Monthly Archives: May 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2K5f2QH
සැදැහැ සිතින් පින් අනුමෝදන් වෙමු

උදක දායක ථෙරාපදානය
51
’’පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තරවූ භික්‍ෂු සංඝයා කෙරෙහි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පැන් කළයක් පිදීමි.
52
’’පර්‍වත මුදුනෙහිදී හෝ, ගස මුදුනෙහිදීහෝ, අහසෙහිදී හෝ, පොළොවෙහිදී හෝ යම් කලෙක්හි පැන් කැමති වෙම් නම් වහා මට (පැන්) පහළ වේ.
53
’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි යම් (පැන්) දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාකයයි.
54
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
55
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
56
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදක දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FROS14
ඉන්ද්‍රිය සංවරය නැති කල්හි ශීලයට හේතු නැති වෙයි. – ඉන්‌ද්‍රියසංවර සූත්‍රය

https://ift.tt/2KJsB9y

[සැවැත්නිදාන යි]

50. මහණෙනි, ඉන්ද්‍රියසංවර නැති වත් ම ඉන්ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්‍වෙදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්ණත්වයට නො යෙයි. සිවි දූ පරිපූර්ණත්වයට නො යෙයි. බොරු දු පරිපූර්ණත්වයට නො යෙයි. හර දු පරිපූර්ණත්වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්ද්‍රියසංවර නැති වත් ම ඉන්ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

මහණෙනි, ඉන්ද්‍රියසංවරය ඇති වත් ම ඉන්ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල – ප්‍රත්‍යවෙක්ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

මහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්වයට යෙයි. හර දු පරිපූර්‍ණත්වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්ද්‍රියසංවරය ඇති වත් ම ඉන්ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2w8ZpW2
තුන් ලෝකයේම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේලාටත් පිරිනිවන් පානා සේක් නම් පුහුදුන් අප ගැන කවර කතාද?
ඒ නිසා අද හෙටම පැමිණිය හැකි මරණය ගැන සිතා නොපමාව කුසල් දහම් රැස් කරමු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2rj43eD
අවිද්‍යා අන්ධාකාරයෙන් වැසුනු ලෝකයට සහ තෘෂ්ණාවෙන් අන්ධ වූ ලෝකයාට ඇති එකම ආලෝකය බුදු දහමයි.
ඇස් ඇති එකම පුද්ගලයා බුදු සමිඳුයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FGgNRv
මේ නිසා අප හැම දෙනාම එක්ව තවත් දීර්ඝ කාලයක් රුවන්වැලිසෑය සහ බුදුදහම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමු