Monthly Archives: November 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2S8qNtv
==බුජ්ජුත්තරා==

තෙවෙනි සිවුවෙනි සූත්‍ර‍යන්හි බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා, මෙත්තාවිහාරීනං යදිදං සාමාවතී යන්නෙන් බොහෝ ඇසූපිරූ තැන් ඇති උවැසියන් අතුරින් බුජ්ජුත්තරාද මෙත් පැවතුම් ඇති උවැසියන් අතුරින් සාමාවතීද අග්‍රයයි දැක්වෙයි. මේ දෙදෙනාම පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මය අසන්නෙමුයයි විහාරයට ගියාහුය. එහි ඛුජ්ජුත්තරාවෝ එක් උවැසියක බොහෝ ඇසූපිරූතැන් ඇත්තියන් අතුරින් අගතන්හි තබන්නා වූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. සාමාවතියද එක් උවැසියක මෙත් පැවතුම් ඇත්තියන් අතුරින් අගතනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්ලොව ඉපිද දෙවිමිනිසුන් අතර සැරිසරන්නාවූ ඒ දෙදෙනාටම කල්ප ලක්‍ෂයක් ඉකිමිණ. අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම වජ්ජිරටෙහි අභිවාතක නම් රෝගයක් හටගත්තේය. එකිනෙක ගෙහි එක වරම මිනිස්සු දස දෙනාද, විසිදෙනාද මැරෙති. රටින් පිටව ගියාහු වනාහි දිවි ලබත්! එය දැන එක් පුරුෂයෙක් තමන්ගේ අඹුදරුවන් රැගෙන අන්රටකට යන්නෙමැයි එයින් නික්මුණේය. ඉක්බිති ඔහුගේ ගෙයින් ගන්නාලද මාර්‍ගොපකරණ අතරමග කතරින් එතෙරනොවී තිබියදීම නිමාවට ගියේය. ඔවුන්ගේ සිරුරුබලය පිරිහිණි. වරක් මව පුතු ඔසවාගෙන යයි. වරක් පියා ඔසවාගෙන යයි. ඉක්බිති එම පුතුගේ පියා ‘අපගේ සිරුරු බලය පිරිහිණ. පුතා ඔසවාගෙන යන්නාවූ අපි කතරින් එතෙර වීමට නොහැකි වන්නෙමු’යි සිතුවේය. හෙතෙම ඔහුගේ මවට නොදන්වාම දිය කිස සඳහා අන් අය සමඟ නොගොස් නැවතුණු කෙනෙකු මෙන් පුතු මඟ හිඳුවා තනිවම මගට පිළිපන්නේය. ඉක්බිති ඔහුගේ බිරිය ආපසු පැමිණීම බලාපොරොත්තු වන්නී අතෙහි පුතු නොදැක වැලපෙමින් ගොස් ‘හිමියනි, මගේ පුතා කොහිදැයි ඇසුවාය. ‘නුඹට පුතුගෙන් කවර වැඩෙක්ද? ජීවත්වන්නමෝ පුතෙකු ලබන්නෙමුයයි හෙතෙම කීවේය. ඕතොමෝ මේ මිනිසා අතිශයින්ම සහාසිකයෙකැ’යි කියා ‘නුඹ යව, මම නුඹවැන්නෙකු සමඟ නොයන්නෙමැයි පැවසුවාය. හෙතෙම ‘සොදුර, මෙය මවිසින් නොසිතා කරන ලද්දකි. මට ක්‍ෂමා කරන්නැ’යි පවසා පුතුරුගෙන ගියේය. ඔවුහු ඒ කතර ඉක්මවා සැන්දෑවෙහි එක් ගොපලු කුලයකට පැමිණියාහුය. එදවස ගොපලු කුලවැස්සෝ දියනුමුසු පායාසයක් පිසූහ. ඔවුහු මොවුන් දැක මොවුහු බෙහෙවින් සාගිනි ඇත්තෝයි (සිතා) මහ බඳුනක් පායාසයෙන් පුරවා හැන්දක් පුරා ගිතෙල්ද වත්කොට දුන්නාහුය. ඔවුන් ඒ පායාසය බුදින කල්හි ඒ ස්ත්‍රිය පමණ දැනම අනුභව කළාය. පුරුෂයා වනාහි පමණ ඉක්මවා අනුභ‍වකොට දිරවන්නට නොහැක්කේ රාත්‍රිභාගයෙහි කළුරිය කළේය. හෙතෙම කළුරිය කරන්නේ ඔවුන් කෙ‍රෙහි ආදර සහිත බවින් ගොපල්ලන්ගේ ගෙදර බැල්ලකගේ කුසෙහි පිළිසඳ ගත්තේය. බැල්ල නොබෝ දිනකින්ම වැදුවාය. ගොපල්ලා ඒ බලුපැටවා මනාපෙනුමැත්තකු බව දැක අහරින් පොළඹවා තමන් කෙරෙහි උපන් සෙනෙහ ඇත්තෙකුකොටගෙන සමඟම හැසිරෙයි. ඉක්බිති එක් දිනක් එක් පසේබුදුවරයෙක් පිඬු හැසිරෙන වේලෙහි ගොපල්ලාගේ ගෙදොරට පැමිණියහ. හෙතෙම උන්වහන්සේ දැක භික්‍ෂාව දී තමන් ඇසුරුකොට වසනලෙස පිළිණ ගත්තේය. පසේ බුදුන්වහන්සේ ගොපල් කුලයට නුදුරු එක් වන ලැහැබක විසීමට එළැඹිසේක. ගොපල්ලා උන්වහන්සේ වෙතට යන්නේ ඒ බලුපැටවා රැගෙනම යයි. අතරමගෙහිදීද දරුණු මෘගයන් ඇති තන්හි එම රුදුරු මෘගයන් පලවා හැරීම සඳහා ගස්වලට හෝ ගල්වලට පහර දෙයි. ඒ බලු පැටවාත් එය (එබඳු දෙය) කිරීමේ නියමය තහවුරු කරගත්තේය. ඉක්බිති එක් දිනක් ඒ ගොපල්ලා පසේ බුදුන් සමීපයෙහි හිඳ ස්වාමීනි, අපට හැම කල්හි ඒමක් නම් නොවෙයි. මේ බලුපැටවා දක්‍ෂයෙකි. මොහු පැමිණි සලකුණින් අපගේ ගෙදොරට වඩිනුමැනවැයි කීවේය. හෙතෙම එක් දිනක් පසේ බුදුන් වඩමවාගෙන එවයි. බලුපැටවා යැවීය. බලුපැටවා ඔහුගේ වචනය අසා පිඬු හැසිරෙන වේලෙහි ගොස් පසේබුදුන්ගේ පාමුල උදරයෙන් හොත්තේය. පසේ බුදුන්වහන්සේ මෙතෙම මා සමීපයට ආයේයැයි දැන පාසිවුරු රැගෙන මගට පිළිපන්සේක. උන්වන්සේ බලුපැටවා විමසනු සඳහා මගින් ඉවත්ව වෙනත් මගක් ගත්සේක. බලුපැටවා ඉදිරියෙහි සිට ගොපලු කුලමගට පිළිපන් කල්හි ඉවත්වූයේය. ගොපල්ලා යම් යම් තැනක රුදුරු මෘගයන් පළවනු සඳහා ගසකට හෝ ගලකට හෝ පහර දුන්නේද? ඒ ඒ තැනට පැමිණ බලුපැටවා මහහඬින් කෑගසයි. ඔහුගේ හඬින් රුදුරු මෘගයෝ පලායති. පසේ බුදුන්වහ්සේද බත්කිස වේලෙහි මහත් සිනිඳු (බත්) පිඬක් ඔහුට දෙනසේක. හෙතෙම ආහාර ලැබීමෙන් පසේබුදුන් කෙරෙහි වැඩියක් සෙනෙහෙ කරයි. ගොපල්ලා තෙමසක් විසූ පසේබුදුන්වහන්සේට සිවුරට පොහොනා සළුවක් දී, ‘ස්වාමීනි, ඉදින් ඔබවහන්සේ කැමතිවනසේක්නම් මෙහිම වසනු මැනවි. නැතහොත් කැමති පරිද්දෙන් වඩිනු මැනවැයි පැවසීය. පසේ බුදුන්වහන්සේ යන අයුරක් දැක්වූ සේක. ඒගොපල්ලා පසේ බුදුන්ට පසුගන්කොට නැවතුණේය. බලුපැටවා පසේබුදුන්වහන්සේ වෙනතක යනබව දැන බලවත් සෙනහසින් උපන් දැඩි සොවින් හදපැළීමට පත්ව මියගොස් තව්තිසා දෙව්ලොව උපන්නේය. පසේබුදුන් සමඟ යන කල්හි උස් හඬින් රුදුරු මෘගයන් පළවාහළ බැවින් දෙවියන් සමඟ කථා කරන්නාවූ ඔහුගේ හඬ සියලු දෙවිපුරය වසාසිටියේය. හෙතෙම එයින්ම නමක්ලැබ ඝොෂක දෙවිපුත් නම් වූයේය. ඉක්බිති ඔහු ඒ සැපත් අනුභව කරන කල්හි මිනිස් පියෙහි කොසඹෑනුවර උදේන නම් රජතෙමේ රාජ්‍යය කළේය. ඔහුගේ කථාවස්තුව මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි බොධිරාජකුමාර සූත්‍රවර්‍ණනාවෙහි කියනලද ක්‍රමයෙන් දතයුතුය.
ඒ උදේන රජු රාජ්‍යය කරනකල්හි ඝෝෂක දෙවිපුත් තෙමේ දෙවිපුරෙන් සැව කොසඹෑවෙහි එක් රූපය නිසා ජීවත්වන්නියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ තොමෝ දසමසක් ඇවෑමෙන් වදා පුතකු බව දැන කසළ ගොඩෙහි දැම්මුවාය. එවෙලෙහි කොසඹෑ සිටුගේ කර්‍මාන්තයෙහි යෙදුණු තැනැත්තෙක් උදයෙන්ම සිටුගෙට යනනේ කවුඩන් විසින් වටකොට ගන්නාලද මෙය (එහි) ගොස් දරුවා දැක, මේ දරුවා මහ පිනැත්තෙක් වන්නේයයි එක් පුරුෂයෙකුගේ අතෙහි ගෙට යවා සිටුනිවසට ගියේය. සිටුතෙමේත් රජඋවැටන් වේලෙහි රජගෙට යන්නේ අතරමග පුරෝහිතයා දැක අ කවර නැකතක්දැයි ඇසීය. හෙතෙම එහි සිටියේම ගැණ අද අසුවල් නම් නැකතය. මේ නැකතින් උපන් දරුවා මෙනුවර සිටුතනතුර ලබන්නේයයි කීවේය. හෙතෙම ඔහුගේ කථාව අසා ‘මේ පුරෝහිතයාගේ කථා දෙකක්නම් නැත. මගේ බිරිඳද වැඩුණු ගැබ ඇත්තීය. ඇය වැදුවාද නැත්දැයි දනිවුය’යි ඉක්මණින් ගෙදරට (මිනිසුන්) යැව්වේය. ඔවුහු ගොස් දැන ‘ආර්‍ය්‍යයෙනි, තවම නොවැදූය’යි කීවේය. ‘එසේ නම් යවු, මේ නුවරෙහි අද උපන් දරුවෙකු සොයවුය’යි කීවේය. ඔවුහු සොයන්නාහු ඒ සිටුගේ කර්‍මාන්තයෙහි නියැළුණු තැනැත්තාගේ නිවසෙහි ඒ දරුවා දැක සිටුවරයාට සැළ කළාහුය. එසේවීනම් යහළුවනි, ඔහු කැඳවවුයයි කීවේය. ඔවුහු ඔහු කැඳවූහ. ඉක්බිති සිටුතුමා ඔහුගෙන් ඔබගේ ගෙදර දරුවෙක් ඇත්දැයි විමසීය. ‘එසේය, ආර්‍ය්‍යයෙනි,’ ‘ඒ දරුව අපට දෙව’. ‘ආර්‍ය්‍යයෙනි නොදෙමි’ ‘එසේ නම් දහසක් ගෙන දෙව’. හෙතෙම මොහු ජීවත්වේද මැරේදැයි නොදත හැකියයි සිතා දහසක් ගෙන දුන්නේය. ඉක්බිති සිටුතෙමේ ඉදින් මගේ බිරිඳ දියණියක් වදන්නීනම් මොහුම පුතුකරගන්නෙමි. ඉදින් පුතෙකු වදන්නී නම් මොහු මරවන්නෙමැයි සිතුවේය. එතොමෝ පුතෙකු වැදුවාය. ඉක්බිති සිටුතෙමේ මෙසේ ගවයෝ මොහු මැඩ මරත්යයි සිතා මේ දරුවා ගාල්දොර දමවුයි කීවේය. ඔවුහු ඔහු එහි දැම්මෙව්වාහුය. ඉක්බිති ගවරළට නායක ගොනා පළමුව නික්මෙන්නේ ඔහු දැක මෙසේ මොහු අන්ගවයෝ නොමඩින්නාහුයයි පා සතර අතරෙහි කොට සිටියේය. ඉක්බිති ගොපල්ලෝ ඔහු දැක, යමෙකුගේ ගුණය තිරිසන්නුද දනිත්ද මේ දරුවා මහපිනැත්තෙකැයි (සිතා) මොහු පිළිදැඟුම් කරන්නෙමුයි තමන්ගේ ගෙදරට ගෙනගියහ.
ඒ ‍සිටුතෙමේත් ඔහු මියගියබව විමසන්නේ ගොපල්ලන් විසින් ගෙනයන ලදැයි අසා යළි දහසක්දී ගෙන්වාගෙන අමුසොහොනෙහි දැම්මෙව්වේය. එකල්හි සිටුගෙදර එළුපල්ලා සොහොන ඇසුරු කොට එළුදෙනුන් (තණකෑම සඳහා) මෙහෙයවයි. ඉක්බිති එක් එළුදෙනක් දරුවාගේ පිණින් මගින් ඉවත්ව ගොස් දරුවාට කිරිදී ගියාය. ආපසු හැරී එන්නීද එසේම ගොස් කිරි දුන්නාය, ‘මේ එළුදෙන උදයෙන්ම මෙතැනින් මගින් පැන ගියාය’යි එළුපල්ලා සිතීය. ‘මේ කිමෙක්දැ’යි ගොස් බලන්නේ එම කාරණය දැක මේ දරුවා මහපිනැත්තෙකි. තිරිසන්නුද මොහුගේ ගුණය දනිති. මොහු පිළිදැඟුම් කරන්නෙමි’යි රැගෙන ගෙදර ගියේය. දෙවැනි දිනයෙහි සිටුතෙමේ දරුවා මළේද නොමළේදැයි විමසන්නේ එළුපල්ලා විසින් ගත්බව දැන දහසක් දී ගෙන්වාගෙන ‘හෙට මේ නුවරට සාන්තුනායකයෙක් පිවිසෙයි. මේ දරුවා ගෙනගොස් රියසක් මගෙහි තබවු. මෙසේ රියසක් ඔහු බිඳිමින් යතියි (හෙතෙම කීයේය.) සාත්තුනායකයාගේ පළමු රියෙහි ගොන්නු එහි දමනලද දරුවා දැක පාසතර කණුමෙන් තදකොට ගෙන නැවතී සිටියාහුය. සාත්තුනායකයා මේ කිමෙක්දැයි ගොනුන් නැවතී සිටිකාරණය බලන්නේ දරුවා දැක මහපිනැති දරුවෙකි. පිළිදැඟුම් කිරීමට වටීයයි (දරුවා) ගෙනගියේය. සිටුතෙමේත් රියසක් ම‍ඟෙහිදී මළ හෝ නොමළ බව විමසන්නේ සාත්තුනායකයා විසින් ගත්බව දැන ඔහුටද දහසක් දී ගෙන්වාගෙන නුවරින් නුදුරු තැනකවූ ප්‍රපාතයෙක්හි හෙළවූයේය. හෙතෙම එහි වැටෙන්නේ කුළුපොත්තන්ගේ වැඩකරන තැනක කුළුපොතු හලෙක වැටු‍නේය. ඒ ශාලාව ඔහුගේ පින්බලයෙන් සියවරක් පොළනලද කපුපුළුනක පහස ඇත්තක් මෙන් විය. ඉක්බිති කුළුපොතු දෙටුවා මේ දරුවා පිනැතෙකි. පිළිදැඟුම් කිරීමට වටනේයයි ඔහු ගෙට ගෙන ගියේය. සිටුතෙමේ ප්‍රපාතයෙන් වැටුණු තැන නොමළ බව හෝ මළ බව විමසා බලවන්නේ කුළුපොතු දෙටුවා විසින් ගත්බව දැන ඔහුටද දහසක් දී ගෙන්වාගත්තේය. මෑතකාලයෙහි සිටාණන්ගේ සියපුතුද හෙතෙමේද යන දෙදෙනාම වියපත් වූවාහුය. සිටුතෙමේ නැවත ඝොෂක දරුවා මරණ උපායක් සිතන්නේ තමන්ගේ කුඹල්කරුවාගේ ගෙට ගොස් ‘පිනැත්ත, මගේ ගෙහි මෙබඳු වූ එක් අවජාතක දරුවෙක් ඇත. ඒ දරුවා යම්කිසිවක් කොට මරවන්නට වටනේයයි රහසින් කීවේය. එකල්හි හෙතෙම දෙක‍ණම වසාගෙන ‘මෙබඳු බැරෑරුම් කථාවක් කිරීමට නොවටීය’යි කීවේය. ඉක්බිති සිටුතෙමේ මෙතෙම නිකම් නොකරන්නේයයි සිතා එසේ නම් එම්බල, දහසක් ගෙන මේ කාර්යය කරව’යි කීවේය. අල්ලස නම් නොබඳුනකු බිඳියි. එහෙයින් හෙතෙම දහසක් ලැබ පිළිගෙන ආර්‍ය්‍යයෙනි, මම අසුවල් දින පෝරණුව දල්වන්නෙමි. එකල්හි ඔහු අසුවල් ‍වේලාවට එවනු මැනවැ’යි කීවේය. සිටුවරයාත් ඔහුගේ ඒ වචනය පිළිගෙන එතැන්පටන් දින ගණිමින් කුඹල්කරුවා කීදිනය පැමිණිබව දැන ඝොෂක කුමරු කැඳවා ‘දරුව, අපට අසුවල් දිනයෙහි බොහෝ බඳුන්වලින් වැඩ ඇත. නුඹ අපගේ කුඹල්කරු වෙත ගොස් මාගේ පියා විසින් කියනලද යමක් ඇත. අද එය ඉටුකරන්නැයි කියව’යි කීවේය. හෙතෙම මැනවැයි ඔහුගේ වචනය පිළිගෙන නික්මුණේය. අතර මඟ සිටාණන්ගේ ස්වකීය පුත්‍රයා පන්දුකෙළි කෙළිමින් සිටියේ ඔහු දැක වේගයෙන් අවුත් සොයුර, මම ළමයින් සමඟ සෙල්ලම් කරමින් මෙපමණක් පැරදුනෙමි. එය මට නැවත දිනා දෙවයි කීවේය. හෙතෙම මට දැන් ඉඩක් නැත. පියා මා ඉක්මන් වැඩක් සඳහා කුඹල්කරුවා ලඟට යැවීය’යි කීවේය. අනෙකා, සොයුර මම එහි යන්නෙමි. නුඹ මොවුන් සමඟ ක්‍රීඩාකොට මගේ ලක්‍ෂය ආපසුගෙන දෙන්නැ’යි පැවසීය. ‘එසේනම් යව’යි තමන්ට කියූ හසුන ඔහුට කියා ළමයින් සමඟ සෙල්ලම් කළේය. ඒ කුමරුවාත් කුඹල්කරුවා වෙතට ගොස් ඒ හසුන දැන්වීය. හෙතෙම ‘මැනවි දරුව ඉටු කරන්නෙමි’යි එකුමරු ගැබකට පිවිසුවා තියුණු පිහියකින් කඩකඩ කොට සැළියක දමා සැළිය වසා බඳුන් අතර තබා පෝරණුව ගිනි දැල්වීය. ඝෝෂක කුමරුවාත් බොහෝ දිනා කනිෂ්ඨයාගේ පැමිණීම බලාපො‍රෝත්තුවෙමින් හුන්නේය. හෙතෙම ඔහු පමාවනු දැන කුමක්නිසා පමාවේදැයි කුඹල්කරුගේ ගෙදෙසට ගොස් කිසිතැනක නොදැක ගෙදර ගියේවනැයි ආපසු නිවසට ගියේය. සිටුතෙමේ ඔහු දුරදීම එනු දැක, ‘කුමන කරුණක් වන්නේද? මාවිසින් මොහු මැරීම සඳහා කුඹල්කරු වෙතට යවනලදී. හෙතෙම දැන් මෙහිම පැමිණේයයි (සිතා) පැමිණෙන්නහුටම ‘කිමෙක්ද දරුව නුඹ කුඹල්කරු වෙතට නොගියෙහිදැයි ඇසීය. ‘එසේය පියාණෙනි, නොගියෙමි.’ ‘කුමක්හෙයින්ද දරුව? හෙතෙම තමා නැවතුණු කරුණද කනිටුබෑයා එහි ගිය කරුණද සිටුවරයාට කීවේය. සිටුවරයා ඔහුගේ වචනය ඇසූ වේලෙහි පටන් මහපොළොවෙන් මඬිනු ලද්දකු මෙන්වී ‘මේ නම් කිමෙක්ද? ඇත්තක් කියහි’දැයි තැතිගත් සිතැත්තේ වේගයෙන් වේගයෙන් කුඹල්කරුවා වෙතට ගොස් අන් අය සමීපයෙහි නොකියයුතු බැවින් ‘බලව එම්බල, බලව’යි කීවේය. ‘නුඹ කුමක් බලවන්නෙහිද? ඒ වැඩය නිමවීය’යි (කුඹල් කරුවා කීවේය). හෙතෙම එයින්ම ආපසු හැරී නිවසට පැමිණියේය. එතැන්පටන් ඔහුට චෛතසික (මානසික) රෝගයක් හටගත්තේය. හෙතෙම එකල්හිද ඔහු සමඟ එකට කෑම නොගෙන යම්කිසි උපායකින් මගේ පුතුගේ සතුරාට ඇවැඩක්ම දැකීමට වටීය’යි එක් ලිපියක් ලියා ඝොෂක කුමරු කැඳවා නුඹ මේ ලිපිය රැගෙන අසුවල් නම් ගමෙහි අපගේ කර්‍මාන්තයෙහි යෙදුනෙක් ඇත. ඔහු වෙතට ගොස් මේ ලිපියදී මේ ලිපියෙහි පණිවිඩය ඉක්මණින් කරවයි කියව. අතරමගෙහි අපගේ යහළු ගාමකසෙට්ඨ නම් වූ සිටුවරයෙක් ඇත. ඔහුගේ නිවසට ගොස් කෑම කා යන්නෙහි කියා කටවචනයෙන් පණිවිඩයක්ද දුන්නේය. හෙතෙම සිටාණන්ට වැඳ ලිපිය ගෙන නික්මුණේ අතරමඟ ගාමකසිටු වසනතැනට ගොස් බිහිදොරකොටුවෙහි හිඳ රැවුල බාමින් සිටි ඔහුට වැද සිටියේය. ‘දරුව කොහිසිට අවුදැ’යි ඇසූ කල්හි, ‘පියාණෙනි, කොසඹෑ සිටුගේ පුතා වෙමැ’යි කීවේය. හෙතෙම අපගේ යහළු සිටාණන්ගේ පුතායයි තුටුපහටුවූයේ විය. එකෙණෙහි ඒ සිටාණන්ගේ දියණියගේ එක් දැස්සක් සිටුදුවට මල් ගෙන ඒමට යයි. ඉක්බිති සිටුතෙමේ ඇයට, ‘නුඹ ඒ වැඩය තබා ඝොෂකකුමරුන්ගේ පා දොවා යහන අතුරා දෙව’යි කීවේය. ඕතොමෝ එසේ කොට ආපණශාලාවට ගොස් සිටුදුවට මල් ගෙනාවාය. සිටුදුව ඇයදැක ‘නුඹ අද බොහෝ වේලාවක් පිටත පමා වූවෙහි’යි ඇයට කිපියා ‘නුඹ විසින් මෙතෙක් කලක් මෙහි කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘නොදොඩන්න ආර්‍ය්‍යවනි, නුඹතුමියගේ පියාගේ යහළු සිටාණන්ගේ පුතු වැනි මෙබන්දෙක් මවිසින් නොදුටු විරූය. ඔහුගේ රූපසම්පත්තිය කීමට නොහැකිය. සිටුතුමා මල් සඳහා යන්නාවූ මට ඒ කුමරුගේ පා දොවා යහන අතුරා දෙවයි කීවේය. එහෙයින් මම පිටත බොහෝ වේලාවක් පමාවූයෙමි’යි කීවාය. ඒ සිටුදියණියද ඒ කුමරුගේ සිව්වැනි අත්බැව්හි බිරිඳ වූවාය. එබැවින් ඇයගේ වචනය ඇසූ වේලෙහි පටන් තමන් හුන්බවවත් සිටිබවවත් නොදත්තාය. ඕතොමෝ ඒ දාසියද රැගෙන එකුමරු හොත් තැනට ගොස් නිදන ඔහු දෙස බලා දසරුවෙහි ලිපියක් දැක මේ ලිපිය කුමක්දැයි කුමරු නොනැගිටවාම ලිපිය රැගෙන කියවා මෙතෙම තම මරණලිපිය තෙමේම රැගෙන යේය’යි ඒ ලිපිය ඉරා ඔහු අවදිනොවී සිටියදීම ‘මවිසින් නුඹ වෙතට පුතා එවන ලදී. මගේ යහළු ගාම සිටුව වියපත් දියණියක් ඇත. නුඹ වහා අපගේ අණපවතින තන්හි උපන් ධනය ගෙන හැම සියයෙන් මගේ පුතුට ගාමකසිටුගේ දියණිය ගෙන මංගල්‍යය කරවයි ද මංගල්‍යය නිමි කල්හි මගේ මේ විධානයෙන් කරන ලදැයි මට හසුනක් එවව. මම මෙහිලා ඔබට කළයුතු දෙය දනිමි’යිද ලිපියක් ලියා ඒ සළකුණම තබා මුල්ලිපිය බඳනාලද අයුරින්ම දසන්තයෙහි බැන්දාය. ඒ කුමරුවාත් එදවස එහි වැස දෙවැනි දිනයෙහි සිටුවරයාට දන්වා කර්‍මාන්තයෙහි නියුක්තිකයාගේ ගමට ගොස් ලිපිය දුන්නේය. කර්‍මාන්තයෙහි නියුක්තිකයා ලිපිය කියවා ගැමියන් රැස්කරවා, ‘නුඹලා මා ගණන් නොගන්නාහුය. මගේ ස්වාමීයි තම දෙටුපුතුට හැම සියයෙන් දැරියක ගෙන ඒමට මා සමීපයට එවීය. වහාම මෙතැන්හි හටගත් දෙය එක්රැස් කරවු යයි සියලු මංගල සත්කාරය පිළියෙළ කරවා ගාමක සිටාණන්ට හසුනක් යවා එකඟ කරවා ගෙන හැම සියයෙන් මංගලකටයුත්ත නිමවා කොසඹෑ සිටාණන්ට නුඹවහන්සේ විසින් එවන ලද ලිපියෙහි පණිවිඩය අසා මවිසින් මේ මේ දෙය කරනලදැ’යි ලිපියක් යැව්වේය. සිටුවරයා ඒ හසුන අසා ගින්නෙන් දවුනෙකු මෙන් ‘දැන් නටුවෙමි’යි කල්පනාබර වීමෙන් ලේ අතීසාරය සෑදී ‘යම් කිසි උපායෙකින් ඔහු කැඳවා මා සතු ධනයට අහිමිකරුවකු කරමියි ‘මඟුල නිමි කාලයෙහි පටන් කුමක් හෙයින් මගේ පුතා පිටත වේද? ඉක්මණින් එන්නැ’යි හසුනක් යැවීය. හසුන අසා කුමරුවා යාමට සැරසුණේය. සිටුදුව, මේ මෝඩයා කවරකු නිසා මේ සැපත් ලද්දේදැයි නොදනියි. යම් කිසිවක් කොට මොහුගේ ගමන වළකන උපායක් කිරීමට වටනේයයි සිතුවාය. ඉක්බිති ඔහුට, ‘කුමරුනි, ඉතා ඉක්මන් නොවන්න. කුලගමට යන්නහු විසින් තමන්ගේ යුතුකම් ඉටු කොට යායුතුය’යි කීවාය. කොසඹෑ සිටුතුමාද ඔහු පමාවන බව දැන, ‘කුමක් හෙයින් මගේ පුතා පමා වෙයිද? මම ලේ අතීසාර රෝගයට පත්වූයෙමි. අවුත් මා ජීවත්ව සිටියදී දැකීමට වටනේය’යි යළි හසුනක් යැවීය. එකල්හි සිටුදියණිය ඔහුට, ‘මෙතෙම ඔබගේ පියා නොවෙයි. නුඹ වනාහි ඔහු පියායයි සිතහි. එතෙම ඔබ මැරීම සඳහා කර්‍මාන්ත නියුක්තිකයාට ලිපියක් යැවීය. ‍මම ඒ ලිපිය ඉවත් කොට වෙන හසුනක් ලියා ඔබට මේ සැපත් ඉපදවීමි. මෙතෙම ඔබ අපුත්‍රක කරමියි කැඳවයි. මොහුගේ මරණයෙහිදී යව’යි දැන්වූවාය. ඉක්බිති ඔහු ජීවත්ව සිටියදීම මළබව අසා කොසඹෑ නුවරට ගියේය. සිටු දියණියද කල් ඇතිවම ඔහුට, ‘ඔබ ගෙට පිවිසෙන්නේ සියලු ගෙහි ඔබට ආරක්ෂාව තබමින්ම පිවිසෙවයි’ සංඥාවක් දුන්නාය. තොමෝත් සිටුපුතා සමඟම පිවිස දෙඅත් ඔසවා අඬන්නියක මෙන් වී අඳුරු තැනක වැදහොත් තැනැත්තහුගේ ලඟට ගොස් ‍හිසෙන්ම හදවතට පහර දුන්නාය. හෙතෙම දුබල බැවින් ඒ පහරින්ම මිය ගියේය. සිටු කුමරුවාද පියාගේ අවමංගල කටයුතු කොට නුඹලා මා මහසිටාණන්ගේ ස්වකීය පුත්‍රයායයි කියහුයි සේවකයන්ට අල්ලස් දුන්නේය. ඉක්බිති සත්වෙනි දිනයෙහි රජතෙමේ සිටුතනතුර සඳහා සුදුසුසකු ලැබීමට වටනේයයි (සිතා) සිටුවරයාගේ පුතුන් සහිත බව හෝ රහිතබව දනුවයි (සේවකයන්) යැව්වේය. සිටුසේවකයෝ රජුට සිටුවරයාගේ තමා‍ගේම පුත්‍රයෙකු ඇති බව කීවාහුය. රජතෙමේ මැනවයි පිළිගෙන ඔහුට සිටු තනතුර දුන්නේය. හෙතෙම ඝෝෂක සෙට්ඨිනම් වීය. ඉක්බිති බිරිය ඔහුට, ‘ආර්‍ය්‍යපුත්‍රය, නුඹද අවජාතක වෙහි. මමද දිළිඳු කුලයෙහි උපන්නෙමි. පෙර කරනලද කුසල් වශයෙන් මෙබඳු සැපතක් ලැබීමු. දැනුදු කුසල් කරනනෙමු’යි කීවාය. හෙතෙම ‘සොඳුර, මැනවැ’යි පිළිගෙන දිනපතා දහසක් වියදම් කොට දනක් පිහිටෙව්වේය. එසමයෙහි ඒ දෙදෙනා අතුරින් උත්තරාතොමෝ දෙව්ලොවින් සැව ඝොෂිත සිටාණන්ගේ ගෙහි කිරිමවකගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඕ තොමෝ උපන්කල්හි කුදුවූවායයි බුජ්ජුත්තරා යනුවෙන් ඇයට නම් කළාහුය. සාමාවතීද දෙව්ලොවින් සැව භද්දවතිය රටෙහි භද්දිය නගරයෙහි භද්දවතිය සිටුගේ ගෙහි පිළිසිඳ ගත්තාය. සාමා යනුවෙන් ඇයට නම් කළාහුය. පසු කාලයෙහි ඒ නුවරෙහි දුර්භික්‍ෂ භයක් හටගත්තේය. මිනිස්සු දුර්භික්‍ෂ භයින් බියපත් වූවාහු ඒ ඒ තන්හි යති. එකල්හි මේ භද්දවතිය සිටුතෙමේ ‘මේ දුබික්බියට කෙළවරක් නොපැනෙයි. කොඹෑනුවර අපගේ යහළු ඝොෂිත සිටු වෙතට යමු. හෙතෙම අප දැක නොපමා වේය’යි බිරිඳ සමඟ සාකච්ඡා කළේය. ඔහුට ඒ සිටුතෙමේ නොදුටුමිතුරා වෙයි. එබැවින් මෙසේ (යටකී අයුරින්) කීවේය. හෙතෙම සෙසු ජනයින් නවත්වා බිරියත් දියණියත් ගෙන කොසඹෑ නුවර මගට පිළිපන්නේය. ඒ තිදෙනාම අතරමගදී මහත් දුක් විදිමින් පිළිවෙළින් කොසඹෑ නුවරට පත්ව එක් ශාලාවක වාසය කළාහුය. ඝොෂිත සිටුතෙමේත් තම ගෙදොරෙහි දුගී මගී යාචකයන්ට මහදන් දෙයි. ඉක්බිති මේ භද්දවතිය සිටුතෙමේ මෙසේ සිතීය: අප විසින් මේ දුගී වෙසින් යහළුවාට තමන් දැක්වීමට නොහැකිය. ශරීරය ප්‍රකාතිමත් වූ පසු මනාව හැඳ පෙරව සිටු දක්නෙමු.’ යනවෙනි. ඒ දෙදෙනාම දියණිය ඝොෂිත සිටුගේ දන්හලට තමන්ගේ බත් ගෙන ඒම සඳහා යැව්වාහුය. ඒ තොමේ බඳුන රැගෙන දන්හලට ගොස් එක් තැනක ලජ්ජාශීලිව සිටියයා. ඇය දැක දැන කාර්මික තෙමේ සෙසු අය මුණගැසුනු මුණගැසුණු තැන්වල මසුන් ගොඩබෑමේදී කෙවුළන් මෙන් මහහඬ නඟමික් රැ‍ගෙන යති. මේ දැරිය වනාහි කුලදියණියක් වන්නීය. ඇයට හේතුසම්පත් ඇතැ’යි සිතුවේය. ඉක්බිති හෙතෙම ඇයට ‘නුඹ අන් අය මෙන් කුමක් නිසා ගෙන නොයහිදැ’යි කීවේය. ‘පියාණෙනි, මෙබඳවූ බාධාකර තැනකට කුමක් කොට පිවිසෙම්ද? ‘දරුව නුඹලා කී දෙනෙක්ද?’ පියාණෙනි, තිදෙනෙකි.’ හෙතෙම බත්පිඬු තුනක් දුන්නේය. ඒ තොමෝ ඒ බත් මාපියන්ට දුන්නාය. පියා බොහෝ දවසක් කුසගින්නෙන් මැඬුනේ වැඩිපුර අනුභව කොට කළුරිය කළේය. ඕතොමෝ දෙවැනි දිනියෙහි ගොස් බත්පිඬු දෙකක්ම ගත්තාය. එදවස සිටුබිරිඳ අහරින් ක්ලාන්තවූ බැවිනුත් සිටුවරයා මළ සොවිනුත් රිත්‍රිකාලයෙහි කළුරිය කළාය. දෙවැනි දිනයෙහි සිටුදුව එකම බත් පිඬක් ගත්තාය. දානකාර්මික තෙමේ ඇයගේ ක්‍රියාව සලකා ‘දරුව, නුඹවිසින් පළමුදිනයෙහි බත්පිඬු තුනක් ගන්නාලදී. දෙවැනි දිනයෙහි දෙකෙකි. අද එකක්ම ගන්නෙහි. කරුණ කිමේකදැ’යි, ඇසුවේය. ඕ ඒ කාරණය කීවාය. ‘දරුව, නුඹලා කවරගම් වැසියෝද?’ ඕතොමෝ ඒ කාරණයද ඉතිරි නැතිව කීවාය. ‘දරුව මෙසේ ඇති කල්හි නුඹ අපගේ සිටුදුව නම් වෙහි. මටද අන්දැරියක් නැත. දරුව නුඹ මෙතැන් පටන් මගේ දියණිය’යි (පවසා) ඇය දියණියකොට ගත්තේය. ඕතොමෝ නැඟිට නැඟිට (වරින්වර) දන්හලෙහි මහත් හඬ අසා ‘පියාණෙනි, කුමක් නිසා මේ උස්හඬ මහහඬ දැයි විමසුවාය. ‘දරුව මහජනයා අතරෙහි නම් නිහඬ කිරීමට නොහැකිය’යි කීවේය. පියාණෙනි, මම මෙහිලා උපායක් දනිමි.’ ‘දරුව, කුමක් කිරීමට වටීද? හාත්පසින් වටකොට දොර දෙකක් යොදවා ඇතුළත බඳුන් තබා එක් දොරකින් බත් ගෙන එක් දොරකින් නික්මීම කරන්නැ’යි කීවාය. ‘දරුව, මැනවයි දෙවැනි දිනයෙහි සිට එසේ කළේය. එතැන් පටන් දන්හල පැසවන ලද්දක දුම් දැමීමක් මෙන් සන්හුන් හඬ ඇත්තේ විය. ඉක්බිති ඝොෂිත සිටුතෙමේ පෙර දන්හලෙහි උස්හඬ මහහඬ අසා එදින එය ‍නොඅසන්නේ දානකාර්මිකයා කැඳවා ‘නුඹ අද දන් නොදෙව්වෙහිදැ’යි ඇසීය. ‘ආර්‍ය්‍යයෙනි, දෙනලදී.’ ‘එසේ ‍නම් කුමක් නිසා දන්හලෙහි පෙරමෙන් හඬ නොඇසේද?’ එසේය ආර්‍ය්‍යයෙනි, මට එක් දුවක් ඇත. මම ඇය කී උපායෙහි සිට දන්හල නිහඬ කෙළෙමි’යි කීවේය. නුඹට දුවක් නම් නැත. නුඹ විසින් කොයින් දුවක් ලබන ලද්දීදැයි (සිටුවරයා ඇසීය) හෙතෙම රැවටීමට නොහැකි බැවින් සිටාණන්ට දුවණිය පැමිණි සියලු ආකාරය පැවසීය. ‘පින්වත, කුමක් හෙයින් නුඹ මෙබඳු බැරෑරුම් දෙයක් කළෙහිද? නුඹ මෙපමණ කලක් මගේ දියණිය තමන්ලඟ විසීම නොරිසි වූයෙහිද ඉක්මණින් ඇය අපගේ නිවසට ගෙන්වව’යි සිටාණෝ කීහ. හෙතෙම ඔහුගේ වචනය අසා නොකැමැත්තෙන් කැඳවීය. එතැන් පටන් සිටුවරයා ඇය දියණි තනතුරෙහි තබා දියණියට සත්කාර කරමැයි තමන්ගේ සමානජාතික කුලයන්ගෙන් දුවණියට සමාන වියැති කුමරියන් පන්සියයක් ඇයට පිරිවර කළේය. ඉක්බිති එක්දිනක් උදේන රජතෙමේ නුවරෙහි හැසිරෙන්නේ ඒ කුමරියන් විසින් පිරිවරන ලදුව ක්‍රීඩාවෙහි යෙදී සිටි ඒ සාමාවතිය දැක මේ දැරිය කාගේදැයි අසා ඝොෂි සිටුගේ දියණියයැයි අසා හිමියකු ඇති නැති බව විමසූවේය. ඉක්බිති හිමියකු නැතිබව කීකල්හි ‘යවු, රජතෙමේ නුඹගේ දියණිය කැමති වේයයි සිටාණන්ට කියවුයයි (පණිවිඩ කරුවන් යැවීය). එය අසා සිටුතෙමේ අපට අන් දැරියක් නැත. එකම දියණිය සපත්නිවාසයෙහි (බිරියන් කිහිපදෙනෙකු ඇති සැමියකු සමඟ විසීම) දීමට නොහැක්කෙමු’යි (දන්වා යැවීය) රජතෛම් ඒ කථාව අසා සිටාණන්ද සිටුබිරියද පිට කරවා සියලු ගෙය මුද්‍රා තැබ්බවූයේය. සාමාවතිය පිටත සෙල්ලම් කොට එන්නී පිටත සිටින මවුපියන් දැක, ‘මෑණියනි, පියාණෙනි, කුමක් හෙයින් පිටත සිටින්නහුදැයි ඇසුවාය. ඔවුහු එකරුණ කීවාහුය. ‘මෑණියනි, පියාණෙනි, කුමක් හෙයින් නුඹලා මීට පිළිවදන් නොද්නහුද? මගේ දියණිය සපත්නිවාසයෙහි වසන්නී තනිව විසීමට නොහැකි වන්නීනය. ඉදින් ඇයගේ පිරිවර පන්සියයක් කුමරියන් වස්වන්නහු නම් එසේ ඇති කල්හි වසන්නීයයි දැන්වත් පියාණෙනි, මෙසේ කියවනු මැනවැයි ඕතොමෝ කීවාය. ‘මැනවි දියණිය, අපි ඔබගේ සිත නොදතිමුයි කියා එසේ කියෙව්වාහුය. රජතෙමේ වැඩියක් පැහැදී දහසක් හේ වේවා ගෙනෙවුය’යි කීවේය. ඉක්බිති ඇය මනා නැකත් මොහොතකින් පන්සියයක් මාගමුන් පිරිවර කොට ඇතිව රජමැඳුරට පැමිණෙව්වාහුය. රජතෙමේ ‍ඒ පන්සියයම ඇයගේ පිරිවර කොට අභිෂෙක දී සිටුදියණිය එක් පහයක වැස්සවීය. එසමයෙහි කොසඹෑ නුව‍රෙහි ඝොෂිතසිටුට, කුක්කුට සිටුය, පාවාරික සිටුය යන මේ සිටුවරු තිදෙනා ඔවුනොවුනට යහළුවෝ වෙත්. ඒ තිදෙනාම තවුසන් පන්සියයක පිළිදැඟුම් කරත්, තවුසෝ ද සිවුමසක් ඔවුන් සමීපයෙහි වැස අටමසක් හිමවතෙහි වසති. ඉක්බිති එක් දිනක් ඒ තවුසෝ හිමවතින් එන්නාහු මහ කතරෙහි පිපාසිතව වෙහෙසුනාහු එක් මහත් නුගරුකක් වෙතට පැමිණ එහි අධිගෘහීත දේවතාවා සමීපයෙන් සංග්‍රහ බලාපොරොත්තු වෙමින් හුන්නාහුය. දේවතාවා සියලු අබරණින් සැරසුණු අත දිගුකොට පියයුතු ජලය ආදිය දී වෙහෙස දුරකරවීය. ඔවුහු දේවතාවාගේ ආනුභාවයෙන් විස්මිතව ‘දේවතාවනි, කුමන කර්‍මයක් කොට ඔබවිසින් මේ සැපත් ලබන ලදදැ’යි ඇසූහ. ‘ලොව බුද්ධ නම්වූ භාග්‍යවතුන්වහන්සේ උපන්සේක. උන්වහන්සේ දැන් සැවතෙහි වසනසේක. අනේපිඬු සිටුතෙමේ උන්වහන්සේට උවටැන් කරයි. හෙතෙම පොහෝ දිනයන්හි තමන්ගේ මෙහෙකරුවන්ට නියමිත් බත්වැටුපම දී උපෝෂථය කරවීය. ඉක්බිති මම එක් දවසක් මධ්‍යාහ්නයෙහි උදේකෑම සඳහා පැමිණියේ වැඩ නොකරන කිසියම් මෙහෙකරුවකු දැක අද මිනිස්සු කුමක් හෙයින් වැඩ නොකරත්දැයි ඇසුවෙමි. ඒ මට මෙකරුණ සැළකළාහුය. ඉක්බිති මම මෙය කීවෙමි: ‘දැන් දවසින් අඩක් ගියේය. අඩදින උපොෂථයක් කළ හැකිද?’ ඉක්බිති සිටාණන්ට දන්වා ‘හැකිය, කෙරේවා’යි කීවාහුය. ඒ මම අඩදිනකත් උපොෂථය සමාදන්ව එදිනම කළුරිය කොට මේ සැපත ලදිමි’යි දේවතාවා කීවාය. ඉක්බිති ඒ තවුසෝ බුදුන්වහන්සේ පහළවූ සේකැයි හටගත් ප්‍රීතිප්‍රමෝදය ඇත්තාහු එයින් සැවතට යනු කැමැත්තෝව’ උවටැන් කරන සිටුවරු අපට බොහෝ උපකාරවත්ය. ඔවුනටද මෙකරුණ සැළකරන්නෙමුයයි කොසඹෑ නුවරට ගොස් සිටුවරුන් විසින් කරන ලද සත්කාර බහුමාන ඇත්තාහු එදිනම අපි යමුයි පැවසූහ. ‘ස්වාමීනි, කුමක්නිසා ඉක්මන් වන්නහුද? නුඹවහන්සේලා පෙර සිවුපස් මසක් වැස යන්නහුයයි කියනලද්දාහු එපුවත සැළකළාහුය, එසේ නම් ස්වාමීනි, සමගම යමුයිද කියනලද කල්හි අපි යමු. නුඹලා සෙමින් පැමිණෙවුයයි කියා සැවතට ගොස් භාග්‍යවතුන් සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියාහුය.
ඒ සිටුවරුද පන්සියයක් පන්සියයක් ගැල් පිරිවර කොට ඇත්තාහු සැවතට ගොස් දෙව්රමට නුදුරු තැනක කඳවුරු බැඳ ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක හුන්නාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුනට චරිත වශයෙන් දහම් දෙසූ සේක. දෙසුම අවසන්හි තිදෙනාම සෝවාන් පෙලෙහි පිහිටා සෙට දිනට ඇරයුම් කොට දෙවන දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන් දී ඒ අයුරින්ම අදටය හෙටටයයි ඇරයුම් කොට අඩමසක් කඳවුරු බත්දී ශාස්තෘන්වහන්සේට තමන්ගේ නුවරට වැඩමවීමට ඉල්ලා සිටියහ. ශාස්තෘන්වහන්සේ ශුන්‍යාගාරයෙහි තථාගතවරුන් කැමතිබව දැන්වූසේක. ඔවුහු ‘ස්වාමීනි, නොදන්නා ලදැයි කියා නුඹවහන්සේ අපවිසින් එවන ලද හසුනින් වඩිනු මැනවයි පවසා ශාස්තෘන්වහන්සේ නමැඳ තෙරවක් පැදකුණු කොට තමන්ගේ නුවරටම ගොස් තිදෙනාම තම තම උයනෙහි විහාරයන් කරවූවාහුය. ඝොෂිත සිටුවිසින් කරවන ලද විහාරය ඝොෂිතාරාම නම් විය. කුක්කුට සිටුවිසින් කරවනලද විහාරය කුක්කුටාරාමය නම්විය. පාවාරික සිටුවිසින් කරවනලද්ද පාවාරිකම්බවනය නම්විය. ඔවුහු විහාර කරවා ශාස්තෘන්වහන්සේට ‘ශාස්තෘන්වහන්සේ අපට අනුග්‍රහ කිරීමට මේ නුවරට වඩිත්වායි (දන්වා) දූතයකු යැවූහ. ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවරට යමැයි මහබික්සඟන පිරිවරකොට ඇතිසේක් චාරිකාවෙහි නික්මෙමින් අතරමගදී මාගන්‍දිය බමුණාගේ රහත්බවට හේතුසම්පත් දැක ගමන වෙනස් කොට කුරුරට කම්මාස්සදම්ම නියම්ගමට වැඩිසේක. එකල්හි මාගන්‍දිය බමුණා ගමින් පිටත ගිනිදෙවියාග පවත්වා උදෑසනින්ම ඇතුළ්ගමට පිවිසෙයි. ශාස්තෘන්වහන්සේද දෙවැනි දිනයෙහි ඇතුළගමට පිඬුපිණිස පිවිසෙනසේක් ඉදිරියෙන් ඇති මාර්‍ගයේදී මාගන්‍දිය බමුණාට තමන්වහන්සේ දැක්වූසේක. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක, ‘මම මෙතෙක් කලක් ම‍ගේ දුවට රූසපුවෙන් සමාන තරුණයෙකු සොයමින් හැසිරෙමි. රූසපුව ඇති කල්හිද මෙබඳු රුවක් ගත් පැවිද්දකුම පතමි. මේ පැවිද්දා වනාහි මනාරූසපුව ඇත්තෙයි. දැකුම්කලුය. මගේ දුවටම සුදුස්සෙකි’යි සිතුවේය. එසේ සිතා ඉක්මනින් ගෙදරට ගියේය. ඒ බමුණාගේ පෙර එක් පැවිදිපරපුරක් ඇත. එහෙයින් පැවිද්දෙකුම දැක ඔහුගේ සිත නැමෙයි. හෙතෙම සොඳුර, මවිසින් මෙබදුවූ නම් පැවිද්දෙක් නොදුටුවිරූය. රන්වන්වූවෙකි. උත්තම වර්‍ණ ඇත්තේයි. මගේ දුවටම සුදුස්සෙකි. ඉක්මණින් මගේ දුව සරසව’යි බැමිණිය අමතා කීය. බැමිණිය දුව සරසන විට ශාස්තෘන්වහන්සේ තමන් සිටිතන්හි පාසටහන් දක්වා ඇතුළුනුවරට පිවිසිසේක. ඉක්බිති බමුණා බැමිණිය සමඟ දියනිය රැගෙන බුදුන් ඇතුළුගමට පිවිසිකල එතැනට ආබැවින් ඔබිමොබ බලන්නේ තථාගතයන්වහන්සේ නොදැක ‘ඔබට හොඳ දෙයක් නම් නැත. ඔබේ පමාවෙන්ම ඒ පැවිද්දා නික්ම ගියේය’යි බැමිණියට දොස් කියයි. බමුණා ‘ගියේ වේවා! කොයි දෙසින් ගියේද මේ දෙසින්දැයි ශාස්තෘන්වහන්සේ ගියතැන බලන්නේ පාසටහන් දැක ‘සොදුර, මේ ඒ තැනැත්තාගේ පාසටහන්ය. මෙදෙසින් ගියේ වනැ’යි කීවේය. ඉක්බිති බැමිණිය ශාස්තෘන්වහන්සේගේ පියසටහන් දැක ‘මේ බමුණා මෝඩයෙකි. තමන්ගේ පොතේ පමණවත් අත්‍ථ‍ර්‍‍ය නොදනීයයි සිතුවාය. ඇය ඔහු සමඟ පරොස් බෙණෙමින් මෙසේ කීවාය. බමුණ, ඔබ මෝඩයෙක් වෙහි. මෙබඳු නම් පුරුසයකුට දියණිය දෙමැයි හැසිරෙහිද? රාගයෙන් ඇළුනහුගේ ද්වේෂයෙන් දූෂ්‍යවූවහුගේ මෝහයෙන් මුළා වූවහුගේ පියවර නම් මෙබඳු නොවෙයි. ලොවෙහි වනාහි බැඳුම් ඉවත්කළ සියල්ලදත් බුදුකෙනෙකුගේ මේ පියවරයි. බලව බමුණ,
රාගයෙන් ඇළුනහුගේ පියවර මැදින් උස්ව නැමුනේ වෙයි. දුෂටයාගේ පියවර තැනින් තැන කැඩී ගියේ වෙයි. මෝඩයාගේ දැඩිව යටට ගිලීගියේ වෙයි. සසර බැදුම් ඉවත් කළහුගේ පියවර මේ මෙබඳුය.
හෙතෙම, බැමිණිය මෙතෙක් කියත්දීද නොඅසා, නුඹනම් දොඩමළුයයි කීවේය. ඒ දෙදෙනාම ඔවුනොවුනට වාදප්‍රතිවාද කරත්දීම ශාස්තෘන්වහන්සේ පිඬුපිණිස හැසිර භික්‍ෂුසංඝයා සමඟ කරනලද බත්කිස ඇති සේක් බමුණාගේ දැකීමට ගොදුරුවන දෙසින් නික්මුණුසේක. බමුණා දුරින්ම වඩින්නාවූ ශාස්තෘන්වහන්සේ දැක බැමිණියට දොස් නඟා ‘මේ ඒ පුරුෂයාය’යි සතුටු සිතැත්තේ තථාගතයන්වහන්සේ ඉදිරියෙහි සිට ‘පින්වත් පැවිද්ද, ‘මම උදෑසන සිටම ඔබම ඔබ සොයමින් හැසිරෙමි. මේ දඹදිව්හි මගේ දියණියට සමාන රූපය ඇති කාන්තාවක් නම් නැත. ඔබට සමාන රුවක් ඇති පුරුෂයෙක්ද නැත. මගේ දියණිය ඔබට පෝෂණය සඳහා දෙමි. ඇය ගණුව’යි කීවේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට, ‘බමුණ, මම නොයෙක් වැනුම් කථා කියමින් මා පොළඹවාගැනීම සඳහාම අවුත් ලඟ සිටි, උතුම් රූදැරූ කාමයෙන් අගපත් දෙව්දුන්ද නොකැමති වූයෙමි. ඉදින් මැය ගන්නෙමිදැ?යි පවසා මේ ගාථාව වදාළ සේක.

‘තණ්හා අරති රගා දැකද මෙවුන්දමෙහි කැමැත්තක් නොවීය. මලමූවලින් පිරුණු මෙය කිමෙක්ද? ඇය පයින් පැහැසීමටද නොකැමත්තෙමි’
මාගන්‍දියා බැමිණිදියණිය (මෙසේ) සිතුවාය: බලාපොරොත්තුවක් නැත්තාහු විසින් වැඩක් නැතැයි කීමට වටීයි. මෙතෙමේ මගේ සිරුර මළමූවෙන් සපිරුණක් කොට එය පයිනිදු පහසන්නට නොකැමැත්කෙමියි කීවේය. එක් අධිපති තැනක් ලබමින් මොහුගේ මරණයම දකින්නෙමි.’ (මෙසේ සිතා) වෛර බැන්දාය. ශාස්තෘන්වහන්සේ එය මෙනෙහි නොකොට චර්යාවශයෙන් බමුණාට දම්දෙසුම ඇරඹූසේක. දෙසුම අවසන්හි දෙමාල්ලෝම අනගැමි පෙලෙහි පිහිටා දැන් අපගේ ගිහිව විසීමෙන් වැඩක් නැතැයි දියණි – මාගන්‍දිය සුළුපියාණන්ට පවරා දෙදෙනාම පැවිදිව රහත්බවට පැමිණියාහුය.
උදෙන රජතෙමේ චූළමාගන්‍දිය සමඟ සාකච්ඡා කොට මාගන්‍දිය තරුණිය රාජානුභාවයෙන් නිවසට කැඳවා අභිෂේක කොට පන්සියයක් මාගමුන් පිරිවරකොට ඇති ඇයගේ වාසය සඳහා වෙන්වූ පහයක් දුන්නේය. ශාස්තෘන්වහන්සේ ද අනුපිළිවෙළන් චාරිකාවෙහි හැසිරෙනසේක් කොසඹෑනුවරට සැපැමුණු සේක. සිටුවරු ශාස්තෘන්වහන්සේගේ පැමිණීම අසා පෙරගමන් කොට පසඟ පිහිටුවීමෙන් වැඳ එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන්නාවූ ඔවුහු භාග්‍යවතුන්වහන්සේට ‘ස්වාමීනි, මේ විහාර තුන නුඹවහන්සේ උදෙසා කරනලදී. ස්වාමීනි, සිවුදිගින් වඩනා සඟුන්ට සංග්‍රහ සඳහා මේ විහාරයන් පිළිගනු මැනව’යි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ විහාරයන් පිළිගත් සේක. ඒ සිටුවරුත් ශාස්තෘන්වහන්සේට හෙට දිනය සඳහා ආරාධනා කොට ගෙට ගියාහුය. මාගන්‍දියද ශාස්තෘන්වහන්සේට වැඩිබව අසා සුන්බුන් (රළුපරළු) ධූර්‍තයන් කැඳවා ඔවුන්ට අත්ලස් දි නුඹලා ශ්‍රමණ භවත් ගෞතමයන්ට මේ මේ අයුරින් නින්දාකරවු’යි මෙහෙයවූවාය. ඔවුහු ශාස්තෘන්වහන්සේ ඇතුළු ගමට පිවිසෙන වේලෙහි පිරිවර සහිත ශාස්තෘන්වහන්සේට නොයෙක් ආකාර අපහාසයන්ගෙන් අපහාස කළහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ, ‘ස්වාමීනි, මෙඳුවූ අපහාස කරන්නාවූ තන්හි නො‍වසන්නෙමු. අන් නුවරකට යමු’යයි ශාස්තෘන්වහන්සේ පැවසූහ. ‘ආනන්‍දය, තථාගතවරු නම් අටලෝදහම්හි නොසැළෙත්. මේ ශබ්දයද සත්දිනක් නොයික්මවන්නේය. අපහාස කළවුන් මතම වැටෙන්නේය. ඔබ නහමක් නොසිතුව’යි (තථාගතයන්වහන්සේ පැවසූසේක.) ඒ සිටුවරු තිදෙනාත් මහත්හරසරින් භාග්‍යවතුන්වහන්සේ පිවිසුවා මහදන් දුන්නාහුය. නැවත නැවතත් දන් දෙන්නාවූ ඔවුනට මසක් ඉක්මිණ. ඉක්බිති ඔවුනට මෙබඳු අදහසක් විය. ‘බුදුවරුනම් සියලු ලෝවැස්සන්ට අනුකම්පා කරමින් පහළවෙති. අන් අයටද අවකාශයක් දෙන්නෙමු’ යනුවෙනි. ඉක්බිති ඔවුහු කොසඹෑනුවර වැසි ජනයාටද අවකාශ දුන්හ. එතැන්පටන් නුවරු වීථිවශයෙන් බෙදී මහදන් දෙති. ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණ ලද සේක් දෙටුමල්කරුගේ නිවසෙහි වැඩහුන්සේක. එකෙණෙහි සාමාවති‍යගේ උවටැන් කරන්නීය වන ඛුජ්ජුත්තරා තොමෝ කහවණු අටක්ගෙන මල්දම් සඳහා ඒ නිවසට ගියාය. දෙටු මල්කරුවා ඇය දැක ‘දරුව උත්තරාවෙනි, අද ඔබට මල්දීමට වේලාවක් නැත. මම බුදුපාමොක් බික්සඟන වළඳවමි. නුඹද වැළඳවීමට සහාය වෙව. මෙසේ මෙයින් අනුන්ට වතාවත් කිරීමෙන් මිදෙන්නීය’යි කීවේය. එහෙයින් ඛුජ්ජුත්තරාවෝ තමන්ට ලැබුණු බොජුන් වළඳා බුදුන්වහන්සේට දන්හලෙහි වතාවත් කළාය. ඕතොමෝ ශාස්තෘන්වහන්සේ විසින් සමීපයෙහි හිඳ කීම් වශයෙන් දෙසන ලද සියලුම ධර්‍මය උගත්තාය. අනුමෝදනාව අසා සෝවන් පෙළෙහි පිහිටියාය. ඕතොමෝ අන්දිනයන්හි කහවණු සතරක් දී මල් රැනෙ යයි. එදින වනාහි සත්‍යය දුටු බැවින් අනුන් අයත් දෙයෙහි සිත් නූපදවා සියලු අටකහවණුවම දී පැසක් පුරා මල් රැගෙන සාමාවතිය වෙතට ගියාය. ඉක්බිති සාමාවතී ඇයගෙන්, ‘උත්තරාවනි, නුඹ අන්දිනයන්හි බොහෝමල් නොගෙනෙහි. අද මල් බො‍හෝය. කිමෙක්ද නුඹට රජතුමා වැඩියක් පැහැදුනේ වේදැයි ඇසුවාය. ඕතොමෝ බොරුකීමෙහි නුසුදුසු බැවින් අතීතයෙහි තමන් විසින් කරනලද සියල්ල නොසඟවා කීවාය. ඉදින් අද කුමක්හෙයින් බොහෝමල් ගෙනාවෙහිදැයි අසනලද්දී ‘අද මම තථාගතයන්වහන්සේගේ ධර්‍මය අසා අමාව පසක් කෙළෙමි. එහෙයින් නුඹවහන්සේ නොරවටමි’යි කීවාය. එය අසා ‘උත්තරාවනි, ඔබ විසින් ලබන ලද අමාදහම අපටද දෙව’යි සියල්ලෝම අත් දිගු කළහ. ‘ආර්‍ය්‍යාවනි, එසේ දිය නොහැකිය. මම වනාහි ශාස්තාන්වහන්සේ විසින් කියනලද අයුරින් නුඹවහන්සේට ධර්‍මය දෙසන්නෙමි. නුඹවහන්සේලා තමන්ගේ හේතුවාසනාව ඇතිකල්හි ඒ ධර්‍මය ලබන්නාහුය’යි කීවාය. එසේනම් උත්තරාවනි, කියව’යි සාමාවතී කීවාය. එසේ කීමට නොහැකිය. මට උසසුනක් පනවා නුඹවහන්සේලා පහත් අසුනෙහි හිඳිනු මැනවයි කීවාය. ඒ පන්සියයක් ස්ත්‍රීහුම ඛුජ්ජුත්තරාවට උස් අසුනක් දී තමන් පහත් අසුන් ගෙන හුන්නාහුය. ඛුජ්ජුත්තරාද ශෛක්‍ෂප්‍රතිසම්භිදාවන්හි සිට ඔවුනට දම් දෙසුවාය. දෙසුම අවසන්හි සාමාවතිය දෙටුකොට සියල්ලෝම සෝවානපෙලෙහි පිහිටියාහුය. එතැන්පටන් ඛුජ්ජුත්තරාව වතාවත් කිරීමෙන් ඉවත්කොට ‘නුඹ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථා අසා ගෙනවුත් අපට අස්වවයි කීවාහුය. ඛුජ්ජුත්තරාද එතැන්පටන් එසේ කළාය. කුමක් හෙයින් මෝ තොමෝ දැස්සක්ව උපන්නීද? ඕතොමෝ වනාහි කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි එක් හෙරණක ලබා තමන්ගේ වතාවත් කරවූවාය. ඒ කර්‍මයෙන් ජාති පන්සියයක් අනුන්ට දාසියක්ව උපන්නාය. කුමක් නිසා ඕතොමෝ කුදියක් වූවාදයත් බුදුන් පහළවීමට පෙර මෝ බරණැස් රජුගේ නිවසෙහි වසන්නී රජකුලයට නිතර වඩිනා කුදු ස්වභාවය ඇති එක් පසේබුදුවරයෙකු දැක තමන් සමග වසන කතුන් ඉදිරියෙහි අපහාස කරමින් කුදු ආකාරයෙන් හැසුරුණුයා. එබැවින් කුදුව උපන්නීය. කුමක් නම්කොට පැනවත් වූවාද යත්? බුදුන් පහළවීමට පෙර බරණැස් රජුගේ නිවසෙහි වසන්නී පසේබුදුවර අටනමක් උණු පායාස පිරුණු පාත්‍ර රැගෙන වඩිනු දැක, ස්වාමීනි, මෙහි තබා යනු මැනවැයි රන්වළලු අටක් ගලවා දුන්නාය. ඒ කර්‍මයාගේ විපාකයෙන් පැනවත්ව උපන්නාය. සාමාවතියගේ පිරිවර වූ ඒ පන්සියයක් ස්ත්‍රීහු අවබෝධකළ සත්‍යය ඇත්තාහුවුවද රජු සැදැහැවත් නොවන බැවින් කලින් කලට ශාස්තෘන්වහන්සේ හමුවට‍ ගොස් උන්වහන්සේ දැක්මක් නොලබත්. එහෙයින් බුදුන්වහන්සේ අතුරුවීථියට පිළිපන් කල්හි (උන්වහන්සේ දෙස බැලීම සඳහා) වා කවුළු නොපොහො‍්නා කල්හි ඒවා කඩා හෝ අවකාශ රැගෙන බලත්. මාගන්‍දී තොමෝ ඔවුන්ගේ ඒ කාරණය දැක රජු සමඟ රහිසිගතව සිටියදී ‘මහරජතුමනි, පිරිවර සහිත සාමාවතී නුඹවහන්සේ කෙරෙහි සෙනෙහසක් හෝ පෙමක් නොකරයි. ශ්‍රමණ ගෞතමයන් අතුරු වීථියෙහි යනු දැක වාකවුළු නොපොහෝනා විට ඒවා කඩා අවකාශ කොට ගෙන බලති’යි කීවාය. රජතෙමේ එතැන්පටන් ඔවුන්ගේ පහයෙහි ගලාවාදැමූ ඇසිදැල් ඇති වාකවුළු කරවීය. ඕතොමෝ එකරුණින් රජු කෝප කරවීමට නොහැකි වන්නී ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ කෙරෙහි මොවුන්ගේ ප්‍රේමයක් ඇද්ද නැත්දැයි දැනගන්නෙමු. කුකුළන් අට දෙනෙකු යවා නුඹවහන්සේ සඳහා පිසවනු මැනවැ’යි කීවාය. රජතෙමේ ඇයගේ වචනය අසා මොවුන් පිස එවත්වායි සාමාවතියට කුකුළන් අට දෙනකු යැව්වාය. සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාව ජීවත්වන කුකුළන් කෙසේනම් පිසන්නීද? නොහැකැයි කියා අතිනුදු ඇල්ලීමට නොකැමැති වූවාය. මාගන්දිය ‘වේවා! මහරජ තුමනි, මේ කුකුළන්ව ශ්‍රමණභවත් ගෞතමයන් සඳහා පිසීමට යවනුමැනවැයි කීවාය. රජතෙමේ එසේ කළේය. මාගන්‍දිය අතරමගදීම කුකුළන් මරවා මේ කුකුළන් පිසවා ශ්‍රමණභවත් ගෞතමයන්ට දේවායි (කියා) යැව්වාය. ඕතොමෝ කුකුළන් මළ බැවින්ද බුදුන්වහන්සේ උදෙසා එවනලද බැවින්ද පිස බුදුන් වහන්සේට යැව්වාය. මාගන්‍දිය ‘බලනු මැනවි දේවයිනි’යි කියා එතකිනුදු රජු කෝප කරවීමට නොහැකි වූවාය. මේ උදේන රජතෙමේ ඔවුනතුරෙහි එකිනෙකිය වසන තැනට දින සත බැගින් යයි. ඉක්බිති මේ මාගන්‍දිය විසකුරු සප් පැටවකු උණපුරුකක බහා තමන් වසන තන්හි තැබුවාය. යම්කිසි තැනකට යනවිට හස්තිකාන්ත වීණාවද රැගෙනයාම රජුගේ පුරුද්ද විය. මාගන්‍දියාතොමෝ රජු තමන් වෙතට එන කල්හි ඒ සප්පැටවා වීණාව තුළට පිවිසුවා සිදුර වසා දැම්මෙව්වාය. ඉක්බිති ඔහු සාමාවතිය සමීපයට යන කල්හි, ‘මහරජතුමනි, සාමාවතී නම් ශ්‍රමණ ගෞතමයන්ට පක්‍ෂපාතීය. නුඹවහන්සේ ගණන් නොගන්නීය. යම් කිසිවක්කොට නුඹවහන්සේගේ දොසක්ම සිතයි. සැළකිලිමත්වනු මැනවැයි කීවාය. රජතෙමේ සාමාවතිය වසන තන්හි සත්දිනක් ගතකොට දෙවැනි සත්දිනෙහි මාගන්‍දිකාවගේ නිවසට පැමිණියේය. ඕතොමෝ රජු එත්දීම ‘කෙසේද මහරජතුමනි,’ සාමාවතී ඔබතුමන්ගේ දොසක් නොසොයයිදැයි කියන්නී මෙන් රජුගේ අතින් වීණාව ගෙන සොලවා ‘මහරජතුමනි, මෙහි ඇතුළෙහි කුමක් හෝ සෙලවේයයි පවසා සර්‍පයාට පිටවීමට ඉඩදී, ‘අහෝ විපතකි! සර්‍පයෙකැ’යි වීණාව විසි කොට දිව්වාය. එකල්හි රජතෙමේ ගිණිගත් උණවනයක් මෙන්ද ලුණුදැමූ උදුනක් මෙන්ද කොවින් තටතටයයි මුමුණමින් වේගයෙන් ‘පිරිවර සහිත සාමාවතිය කැඳවවු’යි පැවසීය. රාජපුරුෂයෝ ගොස් කැඳවූවාහුය. ඕතොමෝ රජු කිපුණු බව දැන සෙසු මාගමුන්ට සංඥාවක් දුන්නාය. ‘රජතෙමේ නුඹලා නසනු කැමැත්තේ කැඳවයි. අද දවසෙහි නියම කරන ලද මෙත් පැතිරීමෙන් රජු කෙරෙහි පතුරුව’යි කීවාය. රජතෙමේ ඒ ගැහැනුන් කැඳවා සියල්ලන් පිළිවෙළට තබවා මහදුන්න ගෙන විෂපෙවූ හීයක් නඟා දුනුදිය ඇද සිටියේය. එකෙණෙහි සාමාවතී ප්‍රමුඛ වූ ඒ සියල්ලම ස්ත්‍රීහු සීමාවශයෙන් මෛත්‍රිය පැතුරුවාය. රජතෙමේ ඊය මුදන්නට හෝ ඉවත් කරන්නට හෝ නොහැකි වෙයි. සිරුරෙන් දහදිය වැගිරෙයි. සිරුර සැලෙයි. මුවින් කෙළ හැලෙයි. ගතයුත්ත ගැනීමට නොපෙනෙයි. ඉක්බිති සාමාවතී ඔහුට ‘කිම මහරජ, වෙහෙසවෙහිදැයි ඇසුවාය. ‘එසේය, දේවිය. කලාන්ත වෙමි. මට උපකාරවන්නැ’යි රජතෙමේ කීවේය. ‘මැනවි. මහරජතුමනි, හීය මහපොළොව දෙසට නතුකරනු මැනව.’ රජතෙමේ එසේ කළේය. ඒතොමෝ රජු අතින් හීය ‍මිදේවායි අදිටන් කළාය. එකෙණෙහි හීය මිදිණි. රජද එකෙණෙහිම දියෙහි ගැලී අවුත් තෙත් කෙස් ඇත්තේ තෙත්වත් ඇත්තේ සාමාවති‍යගේ පාමුලවැටී. ‘දේවිය, ක්‍ෂමා කරන්න. මගේ බිඳුවන්නන්ගේ වචනය නිසා සිහිනොකොට මවිසින් මෙය කරන ලදි’යි කීවේය. ‘ක්‍ෂමා කරමි දේවයිනි.’ ‘මැනවි දේවිය, මෙසේ ඔබවිසින් ක්‍ෂමාකරනලද්දේනම් වෙයි. මෙතැන්පටන් ඔබට කැමතිපරිද්දෙන් භාග්‍යවතුන්වහන්සේ දන් දෙනුමැනවි. පසුබතෙහි විහාරයට ගොස් දහම් අසනු මැනවි. අද පටන් ඔබට රැකවරණ දෙමි’යි රජතෙමේ පැවසීය. ‘එසේවීනම් මහරජතුමනි, අද පටන් එක් භික්‍ෂුවකට අයැද වැඩමවා ගෙන එනු මැනවි. උන්වහන්සේ අපට දහම් දෙසනු ඇතැ’යි ඕ කීවාය. ර‍ජතෙමේ ශාස්තෘන් සමීපයට ගොස් අයදින්නේ අනඳතෙරුන් ලබා ගත්තේය. එතැන්පටන් ඒ පන්සියයක් ස්ත්‍රීහු තෙරුන්වහන්සේ කැඳවා ස්කාරසම්මානකොට කරනලද බත්කිස ඇති තෙරුන් සමීපයෙහි ධර්‍මය පුහුණු කරත්. ඔවුහු එක්දිනක් තෙරුන්ගේ අනුමෙවෙනි බණින් පැහැදුනාහු තෙරුන්ට උතුරුසළු පන්සියයක් දුන්නාහුය. තෙරුන්වහන්සේ වනාහි පෙර පීඩාකරන සුළු ඇති කල්හි එක් පසේබුදුනමකට එක්හිඳිකටුවක් සමඟ අත්ලක් පමණවූ රෙදිකඩක් පිරිනැමූහ. එ හිඳිකටුව දීමේ විපාකයෙන් මේ අත්බැව්හි මහපැනවතෙක්වූහ. රෙදිකඩදීමේ විපාකයෙන් මේ අයුරින් පන්සියවරක් රෙදි ලැබූහ. ඉක්බිති මාගන්‍දිය අන්කිසි කළයුත්තක් නොදක්නී ‘මහරජතුමනි, උයනට යමු’යයි කීවාය. ‘යහපති, දේවිය’ ඕ රජු පිළිගත්බව දැන සුළුපියා කැඳවා, ‘අප උයනට ගියකල්හි සාමාවතිය වසන තැනට ගොස් පිරිවර සහිත සාමාවතිය ඇතුළට දමා රජුගේ අණයයි කියා දොර වසා පිදුරුවලින් වසා ගෙට ගිනි තබව’යි කීවාය. මාගන්‍දික තෙමේ ඇයගේ වචනය අසා එසේ කළේය. එදවසෙහි ඒ ස්ත්‍රීහු සියලු දෙනාම පෙර කළ උපපීළක කර්‍මයක බලයෙන් සමවතට නැගීමට අපොහොසත් වූවාහුය. එකපහරින්ම බොල්මිටක් මෙන් දැවුනාහුය. ඔවුන්ගේ ආරක්‍ෂක පුරුෂයෝ රජු වෙතට ගොස් දේවයන්වහන්ස, මෙය කරවුහුදැයි විමසූහ. රජතෙමේ කවරකුවිසින් කරනලද්දැක්දැයි සොයාබලන්නේ මාගන්‍දිකාව විසින් කරවනලදබව දැන ඇය කැඳවා ‘සොඳුර, මාවිසින් කළයුත්තක් කරන ඔබ විසින් සොඳුරු දෙයක් කරනලදී. වරින්වර මා නැසීමට වෑයම් කරන්නියෝ නසන ලදහ. නුඹට පැහැදුනෙමි. සැපත් දෙන්නෙමියි ඔබගේ නෑදෑයන් කැඳවව’යි කීවේය. ඕතොමෝ රජුගේ කථාව අසා නොනෑයන්ද නෑයන් කොට කැඳවූවාය. රජතෙමේ සියල්ලන් රැස්වූබව දැන රාජංගනයෙහි ගෙලපමණවූ ආවාටයන්හි වළලා උඩට මතුව තිබුණු හිස් බිඳුවන්නේ මහත් යකඩ නගුලින් සාවා මාගන්‍දියද කඩකඩකොට සිදුවා කැවුම් පිසින සැළියෙහිම බැදවූයේය. පිරිවරසහිත සාමාවතියගේ ගින්නෙන් දවන කර්‍මය කිමෙක්ද? ඕතොමෝ වනාහි බුදුන් පහළවීමට පෙර ඒ මාගමුන් පන්සියය සමඟම ග‍ඟෙහි දිය කෙළි කෙළ තෙරෙන් පිටත සිටියා ශීත ඇතිවූ කල්හි නුදුරෙහි පසේබුදුකෙනෙකුගේ පන්සලක් දැක ඇතුලත නොපිරිස්සාම පිටින් ගිනිතබා ගිනිතැප්පාය. පන්සලතුළ පසේබුදුන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන්සේක. ඔවුහු ගිනි දැල් සිඳීගිය විට පසේබුදුන් දැක, ‘අපවිසින් කුමක් කරන ලද්ද? මේ පසේබුදුන්වහන්සේ රජුගේ කුලුපග කෙනෙකි. මෙතුමා දැක රජතුමා අපට කිපෙන්නේය. දැන් එතුමා මනාව දැවුණකු කිරීමට වටීයයි (සිතා) වෙනත් දරද දමා ගිනි දැල්වූවාහුය. යළි දැල් සිදුණු විට පසේබුදුන් වහන්සේ සමවතින් නැඟිට ඔවුන් බලාසිටියදීම සිවුරු ගසාදමා අහසට නැඟී වැඩිසේක. ඒ කර්‍මයෙන් නිරයෙහි පැසී විපාකදී ඉතිරිවූ කර්‍මයෙන් මේ විපතට පැමිණියාහුය. සිවුපිරිස මැද මේ කථාව හටගත්තේය. ඛුජ්ජුත්තරාව ඒකාන්තයෙන්ම බහුශ්‍රැතය. ස්ත්‍රී ආත්මභාවයෙහි සිට මාගමුන් පන්සියයකට ධමර්‍ය කියාදී සෝවාන් පෙලෙහි පිහිටෙව්වාය. සාමාවතියද රජුවිසින් තමන්ට නැංවූ ඊය මෛත්‍රිය පැතිරවීමෙන් යටපත් කළායයි මහජනයා ඇයගේ ගුණය ප්‍රකාශ කළේය. මෙසේ මේ කථාව හටගැණිණ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩහිඳින සේක් එකරුණම අ‍ෙත්‍ථ‍ර්‍‍ාත්පත්ති කොට ඛුජ්ජුත්තරා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියන් අතුරින්ද සාමාවතිය මෙත් පැවතුම් ඇත්තියන් අතුරින්ද අගතැන්හි තැබූසේක.

from Path to Nirvana https://ift.tt/2S4vGnh
ඉල් පෝය ……. බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.

1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගෙවීය. ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරයට.

බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් මහණ විය.

ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයින් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්ත්‍ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහ සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ‘ස්ථවිරයෙනි, නුඹ මේ මහභද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි’ යැයි විවරණ දී වදාළ සේක.

ඊළඟට වැදගත් කරුණ වන්නේ දැවැන්ත සමාජ මෙහෙවරක් සේ සැලකිය හැකි ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවීම ය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්වග ශ්‍රාවකයන් වහන්සේය.

මෙම රහතන් වහන්සේ සැට නම අමතා බුදුපියාණෝ මෙසේ වදාළ සේක. ‘මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස චාරිකාවේ හැසිරෙව්, දෙදෙනෙක් එක මඟ නොයව්.

මුල, මැද, අවසන අර්ථ සහිත වූ ද, ව්‍යඤ්ජන සහිත වූ ද ධර්මය දේශනා කරව්. ධර්මය අසන්නට නොලැබුණහොත් උසස් ගුණයෙන් ඔවුහු පිරිහෙත්. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත්. එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යවු. මම ද උරුවෙල් දනව්වේ සේනානි ගමට ධර්ම දේශනා පිණිස යන්නෙමි’ යනුවෙනි. ‘දෙනමක් එක ම¼ග නොයන්නැ යි වදාලේ බුදු දහම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙනි.

ඒ මගින් වැඩි දෙනෙකුට සැලසෙන සෙත උන් වහන්සේ අගය කළ බව පැහැදිලි වේ. ඉක්බිති හුදකලා වූ තමන් වහන්සේ ද ධර්මදූත සේවය ආරම්භ කළේ ඉල් පුර පසළොස්වක පොහෝ දාය.

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන් ගත වූයේ ද ඉල් පෝ දිනදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.

බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය. තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති.

කඨින පින්කම් මෙම ඉල් පෝ දිනෙන් අවසන් කළ යුතුව තිබේ. ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස සලකන මෙම කඨින පූජාව උතුම් විපාක දෙන ආමිස පූජාවකි.

එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි මෙම පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහ පැරකුම්බා රජතුමා සංඝයා වහන්සේලා තුන් දහස් හාරසිය තිස් දෙනෙකුට ද, කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා අසූ මහ ශ්‍රාවක සංඝයාට මහ කඨින පූජාවක් පැවැත් වූ බව ද සඳහන් වෙයි.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2Q9KPqg
දානයේ ආනිසංස සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

1. දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.
2. දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
3. ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
4. යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.

එසේම දානානිසංස සූත්‍රයට අනුව,

● ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
● තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්‍රයට අනුව මෙසේ ය. සත්පුරුෂ දාන ආනිසංස පහ

1. ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !
2. සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
4. ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
5. තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

1. තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
2. තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
3. තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.
4. තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව කරුණු පෙන්වා දෙමි.

(ධම්ම පදට්ඨ කථා 46 පිටුව)

මතු සම්බන්ධයි!

පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි විසින් සම්පාදනය කරන ලද ‘කර්ම විපාක’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana​ පිටුව විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. අවිදු අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමඟට යොමු වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/xmDfxa

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2A9yRTs
==විසාඛා මිගාරමාතා==

දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
සමණී, සමණගුත්තා, භික්‍ඛුනී, භික්‍ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
මේ‍ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්‍රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛා‍යයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්‍යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක. එසමයෙහි මෙණ්ඩක ගෘහපති තෙමේ ‍ඒ නුවරෙහි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුර කරයි. පස් පිනැත්තෝ නම් මෙණ්ඩක සිටු, චන්‍දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය, ඔහුගේම පුත් ධනඤ්ජය ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි. හුදෙක් මෙණ්ඩක සිටුපමණක් නොව බිම්සර රජුගේ අණ පවතින තන්හි අමිතභොගී නම්වූ පස්දෙනෙක් වූහ. ජොතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකවලිය යනුවෙනි. ඔවුනතුරින් මේ මෙණ්ඩක සිටුතෙමේ තම නුවරට භාග්‍යවතුන්වහන්සේ සැපත්බව අසා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා, දුව, නුඹටද මඟුලකි, අපටද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සියය සමඟින් රිය පන්සියයක නැඟී දැස්සන් පන්සියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙරගමන් කරව’යි කීවේය. ඕතොමෝ සීයාගේ වචනය අසා එසේ කළාය. කාරණාකාරණයන්හි දක්‍ෂතාව ඇති බැවින් යානයෙන් යායුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තීව භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයට චරිත වශයෙන් දහම්දෙසූසේක. ඒ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහි‍ටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීතවූ කෑයුතු හා බිදියයුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන්ම අඩමසක් මහදන් දුන්නාය.
ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැස වැඩිසේක. මෙයින් මතු අනෙක් කථාමාර්‍ග අතහැර විහාඛාවගේ උත්පත්ති කථාවම කිවයුතුය. සැවතෙහි කොසොල් රජතෙමේ, ‘මගේ අණ පවතින තන්හි අමිතභොග වින්‍දන (අපමණ සම්පත්විදින) කුලයක් නම් නැත. අපට එක් අමිතභොගවින්‍දන කුලයක් එවනු මැනවැ’යි බිම්සර රජු වෙතට හසුන් යැවීය. රජතෙමේ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළේය. ඇමතියෝ මහාකුලයක් යැවීමට නොහැකිය. එක් සිටු පුතෙකු යවන්නෙමුයි (කතිකා කොට) මෙණ්ඩක සිටුගේ පුත් ධනඤ්ජය සිටාණන්ට සැළකළාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනය අසා ඒ සිටුවරයා යැවීය. ඉක්බිති කොසොල් රජතෙමේ ඔහුට සැවතින් සත්යොදුන් පමණවූ සාකෙත නගරයෙහි සිටු තනතුරදී වාසය කරවූයේය. සැවතෙහිද මිගාරසිටුගේ පුත් පූර්‍ණවර්‍ධන නම් කුමරුවා වියපත් වූයේ වෙයි. ඉක්බිති ඔහුගේ පියා ‘මගේ පුතා වියපත්ය. ඔහුට ගෘහවාසයෙන් බැ‍ඳෙන කාලය’යි දැන ‘අපට සමානජාතිකවූ කුලයෙක්හි දැරියක සොයවුය’යි කාරණාකාරණයෙහි දක්‍ෂවූ පුරුෂයන් යැවීය. ඔවුහු සැවතෙහි තමන් කැමති දැරියක නොදැක සාකේතයට ගියාහුය. ඒ දිනයෙහි විශාඛාද තමන්ගේ සමවියෙහි සිටි කුමරියන් පන්සියයක් විසින් පිරිවරන ලද්දී නැකත් කෙළි සඳහා එක් මහ වැවකට ගියාය. ඒ පුරුෂයෝද ඇතළු නගරයෙහි හැසිර තමන් කැමති දැරියක නොදැක පිටත නගර දොරටුවෙහි සිටියාහුය. එසමයෙහි වැස්සක් වැසිමට පටන්ගත්තේය. ඉක්බිති විශාඛාව සමඟ නික්මෙන ඒ දැරියෝ තෙමෙන බියෙන් වහවහා ශාලාවකට පිවිසුණාහ. ඒ පුරුෂයෝ ඔවුන් අතරිනුදු කැමති පරිදි දැරියක් නොදුටුවාහුය. ඔවුන් සියල්ලන්ට පිටුපසින් විශාඛා තොමෝ වැස්සද නොතකමින් නොයික්මන් ගමන් කෙමෙමින්ම ශාලාවට පිවිසියාය. ඒ පුරුෂයෝ ඇයදැක ‘අන්රුවැත්තිය නමුදු මැය පරමකොට වන්නීය. මේ රූපය ඒකාන්තයෙන්ම ඉදුණු දෙළුමක් මෙන්වෙයි. කථාවට නංවාගෙන ඇය (සමඟ) කථාකරන අපි මිහිරිවදන් ඇත්තියක්ද නැද්දැයි දැනගන්නෙමු’යි සිතුවාහුය. ‘දියණියනි, බෙහෙවින් මුහුකුරාගිය වයස් ඇති ස්ත්‍රීවරර්‍ණ ඇත්තියක් මෙන් වෙහියි ඔවුහු ඇයට කීවාහුය. පියවරු, කුමක්දැක කියන්නහුදැයි ‍ඕ ඇසුවාය. ඔබ සමඟ සෙල්ලම් කරන අන් කුමරියෝ තෙමෙන බියෙන් වේගයෙන් අවුත් ශාලාවට පිවිසුණාහුය. ඔබ වනාහි මැහැල්ලක මෙන් පියවර ඉක්මවා නොයහි. සළුව තෙමෙන බවවත් ගණන් නොගත්තෙහිය. ඉදින් ඇතෙක් හෝ අසෙක් එබ ළුහුබඳින්නේ නම් කිම මෙසේම කරන්නෙහිදැයි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, සළුනම් දුලබ නොවෙයි. මගේ ගෙහි සළු සුලබය. වියපත් මාගමෝ විකිණිබඩු සමානයහ. අතක් හෝ පයක් හෝ කැඩුණු විට අංගවිකල වූ මාගමක පිළිකුල් කරමින් කෙළගසා යත්. එබැවින් සෙමින් ආවෙමියි කීවාය. මෑසමාන කතක් නම් මේ දඹදිව නැත. රුවින් යම්බඳුද පියවදනිනුද එසේමය. කරුණුනොකරුණු දැන කථා කරයි ඔවුහු සිතුවාහුය. ඉක්තිබි විශාඛා සිතුවාය: ‘පෙර මම (අනෙකකුගේ) අයිතියට පත් නොවූවා වෙමි. දැන් වනාහි (එසේ) අයිතියට පත්වූවා වෙමි’ එසේ සිතා විනීත අයුරින් බිම හිඳ ගත්තාය. ඉක්බිති ඇයව එහිම තිරයකින් වටකළාහුය. ඒතොමෝ වැසුණු බව දැන දැස්සන් සමූහයා විසින් පිරිවරණලද්දී නවසට ගියාය. ඒ මිගාර සිටුගේ මිනිස්සුද ඇය සමඟම ධනඤජය සිටාණන් වෙතට ගියාහුය. දරුවනි, නුඹලා කවරගමක වැසියෝදැයි විමසනලද්දාහු සැවැත්නුවර මිගාරසිටුගේ පුරුෂයෝ වෙමුයි කියා අපි අපගේ සිටුතුමා විසින් නුඹවන්සේගේ නිවසෙහි වියපත් දැරියක් ඇතැයි අසා, එවන ලද්දෝ වෙමුයි කීවාහුය. ‘දරුවනි මැනවි, නුඹලාගේ සිටුතුමා සැපසම්පත්තියෙන් අපහා අසමානය. ජාතියෙන් වනාහි සමානය. සියලු ආකාරයෙන් යුක්ත වූවෙක් නම් දුලබය. යව්, නුඹලාගේ සිටුතුමාට අප විසින් පිළිගත් බව සැළකරවු’යි පැවසීය. ඔවුහු සිටුවරයාගේ වචනය අසා සැවතට ගොස් මිගාර සිටාණන්ට සතුටද ලාභයද දන්වා ‘ස්වාමීනි, ඔබවහන්සේට සාකේතයෙහි ධනඤ්ජය සිටුතුමාගේ නිවසෙහි දැරියන් ලබන ලදැයි කීවාහුය. මිගාරසිටණෝ එය අසා අපට කුලගෙයකින් දැරියක් ලබන ලදැයි සතුටු සිතැත්තේවී එකෙණෙහිම ධනඤ්ජය සිටාණන්ට, දැන්ම දැරිය ගෙනෙන්නෙමු. කළයුතු කිසක් කරත්වායි හසුනක් යැවීය. හෙතෙමේත්, මෙය අපට බරක් නොවේ. සිටුතුමා වනාහි තමන් කළයුතුවැඩ කරනුමැනවැ’යි පිළිහසුනක් යැව්වේය. හෙතෙම කොසොල් රජුවෙතට ගොස්, ‘දේවයන් වහන්ස, මට එක් මංගල කටයුත්තක් ඇත. ඔබගේ දාසයන් පූර්‍ණවර්‍ධනයන්ට ධනඤ්ජය සිටාණන්ගේ දියණි විශාඛා නම් දැරිය ගෙනෙන්නෙමි. මගේ සාකේතගමන අනුදත් මැනවැ’යි සැළකළේය. ‘මහසිටාණ, මැනවි. කිමෙක්ද අපද ආයුතුදැයි (රජතෙමේ පැවසීය) ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ වැන්නවුන්ගේ ගමනක් කෙසේ ලබමුදැ’යි (සිටුතෙමේ කීවේය.) රජතෙමේ මහකුල පුතුට සංග්‍රහයක් කරනු කැමැත්තේ ‘වේවා! සිටාණ, පැමිණෙන්නෙමි’යි පිළිගෙන මිගාරසිටු සමඟ සාකෙත නුවරට ගියේය. ධනඤ්ජය සිටු තෙමේ මිගාරසිටු කොසොල් රජුද ගෙන පැමිණියේයයි අසා පෙරගමන් කොට රජු කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ පිරිසටද මිගාර සිටාණන්ටද වසන තැන් මෙන්ම මල්සුවද වස්ත්‍රාදියද පිළියෙළ ක‍ළේය. මෙය මොහුට ලැබීමට වටීය. මෙය මොහුටයයි සියල්ල තෙමේම දනියි. ඒ ඒ අය සිටුතෙමේ අපටම සත්කාර කරති’යි සිතූහ. ඉක්බිති එක්දිනක් රජතෙමේ ධනඤ්ජය සිටාණන්ට, බොහෝකලක් සිටාණන්ට අප වැඩීම, පෝෂණය කිරීම නොහැකිය. දැරිය යන දිනය දනීවා’යි හසුනක් යැවීය. හෙතෙමේද රජුට, ‘දැන් වැසිකල පැමිණියේය. සිවුමසක් (ඔබිමොබ) හැසිරීමට නොහැකිය. නුඹවහන්සේගේ බලකායට යමක් යමක් ලැබීමට වටීද? ඒ සියල්ල මට භාරය. හුදෙක් දේවයන්හන්සේ මාවිසින් (දැරිය) එවනලද කල්හි යනසේක්වා’යි හසුනක් යැවීය.
එතැන්පටන් සාකේත නුවර නිති නැකත් (කෙළි ඇති) ගමක් මෙන්විය. මෙසේ තෙමසක් ඉක්මියේය. ධනඤජය සිටාණන්ගේ දියනියගේ මහාලතා පසාධනය එතෙක් නිමා නොවෙයි. ඉක්බිති ඔහුගේ කර්‍මාන්ත විධායකයෝ අවුත්, ‘නොමැති අන්දෙයක් නම් නැත. බලකායට බත්පිසින දර නොපොහොනේ’යි පැවසූහ. ‘යවු දරුවනි, ඇත්හල්, අස්හල්, ගවහල් කඩා බත් පිසවුයයි කීවේය. මෙසේ පිසන්නවුනට ද අඩමසක් ඉක්මුණේය. ඉක්බිති යළි ස්වාමීනි, දැව නොපොහොනේයයි සැළකළාහුය. ‘දරුවනි, මෙකල්හි දර ලැබීමට නොහැකිය. රෙදි කොටු ගෙය විවර කොට රළු රළු සළු ගෙන වැටි තනා තෙල් සැළියෙහි තෙමා බත් පිසවුයි’ කීවේය. මේ අයුරින් පිසන්නවුන්ට සිවුමස සපිරිණි ඉක්බිති ධනඤජය සිටුතුමා මහාලතා පසාධනය (සාදා) නිමිබව දැන හෙට දුවණිය යවන්නෙමැයි දියණිය සමීපයෙහි හිඳුවා ‘දරුව, සැමි කුලයෙහි වසන්නියන් විසින් මේ මේ හැසිරීම් ඉගෙනීමට වටීයයි අවවාද දුන්නේය. මේ මිගාර සිටු තෙමේත් අනතුරු (ඊළඟ) ගැබෙහි වැද හොත්තේ ධනඤජය සිටානන්ගේ අවවාදය ඇසුවේය. ඒ සිටුතෙමේ දියනියට මෙසේ අවවාද දුන්නේය. ‘දරුව’ මයිලණුවන්ගේ ගෙහි වෙසෙන්නිය විසින් ඇතුළත ගිනි පිටත නොගෙනගිය යුතුය, පිටත ගිනි ඇතුළට නොපිවිසවිය යුතුය. දෙන්නාටම දිය යුතුය, නොදන්නාට නොදිය යුතුය, දෙන්නාටද නොදෙන්නාටද දියයුතුය. සුවසේ හිඳිය යුතුය, සුවසේ වැළඳිය යුතුය, සුවසේ හෙවිය යුතුය. ගිනි පිදිය යුතුය. ඇතුළත දෙවියන් නමැදිය යුතුයයි මේ දසආකාර අවවාද දී දෙවන දිනයෙහි සියලු සෙනඟ රැස්කරවා රජ සෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු භාරකරුවන් (වශයෙන් තෝරා) ගෙන ‘ඉදින් ම‍ගේ දුව ගියතැන දොසක් හටගනීද නුඹලා විසින් පිරිසුදු කළ (නිවැරදි කළ) යුතුයයි කියා නව කෙළක් අගනා මහා ලතා පසාධනයෙන් දියණිය සරසවා නහනසුණු මිලවූ ගැල් සාරදහස් පන්සියයක ධනය දී දියණිය සමඟ නිබඳව සමඟ හැසිරෙන පන්සියයක් දාසියන්ද ආජන්‍යරථ පන්සියයක්ද සියය සියය බැගින්වූ සියලු සත්කාරද දී කොසොල් රජු හා මිගාර සිටාණන් පිටත්කොට යවා දුවණිය යන වේලාවෙහි ගවගාස් අධිකාරී පුරුෂයන් කැඳවා ‘දරුවනි, මගේ දියණියට ගියතන්හි කිරිබීම සඳහා දෙනුන්ගෙන්ද යාන‍යන්හි යෙදීම සඳහා ගොනුන්ගෙන්ද වැඩ ඇත. එහෙයින් මගේ දුවගේ ගමන් මගෙහි ගැල් දොරටු හැර පළලින් අට ඉස්බක් ගවසමූහයාගෙන් පුරවා තුනගව්වකින් මත්තෙහි අසුවල් නම් (ගිරි) කඳුරක් ඇත. කෙළවර ගොන්බාන එතැනට පත් කල්හි බෙරහඬින් ගාල්දොර වසන්නහුයයි පැවසීය. ඔවුහු මැනවැයි සිටාණන්ගේ වචනය පිළිගෙන එසේ කළාහුය. ගැල්දොර ඇරී කල්හි මහත් මහත් ග‍වයෝම නික්මුණාහුය වැසූ කල්හි වනාහි විශාඛාවගේ පිනින් බලවත් ගවයෝද හීලෑගවයෝද වැටින් පැන පැන මගට පිළිපන්නාහුය. ඉක්බිති විශාඛා නුවර දොරටුවට සැපත් කල්හි මෙසේ සිතුවාය. “පිළිසන්වු යානයෙහි හිඳ නුවරට පිවිසෙම්ද නැතහොත් යානයෙහි සිටගෙන පිවිසෙම්ද’? ඉක්බිති ඇයට මෙබඳු අදහසක්විය. පිළිසන්වූ යානයෙන් පිවිසෙන ම‍ගේ මහාලතාපසාධනයේ විශේෂයක් නොපැනෙයි යනුවෙනි. ඕතොමෝ සියලු නුවරට තමන් දක්වන්නී ‍රියෙහි සිටගෙන නුවරට පිවිසියාය.
සැවැත් නුවර වැසියෝ විශාඛාවගේ සැපත් දැක මෝ වනාහි විහාඛා නමු. මෙම රුවත් මෙම සැපතත් මැයටම හොබීයයි පැවසුවාහුය. මෙසේ ඕතොමෝ මහත් සැපතින් මිගාර සිටාණන්ගේ නිවසට පිවිසියාය. ගියදිනයෙහිම ඇයට සියලු නුවරවැසියෝ ‘ධනඤ්ජය සිටුතුමු තම නුවරට පැමිණි අපට මහත් සත්කාර කළේය’යි හැකි පරිද්දෙන් පඬුරු යැව්වාහුය.
විශාඛාතොමෝ එවූ එවූ පඬුරු ඒ නුවරෙහිම ඒ ඒ කුල‍යන්හි සියල්ලන්ට ප්‍රයෝජනවත් ලෙස දෙවූවාය. ඉක්බිති රාත්‍රියාමයෙහි ඇයගේ එක් ආජානෙය්‍ය අස් වෙළඹකට දරු උපතක් සිදුවිය. ඕතොමෝ දාසීන් ලවා දඬුපහන් ගන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නහවා තෙල් ගල්වා තමන් වසන තැනටම ගියාය. මිගාර සිටුතුමාද සත්දිනක් පුතාගේ ආවාහසත්කාරය කරන්නෙ අසළ වෙහෙරෙහි වසන්නාවූද තථාගතයන්වහන්සේ නොමෙනෙහි කොට සත්වැනි දිනයෙහි සියලු නිවෙස පුරවමින් නග්න ශ්‍රමණයින් වඩාහිඳුවා එන්න මගේ දුව රහතුන් වඳීවායි හසුනක් යැවීය. ඕතොමෝ සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාවක්වූවා රහත්යයි වචනය අසා තුටුපහටුවූවා ඔවුන් හුන් තැනට ගොස් ඔවුන් බලා මෙබන්දෝ නම් රහත්හු වෙත්දැයි විළිබිය නැත්තවුන්ගේ සමීපයට කුමක් හෙයින් මයිළණුවෝ මා කැඳවත්දැයි චී චී යයි නින්දාකොට තමන් වසන තැනටම ගියාය. නග්න ශ්‍රමණයෝ ඇය දැක එක පහරින්ම සියල්ලෝ සිටාණන්ට ‘කිමෙක්ද ගාහපතිය, ඔබ අනිකක නොලැබුවෙහිද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාමිකාවකවූ මහා කාලකණ්ණියක මේ ගෙදරට පිවිසුවෙහිද? වහා ඇය මේ ගෙදරින් බැහැර කරව’යි ගැරහූහ. ඉක්බිති සිටුතෙමේ මොවුන්ගේ වචනයෙන් මවිසින් මැය මේ නිවසින් බැහැර කිරීමට නොහැකිය. මෝ මහාකුලයක දුවනියකැයි සිතා, ආචාර්‍ය්‍යවරුනි, කුඩා දරුවෝ දැන හෝ නොදැන (වරද) කරති. නුඹවහන්සේලා නිශ්ශබ්දවුව මැනවැයි නගනයින් පිටත්කොට යවා මහ පළඟක හිදගෙන රන් හැන්දක් ගෙන විශාඛාව විසින් බලා සිටිනු ලබන්නේ රන් තලියක දියනුමුසු මී පායාසය වැළඳීය. එසමයෙහි එක් පිඬු හැසිරෙන තෙර කෙනෙක් පිඬුපිණිස හැසිරෙන්නාහු සිටුවරයාගේ ගෙදොරට වැඩියහ. ඒ ලාමක තැනැත්තේ තෙරුන් දැක ද නොදක්නේ මෙන්වී මුව යටට යොමුකොටගෙන පායාසයම වළඳයි. විශාඛතොමෝ මගේ මාමා තෙරුන් දැකද හැඟීමක් නොකරතියි දැන තෙරුන් වෙත එළඹ ‘වෙනතක වඩිනු මැනවි ස්වාමීනි, මගේ මාමා පැරන්නක් කති’යි කීවාය. හෙතෙම නිගණ්ඨයන් කීකල්හි ඉවසීය. පැරන්නක් කතියි කීකෙණෙහිම අත ඉවතට ගෙන මේ පායාසය මෙතැනින් ගෙනයවු. මැයද මේ ගෙදරින් පිට කරවු. මෝ වනාහි මෙබඳුවූ මඟුල් ගෙදරක මා අශූචි කන්නකු කරන්නීයයි කීවේය. ඒ නිවසෙහි සියලු දස්කම්කරුවෝ විශාඛාවට අයත් වූවෝයි. කවරෙක් නම් ඇය අතින් හෝ පයින් ගන්නේද? මුවින් කතා කිරීමට පවා සමතෙක් නැත. ඉක්බිති විශාකාතොමෝ මයිලණුවන්ගේ කථාව අසා, ‘පියාණෙනි, මෙපමණ වචනයකින්ම අපි නොයමු. මම නුඹවහන්සේ විසින් දිය තොටින් කුමභදාසියක මෙන් නොගෙනෙන ලද්දෙමි. ජීවත්වන මවුපියන්ගේ දූවරුනම් මෙපමණකින් නොනික්මෙත්. මේ කරුණ නිසාම මට පියා මෙහි එන දිනයෙහි කෙළෙඹියන් අට දෙනකු කැඳවා ඉදින් මගේ දුව නිසා දොසක් උපදියිද එය නිවැරදි කරවුයයි පවසා ඔවුන්ගේ අතෙහි තැබීය. ඔවුන් කැඳවා මගේ දොස් නිදොස් බව පිරිසිදු කරවුවව මැනවැයි කීවාය. ඉක්බිති සිටුතුමා මෝ යහපතක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, ‘මේ දැරිය සත්වැනි දිනයෙහි නොපිරිපුන්වූම මඟුල් ගෙයෙහි හුන්නාවූ මා අශූචි කන්නෙකැයි කියයි කීවේ. ‘දියණියනි, එසේ වේදැ’යි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, මගේ මාමා අශූචි කෑමට කැමැත්තේ වන්නේය. මම වනාහි එසේ (අදහස්) කොට නොකියමි. එක් පිඬුසිඟන තෙර කෙනෙකු ගෙදොර සිටි කල්හි මෙතෙමේ දිය නුමුසු පායාසය බුදිමින් ඔහු මෙනෙහි නොකරයි. මම මේ හේතුවෙන් වෙනතක යන්න ස්වාමීනි, මගේ මාමා මේ අත්බැව්හි පින් නොකරයි. පැරණි පින කයි යන්න පමණක් කීවෙමි’යි පැවසුවාය. ‘ආර්‍ය්‍යයනි, මෙහි දොසක් නැත. අපගේ දියණිය (සුදුසු) කරුණක් කියයි. ඔබතුමා කුමක් නිසා කිපෙහුදැ?’යි ඔවුහු කීය. ‘ආර්‍ය්‍යවරුනි, එය දොසක් නොවේවා! (එතකුදු) මේ දැරිය පැමිණි දිනයෙහිම මගේ පුතුකෙරෙහි හැඟීමක් නොකොට තමන් කැමති තැනට ගියාය’යි (සිටුතෙමේ කීවේය). ‘එසේද දරුව?’ ‘පියවරුනි, මම මා කැමති තැනකට නොයමි. මේ නිවසෙහි ආජානීය වෙළඹ වැදූ කල්හි හැඟීමකුදු නොකොට හිඳීම නම් අයුත්තකියි දඬුපහන් ගෙන්වාගෙන දැස්සන් විසින් පිරිවරන ලදුව එහිගොස් වෙළඹට ප්‍රසව පරිහාර කරවීමි’යි විශාඛා කීවාය. ‘ආර්‍ය්‍යයෙනි, අපගේ දියණිය නුඹගේ නිවසෙහි දාසීන් විසිනුදු නොකළයුතු වැඩක් කළාය. නුඹ එහි කුමන දෙසක් දක්නෙහිද?’ ‘ආර්‍ය්‍යවරුනි, එය ගුණයක් වේවා! මැයගේ පියා මෙහි එන දිනයෙහි අවවාද දෙමින් ඇතුළත ගිනි පිටත නොගෙනිය යුතුයයි කීවේය. කිමෙක්ද අපවිසින් දෙපසින් අසල්වැසි ගෙවලට ගිනි නොදී සිටිය හැකිද?’ ‘එසේද දුවණිය? ‘පියවරුනි, මගේ පියා මේ ගිනි අරභයා කථා නොකළේය. ගෙතුළෙහි නැදි ආදී මාගමුන්ගේ යම් රහස් කථාවක් හටගනීද? එය, එහි දැසිදස්සන්ට නොකිව යුතුය. මෙබඳුවූ කථා වැඩෙමින් කලහය පිණිස පවතියි. පියවරුනි, මෙය සඳහා මගේ පියා කීවේය.” ආර්‍ය්‍යවරුනි, එයද එසේ වේවා! මැයගේ පියා පිටතින් ගිනි ඇතුළතට නොපිවිසය යුතුයයි කීවේය. ඇතුළත ගිනි නිවුනු කල පිටතින් ගිනි නොගෙනීමට අපට හැකිද?’ ‘එසේද, දියණිය?’ ‘පියවරුනි, මගේ පියා එම ගිනි සඳහා නොකීවේය. යම් දෙසක් දැසිකම්කරුවන් විසින් කියන ලද්දේ වෙයිද? එය ඇතුළත මිනිසුන් නොකිව යුතුය. පෙ- යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී. ‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී. දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හිඳිහ යුතුය යන මෙයද නැදිමයිලන් දැක නැඟිටිය යුතු තන්හි හිඳීමට නොවටීය යන්න සඳහා කියනලදී. සුවසේ වැළදිය යුතුය යන මෙය නැදිමයිල් සැමියන්ට පෙරාතුවම නොවළඳා ඔවුන් වළඳවා සියල්ලන් විසින් ලද නොලද දේ දැන පසුව තෙමේ වැළදීමම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හොවියයුතුය. යන මෙයද නැදිමයිල් සැමියන්ට පෙරාතුවම සයනයට නැඟ නොනිදිය යුතුය. ඔවුන්ට කළයුතු වත් පිළිවෙත්කොට පසුව තෙමේ නිදීමට යුතුය. යන මෙය සඳහා කියනලදී. ගිනිපිදිය යුතුය. යන මෙය නැන්දනියද මයිලනුවන්ද සැමියාද ගිනි කඳක් මෙන්ද නාරජුන් මෙන්ද කොට දැකීමට වටීය යන්න සඳහා කියනලදී’ ඒවා එපමණ ගුණයෝ වෙත්වා? මැයගේ පියා ඇතුළත දෙවියන් නමඳවයි කීවේය. මෙහි කවර අත්‍ථ‍ර්‍‍යක්දැයි (සිටුතුමා ඇසීය.) දියණිය එසේදැයි ඔවුහු අසූහ. ‘එසේය, පියවරුනි, එය ද මගේ පියා විසින් ‘දරුව ආවේණික ගෙහි වසන කාලයෙහි පටන් අපගේ ගෙදොරට පැමුණුණු පැවිද්දකු දැක ගෙහි යම් කෑයුත්තක් බිදිය යුත්තක් ඇත්ද? එයින් පැවිද්දන්ට දී කෑමටම වටීය යන මෙකරුණ සඳහා කියන ලදියි විශාඛා කීවාය. ඉක්බිති ඔවුහු සිටාණන්ට ‘මහසිටාණ, නුඹ වනාහි පැවිද්දන් දැක නොදීමට කැමත්තේ වනැයි හැඟෙයියයි කීහ. හෙතෙම අන් පිළිවදනක් නොදක්නේ අධොමුඛව හුන්නේය. ඉක්බිති කෙළෙඹියෝ ඔහුට ‘කිමෙක්ද සිටාණෙනි, අපගේ දියණියගේ අන් දොසකුත් ඇත්දැයි ඇසුවාහුය. ‘ආර්‍ය්‍යයනි නැතැ’යි කීවේය. ‘කුමක් හෙයින් නිදොස් මැය නිකරුණේ පිටමං කළෙහිදැ’යි ඔවුහු ඇසූහ. එකෙණෙහි විශාඛා තොමෝ ‘පළමුව මගේ මයිලණුවන්ගේ වචනයෙන් මගේ යාම නොසුදුසුය. මා එන දිනයෙහි මගේ දොස්නිදොස් පිරිසිදු කිරීම සඳහා මගේ පියා නුඹලාගේ අතෙහි තබා දුන්නේය. දැන් මගේ යාම මැනවැයි පවසා දැසිදසුන් යානාදිය පිළියෙළ කරවුයයි අණ කළාය. ඉක්බිති සිටුතෙමේ ඒ කෙළෙඹියන් අත ගෙන ඇයට, ‘දියණිය, මා විසින් නොදැන කියන ලද්දට මට ක්‍ෂාමා කරන්නැ’යි කීවේය. ‘පියාණෙනි ක්‍ෂමා කරමි. ඔබගේ ක්‍ෂමා කළයුත්තට ක්‍ෂමා කරමි. මම වනාහි බුදුසසුනෙහි නොසැලෙන පැහැදීම් ඇති කුලයක දියණියක්මි. අපි බික්සඟනගෙන් තොරව නොපවතිමු. ඉදින් මගේ කැමැත්තෙන් බික්සඟන පිළිදැඟුම් කිරීමට ලබන්නෙම් නම් වසමියි විශාඛා කීවාය. ‘දරුව, නුඹ කැමති පරිද්දෙන් නුඹේ මහණුන් පිළිදැඟුම් කරව’යි (සිටුතෙමේ කීවේය). ඉක්බිති විශාඛාතොමෝ භාග්‍යවතුන්වහන්සේ නිමුන්ත්‍රණය කරවා දෙවැනි දිනයෙහි නිවෙස පුරවමින් බුදුපාමොක් බික්සඟන වඩා හි‍ඳෙව්වාය. නග්න පිරිසද ශාස්තෘන්වහන්සේ මිගාර සිටුගේ ගෙට වැඩිබව දැන එහි ගොස් ගෙය පිරිවරා හුන්නාහුය. විශාඛා තොමෝ දක්‍ෂිණොදකය දී සියලු සත්කාර පිළියෙළ කරන ලද්දේ මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේ වළඳවත්වායි හසුනක් යැව්වාය. හෙතෙම නිගණ්ඨයින්ගේ වචනය අසා ‘මගේ දියණිය, සම්බුදුන්වහන්සේ වළඳවාවා’යි පැවසීය. විශාඛා තොමෝ නොයෙක් අගරසයෙන් භාග්‍යවතුන්වහන්සේ වළඳවා බත්කිස නිමවූ කල්හි මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මකථාව අසත්වා’යි යළි හසුනක් යැව්වාය. ඉක්බිති දැන් නොයාම නම් බලවත් අයුක්තකැයි ධර්‍මකථාව ඇසීමේ කැමැත්තෙන් යන ඔහුට නග්ගනශ්‍රමණයෝ, ‘ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ධර්‍මය අසන්නේ තිරයෙන් පිට හිඳ අසව’යි කීහ. කලින්ම ගොස් තිරයකින් වට කළාහුය. මිගාරසිටුතෙමේ ගොස් තිරයෙන්පිටතම හුන්නේය. තථාගතයන්වහන්සේ, ‘නුඹ තිරයෙන් පිටත හෝ හිඳුව බිත්තියෙන් පිටත හෝ පර්‍වතයෙන් පිටත හෝ සක්වළින් පිටත හෝ හිඳුව. මම සමුබුදු නමි. මගේ හඬ නුඹට අස්වන්නට හැක්කෙමි’යි රන්වන්පල ඇති අඹගසක් කඳින් ගෙන සොලවන්නාක් මෙන් ධර්‍ම දේශනා කළ සේක. දෙසුම අවසන්හි සිටුතෙමේ සෝවාන් පෙළෙහි පිහිටා තිරය ඔසවා ශාස්තෘන්වහන්සේගේ පාදයෙහි පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේ සමීපයෙහිම ‘දරුව නුඹ අද පටන් මගේ මවය’යි විශාඛාව තමන්ගේ මවු තනතුරෙහි තැබුවේය. එතැන්පටන් විශාඛා මිගාරමාතා නම්වූවාය.
ඕතොමෝ එක්දිනක් නුවරෙහි නැකැත් කාලය පවත්නා විට ඇතුළ් නුවරෙහි ගුණ‍යක් (වටිනාදෙයක්) නැතැයි දැස්සන් විසින් පිරිවරන ලදුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව ඇසීමට යන්නී ‘බුදුවරුන්ගේ සමීපයට උඩඟු වෙසින් යාම නුසුදුසුය’යි මහාලතා පසාධනය මුදා දැස්සක අතෙහි දී ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ දහම් දෙසූ සේක. ඕතොමෝ දම්දෙසුම අවසන්හි භාගයවතුන්වහන්සේ වැඳ නුවරට අභිමුඛව පිටත්ව ගියාය. ඒ දාසියද තමන්ගත් පසාධනය තැබූ තැන නොසලකා යන්නී, පසාධනය ගැනීම සඳහා ආපසු හැරුනාය. ඉක්බිති විශාඛාව ඇයට ‘නුඹවිසින් එය කොහි තබන ලද්දැ’යි ඇසුවාය. ‘ආය්‍යවනි, ගඳකිළි පිරිවෙණෙහි’යි ඕ කීවාය. ‘වේවා! දැස්ස, ගොස් ගෙනෙව. ගඳකිළි පිරිවෙණෙහි තැබූ කල පටන් ගෙන්වීම නම් අපට නොසුදුසුය. එහෙයින් එය විකුණා දඬුවමක් කරන්නෙමු. එහි තැබූ කල්හි ආර්‍ය්‍යවරුන්ට හිරිහැරයක් වේයයි දෙවැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් විශාඛාවගේ ගෙදොරට වැඩිසේක. නිවෙසෙහිද නිබඳ පනවනලද අසුන් වෙයි. විශාඛා තොමෝ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය ගෙන ගෙට වැඩමවා පනවනලද අසුන්හිම හිඳුවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමිකල්හි ඒ පසාධනය ගෙනව්ා ශාස්තෘන් පාමුල තබා ස්වාමීනි මෙය ඔබවහන්සේට දෙමියි කීවාය. ශාස්තෘන්වහන්සේ අලංකාරය නම් පැවිද්දන්ට නොවටනේයයි ප්‍රතික්‍ෂේප ක‍ළසේක. ‘දනිමි. ස්වාමීනි, මම මෙය අගයකරවා ධනය ගෙන නුඹවහන්සේට විසීමට ගඳකිළියක් කරන්නෙමි’යි ඈ කීවාය. එකල්හි ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළසේක. ඕතොමෝත් එය අගය කරවා නවකෙළක් ධනය ගෙන ගැබ් සියයකින් යුක්තවූ පූර්‍වාරාම මහාවිහාරයෙහි තථාගතයන්වහන්සේට විසීමට ගඳකිළියක් කරවූවාය. විශාඛාවගේ නිවෙස පෙරවරුවෙහි කසාවතින් බබළන සෘෂීන් තුළින් හමන සුළඟින් ගැවසීගත්තක් විය. අනේපිඬුසිටුගේ නිවෙසෙහි මෙන්ම ඇයගේ නිවෙසෙහිද සියලුබත් පිළියෙළවූයේයම විය. ඕතොමෝ පෙර වරුයෙහි බික්සඟනට ආමිෂසංග්‍රහ කොට පසුබතෙහි බෙහෙත්ද අෂ්ටවිධපානයන්ද ගෙන්වා ගෙන විහාරයට ගොස් බික්සඟනට දී පසුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා පැමිණෙයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි උවැසියන් පිළිවෙළින් තනතුරු වල තබනසේක් විශාඛා මිගාරමාතාව දායිකාවන් අතුරෙන් අගතැන්හි තැබූසේක.