Monthly Archives: May 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FDemis
ඔබත් ඔබේ දරුවන්ට කුඩා කල සිට මෙවැනි දානයන් දෙන්නට පුරුදු කරන්න. එය ඔවුන්ට කරන විශාල යහපතකි.

== බුද්දක තිස්ස තෙරුන්ගේ කථාව ==

වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා “ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇතිවන්නේය. එබැවින් වනයක ගොස් වසන්නෙමි”යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍ර‍මාණය බලා ගෘහපතියාට “අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයා යුතුය”යි කීය. “ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි”යි කී විට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කී සේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කී විට උපාසකයා එසේ කෙළේය.

තෙරනම මැටිපාත්‍ර‍ය ලෑලි ඇඳයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලඟ බැඳ හිඳගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනෝත්සවය පැවැත්වීම සඳහා මල්-සුවඳ-වස්ත්‍ර‍ ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍ර‍මයෙන් පිට වී තෙරනම සුදුසු කාලයේදී ගෙදොරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක “කොහි යව්දැ”යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු”යි කී විට “තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි”යි උපාසකයා කීය. “ඔබ නොදත්තෙහි”යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන “අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය”යි විලාප කීය.

ශක්‍ර‍ තෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළු ගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසඳුන් සුණු ද මදාරා – කොබෝලීල – පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමුත්‍ර‍ පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සඳුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.

ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින් පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැඳ බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.
https://ift.tt/2jp0r79

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FDemis
ඔබත් ඔබේ දරුවන්ට කුඩා කල සිට මෙවැනි දානයන් දෙන්නට පුරුදු කරන්න. එය ඔවුන්ට කරන විශාල යහපතකි.

== බුද්දක තිස්ස තෙරුන්ගේ කථාව ==

වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා “ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇතිවන්නේය. එබැවින් වනයක ගොස් වසන්නෙමි”යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍ර‍මාණය බලා ගෘහපතියාට “අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයා යුතුය”යි කීය. “ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි”යි කී විට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කී සේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කී විට උපාසකයා එසේ කෙළේය.

තෙරනම මැටිපාත්‍ර‍ය ලෑලි ඇඳයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලඟ බැඳ හිඳගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනෝත්සවය පැවැත්වීම සඳහා මල්-සුවඳ-වස්ත්‍ර‍ ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍ර‍මයෙන් පිට වී තෙරනම සුදුසු කාලයේදී ගෙදොරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක “කොහි යව්දැ”යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු”යි කී විට “තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි”යි උපාසකයා කීය. “ඔබ නොදත්තෙහි”යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන “අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය”යි විලාප කීය.

ශක්‍ර‍ තෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළු ගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසඳුන් සුණු ද මදාරා – කොබෝලීල – පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමුත්‍ර‍ පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සඳුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.

ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින් පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැඳ බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.
https://ift.tt/2jp0r79

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2w5Kxb8
== සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය විස්තරය ==

තමා අඳුරෙහි සිටියදි අන්‍යයන්ට පෙනෙන සේ සැලැස්වීම, භිත්තිප්‍රාකාරාදියෙන් මුවා වී සිට අන්‍යයන්ට පෙනෙන්නට සැලැස්වීම, දුර සිටින අයට පෙනෙන්නට සැලැස්වීම, අඳුරෙහි හෝ භිත්ති ආදියෙන් මුවා වී හෝ දුර හෝ සිටින්නවුන් තමාට පෙනෙන සේ කිරීම අප්‍රකට දෙය ප්‍රකට කිරීමේ සෘද්ධිය ය. දුර සිටින්නවුන්ට පෙනීමේ ප්‍රාතිහාර්‍ය්‍ය භාග්‍යවතුන් වහන්සේ, තව්තිසා දෙව් ලොව අභිධර්මය දේශනා කළ කාලයේ මුගලන් තෙරුන් වහන්සේ විසින් කර ඇත්තේ ය. යමාමහ පෙළහර දක්නට රැස් වු පිරිස බුදුරදුන් තව්තිසා දිව්‍යලෝකයට වැඩම කොට එහි වස් විසු පසු බුදුන් නො දැක නො යමුය’යි එහි ම රැඳී උන්හ. ඔවුහු මහාපවාරණයට සතියක් තිබියදී මුගලන් මහතෙරුන් වෙත එළඹ, ‘අපි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන දිනයක් දැනගන්නට කැමැත්තෙමු’යි කීහ. එකල්හි මුගලන් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ගමනාගමන දෙක මහජනයාට පෙනෙන සේ ඉටා, පොළොවෙහි ගැලී මහමෙර තුළින් තව්තිසා දෙව්ලොවට ගොස් ශාස්තෲන් වහන්සේගේ පාමුල මතු වී උන්වහන්සේට කාරණය සැල කොට මිනිස් ලොවට නැවත වඩනා දිනය අසා අවුත් මහජනයාට දැන්වූහ. මිනිස් ලොව සිට තව්තිසා දෙව්ලොව දක්වා මුගලන් මහ තෙරුන් වහන්සේගේ ගමනත්, එහි සිට පෙරළා ඊමත් මහජනයාට පෙනිණි. තථාගතයන් වහන්සේ අබිදම් දෙසා මිනිස් ලොවට වඩනා දිනයෙහි උන්වහන්සේගේ වැඩම කිරීම සෑම දෙනාට පෙනෙන ලෙසත් දෙව් මිනිසුන්ට ඔවුනොවුන් පෙනෙන ලෙසත් කළ සේක. තවද මේ ප්‍රාතිහාර්ය තරඞ්ගලවාසීධම්මදින්න තෙරුන්වහන්සේ විසින් ද කළ බව විසුද්ධි මග්ගයේ සඳහන් කර තිබේ. උන්වහන්සේ තිස්සමහාවිහාරයේ චෛත්‍යය සමීපයේ හිඳ “තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකං පටිපදං පටිපන්නො හොති” යනාදීන් අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන සේක් වටාපත පොළොවට හැරවූහ. අවීචිය දක්වා ලෝකය පෙනෙන්නට විය. නැවත අහස දෙසට වටාපත දිගු කළහ. බ්‍රහ්මලෝකය දක්වා ලෝකය පෙනෙන්නට විය. මෙසේ ලෝක විවරණය කොට නිරයභය හා ස්වාර්ගසම්පත්තිය දක්වා දහම් දෙසූ කල්හි එය ඇසු බොහෝ දෙනා මඟපල ද ලබා නිවන් දුටහ.

භිත්තිප්‍රාකාරාදියෙහි නො ගැටී ඒවා ඇති තැන් පසු කොට යාමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන අභිඥලාභීහු ආකාශ කසිණ පඤ්චමධ්‍යානයෙන් නැගීසිට භිත්ත්‍යාදිය ආකාශය වේවා යි අධිෂ්ඨාන කෙරෙති අධිෂ්ඨාන චිත්තය ඇති වනු සමඟ ම ඒ තැන් ආකාශය වෙයි. ඉන් පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන් වලින් යෙති.

පොළොවෙහි ගැළීම මතුවීම කරන සෘධිමත්හු ආපෝකසිණ සාමාපත්තියට සමවැඳී නැගිට මෙතෙක් තන්හි පොළොව ජලය වේවායි ඉටති. ඒ සමඟම පොළොව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක-පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළොව ජලය වන්නේ සෘද්ධිමතාට පමණෙකි, සෙස්සන්ට එහි ජලයක් නැත, ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා පොළොවෙහි ගැළෙන්නා සේ ය. මතු වන කල්හි පෙනෙන්නේද පොළොවෙන් මතුවන්නා සේක. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම පීම අත්පා සේදීම භාජනාදි වස්තූන් සේදීම යනාදියෙන් කැමති දෙයක් ද කළ හැකි ය. පොළොව තෙල් ගිතෙල් පැණි ආදිය වන ලෙස සෘද්ධිමතුන්ට නිර්මාණය කල හැකිය.

පොළොවෙහි මෙන් අහස්හි ගමනාදි ඉරියව් පවත්වන සෘද්ධිමත්හු පඨවි කසිණ සමාපත්තියෙන් නැඟී තමාට වුවමනා අහස් පෙදෙස පොළොව වේවා යි ඉටති. එකෙණෙහි අහස පොළොව වෙයි. ඔවුහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති. වාඩිවී සිටිති. නිදති. සෙස්සන්ට ඒ පොළොව නැත. ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා අහසෙහි ම ගමන් කරන ලෙසය. අහසෙහි හිඳින නිදන ලෙස ය. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන සෘද්ධිමත්හු ද පෘථිවිකසිණ ධ්‍යානයෙන් නැඟී ජලය පොළොව වේවා’යි ඉටා එසේ වූ පසු එය මත ගමන් කරති.

හිර සඳ අතගෑමේ ප්‍රාතිහායර්‍යය කරන සෘද්ධිමත්හු සඳ හෝ ඉර පිරිමදිනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේ වා යි ඥනයෙන් අධිෂ්ඨාන කෙරෙති. එකෙණෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේ. සෘද්ධිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අත ගාන්නාක් මෙන් හිර-සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩි වනු කැමති නම් ඒවායේ වාඩි වෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්‍රාතිහාර්‍යය සෘද්ධිමතුන් සියදෙනෙකුට දහස් දෙනෙකුට වුව ද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සුර්‍ය්‍යයන්ට අමුත්තක් නොවේ. ඒවා එසේ ම අහසෙහි ගමන් කරමින් පවතී. සෘද්ධිමතුන්ට චන්ද්‍රසූයර්‍යන් වෙත ගොස් හෝ මෙහි සිට අත දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය.

සෘද්ධිමත් පුද්ගලයාට අපායලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ මේ මහා ලෝකය ස්ව වශයෙහි පැවැත්විය හැකිය. දිව්‍යලෝකයට යනු කැමති නම්, මිනිස් ලොව දිව්‍යලෝකයට ළං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම්, මිනිස්ලොව බ්‍රහ්ම ලෝකයට ළං කළ හැකිය. දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවට ද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමාමහපෙළහර කොට දෙව් ලොවට වඩනා සේක්, යුගන්ධර පර්වතය ළං කොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහා මේරු පර්වතය ළං කොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව් ලොවින් මිනිස් ලොවට වඩනා දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දවල් ආහාරය ගෙන තිස්යොදුනකින් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස, සංකස්සය ශ්‍රාවස්තියට ළං කොට එකෙණෙහි ම ඒ නගරයට පැමිණවූහ.

ලක්දිව විසූ චූලසමුද්ද තෙරුන් වහන්සේ විසින් මේ සෘද්ධිය කළ බව කියා තිබේ. දුර්භික්ෂ කාලයකදී එක් උදෑසනක චූලසමුද්ද තෙරුන් වහන්සේ වෙත භික්ෂූන් පන්සියයක් පැමිණියහ. තෙරණුවෝ ඒ මහ පිරිසට පිණ්ඩපාතය ලැබිය හැකි තැනක් බලන්නාහු ලක්දිව කිසි තැනක් නොදැක මුහුදින් එතෙර බලන්නාහු පැළලුප් නුවර දැක, ඒ භික්ෂූන් කැඳවාගෙන පොළව හකුළුවා සැනෙකින් පැළලුප් නුවරට පැමිණියහ. භික්ෂූහු ‘‘ස්වාමීනි, මේ කිනම් නගරයක්දැ’යි ඇසූහ. ‘‘ඇවැත්නි, පාඨලීපුත්‍ර නගරය යයි තෙරණුවෝ කීහ. ස්වාමිනි, පාටලීපුත්‍ර නගරය බොහෝ දුර නොවේදැ’යි භික්‍ෂූහූ කීහ. ඇවැත්නි මහලු තෙරවරු දුර ළං කෙරෙති’යි තෙරණුවෝ කීහ. ‘ස්වාමිනි, මුහුද කොහිදැ’යි භික්ෂූහු කීහ. ‘‘ඇවැත්නි, මඟ එක් කුඩා ඇලක් පසු කොට ආවෝ නොවෙත්දැ’යි තෙරණුවෝ කීහ. තෙරණුවෝ ‘ඇවැත්නි, මහලූ තෙරවරු මහත් දේ ද කුඩා කෙරෙතිය’යි කීහ. ලක්දිව විසූ තිස්සගුත්ත නැමති තෙරුන් වහන්සේ ද දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළං කරගෙන මෙහි සිටම වන්දනා කළ බව කියා තිබේ.

සමීපය දුර කිරීම තථාගතයන් වහන්සේ විසින් අංගුලිමාල දමනයේ දී කර තිබේ. උන්වහන්සේ ඍද්ධිබලයෙන් සමීපය දුරු කළ බැවින් අංගුලිමාල හට හති වැටෙන තුරු දුව ද තථාගතයන වසන්සේට ළං විය නොහැකි විය.

මහකසුප් තෙරුන් වහන්සේ බොහෝ වු දෙය ස්වල්ප කළහ. රජගහනුවර නැකැත් කෙළියක් පවත්නා දිනයක පන්සියයක් කුමාරිකාවෝ කැවුම් ද ගෙන නැකැත් කෙළියට යන්නෝ තථාගතයන් වහන්සේ පිඩු සිගා වඩිනු දැක ද කිසිවක් නුදුන්නෝය. පසුව වඩිනා මහාකසුප් තෙරුන් වහන්සේ දැක අපේ හාමුදුරුවෝ වඩිති’යි සැම දෙනාම කැවුමි ගෙන උන්වසන්සේ වෙත ගියෝ ය. තෙරුන් වහන්සේ පන්සිය දෙනෙකුන් විසින් දෙන බොහෝ වු කැවුමි ස්වල්ප කොට තමන් වහන්සේගේ පාත්‍රයෙන් පිළිගත් හ. පන්සිය දෙනෙකුන් දුන් කැවුම් සියල්ල එක් පාත්‍රයක් විය. තෙරුන් වහන්සේ කැවුමි පාත්‍රය තථාගතයන් වහන්සේට පිළිගැන්වුහ.

මුගලන් මහ තෙරුන් වහන්සේ විසින් රජගහ නුවර සමීපයේ සක්ඛර නමි නියම්ගම මච්ජරිය කෝසිය නැමැති සිටු දමනය කිරිමි දී ද කුඩා දෙය මහත් කිරිමේ ප්‍රාතිහාර්ය කර තිබේ. සිටුවරයා කුඩා කොට පිසවන කැවුම් උන්වහන්සේ සෘද්ධිබලයෙන් මහත් කළහ. විස්තර කථාව ජාතක අටුවාවේ ඉල්ලීස ජාතකයෙන් දත හැකිය. මහකසුප් තෙරුන් වහන්සේ සතියක් නිරෝධසමාපත්තියට සම වැඳී සිට ඉන් නැඟිට දිළින්දෙකුට සංග්‍රහ කරනු පිණිස කාකවලිය නම් දුගියකුගේ ගෙදොර පිඬු පිණිස සිටි සේක. ඔහුගේ බිරිය සැමියා උදෙසා පිළියෙළ කර තිබූ ඇඹුල් කැඳ තෙරුන් වහන්සේට පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ කැඳ පාත්‍රය ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ අතට පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් ඒ කැඳ පාත්‍රය මහා භික්ෂු සංඝයාට ප්‍රමාණවත් වන පරිදි වැඩි කළහ. කැඳ පාත්‍රය සියලූ භික්ෂු සංඝයාහට සෑහිණ.

සෘද්ධිමතුන්ට ඕනෑම දෙයක් රන් රිදී, මුතු, මැණික්, තෙල්, ගිතෙල්, මී, සකුරු ආදි කැමති දෙයකට පරිවර්තනය කළ හැකි ය. පිලින්දිවච්ඡ තෙරණුවෝ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කළහ. උන්වහන්සේ දැරියකගේ හිස තණදරණූවක් පළඳවා එය රන්මල් මාලාවක් කළහ. බිම්සර රජුගේ මාලිගාවද රත්තරන් කළහ. විස්තර කථා පාරාජිකා පාළියේ භේසජ්ජ ශික්ෂාපද නිධානයෙන් දත යුතුය. මහාඅනුල නම් සෘද්ධිමත් තෙරනමක් ව්‍යඤ්ජන නැතිව බත් පමණක් පිඬු සිඟා ලැබ ගංඉවුරක හිඳ වළඳන භික්ෂු පිරිසක් දැක ගඟදිය ගිතෙල් කොට සාමණේරයන්ට දැන්වීය. ඔවුහු ගඟින් භාජනවලට ගිතෙල් ගෙන දුන්හ. සැමදෙනා වහන්සේ ම එදා ඍඬ් බලයෙන් නිර්මිත ගිතෙල් හා ආහාර වැළදූහ.

සෘඬීමතුන්ට තමන්ගේ ශරීරයෙන් ගිනිදැල් පිට කිරීම, දුම් පිට කිරිම, ජලය පිට කිරිම, බරදෙය සැහැල්ලූ කොට ගෙන යාම, වැසි සුළං ඇති කිරීම ආදි නොයෙක් දේ කළ හැකිය. මහක තෙරුන් වහන්සේගේ පුදුම ප්‍රාතිහාර්‍යයක් සංයුත්තනිකායේ චිත්තසංයුත්තයේ සඳහන් වේ. මහක තෙරුන් වහන්සේ මච්ඡිකාසණ්ඩ නම් ගමට පැමිණි කල්හි එහි වෙසෙන චිත්ත නම් ගෘහපතියා යම්කිසි සෘඬීප්‍රාතිහාර්‍ය්‍යයක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේ නම් ගෘහපතිය, ඔබගේ උතුරුසළුව මේ පිළෙහි එලා එය මත වියළි තණ ගොඩ ගසන්නය’ යි තෙරුන් වහන්සේ වදාළහ. චිත්තගෘහපති උන්වහන්සේ කී පරිදි කෙළේය. තෙරුන් වහන්සේ විහාරයට පිවිස දොර වසා ගෙන යතුරු සිදුරෙන් ගිනි රොටුවක් යවා තණ වලට ගිනි දැල්වූහ. තණ ගින්නෙන් දැවී අලූවිය. කිසිවක් නොවී උතුරුසළුව ඉතිරි විය. ගෘහපති උතුරුසළුව ගසා දමා ගෙන මහත් පුදුමයට පැමිණ, ‘ස්වාමීනි, නුඹ වහන්සේ මේ මච්ජිකාසන්ඩයෙහි ම වැඩ වෙසෙන සේක්වා, මම නුඹ වහන්සේට චිවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යයන් සපයමි’යි කීය. ‘ගෘහපතිය, ඔබ යහපතක් කියන්නෙහිය’යි තෙරුන් වහන්සේ වදාළහ. උන්වහන්සේ සෙනසුන තැන්පත් කොට පාසිවුරු ගෙන මච්ජිකාසන්ඩයෙන් පිටත්ව ගියහ. නැවත කිසිවිටෙක මච්ජිකාසන්ඩයට නො පැමිණියහ. පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් වහන්සේ තුන්ගව් පමණ ඇති මහ කළුගලක් පුළුන් පිඬක් සේ කොට පයින් ගෙන රජගහනුවර අහසෙහි සත්වරක් සිසාරා ගිය බව දම්පියාටුවාවෙහි යමක ප්‍රාතිහාර්‍ය්‍ය වස්තුවෙහි දැක්වේ.

තථාගතයන්වහන්සේ විසින් ඒ ඒ පුද්ගලයන් දමනය කරනු පිණිස කරන ලද බොහෝ ගණනක් ප්‍රාතිහාර්‍ය්‍යයන් බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් ව ඇත්තේය. ඒවායින් උසස් ම ප්‍රාතිහාර්‍ය්‍යය යමක ප්‍රාතිහාර්‍ය්‍යය ය. එනම් එකවර ශරීරයෙන් ගිනි දිය දෙකම නිකුත් කිරීමය. එය බුදුවරුන්ට මුත් ශ්‍රාවකයන් විසින් කළ නොහෙන ප්‍රාතිහාර්‍ය්‍යයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් බුදුව සත්වන දිනයෙහි දෙවියන්ගේ සැක දුරුකරනු පිණිස බෝධිය සමීපයේදී අහසට පැනනැඟ යමකප්‍රාතිහාර්‍ය්‍යයකළ බවත්, ඥාතීන් දමනය කරනු පිණිස වරක් එය කළ බවත්, තීර්ථකයන් දමනය කිරීමට වරක් එය කළ බවත් ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත්තේය.

සෘඞිමතුන්ට කය, චිත්තගතික කොට වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් බ්‍රහ්ම ලෝකයට වුව ද යා හැකි ය. චිත්තය කායගතික කොට සෙමින් දෘශ්‍යමාන කයින් ද කැමති තැනකට යා හැකිය. දිව්‍යබ්‍රහ්ම ලෝකවල නො පෙනී ගොස් සිට රූපයක් නිර්මාණය කොට ඒ රූපයෙන් දෙවියන් හා කථා කළ හැකිය. තමන්ගේ රුපයෙන් ම ද සිට කතා කළ හැකිය. අන්‍ය සත්ත්වයන් මැරෙන උපදින නමුත් මෙහි මරණයක් උපතක් නැත, ‘මේ ලෝකය නිත්‍ය ය, මෙයට උසස් තැනක් නැත’ කියා මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටි බක නම් බ්‍රහ්මයකු දමනය කිරිම පිණිස තථාගතයන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඉදිරියේ පෙනී සිට සාකච්ඡා කළහ. එහි ම නො පෙනී සිට ඔවුනට ඇසෙන සේ :-

‘භවෙචාහං භයං දිස්වා
භවඤ්ච විභවෙසිනං
භවං නාභිවදිං කිඤ්චි
නන්දිඤ්ච න උපාදියිං’
(මජ්ඣිම නිකාය බ්‍රහ්මනිමන්තනික සුත්ත)

යන ගාථාව ද වද්‍රළ සේක.

ශිඛී බුදුරදුන්ගේ අභීභූ නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට ගොස් බ්‍රහ්මයනට පෙනෙමින් ද නොපෙනෙමින් ද කයින් අඩක් පෙනෙන සේ ද සිට දහම් දෙසූහ. උන්වහන්සේ ඒ බ්‍රහ්මලෝකයෙහි සිට,

‘ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුඞසාසනෙ,
ධුනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො
යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති,
පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති’
(සංයුත්ත නිකාය බ්‍රහ්මසංයුත්ත)

යන ගාථා දහසක් සක්වලට ඇසෙන සේ දේශනය කළහ.

කුමාරවේශ – රාජවේශ – දේවවේශ – ශක්‍රවේශ -නාගවේශ – සුපර්ණවේශාදි නොයෙක් වෙස් ද සෘඞිමතුන්ට ගත හැකිය. හස්ති අස්ව ගවාදි නොයෙක් සත්ත්වරූප හා ගංගා – සමුද්‍ර – වෘක්ෂ – පර්වතාදිය ද නිර්මාණය කළ හැකිය. මුගලන් මහ තෙරුන් වහන්සේ නන්දෝපනන්ද දමනයේදී නාගවේෂය හා ගුරුළු වේශය ගත් බව කියා තිබේ.

මෙතෙකින් දක්වන ලද ප්‍රාතිහාර්‍ය්‍යයන් සිදු කිරීමට සමත් චතුර්ථධ්‍යාන සම්ප්‍රයුත්ත ඥානය සෘධිවිධඥාන නම් වූ විද්‍යාව ය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2I9VtsX
මහා සමය සූත්‍රය
331
මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂූ සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.
332
එවිට ඒ දෙවියෝ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත යම්සේ දිගු කරන්නේද, දිගු කරනලද අත යම්සේ හකුළුවන්නේද එපරිද්දෙන්ම ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූහ.
ඉක්බිති ඒ දෙවියෝ බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට එක්පැත්තක සිටියහ.
[1] එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය.
“මේ මහ වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමූහයෝ රැස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි” කියායි.
[2] එවිට අනික් දෙවි කෙනෙක් බුදුරජුන් හමුවෙහි මේ ගාථාව කීය.
“ඒ මහා සමූහයෙහි භික්ෂුහු තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඍජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි” කීය.
[3] එවිට අනික් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
“(කෙලෙස් නමැති) හුල් කපා (කෙලෙසුන් නමැති) පලිඝය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
[4] ඉක්බිති තවත් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්, මිනිස් සිරුර හැර දිව්‍ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.

ඉතිරිය -> https://ift.tt/2w2c8tN