Monthly Archives: October 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3iNyy4U
එක්‌තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක්‌ එක දිගට දින 7ක්‌ වහින්න ගත්ත. ඒ වැස්‌ස මොන තරම් දරුණු ද කියනව නම් වටපිට මහ විශාල බර සාර වස්‌තු පවා සැඩ පහරේ පා වෙන්න ගත්ත. ඔය පා වෙන වස්‌තු අතර මැරිල වැටිච්ච ඇතෙක්‌ ගෙ කුණකුත් පා වුණා. මේ මැරිච්ච ඇත් කුණ ගහගෙන ඇවිල්ල ගංගා නම් ගගට වැටුණ. ගංගා නම් ග⁣ගේ උඩහ ඉඳල මේ ඇත් කුණ හෙමින් හෙමින් ගහගෙන එනව. කෑමක්‌ හොයාගෙන ගියා කපුටෙක්‌. ස්‌වභාවයෙන් කෑදර සතෙක්‌. කපුට දැක්‌ක ඇත් කුණ. දැකල වහල හොටෙන් මස්‌ ටිකක්‌ ඉරාගෙන කෑව. හරි රහයි. ඇත් කුණේ ම ඉඳගෙන හොට දාලා ගගෙන් වතුර බිව්ව තිබහට. බීල ආපහු මස්‌ ඉරාගෙන කනව. කන ගමන් කපුට මෙහෙම කල්පනා කරනව

‘මේ තරම් කන්න බොන්න තියෙන තැනක්‌ කවර නම් මෝඩයෙක්‌ දාල යයි ද?’

එහෙම හිතල ස්‌ථිරව ම හිතාගත්ත මං මේ ඇත් කුණේ ම වාසය කරනව කියල.

කපුට දැන් ඇත් කුණේ වාසය කරනව. මස්‌ කනව. වතුර බොනව. කිසි වෙහෙසකුත් නැහැ. හරි සැපයි, සැනසිල්ලයි. හැබැයි කපුට වහල හිටියට, ඇත් කුණ නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් හෙමින් මේ ඇත් කුණ ගහගෙන අවිල්ල මුහුදට වැටුණ. මුහුදෙනුත් රැල්ලෙන් රැල්ලට අහුවෙල ආපහු එන්න බැරි තරම ඈතකට දිය වැලකට අහු වෙල ගහගෙන ගියා.

කපුට දන්නෙ නෑ. මස්‌ කනව, වතුර බොනව, ඉන්නව. සති ගණනක්‌ යනකොට ඇත් කුණ ටිකෙන් ටික දිය වෙන්න ගත්ත. දැන් හම් කෑල්ලක්‌ විතරක්‌ ඉතිරි වෙලා තියෙනව. එතකොට කපුටට තේරුණා දැන් නම් මෙතන ඉඳල වැඩක්‌ නැහැ. එහෙම හිතිල ඉගිල්ලුණා උතුරු පැත්තට. ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. දකුණු පැත්තට ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. නැගෙනහිර, බටහිර පැත්තටත් ගියා. හතර පැත්තට ම ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. හිටපු තැනට එනකොට ඉතුරු මස්‌ කෑල්ලත් මාළු කාල.

මස්‌ ටික කාපු එකේ නෙමෙයි දෝෂය. කලින් ම බේරිල යන්න තිබුණ. ස්‌ථිර වාසයට පැමිණි එකයි දෝෂය. බේරිල යන්න තිබුණු මාවත අතහැරුණ. යන්න තිබුණු තැනත් හිටපු තැනත් යන දෙපැත්තෙන් ම පිරිහුණු කපුටා අන්තිමේ දි හෙම්බත් වෙලා සාගරයට ඇදගෙන වැටුණා. ඒකෙ හිටපු මාළු, නොයෙක්‌ සත්තු කපුටව කාල විනාශ කළා.

හිමාලයෙ වාසය කරපු සෘෂිවරයෙක්‌ ආහාර අවශ්‍යතාවකට උඩින් යද්දි දකිනව මුහුද මැද්දෙ කපුටු තටු තියෙනව. කල්පනා කළා මේ තරම් දුරක්‌ කපුටෙකුට පියාඹලා එන්න බැහැ තටු වගේ සැහැල්ලු දෙයක්‌ ගහගෙන එන්නෙත් නැහැ. මෙච්චර දුරකට කපුටු තටු ආවෙ කොහෙන් ද කියල සෘද්ධියෙන් ආවර්ජනය කරනකොට දැක්‌ක කපුටා කරගත්ත විනාශය.

මේ කතාව අහල නුවණක්‌ තියෙන සත්පුරුෂයෝ විමුක්‌තිය උදා කරගත් වා කියන අදහසින් ඒ සෘෂිවරයා ධර්ම දේශනා කළා. ඒ කතාව අහලා රාජ්‍යයන් 7ක රජවරු ඒ රාජ්‍යයන් දාල ඇවිත් පැවිදි වුණා. ඒ බොහෝ දෙනෙක්‌ බ්‍රහ්ම ලෝකෙ ගියා කියල සදහන් වෙනවා.

කපුටා ඇත් කුණේ වහලා මස්‌ කෑමේ නෙමෙයි දෝෂය. ඇත් කුණ ගගෙන් මුහුදට වැටෙන තුරු ඇත් කුණේ වහලා හිටියත් කමක්‌ නැහැ. එතනින් පස්‌සෙ ඉගිලිලා යන්න තිබුණා. නමුත් කපුටට වැරදුණා. ‘කවර නම් මෝඩයෙක්‌ මෙබඳු වූ කන බොන තැනක්‌ දාල යයි ද, මම නම් යන්නෙ නෑ’ කියලා තමයි කපුටා හිතුවෙ. එපමණකින් ම විමුක්‌තියෙ මාර්ගය අතහැරුණා. තමන් විශ්වාස කරපු දේත් අන්තිමේ දි අතහැරුණා.

ඇත් කුණ වගේ තමයි ජීවිතය ජීවත් කරවන්න අපට හමු වෙච්ච වටපිටාව. අම්ම තාත්ත, දුවා පුතා, සහෝදර සහෝදරියො, නෑදෑයන් ගෙන් යුක්‌ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ ඇත් කුණ වගේ. මේක පරිභෝජනය කළාට කමක්‌ නෑ මිදිල යන මනසකින්.

මේව මමයි, මේවා මගේමයි, ස්‌ථිරමයි කියල බොහොම ආදරෙන් බැඳිල අපි මේව තුළ ම ඇලිල ගැලිල මේව මගේ ම කරගෙන ඉන්නව කියන්නෙ කපුට ඇත් කුණේ දිගට ම හිටිය වගෙයි. ඒ මනසට ධර්මයක්‌ ඕන වෙන්නෙ නෑ. විමුක්‌තියෙ මාවතක්‌ නෑ. අතහැරෙනව.

මම මගේ කියල හිතාගෙන හිටපු මේ ටිකත් දවස්‌ 36000කින් මාස 1200කින් අතහැරෙනව. අතහැරෙන්න කිට්‌ටු වෙනකොට, ඇස්‌ පේන්නැති, කන් ඇහෙන්නැති, අතපය වාරු නැති තත්ත්වෙට පත් වේගෙන එනකොට තේරෙනව මේකෙ දැන් නම් ඉන්න සුදුසු නෑ කියල. එතකොට බේරිල යන්න තියෙන මාවත නෑ. බණ අහන්න කන ඇහෙන්නෙ නෑ. බණ පොතක්‌ බලන්න ඇස්‌ පේන්නෙ නෑ. පන්සලට යන්න, භාවනාවක්‌ කරන්න ශරීරය අතපය වාරු නෑ. විමුක්‌තියෙ මාවත කල ම අතහැරිල.

තමන් විශ්වාස කරපු දුවා දරුවො, දේපළ වස්‌තුව ඒ ටිකත් අතහැරිල. මේ දෙපැත්තෙන් ම පිරිහුණු අතහැරුණු අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනව. සංසාර සාගරයෙ ඉන්න චණ්‌ඩ මත්ස්‍යයො තමයි ජාති, ජරා, මරණ. ඒවට හසු වෙලා අපි සුනු විසුනු වී යනව.

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dfLrDJ
දානය යනු යුද්ධයක් හා සමානය. දානය සසර පුරා පුරුදු කල යුතු පාරමිතාවකි. බාහිර වස්තු දන්දෙමින් දාන පාරමිතා පුරන අයද දුර්ලභ මෙවන් යුගයක ඇස් ඉස් මස් ලේ ආදී ශරීර අවයව දන් දෙමින් දාන උප පාරමිතා පුරන බෝසත් උතුමන් ගැන ඇසීමට පවා දුර්ලභය.

පූජනීය කඩවත සමින්ද හිමියන් පැවිදි වූ මුල්යුගයේ වසර ගනනාවක් අප ලගින් ඇසුරු කල මහා පිං ඇති බෝසත් ගුණ පුරණ හිමිනමකි. උන්වහන්සේ තමශරීරයේ දන්දිය හැකි සෑම ශරීර අවයවයක් ම මේ වනවිට දන්දී ඇත.

තම සෞඛ්‍ය ගැනපවා නොසිතා තම ශරීර කොටස් තම උතුම් අරමුණ උදෙසා පරිත්‍යාග කිරීම නිසාම රෝගාතුරව වැඩසිටින බව අප හොදින් දන්නා කරැණක්ය. එසේ තිබියදී පවා තම ඇසක් පසුගිය දිනෙක දන් දී ඇත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රවක පුත්‍රයන් වන ශ්‍රමනයන් වහන්සේලා කොතරම් අසිරිමත් ද..

සාදු …සාදු…සාදු…. උන්වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිසම්භාර ධර්මයන් පිරේවා…..

ඒ උත්තම පිං මම ද හදවතින්ම අනුමෝදන් වෙමි.

බක්කුල මහ රහතුන්වහන්සේගේ සසර පුරා නිරෝගී සම්පත්තිය පිණිස පිරෑ පිං බලයෙන්… අප ඉදිකරන බක්කුල සෑ රජුන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔබවහන්සේ නිදුක් වේවා.! නිරෝගී වේවා. ! සුවපත් වේවා..!….

— galigamuwe gnanadeepa thero

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3izeSSh
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)237 💙💚💜

🌼 ෂට් අසාධාරණ ඤාණ 16
🌼 අසිරිමත් බුදුගුණ වරුණ 31

අනාවරණ ඤාණය 01

තෙසැත්තෑ ඤාණ එකක් එකක් ගානේ ඉතාමත් පැහැදිලිව විස්තරාත්මකව පටිසම්භිදාමග්ග පාළියට ඇතුළත්ව තිබෙනවා. එයින් සර්වඥතාඥාණය සහ අනාවරණ ඥාණය යන ඤාණ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව, පහත සඳහන් පරිදී ඉදිරිපත් කර තිබෙනවා. අපි සළකා බලමු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම ගැන.

කතමං තථාගතස්ස සබ්බඤඤුඤාණං
සබ්බං සංඛතමසංඛතං අනවසේසං
ජානාතීති සබ්බඤ්ඤුතඤාණං
තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං

තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය නම් කවරේද? සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නම් වෙනවා. එහිලා ආවරණයක් නැතිබැවින්, අනාවරණ ඥාණය නම් වේ යනු මෙහි කෙටිම තේරුමයි.

සබ්බං සංඛත අසංඛත අනවසේසං,
ජානාතීති තත්‍ථ, ආවරණං නත්ථි ති
අනාවරණ ඥාණං

එයින් පැහැදිලි වෙනව, සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව. ඒ කියන්නේ සර්වඥතා ඤාණයෙන් අරමුණු කරනවා. ඊට බාධාවක් නැති බව නිසා, එයට ම අනාවරණ ඤාණය කියනව.

ඊළගට අපි සලකා බලමු සංඛත අසංඛත කියන්නේ කුමක්ද? කියලා. මේවා අපි තේරුම් ගතොත් සර්වඥතාඥාණය පැහැදිලි කරගන්න හැකිවෙනවා.

සංබත
සංබත කියන්නේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද්දේ යන තේරුමයි. ලෝක ධාතුවෙහි සියල්ල හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් දේවල් බව අපි තේරුම් ගන්නට ඕනැ. නිර්වාණ ධාතුව හැර, අනිකුත් සියල්ලම සකස් වෙලා තිබෙන්නේ හේතුන්ගෙන්, මහ පොළොව සංඛතයක්, මහ සයුර සංඛතයක්, ඉර, හඳ, තාරකා සංඛත, සතර අපාය සංඛත, මනුලොව සංඛත, දෙලොව හය සංඛත, බඹලොව දහසය සංඛත, අරුප ලෝක හතර සංඛත, මේ සක්වල සංඛත, පිටසක්වල සංඛත, අපේ ශරීර සංඛත, අපි පරිහරණය කරන ඇදුම් පැලඳුම් සංඛත, යාන වාහන සංඛත, ඇඳපුටු ආදී පරිහරණය කරන භාණ්ඩ සංඛත, හැම දෙයක් ම සංඛත, හැම දෙයක් ම සකස්වෙලා තිබෙන්නේ යම් යම් හේත්තු සම්භාර, කාරණා රාශියක් නිසයි.

අසංඛත
අසංඛත කියන්නේ නිර්වාණ ධාතුවටයි. නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගන්න දෙයක් නොවෙයි. නිර්වාණ ධාතුවේ නාම, රූප කිසිවක් නැහැ. ස්කන්ධ නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නැහැ. චිත්ත චෛතසික ධර්ම නැහැ. කොටින්ම ඇතිව නැතිව යන කිසිවක් නිර්වාණ ධාතුවේ නැහැ. නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවූ බැවින්මයි කාලයකට යටත් නැතිවෙන්නේ. අතීත නිර්වාණය කියලා හෝ අනාගත නිර්වාණය කියල හෝ වර්තමාන නිර්මාණය කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්තේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටනොගන්නා නිසයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් එතන අනිත්‍ය, තිබෙනවා. දුක්ඛය තිබෙනවා. අනාත්මය තිබෙනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයත්, දුක්ඛ ලක්‍ෂණයත් අනාත්ම ලක්‍ෂණයත් නැහැ. එනිසා, නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන් ගෙන් හට නොගත්ත නිසා අසංඛතයි.

සබ්බං සංඛතං අනවසේසං ජානාතීති සබ්බඤඤුඤාණං

ලෝක ධාතුවට අයිති හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, සිත ඇති සිත නැති සෑම ස්වභාවයක් ම, සෑම ධර්මතාවක් ම, සෑම නාම රූපයක් ම, සෑම ස්කන්ධයක්ම, සෑම ආයතනයක්ම, සෑම ධාතු ස්වභාවයක් ම ඉතිරිවක් නැතිව දන්නේ සර්වඥතාඥාණයෙන්, ඒ දැන ගැනීමේදී කිසිදු බාධාවක් නැති ස්වභාවය අනාවරණ ඤාණය නම් වෙනවා.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය . අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත “සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවේණික ෂට් අසාධාරණ ඤාණ” ග්‍රන්ථය .

තුසිත රාජපක්ෂ ප්‍රංශය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Gtcyij
පිංවතුන් 100 දෙනෙක් එකතුවුණොත් මාස 2 න් විහාරගෙයත් නිමකළ හැකිය…
එසේ නොහැකි අය හැකි අයුරින් දායක වෙන්න…
please share this….
‍ෂෙයාර් කිරීමත් උපකාරයකි. පිංකමකි

විහාරයට පැමිණෙන පිංවතුන්ගේ සහ විහාරයීය භික්ෂූන්ගේ ආගමික වත් පිළිවෙත් උදෙසා අනාගතයේ සුවහසක් සැදැහැවතුන් නමදින මේ පිංබර විහාර මන්ධරය සඳහා හැකි අය දායක වෙන්න…

ඔබ සැමට දළදා සමිඳු පිහිටයි….!!!