙරෙහි බිය ජනිත කර ලක්වැසියා පවින් වැළැක්වීම අරමුණු කරගෙන තිබේ.
………………………………………

දේවදූත සූත්‍රය -> http://ift.tt/2cJLEDk
261
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියාවූද, කර්මයවූ පරිදි පැමිණියාවූ සත්වයන් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් දකිමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෘෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෘෂ්ටික වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුන් අතර උපන්නාහුය.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.
262
“මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහඳුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක,” “ළදරුවෙකු නුදුටුවෙහිද?” “හෙතෙම ස්වාමීනි, දුටුවෙමීයි’ කියයි.
‘මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවීද? මමත් ජාතිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවීද?’ හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. වහන්ස, පමාවූයෙමියි’ කියයි. ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමාවූවහුට යම්සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැඟනිය විසින් නොකරණ ලද්දේය. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. සහලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාප කර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයට විපාකය තෝම විඳින් නෙහියයි කියන්නේය.”
263
“මහණෙනි, යමරජතෙම මේ පළමුවෙනි දේවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා තර්ජනය කොට දෙවැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දූතයා තෝ නුදුටුවෙහිද?” හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියන්නේය. ඔහුට යමරජතෙම ‘එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උත්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනූ වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියාවූ හෝ ජරාජීර්ණවූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනු සැරයටිය පිහිට කොට ඇති, වෙවුලමින් හැසිරෙන්නාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණකම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලීගිය හිසකෙහෙ ඇති, බොහෝසේ ඉගිලීගිය හිසකෙහෙ ඇති, රැළිනැඟුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද?’ හෙතෙම, ‘ස්වාමීනි, දුටුවෙමියි, කියයි.’
“මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවීද?’ හෙතෙම ස්වාමීනි, ‘කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියන්නේය. මහණෙනි, යමරජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසල් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, යම්සේ පමාවූවහුට යම්සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ මේ පාපකර්මය මව විසින් නොකරණලදී. පියා විසින් නොකරණලදී. සහෝදරයා විසින් නොකරණලදී. නැගණිය විසින් නොකරණ ලදී. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලදී. සහ ලේ නෑයන් විසින් නොකරණලදී. මහණ බමුණන් විසින් නොකරණලදී. දෙවියන් විසින් නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
264
“මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදූතයා දක්වා පිළිගන්වා කියා තුන්වන දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ තුන්වන දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියායි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ, දුකට පත්වූ, දැඩි ගිලන් ඇත්තාවූ, ස්වකීය මළ මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, දුටුවෙමියි’ කියයි. මහණෙනි, ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවීම ස්වභාව කොට ඇත්තේ වෙමි, ලෙඩවීම නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක් කරමි කියා අදහස් නොවූයෙහිදැයි’ අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි, නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්මය කරණ ලදී. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
265
“මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව්වන දේවදූතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ස්වාමීනි, නොදුටිමි’ යි කියයි. ‘මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙණ රජුන් විසින් නොයෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨික නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරණලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන් දුටුවෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, දුටුවෙමි’ යි කියයි.
“මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්වයෝ මේ ආත්මභාවයෙහිම මෙබඳු කම් කටුලු කරවනු ලබත්. පරලොවදී කියනුම කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ‘ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි’යි කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම්, එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරණ ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.
266
“මහණෙනි, යම රජතෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘එම්බා පුරුෂයා, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ’යි අසන්නේය. ‘ස්වාමීනි, දුටිමි යි කියයි. ‘එම්බල පුරුෂය, නුවණැති වැඩිවයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙම් නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි’ යි කියයි. ‘එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන් සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ‘එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරණ ලදී. පියා විසින්ද නොකරණලදී. සොහොයුරු විසින්ද නොකරණලදී. නැගණිය විසින්ද නොකරණලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරණ ලදී. සහලේ නෑයන් විසින්ද නොකරණලදී. මහණ බමුණන් විසින්ද නොකරණ ලදී. දෙවියන් විසින්ද නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය.
267
මහණෙනි, යම රජ තෙම මේ පස්වෙනි දෙවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.
“මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤ්චවිධ බන්ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු පා උඩුකුරු කොට හිස යටිකුරු කොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. හෙතෙම දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි
[1] කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ පවුරකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.”
[2] ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරණලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
268
“මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙණහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු භිත්තියෙහි හැපෙයි. දකුණු භිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු භිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳියි. යම් තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘතවේද, එබඳු කාලයක් වන්නේය එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැඟු පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක්කල් කාලක්‍රියා නොකෙරෙයි.”
“උතුරු දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරෙයි.
“දකුණු දොරටුව විවෘතවේද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම්දමත්. නැගූපියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැඟෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එම දොරටුවෙන් නික්මෙයි.
269
“මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක්ද ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ ගූථනරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහිදී තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත් හෙතෙම එහි තියුණුවූ, කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාපකර්මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකමද කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි දියුණුවූ කටුකවූ, දුක් වේදනාවන් විඳී ඒ පාපකර්මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
270
“මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ’යි අසන්නාහ. හෙතෙම ‘ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඒ මේ නිරිසතාගේ ගිනිගෙන දිලියෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලියෙන්නාවූ රත්වූ ලොහො ගුළියක් කටෙහි දමත් ඔහුගේ තොලද දවයි, කටද දවයි, උගුරද දවයි, ළයද දවයි, බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ”යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලියෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් නො මැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.
“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටුලු කරනු ලබත්. ‘මම මනුෂ්‍යාත්මයක් ලබන්නෙම් නම් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ සර්වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දෙශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති’ කියායි.
“මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය එයම මම කියමි.”
271
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.
[1] “දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සංඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.”
[2] “මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආර්‍ය්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.”
[3] “ඔවුහු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.”
[4] “නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.”

දහවන දේවදූත සූත්‍රය නිමි

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! via Facebook Pages http://ift.tt/1GMS4Lf