Monthly Archives: November 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2A9yRTs
==විසාඛා මිගාරමාතා==

දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
සමණී, සමණගුත්තා, භික්‍ඛුනී, භික්‍ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
මේ‍ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්‍රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛා‍යයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්‍යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක. එසමයෙහි මෙණ්ඩක ගෘහපති තෙමේ ‍ඒ නුවරෙහි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුර කරයි. පස් පිනැත්තෝ නම් මෙණ්ඩක සිටු, චන්‍දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය, ඔහුගේම පුත් ධනඤ්ජය ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි. හුදෙක් මෙණ්ඩක සිටුපමණක් නොව බිම්සර රජුගේ අණ පවතින තන්හි අමිතභොගී නම්වූ පස්දෙනෙක් වූහ. ජොතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකවලිය යනුවෙනි. ඔවුනතුරින් මේ මෙණ්ඩක සිටුතෙමේ තම නුවරට භාග්‍යවතුන්වහන්සේ සැපත්බව අසා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා, දුව, නුඹටද මඟුලකි, අපටද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සියය සමඟින් රිය පන්සියයක නැඟී දැස්සන් පන්සියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙරගමන් කරව’යි කීවේය. ඕතොමෝ සීයාගේ වචනය අසා එසේ කළාය. කාරණාකාරණයන්හි දක්‍ෂතාව ඇති බැවින් යානයෙන් යායුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තීව භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයට චරිත වශයෙන් දහම්දෙසූසේක. ඒ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහි‍ටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීතවූ කෑයුතු හා බිදියයුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන්ම අඩමසක් මහදන් දුන්නාය.
ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැස වැඩිසේක. මෙයින් මතු අනෙක් කථාමාර්‍ග අතහැර විහාඛාවගේ උත්පත්ති කථාවම කිවයුතුය. සැවතෙහි කොසොල් රජතෙමේ, ‘මගේ අණ පවතින තන්හි අමිතභොග වින්‍දන (අපමණ සම්පත්විදින) කුලයක් නම් නැත. අපට එක් අමිතභොගවින්‍දන කුලයක් එවනු මැනවැ’යි බිම්සර රජු වෙතට හසුන් යැවීය. රජතෙමේ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළේය. ඇමතියෝ මහාකුලයක් යැවීමට නොහැකිය. එක් සිටු පුතෙකු යවන්නෙමුයි (කතිකා කොට) මෙණ්ඩක සිටුගේ පුත් ධනඤ්ජය සිටාණන්ට සැළකළාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනය අසා ඒ සිටුවරයා යැවීය. ඉක්බිති කොසොල් රජතෙමේ ඔහුට සැවතින් සත්යොදුන් පමණවූ සාකෙත නගරයෙහි සිටු තනතුරදී වාසය කරවූයේය. සැවතෙහිද මිගාරසිටුගේ පුත් පූර්‍ණවර්‍ධන නම් කුමරුවා වියපත් වූයේ වෙයි. ඉක්බිති ඔහුගේ පියා ‘මගේ පුතා වියපත්ය. ඔහුට ගෘහවාසයෙන් බැ‍ඳෙන කාලය’යි දැන ‘අපට සමානජාතිකවූ කුලයෙක්හි දැරියක සොයවුය’යි කාරණාකාරණයෙහි දක්‍ෂවූ පුරුෂයන් යැවීය. ඔවුහු සැවතෙහි තමන් කැමති දැරියක නොදැක සාකේතයට ගියාහුය. ඒ දිනයෙහි විශාඛාද තමන්ගේ සමවියෙහි සිටි කුමරියන් පන්සියයක් විසින් පිරිවරන ලද්දී නැකත් කෙළි සඳහා එක් මහ වැවකට ගියාය. ඒ පුරුෂයෝද ඇතළු නගරයෙහි හැසිර තමන් කැමති දැරියක නොදැක පිටත නගර දොරටුවෙහි සිටියාහුය. එසමයෙහි වැස්සක් වැසිමට පටන්ගත්තේය. ඉක්බිති විශාඛාව සමඟ නික්මෙන ඒ දැරියෝ තෙමෙන බියෙන් වහවහා ශාලාවකට පිවිසුණාහ. ඒ පුරුෂයෝ ඔවුන් අතරිනුදු කැමති පරිදි දැරියක් නොදුටුවාහුය. ඔවුන් සියල්ලන්ට පිටුපසින් විශාඛා තොමෝ වැස්සද නොතකමින් නොයික්මන් ගමන් කෙමෙමින්ම ශාලාවට පිවිසියාය. ඒ පුරුෂයෝ ඇයදැක ‘අන්රුවැත්තිය නමුදු මැය පරමකොට වන්නීය. මේ රූපය ඒකාන්තයෙන්ම ඉදුණු දෙළුමක් මෙන්වෙයි. කථාවට නංවාගෙන ඇය (සමඟ) කථාකරන අපි මිහිරිවදන් ඇත්තියක්ද නැද්දැයි දැනගන්නෙමු’යි සිතුවාහුය. ‘දියණියනි, බෙහෙවින් මුහුකුරාගිය වයස් ඇති ස්ත්‍රීවරර්‍ණ ඇත්තියක් මෙන් වෙහියි ඔවුහු ඇයට කීවාහුය. පියවරු, කුමක්දැක කියන්නහුදැයි ‍ඕ ඇසුවාය. ඔබ සමඟ සෙල්ලම් කරන අන් කුමරියෝ තෙමෙන බියෙන් වේගයෙන් අවුත් ශාලාවට පිවිසුණාහුය. ඔබ වනාහි මැහැල්ලක මෙන් පියවර ඉක්මවා නොයහි. සළුව තෙමෙන බවවත් ගණන් නොගත්තෙහිය. ඉදින් ඇතෙක් හෝ අසෙක් එබ ළුහුබඳින්නේ නම් කිම මෙසේම කරන්නෙහිදැයි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, සළුනම් දුලබ නොවෙයි. මගේ ගෙහි සළු සුලබය. වියපත් මාගමෝ විකිණිබඩු සමානයහ. අතක් හෝ පයක් හෝ කැඩුණු විට අංගවිකල වූ මාගමක පිළිකුල් කරමින් කෙළගසා යත්. එබැවින් සෙමින් ආවෙමියි කීවාය. මෑසමාන කතක් නම් මේ දඹදිව නැත. රුවින් යම්බඳුද පියවදනිනුද එසේමය. කරුණුනොකරුණු දැන කථා කරයි ඔවුහු සිතුවාහුය. ඉක්තිබි විශාඛා සිතුවාය: ‘පෙර මම (අනෙකකුගේ) අයිතියට පත් නොවූවා වෙමි. දැන් වනාහි (එසේ) අයිතියට පත්වූවා වෙමි’ එසේ සිතා විනීත අයුරින් බිම හිඳ ගත්තාය. ඉක්බිති ඇයව එහිම තිරයකින් වටකළාහුය. ඒතොමෝ වැසුණු බව දැන දැස්සන් සමූහයා විසින් පිරිවරණලද්දී නවසට ගියාය. ඒ මිගාර සිටුගේ මිනිස්සුද ඇය සමඟම ධනඤජය සිටාණන් වෙතට ගියාහුය. දරුවනි, නුඹලා කවරගමක වැසියෝදැයි විමසනලද්දාහු සැවැත්නුවර මිගාරසිටුගේ පුරුෂයෝ වෙමුයි කියා අපි අපගේ සිටුතුමා විසින් නුඹවන්සේගේ නිවසෙහි වියපත් දැරියක් ඇතැයි අසා, එවන ලද්දෝ වෙමුයි කීවාහුය. ‘දරුවනි මැනවි, නුඹලාගේ සිටුතුමා සැපසම්පත්තියෙන් අපහා අසමානය. ජාතියෙන් වනාහි සමානය. සියලු ආකාරයෙන් යුක්ත වූවෙක් නම් දුලබය. යව්, නුඹලාගේ සිටුතුමාට අප විසින් පිළිගත් බව සැළකරවු’යි පැවසීය. ඔවුහු සිටුවරයාගේ වචනය අසා සැවතට ගොස් මිගාර සිටාණන්ට සතුටද ලාභයද දන්වා ‘ස්වාමීනි, ඔබවහන්සේට සාකේතයෙහි ධනඤ්ජය සිටුතුමාගේ නිවසෙහි දැරියන් ලබන ලදැයි කීවාහුය. මිගාරසිටණෝ එය අසා අපට කුලගෙයකින් දැරියක් ලබන ලදැයි සතුටු සිතැත්තේවී එකෙණෙහිම ධනඤ්ජය සිටාණන්ට, දැන්ම දැරිය ගෙනෙන්නෙමු. කළයුතු කිසක් කරත්වායි හසුනක් යැවීය. හෙතෙමේත්, මෙය අපට බරක් නොවේ. සිටුතුමා වනාහි තමන් කළයුතුවැඩ කරනුමැනවැ’යි පිළිහසුනක් යැව්වේය. හෙතෙම කොසොල් රජුවෙතට ගොස්, ‘දේවයන් වහන්ස, මට එක් මංගල කටයුත්තක් ඇත. ඔබගේ දාසයන් පූර්‍ණවර්‍ධනයන්ට ධනඤ්ජය සිටාණන්ගේ දියණි විශාඛා නම් දැරිය ගෙනෙන්නෙමි. මගේ සාකේතගමන අනුදත් මැනවැ’යි සැළකළේය. ‘මහසිටාණ, මැනවි. කිමෙක්ද අපද ආයුතුදැයි (රජතෙමේ පැවසීය) ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ වැන්නවුන්ගේ ගමනක් කෙසේ ලබමුදැ’යි (සිටුතෙමේ කීවේය.) රජතෙමේ මහකුල පුතුට සංග්‍රහයක් කරනු කැමැත්තේ ‘වේවා! සිටාණ, පැමිණෙන්නෙමි’යි පිළිගෙන මිගාරසිටු සමඟ සාකෙත නුවරට ගියේය. ධනඤ්ජය සිටු තෙමේ මිගාරසිටු කොසොල් රජුද ගෙන පැමිණියේයයි අසා පෙරගමන් කොට රජු කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ පිරිසටද මිගාර සිටාණන්ටද වසන තැන් මෙන්ම මල්සුවද වස්ත්‍රාදියද පිළියෙළ ක‍ළේය. මෙය මොහුට ලැබීමට වටීය. මෙය මොහුටයයි සියල්ල තෙමේම දනියි. ඒ ඒ අය සිටුතෙමේ අපටම සත්කාර කරති’යි සිතූහ. ඉක්බිති එක්දිනක් රජතෙමේ ධනඤ්ජය සිටාණන්ට, බොහෝකලක් සිටාණන්ට අප වැඩීම, පෝෂණය කිරීම නොහැකිය. දැරිය යන දිනය දනීවා’යි හසුනක් යැවීය. හෙතෙමේද රජුට, ‘දැන් වැසිකල පැමිණියේය. සිවුමසක් (ඔබිමොබ) හැසිරීමට නොහැකිය. නුඹවහන්සේගේ බලකායට යමක් යමක් ලැබීමට වටීද? ඒ සියල්ල මට භාරය. හුදෙක් දේවයන්හන්සේ මාවිසින් (දැරිය) එවනලද කල්හි යනසේක්වා’යි හසුනක් යැවීය.
එතැන්පටන් සාකේත නුවර නිති නැකත් (කෙළි ඇති) ගමක් මෙන්විය. මෙසේ තෙමසක් ඉක්මියේය. ධනඤජය සිටාණන්ගේ දියනියගේ මහාලතා පසාධනය එතෙක් නිමා නොවෙයි. ඉක්බිති ඔහුගේ කර්‍මාන්ත විධායකයෝ අවුත්, ‘නොමැති අන්දෙයක් නම් නැත. බලකායට බත්පිසින දර නොපොහොනේ’යි පැවසූහ. ‘යවු දරුවනි, ඇත්හල්, අස්හල්, ගවහල් කඩා බත් පිසවුයයි කීවේය. මෙසේ පිසන්නවුනට ද අඩමසක් ඉක්මුණේය. ඉක්බිති යළි ස්වාමීනි, දැව නොපොහොනේයයි සැළකළාහුය. ‘දරුවනි, මෙකල්හි දර ලැබීමට නොහැකිය. රෙදි කොටු ගෙය විවර කොට රළු රළු සළු ගෙන වැටි තනා තෙල් සැළියෙහි තෙමා බත් පිසවුයි’ කීවේය. මේ අයුරින් පිසන්නවුන්ට සිවුමස සපිරිණි ඉක්බිති ධනඤජය සිටුතුමා මහාලතා පසාධනය (සාදා) නිමිබව දැන හෙට දුවණිය යවන්නෙමැයි දියණිය සමීපයෙහි හිඳුවා ‘දරුව, සැමි කුලයෙහි වසන්නියන් විසින් මේ මේ හැසිරීම් ඉගෙනීමට වටීයයි අවවාද දුන්නේය. මේ මිගාර සිටු තෙමේත් අනතුරු (ඊළඟ) ගැබෙහි වැද හොත්තේ ධනඤජය සිටානන්ගේ අවවාදය ඇසුවේය. ඒ සිටුතෙමේ දියනියට මෙසේ අවවාද දුන්නේය. ‘දරුව’ මයිලණුවන්ගේ ගෙහි වෙසෙන්නිය විසින් ඇතුළත ගිනි පිටත නොගෙනගිය යුතුය, පිටත ගිනි ඇතුළට නොපිවිසවිය යුතුය. දෙන්නාටම දිය යුතුය, නොදන්නාට නොදිය යුතුය, දෙන්නාටද නොදෙන්නාටද දියයුතුය. සුවසේ හිඳිය යුතුය, සුවසේ වැළඳිය යුතුය, සුවසේ හෙවිය යුතුය. ගිනි පිදිය යුතුය. ඇතුළත දෙවියන් නමැදිය යුතුයයි මේ දසආකාර අවවාද දී දෙවන දිනයෙහි සියලු සෙනඟ රැස්කරවා රජ සෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු භාරකරුවන් (වශයෙන් තෝරා) ගෙන ‘ඉදින් ම‍ගේ දුව ගියතැන දොසක් හටගනීද නුඹලා විසින් පිරිසුදු කළ (නිවැරදි කළ) යුතුයයි කියා නව කෙළක් අගනා මහා ලතා පසාධනයෙන් දියණිය සරසවා නහනසුණු මිලවූ ගැල් සාරදහස් පන්සියයක ධනය දී දියණිය සමඟ නිබඳව සමඟ හැසිරෙන පන්සියයක් දාසියන්ද ආජන්‍යරථ පන්සියයක්ද සියය සියය බැගින්වූ සියලු සත්කාරද දී කොසොල් රජු හා මිගාර සිටාණන් පිටත්කොට යවා දුවණිය යන වේලාවෙහි ගවගාස් අධිකාරී පුරුෂයන් කැඳවා ‘දරුවනි, මගේ දියණියට ගියතන්හි කිරිබීම සඳහා දෙනුන්ගෙන්ද යාන‍යන්හි යෙදීම සඳහා ගොනුන්ගෙන්ද වැඩ ඇත. එහෙයින් මගේ දුවගේ ගමන් මගෙහි ගැල් දොරටු හැර පළලින් අට ඉස්බක් ගවසමූහයාගෙන් පුරවා තුනගව්වකින් මත්තෙහි අසුවල් නම් (ගිරි) කඳුරක් ඇත. කෙළවර ගොන්බාන එතැනට පත් කල්හි බෙරහඬින් ගාල්දොර වසන්නහුයයි පැවසීය. ඔවුහු මැනවැයි සිටාණන්ගේ වචනය පිළිගෙන එසේ කළාහුය. ගැල්දොර ඇරී කල්හි මහත් මහත් ග‍වයෝම නික්මුණාහුය වැසූ කල්හි වනාහි විශාඛාවගේ පිනින් බලවත් ගවයෝද හීලෑගවයෝද වැටින් පැන පැන මගට පිළිපන්නාහුය. ඉක්බිති විශාඛා නුවර දොරටුවට සැපත් කල්හි මෙසේ සිතුවාය. “පිළිසන්වු යානයෙහි හිඳ නුවරට පිවිසෙම්ද නැතහොත් යානයෙහි සිටගෙන පිවිසෙම්ද’? ඉක්බිති ඇයට මෙබඳු අදහසක්විය. පිළිසන්වූ යානයෙන් පිවිසෙන ම‍ගේ මහාලතාපසාධනයේ විශේෂයක් නොපැනෙයි යනුවෙනි. ඕතොමෝ සියලු නුවරට තමන් දක්වන්නී ‍රියෙහි සිටගෙන නුවරට පිවිසියාය.
සැවැත් නුවර වැසියෝ විශාඛාවගේ සැපත් දැක මෝ වනාහි විහාඛා නමු. මෙම රුවත් මෙම සැපතත් මැයටම හොබීයයි පැවසුවාහුය. මෙසේ ඕතොමෝ මහත් සැපතින් මිගාර සිටාණන්ගේ නිවසට පිවිසියාය. ගියදිනයෙහිම ඇයට සියලු නුවරවැසියෝ ‘ධනඤ්ජය සිටුතුමු තම නුවරට පැමිණි අපට මහත් සත්කාර කළේය’යි හැකි පරිද්දෙන් පඬුරු යැව්වාහුය.
විශාඛාතොමෝ එවූ එවූ පඬුරු ඒ නුවරෙහිම ඒ ඒ කුල‍යන්හි සියල්ලන්ට ප්‍රයෝජනවත් ලෙස දෙවූවාය. ඉක්බිති රාත්‍රියාමයෙහි ඇයගේ එක් ආජානෙය්‍ය අස් වෙළඹකට දරු උපතක් සිදුවිය. ඕතොමෝ දාසීන් ලවා දඬුපහන් ගන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නහවා තෙල් ගල්වා තමන් වසන තැනටම ගියාය. මිගාර සිටුතුමාද සත්දිනක් පුතාගේ ආවාහසත්කාරය කරන්නෙ අසළ වෙහෙරෙහි වසන්නාවූද තථාගතයන්වහන්සේ නොමෙනෙහි කොට සත්වැනි දිනයෙහි සියලු නිවෙස පුරවමින් නග්න ශ්‍රමණයින් වඩාහිඳුවා එන්න මගේ දුව රහතුන් වඳීවායි හසුනක් යැවීය. ඕතොමෝ සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාවක්වූවා රහත්යයි වචනය අසා තුටුපහටුවූවා ඔවුන් හුන් තැනට ගොස් ඔවුන් බලා මෙබන්දෝ නම් රහත්හු වෙත්දැයි විළිබිය නැත්තවුන්ගේ සමීපයට කුමක් හෙයින් මයිළණුවෝ මා කැඳවත්දැයි චී චී යයි නින්දාකොට තමන් වසන තැනටම ගියාය. නග්න ශ්‍රමණයෝ ඇය දැක එක පහරින්ම සියල්ලෝ සිටාණන්ට ‘කිමෙක්ද ගාහපතිය, ඔබ අනිකක නොලැබුවෙහිද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාමිකාවකවූ මහා කාලකණ්ණියක මේ ගෙදරට පිවිසුවෙහිද? වහා ඇය මේ ගෙදරින් බැහැර කරව’යි ගැරහූහ. ඉක්බිති සිටුතෙමේ මොවුන්ගේ වචනයෙන් මවිසින් මැය මේ නිවසින් බැහැර කිරීමට නොහැකිය. මෝ මහාකුලයක දුවනියකැයි සිතා, ආචාර්‍ය්‍යවරුනි, කුඩා දරුවෝ දැන හෝ නොදැන (වරද) කරති. නුඹවහන්සේලා නිශ්ශබ්දවුව මැනවැයි නගනයින් පිටත්කොට යවා මහ පළඟක හිදගෙන රන් හැන්දක් ගෙන විශාඛාව විසින් බලා සිටිනු ලබන්නේ රන් තලියක දියනුමුසු මී පායාසය වැළඳීය. එසමයෙහි එක් පිඬු හැසිරෙන තෙර කෙනෙක් පිඬුපිණිස හැසිරෙන්නාහු සිටුවරයාගේ ගෙදොරට වැඩියහ. ඒ ලාමක තැනැත්තේ තෙරුන් දැක ද නොදක්නේ මෙන්වී මුව යටට යොමුකොටගෙන පායාසයම වළඳයි. විශාඛතොමෝ මගේ මාමා තෙරුන් දැකද හැඟීමක් නොකරතියි දැන තෙරුන් වෙත එළඹ ‘වෙනතක වඩිනු මැනවි ස්වාමීනි, මගේ මාමා පැරන්නක් කති’යි කීවාය. හෙතෙම නිගණ්ඨයන් කීකල්හි ඉවසීය. පැරන්නක් කතියි කීකෙණෙහිම අත ඉවතට ගෙන මේ පායාසය මෙතැනින් ගෙනයවු. මැයද මේ ගෙදරින් පිට කරවු. මෝ වනාහි මෙබඳුවූ මඟුල් ගෙදරක මා අශූචි කන්නකු කරන්නීයයි කීවේය. ඒ නිවසෙහි සියලු දස්කම්කරුවෝ විශාඛාවට අයත් වූවෝයි. කවරෙක් නම් ඇය අතින් හෝ පයින් ගන්නේද? මුවින් කතා කිරීමට පවා සමතෙක් නැත. ඉක්බිති විශාකාතොමෝ මයිලණුවන්ගේ කථාව අසා, ‘පියාණෙනි, මෙපමණ වචනයකින්ම අපි නොයමු. මම නුඹවහන්සේ විසින් දිය තොටින් කුමභදාසියක මෙන් නොගෙනෙන ලද්දෙමි. ජීවත්වන මවුපියන්ගේ දූවරුනම් මෙපමණකින් නොනික්මෙත්. මේ කරුණ නිසාම මට පියා මෙහි එන දිනයෙහි කෙළෙඹියන් අට දෙනකු කැඳවා ඉදින් මගේ දුව නිසා දොසක් උපදියිද එය නිවැරදි කරවුයයි පවසා ඔවුන්ගේ අතෙහි තැබීය. ඔවුන් කැඳවා මගේ දොස් නිදොස් බව පිරිසිදු කරවුවව මැනවැයි කීවාය. ඉක්බිති සිටුතුමා මෝ යහපතක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, ‘මේ දැරිය සත්වැනි දිනයෙහි නොපිරිපුන්වූම මඟුල් ගෙයෙහි හුන්නාවූ මා අශූචි කන්නෙකැයි කියයි කීවේ. ‘දියණියනි, එසේ වේදැ’යි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, මගේ මාමා අශූචි කෑමට කැමැත්තේ වන්නේය. මම වනාහි එසේ (අදහස්) කොට නොකියමි. එක් පිඬුසිඟන තෙර කෙනෙකු ගෙදොර සිටි කල්හි මෙතෙමේ දිය නුමුසු පායාසය බුදිමින් ඔහු මෙනෙහි නොකරයි. මම මේ හේතුවෙන් වෙනතක යන්න ස්වාමීනි, මගේ මාමා මේ අත්බැව්හි පින් නොකරයි. පැරණි පින කයි යන්න පමණක් කීවෙමි’යි පැවසුවාය. ‘ආර්‍ය්‍යයනි, මෙහි දොසක් නැත. අපගේ දියණිය (සුදුසු) කරුණක් කියයි. ඔබතුමා කුමක් නිසා කිපෙහුදැ?’යි ඔවුහු කීය. ‘ආර්‍ය්‍යවරුනි, එය දොසක් නොවේවා! (එතකුදු) මේ දැරිය පැමිණි දිනයෙහිම මගේ පුතුකෙරෙහි හැඟීමක් නොකොට තමන් කැමති තැනට ගියාය’යි (සිටුතෙමේ කීවේය). ‘එසේද දරුව?’ ‘පියවරුනි, මම මා කැමති තැනකට නොයමි. මේ නිවසෙහි ආජානීය වෙළඹ වැදූ කල්හි හැඟීමකුදු නොකොට හිඳීම නම් අයුත්තකියි දඬුපහන් ගෙන්වාගෙන දැස්සන් විසින් පිරිවරන ලදුව එහිගොස් වෙළඹට ප්‍රසව පරිහාර කරවීමි’යි විශාඛා කීවාය. ‘ආර්‍ය්‍යයෙනි, අපගේ දියණිය නුඹගේ නිවසෙහි දාසීන් විසිනුදු නොකළයුතු වැඩක් කළාය. නුඹ එහි කුමන දෙසක් දක්නෙහිද?’ ‘ආර්‍ය්‍යවරුනි, එය ගුණයක් වේවා! මැයගේ පියා මෙහි එන දිනයෙහි අවවාද දෙමින් ඇතුළත ගිනි පිටත නොගෙනිය යුතුයයි කීවේය. කිමෙක්ද අපවිසින් දෙපසින් අසල්වැසි ගෙවලට ගිනි නොදී සිටිය හැකිද?’ ‘එසේද දුවණිය? ‘පියවරුනි, මගේ පියා මේ ගිනි අරභයා කථා නොකළේය. ගෙතුළෙහි නැදි ආදී මාගමුන්ගේ යම් රහස් කථාවක් හටගනීද? එය, එහි දැසිදස්සන්ට නොකිව යුතුය. මෙබඳුවූ කථා වැඩෙමින් කලහය පිණිස පවතියි. පියවරුනි, මෙය සඳහා මගේ පියා කීවේය.” ආර්‍ය්‍යවරුනි, එයද එසේ වේවා! මැයගේ පියා පිටතින් ගිනි ඇතුළතට නොපිවිසය යුතුයයි කීවේය. ඇතුළත ගිනි නිවුනු කල පිටතින් ගිනි නොගෙනීමට අපට හැකිද?’ ‘එසේද, දියණිය?’ ‘පියවරුනි, මගේ පියා එම ගිනි සඳහා නොකීවේය. යම් දෙසක් දැසිකම්කරුවන් විසින් කියන ලද්දේ වෙයිද? එය ඇතුළත මිනිසුන් නොකිව යුතුය. පෙ- යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී. ‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී. දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හිඳිහ යුතුය යන මෙයද නැදිමයිලන් දැක නැඟිටිය යුතු තන්හි හිඳීමට නොවටීය යන්න සඳහා කියනලදී. සුවසේ වැළදිය යුතුය යන මෙය නැදිමයිල් සැමියන්ට පෙරාතුවම නොවළඳා ඔවුන් වළඳවා සියල්ලන් විසින් ලද නොලද දේ දැන පසුව තෙමේ වැළදීමම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හොවියයුතුය. යන මෙයද නැදිමයිල් සැමියන්ට පෙරාතුවම සයනයට නැඟ නොනිදිය යුතුය. ඔවුන්ට කළයුතු වත් පිළිවෙත්කොට පසුව තෙමේ නිදීමට යුතුය. යන මෙය සඳහා කියනලදී. ගිනිපිදිය යුතුය. යන මෙය නැන්දනියද මයිලනුවන්ද සැමියාද ගිනි කඳක් මෙන්ද නාරජුන් මෙන්ද කොට දැකීමට වටීය යන්න සඳහා කියනලදී’ ඒවා එපමණ ගුණයෝ වෙත්වා? මැයගේ පියා ඇතුළත දෙවියන් නමඳවයි කීවේය. මෙහි කවර අත්‍ථ‍ර්‍‍යක්දැයි (සිටුතුමා ඇසීය.) දියණිය එසේදැයි ඔවුහු අසූහ. ‘එසේය, පියවරුනි, එය ද මගේ පියා විසින් ‘දරුව ආවේණික ගෙහි වසන කාලයෙහි පටන් අපගේ ගෙදොරට පැමුණුණු පැවිද්දකු දැක ගෙහි යම් කෑයුත්තක් බිදිය යුත්තක් ඇත්ද? එයින් පැවිද්දන්ට දී කෑමටම වටීය යන මෙකරුණ සඳහා කියන ලදියි විශාඛා කීවාය. ඉක්බිති ඔවුහු සිටාණන්ට ‘මහසිටාණ, නුඹ වනාහි පැවිද්දන් දැක නොදීමට කැමත්තේ වනැයි හැඟෙයියයි කීහ. හෙතෙම අන් පිළිවදනක් නොදක්නේ අධොමුඛව හුන්නේය. ඉක්බිති කෙළෙඹියෝ ඔහුට ‘කිමෙක්ද සිටාණෙනි, අපගේ දියණියගේ අන් දොසකුත් ඇත්දැයි ඇසුවාහුය. ‘ආර්‍ය්‍යයනි නැතැ’යි කීවේය. ‘කුමක් හෙයින් නිදොස් මැය නිකරුණේ පිටමං කළෙහිදැ’යි ඔවුහු ඇසූහ. එකෙණෙහි විශාඛා තොමෝ ‘පළමුව මගේ මයිලණුවන්ගේ වචනයෙන් මගේ යාම නොසුදුසුය. මා එන දිනයෙහි මගේ දොස්නිදොස් පිරිසිදු කිරීම සඳහා මගේ පියා නුඹලාගේ අතෙහි තබා දුන්නේය. දැන් මගේ යාම මැනවැයි පවසා දැසිදසුන් යානාදිය පිළියෙළ කරවුයයි අණ කළාය. ඉක්බිති සිටුතෙමේ ඒ කෙළෙඹියන් අත ගෙන ඇයට, ‘දියණිය, මා විසින් නොදැන කියන ලද්දට මට ක්‍ෂාමා කරන්නැ’යි කීවේය. ‘පියාණෙනි ක්‍ෂමා කරමි. ඔබගේ ක්‍ෂමා කළයුත්තට ක්‍ෂමා කරමි. මම වනාහි බුදුසසුනෙහි නොසැලෙන පැහැදීම් ඇති කුලයක දියණියක්මි. අපි බික්සඟනගෙන් තොරව නොපවතිමු. ඉදින් මගේ කැමැත්තෙන් බික්සඟන පිළිදැඟුම් කිරීමට ලබන්නෙම් නම් වසමියි විශාඛා කීවාය. ‘දරුව, නුඹ කැමති පරිද්දෙන් නුඹේ මහණුන් පිළිදැඟුම් කරව’යි (සිටුතෙමේ කීවේය). ඉක්බිති විශාඛාතොමෝ භාග්‍යවතුන්වහන්සේ නිමුන්ත්‍රණය කරවා දෙවැනි දිනයෙහි නිවෙස පුරවමින් බුදුපාමොක් බික්සඟන වඩා හි‍ඳෙව්වාය. නග්න පිරිසද ශාස්තෘන්වහන්සේ මිගාර සිටුගේ ගෙට වැඩිබව දැන එහි ගොස් ගෙය පිරිවරා හුන්නාහුය. විශාඛා තොමෝ දක්‍ෂිණොදකය දී සියලු සත්කාර පිළියෙළ කරන ලද්දේ මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේ වළඳවත්වායි හසුනක් යැව්වාය. හෙතෙම නිගණ්ඨයින්ගේ වචනය අසා ‘මගේ දියණිය, සම්බුදුන්වහන්සේ වළඳවාවා’යි පැවසීය. විශාඛා තොමෝ නොයෙක් අගරසයෙන් භාග්‍යවතුන්වහන්සේ වළඳවා බත්කිස නිමවූ කල්හි මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මකථාව අසත්වා’යි යළි හසුනක් යැව්වාය. ඉක්බිති දැන් නොයාම නම් බලවත් අයුක්තකැයි ධර්‍මකථාව ඇසීමේ කැමැත්තෙන් යන ඔහුට නග්ගනශ්‍රමණයෝ, ‘ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ධර්‍මය අසන්නේ තිරයෙන් පිට හිඳ අසව’යි කීහ. කලින්ම ගොස් තිරයකින් වට කළාහුය. මිගාරසිටුතෙමේ ගොස් තිරයෙන්පිටතම හුන්නේය. තථාගතයන්වහන්සේ, ‘නුඹ තිරයෙන් පිටත හෝ හිඳුව බිත්තියෙන් පිටත හෝ පර්‍වතයෙන් පිටත හෝ සක්වළින් පිටත හෝ හිඳුව. මම සමුබුදු නමි. මගේ හඬ නුඹට අස්වන්නට හැක්කෙමි’යි රන්වන්පල ඇති අඹගසක් කඳින් ගෙන සොලවන්නාක් මෙන් ධර්‍ම දේශනා කළ සේක. දෙසුම අවසන්හි සිටුතෙමේ සෝවාන් පෙළෙහි පිහිටා තිරය ඔසවා ශාස්තෘන්වහන්සේගේ පාදයෙහි පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේ සමීපයෙහිම ‘දරුව නුඹ අද පටන් මගේ මවය’යි විශාඛාව තමන්ගේ මවු තනතුරෙහි තැබුවේය. එතැන්පටන් විශාඛා මිගාරමාතා නම්වූවාය.
ඕතොමෝ එක්දිනක් නුවරෙහි නැකැත් කාලය පවත්නා විට ඇතුළ් නුවරෙහි ගුණ‍යක් (වටිනාදෙයක්) නැතැයි දැස්සන් විසින් පිරිවරන ලදුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව ඇසීමට යන්නී ‘බුදුවරුන්ගේ සමීපයට උඩඟු වෙසින් යාම නුසුදුසුය’යි මහාලතා පසාධනය මුදා දැස්සක අතෙහි දී ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ දහම් දෙසූ සේක. ඕතොමෝ දම්දෙසුම අවසන්හි භාගයවතුන්වහන්සේ වැඳ නුවරට අභිමුඛව පිටත්ව ගියාය. ඒ දාසියද තමන්ගත් පසාධනය තැබූ තැන නොසලකා යන්නී, පසාධනය ගැනීම සඳහා ආපසු හැරුනාය. ඉක්බිති විශාඛාව ඇයට ‘නුඹවිසින් එය කොහි තබන ලද්දැ’යි ඇසුවාය. ‘ආය්‍යවනි, ගඳකිළි පිරිවෙණෙහි’යි ඕ කීවාය. ‘වේවා! දැස්ස, ගොස් ගෙනෙව. ගඳකිළි පිරිවෙණෙහි තැබූ කල පටන් ගෙන්වීම නම් අපට නොසුදුසුය. එහෙයින් එය විකුණා දඬුවමක් කරන්නෙමු. එහි තැබූ කල්හි ආර්‍ය්‍යවරුන්ට හිරිහැරයක් වේයයි දෙවැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් විශාඛාවගේ ගෙදොරට වැඩිසේක. නිවෙසෙහිද නිබඳ පනවනලද අසුන් වෙයි. විශාඛා තොමෝ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය ගෙන ගෙට වැඩමවා පනවනලද අසුන්හිම හිඳුවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමිකල්හි ඒ පසාධනය ගෙනව්ා ශාස්තෘන් පාමුල තබා ස්වාමීනි මෙය ඔබවහන්සේට දෙමියි කීවාය. ශාස්තෘන්වහන්සේ අලංකාරය නම් පැවිද්දන්ට නොවටනේයයි ප්‍රතික්‍ෂේප ක‍ළසේක. ‘දනිමි. ස්වාමීනි, මම මෙය අගයකරවා ධනය ගෙන නුඹවහන්සේට විසීමට ගඳකිළියක් කරන්නෙමි’යි ඈ කීවාය. එකල්හි ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළසේක. ඕතොමෝත් එය අගය කරවා නවකෙළක් ධනය ගෙන ගැබ් සියයකින් යුක්තවූ පූර්‍වාරාම මහාවිහාරයෙහි තථාගතයන්වහන්සේට විසීමට ගඳකිළියක් කරවූවාය. විශාඛාවගේ නිවෙස පෙරවරුවෙහි කසාවතින් බබළන සෘෂීන් තුළින් හමන සුළඟින් ගැවසීගත්තක් විය. අනේපිඬුසිටුගේ නිවෙසෙහි මෙන්ම ඇයගේ නිවෙසෙහිද සියලුබත් පිළියෙළවූයේයම විය. ඕතොමෝ පෙර වරුයෙහි බික්සඟනට ආමිෂසංග්‍රහ කොට පසුබතෙහි බෙහෙත්ද අෂ්ටවිධපානයන්ද ගෙන්වා ගෙන විහාරයට ගොස් බික්සඟනට දී පසුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා පැමිණෙයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි උවැසියන් පිළිවෙළින් තනතුරු වල තබනසේක් විශාඛා මිගාරමාතාව දායිකාවන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Q7xBKn
සැදැහැ සිතින් මෙපින් අනුමෝදන් විය යුතු……

අරලිය මල් ප්‍රභේද 16කට අයත් අරලිය මල් 4000ත්, 5000ත් අතර ප්‍රමාණයක් යොදාගෙන සකසන ලද පුජාවකි

Saminda Ranasinghe

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2A2tkxT
අභියාචනයක්

” මහ ගුණැති දුටුගැමුණු රජතෙමේ තෙරුන් බස් අසා මහසෑය බලමින් හොත්තේ, ඇස්පියා ගත්තේය. එකෙනෙහිම මෙයින් චුතව තුසිත දෙව්ලොව උපන්නේය.”
( මහාවංශය )

ඉහත සඳහන් මහාවංශ පාඨයට අනුව දැන් තුසිත දෙව්ලොව වැඩ වසන දුටුගැමුණු දිව්‍යරාජයාණනි,

ඔබතුමා නිසා සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් ගැලවුනේය. බේරුනේය. ආරක්ෂා වුනේය. කෙසේ හෝ අද දක්වාම පවත්නේය. එය එසේ නොවේයයි මේ රටේ කිසිවෙකුටවත් කිව නොහැකිය. සිංහල ලෙයට ජාත්‍යාලය, ආගමාලය, දේශාලය හා සංඝ ගෞරවය අතුල් කළේ, අඩංගු කළේ, කාවැද්දුවේ ඔබතුමාය. පසුගිය අවුරුදු 2000 තුළ මේ රටේ සිංහලයනි අතර වළගම්බා, මහසෙන්, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, රාජසිංහ ආදි ශ්‍රෙෂ්‍ඨ රජවරුන් පහළවුයෙත්, මහාකාශ්‍යප, ධර්මකීර්ති වනරතන, ශ්‍රී රාහුල, වැලිවිට ශ්‍රී සරණංකර, වැනි සංඝ රාජවරුන් පහළවූයේත්, කැප්පිටිපොළ, වාරියපොළ සුමංගල, මද්දුම බණ්ඩා, අනගාරික ධර්මපාල, හැන්රි පේද්‍රිස් වැනි වීරවරයන් බිහිවුයේත් නිදහසින් පසු මේ රටේ මැති ඇමැතිවරුන්, අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් ඇතිවුයේත් ඔබ තුමාට පිංසිදුවෙන්නටය. ඔබතුමා ජාතියත්, ආගමත් රටත්, රැක ගත් නිසාය. ඔබතුමා අතිකළ දුටුගැමුණු සංස්කෘතිය නිසාය.

අනේ, අපේ දුටුගැමුණු මහ රජතුමනි, ඔබ තුළත්, ඔබ තුමාගේ දසමහා යෝධයන් තුළත්, මැති ඇමැතිවරුන් තුළත් එකල විසු සියලුම රටවැසියන් තුළත් ඔබතුමාට අනුශාසනා කළ මහා සංඝයාතුළත් එදා තිබුණු ජාත්‍යාලයෙන්, ආගමාලයෙන් දාහෙන් පංගුවක් වත් අද සිටින අප තුළ නැත. අපේ සිංහලයන් තුළ නැත. ඔබතුමා ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් සිංහල ජාතිය අද දහසක් ඛේදවලින් කැඩී බිදී වෙන්වී දුබලවී අසමගි වී තිබේ. “ මේ අපේ මිනිස්සුය. මේ අපේ රටය. මේ අපේ පොළොවය. මේ අපේ ආයතනය. මේ අපේ යානවාහනය. මේ අපේ රජයයි.” අවංකව සිතන අය අප අතර ඇත්නම් එය ඉතාම ටික දෙනෙකි. මේ රටේ සුළු ජාතිකයෝ දිනෙන් දිනම දියුණු වෙති. ඔවුහු ඉතාම සමගියෙන් සිටිති. ඒ ගැන අපි කිසිම ඊර්ෂිය්‍යාවක් අකැමැත්තක් ඇත්තේම නැත. සියළුම වැරැදි ඇත්තේ සිංහලයන් වූ අප අතේය. නිර්භීත පෞඪ ජාතියක් වූ අපේ සිංහල ජාතියේ ආත්ම ගෞරවය අප විසින්ම විකුණනු ලැබ ඇත. ඔබතුමන්ගේ කාලයේ සිංහල කාන්තාවෝ යුද පෙරමුණේ ගියහ. චීනය වැනි දුර රටවලට ධර්ම දූතයන් වශයෙන් ගියහ. සංස්කෘතික තානාපතීන් මෙන් ක්‍රියා කළහ. එහෙත් අද අපෙ මව්වරු තම ආදරණීය දරුවන් විදේශිකයන්ට විකුණා මුදල් ලබා ගනිති. අපේ තරුණ කාන්තාවෝ මැදපෙරදිග රටවලට ගොස් එහි නිවෙස්වල වැඩකාරකම් කරති. මේ රටේ මහජන මුදලින් නොමිලේ ඉගෙන ගෙන වෛද්‍ය,ඉංජිනේරු ආදී උසස් විභාග පාස් කොට වැඩි පඩියට පිට රටවලට ගොස් සේවය කරති. මුදල් වැඩියෙන් ඇති රටවල් අපේ රටේ දක්ෂ බුද්ධිමතුන් මිළදීගෙන ඇත. ඔවුහු සිය රට හැරගොස් අනුන්ට බැල මෙහෙ කරති. තම රටට කළ යුතු සේවය පිටරටවලට ගොස් සිදු කරති.
ඔබතුමා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂාකළ ඒ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතිය වාණිජ සංස්කෘතියට යටවී විනාශවේගන යයි. පක්ෂ දේශපාලනය නිසා අසමගියෙන් හා පළිගැනීමෙන් මුළු ජාතියම සියදිවි නසා ගන්නා තත්වයට වැටී ඇත. අවුරුදු 2500ක් පැරැණි ජාතියක් මේ රටේම සුළු ජාතියක් බවට පත්වීමෙ අතිශය ශෝචනීය ලකුණු පහළ වී ඇත.

අපේ ශ්‍රෙෂ්ඨතම මහා වීරයාණෙනි,

ඔබතුමා මෙතේ බුදුරදුන් දවස ඉපදී නිවන් දකින්නට පෙර, නැවතත් මේ රමණීය දූපතේ. මෙ සිංහල රටේ. ඔබ ඉපිද, හැදුණු, වැඩුණු, මැරුණු මේ ඔබේ බෞද්ධ රටේ, ඉපිද, මේ උතුම් රට විපතින් බේරගන්නා ලෙස ඔබතුමාගේ රුවන්වැලි මහා චෛත්‍යය රාජයා ගේ නාමයෙන් විහාරමහාදේවීන් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි.

මීට ගණේගම සරණංකර නාහිමි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DqmRAh
කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රට කරවූ පාලකයෙකී. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තේකී. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකී. දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DOs2Lg
==ජීවක කොමාරභච්ච==

නවවැන්නෙහි පුග්ගලප්පසන්නානං යන්නේන් පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකවරුන් අතුරින් ජීවක කොමාරකභවච්තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ‍උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් උවසුවකු පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූවන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒතනතුර පැතුවේය. හෙතෙම කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර අභයරාජ කුමරු නිසා සාලවතී නම් රූපයෙන් ජීවත්වන්නිය (වෙසඟන) කගේ කුසෙහි උපන්නේය. වෙසඟනෝ නම් (දරුවෙකු) වැදූ කල්හි ඉදින් පුතෙක් වේ නම් ඉවත දමත්, ඉදින් දියණියක් නම් පෝෂණය කරති. මෙසේ ඕතොමෝ ඒ දරුවා පොළන කුල්ලකින් (ගෙනගොස්) කසළගොඩෙහි දැම්මෙව්වාය. ඉක්බිති අභයරාජකුමාර තෙමේ රාජොපස්ථානය සඳහා යන්නේ ඒ දරුවා දැක ‘යහළුවනි, කවුඩන්විසින් වටකර ගන්නාලද මේ කිමෙක්දැයි මිනිසුන් යවා ‘දරුවෙක් දේවයිනි’ යහළුවනි, ජීවත්වේද? ‘දේවයිනි ජීවත්වේ’ යයි අසා තමන්ගේ අන්තඃපුරයට යැව්වේය. ජීවත්වේ (යන අරුතින්) ඔහුට ජීවකයයි නම් කළාහුය. කුමරුවිසින් පෝෂණය කරන ලද්දේයි කොමාරභවච්යිද නම් කළාහුය. හෙතෙම තමන්ගේ සොළොස්වියැති කාලයෙහි තක්සලාවට ගොස් වෛද්‍යශිල්පය උගෙන බිමිබිසාර රජු සමීපයෙන් සත්කාර ලබා චණ්ඩප්‍රද්‍යොත රජුගේ රෝගය සුව කළේය. ඒ රජතෙමේ ඔහුට සහල්ගැල් පන්සියයක්ද කහවණු සොළොස් දහසක්ද වස්ත්‍ර රූපදහසක් පිරිවර කොට ඇති අනගි සීවෙය්‍යක වස්ත්‍ර යුගලයක්ද යැව්වේය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ රජගහනුවර ඇසුරුකොට ගිජුකුළු පව්වෙහි වාසය කරනසේක. ජීවක තෙමේ ශාස්තෘන්වහන්සේගේ ශරීරය උත්සන්නධාතුකවූ කල්හි විරෙචනයක් දී බෙහෙත් කරන්නේ සිවුපසය මා අයත් වූවක්ම වේවායි ශාස්තෘන්වහන්සේ තම වාහාරයෙහි වැඩහිඳුවා උන්වහන්සේට බෙහෙත් කොට ඒ වස්ත්‍ර යුගලය එළවා ‘ස්වාමීනි, මෙය ඔබවහන්සේම පරිභොග කරනු මැනවැ’යි පවසා එය සමඟ ලද වස්ත්‍ර රූප දහස භික්‍ෂුසංඝයාට දුන්නේය. මේ මෙහි සංක්‍ෂේපයයි. ජීවක කථාවස්තුව විස්තර වශයෙන් බන්‍ධකයෙහි ආයේමය. හාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වාසය කරනසේක් ජීවකකොමාරභච්ච පෞද්ගලික ප්‍රසාදය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zZkYaq
==සුරම්බට්ඨ==

අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යන්නෙන් ඉවත්ව නොයන ස්වභාවයෙන් නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවන් අතුරින් සූර අම්බට්ඨ තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්ගේ ධර්‍මකථාව අසා එක් උවසුවෙකු ඉවත්නොවන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයෙහි උපන්නේය. ඔහුට සූරම්බටඨයයි නම් කළාහුය. හෙතෙම පසුකාලයෙහි ගිහිවාසයෙහි පිහිටියේ අන්තොටුවන්ට උවසුවෙක්ව හැසිරෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදෑසන කල්හි ලොව බලා වදාරණසේක් ඔහුට සෝවාන් මගට හේතු දැක පිඬුහැසිරෙන වේලෙහි නිවස දොරටුවට වැඩිසේක. මෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක මෙසේ සිතීය: ශ්‍රමණ භවත් ගෞතමයෝ උසස් කුලයෙහි උපන්නෝද ලොව බෙහෙවින් පළට වූවෝද වෙත්. එබැවින් ඔවුන්ගේ සමීපයට නොයාම නොසුදුසුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පාවැඳ නිවසට පිවිසුවා ඉතාවටිනා පළඟක හිඳුවා භික්‍ෂාව දී බත්කිස අවසන්හි එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුට චරිත වශයෙන් දහම් දෙසුසේක. දෙසුම අවසන්හි (හෙතෙම) සෝවාන් පෙලෙහි පිහිටියේය. ශාස්තෘන්වහන්සේද ඔහු දමනය කොට විහාරයටම වැඩිසේක.
ඉක්බිති මාරයා මෙසේ සිතුවේය: මේ සූරම්බට්ඨයා නම් අප සතුටුවෙකි. භාග්‍යවතුන්වහන්සේ වනාහි අද (ඔහුගේ) ගෙට ගියසේක. කිමෙක්ද භාග්‍යවතුන්ගේ ධර්‍මකථාව අසා මග පල පහළ කරගැනීමක් කළේද? මගේ විෂයයෙන් මොහු ඉක්මෙන බව හෝ නොයික්මෙන බව හෝ දනිමි.’ (මෙසේ සිතා) තමන් කැමති ආකාරයෙන් භාග්‍යවතුන්වහන්සේට සමාන වූ රූපයක් මවා සිවුරු ගැනීම් පාත්‍රගැනීම්ද බුද්ධාකල්පයෙන්ම කොට දෙතිස් ලකුණු දරන්නෙක්ව සූරම්බට්ඨගේ ගෙදොරෙහි සිටියේය. සූරම්බට්ඨ තෙමේද යළි දශබලයන්වහන්සේ වැඩිසේකැයි අසා බුදුවරුන්ගේ නම් අනිර්ය්‍යානික ගමනක් නම් නැත. කවරනම් කරුණකින් වැඩිසේක්දැයි තථාගතයන් වහන්සේයයි හැඟීමෙන් වේගයෙන් ඔහු සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේ ‘ස්වාමීනි, නුඹවහන්සේ දැන්ම මේ ගෙහි බත්කිස කොට වැඩිසේක. කවරකරුණක් නිසා යළි ආවාහුදැයි ඇසුවේය. අම්බට්ඨය, දහම් දෙසන මාවිසින් සොයා නොබලා කියනලද කරුණක් ඇත. මාවිසින් වනාහි සියලුම පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. දුඃඛයහ අනාත්මයහයි කියනලද්දාහුය. මේ සියල්ලෝම එසේ නොවෙත්, වෙනස් නොවන්නාවුත් හැමදා පවත්නාවුත් ශාශ්වතිකවූත් ඇතැම් ස්කන්‍ධයෝත් ඇත්තාහයි කීවේය. ඉක්බිති සූරම්බට්ඨ තෙමේ මෙසේ සිතුවේය. මේ කථාව අතිශයන්ම බැරෑරුම්ය. බුදුවරුන්ගේ නම් නොසලකා කීමක් නම් නැත. මාරයා නම් තථාගතයන්වහන්සේට විරුද්ධය. ඒකාන්තයෙන්ම මේ මාරයා වන්නේය’යි සිතා නුඹ මාරයාදැයි ඇසීය. ආර්‍ය්‍යශ්‍රාවකයකු විසින් කියනලද කථාව ඔහුට පොරෝපහරක් මෙන් විය. එබැවින් ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැක්කේ එසේය, අමබ්ට්ඨය, මම මාරයා වෙමි’යි කීවේය. ඔබ වැනි මරුන් සියයක්ද දහසක්ද අවුත් හෝ මාගේ ශ්‍රද්ධාව සෙලවීමට නොහැක්කේය. මහා ගෞතම දශබලයන්වහන්සේ මට දහම් දෙසමින් සියලුසංස්කාරයෝ අනිත්‍යයහයි වටහා දී දේශනා ක‍ළසේක. ‘ම‍ගේ ගෙදර නොසිටුව’යි අසුරක් ගැසීය. මාරයා ඔහුගේ වචනය අසා විරුද්ධව කථාකිරීමට නොහැක්කේ එහිම අතුරුදහන් වූයේය. සූරඅම්බ්ට්ඨ තෙමේද සවස් කාලයෙහි ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් මාරයා විසින් කරනලද ක්‍රියාව සැල කොට ‘ස්වාමීනි, මාරයා මගේ ශ්‍රද්ධාව සෙලවීමට උත්සාහ කළේය’යි පැවසීය. ශාස්තෘන්වහන්සේ එම කරුණම අත්‍ථෙ‍ර්‍ාත්පත්තිකොට මේ ශාසනයෙහි සූරම්බට්ඨ නොසැලෙන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KfcLnj
මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?

(1) මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(2) මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.

(3) මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(4) ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(5) මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

බෞද්ධයාගේ අත්පොත

රේරුකානේ චන්දවිමල මහ නා හිමි :https://ift.tt/2BcpfsP

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Ti9Uy0
==උග්ගතගෘහපති==

සත්වැන්නෙහි සංඝුපටටාකානං යන්නෙන් බික්සඟනට උවටැන් කරන්නවුන් අතුරින් හත්‍ථිගාමවාසී උග්ගතගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා එක් උවසුවකු සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි හත්‍ථි ගමෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහුට උග්ගතකුමාරයයි නම් කළාහුය. හෙතෙම පසුකලෙක ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්විය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණලද්දාහු චාරිකාවෙහි හැසිරෙමින් හත්‍ථිගමට පැමිණ නාගවන උද්‍යානයෙහි වාසය කරනසේක. එකල්හි මේ උග්ගත සිටුතෙමේ සත්දිනක් මත්පැනින් මත්වූයේ නාටක (ස්ත්‍රීන්) විසින් පිරිවරන ලද්දේ නාගවන උයනට ගොස් හැසිරෙන්නේ භාග්‍යවතුන්වහන්සේ දැක බලවත්සේ ලජ්ජාබියට එළඹුණේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ වෙතට ළං වත් ළංවත්ම ඔහුගේ සියලු සුරාමදය සිඳී ගියේය. හෙතෙම ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ දම්දෙසූ සේක. දෙසුම අවසන්හි තුන්මගපල අවබෝධ කළේය. එතැන් පටන් ‘නුඹලා කැමැති ලෙස යවු’යයි නාටක (ස්ත්‍රීන්)යවා දානයෙහි සිත් අලවා බික්සඟනට දන්ම දෙයි. දේවතාවෝ රැකාලය තුළ පැමිණ සිටාණන්ට අසුවල් භික්‍ෂුව ත්‍රිවිද්‍යාප්‍රාප්තය: අසූවල් භික්‍ෂුව ෂඩභිඥාප්‍රාප්තය: අසුවලා සිල්වත්ය: අසුවලා දුසිල්වත්ය’යි සැළ‍කරති. හෙතෙම ඔවුන්ගේ වචනය අසා ගුණවතුන් ඇතිසැටියෙන් දනියි. දියයුතුදේ සමසිතින්ම දෙයි. ශාස්තෘන් වහන්සේ සමීපයෙහි හිඳිගෙනද ඒ ගුණයම කියයි. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රම්හි වැඩහිද ඒ ගැහැවියා සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DFUFuc
==උග්ගගහපති==

සයවැන්නෙහි මනාපදායකානං යන්නෙන් මනාප, සිත් අලවන බොජුන් දෙන්නවුන් අතුරින් උග්‍ර ගෘහපති වෙසාලික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම කථාව අසමින් එක් උවසුවකු මනාපදෙස දෙන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි විශාලාමහනුවර සිටුකුලයක උපන්නේය. ඔහුගේ උපන්කල නම නියමිත නොවීය. මෑතකාලයෙහි ඔහුගේ ආත්මභාවයද උසස් වූ‍යේය. සමෘද්ධ වූයේය. සැරසූ තොරණක් මෙන්ද ඔසවන ලද සිතුවම්පටක් මෙන්ද අතිශයන් බැබළීය. ගුණයෝද උසස්වූහ. හෙතෙම මේ දෙකින්ම උසස්වූ බැවින් උග්ගසෙට්ඨියයි ප්‍රසිද්ධියට පත්විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ පළමු දැක්මෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා පසුකාලයෙහි තුනමගපලම පසක් කළේය. හෙතෙම තමන්ගේ මහළු කල්හි රහිසිගතව හිඳ, යම්යම් දෙයක් මට ප්‍රියද මනාපද ඒ ඒ දෙයම භාග්‍යවතුවහන්සේට දෙන්නෙමි. ‘මනාපදෙය දෙන්නා මනාප දෙය ලබයි’ යන මෙය මා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙන්ද අසන ලදියි සිතුවේය. ඉක්බිති ඔහුට, භාග්‍යවතුන් වහන්සේ මගේ සිත දැන නිවසදොරටුවට වඩින්නේ නම් මැනවැයිද අදහස් විය. ශාස්තෘන්වහන්සේද ඔහුගේ සිත දැන බික්සඟනවිසින් පිරිවිරන ලදසේක් නිවස දොරටුවෙහිම පහළවූ සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩියහයි දැන බෙහෙවින් උත්සාහවත්වූයේ භාග්‍යවතුන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය පිළිගෙන ගෙට වැඩමවා පනවනලද බුදු අසුනෙහි ශාස්තෘන්වහන්සේවද සෙසු අසුන්හි බික්සඟනද හිඳුවා බුදුපාමොක් බික්සඟන නොයෙක් අග්‍රරසයන්ගෙන් වළඳවා බත්කිස අවසන්හි එකත්පසෙක හිඳ මෙසේ කීවේය: ‘ස්වාමීනි, මනාප දෙය දෙන්නා මනාප දෙය ලබන්නේය යන මෙය භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නාලදී. ස්වාමීනි යමක් යමක් මට මනාප වේද? ඒ ඒ දෙය මවිසින් බුදුපාමොක් මහසඟනට දෙන ලද්දේමය’යි ශාස්තෘන්වහන්සේ දැනුවත් කරවා එතැන් පටන් යමක් යමක් ඔහුට මනාපවේද? ඒ ඒ දෙය බුදුපාමොක් බික්සඟනට දෙයි. ඒ සියල්ල පංචක නිපාතයෙහි උග්ග සූත්‍රයෙහි විස්තර වශයෙන් එයි. මෙසේ මේ කථා වස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වැඩසිටින සේක් ඒ උවසුවා මනාපදෙය දෙන්නවුන් අතුරින් අගතන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DlAnoM
බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා වැදි ප්‍රේතයෙකු අරභයා මෙම කථාව දේශනා කළහ.

බරණැස් නුවර ගංගානම් ගඟින් එතෙර “චුන්දත්ථික” නම් පිටිසර ගමක එක් මුව වැද්දෙකු වාසය කළේය. දිනපතා මුවන් දඩයම් කොට මස්වලින් එක් කොටසක් ගින්නෙන් පුළුස්සා කැලේදී ම අනුභව කොට සෙසු කොටස කොළ ගොටුවල ඔතාගෙන ගමට රැගෙන එයි. ගම් වැසි දරුවෝ ඔහු වටා රැස් වී මස් ඉල්ලන කල්හි එයින් ස්වල්පය බැගින් ඔවුන් අතර බෙදා දෙයි. එක් දිනක මුවෙකු දඩයම්කරගත නොහැකි විය. ගමට යන කල්හි වනයෙන් කොබොලීල මල් කඩාගෙන එයින් කොටසක් හිසේ පැළඳගෙන අනෙක් කොටස අතින් රැගෙන ගියේ ය. ගම් දරුවන් වට වී මස් ඉල්ලන කල්හී කොබෝලීල මල්වලින් එක් පොකුරක් බැගින් ඔවුන් අතර බෙදා දුන්නේ ය. මුව වැද්දා පසු කලෙක මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපන්නේ ය.

මුවන් මැරීමේ ආදීනව වශයෙන් නිරුවත් වූයේ බියකරු පෙනුමකින් යුක්ත විය. සිහිනෙන් වත් ඔහුට ආහාර පාන කිසිවක් නොලැබුණි. දුර්වරණ කෘශ ශරීරයකින් යුක්ත වූ අතර කොබොලීල මල් කළඹක් හිසෙහි පැළඳ සිටියේ ය. එක් දිනක ස්වකීය නෑයින්ගෙන් ආහාරයට යමක් ලබා ගනු රිසියෙන් ගංගානම් ගඟෙහි දියමත උඩුගං බලා යමින් සිටියේ ය. එ සමයෙහි බිම්බිසාර රජුගේ කෝලිය නම් මහ ඇමැතිවරයා පිටිසර ගමක වූ කැරැල්ලක් මැඩ පවත්වා ස්වකීය බල සෙනඟින් කොටසක් ගොඩ බිමින් පිටත්කර යවා සෙසු පිරිස සමඟ රාත්‍රියෙහි නැවක නැගී යටි ගං බලා යාත්‍රා කරන අතරමඟ දී උඩු ගං බලා යන එම වැදි ප්‍රේතයා දුටුවේ ය.

හිසෙහි මල් පැළඳ නග්නව දියමත උඩුගං බලා යන ප්‍රේතයා දුටු මහ ඇමැතිවරයා තමා කවරෙක්දැ යි ඔහුගෙන් විමසී ය. ප්‍රේතයා තමන් පිළිබඳ අතීත පුවත මහ ඇමතිවරයා ට පැහැදිලි කළේ ය. ඔහු කෙරෙහි සානුකම්පිත වූ කෝලිය ඇමතිවරයා නැව නතර කළ කල්හී එම ප්‍රේතයා නමින් එක්තරා උපාසකයෙකුට වස්ත්‍ර යුගලක් හා අත්සුණු (අග්ගලා) කීපයක් පූජා කොට එම දක්‍ෂිණාව ඔහු ට අනුමෝදන් කළේ ය. දක්‍ෂිණාව අනුමෝදන් වූ ප්‍රේතයා එකිනෙහි ම දිව්‍යමය වස්ත්‍ර ඇඳ නග්න භාවයෙන් මිදුණේ ය. හිරු උදාවීමත් සමඟ ම කෝලිය ඇමැතිවරයා ඇතුළු පිරිස බරණැසට පැමිණය හ. මේ අතර ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ද අහසින් අවුත් ගංතෙර වැඩ සිටිසේක. බුදුරජාණන්වහන්සේ දුටු කෝලිය ඇමැතිවරයා මහත් ප්‍රීතියට පත්ව දහවල් දානයට උන්වහන්සේ ට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආරාධනාව තුෂ්ණීම්භූත භාවයෙන් ඉවසා වදාළහ.

කඩිනමින් දන් පිළියෙල කළ මහ ඇමැතිවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කොට අනතුරුව තමන්දුටු ප්‍රේතයා පිළිබඳ පුවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ ය. දානමය පුණ්‍ය කර්මයට රැස් වූ බරණැස් ජනයාට ප්‍රේත ලෝකයේ ස්වභාවය පැහැදිලි කිරීමේ අරමුණින් බුදුරජාණන් වහන්සේ ඔවුන් ට බොහෝ ප්‍රේතයන් පෙනීම ට සැලැස් වූහ. පැමිණ සිටි ප්‍රේතයන්ගෙන් ඇතැමෙක් ඉරීගිය රෙදි වැරලි ඇඳ සිටියහ. ඇතැමෙක් තම කෙස්වැටියෙන් ම විලි වසාගත්තහ. බොහෝ දෙනෙක් නිරුවත්ව සිටියහ. ඇතැමෙකු කුසගින්නෙන් හා පිපාසාවෙන් පෙළෙමින් ක්ලාන්ත ව සිටිය හ. සමහරු ඇටසැකිල්ලක් මෙන් අතිශය කෘශ වූ දුර්වර්ණ ශරීරයකින් යුක්ත වූහ.

බොහෝ දෙනෙක් ආහාරපාන ඉල්ලමින් ඔබමොබ දුවගොස් ක්ලාන්ත ව බිම ඇද වැටුණා හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ එක් එක් ප්‍රේතයා ලවා ඔවුන් පෙර ආත්මයේ කළ නොයෙකුත් පාප කර්ම ද ප්‍රකාශ කරවී ය. ප්‍රේතයන් අතර ඇතැම් අය පෙර ආත්මවල මහ ධනපතියන් ව සිටියත් කිසිවෙකුටත් යමක් පරිත්‍යාග නොකළ හ. ඇතැම් ප්‍රේතියෝ පෙර ආත්මවල අවම වශයෙන් බත් පිඬක් වත් නොදී තනිව හිඳ අනුභව කළා පමණක් නොව කිසිවෙකුටත් නොදී විශාල වශයෙන් ආහාර පාන විනාශ කළ අය වූහ.

තවත් අයෙක් පෙර ආත්මයේ ප්‍රතිග්‍රාහකයන්ට නින්දා අපහාස කළ අය වෙති. පෙර යහපත් දැ කිරීමට සිතක් පහළ නොවූ ඇතැමෙකු ට කොතෙක් අවස්ථාව තිබුණත් යහපතක් නොකළ හ. මසුරුකමින් ධනය උපයා නොයෙක් සැහැසිකම් කළ අයද ඔවුන් අතර වූහ. මේ ආදී වශයෙන් ප්‍රේත ප්‍රේතියෝ එකිනෙකා තමන් කළ විවිධ පාප කර්ම පිළිබඳ පාපොච්චාරණය කළහ. මෙසේ පව් කිරීමෙන් ලැබෙන විවිධ ආදීනව පමණක් නොව පින් කිරීමෙන් ලැබෙන උසස් ආනිසංස පිළිබඳ ව මෙම ප්‍රේත ප්‍රේතියෝ කරුණු ගෙනහැර දැක් වූහ. පින් කළ තැනැත්තා දෙලොව ම සතුටු වන බවත් සසර උසස් සැප සම්පත් සහිත ජීවිත ලබන බවත් ප්‍රකාශ කළ හ.

තමන් පෙර භවයන්හි කොතෙක් ධනවත් ව සිටියත් කිසිදු යහපතක් නොකළ හෙයින් වර්තමානයේ දුක්ඛිත ජීවිත ගත කරන බවත් ප්‍රකාශ කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ ප්‍රේතයන්ගේ කථාව ඇසීමෙන් සංවේගයට පත් කෝලිය ඇමැතිවරයා හා බරණැස් වැසි ජනයාට මෙම සිදුවීම් පදනම් කරගෙන පින් පව් දෙකෙහි පවතින අනුරූපී විපාකවල ස්වභාවය පැහැදිලි කරමින් ධර්ම දේශනාවක් කළහ. ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාතයේ ආදීනව පැහැදිලි කරන මෙම ප්‍රේත කථාවෙන් නැවත නැවතත් ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මුවන් දඩයම් කළ වැදි පුරුෂයා තමන් කළ පාපයේ අනුරූපී විපාක වශයෙන් පේත ලෝකයේ ඉපිද බොහෝ කලක් දුක් වින්දේ ය. එය කොතරම් දරුණු ද යත් සිහිනෙන් වුව ද ඔහුට ආහාරපාන කිසිවක් නො ලැබුණි.

පව්කොට පේත ලෝකයේ උපන් තැනැත්තාට ඤාතීන්ගෙන් හැර වෙනත් පිහිටක් නොමැති බව පැහැදිලි ය. ප්‍රාණඝාතය බරපතල අකුශල කර්මයකි. එය නොකළ යුත්තකි. එහි විපාක දරුණු ය. ක්‍රියාව පමණක් නොව ඒ සඳහා මුල්වන වධක චේතනාව ද අකුශලයකි. ධර්මය දේශනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම භාවිත කළහ. උන්වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රමවේද විවිධ ය. මෙම කථාවෙහි උන්වහන්සේ අනුගමනය කළ එක් උපක්‍රමයක් දක්නට ලැබේ. පින් පිව් දෙකෙහි අනුරූපි විපාක මෙන් ම ප්‍රේත ලෝකයේ පවතින දුක්ඛදායක බව කෝලිය මහ ඇමැති හා බරණැස් වාසී ජනයාට පැහැදිලි කිරීම සඳහා ආදර්ශකයක් ලෙස බොහෝ ප්‍රේතයන් ඔවුන්ට දර්ශනය වීමට සලස්වා ඔවුන් ලවා ම කරුණු පැහැදිලි කර වූ හ. ඒ අනුව ප්‍රේතයන් හා ඔවුන්ගේ ස්වභාවය සියැසින් දුටු ජනතාවට කර්මය හා එයට අනුරූපී විපාක පිළිබඳ මනා වැටහීමක් ඇතිවිය.

මෙය සාර්ථක ඉගැන්වීමේ ක්‍රමයකි. බුදුරදුන් අනුගමනය කළ මෙම ඉගැන්වීමේ ක්‍රමය පසු කලෙක බෞද්ධ කලා කරුවා ද ආදර්ශයට ගත් බව විහාර චිත්‍ර අතර පේත ලෝකය සිතුවම ට නැඟීමෙන් පැහැදිලි වේ. බෞද්ධ චිත්‍ර ශිල්පියාගේ අරමුණ වූයේ ද එමගින් සදාචාරය ඇති කිරීම යි. අතීතයේ සිද්ධස්ථාන වන්දනාවෙන් පොදු ජනයා තුළ දැහැමි විනෝදය පමණක් නොව පින් පව් පිළිබඳ මනා අවබෝධයක් ද ලැබුණි. මහනුවර යුගයේ විහාර චිත්‍ර නිරික්ෂණය කිරීමෙන් මෙහි සත්‍යතාව වටහා ගත හැකි ය. එබැවින් පේත කථා පුද්ගලයා තුළ සදාචාරය ප්‍රවර්ධනය කෙරෙන ආදර්ශක ලෙස සැලකිය හැකි ය.

පුද්ගල මනසේ ඇතිවෙන ලෝභ දෝස මෝහ මූලික කරගත් අකුසල සහගත මනෝභාවයන් ප්‍රකාශය ට පත්වන්නේ කායික හා වාචසික ක්‍රියා මගින් ය. එම ක්‍රියා පුද්ගලයා ට මෙන් ම සමාජයටත් හානිකර ය. උක්ත අකුසල සහගත මනෝභාවයන් බාහිර අරමුණු මගින් නිතර උත්තේජනය කරනු ලැබීමෙන් පුද්ගලයා තවදුරටත් පාපයට හා අකුශලයට නැඹුරු වෙයි. අකුශල සහගත මනෝභාවයන් පුද්ගල මනස ට පමණක් සීමා වුණහොත් එයින් ඔහුගේ සිත කිලිටි වීම හැර අන්‍යයන්ට එහි ඇති බලපෑම අඩු ය. එහෙත් ඒවා යම් අවස්ථාවක ප්‍රකාශය ට පත්වන්නේ නම් එය දෙපක්ෂයට ම හානිකර ය. අකුසල සහගත මනෝ භාවයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුනහොත් එයින් පුද්ගලයා පමණක් නොව ලෝකය ද විනාශය ට පත්විය හැකි ය. මෙ නිසා පළමු පියවරේ දී ඒවා ප්‍රකාශයට පත්වීම වැළැක්විය යුතු වේ.

බුදුදහමෙහි එන ශීලයේ මූලික අරමුණ එයයි. එබැවින් ශීලය සෑම අයෙකුට අවශ්‍ය වේ. විනය හා නීතිය මගින් සිදුවන්නේ ද එය යි. දෙවනුව බුදුසමය යෝජනා කරන්නේ සිතේ තිබෙන අකුසල මනෝභාවයන් හා ඒවායේ මූලයන් සොයා මුලිනුපුටා දැමීම යි. චිත්ත සමාධිය හා ප්‍රඥාව වර්ධනය කිරීමේ අරමුණ එය යි. ඒ අනුව බෞද්ධ පේතකථා පුද්ගල මනසේ පවතින අකූශල සහගත මනෝභාවයන් ප්‍රකාශයට පත්වීම වළක්වන ඒ සඳහා පුද්ගලයා මෙහෙයවන ආදර්ශක ලෙස සැලකිය හැකි ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි