Monthly Archives: October 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2PEI5gW
දානයේ මුලික අරමුණ ඔබ දන්නවාද?

දානය ගැන නම් අමුතුවෙන් ලංකාවේ අයට කියලා දෙන්න අවශ්‍ය නෑ. ගෝඩාක් දෙනෙක් දන් දෙනවා. ඒත් දානයේ මුලිකම අරමුණ මොකක්ද ඇහුවොත් බොහෝ දෙනෙක් දෙන පිලිතුර නිවරදිම නෑ.

මම කීප දෙනෙකුගෙන්ම දානයේ මුලිකම අරමුණ මොකක්ද කියලා ඇහුවා.ඒ ගෝඩාක් දෙනෙක් කිව්වේ, එක එක අරමුණු වලට දන් දෙනවා කියලයි,මියගිය අයට පින් දෙන්න,ලෝභය නැති කරගන්න,අත හැරීම පුරුදු කරගන්න,නිවන ප්‍රාර්ථනා කරගෙන ඒ වගේ.

මේ පිලිතුරු වැරදි නෑ. ඒත් දානයේ මුලිකම අරමුණ මේ පිලිතුරු ඇතුලේ නෑ කියලයි මට හිතෙන්නේ.මොකද මේ එකක් වත් දානයෙන් විතරක්ම කරගත හැකි දේවල් නෙවෙයිනේ.දානයෙන් විතරක්ම වෙන දෙයක් තියෙනවා ඒක තමයි දානයේ මුලිකම අරමුණ.දානයෙන් පින් ලැබීම,ලෝභය අඩුවීම,අත්හැරීම පුරුදු වීම ඒ මුලිකම දේට පරිභාහිරව ලැබෙන දේවල්.

අපි හිමීට මේක විසදගමු. ඊට කලින් දානයේ මුලිකම අරමුණ? ඔබට හිතෙන හැටියට,දන්න විදිහට මේ මොහෙතේම හිතලා නිකම් අදහස හිතේ තියාගෙන මේ ලිපිය කියවලා බලලා පස්සේ කැමති නම් සදහන් කරන්න ඔබ හිතපු දේ හා මෙහි සදහන් දේ එකමද, හරිද වැරදිද කියලා,ඒ වගේම මේ ලිපියේ කරුණු ධර්මාණූකූල නොවේ නම් ඒ ගැනත් කියන්න.

දැන් ඔබේ හිතේ යම් දෙයක් ඇති දානයේ මුලිකම අරමුණ ලෙස.බලන්න පහත විඩියෝවේ දානයේ මුලිකම අරමුණ තියෙනවා හොදට බලන්න ඒක ඔබට එලියට ගන්න පුලුවන්ද කියලා.මේක ලංකාවේ විඩියෝවක් නම් නෙවෙයි. ඒත් මේකේ මම කියන කරුණ තියෙනවා.
👇👇👇
https://ift.tt/2CVsdDY

දැන් සමහර අයට උත්තරේ ලැබිලත් ඇති.සමහර අයට නැතිවත් ඇති. අපි බලමු මේක ධර්මානූකූලව විසදාගන්න.

දානයේ මුලිකම අරමුණ තමයි ප්‍රතිග්‍රාහකයා සතුටු කිරීම. ප්‍රතිග්‍රාහකයාට පහසුවක් ඇති කිරීම. ප්‍රතිග්‍රාහකයා කියන්නේ අපි දානය ලබා දෙන කෙනා.මේක තමයි දානයකදී ඉටු විය යුතු මුලිකම දේ.මේක ඉටු නොවුනොත් දානයක් නෙවෙයි කියලා නෙවෙයි මේ කියන්නේ නමුත් දානය නැත්තම් අපි දෙයක් කෙනෙක්ට දෙනකොට අපි දෙන දෙයින් ඒ දේ ලබන කෙනා සතුටු වෙන්න ඕනී. ඒකෙන් තමයි නිවරදිවම දානය හා එහි ආනිසංස ලැබෙන්නේ.

මේ ගැන අවසරයි රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නැමති වටිනා ධර්ම ග්‍රන්ථයේ සදහන් කොටසක් පහතින් දක්වන්නම්.

දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි.දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.
https://ift.tt/2PLbqGA

දානය ගැන දැනගත යුතු තව බොහෝ දේ තිබේ මා මේ ලිපියෙන් මුලිකව කරුණු දක්වන්නේ දානයේ මුලිකම අරමුණ ගැන පමණක් නිසා දානය ගැන තව විස්තර දැන ගැනීමට කැමති අය පහත දක්වන link වලින් බෞද්ධයාගේ අත්පොතේ දානය ගැන සදහන් කොටස හා දක්ඛිණාවිභඞ්ග සූත්‍රය හොදින් කියවන්න.

බෞද්ධයාගේ අත්පොතේ දානය ගැන සදහන් කොටස
https://ift.tt/2PLbqGA

දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
https://ift.tt/2CVsA1k

මේ ගැන තව හොදට පැහැදිලි කරගත හැකියි අප මහ බෝසතානන් වහන්සේගේ දාන පාරමිතාව ගැන සදහන් වන වෙස්සන්තර ජාතක දේශනාව හොදින් බැලුවොත්.ඉන් මේ ගැන පැහැදිලි කල හැකි අවස්ථා කීපයක් කියන්නම්.

වෙස්සන්තර ජාතකයේ එක් අවස්ථාවක අප මහ බෝසතානෝ උන්වහන්සේ සතු ඉතා වටිනා ඇතෙකු වෙනත් රාජ්‍යයෙකින් පැමිණි බමුණන්ට දන්දෙන අවස්ථාවක් සදහන් එහිදී ඒ බමුණන්ට කැමති දෙයක් ඉල්ලන්න යැයි කී විට ඇතාව ඉල්ලූ විට ඔවුන්ව සතුටු කිරීමට ඒ මාහාර්ඝ ඇතා අත පැන් වත් කොට බුදුබව පතා දන් දුන් අවස්ථාව දැක්විය හැකිය.

තවද ජූජක බමුණා පැමිණ උන්වහන්සේගෙන් ජාලිය,කෘෂ්ණජිනා යන උන්වහන්සේගේ දරුවන් දෙදෙනා ඉල්ලූ අවස්ථාවේ උතුම් බුදු බව පතා ඒ දරුවන්ද දන් දුන් අවස්ථාවද දැක්විය හැකිය. මේ අවස්ථාවන් වලින් පැහැදිලි වෙන්නේ උන්වහන්සේ දන් දීමේදී ප්‍රතිග්‍රාහකයන් සතුටු වන අයුරින් බුදුබව පතා දන් දී ඇති බවයි.

අපිත් බුදු,පසේ බුදු,මහ රහත් යන තුන්‍තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රාර්ථනා කරමින් සසර ගමන අවසන් කිරීමට යන අය නිසා දන් දීමේදී වෙස්සන්තර මහ බෝසතානන් ලෙස නැතත් දන් දෙන අවස්ථාවලදී වත් ප්‍රතිග්‍රාහකයා සතුටු කරමින්, ප්‍රතිග්‍රාහකයාට පහසුව සැලසෙන අයුරින් දන් දීමට පුරුදු විය යුතුය.

වෙස්සන්තර ජාතකය කියවීමට අවශ්‍ය අය පහත link එකෙන් ගොස් එය කියවා බලන්න.
https://ift.tt/2PE9aAJ

බොහෝ දෙනෙක් මේ දානයේ මුලික අරමුණ නොදැන දන් දෙන නිසා අද වනවිට බොහෝ ප්‍රශ්න ඇති වෙලා. ඉන් එකක් තමයි අටපිරිකර සම්බන්දව පන්සල් වල ඇති වෙලා තියෙන තත්වය. බෝහෝ දෙනෙක් අටමහ කුසල් වලින් එකක් වන නිසාත් කවදා හෝ දවසක පැවිදි වීමේදී සිවුරු පිරිකර ලැබීමට නම් ඒවා පුජා කර තිබිය යුතුයි කියන අදහස නිසාත් බොහෝ විහාරස්ථාන වලට අටපිරිකරම පුජා කරනවා. ඒ නිසාම පන්සල් වල අටපිරිකර සෑහෙන්න තියෙනවා.අනිකුත් ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය දේවල් අඩුයි.මොකද ඒවා කවුරුත් පුජා කරන් නෑ.

ඒ නිසා මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස පන්සල් වලින් ඒ වගේ පුජාවන් කරන අයට එක අටපිරිකරක් පන්සලෙන්ම දීලා ඒකට මුදල් ගෙවන ක්‍රමයක් හදලා තියෙනවා. ඒත් ඒකට ගෝඩාක් දෙනෙක් කැමති නෑ පන්සලට සල්ලි ගන්නවා කියලා. ඒත් මේ ප්‍රශ්නයේ වරද කාගෙද? දානයේ මුලිකම අරමුණ නොදන්නා ගිහි අපගේම නොවේද??

ස්වාමීන්වහන්සේලාට විනයට අනුව ගිහි අයගෙන් මේක අපිට මදි මේක පුජා කරන්න කියලා එකවර කියන්න බෑ. ඒත් ගිහි කෙනෙක් ඇහුවොත් ස්වාමීන්වහන්ස මොනාහරි අඩුපාඩු තියේද කියලා අන්න එතනදී ස්වාමීන්වහන්සේට අඩුපාඩුවක් කියන්න පුලුවන්.ඒත් අපි ගෝඩාක් එහෙම විමසීමක් නොකර අපිට හිතෙන දේවල් පුජා කරනවා එතනදී ස්වාමීන්වහන්සේලාට ඒවාට අමතරව අවශ්‍ය වෙන දේවල් සපුරාගන්න ක්‍රමයක් හදාගන්න වෙනවා.ඒකේදී තමයි පන්සල් වල ගිහි දායකයෙක් යොදාගෙන අටපිරිකර පුජා කරන්න අවශ්‍ය කෙනෙක්‍ට ඒ සදහා මුදල් ගෙවලා ගන්න ක්‍රමයක් හදලා තියෙන්නේ. මේ ක්‍රමයේ වරදකටත් වඩා අපි හරියටම දානයේ මුලික අරමුණ දැනගෙන දන් දුන්නා නම් මේ ප්‍රශ්නය විසදෙනවා මුදල් ප්‍රශ්නයක් එන්නෙත් නෑ.ඒත් එසේ නොවන නිසයි මේ ප්‍රශ්නය.

මේ මේ නිසා ඇතිඋන එක ගැටලුවක් විතරයි තවත් මේ නිසා ඇතිඋන ගැටලුවක් තමයි ස්වාමීන්වහන්සේලාට දාන වලදී දෙන ආහාර ඒ නිසා ස්වාමීන්වහන්සේලාට දැන් යම් යම් රෝගාබාධ ඇති වෙලා ඒ නිසා ඒ ගැනත් සොයා බලා දන් දිය හැකි නම් බොහෝ වටී. මොකද ස්වාමීන්වහන්සේලාගේ අල්පේච්ජ බව නිසා ලැබෙන දෙයක් වලදනවා වෙන්න පුලුවන්.ගිහි දායකයන්ට කරදර කල නොහැකි නිසා සමහරවිට උන්වහන්සේලාගේ රෝගයන්ට නොගැලපෙන ආහාර උනත් වලදනවා විය හැකියි.ඒ නිසා ඒ ගැනත් උනවහන්සේලාගෙන් විමසා උන්වහන්සේලාට පහසුවක් ඇති වෙන අයුරින් දන් දිය හැකි නම් බොහෝ ආනිසංස ලබාගත හැකියි.

මේ ගැන අප සැම දෙනා ඉදිරියේදී හෝ සොයාබලා කටයුතු කිරීමට උත්සහ කරමු.

තෙරුවන් සරණයි…!
Yohan Sewwandika

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2NN0CWK
දවසේ පින්බර සිතුවිල්ල…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2Ae5dh9
==උරුවෙලකස්සප තෙරණුවෝ==

‍දෙවන සූත්‍රයෙහි මහාපරිසානං යන්නෙන් මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි දෙබෑයන් සමග ශ්‍රමණයින් දහසක් නිබඳ පිරිවර වූයේය. ඔවුනතුරින් එක් කෙනෙකු එක්කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවනකල්හි දෙදහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. එහෙයින් හෙතෙම මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූයේය. කස්සප යන මොහුගේ ගෝත්‍රයයි. උරුවේලාවෙහි පැවිදිවූ බැවින් ‘උරුවෙලකස්සප’යි ප්‍රසිද්ධ විය. ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදුන් කළ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අගබව පැතුවේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස බුදුන්වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් කනිටු බෑයාවී උපන්නේය. පියා මහින්‍ද නම් රජවිය. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් වූහ. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව තනතුරු ලැබූහ. ඔවුහු යට කියනලද ක්‍රමයෙන් කිපියාවූ ප්‍රත්‍යන්තය සංසිඳුවා පියාවෙතින් වරලැබ තෙමසක් බුදුන්වහන්සේ පිළිදැගුම් කරන්නෙමුයි වරයක් ගත්තාහුය. ඉක්බිති ඔවුනට මෙසේ අදහසක් විය. ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. එක් අමතියකු නිෂ්පාදක ස්ථානයෙහි තබා එකෙකු අයවැය දන්නෙකුකොට එකෙකු බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රැක්කාහුය. ඒ ඇමතිවරු ‍තිදෙන යටකියන ලද අයුරින්ම මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අයවුහ. ඒ රජකුමරුවෝ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේට පෙරටුවම බමුණුකුලයක ඉපිද තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවාහුය. වියපත් ඔවුහු ත්‍රිවේදයන් උගත්තාහුය. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවරවූහ. මැඳුම් බෑයාට තුන්සියයකි. කනිටු බෑයාට දෙසියයකි. ඔවුහු තමන්ගේ ග්‍රන්‍ථයෙහි හරය බලන්නාහු ඉහාත්මයෙහිම බැලුවාහුය. පරලොව අයත් දෙය නොබැලුවාහුය. ඉක්බිති ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිපර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නම් වූයේය. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වූයේය. ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්තේ ගයා කස්සප නම්විය. මෙසේ ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදිව එහි වසන කල්හි බොහෝ දිනකට පසුව අපගේ බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්මලද සර්‍වඥතාඥාන ඇත්තාහු අනුපිළිවෙළින් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත්බවෙහි පිහිටුවා යසදාරකයන් ප්‍රමුඛවූ පස්පණස් යහළුවන්ද හික්මවා රහතුන් සැටනම ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව සඳහා චාරිකාවෙහි හැසිරෙවුයයි යවා භද්‍රවර්ගීයයන් හික්මවා උරුවෙල් කසුප්ගේ හේතුව දැක ‘මා ගිය කල්හි දහසක් පිරිවර ඇති තුන්බෑයන් රහත්බවට පැමිණෙති’යි දැන හුදෙකලාව දෙවැන්නකු නොමැතිව උරුවෙල් කසුප් වසනතැනට ගොස් විසීම සඳහා ගිනිහල්ගෙය ඉල්වා එහිදී කරනලද නාගදමනය ආදිකොට ඇති ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් පිරිස් සහිත උරුවේල කාශ්‍යප හික්මවා පැවිදි කරවූයේය. ඔහු පැවිදිවූ බව දැන පිරිස් සහිත සෙසු දෙබෑයෝද අවුත් පැවිදිවූහ. සියල්ලෝම සෘද්ධිමය පාත්‍රචීවරධාරී එහිභික්‍ෂූහු වූහ. ශාස්තෘන්වහන්සේ ඒ මහණුන් දහසගෙන ගයා ශීර්ෂයට ගොස් සමතලා ගලක්මත වැඩහුන්සේක් මොවුනට කවරනම්වූ ධර්‍ම දේශනයක් ගැලපේදැයයි බලන්නාහු ‘මොවුහු ගිනි දෙවියන් පුදමින් හැසිරුනාහුය. මොවුනට භවත්‍රය ගිනිගෙයක් සමාන කොට දැක්වීමට වටීය’යි ආදිත්තපරියාය සූත්‍රය දෙසූසේක. දෙසුම කෙළවර සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් විසින් පිරිවරණලද්දාහු පෙරදීම බිම්සර රජුට දුන් පිළිණ ඇති බැවින් රජගහනුවර ලට්ඨිවනොද්‍යානයට වැඩිසේක. රජතෙමේ බුදුන්වහන්සේ වැඩිබව අසා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමඟ ශාස්තෘන් වෙත එළඹ වැඳ එකන්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ සියල්ලන් ඇතුළත්වූ පිරිස දෙස බලනසේක් මහජනයා උරුවෙල් කසුප්ට ගරුකරනු දැක මොවුහු මගේ හෝ කසුප්ගේ මහත්බව නොදනිති. සැක ඇත්තෝ නම් දේශනාව වටහා ගැනීමට නොහැක්කෝ වෙතියි සිතා කාශ්‍යපය, නුඹේ උපස්ථායකයන්ගේ සැකය සිඳුවයි තෙරුන්ට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේට පසඟ පිහිටුවීමෙන් වැඳ තල්ගසක් පමණවූ අහසට පැන නැඟස සෘද්ධිවිකුර්වණ‍යන් දක්වා ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෲය. මම ශ්‍රාවකයා වෙමි’යි කියා බැස බුදුන්වහන්සේගේ පාවැන්දාහ. මේ ක්‍රමයෙන් සත්වැනි වාරයෙහි තල්ගස්සතක් පමණ අහසට නැඟ යළි අවුත් බුදුන්වහන්සේගේ පා නමැඳ එකත්පසෙක හුන්හ. එකල්හි මහජනයා මෙතෙම ලෝකයෙහි මහාශුමණයයා ශාස්තෘන්වහන්සේ කෙරෙහි නිසැක ඇත්තේවිය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසූසේක. දෙසුම කෙළෙවර රජතෙමේ එකොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසකබව ප්‍රකාශ කළේය. ඒ උරුවෙල් කසුප්ගේ දහසක් පමණවූ පිරිවර භික්‍ෂූහු තමන්ගේ පුරුදුකිරීම් වශයෙන් සිතුවාහුය: ‘අපගේ පැවිදිකිස මුදුන්පත් විය. පිටත ගොස් කුමක් කරන්නෙමුදැ’යි උරුවෙල් කසුප් තෙරුන්ම පිරිවරා හැසුරුණාහුය. ඔවුන් එකිනෙකා එක් එක් ආශ්‍රය කරන්නෙකු ගත්කල්හි දෙදෙහසෙකි. දෙදෙනෙකු බැගින් ගන්නා කල්හි තුන්දහසක් වේයයි මෙතැන් පටන් ඔවුන් ඇසුරු කරන්නාහු යම් පමණවෙත්ද එපමණක් කීමට වටීය යනු මේ මෙහි කථාවස්තුවයි. මෑත කාලයෙහි වනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසයකරනසේක් තෙරුන්වහන්සේ මහපිරිස් ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2yiy56A
==ආනන්‍ද තෙරණුවෝ==

සිවුවැන්නෙහි පළමුවෙනි සූත්‍රයෙහි බහුස්සුතානං යනාදියෙහි බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේවනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ. මේ තෙරුන්ගේ බුද්ධවචනය ගෙන ධාරණය කරගැනීමේ ස්මෘතිය අන්තෙරුනට වඩා බලවත්වූයේය. එහෙයින් සතිමන්තයන් අතුරින් අග්‍රනම්වූහ. මේ ආයුෂ්මතුන්වහන්සේම එක් පදයක සිට පද සැටදහසක් ගන්නාහු ශාස්තෘන්වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම සියලු පදයන් දනිත්, එබැවින් ගතිමන්තයන් අතුරෙන් අග්‍රනම් වූහ. මේ ආයුෂ්මතුන් වහන්සේගේ බුද්ධවචනය උගෙනීමේ වීර්‍ය්‍යය, සජ්ක්‍ධායනය කිරීමේ වීර්‍ය්‍යය, ධාරණය කරගැනීමේ වීර්‍ය්‍යය හා ශාස්තෘන්වහන්සේට උපස්ථාන කිරීමේ වීර්‍ය්‍යයද අන්‍යයන් හා අසමානවූයේ එහෙයින් ධිතිමන්තයන් අතුරෙන් අග්‍රනම්වූහ. තථාගතයන්වහන්සේට උපස්ථාන කරන මුන්වහන්සේ අනෙක් උපස්ථායක භික්‍ෂූන් උවටැනි කරන ආකාරයෙන් උවටැන් නොකළහ. තථාගතයන්වහ්නසේට උපස්ථාන කරන අන්‍යයෝ බොහෝ කලක් උපස්ථාන නොකළාහුය. බුදුන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන නොකළාහුය. තෙරණුවෝ වනාහි උපස්ථායක තනතුරලද දිනයෙහි පටන් ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තෝම තථාගතයන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන කළහ. එබැවින් උපස්ථායකයන් අතුරෙන් අග්‍රනම්වූහ. ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි:‍

මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර නම් ශාස්තෘන්වහන්සේ ලොව පහළවූසේක. උන්වහන්සේට හංසවතී ‍නම් නුවරක් වූයේය. නන්ද ‍නම් රජතෙමේ පියා වූයේය. සුමෙධා නම් දේවිය මව වූවාය. බෝසත් තෙමේ උත්තරකුමාර නම් වූයේය. හෙතෙම පුතෙකු උපන් දිනයෙහි මහබිනික්මන්කොට පැවිදිව කෙළෙස් තැවීමෙහි යෙදුණේ ක්‍රමයෙන් සර්‍වඥතාඥානයට පත්ව අනෙකජාතිසංසාරං’යි උදන් අනා සත්දිනක් බෝමැඩ ගෙවා පොළොවෙහි තබන්නෙමැයි පය එළවීය. ඉක්බිති පොළොව බිඳී යට කියනලද ප්‍රමාණ ඇති පියුමක් නැඟී සිටියේය. එය හේතකොටගෙන භාග්‍යවතුන්වහන්සේ පදුමුත්තර යනුවෙන් ප්‍රකටවූසේක. උන්වහන්සේට දේවාලය සුමෙධයයි අගසව් දෙනමක් වූහ. අමිතා අසමා යනුවෙන් අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක්වූහ. උපස්ථායක තෙමේ සුමන නම්වූයේයි. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පිතෘසංග්‍රහය කරමින් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී රාජධානියෙහි වසනසේක. උන්වහන්සේගේ කනිටු සොහොයුරා සුමන කුමාර නම්විය. ඔහුට රජතෙමේ හංසවතී නගරයෙන් යොදුන් දෙදහසෙක්හි භොගග්‍රාමයක් දුන්නේය. හෙතෙම යම් යම් විට පැමිණ පියාද බුදුන්වහන්සේද දකියි. එක්දිනක් ප්‍රත්‍යන්තය කිපියේයි. සුමන කුමර තෙමේ රජුට (දන්වා) යැවීය. රජ තෙමේ ‘මා විසින් නුඹ එහි කුමක් සඳහා තබලද්දේහිදැ’යි යළි ඔහුට‍ දන්වා යැවීය. හෙතෙම සොරුන් සංසිදුවා ‘දෙවයන්වහන්ස, ජනපදය සංසිඳියේයයි රජුට දන්වා යැවීය. රජතෙමේ සතුටුවූයේ ඉක්මණින් මාගේ පුත්‍රයා පැමිණේවා’යි පැවසීය. ඔහුට දහසක් පමණ අමාතයයෝ වෙති. හෙතෙම ඔවුන් සමඟ අතරමගදී ‘මගේ පියා සතුටුවූයේ වෙයි. ඉදින් මට වරයක් දෙන්නේ නම් කුමක් ගන්නේම්දැ’යි සාකච්ඡා කළේය. ඉක්බිති ඔහුට ඇතැම්හු ඇතෙකු ගනුමැනව, අසකු ගනුමැනව, දනව්වක් ගනු මැනව. සත්රුවන් ගනු මැනවැ’යි කීහ. අන්‍යයෝ, නුඹවහන්සේ පෘථිවීශ්වර (රජු) ගේ පුත්‍රයාය. නුඹවහන්සේට ධනය දුර්‍ලභ නොවේ. මේ සියල්ල ලැබුවත් අතහැර යායුතුය. පිනිම පමණක් රැගෙන යාතුයුය. එබැවින් රජු වර දෙනකල්හි තෙමසක් පියුමුතුරා බුදුරජාණන්වහන්සේට උවටැන් කිරීමට වරයක් ගනු මැනවයි කීවාහුය. හෙතෙම, ‘නුඹලා මගේ කල්‍යාණමිත්‍රයෝයි. මේ සිත මට නැත නුඹලාවිසින්ම උපදවනලදී. එසේ කරමැ’යි ගොස් පියා වැඳ පියාවිසින් වැළඳ ‘පුත, ඔබට වරයක් දෙමි’යි කීකල්හි, ‘මහරජතුමනි. භාගයවතුන්වහන්සේ තෙමසක් සිවුපසයෙන් උවටැන් කරමින් ජීවිතය නොසිස්වූවක් කිරීමට කැමැත්තෙමි. මේ වරය මට දෙනු මැනවැ’යි කීවේය. ‘දරුව නොහැකිය. අනෙකක් ඉල්වව’ ‘දේවයන් වහන්ස, ක්‍ෂත්‍රියයන්ට කථා දෙකක්නම් නැත. මෙයම දෙන්න. මට අනෙකකින් වැඩක් නැත.’ ‘දරුව, බුදුවරුන්ගේ නම් සිත දැනීම දුෂ්කරය. ඉදින් භාග්‍යවතුවහන්සේ නොකැමති වනසේක්නම් මාදුන්කල්හිද කිමෙක් වන්නේද?’ ‘මැනවි, දේවයිනි, මම භාග්‍යවතුන්වහන්සේගේ සිත දන්නෙමැ’යි විහාරයට ගියේය. එවේලෙහි භාග්‍යවතුන්වහන්සේගේ බත්කිස නිමවා ගඳකිළියට පිවි‍සිසේක්වෙති. හෙතෙම මණ්ඩලමාලයෙහි වැඩ හුන්නාවූ භික්‍ෂූන්වහන්සේලා සමීපයට ගියේය. උන්වහන්සේලා, ‘රාජපුත්‍රය, කුමක් හෙයින් පැමිණියෙහිදැ’යි ඔහුගෙන් විමසූහ. ‘භාග්‍යවතුන් දැකීම සඳහාය. මට භාග්‍යවතුන්වහන්සේ දක්වනු මැනව’යි කීවේය. ‘රාජපුත්‍රය, අපි කැමති කැමතිවිට ශාස්තෘන්වහන්සේ දැකීමට නොලබමු! ස්වාමීනි, කවරෙක් ලබයිද? රාජපුත්‍රය, සුමන නම් ‍තෙරුන් වහන්සේ. හෙතෙම, ස්වාමීනි, තෙරුන්වහන්සේ කොහිදැ’යි තෙරුන් හුන්තැන අසා ගොස් වැඳ, ‘ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේ දැකීමට කැමැත්තෙමි. මට දක්වනු මැනව’යි කීවේය. තෙරුන්වහන්සේ රජකුමරු බලාසිටියදීම ආපෝකසිණයට සමවැද මහපොළොවෙහි ජලය අධිෂ්ඨාන කොට පොළොව කිමිඳ ශාස්තෘන්වහන්සේගේ ගඳකිළියෙහිම පහළවූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහුගෙන් ‘සුමන, කුමක් නිසා පැමිණියෙහිදැයි ඇසූසේක. ‘ස්වාමීනි, රාජපුත්‍රතෙමේ භාග්‍යවතුන්වහන්සේ දැක්මට ආයේය’යි කීහ. එසේ වීනම් මහණ, අසුනක් පනවව’යි පැවසූසේක. යළි තෙරුන්වහන්සේ රජකුමරු බලා සිටියදීම බුද්ධාසනය ගෙන ඇතුල් ගඳකිළියෙහි කිමිදී පිටත පිරිවෙණෙහි පහළවී පිරිවෙණෙහි අසුන පැනවූහ. රජ කුමර තෙමේ මේ අසිරිමත් කරුණු දෙක දැක, ‘මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම බලවතෙකැ’යි සිතුවේය. භාග්‍යවතුන්වහන්සේද ගඳකිළියෙන් නික්ම පනවනලද අසුනෙහි හුන්සේක. රජපුත් තෙමේ භාග්‍යවතුන් වැද පිළිසඳර පැවැත්වීය. ‘රාජ පුත්‍රය, කොයි විටෙක පැමිණියෙහිදැ’යි (භාග්‍යවතුන්වහන්සේ ඇසූසේක.) ‘ස්වාමීනි, නුඹවහන්සේ ගඳකිළියට පිවිසිකල්හි අවුත් බික්සඟනට සැළ කෙලෙමි. භික්‍ෂූහු වනාහි අපි කැමති කැමති විට භාග්‍යවතුන් දක්නට නොලබමුයි (පවසා) මා තෙරුන් වහන්සේ සමීපයට යැවූහ. තෙරුන්වහන්සේ වනාහි එක් වචනයෙන්ම දැක්වූහ ස්වාමීනි, තෙරුන්වහන්සේ නුඹවහන්සේගේ සසුනෙහි වල්ලභයෙකැයි හැ‍ඟෙයි’යි පැවසීය. ‘එසේය, රාජකුමාරය, මේ භික්‍ෂුව මගේ සසුනෙහි වල්ලභයෙකි.’ ‘ස්වාමීනි, බුදුවරුන්ගේ සසුනෙහි කුමක් කොට වල්ලභයෝ වෙත්ද?’ ‘දන්දී සිල් සමාදන්ව පෙහෙවස්කම් කොටය, කුමරුව.’ ‘භාග්‍යවතුන්වහන්ස, මම තෙරුන් මෙන් බුදුසසුනෙහි වල්ලභයෙක් වනු කැමැත්තෙමි. හෙට ‍මගේ භික්‍ෂාව ඉවසනු මැනවැ’යි කුමරා පැවසීය. භාග්‍යවතුන්වහන්සේ නිහඬ බවින් ඉවසූසේක. රජකුමරුවා තමන් වසන තැනට ගොස් සියලු රැය මහත් සත්කාර පිලියෙළ කොට සත්දිනක් කඳවුරු බත නම් වූවක් දුන්නේය. සත්වැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ වැඳ, ‘ස්වාමීනි, මාවිසින් පියා සමීපයෙන් තෙමසක් ඇතුළ්වස නුඹවහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ලබනලදී. තෙමසක් මගේ වස් ආරාධනය ඉවසන සේක්වා’යි කීය. භාග්‍යවතුන්වහන්සේ යාමෙන් වැඩක් ඇත්දැයි බලා ඇතැයි දැක, රජකුමරුට, තථාගතවරු ශුන්‍යාගාරයෙහි කැමති වෙතැයි පැවසූසේක. කුමර තෙමේ, ‘භාග්‍යවතුන්වහන්ස, වැටහිණි. සුගතයන්වහන්ස, වැටහිණි’යි පවසා ස්වාමීනි, මම මුලින්ම ගොස් විහාරයක් කරමි. මා දන්වා එවූ විට භික්‍ෂූන් ලක්‍ෂයක් සමඟ වඩිනු මැනව’යි භාග්‍යවතුන්වහන්සේ පිළිණ කරවා ගෙන පියා වෙතට ගොස් ‘දේවයන්වහන්ස, මට භාග්‍යවතුන්වහන්සේ විසින් පිළිණ දෙන ලදී. මා දන්වා එවූ විට භාග්‍යවතුන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි කියා පියා වැඳ නික්ම යොදුනෙහි යොදුනෙහි වෙහෙරක් කරන්නේ යොදන් දෙදහසක් දුර ගියේය, ගොස් තමන්ගේ නුවරෙහි වෙහෙරට තැනක් සොයන්නේ සොහන නම් කෙළෙමියාගේ උයන දැක ලක්‍ෂයකින් මිළදී ගෙන ලක්‍ෂවත් වියදම් කොට විහාරයක් කරවීය. එහි භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක්ද සෙසු භික්‍ෂූන්ට රාත්‍රිස්ථාන දිවාස්ථාන සඳහා කුටි ලෙන් මණ්ඩපයන් කරවා පවුරු පිරිකෙව් දොර කොටුද නිමවා පියා වෙත ‘මගේ කිස නිමියේය. ශාස්තෘන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි දන්වා යැවීය. රජතෙමේ භාග්‍යවතුන්වහන්සේ වළඳවා ‘භාගයවතුන්වහන්ස, සුමනගේ කටයුතු නිමියේය. නුඹවහන්සේගේ වැඩීම බලාපොරොත්තු වන්නෙයයි පැවසීය. භාග්‍යවතුන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරණලදසේක් යොදුනෙක් යොදුනෙක්හිවූ විහාරයන්හි වසමින් වැඩිසේක. කුමර තෙමේ ශාස්තෘන්වහන්සේ වඩිනසේකැයි අසා යොදුනක් පෙරගමන් කොට ගඳමල් ආදියෙන් පුදමින් විහාරයට වැඩම කරවා,
‘මාවිසින් ලක්‍ෂයකින් මිළදී ගන්නාලද
ලක්‍ෂයකින් නිමවූ
ශොභන නම්වූ උයන
මහාමුනිවරය, පිළිගනුමැනව’යි (පවසා) විහාරය පවරා දුන්නේය. හෙතෙම වස් එළඹෙන දිනයෙහි දන්දී තමන්ගේ අඹුදරුවන්ද අමාත්‍යයන්ද කැඳවා, ‘ශාස්තෘන්වහන්සේ අප සමීපයට දුර සිටම වැඩිසේක. බුදුවරයෝ නම් ධර්‍මයට ගරුකරන්නෝය. ආමිෂය දෙස හෙළුෑ ඇස් ඇත්තෝ නොවෙත්, එබැවින් මම මෙම තෙමසෙහි සළු දෙකක් හැඳ දසසිල් සමාදන්ව මෙහිම වසන්නෙමි. නුඹලා රහතන්වහන්සේලා ලක්‍ෂයට මේ අයුරින්ම තෙමස දන් දෙන්නෙහුය’යි කීවේය. හෙතෙම සුමන තෙරුන් වසන තැනට අනුරූපවූ තැනක වසන්නේ තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට යම් වතක් කරත්ද ඒ සියල්ල දැක ‘මේ තෙරුන් වහන්සේ ඒකාන්තයෙන්ම වල්ලභවූයේ ස්ථානයෙහිය. (කරුණු සහිතවය) මවිසින් මුන්වහන්සේගේම තනතුර පැතීමට වටීයයි සිතා පවාරණය ළංවූ විට ගමට පිවිස සත්දිනක් මහදන්දී සත්වන දිනයෙහි ලක්‍ෂයක්වූ භික්‍ෂූන්ගේ පාමුල තුන්සිවුරු තබා භාග්‍යවතුන්වහන්සේ වැඳ ‘ස්වාමීනි, මවිසින් සත්දිනක් කඳවුරු දානයේ පටන් යම් යම් පිනක් කරනලද්දේද ශක්‍ර සම්පත්තිය හෝ මාරසම්පත්තිය හෝ පතමින් නොකරනලදී. බුදුන්වහන්සේගේ උපස්ථායක භාවය පතමින් කරනලදී. එබැවින් භාග්‍යවතුන්වහන්ස, මමද අනාගතයෙහි සුමන තෙරුන් මෙන් එක් බුදු කෙනෙකුන්ට උපස්ථායක වෙමි’යි පසඟ පිහිටුවා වැන්දේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ඔහුට විවරණදී වැඩිසේක. කුමරුවා එය අසා බුදුවරුනම් සැකසහිත කථා ඇත්තෝ නොවෙතියි දෙවැනි දිනයෙහි ගෞතම බුදුන්වහන්සේගේ පාසිවුරු ගෙන පිටුපසින් පිටුපසින් යන්නහු මෙන්විය. හෙතෙම ඒ බුද්ධොත්පාද කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් දන්දී ස්වර්‍ගයෙහි ඉපිද කාශ්‍යප බුද්ධකාලයෙහි පිඬු හැසිරෙන තෙර කෙනෙකුන්ට පාත්‍රය ගැනීම සඳහා උතුරු සළුවදී පූජා කළේය. නැවත දෙව්ලොව ඉපිද බරණැස් රජව මතුමහල් තලයෙහිවූයේ ගන්‍ධමාදනයේ සිට අහසින් වඩින්නාවූ පසේ බුදුවරුන් අට නමක් දැක කැඳවා වළඳවා තම මඟුල් උයනෙහි උන්වහන්සේලාට පන්සල් අටක් කරවා උන්වහන්සේලාට හිඳීම සඳහා තම නිවෙසෙහි සියල්ල රුවන්මයවූ පුටු අටක්ද මැණික් ආධාරකයන්ද පිළියෙළ කරවා දසදහසක් අවුරුදු උවටැන් කළේය. මේ ප්‍රකට තැන්ය. කල්ප ලක්‍ෂයක් දන් දෙමින්ම අපගේ බෝසතුන් සමඟ තුසී පුරෙහි ඉපිද එයින් චුතවූයේ අමිතොදන ශාක්‍යයාගේ ගෙහි උපන්නේය. ඉක්බිති මොහුට සියලු ඥතීන්ම සතුටුවූවන් ප්‍රමුදිත වූවන් කරමින් උපන්නේයයි ආනන්‍දයයි නම් කළාහුය.
හෙතෙම, භාග්‍යවතුන්වහන්සේ පිළිවෙළින් කරනලද අබිනික්මන් ඇතිව සම්මාසම්බෝධියට පත්ව පළමු ගමනින් කිඹුල්වතට අවුත් එයින් නික්මෙනකල්හි භාග්‍යවතුන්වහන්සේට පිරිවර සඳහා රජකුමරුවරුන් පැවිදිවනකල්හි භද්දියාදීන් සමඟ නික්ම භාග්‍යවතුන් සමීපයෙහි පැවිදිවී නොබෝ කලකින්ම ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත්ත තෙරුන් සමීපයෙහි දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියේය. එකල්හි භාග්‍යවතුන්වහන්සේට ප්‍රථම බෝධියෙහි විසිවස නිබඳ නොවූ උපස්ථායකවරු වූහ. එක්දිනෙක නාගසමාල තෙරහු පාසිවුරු ගෙන හැසිරෙති. එක්දිනෙක නාගිත තෙරුන්වහන්සේය. ඇතැම් දිනක උපවාණ තෙරුන්වහන්සේය. ඇතැම් දිනෙක සුනක්‍ඛත්ත තෙරණුවෝය. සමහර දිනෙක චුන්‍දසමණුද්දේසයෝය. ඇතැම් දිනෙක සාගත තෙරණුවෝය. තවත් දිනෙක රාධ තෙරණුවෝය. ඇතැම් කලෙක මෙඝිය තෙරුන්වහන්සේය. එහිදී එක් දිනක් භාග්‍යවතුන්වහන්සේ නාගසමාල තෙරුන් සමඟ දුරුමගට පිළිපන්සේක් දෙමං සන්‍ධියකට පැමිණිසේක. තෙරණුවෝ මගින් ඉවත්ව, භාග්‍යවතුන්වහන්ස, මම මේ මගින් යමි’යි කීහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘එව මහණ මේ මගින් යමු’යි පැවසූසේක. හෙතෙම, ‘එසේනම් භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේගේ පාසිවුරු ගනුමැනව. මා මේ මගින් යමියි කියා පාසිවුරු බිම තැබීමට සැරසුනේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘ගෙනෙව මහණැ’යි පවසා පාසිවුරු ගෙන වැඩිසේක. අනෙක් මගින් යන්නාවූ ඒ භික්‍ෂුවගේ පාසිවුරුද සොරු පැහැර ගත්තාහුය. හිසද බින්දාහුය. හෙතෙම දැන් මට භාග්‍යවතුන්වහන්සේ පමණක්ම පිහිටය. අනෙකෙක් නොවේයයි සිතා ගලන ලෙයින් යුතුව භාග්‍යවතුන් සමීපයට ගියේය. මහණ, මේ කිමෙක්දැයි ඇසූ කල්හි එපුවත සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘මහණ, නොසිතව. මේ කරුණින්ම ඔබව වැළැක්වීමි’යි වදාරා අස්වැසුසේක. එක්දිනෙක භාග්‍යවතුන්වහන්සේ මෙඝිය තෙරුන් සමඟ ප්‍රාචීනවංසමිගාදායෙහි ජන්තුගමට වැඩිසේක. එහිදීද මේඝිය තෙමේ ජන්තුගමෙහි පිඬුපිණිස හැසිර නදී තෙරෙහි පාසාදික අඹනයට දැක ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පාසිවුරු ගනු මැනව. මම ඒ අඹවනයෙහි මහණදම් කරමියි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවරක් වළක්වනු ලබන්නේද ගොස් අකුසල විතර්‍කයන්ගෙන් ගැලී ආපසු ඇවිත් එපුවත සැළකෙළේය. භාග්‍යවතුන්වහන්සේ ඔහුටද මේ කාරණයම සලකා ඔබ වැළැක්වීමියි පවසා පිළිවෙළින් සැවතට වැඩිසේක. එහි ගඳකිළි පිරිවෙණෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි හුන්සේක් බික්සඟන විසින් පිරිවරන ලද්දාහු භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, දැන් (මම) මහ‍ල්ලෙක් වෙමි. ඇතැම් භික්‍ෂුහු මේ මගින් යමුයි කී කල්හි අන් මගකින් යති. ඇතැම්හු මාගේ පාසිවුරු බිම හෙළත් මට නිබඳ උපස්ථායකවූ එක් භික්‍ෂුවක් දැනුව’යි පැවසූසේක. භික්‍ෂූන්ට ධර්‍මසංවේගය උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නැඟිට භාග්‍යවතුන් වැඳ ‘මම ස්වාමීනි, නුඹවහන්සේ‍වම පතමින් කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යක් පාරමී පිරුවෙමි. මා වැනි මහපැණවතෙක් උපස්ථායක වීම නම් නොවටීද? මම උපස්ථාන කරන්නෙමැයි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ ඔහුට, සාරිපුත්තය, යම් දෙස ඔබ හැසිරෙහිද? එදසෙ නොසිස්ය. ඔබගේ අවවාදය බුදුවරුන්ගේ අවවාදයට සමානය. එබැවින් මට ඔබ විසින් උපස්ථාන කෘත්‍යයක් නැතැයි ප්‍රතික්‍ෂෙප කළසේක. මේ ක්‍රමයෙන්ම මහමුගලන් ආදිකොට අසූමහ සව්වෝ නැඟී සිටියාහුය. භාග්‍යවතුන්වහන්සේ ඒ සියල්ලන් ප්‍රති‍ක්‍ෂෙප කළසේක. අනඳ තෙරුන්වහන්සේ වනාහි නිහඬවම හුන්හ. ඉක්බිති භික්‍ෂූහු ඔහුට ‘ඇවැත්නි, භික්‍ෂුසංඝයා උපස්ථායක තනතුර ඉල්ලයි. නුඹද ඉල්වව’ කීහ. ‘ඇවැත්නි, ඉල්ලා ලත් තැන නම් කෙබඳු වේද? කිම? ශාස්තෘන්වහන්සේ මා නොදකිනසේකද? ඉදින් මට කැමතිවනසේක්නම් ආනන්‍ද මට උවටැන් කරවයි කියන සේකැ’යි තෙරුන්වහන්සේ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ම‍හණෙනි, ආනන්ද අන්‍යයන් විසින් උත්සාහවත් නොකළ යුත්තෙකි. තෙමේම දැන මට උපස්ථාන කරන්නේය’යි පැවසූසේක. ඉක්බිති භික්‍ෂූහු ‘ඇවැත්නි නැගිටින්න. ආනන්‍දය නැගිටින්න. ආනන්‍ද දශබලයන්වහන්සේගෙන් උපට්ඨායක තනතුර ඉල්වන්නැයි කීවාහුය. තෙණුවෝ නැඟිට ප්‍රතික්‍ෂේප සතරක්ද ආයාචනා සතරක්දැයි වර අටක් ඉල්ලූහ. ප්‍රතික්‍ෂේප සතරනම්: ස්වාමීනි, ඉදින් භාගයවතුන්වහන්සේ තමන් විසින් ලබනලද ප්‍රණීත චීවර නොදෙන සේක්ද, පිණ්ඩපාතය නොදෙන සේකද? එක ගඳකිළියෙහි විසීමට නොදෙන සේක්ද, නිමන්ත්‍රණය ගෙන නොවඩිනසේක්ද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේ උපස්ථාන කරමැයි පවසා ‘ආනන්‍දය, මෙහි කවරනම් ආදීනව දැක්කෙහිදැයි ඇසූකල්හි, ‘ස්වාමීනි, ඉදින් මම මේ වස්තූන් ලබන්නෙම් නම්, ආනන්‍දතෙර තථාගතයන් විසින් ලබන ලද ප්‍රණීත සිවුරු පරිභෝග කරයි, පිණ්ඩපාතය වළඳයි. එක ගඳකිළියෙහි වසයි. එක අරයුමට යයි. මේ ලාභ ලබමින් තථාගතයන්ට උවටැන් කරයි. මෙසේ උවටැන් කිරීමෙහි කවර බරෙක්දැයි කියන්නෝ වන්නාහ! මෙසේ මේ ප්‍රතික්‍ෂෙප සතර ඉල්ලූහ. සතර ආයාචනා නම්: ‘ස්වාමීනි, ඉඳින් මා විසින් පිළිගන්නාලද නිමන්ත්‍රණයට භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්ද, ඉදින් මම රටට පිටින් ජනපදයට පිටතින් භාග්‍යවතුන්වහන්සේ දැකීමට ආපිරිස පැමිණි කෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දැක්වීමට ලබන්නේම්ද යම්විටෙක මට සැකයක් උපදීද එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹීමට ලබන්නෙම්ද භාග්‍යවතුන්වහන්සේ මා නොහමුවෙහි යම් දහමක් දෙසයි නම් එය අවුත් මට පවසන්නේද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේට උපස්ථාන කරමියි කියා ‘ආනන්‍දය, මෙහි කවර ආනිසංශයක් දකිහිදැයි විමසූවිට මෙසේ කීහ: මෙහි ස්වාමීනි, සැදැහැති කුලපුත්තු භාග්‍යවතුන්වහන්සේගෙන් අවකාශයක් නොලබන්නාහු මට මෙසේ කියත්: ‘ස්වාමීනි ආනන්‍දය, හෙට භාග්‍යවතුන්වහන්සේ සමඟ අපගේ ගෙහි භික්‍ෂාව ගනුමැනව.’ ඉදින් භාග්‍යවතුන්වහන්සේ එහි නොයන සේක්නම් කැමැතිකැමති අවස්ථාවෙහි පිරිස දැක්වීමටද සැක දුරලීමටද අවකාශද නොලබමි. කිමේකද? ආනන්‍ද තෙරණුවෝ බුදුන්වහන්සේට උවටැන් කරති. මෙපමණවත් අනුග්‍රහයක් ඔහුට නොකරතිදැයි කියන්නෝද වන්නාහ. ‘ඇවැත්නි ආනන්‍දය, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කොහිදී දෙසන ලද්දැයි භාග්‍යවතුන්වහන්සේගේ අසම්මුඛයෙහි මගෙන් අසන්නාහ. ඉදින් මම ඔවුනට එය නොසපයන්නෙම් නම් ‘ඇවැත්නි, මෙපමණක්වත් නොදන්නෙහිද? කුමක් නිසා නුඹ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් අතනොහරිමින් දිගුකලක් හැසිරෙහිදැ’යි කියන්නෝ වන්නාහ. එහෙයින් මම (මා) නොහමුවෙහි දෙසනලද ධර්‍මය නැවත කීමද බලාපොරොත්තු වෙමි’යි මේ ආයාචනා සතර ඉල්ලූහ. භාග්‍යවතුන්වහන්සේද ඒවා උන්වහන්සේට දුන් සේක. මෙසේ මේ අටවරය ගෙන නිබඳඋවටැන් කරන්නා වූහ. ඒ තනතුර සඳහාම කල්පලක්‍ෂයක් පුරනලද පාරමීන්ගේ ප්‍රතිඵලය පැමිණිණි. හෙතෙම උපස්ථායක තනතුරලද දිනයෙහි සිට දශබලයන්වහන්සේ දෙයාකාර ජලයෙන් තුන්ආකාර දැහැටුවෙන් පාද පරිකර්‍මයෙන් පිට්ඨිපරිකර්‍මයෙන් ගඳකිළි පිරිවෙණ හැමදීමෙන්ද යන මේ ආදී කටයුතුවලින් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෘන්වහන්සේට මෙනම් දෙය ලැබීමට වටී. මෙනම් දෙය කිරීමට වටීයයි රාත්‍රිභාගය අතරතුර පන්දම් එළියක් රැගෙන එක් රැයකට ගඳකිළිපිරිවෙණ නව වරෙක වටේට යයි. උන්වහන්සේට මෙබඳු අදහසක් විය: ‘ඉදින් මට ථිනමිද්ධය ඇති වන්නේ නම් භාග්‍යවතුන්වහන්සේ කැඳවන විට පිළිවදන් දීමට නොහැකි වන්නේය’ යනුවෙනි. එබැවින් සියලු රාත්‍රියෙහි පන්දම් පහන අතින් නොමුදති. මේ කථාවස්තුව මෙපමණෙකි. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වසනසේක් නොයෙක් ආකාරයෙන් ධර්‍මභාණ්ඩාගාරික ආනන්‍ද ස්ථවිරයන් වර්‍ණනා කොට තෙරුන් මෙම සසුනෙහි බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් අතුරින්, සිහි ඇත්තවුන් අතුරින්, ගතිමන්තයන් අතුරින් ධිතිමන්තයන් අතුරින් හා උපස්ථායක භික්‍ෂූන් අතුරින්ද අගතනතුරෙහි තැබූසේක.

from Path to Nirvana https://ift.tt/2AaS08T
ශාසනය මැරීමේ මහා පාපය..

( අද මාර්ගඵල ලබා ගැනීමට නොහැකි යැයිපවසන දනන් හට 1959 අතිපූජ්‍ය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ මහාස්ථවිර ස්වාමීන්වහන්සේ ලබා දුන් පිලිතුරක කොටසකි )

ශාසන ප්‍රාසාදයේ මුදුන් මහල වූ අධිගමයට පිවිසෙන දොරටුව වැසී ගොස් බොහෝ කල්ය.ඊට ඇතුල්විය නොහැකිය යන කථාව පැරණිය, දීර්ඝය, විසිතුරැය. අදත් ඒ බැරිකථාවට පණදෙන තාර්කිකයන් ඒ සඳහා ගළපා දක්වන සියුම් තර්ක උපමා පුදුම සහගතය.ඇතමෙක් අද සාසනය වඳ පීදුනු කෙසෙල් ගසකට සමාන යයි කියනු ලැබේ.ජිනචක්‍රයට පහරදීමේ මාරක ඍද්ධිය කොතරම් බිහිසුණුද? ශාසන සංරක්ෂණය හා සංවර්ධනය පිළිබඳ විවිධ හැඟීම් බලපාන මේ බුද්ධ ජයන්ති වේගයේ උණුසුම නිවී යන්නට පෙර ප්‍රතිවේධ සාසන ගවේශක මණ්ඩලයක් ඇතිකිරීම අද කළයුතු අසාහාය ශාසන මෙහෙය වශයෙන් සැලකිය යුත්තේ ශාසනය මැරීමේ මහාපාපය දඩුවම් නැති අපරාධයක් වී තිබෙන හෙයිනි.කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම දශකයේ පර්වතයක් මුදුනට නැගී අධිගමය උදෙසා පණදුන් අධිගම වීර පෙරමුණ වැනි පරාක්‍රමශීලී අධිගම වීර පෙරමුණක් වහා සංවිධානය විය යුත්තේය යන යෝජනාව අප ඉදිරිපත් කරන්නේ මහත් සාසන සංවේගයෙනි.

ධර්මෝපදේශයන් ගණනට නොගෙන පිළුණු පුහුල් හොද්දෙහි පවා ආශාව අත් නොහැර, කුණු වණය රකින හිඟන්නා මෙන් හැම කුණක්ම රැක ගෙන, නිවන් මඟ නොතකා ලාභ කීර්ති මඬ ගොහොද්දේ කරවටක් එරී දඟලන පින්වතුන් අද නිවන් නැතැයි නඟන හඬ නම්බුව රැක ගැනීමේ ව්‍යාජයෙන් කරන තුච්ඡ ඝොෂණයක් වශයෙන් සලකා බැහැර ලිය යුත්තේය.
ශාසන මාමක පැවිදි උතුමනි! සැදැහැති බෞද්ධ උපාසක උපාසිකාවෙනි! රහතුන්ගේ සෙවණැල්ලෙන් වැසී පැවැති මේ ශුද්ධ පොළොවේ අධිගම පෙළහැර පාන්නට තවමත් ඔබට වාසනාව ඇතිවග සලකමින් බුදු මුහුණ බලා මෙයට සැරසෙනු මැනවි! සම්මා ධම්මං විපස්සතු!!!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2CjtnIC
==මහා කොට්ඨිත තෙරණුවෝ==

දසවැන්නෙහි පටිසමභිදාප්පත්තානං යන්නෙන් සිවු පිළිසිඹියාවන්ට පත්ව සිටියවුන් අතුරෙන් මහා කොට්ඨිත තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි තමන්ගේ පිළිසිඹියාවන්හි පුරුදුකළ වසිතාවෙන් ප්‍රකට මහාශ්‍රාවකයන් වෙත එළඹ ප්‍රශ්න අසන්නාහුද භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ ප්‍රශ්න අසන්නාහුද පිළිසිඹියාවන් පිළිබඳවම ප්‍රශ්න අසති. මෙසේ මේ පුරුදුකිරීම් වශයෙන් පිළිසිඹියාපත්වූවන් අතුරෙන් අග්‍රනම් වූයේය. ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි:

මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරමහ ධනවත් කුලයක උපන්නේ පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මකථා අසන්නේ එක් භික්‍ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරෙන් අග තන්හි තබන්නාවූ බුදුරජාණවහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිහිමියෙන් කුසල් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි බමුණු කුලයෙක උපන්නේය. කොට්ඨිත මානවකයයි ඔහුට කළාහුය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම කථාව අසාලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසපන් කාලයෙහි සිට විදර්‍ශනාවට කටයුතු කරන්නේ පිළිසිඹියා සමඟ රහත්බවට පත්ව නිබඳව පිළිසිඹියාවන්හි පුරුදු කරනලද වසිතාවෙන් යුක්තව පැන විමසන්නේ පිළිසිඹියාවන්හිම පැනව විමසයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි මහාවේදල්ල සූත්‍රය අත්‍ථ‍ර්‍ාත්පත්ති කොට තෙරුන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතැන්හි තැබූසේක.