Monthly Archives: June 2019

New at Little Bit

from Path to Nirvana http://bit.ly/2X5QQYs
තෙරුවන් සරණයි…!

මේ කතාව ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී කිව්ව කතාවක්. හිතලා බලන්න ඔබටත්, මටත්, මෙහෙම වෙන්න,බැරිද කියලා???

ඔන්න එක මරණාසන්න උන අම්මා කෙනෙක් හිටියලු. මේ අම්මා ඇදට වෙලා දැන් ඉන්නකොට මේ අම්මාටම තේරුනාලූ දැන් මැරෙන්න යන්නේ කියලා, ඊට පස්සේ මේ අම්මා ඇස් එහෙම පියාගෙන කරපු පින්කම් ගැන හිත හිතා හිටියලු.
මේ අම්මට හිටියලු දුවලා දෙන්නෙක් දැන් මේ දෙන්නත් ඇඳ ගාවට වෙලා අම්මා දිහා බලන් ඉන්නවා. දැන් අර අම්මා සතුටින් කරපු පින් සිහි කර කර ඉන්නවා ඒත් බලන් ඉන්න අයට ඒක පේන් නෑනේ. මේ දුවලා දෙන්නා අම්මා මැරෙන්න යන්නේ කියලා බය වෙලා ලගට ඇවිත් අම්මාගේ ඔලුවෙන් අල්ලලා අනේ අම්මේ නැගිටින්න කියලා ඇහැරවන්න උත්සහ කරා,
මේ වෙලාවට අපේ අය කරන දේවල් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ. කිරි පොවන්න යනවා, විලාප තියනවා,යන්න එපා කියනවා මෙයාලත් ඒ වගේ තමයි.
මෙහෙම මේ අම්මා කරපු පින් සිහි කර කර හිටියත් මෙයාලගේ මේ වැඩ නිසා ඒක කරගන්න බැරි වුනා. අර ඔලුවෙන් අල්ලලා හොලවනකොට සෑහෙන්න තරහා ගියා ඒ තරහත් එක්කම මැරුණා.
මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ?
කෙලින්ම ඒ ඇඳ යටම ප්‍රේතියක් වෙලා ඉපදුනා. දැන් මේ අම්මාට මාර තරහයි මේ දුවලා දෙන්නා ගැන,ඇයි තමන් පින් සිහි කර කර ඉදලා දිව්‍ය ලෝකේ යන්න හිටියේ ඒත් මේ දුවලා දෙන්නා නිසා දැන් ප්‍රේතියක් වෙලා.දැන් මේ අම්මාට ඕනී මේකට පලිගන්න.
දැන් මේ අම්මා මේකට පලිගන්න මෙහෙම දෙයක් කරනවා, මුලින් ලොකු දුවට වැහිලා කිව්වලූ මේ මම උබලගේ අම්මා මට පුලුවන් උබලව දියිණු කරන්න ඒකට මේ තියන ඉඩම් විකුණලා මේ තැන් වලට පුජාවක් තියලා මට පින් දෙන්න ඊට පස්සේ මම උබලා ඔක්කොම දියුණු කරන්නම් කිව්වාලූ. මේ දුවලා දෙන්නත් තමන්ගේ අම්මා කියන දේ අහලා මෙහෙම කරාලූ. අන්තිමට පාරට වැටෙනකන්ම මෙහෙම කරාලූ ඒත් හරි යන පාටක් නෑ.
මෙහෙම අන්තෙටම වැටුනට පස්සේ දවසක් අර ප්‍රේත අම්මා දුවෙක්ට වැහිලා කිව්වාලූ උබලව පාරට දාන්නයි මට ඕනී උනේ උබලා එදා මම පින් කරපුවා සිහි කර කර ඉද්දී ඒක කරගන්න දුන් නැතුව මට බාධා කරා ඒකට මට තරහා ගිහිල්ලා මම ප්‍රේතියක් උනේ,ඒකට පලිගන්නයි මම මෙහෙම කරේ දැන් උබලා පාරට වැටුනා මට දැන් සතුටුයි කියලා යන්න ගියාලූ.
පේනවානේ මේ සසර භයානක කම අම්මා,තාත්තා,සැමියා,බිරිඳ,දුව,පුතා,
නෑයෝ,යාලූවෝ ඔක්කොම මේ ටික කාලේට විතරයි.
දැන් මේක කිව්වම මේක ඇත්තද? බොරුද? කාටද උනේ? හොයන්න එපා. මේ වගේ දෙයක් අපිට වෙන්න බැරිද කියලා හිතන්න.
කොච්චර පින් කරත් අඩුම මාර්ගඵලයක් වත් ලබුවේ නැත්තම් අපිටත් මේ සතර අපායේම දොරවල් ඇරලා තියෙන්නේ. ඒ නිසා ඒ දේට උත්සහවත් වෙන්න.
අඩුම තරමේ මේ මරණය ගැන ටිකක් තේරුම් අරන් ඉන්න. අර දුවලා දෙන්නා එහෙම පොඩි හරි තේරුම් ගැනීමක හිටියා නම් අර අම්මාට එහෙම නොවෙන්නත් තිබ්බා.
ඒ ගැන කියද්දීම මේ කතාව වගේම තව කතාවක් මතක් වුනා බුද්ධකාලේ වුන. මේ කතාවේම අනිත් පැත්ත. මේ කතාව උතුම් වූ ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර ධර්මයක්.ඒ තමයි ධානඤ්ජානි සූත්‍රය මේ කතාව ටිකක් සඳහන් කරන්නම්. ඒත් මුලු සූත්‍රයම කියවන්න පුලුවන් නම් බොහෝ වටී.

මේ සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍ර දේශ්නාවක්, මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නිරයේ ඉපදෙන්න හිටිය ධානඤ්ජානී බ්‍රහ්මණයාව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් නිරයේ ඉදන් බ්‍රහ්ම ලෝකේ දක්වා හිත පිහිටුවලා අවසන ඊලඟ උපත බ්‍රහ්ම ලෝකේ උපදින්න හිත පිහිටවපු ආකාරයක් ගැන.
ඔබත් කියවා බලන්න.👇👇👇
http://bit.ly/2Ro6rgR
මේ කතාව කලින් කිව්ව කතාවේම අනිත් පැත්ත නිසයි මම මෙතන සඳහන් කරේ. අපි කාගෙත් ජීවිතවල අවසාන මොහොත කියන්නේ ඉතාම තීර්ණාත්මක අවස්ථාවක් ඒ වගේ වෙලාවක අපිට සැරියුත් මහා රහතන් වහන්සේ වගේ උතුමෙක් ඇවිත් මෙහෙම දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ නිසා අපි ඒ වගේ භායනක තැනකට නොවැටෙන්න උත්ස්හවත් වෙන ගමන්, තව කෙනෙක්ගේ අවසාන මොහොත මේ සැරියුත් මහ රහතන් වහන්සේ කරා වගේ නිවරදිව හිත පිහිටලා ඊලග භවය බඹ ලොව යවන්න බැරි උනත්, අපිට පුලුවන් අඩුම තරමේ අපි නිසා ඒ කෙනාගේ ඊලඟ භවය වැරදි තැනකට යවන එක වළක්වන්න.
ඒ නිසා මේ මරණය ගැන සිහි කරමින් මේ දේට මූණ දෙන්න හිත හදාගෙන ඉන්න වත් අඩුම තරමේ උත්සහවත් වෙන්න.
මේ ධර්මදානමය කුසලය උතුම් නිවන් සුව පිණිසම හේතූ වේවා…!
තෙරුවන් සරණයි….!

(උපුටා ගැනීමකි)

from Path to Nirvana http://bit.ly/2F7h0zF
අපට නොපෙනෙන ලෝකය

“ඔබ දකින දෙයම ඔබේ විනිවිද දැකීම වළක්‌වාලයි” යනු වටිනා කියමනකි. සෑම දෙයකම මතුපිටින් පමණක්‌ දැකීම පුහුදුන් අයගේ ස්‌වභාවයයි. උදාහරණයක්‌ වශයෙන් ඇසට ප්‍රිය උපදවන රූපයක්‌ දකින කෙනෙකු එහි අභ්‍යන්තරය නොදකී. අවට පරිසරයේ චමත්කාරය හෝ වෙනස්‌වීම් දකින අප එයට හේතු මොනවාදැයි අවබෝධ කරගැනීමට උත්සුක නොවේ.

මේ හේතුව නිසා ඇසට දැකිය නොහැකි බොහෝ දේ මිථ්‍යා විශ්වාස ලෙස බැහැර කිරීමට පෙළඹෙන අය බොහෝය. ඇසට නොපෙනෙන දේ හුදු මිථ්‍යාවන් බවට සමාජය තුළ මතවාද පතුරුවන බටහිර විද්‍යාව උගත් අති පණ්‌ඩිතයන් බිහිවෙමින් පවතී. පුවත්පත්, රූපවාහිනී ආදී ජනමාධ්‍යවල දියුණුවත් සමඟම මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම බහුලව දක්‌නට ලැබෙන අතර නූතන පරපුර මේවා විශ්වාස කිරීමට පෙළඹීමද පුදුමයට කරුණක්‌ නොවේ.

‘නැවත ඉපදීමක්‌ නැත’ යන්න මෙවැනි අදහසකි. එමෙන්ම දෙවියන් කියා අමුතු සත්ව කොට්‌ඨාශයක්‌ නැත. දෙව්ලොවද, අපායද ඇත්තේ මේ ලෝකයේමය. ධනවත්, උගත් අය දෙවිවරු වෙති. දුගී දුප්පතුන් අපායට අයත්ය. උපතින් ගෙනෙන දක්‌ෂතා කියා දෙයක්‌ නැත. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක්‌ කිරීමට පුහුණු විය හැකිය. ග්‍රහයන් මිනිසුන්ට හෝ පරිසරයට බලපාන්නේ නැත. මන්ත්‍ර හෝ පිරිත්වල බලයක්‌ නැත. දන් දීම හොඳ දෙයක්‌ නමුත් එහි අමුතු විපාකයක්‌ නැත. සත්ව ඝාතනය නිසා පවක්‌ සිදු නොවේ. මේ ආදී විවිධ විශ්වාසයන් සමාජගත වෙමින් පවතී.

මෙම විශ්වාසයන් සමාජගත කරන අය කියන්නේ මේවා මිථ්‍යා විශ්වාස බවය. ඇසට නොපෙනෙන මෙම බලවේග හුදු මිථ්‍යා විශ්වාසයන්ද? යන්න සාකච්ඡා කළ යුතු කාලීන මාතෘකාවක්‌ බව හැඟේ. මෙවැනි විශ්වාස සමාජ ගත කරන අයට අනුව නම් ජ්‍යෙdතිර්වේදීන්ද ආයුර්වේද වෛද්‍යවරුද, පූජකවරු ද සමාජය රවටන වංචනිකයෝ වෙති. මේ බව පසුගිය දිනක ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක්‌ මගින්ද පෙන්වන ලදී.

ඕපපාතික යනු මව් පිය එක්‌වීමකින් නොව ඉබේම පහලවන සත්ව කොට්‌ඨාශ වේ. දෙවියන් මිථ්‍යාවන් බවට ඊනියා උගතුන් තර්ක කළද බුදු දහම අනුව ඕපපාතිකව පහළ වන සතුන් නැතැයි කීම මිත්‍යාදෘෂ්ටියකි.

බුදුරජාණන් වහන්සේ විසින් සිදු කෙරුනු පළමු ධර්ම දේශනයේදීම දිව්‍ය ලෝක ගැන සඳහන්ය. එනම් ධම්ම චක්‌ක පවත්තන සූත්‍රයයි. මෙහි චාතුර් මහා රාජිකය, තාවතිංශය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය යෑයි දිව්‍යලෝක හයක්‌ ගැන ද බ්‍රහ්ම ලෝක 16 ක්‌ ගැන ද කියනු ලැබේ. දිව්‍ය හා බ්‍රහ්ම ලෝකවල උපදින්නේ උසස්‌ පුණ්‍ය ශක්‌තියක්‌ ඇති අය බවත්, එම අයගේ ශරීර අපගේ මෙන් ඝන ශරීර නොවන බවත් සඳහන්ය. සියලු රූප සෑදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් වන අතර දේව ශරීරවල පඨවි නම් තද ගතිය ඉතා අඩුය. එහෙත් බොහෝ අවස්‌ථාවල ඩිජිටල් කැමරා රූප රාමුවල අමනුෂ්‍ය රූප සටහන් ලැබී තිබේ.

එමෙන්ම මංගල සූත්‍රය, වසල සූත්‍රය, මහාසමය සූත්‍රය, ආටානාටිය සූත්‍රය ආදියේ දෙවියන් ගැන සඳහන් වේ. යාමය හා තාවතිංසය යන දෙව්ලොව දෙකට අධිපති වන්නේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් බව ද ශක්‍ර දෙවියන්ගේ පරම සතුරා වන්නේ පරනිම්මිත වසවර්ති දෙව්ලොව අධිපති වසවර්ති මාර éව්‍ය පුත්‍රයා බවත් කියවේ.

දේවත්වයට පත් වන්නේ මිනිස්‌ ලොවේ කරන ලද පින් හේතුවෙනි. පින් වල විපාක ලෙස මිනිස්‌ ලොවට වඩා සැප ඇති දිව්‍ය ලෝකවල උපත ලබා දීම සිදුවන්නේය. මේ අනූව බෞද්ධයෙකු නොවුනද පින් කරන්නේ නම් දිව්‍ය ආත්මවල ඉපදීම සිදුවිය හැකිය.

දෙවියන් දැකීමට හෝ අදහස්‌ හුවමාරු කර ගැනීමට නම් ඊට සුදුසු ලෙස මනස පිහිටුවාගත යුතු වේ. මේ සඳහා බොහෝ උපකාරී වන්නේ භාවනාවයි. දන් සිල් භාවනාවල යෙදෙන කෙනෙකුට දේව කරුණාව ලැබේ. මේ අතර ශ්‍රී විෂ්ණු, කතරගම, සමන්, භද්‍රකාලී, පත්තිනි වැනි දෙවිවරුන් ඇදහීමට ජනතාව හුරු වී ඇත. විෂ්ණු දෙවියන් හින්දු දෙවි කෙනෙක් යයි නොදන්නා අය කීවද උන් වහන්සේ පාරමී සපිරුණු බෝසතාණන් වහන්සේ නමක් බව අපේ පැරන්නෝ දනිති. මෙත් බෝසතාණන් වහන්සේගෙන් පසු කල්ප 63 කට පසුව බුද්ධත්වයට පත් වනුයේ විෂ්ණු බෝසතාණන් වහන්සේය. උන් වහන්සේ වර්තමානයේ දිව්‍ය ලෝකයන්ගෙන් ඉහලම දෙව්ලොව වූ පරිනිමිත්ත වසවර්ති දෙව්ලොව වැඩවාසය කරති.

එමෙන්ම දේවාලවල ශාස්‌ත්‍ර කීමේ නියෑලෙන දේව භක්‌තිකයන්ටද ආධාර උපකාර කරන සාමාන්‍ය දෙවිවරුන් සිටිය හැකිය. සමහරවිට ඒ දේව නොව භූත ආත්මවල අය වීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත් දෙවියන්ට මිනිසුන් ආහාරයට ගන්නා පලතුරුද මුදල් හෝ වෙනත් සම්පත් ද අවශ්‍ය නොවේ. දේව ආත්ම වලට අවශ්‍ය ආහාර හා වෙනත් දේ පිනටම පහලවන බැවිනි.

මේ නිසා දේවාලවලට පලතුරු වට්‌ටි පූජා කිරීමට වඩා උසස්‌ පින්කම්වල යෙදී එම පින් අනුමෝදන් කිරීම හොඳ බව කිව යුතුය. දෙවියන් පින් අනුමෝදන් වනවා මිස පිනෙන් ලැබෙන ශක්තියක් ගන්නේ නැත. පිං අනුමෝදන් වීම යනු තවෙකෙකු කරන යහපත් ක්‍රියාවක් දැක සතුටු වී කුසල චිත්ත පරම්පරාවක් තම සන්ථානය පහළ කරගැනීමකි. පිං ගන්නවා යනුවෙන් අදහස් කරනුයේ ප්‍රේත කොට්ඨාෂයන් පිළිබඳව ය.

ඥාති පේ‍්‍රත හෙවත් මළගිය ඥාතීන් අනුන්ගෙන් යැපෙන්නේ ඇයි?

“ඒ පේ‍්‍රත ලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයක් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළඳාමකුත් නැත්තේය. රන් රිදියෙන් කරන ගනුදෙනුවක් ද නැත්තේය. (හුදෙක්) මැරී ඒ පේ‍්‍රත විෂයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද දෙයකින් යැපෙත්” (තිරෝකුඞ්ඩ සූත‍්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව)

කෙසේ නමුත් මෙම පලතුරු පූජා ආදිය කරන බැතිමතුන් දෙස සානුකම්පිතව දේව බැල්ම ඇති වීමට ඉඩ තිබේ. එහෙත් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන්නේ සිල්වත් බ්‍රහ්මචාරීන් වළඳවා (සාංඝික දානය) දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතු බවයි. එසේ කරන අය දෙවියන් විසින් රකින්නේ එක දරුවෙකු සිටින මවක්‌ ඒ දරුවා රකින්නාක්‌ මෙන් බව ද එම සූත්‍රයේ සඳහන්ය.

බොහෝ ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වන දෙවියන් යනු හුදු මිථ්‍යාවක්‌ පමණක්‌ බවට සාහසික ලෙස තර්ක කිරීම මෝඩ පණ්ඩිතකමේ ලක්‌ෂණයකි. නූගත් බව කියා පෑමකි. නොදන්නා දේ සොයා බලනවා වෙනුවට තර්ක ගෙනහැර පෑමෙන් සිදුවන්නේ මිථ්‍යාව සමාජගත කිරීමයි.

එහෙත් එක කරුණක්‌ කිව යුතුව තිබේ. විභාග සමත්කර දීමට නැතහොත් ධනය ලබාදීමට යෑයි දෙවියන් යෑදීම සුදුසු නොවන බවයි. පාඩම් නොකර විභාග පාස්‌ කරන දෙවි කෙනෙකු ගැන කිසිම තැනක සඳහන් නොවේ. එහෙත් අධ්‍යාපනයට එන විවිධ බාධා ජයගැනීමට නම් දේව පිහිට ලැබීම සුදුසුය. කෙසේ නමුත් සියලු මිනිසුන්ටත්, සියලු දෙවියන්ටත් සියලු බඹුන්ටත් ඉහළින් සිටින වාසනාවෙන්ද ප්‍රඥාවෙන් ද රූප සම්පත්තියෙන්ද අගතැන්පත් බුදුරජාණන් වහන්සේට වඩා දෙවියන් ගැන විශ්වාසය පළකිරීම මිථ්‍යාවකි. මේ අනුව දේවාලයට පෙර විහාරයට යැම අත්‍යාවශ්‍යය. නිවසේ බුදුන්ට වඩා දෙවියන්ට මුල් තැන දීම භයානකය. නොදන්නා ස්‌තෝත්‍ර කියා වරදවා ගැනීම ද භයානකය.

දිනපතා බුදු පහන දල්වා මල් ආදිය පූජා කර මෛත්‍රී භාවනාව අප්‍රමාණ වශයෙන් ටික වේලාවක්‌ හෝ කර දෙවියන්ට පින් දී කටයුතු කිරීම සුදුසුය. දෙවියන්ට පූජා තබන්නේ නම් ඒ සඳහා ඉතා සුදුසු වන්නේ ඒ වෙනුවෙන් ම ඉදිකර ඇති දේවස්‌ථාන වේ.

ඇසට නොපෙනෙන බලවේග හඳුනා ගැනීමට තරම් අප නැණවත් විය යුතු වේ. එමෙන්ම එම බලවේග නුදුටු පමණින් මිථ්‍යා විශ්වාස ලෙස ඉවත දැමීමද නොකළ යුතු වේ. දෙවියන් ඇතුළු මෙම බලවේග දඩමීමා කරගනිමින් අහිංසක ජනතාව රවටා ගසාකන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වීමද නුවණින් කළ යුතු වේ. හේතු සහිතවම ‘ඇත’ කියන්න. හේතු සහිතවම ‘නැත’ කියන්න. හේතු නොදන්නේ නම් ඒ ගැන නොදනිමියි කියන්න. එහෙත් සොයා බලන්න. දකින දේ විනිවිද දැකීමට ප්‍රඥාව පහළකර ගනිමු.

http://www.divaina.com ඇසුරෙනි

New at Little Bit

from Path to Nirvana http://bit.ly/2R90fsX
රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැදමැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ. එනම් ඒ ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි .

රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදු කළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි .හවසටත් රුවන්වැලි මහා සෑයටත් වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේ .දවසක් රජතුමාට යෙදිළා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොදටම හවස් වුණා.ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාළිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා.බත් පිඩ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා.

රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයන් ගෙන් බත් පිඩක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා “අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ කලේ නැහැ “නේද කියල .එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළි ගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි .

රාජ් පුරුෂයා රජතුමාට කියනවා “දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ “කියලා රජතුමා කලබලයට පත් වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඩ ආපහු රන් තලියට දමන නැගිට්ටා .ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා වුනා .දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා .කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා .එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා .

භාතිය මේජතුමාට ඇහුනා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා.මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා .පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ .කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ .හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඩ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතූ ගර්භයේ ඇතුලතින් කියලා රජතුමාට වැටහුණා.🙏🙏🙏

එදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨාන කළා .”චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා ” කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.

භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන් ගේ ආසන උණු වෙන්න පටන් ගත්තා.සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා .ඒ ගැන වටහගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා.ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා.ඒ පිරිත් හඩ තමයි රජතුමාට අහන්න ලැබුණේ.🙏🙏🙏

පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍර්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා.ඒ රහතන් වහසේ ඍර්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජ්තුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා.රජතුමාගේ හිතේ හැටිය ධාතූ ගර්භය වන්දනා කරගන්න සැලැසුවා.නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.🙏🙏🙏🙏

සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍර්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා.බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති.අන්න ඒ ආකාරයට තමයි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍර්ධිබලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතූ ගර්භය වන්දනා කරවන්න ඇතුලට ගෙන ගියේ.🙏🙏🙏🙏

ධාතූ ගර්භය තුල සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැදුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොදයි කියලා කළ්පණා කළා.රජතුමා රන්කරුවන් ළවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාළිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතූ ගර්භයෙහි ආකෘතියක් සකස් කළා.භාතිය රජතුමා වසරක් පාසාම නගර වාසීන්ට තමන් දුටු ඒ ධාතූ ගර්භයෙහි සැළැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත් වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුළ දරුවන් පැවිදි වූ බවත් ථුපවංශයෙහි සදහන් වෙලා තියෙනවා .🙏🙏🙏🙏

ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදි සුවද මල් වගා කෙරෙව්වා.දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා.එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහා සෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා.සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා එවැනි ශද්ධාවන්ත රජ කෙනෙකුගේ ප්‍රථිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.

එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදු කළ ඒ පූජාවන් ගැන සිහි කරද්දි රුවන්වැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොදින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා.

මහාවංසයෙහි සදහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා.මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල්වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සදහන් වෙනවා.

අඩ ගැමුණු නම් රජතුමා රුවන්වැලි මහා සෑය මුදුනේ ජත්‍රයක් පිහිටුවා පූජාවන් පැවැත්තුවා.ඉන්පසු ඉලනාග නම් රජතුමා ලම්බකරණ ගෝත්‍රිකයන් ලවා රුවන්වැලි මහා සෑයට යන මාර්ගය අලංකාරවත් ලෙස සකස් කරවූ බවත් ,සිරිනාගනම් රජතුමා රුවන්වැලි මහා සෑයෙහි කොත්කැරැල්ල මුදුනෙහි ජත්‍රයක් පිහිටුවා එය රනින් අලංකාරවත් ලෙස කැටයම් කර වූ බවත් හතරැස් කොටුවෙහි ලක්ෂය බැගින් වටිනා මානික්‍ය හතරක් පිහිටුවා පූජාවන් සිදුකළ බවත් සදහන් වෙලා තියෙනවා.

පළවෙනි අග්‍රබෝධි රජතුමා රත්තරනින් කරවන ලද ජත්‍රයක් රුවන්වැලි මහා සෑයට පූජා කළ බවත් ,මහා ප්‍රාක්‍රමබාහු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තවත් අලංකාරවත් කළ බවත් ,කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා ,දෙවන පරාක්‍රමබාහු රජතුමා ,හතරවැනි විජයභබාහු රජතුමා වැනි රජවරුන්ගේ කාලයේ පවා විටින් විට මහා සෑයේ ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කරමින් අතීත රජවරුන් මහා සෑයට ගරු සත්කාර පැවැත්වූ ආකාරය මහාවංශය ආදී ග්‍රන්ථවල සදහන් වෙනවා.🙏🙏🙏🙏🙏🙏

(උපුටා ගැනීමකි)

New at Little Bit

from Path to Nirvana http://bit.ly/2WBXfeC
ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි.

බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත.

පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය.

ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief – බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith – ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක.

දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief – බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith – ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත.

යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි.

මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි.

බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්‍රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි.

ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි.

දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි.

මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි.

නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි.

ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි.

බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි.

භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි.

වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි.

මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි.

බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි.

එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත.

ඩෙනිස් ෆිලිප්

(උපුටා ගැනීමකි)