Monthly Archives: July 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KWde0n
ත්‍රිපිටකය දන් දීම උතුම්ම ධර්ම දානයකි. අපේ android app ජංගම දුරකථන වල install කර දෙන්න
සරල සිංහල ත්‍රිපිටකය -> https://ift.tt/2L57LRu
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය -> https://ift.tt/2lWmVxC
පාලි සිංහල ශබ්දකෝෂය -> https://ift.tt/2lAPOz6

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NIoZpM
පිටක.lk කියවීම පහසු ත්‍රිපිටකය දැන් සෙවීමේ හැකියාව සමග android app එකක් ලෙසින් ලබාගන්න.
Google Store -> https://ift.tt/2L57LRu
භාවිතයට උපදෙස් -> https://www.youtube.com/watch?v=GfpNtqAB3U4
iOS/Apple සහ Windows සඳහා -> https://pitaka.lk/main/
ත්‍රිපිටකය කියවන ධර්මය ඉගන ගන්නා ඔබගේ දෙමාපියන්ගේ සහ දන්නා හඳුනන භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලට install කර දෙන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. පණ්ඩුක බණ්ඩාර

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zp4uLy
“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති.ධම්මං සරණං ගතො හොති,සංඝං සරණං ගතො හොති” යි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සංඝයා සරණ ගියේ වේ ද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය.උපාසක යන වචවයේ තේරුම බුද්ධ,ධර්ම,සංඝ යන රත්නත්‍රය කරා ඒළඹෙන,රත්නත්‍රය ඇසුරු කරන තැනැත්තා යනුය.
https://ift.tt/2u8oE7r
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, කෝතුහල මඞ්ගල ඇත්තේ වේද, (හෙවත් දුටු ඇසූ ස්පර්‍ශ කළ දෙය මගුල්යයි ගන්නෙක් වේද) මඞ්ගලය පතාද, කර්‍මය නොපතාද, මේ ශාසනයෙන් පිටත්හිද දක්‍ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහිද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, සිල්වත් වේද, කෝතුහල මඞ්ගල නැත්තෙක් වේද, කර්‍මය බලාපොරොත්තු වේද, මඞ්ගලය බලාපොරොත්තු නොවේද, මේ ශාසනයෙන් පිටත්හි දක්‍ෂිණාවට සුදුස්සෙකු නොසොයාද, මේ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JbQDb0
විපස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම කල්පයට කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ අසම වූ සිඛී, වෙස්සභූ යයි ජිනරාජවරු දෙනමක් වූහ. එහි සිඛී නම් ශාස්තෘන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අරුණවතී නුවර රජ කුලයෙහි පරම ගුණයෙන් යුත් අරුණවා ක්‍ෂත්‍රීය රජතුමාට දාව පරම රුසිරු රන්පැහැ ඇති ප්‍රභාවතී දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් නිපක උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.

ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සිඛාවක් මෙන් උන්හීසය උඩනැගි හෙයින්” සිඛී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචන්‍ද, ගිරි, වසභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සූවිසිදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හත්දහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සබ්බකාමා දේවියට ගුණගණයෙන් ආතුල අතුල නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සැත්තෑ ලක්‍ෂයක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුහුගේ දූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා තරුණ කිණිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනෝමදස්සී නම් තවුසා දුන් කුස තණ මිටි අට ගෙන පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විස්ස රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ සැත්තෑ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අහසින් වැඩ මිගාචීර උයනෙහි ඔවුන් පිරිවරන ලද්දේ ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.

මහර්ෂි වූ සිඛී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ පළමු රැස්වීම විය. අසූ ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දිය හා නො ගැටුණු පියුමක් මෙන් වූ සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ තුන්වන සමාගම විය.

එකල්හි අප මහා බෝසතාණෝ කිසිතැනක නො ඇලුණාහු පරිභුත්ත නුවර අරින්‍දම නම් රජව සිඛී ශාස්තෘන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩි කල්හි සපිරිවරින් රාජ භවනයෙන් පෙර ගමන් කොට පා පියුම් යුගලයෙහි පිරිස් සහිතව සිරසින් නැමැද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ඓශ්චර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහ දන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟන මහඟු සළු පිදූහ. තමන්ගේ බල රූප ලක්‍ෂණ ජව සම්පන්න රන්දැල් මාලාදියෙන් සරසන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳ රේඛා මෙන් බබළන මුවශෝභා යුත් එරවණ ඇතු මෙන් සතුරන් වළකන මඟුලැතු පුදා ඇත් ප්‍රමාණයෙන් කැප බඩු ද පූජා කලහ. ඒ සිඛී ශාස්තෘන් වහන්සේ ද මෙයින් කල්ප තිස් එකකින් මතු මෙතෙම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍ර නායකයන් වහන්සේ හට අභිභූ හා සම්භව දෙනම අගසවුවෝ ය. උපස්ථායක ඛේමංකර නම් භික්‍ෂුව විය. මඛිලා හා පදුමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සිරිවඩ්ඪ හා නන්‍ද යන දෙදෙන උපස්ථායකයෝ ය. චිත්ත හා සුගුත්ත යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැත්තෑව රියන් විය.

මහර්ෂි වූ ඒ සිඛී බුදුරදුන්ට අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වී ය. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ පිරිනිවී සේක. අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

සිව්සස් අවබෝධ කළ සිඛී මුනිසඳු සීලවතී නුවර දුස්සාරාමයෙහි පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උසට බදින ලදි.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

නගරය – අරුණවතී නුවර
ගෝත්‍රය – කොණ්ඩඤ්ඤ
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – අරුණවා ක්‍ෂත්‍රීය රජතුම
මව – ප්‍රභවතී දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සුචන්‍ද 2. ගිරි 3. වසභ
අග්‍රමහේෂී – සබ්බකාමා දේවිය
පුත්‍රයා – අතුල කුමරු
අගාරවාස – අවුරුදු හත්දහසයි (7,000)
අභිනිෂ්ක්‍රමණය – ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුගේ දූ
කුස තණ – අනෝමදස්සී තවුසා
බෝධිය – පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ)
ශරීර රශ්මිය – තුන් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම – මිගාචීර උයනෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – අභිභූ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – සම්භව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – මඛිලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – පදුමා තෙරණිය
අග්‍ර උපස්ථායක – ඛේමංකර භික්‍ෂුව
උපස්ථායකයෝ – සිරිවඩ්ඪ, නන්‍ද
උපස්ථායිකාවෝ – චිත්ත, සුගුත්ත
ආයු ප්‍රමාණය – අවුරුදු හැත්තැදහසයි. (70,000)
පරිනිර්වානය – සීලවතී නුවර අස්සාරාමයෙහි
බෝසතාණෝ – අරින්‍දම නම් රජව විවරණ ලැබීය

අටවිසි බුදුරජාණන් වහන්සේලා පිළිබඳ සම්පූර්ණ ලිපිමාලාව: https://goo.gl/nQMmkq

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zjFLbF
ඒ බුදුරජාණන්වහන්සේ සරණ ගිය අපිත් සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරවමු.
== කකචුපම අවවාදය ==
මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
https://ift.tt/2u4Zo26

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zjFLbF
ඒ බුදුරජාණන්වහන්සේ සරණ ගිය අපිත් සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරවමු.
== කකචුපම අවවාදය ==
මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
https://ift.tt/2u4Zo26

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KNmSCi
යථා දණ්ඩෙන ගොපාලො ගාවො පාචෙති ගොචරං,
එවං ජරා ච මච්චූ ච ආයුං පාචෙන්ති පාණිනං.

පින්වතුනේ,
එක්තරා පෝය දවසක උපාසිකාවන් පන්සීයක් විතර විහාරයට ගිහින් පෙහෙවස් සමාදන් වුණා. ඉතින් විශාකා මහා උපාසිකාව ඒ අය ළඟට ගිහින් ඇහුවා ” ඔයගොල්ලෝ පෙහෙවස් සමාදන් වෙලා මොනවද පැතුවේ” කියලා. එතකොට මහලු ස්ත්‍රීන් කිව්වා දිව්‍යලෝකේ යන්න කියලා.
මැදි වයසේ අය කිව්වා තම ස්වාමියාගේ අන් සම බිරින්දෑවරුන් කෙරෙහි ඇති වෙන ඊර්ෂ්‍යා සහගත කේන්තියෙන් නිදහස් වෙන්න කියලා.
තරුණ විවාහක අය කිව්වා මුලින්ම පිරිමි දරුවන් ලබන්න කියලා.
අවිවාහක කුමාරිකාවන් කිව්වා ඉක්මනින් ම යොවුන් කාලයේදීම සරණ යෑම (සරණ මංගල්‍යය)සඳහා කියලා. ඉතින් විශාකාව ඒ අය එක්ක ගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට විස්තරේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ” විශාකාවෙනි, මෝහයෙන් මුලා වෙච්ච මේ සත්වයෝ නිවන් දකින්න හිතන්නේ නැහැ” කියලා ඉහත සඳහන් ගාථාව වදාළා.

අපි දැන් පාලි වචන සහිතව ඉගෙන ගමු.

යථා 🔴 යම්කිසි විදියකින්.

ගොපාලො 🔴 ගොපල්ලා.

දණ්ඩෙන 🔴 කෙවිටෙන්.

ගාවො 🔴 ගවයින්.

ගොචරං 🔴 ගොදුරු බිමට.

පාචෙති 🔴 ගෙන යයි, දක්කයි.

එවං 🔴ඒ වාගේ.

ජරා ච 🔴 වයසට යෑම ද. (වයසට යෑම කියන්නේ. දත් වැටෙනවා, කෙස් පැසීම, හම රැළි වැටීම, කොන්ද කුදු වෙනවා, ආදී දේවල්. එතකොට ජරාව කියන දේ ඇහැට පේන්නේ නෑ. නමුත් ජරාවට පත් වුණ බවේ ලකුණු තමයි ඒ කෙස් පැසීම ආදියෙන් පේන්නේ. ඒක හරියට මේ වගේ දෙයක් දැන් හිතන්නකෝ මහා සුළඟක් හමා ගිය තැනක් දැන ගන්න පුළුවන් ඒ තමයි එතැන ගස් කඩා වැටිලා, ගෙවල් වල වහල ගැලවිලා ගිහින් ආදී ලක්ෂණ වලින් අන්න ඒ වගේ වයසට යනවා පේන්නේ නෑ නමුත් වයසට ගිය ලකුණු බලා ගන්න පුළුවන්.)

මච්චූ ච 🔴 මරණයට පත් වීම ද.(මරණය කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, කියන ස්කන්ධයන්ගේ බිඳී යාමයි. ආයුෂ, උණුසුම, විඤ්ඤාණය, යන දේවල් සිරුරෙන් ඉවත් වීම.)

පාණීනං 🔴 සත්වයන්ගේ.

ආයුං 🔴ආයුෂ.

පාචෙන්ති 🔴 කෙළවර දක්වා ගෙනයනවා.

එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය කියන දේ නිවන් මගෙහි අංගයක් හැටියට වඩන්නට කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව නමුත් බොහෝ දෙනෙක් සසර දුකින් එතෙර වීම පිණිස නොව ලෞකික අරමුණු ඔස්සේ සීලය පුරුදු කරනවා. කොහොම වැඩුවත් සීලය හොඳයි නමුත් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංසාරයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් නිවන් මග අංගයක් ලෙස නිවන අරමුණු කරගෙන සීලය පුරුදු කරන්න ඕන. මොකද නැත්නම් ගාථාවෙන් කියන විදිහට ගොපල්ලා කෙවිටෙන් ගවයන් ගොදුරු බිමට දක්කනවා වගේ ජරා මරණ විසින් අපේ ජීවිතය අවසන් කරනවා, ආයු කෙළවර ට ගෙනියනවා.
( ධම්මපදය ඇසුරින්)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KV5Mz6
සුජාත බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඉන්පසු විසි නවදහස් අටසියදෙයාසූ කපක් ලොව අවිද්‍යාව නම් අන්ධකාරයෙන් වැසී තිබුණහ. සුජාත බුදුන්ට අපරභාගයෙහි මෙම කල්පයට කල්ප එකසිය අටළොසකට පෙර වර නම් කල්පයේ පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යැයි තුන්බුදු කෙනෙක් පහළ වූහ. එහි ලෝනාහිමි වූ අසමසම වූ, මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජ තෙම පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සුධඤ්ඤ නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව සඳවත් ඇති සුචන්‍දා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් වරුණ උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.

ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි “ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින්” නම් කරන්නාහු පියදස්සී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුනිම්මල, විමල හා ගිරිබ්‍රහා නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තෙතිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විමලා දේවියට කඤ්චනවෙල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ සමඟ කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ හයමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුජාත නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන කකුධ (කුඹුක්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළක් භික්‍ෂූන් දැක අහසින් වැඩ උසභවතී නුවර ළඟ උසභ උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.

මහර්ෂි වූ පියදස්සී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.

අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි සිප්සතර උගන්වන, වේද මන්ත්‍ර ඉගෙනගත්, තුන් වේදයන්ගේ පරතෙරට ගිය “කස්සප” නම් බමුණෙක් විය. පියදස්සී බුදුරදුන්ගේ ධර්‍මය අසා පැහැදී කෝටි ලක්‍ෂයක් පමණ ධනයෙන් මනරම් සංඝාරාමයක් කර වූහ. ඒ බුදුරදුන්ට ආරාමය පූජා කොට සතුටු වූයේ, ප්‍රීතියෙන් විස්මයට පැමිණි සිත් ඇත්තේ, තිසරණය ද, පංච සීලය ද දැඩි කොට සමාදන් වූහ. ඒ පියදස්සී බුදුන් ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.

පස්මරුන් දිනූ ඒ පියදස්සී බුදුන් හට පාලිත හා සබ්බදස්සී දෙනම අගසවුවෝ ය. උපස්ථායක සෝභිත නම් භික්‍ෂුව විය. සුජාතා හා ධම්මදින්නා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සන්‍දක හා ධම්මික යන දෙදෙන උපස්ථායකයෝ ය. විසාඛාව හා ධම්මදින්නා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූව රියන් විය. චක්‍ෂුස්මත්හු අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා අස්සත්‍ථාරාමයෙහි පිරිනිවියහ. ඒ ආරාමයෙහි ම ඒ බුදුරදුන්ගේ ජිනථූපය තුන් යොදුනක් උසට බඳින ලදි.

මෙ කපින් කල්ප එක්දහස් අටසීයයකට පෙර වර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

නගරය – සුධඤ්ඤ නුවර
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – සුදත්ත ක්‍ෂත්‍රීය රජතුම
මව – සුචන්‍දා දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සුනිම්මල 2. විමල 3. ගිරිගුහා
අග්‍රමහේෂී – විමලා දේවිය
පුත්‍රයා – කඤ්චනවෙල කුමරු
අගාරවාස – අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය – රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය
කුස තණ – සුජාත ආජීවක
බෝධිය – කුඹුක්
ධම්සක් දෙසීම – උසභවතී නුවර ළඝ උසසාවන උයනෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – පාලිත තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – සබ්බදස්සී තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – සුජාතා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – ධම්මදින්නා තෙරණිය
අග්‍ර උපස්ථායක – සෝභිත භික්‍ෂුව
උපස්ථායකයෝ – සන්දක, ධම්මික
උපස්ථායිකාවෝ – විසාඛාව, ධම්මදින්නා
ආයු ප්‍රමාණය – අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය – අස්සථ්තාරාමයෙහි
බෝසතාණෝ – කාශ්‍යප මන් බ්‍රහ්මණව විවරණ ලැබීය

අටවිසි බුදුරජාණන් වහන්සේලා පිළිබඳ සම්පූර්ණ ලිපිමාලාව: https://goo.gl/nQMmkq

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zeIOBK
බුද්ධ ජයන්ති ත්‍රිපිටක Android app එක -> https://ift.tt/2lWmVxC
iOS, Windows සඳහා -> https://pitaka.lk/bjt/
ත්‍රිපිටකය කියවන ධර්මය ඉගන ගන්නා ඔබගේ දෙමාපියන්ගේ සහ දන්නා හඳුනන භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලට install කර දෙන්න. මුද්‍රිත පොත් මාලාවේ සූත්‍ර ඇති තැන්ද පහසුවෙන් සොයාගත හැකිය.
භාවිතයට උපදෙස් වීඩියෝ එක -> https://www.youtube.com/watch?v=-s7QXs97VnM

අන්තර්ජාලය නැතිවමව මුළු පිටකයම කියවීමට හැකි app එක -> https://ift.tt/2zgQ7ZI (2.5 GB) භාගත කරගෙන ඔබගේ දුරකතනයේ install කර ගන්න